ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page මිනිබාර් , බ්ලූ ෆිල්ම් හා ලිමොසීන්
Reply
 
Thread Tools
(#1)
Old
vee_kurulla's Avatar
vee_kurulla vee_kurulla is offline
Senior Member
vee_kurulla is a jewel in the roughvee_kurulla is a jewel in the roughvee_kurulla is a jewel in the roughvee_kurulla is a jewel in the roughvee_kurulla is a jewel in the roughvee_kurulla is a jewel in the rough
 
Posts: 904
Join Date: Dec 2009
මිනිබාර් , බ්ලූ ෆිල්ම් හා ලිමොසීන් - 09-18-2015, 06:29 PM


මිනිබාර් ,
බ්ලූ ෆිල්ම්
ලිමොසීන්
මෙවර එක්සත් ජාතීන්ගේ වාර්ෂික සමුළුව ඇමතීම සඳහා ජනාධිපතිවරයා සමග ඇමරිකාවේ නිව්යෝක් නුවරට යන ශ්‍රී ලාංකික දූත පිරිසට පෙර වසරවල මෙන් මිනිබාර් පරිහරණය කිරීම, බ්ලූ ෆිල්ම් බැලීම හා ලිමොසීන් පාවිච්චි කිරීම ජනාධිපතිවරයා විසින් සපුරා තහනම් කොට ඇති බව වොෂිංටන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලීය ආරංචි මාර්ග සඳහන් කර සිටී.
..........................
මෙවර තමා සමග නිව්යෝක් නුවරට පැමිණෙන ශ්‍රී ලාංකික දූත පිරිසට නැවතීම සඳහා මධ්‍යම පන්තියේ හෝටලයක් වෙන් කරන ලෙසත් පෙර අවස්ථාවලදී මෙන් මහජන මුදල් කාබාසිනියා කරමින් පිස්සු කෙලීමට ඉඩ නොතබා පැමිණි කාර්යයේ පමණක් නියැලීමට හැකිවන ලෙස කටයුතු සම්පාදනය කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසාද් කාරියවසම් මහතාට නිශ්චිත උපදෙස් දී ඇතැයි ඉහත කී ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
.........................
පසුගිය වසරේ සහ ඊට පෙර වසරවලදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග නිව්යෝක් සංචාරය සඳහා රාජපක්ෂ පවුලේ සියළු දෙනා සහ නෑදෑ හිතමිතුරන් ඇතුළුව සියයකට අධික පිරිසක් නිව්යෝක් කරා ගිය අතර ඔවුන් සියළුදෙනාට නැවතීම සඳහා ‘Waldorf Astoria'හෝටලයේ එක් මහලක් වෙන් කරන ලදී. එම හෝටලයේ ජනාධිපතිවරයාට නැවතීමට වෙන් කළ කාමරය පමණක් එක් රාත්‍රියකට ඇමරිකානු ඩොලර් 10,000කට අධික වේ. රාජපක්ෂ පවුලේ හා හිතවතුන්ගේ පරිහරණය සඳහා ලිමොසීන් රථ 10 ක් පමණ වෙන් කර තිබී ඇත. එවක විදේශ කටයුතු අධීක්ෂණ අමාත්‍ය සජින් වාස් ගුණවර්ධනගේ හෝටල් කාමරයේ බිලට වඩා වැඩි ප්‍රමාණයක් ගෙවා තිබුනේ මිනිබාර් එකට සහ බ්ලූ ෆිල්ම් බැලීම වෙනුවෙනි. මෙම මුදල් වියදම් වූයේ රාජපක්ෂ පවුලේ බැංකු ගිණුම්වලින් හෝ සජින් වාස්ගේ බැංකු ගිණුමින් නොවේ. ශ්‍රී ලංකාවේ බදු ගෙවන අසරණ මහජනතාවගේ මුදලිනි.
............................
රාජපක්ෂ රෙජීමයේ කඩා වැටීම ආරම්භ වූයේ පසුගිය වසරේ සැප්තැම්බර් මස මෙම නිව්යෝක් සංචාරයෙන් අනතුරුවය. එම සංචාරයේදී බීමත්ව හැසිරුණු සජින් වාස් ගුණවර්ධන එවකට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් මහතාට එල්ල කළ දෛවෝපගත කම්මුල් පහර වෙබ් අඩවි වලින් එළිදරව් වීමත් සමගය. එය රටක ඉරණම වෙනස් කළ කම්මුල් පහරකි. කම්මුල් පහර එල්ල කළ සජින් වාස් දැනට මාස ගණනක් රිමාන්ඩ් භාරයේ පසුවේ. ක්‍රිස් නෝනිස් පුරුදු පරිදි ව්‍යාපාර කටයුතුවල නියැලෙන අතර කම්මුල් පහරට 'Take it easy Chris' කියූ මහින්ද රාජපක්ෂ අද සාමාන්‍ය මන්ත්‍රීවරයෙකු ලෙස අනාථ වී මැදමුලන දිවි ගෙවයි.
................................
මෙම සිද්ධි මාලාව චිත්‍රපටියක් සේ පැත්තකට වී නැරඹූ එකල සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ජනාධිපති ධූරය හොබවයි. මහින්ද රාජපක්ෂට වූ දෙයින් ඔහු පාඩමක් ඉගෙන ගෙන ඇති බව සිතෙන්නේ මෙවර සංචාරයට ඔහු දමා ඇති නීති රීති ගැන බැලූ විටය. මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලාංකීය දූත පිරිස සැප්තැම්බර් මස 23 වනදා නිව්යෝක් නුවරට ලඟා වීමට නියමිත අතර ජනාධිපතිවරයා සැප්තැම්බර් මස 24 වනදා එක්සත් ජාතීන්ගේ වාර්ෂික සමුළුව ඇමතීමට නියමිත වේ.
.............................

Reply With Quote
(#2)
Old
Diego97's Avatar
Diego97 Diego97 is offline
Senior Member
Diego97 is a glorious beacon of lightDiego97 is a glorious beacon of lightDiego97 is a glorious beacon of lightDiego97 is a glorious beacon of lightDiego97 is a glorious beacon of lightDiego97 is a glorious beacon of lightDiego97 is a glorious beacon of lightDiego97 is a glorious beacon of lightDiego97 is a glorious beacon of lightDiego97 is a glorious beacon of lightDiego97 is a glorious beacon of light
 
Posts: 11,309
Join Date: Nov 2008
Location: Panadura
Send a message via Skype™ to Diego97
09-18-2015, 06:44 PM

Reply With Quote
(#3)
Old
BINGU_PUTHA's Avatar
BINGU_PUTHA BINGU_PUTHA is offline
Senior Member
BINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to behold
 
Posts: 9,379
Join Date: Apr 2013
Location: canada
09-18-2015, 06:51 PM

"Waldorf Astoria" hotel eka dawasata eka kamarayakata $10,000?

http://www.waldorfnewyork.com/
Reply With Quote
(#4)
Old
pitastharaya's Avatar
pitastharaya pitastharaya is offline
Senior Member
pitastharaya has a spectacular aura aboutpitastharaya has a spectacular aura aboutpitastharaya has a spectacular aura about
 
Posts: 796
Join Date: May 2013
09-18-2015, 07:33 PM

Bump
Reply With Quote
(#5)
Old
Dilbaiya's Avatar
Dilbaiya Dilbaiya is offline
Member
Dilbaiya is an unknown quantity at this point
 
Posts: 88
Join Date: Aug 2015
09-18-2015, 08:22 PM

මේ thread වලට අර පිම්පියෝ ටික එන්නේ නෑ.
රටේ සාධාරණ ක්‍රමයක් හැදෙනෙක උන්ට ඇහේ කටු අනිනවා වගේ.
Reply With Quote
(#6)
Old
maraputha's Avatar
maraputha maraputha is offline
Senior Member
maraputha is a glorious beacon of lightmaraputha is a glorious beacon of lightmaraputha is a glorious beacon of lightmaraputha is a glorious beacon of lightmaraputha is a glorious beacon of lightmaraputha is a glorious beacon of lightmaraputha is a glorious beacon of lightmaraputha is a glorious beacon of lightmaraputha is a glorious beacon of lightmaraputha is a glorious beacon of lightmaraputha is a glorious beacon of light
 
Posts: 5,208
Join Date: Dec 2014
09-18-2015, 08:28 PM

bump
Reply With Quote
(#7)
Old
මරුසිරා's Avatar
මරුසිරා මරුසිරා is offline
Senior Member
මරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to behold
 
Posts: 14,575
Join Date: Mar 2012
Location: out of the blue
09-18-2015, 10:08 PM

බම්ප්
Reply With Quote
(#8)
Old
minipura's Avatar
minipura minipura is offline
Senior Member
minipura is a glorious beacon of lightminipura is a glorious beacon of lightminipura is a glorious beacon of lightminipura is a glorious beacon of lightminipura is a glorious beacon of lightminipura is a glorious beacon of lightminipura is a glorious beacon of lightminipura is a glorious beacon of lightminipura is a glorious beacon of lightminipura is a glorious beacon of lightminipura is a glorious beacon of light
 
Posts: 23,680
Join Date: Jan 2011
09-18-2015, 10:11 PM

bump
Reply With Quote
(#9)
Old
BINGU_PUTHA's Avatar
BINGU_PUTHA BINGU_PUTHA is offline
Senior Member
BINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to behold
 
Posts: 9,379
Join Date: Apr 2013
Location: canada
09-18-2015, 11:35 PM

මිනිබාර් , බ්ලූ ෆිල්ම්... 09-18-2015 10:13 PM ponna baiya gu kapan mahindage... dan ithin dukata thawa awrudu 5k yanakam ada ada idapan... sonnawanshata puka dena wahal ponnayo - Gunebhai

ridila
Reply With Quote
(#10)
Old
grand1's Avatar
grand1 grand1 is offline
Senior Member
grand1 is a glorious beacon of lightgrand1 is a glorious beacon of lightgrand1 is a glorious beacon of lightgrand1 is a glorious beacon of lightgrand1 is a glorious beacon of lightgrand1 is a glorious beacon of lightgrand1 is a glorious beacon of lightgrand1 is a glorious beacon of lightgrand1 is a glorious beacon of lightgrand1 is a glorious beacon of lightgrand1 is a glorious beacon of light
 
Posts: 2,175
Join Date: Jul 2014
Location: හැමතැනම
Send a message via AIM to grand1 Send a message via Yahoo to grand1
09-18-2015, 11:37 PM

bump
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02704 seconds with 9 queries