ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page වල් අදහසක් විශිෂ්ඨ නිර්මාණයක් වී ඇති අයුර
Reply
 
Thread Tools
(#1)
Old
eghty's Avatar
eghty eghty is offline
Senior Member
eghty is a glorious beacon of lighteghty is a glorious beacon of lighteghty is a glorious beacon of lighteghty is a glorious beacon of lighteghty is a glorious beacon of lighteghty is a glorious beacon of lighteghty is a glorious beacon of lighteghty is a glorious beacon of lighteghty is a glorious beacon of lighteghty is a glorious beacon of lighteghty is a glorious beacon of light
 
Posts: 3,631
Join Date: Nov 2009
Oh! වල් අදහසක් විශිෂ්ඨ නිර්මාණයක් වී ඇති අයුර - 02-12-2019, 05:36 PM




රෑ මැදියම මත් වූ තොටියෝ
ඔරු පදින්න මා කැඳවන
නුඹ විතරක් එතෙරට යන
රෑ මැදියම මත් වූ තොටියෝ....

මාස් වැස්ස ඉවර වෙලා
අලුත් වතුර ගලන ගඟේ
මල් නෙළුවා මතකද තොටියෝ
ඔරුව පෙරළුණත් ගඟ මැද
මාව අරන් නුඹෙ තුරුලට
එතෙර කළා මතකයි තොටියෝ....

රුවල් නඟා යන නැව් දැක
සසල වෙලා බැලුවත් නුඹ
නැව් නඟින්න හිත නෑ තොටියෝ ...
නුඹෙ ඔරුවෙන් යළි දවසක
කුමුදු පිපුණු හඳ එළියක
එතෙර යන්න ආසයි තොටියෝ...


වල් අදහසක් විශිෂ්ඨ නිර්මාණයක් වී ඇති අයුරු සිංදුවේ පදපේලි බැලු බැල්මටනම් පෙන්නෙ මහ රෑ බීලා ඔරු පදින තොටියෙක්.
තමන්ගෙ බිරිඳටත් කතා කරනවා ඔරු පදින්න යන්න. ඒත් තොටියා බිරිඳව මඟ දාලා එතෙර වෙනවා කියලා බිරිඳගේ හිතේ ඇතිවන දුක
වේදනාව නෝක්කාඩුව තමයි සිංදුව පුරාවට තියෙන්නෙ. ඒත් ඇත්තටම මේකෙ තේරුම මොකක්ද

රෑ මැදියම මත් වූ තොටියෝ
ඔරු පදින්න මා කැඳවන
නුඹ විතරක් එතෙරට යන
රෑ මැදියම මත් වූ තොටියෝ....

මහ රෑ මේ මනුස්සයා බීලා ගෙදර එනවා. රෑට තමන්ගෙ බිරිඳ සමඟ ලිංගිකව එකතු වෙන්නෙත් මත් වූ මනසින්. ඉතින් කිසිම හැගීමකින්
තොරව ලිංගිකව එකතු වෙලා එම කාර්යයෙන් තමන් තෘප්තිමත් වූ පසු ( තම ධාතු පිටවූ පසු )ඔහු එය නවතා නින්දට යනවා. තම බිරිඳ
තෘප්තිමත් වූවාද යන්න ඔහුට අදාල නෑ. එය බිරිද දකින්නෙ ඔරු පදින්න අඬගහලා ඔහු පමණක් එතෙර වෙන අයුරින්.

මාස් වැස්ස ඉවර වෙලා
අලුත් වතුර ගලන ගඟේ
මල් නෙළුවා මතකද තොටියෝ...
ඔරුව පෙරළුණත් ගඟ මැද
මාව අරන් නුඹෙ තුරුලට
එතෙර කළා මතකයි තොටියෝ....
එහෙත් විවාහ වූ අලුත ලිංගිකව එකතු වී දෙදෙනාම සතුටු වූ අයුරු ඇයට මතක් වෙනවා. ඇය පවසනවා යම් හෙයකින් ඔහු ලිංගික
කාර්යයෙහිදී ඉක්මනින් පුරුෂ ධාතු පිටකරත් තම බිරිඳව තෘප්තිමත් නොකර ලිංගික කාර්යය නොනවත්වන අයෙකු බව.
මගදි ඔරුව ගිළුනත් ඔසවාගෙන හරි එතෙර වෙනවා.

රුවල් නඟා යන නැව් දැක
සසල වෙලා බැලුවත් නුඹ
නැව් නඟින්න හිත නෑ තොටියෝ...
නුඹෙ ඔරුවෙන් යළි දවසක
කුමුදු පිපුණු හඳ එළියක
එතෙර යන්න ආසයි තොටියෝ...
මේ පුද්ගලයත් දන්නවා තමන්ගේ බීමත්කම නිසා ප්‍රශ්න ඇති වෙන බව. නමුත් ඔහුට ඔහුගේ බීමත්කම නවත්වාගන්නට බෑ. ඔහුගේම
වැරද්ද නිසා ඔහුගේ හිත තුල සැකයක් ඇති වෙනවා. ඒ ඇය අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගනීද කියා .ඔහුගේ සැකය ඇයට
වැටහෙනවා. ඇය පවසනවා අදටත් ඇයගේ ආදරය තිබෙන්නෙ ඔහු සමඟ බව. නැවතත් අතීතයේ මෙන් දෙදෙනාම ආදරයෙන් ලිංගිකව
එකතු වූ සතුටු වෙන කාලයක් එනතුරු ඇය බලා සිටිනවා. අද ලංකාවේ දික්කසාද වලට ලිංගික ගැටළු එක් හේතුවක්. එහෙත්
පෙරදිග සමාජයේ මේ මාතෘකාව කතා කර විසඳා ගැනීමට ඇති ලජ්ජාශීලි භාවය නිසා එවැනි විවාහ දික්කසාද වලින්ම කෙලවර

වෙනවා. මේ එවැනි අවස්තාවක් රජී වසන්ත වෙල්ගම නම් විශිෂ්ඨ ගීත පද රචකයා විසින් නිර්මාණයකට ගොනු කර ඇති අයුරු. රජී
වසන්ත යනු " මේ තරම් සියුමැලිද කලු ගල් " ගීතයෙහි රචකයායි.



.....................................
සිංදුව අහලා දැන් ටයිප් කරලා දැම්මෙ. ඒක හින්දා විස්තරේ වැරදි හෝ මඟ හැරුණ තැන් ඇති.
Reply With Quote
(#2)
Old
King_cobra's Avatar
King_cobra King_cobra is offline
Senior Member
King_cobra is a splendid one to beholdKing_cobra is a splendid one to beholdKing_cobra is a splendid one to beholdKing_cobra is a splendid one to beholdKing_cobra is a splendid one to beholdKing_cobra is a splendid one to beholdKing_cobra is a splendid one to beholdKing_cobra is a splendid one to beholdKing_cobra is a splendid one to beholdKing_cobra is a splendid one to beholdKing_cobra is a splendid one to behold
 
Posts: 15,908
Join Date: Apr 2015
Location: මාතොට
02-12-2019, 05:39 PM

Reply With Quote
(#3)
Old
Hyaenidae's Avatar
Hyaenidae Hyaenidae is offline
Senior Member
Hyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to all
 
Posts: 16,665
Join Date: Apr 2015
02-12-2019, 05:40 PM

Quote:
Originally Posted by eghty View Post

සිංදුව අහලා දැන් ටයිප් කරලා දැම්මෙ. ඒක හින්දා විස්තරේ වැරදි හෝ මඟ හැරුණ තැන් ඇති.
මාස් වැස්ස ඉවරවෙලා

ඒක මඟ ඇරිලා
Reply With Quote
(#4)
Old
banda065's Avatar
banda065 banda065 is offline
Senior Member
banda065 is a glorious beacon of lightbanda065 is a glorious beacon of lightbanda065 is a glorious beacon of lightbanda065 is a glorious beacon of lightbanda065 is a glorious beacon of lightbanda065 is a glorious beacon of lightbanda065 is a glorious beacon of lightbanda065 is a glorious beacon of lightbanda065 is a glorious beacon of lightbanda065 is a glorious beacon of lightbanda065 is a glorious beacon of light
 
Posts: 1,137
Join Date: Apr 2007
02-12-2019, 05:42 PM

nice
Reply With Quote
(#5)
Old
windows_ubuntu's Avatar
windows_ubuntu windows_ubuntu is offline
Senior Member
windows_ubuntu is just really nicewindows_ubuntu is just really nicewindows_ubuntu is just really nicewindows_ubuntu is just really nicewindows_ubuntu is just really nicewindows_ubuntu is just really nicewindows_ubuntu is just really nice
 
Posts: 662
Join Date: Jun 2018
02-12-2019, 06:54 PM

Reply With Quote
(#6)
Old
NK123's Avatar
NK123 NK123 is offline
Senior Member
NK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud of
 
Posts: 19,999
Join Date: Jul 2015
Location: Colombo
02-12-2019, 07:14 PM

Reply With Quote
(#7)
Old
hodakolla hodakolla is offline
Senior Member
hodakolla is a name known to allhodakolla is a name known to allhodakolla is a name known to allhodakolla is a name known to allhodakolla is a name known to allhodakolla is a name known to allhodakolla is a name known to allhodakolla is a name known to allhodakolla is a name known to allhodakolla is a name known to allhodakolla is a name known to all
 
Posts: 9,176
Join Date: Feb 2017
Send a message via AIM to hodakolla
02-12-2019, 07:33 PM

BUMP
Reply With Quote
(#8)
Old
Phonemy Phonemy is offline
Senior Member
Phonemy is a jewel in the roughPhonemy is a jewel in the roughPhonemy is a jewel in the roughPhonemy is a jewel in the roughPhonemy is a jewel in the roughPhonemy is a jewel in the rough
 
Posts: 534
Join Date: Jan 2018
02-12-2019, 07:40 PM

Bump
Reply With Quote
(#9)
Old
kalana wasala's Avatar
kalana wasala kalana wasala is offline
Senior Member
kalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to behold
 
Posts: 5,902
Join Date: Feb 2016
02-12-2019, 07:41 PM

FATTA REP+++
Reply With Quote
(#10)
Old
Rahula Kasun's Avatar
Rahula Kasun Rahula Kasun is offline
Senior Member
Rahula Kasun is a name known to allRahula Kasun is a name known to allRahula Kasun is a name known to allRahula Kasun is a name known to allRahula Kasun is a name known to allRahula Kasun is a name known to allRahula Kasun is a name known to allRahula Kasun is a name known to allRahula Kasun is a name known to allRahula Kasun is a name known to allRahula Kasun is a name known to all
 
Posts: 4,277
Join Date: Feb 2013
02-12-2019, 07:54 PM

up
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03330 seconds with 9 queries