ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Washing Machine Selection / වොෂින් මැෂිමක් තෝරාගැනීම
Reply
 
Thread Tools
(#1)
Old
wqe123 wqe123 is online now
Senior Member
wqe123 is a splendid one to beholdwqe123 is a splendid one to beholdwqe123 is a splendid one to beholdwqe123 is a splendid one to beholdwqe123 is a splendid one to beholdwqe123 is a splendid one to beholdwqe123 is a splendid one to beholdwqe123 is a splendid one to beholdwqe123 is a splendid one to beholdwqe123 is a splendid one to beholdwqe123 is a splendid one to behold
 
Posts: 2,994
Join Date: Aug 2015
Location: ලංකාවේ.. ලංකාවේ
Washing Machine Selection / වොෂින් මැෂිමක් තෝරාගැනීම - 12-27-2019, 09:58 AM

මම washing මැෂින් එකක් ගන්න හොයනකොට විස්තර හෙව්වට හොයාගන්න ගොඩක් අමාරු උනා... ගොඩදෙනෙක් දන්නේ ටොප් ලෝඩින් වොශින්ග් මැෂින් ගැන විස්තරය්.... පස්සේ මම හොයල හොයල විස්තර හොයල ගත්තා... ඒ හොයාගත්ත විස්තර උබලටත් වැදගත් වෙය් කියල හිතුන නිසා තමය් මේ පොස්ට් එක දන්නා හිතුවේ.


මම front load මැෂින් දැන් අවුරුදු 20 කට වඩා පාවිච්චි කරනවා. Top load මැෂින් එකක් කුත් පාවිච්චි කරලා තියනවා. එත් අන්තිමට පාවිච්චි කරපු මැෂිම කැඩුනාම අලුත් එකක් ගන්න ගියහම ගාන වැඩි නිසා තමා අයෙ Top load ගැන බැලුවේ හොයල...


washing මැෂින් ජාති දෙකකට බෙදන්න පුළුවන්. top loading & Front Loading. (උඩින් ඇදුම් දාන, ඉස්සරහින් ඇදුම් දාන)..

ලංකාවේ ජනප්‍රිය ම top loading ප්‍රධාන හේතු දෙකක් නිසා. එකක් මැෂිමේ මිල අඩුයි, දෙක සරල නිසා.
ටොප් ලෝඩින් වොෂින් මැෂින් සෙමි ඔටෝ, ෆුල් ඔටෝ විදිහට technology එක අනුව දෙකට බෙදුනට Front Loading එන්නේ full auto විතරය්... හැබය් දැන් ඇවිල්ල තියනවා Front Loading වලට fully Dryer (සම්පුර්ණයෙන් වේලාගැනීමේ) පහසුකම එක්ක.
washing මැෂිමේ මහලොකු technology එකක් නෑ... සරලව ගත්තොත් මෝටරයක් මගින් drum එක හෝ agitator කරකවනවා.. වෙලාවට වතුර ඇතුලට දානවා, එලියට දානවා. එලියට දාන්න තව මෝටරයක් තියනවා. timer එක කියන්නේ වෙසක් තෝරන් වල තියන flasher කොටේ වගේ එකක්. දැන් දැන් නම් electronic circuit වලින් තමා එන්නේ


දැන් බැලුවොත් top loading ද Front Loading ද හොඳ කියල
Front Loading වල රෙදි හෙදෙන්නේ drum එක කැරකිලා. ඒ නිසා රෙදි අපි අතේ හෝදනවා වගේ පැත්ත පැත්ත පෙරලන එකය්, උඩ ඉදන් පහලට වැටිලා තමා පොඩි වෙලා හෙදෙන්නේ. අපි ගලක් උඩ පොඩ්ඩ පොඩ්ඩ ගගහා හෝදනවා වගේ තමා හෙදෙන්නේ.
පහල තියෙන්නේ LG වල pattern ටික. අනිත් එව්වගේත් මේකේ වෙනසක් නෑ

https://www.lg.com/lk/images/WM/features/FC1408H3E_Washing_Machines_6Motion_D.jpg

එතකොට Top Loadingවල හෙදෙන්නේ drum එක කැරකිලා නෙමේ එක ඇතුලේ තියන පතුලේ තියන රෝදේ කරලිලා. එතකොට රෙදි කැරකුනාට අතේ හෝදනවා වගේ පොඩි වෙන්නේ නෑ. අර දිය සුලියට අහු උනා වගේ කැරකෙනවා. ඒ නිසා ගොඩක් රෙදි දම්මමත්, පොඩ්ඩක් දම්මමත් මේ ජාතියේ රෙදි හෙදෙනවා අදුය්... රෙදි ප්‍රමනෙකට තියෙන්නේ ඕනා...
https://www.lg.com/lk/images/WM/features/T2108VSPM-top-load-washing-machines-TurboDrum-14082019-D.jpg

රෙදි හෙදෙනකොට , එහෙමත් නැති නම් කැරකෙනකොට මාධ්‍ය ලක්ෂය හා මාධ්‍යයෙන් පිටිට යනකොට වේග හා දුර වෙනස් නිසා රෙදි හෙදිල්ලත් වෙනස් වෙනවා
ටොප් ලෝඩ් වල හොදද්දී shirt කොලර්, school uniform පොඩ්ඩක් පොඩි කරලා අතේ අතුල්ලලා හෝදන්න වෙන අවස්ථා බොහොමය්. නැතිව හෝදන අයත් නැතිවාම නෙමේ. එත් ෆ්රෝන්ට් ලෝඩ් වල ඊට වඩා වැඩි ප්‍රමාණයක් කුණු අයින් වෙනවා.. ඒ නිසා මාස කිපියකට සැරයක් උපරිම එක පාරක් අතින් කොලර් අතුල්ලුවත් ඇති. නැති උනත් අවුලක් නෑ. මම නම් මාස 6 කට විතර එක පාරක් තාමා එහෙම කරන්නේ.


Spin Dryerඑක ගැන කතා කලොත් Top loading වල ස්පින් එක Front Loading වලට වඩා කාර්යක්ෂම වෙනවා.... Top loading මැෂින් වල rounds per min. (RPM) (මිනිත්තුවට බ්‍රමණ වාර) ගණන 400-800 ක් වගේ තමා එන්නේ. ඒ උනාට ගොඩක් වෙලාවට 300-450 වගේ වේගයක් තමාගොඩක් program වලට පාවිච්චි වෙන්නේ... RPM 1600 වෙනකන් මශිනුත් තියනවා. ඒවගේ මිල ගනනත් ඒ වගේ තමා... ගොඩක් පරණ Front Load වලත් spin speed එක අවේ මේ සමාන ගණන් ම තමා... ඒත් අලුත් Front Loading වල මේ වතුර අයින් වෙන ප්‍රමනේ වැඩි කරන්න ඕන නිසාම ඒවගේ RPM එක ගොඩක් වැඩි කරලා තියනවා... අලුත් ම Front Loading වල RPM 1600 වගේ වෙනකන් තියනවා... ඒ නිසා බොහොමයක් Top loading වලට වඩා වැඩි වතුර ප්‍රමාණයක් අයින් වෙනවා. RPM 1600 තියන CANDY මාදිලියේ මැෂින් වලා රෙදි කිලෝ 8 ක් හෙදුවාම වතුර කිලෝ 1 ඉතිරි වෙනවා කියල තියනවා ස්පින් එකෙන් පස්සේ. මගේ අත්දැකීම අනුව පරණ මැෂිමට වඩා අලුත් rpm 1600 front Load මැෂිම වතුර අයින් වෙනවා.. එක අලුත්ම Hayer Top Load එකටත් වඩා වැඩිය්... rpm 1000 ට වඩා වැඩි ගණනකට සෙට් කලාම vibration noise එක අදුය්... තවත් දෙයක් Front Loading ඉස්සර තිබ්බ මැෂින් වල බෙල්ට් එකක් මාර්ගයෙන් තමා drum එක කරකුවේ.. දැන් එන අලුත් ඒවගේ direct Drive කියල මොටරේ drum එකට fix කරලා නිසා ඒ කියලා තියන RPM එකම එනවා... ඉස්සර තිබ්බ ඒවගේ වේගය ලකුණු කරලා තිබ්බ ඒවාට වාඩා අඩු වෙනවා...


Fully Dryer දැනට ඇවිල්ලා තියෙන්නේ front load වල විතරය්.... මේකෙදි heater එකක් මගින් හුලන් රත් කරලා ඇදුම් වලට එවල වේලනවා. මෙහෙම වේලපු ඇදුම් ඒ වෙලාවේම අල්මාරිය / කබඩ් එකට දාන්නත් , ඇදගෙන යන්නත් පුළුවන්... රෙදි කිලෝ 8ක් හේදුවොත්, එලියට ගන්නකොට වතුර බරක් නෑ ඔක්කොම වාෂ්ප වෙලා යවල... මෙහෙම් වෙලන්න පුළුවන් මැෂින් වල හෝදන්න පුළුවන් කිලෝ ගානට වඩා කිලෝ 2ක් වත් අඩුවෙන් තමා Fully Dryer කරගන්න පුළුවන් වෙන්නේ’... ඉතිරි කිලෝ දෙක හෝ තුන සාමාන්‍ය විදිහට වේලාගන්න වෙනවා... මෙහෙම dryer එකේ වෙලන්න පැය 2-3 වගේ යනවා... රෙදි load එකක් හෝදලා වේලාගන්න රුපියල් 250-400 අතර ගානක් කරන්ට් එකට යනවා.... commercial මැෂින් වලා නම් රෙදි වෙලන්න යන්නේ පැයකට අඩු කාලයක් උනත් ගෙවල් වලට හදල තියන මේ compact මැෂින් වලට පැය 2-3 වගේ අඩුම යනවා. හෝදන්න එක්ක පැය 3-4 යනවා

විදුලිය පාවිච්චියගැන බැලුවොත් Top loading වල Front Loading වලට වඩා අඩුය්... එකට ප්‍රධාන හේතු දෙකක් වෙනවා. එකක් Top loading වල උණු වතුරින් හෝදන්න බෑ... උණු වතුරින් හොදපුවම කුණු හොදට යනවා... වතුර උණු කරන්න water Heater එකක් තියනවා front load 1500 W වගේ අසන්න අගයක එකක්... 20C – 90C වගේ වෙනකන් වතුර උණු කරලා හෝදන්න පුළුවන් ඒවගේ.
දෙවැනි එක ස්පින් ස්පීඩ් එක. වැඩි වේගෙන් කරකවන්න වැඩි විදුලියක් යනවා. ඉතින් සාපේක්ෂව ගත්තොත් වැඩි විදුලියක් front load වලට යනවා. හැබැයි ඔය කියන උණු වතුරෙන් රෙදි නිතර හෝදන්නේ නැති නම්. ස්පින් ස්පීඩ් එක 800 කින් වගේ සැහීමකට පත් වන්න පුළුවන් නම් දෙකේ ලොකු අහසට පොලොව වගේ වෙනසක් නෑ... හැබැයි fully dryer පහසුකම තියන මැෂිමක් ගත්තොත් එක හෙදුමකට 6-7KWh (යුනිට් 6-7) වගේ යනවා කිලෝ 6-7ක් හෝදලා වේලාගන්න... මේක කිලෝ 9ක් උනත් ලොකුවෙන්සක් වෙන්නේ නෑ


නඩත්තුව top loading වල Front Loading සාපේක්ෂව අදුය්.. එක ලොකු technology එකක් නැති කම හා බහුලව තිබීම තමා හේතු... සරල පරිපත, සරල ක්‍රියාකාරිත්වය වගේ දේවල් නිසා ටොප් ලෝඩ් එකක් හදන්න ලේසිය්... රුපියල් 1000 ක් හෝ ඊට අඩුවෙන් උනත් ටොප් ලෝඩ් මැෂිමක් හදන්න පුළුවන් වෙන අවස්ථා බොහොමය්. එත් සංකීර්ණත්වය, පෙනුම, මැෂිමේ වටිනාකම අනුව හදන්න බාස් අය්යා කඩන ගාන Front Load වලට වැඩි වෙනවා.. හුගක් වෙලාවට 5000ක් නැතිව ගලවන්නේ නැති වේලාවන් බොහොමය්... front load වල දොර ඉදන් සෙන්සර් ගොඩක් තියන නිසා හදන වැඩේ සංකීර්ණ වෙන අවස්ථා වැඩිය්.


Fully Auto කිව්වට ටොප් ලෝඩ් වල fully auto නෑ... උදාහරණයක් ලෙස ගත්තොත් fabric conditioner (කොම්ෆෝර්ට් - common name) Front Load වල දාලා ලෝඩ් කරලා තියන්න පුළුවන් උනත් top load වල හේදිලා ඉවර වෙනකන් බලන් ඉදලා අතින් දාන්න ඕන... අමතක උනොත් අයෙ fabric conditioner දාල හෝදලා ඉවර වෙලා ස්පින් පාරක් දන්නා වෙනවා... ෆ්රෝන්ට් ලෝඩ් වල එහෙම නැ පටන් ගන්නකොට දාල ගෙදරින් යන්න උනත් පුළුවන්. මැෂිම අවශ්‍ය වෙලාවට දාගන්නවා ඒවා... තව බ්ලීචින් (bleaching) උනත් දාල , සබන් දාල , fabric conditioner දාල උනත් මැෂිම ක්‍රියා කරනවන්න පුළුවන් එකපාර. වරින් වර දන්නා වෙන්නේ නැහැ..
අලුත් Candy, LG, Samsung front load දැන් ස්මාර්ට් ෆෝන් එකෙන් වැඩකරවන්න, නතර කරන්න, පාවිච්චි වෙන විදුලිය බලන්න වගේ දේවලුත් පුළුවන




මිල බැලුවොත් Front Load එකක් ගන්න කොට top load දෙකක් හෝ තුනක් ගන්න පුළුවන්. front load basic මැෂිමක් 60,000 ක් වගේ උනත් හොද බ්‍රෑන්ඩ් එකක් 70,000 පනිනවා, 100,000ක් වත් වෙනවා .. fully Dry තියන එකක් 125,000.00 පනිනවා. ටොප් ලෝඩ් මැෂිමක් 40,000 ක් වගේ මාධ්‍ය අගයක් වෙනවා දම්රෝ වගේ...


මගේ තේරීම් නම් front load හේදීම වැඩි වීම හා, පහසුව වැඩි වීම අනුව. කැඩුනම හදන්න ගියහම නම් එපා වෙනවා.. සල්ලි වැඩිපුර මැෂිමට වියදම් කරන එක නම් ඉවසන්න පුළුවන්. හදන්න යන ගණන් තමා ඉවසන්න බැරි. අනික හරියට හදන්න දන්නා බාස් කෙනෙක් හොයා ගන්න එක... දම්රෝ ගෙදරට ඇවිල්ල නිකන් වගේ හදල යන එක තාමා top load වල වාසිය.. අනික අමතර කොටස් ඇති තරම් තියන එක
ටොප් ලෝඩ් එකක ප්‍රොග්‍රම් unit එක කැඩුනොත් universal unit එකක් 5000-7000 කට වගේ දාගන්න පුළුවන්.... නැති උනොත් වර්තමාන මිල ගණන් අනුව 25,000-40,000k විතර යනවා...


ප. ලි. පොඩි හිල් තියන බැනියන් වගේ එව්වා ඉකමනට හිල් ලොකු වෙනවා ටොප් ලෝඩ් වල. රෙදි අබරෙන නිසා... ෆ්රෝන්ට් ලෝඩ් වල එක අදුය්....

වැදගත්ම දේ කියන්න අමතක උනා. front load එකකට tax එක 100% (108% @ VAT 15%). ඉතින් duty Free ගන්න පුළුවන් නම් මිලෙන් බාගෙට ගන්න පුළුවන්.. උදා LG 1208 Abans කඩේ 128000/- duty Free 380 USD (LKR 70,xxx/-)

Last edited by wqe123; 12-27-2019 at 03:40 PM.
Reply With Quote
(#2)
Old
KasunKDP's Avatar
KasunKDP KasunKDP is offline
Senior Member
KasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to behold
 
Posts: 35,252
Join Date: Oct 2013
Location: hell
12-27-2019, 10:03 AM

You must spread some Reputation around before giving it to wqe123 again.


machn, bed sheets wage loku redi hodanna wadath hoda mokakda?
Reply With Quote
(#3)
Old
ACHIK's Avatar
ACHIK ACHIK is offline
Senior Member
ACHIK is a name known to allACHIK is a name known to allACHIK is a name known to allACHIK is a name known to allACHIK is a name known to allACHIK is a name known to allACHIK is a name known to allACHIK is a name known to allACHIK is a name known to allACHIK is a name known to allACHIK is a name known to all
 
Posts: 8,936
Join Date: Jun 2015
12-27-2019, 10:06 AM

Bump.
Reply With Quote
(#4)
Old
TUX_VIM's Avatar
TUX_VIM TUX_VIM is offline
Senior Member
TUX_VIM is just really niceTUX_VIM is just really niceTUX_VIM is just really niceTUX_VIM is just really niceTUX_VIM is just really niceTUX_VIM is just really niceTUX_VIM is just really niceTUX_VIM is just really niceTUX_VIM is just really nice
 
Posts: 393
Join Date: Aug 2018
12-27-2019, 10:09 AM

rep ++
Reply With Quote
(#5)
Old
wqe123 wqe123 is online now
Senior Member
wqe123 is a splendid one to beholdwqe123 is a splendid one to beholdwqe123 is a splendid one to beholdwqe123 is a splendid one to beholdwqe123 is a splendid one to beholdwqe123 is a splendid one to beholdwqe123 is a splendid one to beholdwqe123 is a splendid one to beholdwqe123 is a splendid one to beholdwqe123 is a splendid one to beholdwqe123 is a splendid one to behold
 
Posts: 2,994
Join Date: Aug 2015
Location: ලංකාවේ.. ලංකාවේ
12-27-2019, 10:15 AM

Quote:
Originally Posted by KasunKDP View Post
You must spread some Reputation around before giving it to wqe123 again.
machn, bed sheets wage loku redi hodanna wadath hoda mokakda?

unu wathura cycle ekak daala, hodata kunu yawanna nam front load thama. eth ban lankawe bohomayak top load walin satisfy wenawa ne.... wadath sudusu front load eka. but top load walin karaganna puluwan.

Last edited by wqe123; 12-27-2019 at 10:21 AM.
Reply With Quote
(#6)
Old
samanthaw samanthaw is offline
Senior Member
samanthaw has a spectacular aura aboutsamanthaw has a spectacular aura aboutsamanthaw has a spectacular aura about
 
Posts: 636
Join Date: Jun 2011
Location: Maharagama
Send a message via Yahoo to samanthaw
12-27-2019, 10:23 AM

Tks Bro
Reply With Quote
(#7)
Old
andos142 andos142 is offline
Senior Member
andos142 has a spectacular aura aboutandos142 has a spectacular aura aboutandos142 has a spectacular aura aboutandos142 has a spectacular aura aboutandos142 has a spectacular aura about
 
Posts: 196
Join Date: Mar 2011
12-27-2019, 10:36 AM

හොදට විස්තර කරලා තියෙනවා
Reply With Quote
(#8)
Old
සනෝජ්_තරංග's Avatar
සනෝජ්_තරංග සනෝජ්_තරංග is offline
Senior Member
සනෝජ්_තරංග is just really niceසනෝජ්_තරංග is just really niceසනෝජ්_තරංග is just really niceසනෝජ්_තරංග is just really niceසනෝජ්_තරංග is just really niceසනෝජ්_තරංග is just really niceසනෝජ්_තරංග is just really niceසනෝජ්_තරංග is just really niceසනෝජ්_තරංග is just really nice
 
Posts: 1,418
Join Date: Dec 2012
Location: Colombo
12-27-2019, 10:49 AM

watina thread ekak.
Reply With Quote
(#9)
Old
Smartm's Avatar
Smartm Smartm is offline
Senior Member
Smartm is infamous around these partsSmartm is infamous around these partsSmartm is infamous around these partsSmartm is infamous around these partsSmartm is infamous around these partsSmartm is infamous around these parts
 
Posts: 7,095
Join Date: Jul 2008
Location: හස්තිශෛලපුර
Send a message via Skype™ to Smartm
12-27-2019, 10:54 AM

bump + good thread brother..
Reply With Quote
(#10)
Old
ElaBaba's Avatar
ElaBaba ElaBaba is offline
Senior Member
ElaBaba is a glorious beacon of lightElaBaba is a glorious beacon of lightElaBaba is a glorious beacon of lightElaBaba is a glorious beacon of lightElaBaba is a glorious beacon of lightElaBaba is a glorious beacon of lightElaBaba is a glorious beacon of lightElaBaba is a glorious beacon of lightElaBaba is a glorious beacon of lightElaBaba is a glorious beacon of lightElaBaba is a glorious beacon of light
 
Posts: 1,719
Join Date: Jun 2018
Location: NWP
12-27-2019, 11:02 AM

T.F.S.
+reps
Reply With Quote
Reply

Bookmarks

Tags
damro, mydone, washing machine

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04159 seconds with 9 queries