ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page වෙසක් එකට කූඩු හැදුවද..?
Reply
 
Thread Tools
(#1)
Old
richlife's Avatar
richlife richlife is offline
Senior Member
richlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud of
 
Posts: 13,101
Join Date: Oct 2012
Location: වැලිවේරිය...
smile වෙසක් එකට කූඩු හැදුවද..? - 05-05-2015, 08:26 PM

ගිය අවුරුද්දෙ වගේම මේ සැරෙත් වෙසක් කූඩු හදන්න මූලික උනේ එලකිරි සහෝදරයෙකුගෙම ත්‍රෙඩ් එකක්..

මේ තියෙන්නෙ ඒකෙ ලින්කුව
https://elakiri.com/forum/showthread.php?t=1556038


මේ ගැන මම වෙනමම ත්‍රෙඩ් එකකුත් දැම්ම මීට කලින්..
http://www.elakiri.com/forum/showthread.php?t=1673771


හරි වැඩි කතා ඕනෙ නෑ...

ඒ ත්‍රෙඩ් එකේ හැටියට මම මේ පාර හැදුව කූඩු ටිකයි, ඒකට දාපු සැරසිලි ටිකයි මම අද මෙතන දානව කාට හරි වැදගත් වෙයි කියල හිතලා..
හරිනම් වෙසක් එකට කලිනුයි මේ ගැන ත්‍රෙඩ් එකක් දාන්න තිබුණේ..
ඒත් කාල වෙලාව සම්බන්ධ ගැටලු නිසා ඒක ටිකක් පහු උන එක ගැන සමාවෙන්න..






















මගේ ලඟ හොඳ කැමරාවක් නැති නිසා පින්තූරනං සෑහෙන අපැහැදිලියි..

-
-
-
-
-
-
-
-

හරි..

මෙන්න මේ විදිහට තමයි කූඩු ටික හදා ගත්තේ..





ඒ ෆෝ කොල වලින් පොඩි පැටව් කූඩු 4ක් හදා ගත්තා.. මමනං සයිස් එක ගත්තෙ එක පැත්තකට අඟල් 4ක් වෙන්න..


ලොකු කූඩුවටනං පිටකොටුවෙ පීපල්ස් පාක් එකෙන් ගත්ත ප්ලාස්ටික් කුඩුවක් තමයි පාවිච්චි කලේ..ඒක අඟල් හයේ කූඩුවක්..

ඒක ටිකක් හයියට තියෙන නිසා පැටව් කූඩු 4 ඒක වටේට එල්ලුවා..




මහ කූඩුව අඟල් 6 එකක් නිසා, පැටව් කූඩු හදද්දි සමචතුරස්‍ර කපන්න ඕනෙ අඟල් 3 සයිස් එකට..
මට මේ පාර ඒක ටිකක් අමතක වෙලා මම සම චතුරස්‍ර කැපුවෙ අඟල් 4 සයිස් එකට...
අඟල් 3 සයිස් එකෙන් හැදුවාම මාර ලස්සන හුරුබුහුටි පෙනුමක් ලැබෙනවා..






ඔන්න ඒ ෆෝ කොල වලින් හැදුව කූඩු සම්පූර්ණ කලාට පස්සේ.. රැලි දාන වැඩේ මට කර ගන්න බෑ ඉවසීම මදි නිසා..

ඒ ටික අම්මට කියල කර ගත්තා...





ඊළඟට ලයිට් ටික..





මම නං වැඩේට පාවිච්චි කලේ LED බල්බ් 6ක්...
පිටකොටුවේ පළවෙනි හරස් වීදියේ කඩේකින් තමයි ලයිට් අර ගත්තේ.. මම තෝර ගත්ත එල්.ඊ.ඩී වල විශේෂයකට තියෙන්නේ ලයිට් එකේ පාට හිමීට මාරු වෙන එක...


සාමාන්‍යෙන් එලියෙ ගන්නවනං එකක් රුපියල් 10ක් 15ක් වගේ ගානක් තමයි වෙන්නේ..
ඒත් කොටුවෙන් ගන්නවනං රුපියල් 5 ගානෙ ගන්න පුලුවන්..







12V පවපැක් එකක් හරහා කරන්ට් එක දෙන්න බලාපොරොත්තු උන නිසා මම නං 220 OHMS රෙසිස්ටරයක් පාවිච්චි කලා..





පස්සේ ඔය තියෙන පින්තූරෙ විදිහට පාස්ස ගත්ත







ඊලඟට ධන සෘණ කූරු දෙක ශෝට් නොවෙන්න සෙලෝටේප් වලින් ඔතා ගත්ත..
(මේ හැමදේම කරන්න උනේ අන්තිම මොහොතෙ නිසා නොපෙනෙන තැන් වල ලස්සන ගැන වැඩිය හිතන්න ගියේ නෑ.. ඒක නිසා ඔහේ සෙලෝ ටේප් ඔතාගෙන ඕතාගෙන ගියා ෂෝට් නොවෙන්න..)



ලොකු කූඩුවට පාවිච්චි කලේ තනි පාට LED ලයිට් දෙකක්.. සුදු පාටයි නිල් පාටයි දෙකක් එකට තියලා පාස්සල ඒක කූඩුව ඇතුළට බැස්සුවා...
වටේ තියෙන බල්බ් ට්ක පාට මාරු වෙද්දි, මැද කූඩුවෙ තියෙන බල්බ් දෙක එක විදිහටම පත්තු වෙලාම තියෙන විදිහට...




යටින් තියෙන පින්තූරෙ හැටියට වයර් ටික පාස්ස ගත්තට පස්සේ ගානට පවපැක් එකේ ධන සෘණ බලලා වයර් ටික අමුණ ගන්න විතරයි තියෙන්නේ..





වෙසක් දවසෙත් මට හවස ඔෆිස් යන්නම වෙන නිසා මට ගෙදර ඉන්න නොලැබෙන බව දන්න නිසාම මම මෙන්න මේ කෑල්ල (9V Battery clip එකක්) පෑස්සුව වයර් වල අගට..







පවපැක් එකෙන් එන මේ ජාතීයෙම ජැක් එකට ගෙදර ඉන්න කෙනෙකුට උනත් මේක ගානට ක්ලිප් කරන්න පුලුවන් නිසා වයර් අමුණ අමුණ නටන්න ඕනෙ නෑනෙ එතකොට..







ඔන්න ඉතින් මේ පාරත් මගේ විශේෂ ස්තූතිය Rex921 සහෝදරයට පිරිනමනවා පහසුවෙන් කාලෙ ඉතුරු කරගෙන ගෙදරදිම අටපට්ටම් කූඩු හදන හැටි කියල දුන්නට...

ඒ වගේම Dmtx, Iroshan.2000 යාලුවොත් අමතක කරන්නම බෑ... මේ සැරේ වෙලාව මදි උනත් ගියපාර අපේ කූඩුව ලස්සන උනේ ඒ අය නිර්මාණය කරපු බ්ලොක් එකකින්..

අපෙන් ගන්න පුලුවන් දෙයක් අරගෙන,
මට මග ඇරුනු දේවල් අඩු පාඩු එහෙම කියන ගමන් ඕගෝලොන්ගෙ අදහසුත් කියල යන්න අමතක කරන්න එපා...

වෙසක් දවසේ බුදු හාමුදුරුවන්ගෙ ඉපදීම, බුදුවීම,වගේම "පිරිණිවන්පෑම" කියන එකත් තියෙනව කියන එකත් අමතක කරන්න එපා යාලුවනේ...

එහෙනං හැමෝටම තෙරුවන් සරණයි..!
ආයි දවසක හම්බ වෙමු..!


Last edited by richlife; 05-06-2015 at 08:24 PM.
Reply With Quote
(#2)
Old
dark92b's Avatar
dark92b dark92b is offline
Senior Member
dark92b is a name known to alldark92b is a name known to alldark92b is a name known to alldark92b is a name known to alldark92b is a name known to alldark92b is a name known to alldark92b is a name known to alldark92b is a name known to alldark92b is a name known to alldark92b is a name known to alldark92b is a name known to all
 
Posts: 3,716
Join Date: Dec 2014
Location: HERE...!!!
05-05-2015, 08:53 PM

හොඳා හොඳා පොසොන් එකටවත් ඔය වගෙ එකක් හදගන්ඩ ඔනි

Reply With Quote
(#3)
Old
dddeepal dddeepal is offline
Senior Member
dddeepal will become famous soon enough
 
Posts: 502
Join Date: Aug 2009
05-05-2015, 08:56 PM

සුපිරි මචෝ කලින් දැම්මනම් මාත් කරනව ගෙදර මේ වගේ
Reply With Quote
(#4)
Old
maxboysl's Avatar
maxboysl maxboysl is offline
Senior Member
maxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to behold
 
Posts: 25,149
Join Date: Mar 2011
Location: colombo
Send a message via Skype™ to maxboysl
05-05-2015, 09:02 PM

ලස්සනයි මචං. දන්නේ නැති අයට ලොකු දෙයක්
Reply With Quote
(#5)
Old
මම බෙනා's Avatar
මම බෙනා මම බෙනා is offline
Senior Member
මම බෙනා is a name known to allමම බෙනා is a name known to allමම බෙනා is a name known to allමම බෙනා is a name known to allමම බෙනා is a name known to allමම බෙනා is a name known to allමම බෙනා is a name known to allමම බෙනා is a name known to allමම බෙනා is a name known to allමම බෙනා is a name known to allමම බෙනා is a name known to all
 
Posts: 5,859
Join Date: Sep 2012
Location: ලංකාවේ
05-05-2015, 09:07 PM

http://www.elakiri.com/forum/showthread.php?t=1674776
Me mage....
Reply With Quote
(#6)
Old
shaminda peiris's Avatar
shaminda peiris shaminda peiris is offline
Senior Member
shaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to behold
 
Posts: 36,153
Join Date: Mar 2014
Location: පානදුරේ
05-05-2015, 09:10 PM

BUMP
Reply With Quote
(#7)
Old
Mr.Tom's Avatar
Mr.Tom Mr.Tom is offline
Senior Member
Mr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud of
 
Posts: 19,116
Join Date: Mar 2013
Location: EK Automobile
05-05-2015, 09:16 PM

හොද මිතුරෙකුගේ සුපිරි වැඩක්

පිං කමක් එක්ක තමන්ගේ නිර්මාණාත්මක හැකියාවෙන් වැඩක් ගන්න තියන හොදම අවස්ථාවක් තමයි වෙසක් උත්සවය.
මල් පහන්, සුවඳ දුම්, වෙසක් කූඩු වෙසක් සැරසිලි පිදීම ආමිස පූජාවට අයත් වෙනවා. කුඩා දරුවෙක් මුලින්ම බුදු දහමට නැඹුරුවෙන්නේ මේ ආමිස පූජාවන් ඔස්සේ තමයි. ඒ වගේම වැඩිහිටියෙක් වුනත් බුදු දහම කෙරේ යොමු කරගන්න ආමිස පූජාව වැදගත් වෙනවා.
ආමිස පූජා කියන්නෙත් දනය දීමක් තමයි. ඒ නිසා තමන් හදපු වෙසක් කූඩුවක්, ආලෝක දැල්වීමක් තෙරුවන් කෙරෙහි කරන පූජාවක් කියලා හිතලා ඒ ගැන මෙනෙහි කරන්න ඕනේ. ඒ පිනෙන් නිවන පතන එක තමයි අපේ එකම බලාපොරොත්තුව වෙන්න ඕනේ.
ඔබට තෙරුවන්සරණයි මලයා
Reply With Quote
(#8)
Old
snaptjaw's Avatar
snaptjaw snaptjaw is offline
Senior Member
snaptjaw is a glorious beacon of lightsnaptjaw is a glorious beacon of lightsnaptjaw is a glorious beacon of lightsnaptjaw is a glorious beacon of lightsnaptjaw is a glorious beacon of lightsnaptjaw is a glorious beacon of lightsnaptjaw is a glorious beacon of lightsnaptjaw is a glorious beacon of lightsnaptjaw is a glorious beacon of lightsnaptjaw is a glorious beacon of lightsnaptjaw is a glorious beacon of light
 
Posts: 1,914
Join Date: Nov 2012
Location: Bon Temps, Louisiana
Send a message via Yahoo to snaptjaw
05-05-2015, 09:21 PM

sudu uba meka damme wesak pahuwelane wesak ekata kalinui danna thibbe,rep+
Reply With Quote
(#9)
Old
Jolly_Roger's Avatar
Jolly_Roger Jolly_Roger is offline
Senior Member
Jolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to all
 
Posts: 11,066
Join Date: May 2009
Location: Colombo XOR Matara
05-05-2015, 09:29 PM

ela
Reply With Quote
(#10)
Old
roshan1's Avatar
roshan1 roshan1 is offline
Senior Member
roshan1 has a spectacular aura aboutroshan1 has a spectacular aura aboutroshan1 has a spectacular aura about
 
Posts: 782
Join Date: Mar 2007
05-05-2015, 09:39 PM

bump
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06630 seconds with 11 queries