ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ☢ ☢ Clash Of Clan - මුල සිට සරලව ☢ ☢
Reply
 
Thread Tools
(#1)
Old
Bad Cop's Avatar
Bad Cop Bad Cop is offline
Senior Member
Bad Cop is a name known to allBad Cop is a name known to allBad Cop is a name known to allBad Cop is a name known to allBad Cop is a name known to allBad Cop is a name known to allBad Cop is a name known to allBad Cop is a name known to allBad Cop is a name known to allBad Cop is a name known to allBad Cop is a name known to all
 
Posts: 7,135
Join Date: Jun 2014
Location: ගම්පහ
Up ☢ ☢ Clash Of Clan - මුල සිට සරලව ☢ ☢ - 01-17-2016, 09:11 AM



Clash of Clan නැත්තම් CoC මේ දවස්වල ඉතාමත් ජනප්‍රිය ජංගම දුරකථන ක්‍රීඩාවක් ලෙස හදුන්වන්න පුලුවන්.ඉතින් මේ සූදානම් වෙන්නේ මේ ක්‍රීඩාවේ අතීතය පොඩ්ඩක් හාරා අවුස්සන්න වගේම අලුතෙන් පටන් ගන්න අයට පුංචි අත්වැලක් අරගෙන එන්න.


Strategy Video Game එකක් වෙන මේ Game එකේ අයිතිකාරයෝ වෙන්නේ ‍ෆින්ලන්තේ තියෙන Supercell Video Game Company එක.මුලින්ම මෙයලා Game එක නිකුත් කරන්නේ 2012 අගෝස්තු 2 IOS දුරකතන වලට විතරයි.පස්සේ මෙයාලා 2013 ඔක්තොම්බර් 7 Android දුරකතන වලට මේ Game එක නිකුත් කරනවා.

මේ Game එකට අමතරව මෙයලාගේ තවත් ප්‍රසිද්ධ Game දෙකක් තියෙනවා. ඒ Hay Day සහ Boom Beach (මමත් ඉස්සෙල්ලම Paly කලේ Hay Day)
Game Play
Clash of Clan අර්ථ දක්වනවා නම් සිංහලෙන්ම කියන්න පුලුවන් ඔන්ලයින් මල්ටිප්ලේයර් ගේම් එකක් කියලා.සෙට් වෙලා යුද්ද කරන්න, හමුදාව පුහුණු කරන්න, Gold , Elixir මංකොල්ල කන්න. කුසලාන දිනන්න.වැඩ ගොඩයි.හරි එහෙනම් අපි මුල ඉදලා වැඩේ පටන් ගමු.ඉස්සෙල්ලාම Buildings, Gold,Elixir, Gems, Troops, Clan Wars ගැන පිළිවෙලට දැන ගනිමු.
Buildings
Town Hall



මේක තමයි ඔයාලගේ ගමේ වටිනාම වස්තුව, නැත්තම් ගේම් එකේ හදවත
උඩ රූපෙන් දාලා තියෙන්නේ Town Hall (අපි කියන්නේ TH කියලා, ඒ නිසා ඉස්සරහට ඒකට පුරුදු වෙන්න) එක Upgrade කරන්න පුලුවන් Levels ගාන.TH එක Up කරනකොට අලුතෙන් Defenses, Buildings, Traps ඇතුලු තවත් බොහෝ දෑ Unlock වෙනවා.ඒවගේම ඔයාලා වැඩියෙන්ම ආරක්ෂා කරගන්නත් ඕනේ මේක.මොකද මේක විනාශ උනොත් ඔයාලා පරාදයි.ඒ වගේම මතක් කරන්න ඕනේ TH Up කරන්න Gold විශාල ප්‍රමාණයැන් වැය වෙනවා.ඒ වගේම ගත වෙන කාලයත් වැඩි
Clan Castle

මේකෙන් කරන්නේ ඔයාලගේ Clan එකේ ඉන්න අය දෙන Troops, Spells (War වලට යනකොට හරි ඔයාලගේ Base එක Attack වලින් Defense කරගන්න ඕනේ උනාම අපි අපේ Clan එකේ ඉන්න අයගෙන් ඉල්ලගන්නවා) සහ ඔයාලා Clan War එකක් දින්නාම හම්බවෙන Bonus Loots තියාගන්න එක.මේකත් TH වගේ Levels Up කරගන්න ඕන.එතකොට තමයි මේකේ Capacity එක වැඩිවෙලා අපිට වැඩියෙන් Troops තියාගන්න පුලුවන්.Clan War වලට යනවා නම් අනිවා මේක Up කරගන්න.ඒවාගෙම හැම වෙලේම මේ බිල්ඩින් එක TH එක ලගින් තියාගන්න. (හැබැයි Clan War Base එකේදී War එකේ හැටියට අපි මේක තියන තැන වෙනස් කරනවා)
Builder's Hut

මෙයා නැත්තම් අපිට මුකුත් කරන්න වෙන්නේ නෑ.මෙයා තමා හැම බිල්ඩින් එකක්ම හදන්නේ සහ Upgrade කරන්නේ.හැබැයි මෙයාව ගන්න එක ලේසී නෑ. මෙයාව ගන්න ඕන වෙන්නේ Gems (Gems ගැන අපි ඉස්සරහට කතා කරනවා හොදේ)
මුල්ම Builder Free දෙනවා
Second Builder's Hut costs 250 Gems
Third Builder's Hut costs 500 Gems
Fourth Builder's Hut costs 1,000 Gems
Fifth Builder's Hut costs 2,000 Gems

Gold Mine & Gold Storage



Gold Mine වලින් තමා අපි රත්තරන් හොයා ගන්නේ.ඒකේ Level Up කරන්කොට තප්පරේට නිපදවන රත්තරන් ගාන ඉහල යනවා. Gold Storage වල තමා අපි හොයන රත්තරන් ගබඩාවෙන්නේ.ඒකේ Level Up කරනකොට රත්තරන් තැන්පත් කරන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙනවා.

Elixir Collector and Elixir Storage




Elixir Collector වලින් තමා අපි Elixir හොයා ගන්නේ.ඒකේ Level Up කරන්කොට තප්පරේට නිපදවන Elixir ගාන ඉහල යනවා. Elixir Storage වල තමා අපි හොයන Elixir ගබඩාවෙන්නේ.ඒකේ Level Up කරනකොට Elixir තැන්පත් කරන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙනවා.Elixir අපිට ඕන වෙන්නේ Troops (හමුදාව) හදන්නයි Troops Upgrade කරන්න සහ සමහර Buildings Up කරන්න
Dark Elixir Drill and Dark Elixir Storage

Dark Elixir Drill වලින් තමා අපි Dark Elixir හොයා ගන්නේ.ඒකේ Level Up කරන්කොට තප්පරේට නිපදවන Dark Elixir ගාන ඉහල යනවා. Dark Elixir Storage වල තමා අපි හොයන Dark Elixir ගබඩාවෙන්නේ.ඒකේ Level Up කරනකොට Dark Elixir තැන්පත් කරන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙනවා.Dark Elixir අපිට ඕන වෙන්නේ Heros (මෙයාලා ගැන පස්සේ කියනවා හොදේ) හදන්නයි Troops Upgrade කරන්න
[CENTER]Army Buildings


මෙතනදී නම් මේ ඔක්කොම ගැන කියන්නේ නෑ.කියන්න තිබ්බ නම් හොදයි(ඔලුව රිදෙනවා ඕයි මේක කොටලා)ඕනම දෙක තුනක් ගැන කියන්නම්.Army Camp අනිවාර්යෙන්ම අප් කරගන්න එකෙන් තමා ඔයාලගේ ආමි එකේ ප්‍රමාණය වැඩි කරගන්න පුලුවන්. Barracks වලින් තමා ඔයාලගේ Troops හදන්නේ.ඒකත් අනිවා අප් කරගන්න.අප් වෙනකොට තමා අලුත් අලුත් Troops හැදෙන්නේ.Laboratory එකෙන් තමා ඔයාලගේ Troops වල Levels Up කරන්නේ.මේකත් අනිවා අප් කරගන්න.Spell Factory වලින් තමා එක එක Spell හදන්නේ. Lighting Spell එහෙම.අනිත්වා Try කරලා බලන්න මොකද වෙන්නේ කියලා.ඉස්සරහට ගහගෙන යනකොට තේරෙයි


Defensive Buildings


ඔන්න දැන් නම් වැදගත් කෑල්ලකට ඇවිල්ලා.මෙතනත් එකින් එකට විස්තර කරන්න යන්නේ නෑ මොකක්ද කියලා, නම බැලුවාම තේරෙනවා නේ මොකක්ද කියලා.මේක ටිකක් වැදගත් ඒ නිසා හොදින් අහගන්න.ඔයාලගේ Base එකට නැත්තම් Village එකට Attack එකක් එනකොට ඔයාලගේ Army Camp එකේ ඉන්න Troops ඔයාගේ Base එක Defend කරන්නේ නෑ ඒක හොදට මතක තියාගන්න. මෙතන තියෙන Cannon, Archer Tower, Mortar, Air Defense, Wizard Tower සහ ඔයාගේ Clan Castle (අපි කියන්නේ cc) එකේ ඉන්න Troops තමා ඔයගේ Base එක Defend කරන්නේ.ඒ නිසා මේ හැම Defensive Building එකක්ම Up කරන එක හරිම වැදගත්. ඒ වගේම මේවා හරි ස්ථාන වල පිහි‍ටුවන්න ඕනේ.නැත්තම් කිසිම වැඩක් නැතුව යනවා. යුද්දෙ දෙස යුද ඇසින් බලන්න ඕනේ.කපටි වෙන්න.සතුරාව තම උගුල වෙත ඇද ගන්න පුලුවන් වෙන්න ඕනේ.


Gems


සල්ලි තිබ්බා නම් මැණික් ගන්න තිබ්බා වගේ සීන් එකක් මේක.Gems අපිට හොයා ගන්න පුලුවන්.ඔයාලගේ Base එකේ තියෙන ගස් ගල් අයින් කරාම තව Gem Box වලින් සහ ඔයාල Achievements Complete කරාම Free Gems හම්බ වෙනවා.මොකටද මේ Gems ඕන වෙන්නෙ.Gold,Elixir,Dark Elixir ජෙම්ස් දීලා ගන්න පුලුවන්.තව ඔයාලගේ Construction හරි Upgrades හරි ටක් ගාල කරගන්න පුලුවන් ජෙම්ස් වලින්.මම නම් කියන්නේ ඔයාලා ජෙම්ස් එකතු කරගන්න ඕන Builders ගන්න. නැත්තම් ඔයාලට සල්ලි දීලා තමා ජෙම්ස් ගන්න වෙන්නේ.(සල්ලි දීලා ගහන උනුත් ඉන්නවා ඕයි)මොකද Free Gems හොයන එක හරි අමාරු වැඩක්

Last edited by Bad Cop; 01-17-2016 at 12:59 PM.
Reply With Quote
(#2)
Old
Bad Cop's Avatar
Bad Cop Bad Cop is offline
Senior Member
Bad Cop is a name known to allBad Cop is a name known to allBad Cop is a name known to allBad Cop is a name known to allBad Cop is a name known to allBad Cop is a name known to allBad Cop is a name known to allBad Cop is a name known to allBad Cop is a name known to allBad Cop is a name known to allBad Cop is a name known to all
 
Posts: 7,135
Join Date: Jun 2014
Location: ගම්පහ
01-17-2016, 09:11 AM



Tire 1 Troops

පලමු අදියරේ සෙබලූ විදිහට මෙයාල සලකන්න පුලුවන්. මෙයාලා හදන්න ලේසි(අපි කියන්නේ කුක් කරනවා කියලා) ගානත් අඩුයි.තනි තනි වශයෙන් මෙයලා ශක්තිමත් නැහැ. කරන්න පුලුවන් හානිය අවමයි.හැබැයි මෙයාලා රංචු වශයෙන් හරි ශක්තිමත්.මෙයාලගේත් Levels තියෙනවා ඒවා Up කරගන්න Laboratory එකෙන්.මෙයලාව තනි ප්‍රහාරයකින් මරණයට පත් වෙනවා.ඒ නිසා රංචු වශයෙන් යවන එක තමා හොද.
Tire 2 Troops

දෙවන අදියරේ සෙබලූ විදිහට මෙයාල සලකන්න පුලුවන්. මෙයාලා හදන්න ටික වෙලාවක් යනවා. ගාන නම් පොඩ්ඩක් විතර වැඩි. මෙයාලා තනි තනිවත් රංචු වශයෙනුත් ශක්තිමත්.(Wall Bakers හැර) Giants අටෑක් එකට දානවානම් රංචු වශයෙන් දාන එක සර්ථකයි. Wall Bakers මෙයාලා යොදාගන්නේ Wall කඩන්න.මෙයාල ඉක්මණට මැරෙනවා.ඒ නිසා පරිස්සමෙන් War එකට දාන්න ඕනේ. Baloons වලින් ඔයාටල අහසින් ගිහින් බොම්බ දාන්න අවස්ථාව හම්බ වෙනවා. මායාකාරයා නම් Level Up කරගත්තේ නැත්තම් වැඩක් ගන්න ආමරුයි.මොකද එයාල Level 2 Archer ප්‍රාහර වලින් උනත් මැරෙනවා. මතක තියාගන්න හැම කෙනෙක්ම් අප් කරන එක හරිම වැදගත්
Tire 3 Troops

තුන්වන අදියරේ සෙබලූ විදිහට මෙයාල සලකන්න පුලුවන්. මෙයාලා හදන්න නම් ලොකු ගානක් වගේම ලොකු වෙලාවක් යනවා.මෙයාලා ගොඩක් ශක්තිමත්.Healer නැත්තම් සුවකරන්නා.මෙයා අපේ සෙබලුන්ට වදින ප්‍රාහර වලින් ආරක්ශා කරනවා.හැබැයි මෙයාව දානවා නම් සතුරු බේස් එකේ Air Defense ගැන සැලකිලිමත් වෙන්න වෙනවා.මකරු ගොඩක් බලවත්. මකරු විතරක් උනත් දාලා War දින්නන් පුලුවන් අවස්තා තියෙනවා. අන්තිම චරිතේ පෙකා (මම ආසම එක්කෙන්ක්).ගොඩක් ශක්තිමත් සහ කරන්න පුලුවන් විනාශය ඉහලයි. මෙයාලගේ දුර්වලතාවය තමා විදුලිය.
Dark Elixir Troops


මේ තමයි Dark Elixir සැබෑ බලය.මෙයලා හදන්න හරිම අමාරුයි.මොකද Dark Elixir හොයගන්න ලේසි නෑ .ඒ වගේම හරිම ගනන් .හදන්න පුලුවන් Dark Barracks වල විතරයි.මම නම් ආසම චරිතේ Hog Rider. Lava Hound ගේ කතාව අහලා නැත්තම් යූ ටියුබ් එකේ බලන්න
Heroes

මෙයාලා තමා ගේම් එකේ ඉන්න බලවත්ම අය. වීරයන්. මෙයාලා අමරණීයයි.එක පාරයි හදන්න ඕනේ.එයලා මැරෙන්නෙ නැතු උනාට පරාජය කරන්න පුලුවන්. එයාලට නැවත් බලය දීලා අහපවු යතාතත්වයට ගන්න පුලුවන්
Spells and Dark Spells


Spells හදන්න පුලුවන් Spell Factory එකේ. ඉතාම මිල අදිකයි.ඒ උනාට ගන්න පුලුවන් වැඩ උපරිමයි. Town Hall එකක් උනත් විනාස කරන්න තරම් මේ Spells ප්‍රබලයි.Game එක Play කරනකොට Use කරලා බලන්න
ඔන්න ඉතින් දැන් COC ගැන දළ අදහසක් ඇති කියලා හිතනවා.එහෙනම් ඩවුන්ලොඩ් කරගෙන ඉස්සෙල්ලම දෙන Tutorial එක Play කරලා ලෑස්ති වෙලා ඉන්න.ඊලග ත්‍රේඩ් එකෙන් අපි කතා කරනවා. Clan Wars කියන්නේ මොකක්ද?කොහොමද War එකක් දිනන්නේ කියලා සහ War Base Layout වගේම Loot Attack කියනේ මොනාද කියලා. ඒ වගේම මතක් කරනවා Clan Wars ගහන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය Multiplayer ගහන්න එපා Single Player ගහලා Loot හොයාගන්න

හෙන කට්ට්ක් කාලා යකූ ලිව්වේ.බොලාගේ ප්‍රතිචාර අනුව තමා ඊළග එක දාන්නේ.දැනටමත් Game එක Play කරන කට්ටියට අපි ආරාධනා කරනවා SL DragonZ 2 අපේ Training Clan එකට එකතු වෙන්න කියලා.හැබැයි Active අය විතරයි ගන්නේ.War ගහන්න කැමති නම් ඇවිත් සෙට් වෙයල්ලා.ඒකේ හොදට War ගහන අය අපි යවනවා අපේ Main War Clan එකට(හැබැයි TH Level 7ට වැඩි වෙන්න ඕනේ.(අපේ අපේ කිව්වට මේ Clan දෙකේම Leader එලකිරි එකේ [email protected])


Last edited by Bad Cop; 01-17-2016 at 02:31 PM.
Reply With Quote
(#3)
Old
twisted's Avatar
twisted twisted is offline
Senior Member
twisted is a glorious beacon of lighttwisted is a glorious beacon of lighttwisted is a glorious beacon of lighttwisted is a glorious beacon of lighttwisted is a glorious beacon of lighttwisted is a glorious beacon of lighttwisted is a glorious beacon of lighttwisted is a glorious beacon of lighttwisted is a glorious beacon of lighttwisted is a glorious beacon of lighttwisted is a glorious beacon of light
 
Posts: 34,397
Join Date: Feb 2008
Location: upon purple clouds
01-17-2016, 09:12 AM

subscribed for educational purposes
Reply With Quote
(#4)
Old
thaweesha's Avatar
thaweesha thaweesha is offline
Senior Member
thaweesha is a glorious beacon of lightthaweesha is a glorious beacon of lightthaweesha is a glorious beacon of lightthaweesha is a glorious beacon of lightthaweesha is a glorious beacon of lightthaweesha is a glorious beacon of lightthaweesha is a glorious beacon of lightthaweesha is a glorious beacon of lightthaweesha is a glorious beacon of lightthaweesha is a glorious beacon of lightthaweesha is a glorious beacon of light
 
Posts: 4,281
Join Date: Dec 2010
01-17-2016, 09:14 AM

Reserved
Reply With Quote
(#5)
Old
Dennied's Avatar
Dennied Dennied is offline
Senior Member
Dennied is a name known to allDennied is a name known to allDennied is a name known to allDennied is a name known to allDennied is a name known to allDennied is a name known to allDennied is a name known to allDennied is a name known to allDennied is a name known to allDennied is a name known to allDennied is a name known to all
 
Posts: 5,133
Join Date: Nov 2014
Location: සිරි ලංකාව
01-17-2016, 09:14 AM

Reply With Quote
(#6)
Old
hashan.perera@y's Avatar
[email protected] hashan.perera@y is offline
Senior Member
hashan.perera@y is just really nicehashan.perera@y is just really nicehashan.perera@y is just really nicehashan.perera@y is just really nicehashan.perera@y is just really nicehashan.perera@y is just really nicehashan.perera@y is just really nicehashan.perera@y is just really nice
 
Posts: 721
Join Date: Oct 2006
Location: Gampaha
01-17-2016, 09:20 AM

clan eke ida thiyeida?
Reply With Quote
(#7)
Old
cybernalin's Avatar
cybernalin cybernalin is offline
Senior Member
cybernalin is just really nicecybernalin is just really nicecybernalin is just really nicecybernalin is just really nicecybernalin is just really nicecybernalin is just really nicecybernalin is just really nicecybernalin is just really nicecybernalin is just really nice
 
Posts: 3,902
Join Date: Nov 2009
01-17-2016, 09:24 AM

layout tikakuth share karanna
Reply With Quote
(#8)
Old
PB_rat's Avatar
PB_rat PB_rat is offline
Senior Member
PB_rat is a jewel in the roughPB_rat is a jewel in the roughPB_rat is a jewel in the roughPB_rat is a jewel in the roughPB_rat is a jewel in the roughPB_rat is a jewel in the rough
 
Posts: 596
Join Date: Oct 2015
Location: මහ පොළොවේ....
01-17-2016, 09:25 AM

ithuru tikath danna..
Reply With Quote
(#9)
Old
kellsupun's Avatar
kellsupun kellsupun is offline
Senior Member
kellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant future
 
Posts: 71,984
Join Date: Feb 2010
Location: Disce aut Discede
01-17-2016, 09:28 AM

Reply With Quote
(#10)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is offline
Senior Member
LazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant future
 
Posts: 52,046
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
Send a message via ICQ to LazyLizard
01-17-2016, 09:32 AM

එල
Reply With Quote
Reply

Bookmarks

Tags
එළකිරි, ටොයින්.ටොයින්., දිමියා ආවා, පොන්න ගේම්, මහ කාලකණ්ණි, 1111, 2222, :d xd :p, [email protected], clash of clan, coc, evo evo evo, evo th7, excellent, inte9xt was here, king dini awa kiyahanko, king was here, mr krrish was here, peter is here, pure sl, robin was here, sl dragonz

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03077 seconds with 9 queries