ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Cooking > Recipes and Showcase
Reload this Page වැව් මාළු බයිට් එක
Reply
 
Thread Tools
(#1)
Old
shanerandi's Avatar
shanerandi shanerandi is offline
Senior Member
shanerandi is a glorious beacon of lightshanerandi is a glorious beacon of lightshanerandi is a glorious beacon of lightshanerandi is a glorious beacon of lightshanerandi is a glorious beacon of lightshanerandi is a glorious beacon of lightshanerandi is a glorious beacon of lightshanerandi is a glorious beacon of lightshanerandi is a glorious beacon of lightshanerandi is a glorious beacon of lightshanerandi is a glorious beacon of light
 
Posts: 2,503
Join Date: Nov 2006
Location: Kadawatha
Send a message via Yahoo to shanerandi
වැව් මාළු බයිට් එක - 09-19-2016, 12:14 PM

මේකෙ ඉන්න එකාලගෙ වැඩේ එක එක කෑම ජාති හදලා දාලා අපිව කුලප්පු කරන එක. ඒ නිසා අපිත් ඒවට ඇබ්බැහි වෙනවා. එහෙම වුණ වෙලාවක හදපු කෑමක් තමයි මේ...

අවශ්‍ය ද්‍රව්‍ය
- හොඳින් වැඩුණු වැව් මාළු 2 (500g)
- දෙහි ගෙඩි 4
- සුදු ළූණු බික් 8
- රතු ළූණු ගෙඩි 8
- අමු මිරිස් කරල් 6
- කරපිංචා කොළ 10
- කහ කුඩු තේ හැදි 1 1/2
- ගම්මිරිස් කුඩු තේ හැදි 1 1/2
- මිරිස් කුඩු තේ හැඳි 2
- නොබැදපු තුනපහ තේ හැඳි 2
- ලුණු ස්වල්පයක්


මුලින්ම මාළු දෙන්නා හොඳින් සුද්ද කරගන්න ඕනි, කරමල් ඉවත් කරලා බඩ සුද්ද කරලා කොරපොතු ඉවත් කරගෙන තිරස් කැපුම් කිහිපයක් යොදා හොඳින් සෝදා ගන්න.

[IMG][/IMG]

ඊට පස්සෙ මාළු දෙන්නා භාජනයකට දාලා දෙහි ගෙඩියක් මිරිකලා දාන්න ඕනි. මම නම් පාවිච්චි කළේ ලෙමන් ගෙඩියක්. මොකද දෙහි වලට වඩා ලෙමන් රස ටිකක් වෙනස් නිසා. එහෙම දෙහි ගා ගත් මාළු දෙන්නා පැය කාලක් පමණ සීසන් වෙන්න තියන්න.

[IMG][/IMG]

දැන් දෙහි තවරගත් මාළු දෙන්නා පිරිසිදු වතුරෙන් හොඳින් සෝද ගන්න.

[IMG][/IMG]

මේ අඩුම කුඩුම සියල්ල අරගෙන වංගෙඩිය හෝ බ්ලෙන්ඩරය ආධාරයෙන් පල්ප් එකක් හදාගන්න අවශ්‍යයි. අවශ්‍ය නම් ලුණු කුඩු ස්වල්පයකුත් එක්කර ගන්න පුළුවන්. ඒකටම දෙහි ගෙඩියකුත් මිරිකලා දාගත්තම රස වගේම මේ මිශ්‍රණය හදාගන්නත් ලේසියි

[IMG][/IMG]

[IMG][/IMG]

[IMG][/IMG]

[IMG][/IMG]

දැන් කරන්න තියෙන්නෙ මේ මිශ්‍රණය මාළු දෙන්නගෙ මුළු ඇඟ පුරාම තවරගන්න ඕනි. විශේෂයෙන්ම අර කැපුම් ඇතුළට හොඳින් ගල්වන්න ඕනි. මේ විදියට මිශ්‍රණය හොඳින් තවරගන්න අවශ්‍යයි.

[IMG][/IMG]

මේ තැවරුම ගැල්වූ පසු පැය භාගයක් මේක සීසන් වෙන්න තියන්න ඕනි. ශීතකරණයේ තිබ්බොත් වඩා හොඳයි. එහෙම නැති වුණත් ප්‍රශ්ණයක් නැහැ. පැය භාගයක් වහලා තිබ්බත් ඇති.

[IMG][/IMG]

නන්ස්ටික් පෑන් එකක් මද ගින්දරේ ලිපේ තියලා බටර් හරි එළවළු තෙල් හරි දාලා මාළුවා ඒකෙ හිමිහිට දෙපැත්ත දදා බැදගන්න ඕනි. වැදගත්ම කාරණේ නම් ඉතාමත් අඩු ගින්දරේ තමයි මේක කරගන්න ඕනි. පින්සලක් භාවිතා කරලා බටර් ටිකක් ගාලා හොඳින් මද ගින්නෙ පිසගන්න තරමට වඩා හොඳයි. ටික වෙලාවකින් රෝස පැහැයට හුරු පැහැයක් ගන්නවා.

[IMG][/IMG]

[IMG][/IMG]

වටේ තවරා ඇති මිශ්‍රණය බැදගත් තුනපහ මෙන් කළු පැහැයට හුරු පැහැයගත් පසු මාළුවා ඉන් ඉවත්කරගෙන කෙසෙල් කොළයක් මත තබන්න. එහි ඇති උණුසුමට කෙසෙල් කොළයද පදම් වී හොඳ සුවඳක් දැනෙනවා. කැමති නම් මේකට තක්කාලි පෙති, රට ළූණු පෙති රවුම් පාවිච්චි කරලා පුංචි සැරසිල්ලකුත් හදාගන්න පුළුවන්.

[IMG][/IMG]

[IMG][/IMG]

ගොඩක් වෙලාවට මේක සෙට් වෙන්නෙ බයිට් එකකට තමයි. BBQ එකක ලක්ෂණ සහිත නිසා සුදු හාල් බත් එක්ක උණුවෙන් කන්නත් නියමයි. මොකද තුනපහ සහ දෙහි එකතුව, සැර ගතිය යන සියල්ලම එකතු වුණාම ඒක නැවුම් අත්දැකීමක්. ඔයාලත් ට්‍රයි කරලා බලන්න.

Last edited by shanerandi; 09-19-2016 at 12:16 PM.
Reply With Quote
(#2)
Old
erozan's Avatar
erozan erozan is online now
Senior Member
erozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to behold
 
Posts: 44,677
Join Date: Mar 2011
Location: Malabe
09-19-2016, 12:19 PM

ela
Reply With Quote
(#3)
Old
LionKing445's Avatar
LionKing445 LionKing445 is offline
Senior Member
LionKing445 is a glorious beacon of lightLionKing445 is a glorious beacon of lightLionKing445 is a glorious beacon of lightLionKing445 is a glorious beacon of lightLionKing445 is a glorious beacon of lightLionKing445 is a glorious beacon of lightLionKing445 is a glorious beacon of lightLionKing445 is a glorious beacon of lightLionKing445 is a glorious beacon of lightLionKing445 is a glorious beacon of lightLionKing445 is a glorious beacon of light
 
Posts: 918
Join Date: Jul 2016
Location: Srilanka
Up 09-19-2016, 12:24 PM

Bump
Reply With Quote
(#4)
Old
rm1980's Avatar
rm1980 rm1980 is offline
Senior Member
rm1980 is a name known to allrm1980 is a name known to allrm1980 is a name known to allrm1980 is a name known to allrm1980 is a name known to allrm1980 is a name known to allrm1980 is a name known to allrm1980 is a name known to allrm1980 is a name known to allrm1980 is a name known to allrm1980 is a name known to all
 
Posts: 8,965
Join Date: Aug 2012
09-19-2016, 12:26 PM

කටට කෙල ඉනුවා බන්
Reply With Quote
(#5)
Old
sika2's Avatar
sika2 sika2 is offline
Senior Member
sika2 is a glorious beacon of lightsika2 is a glorious beacon of lightsika2 is a glorious beacon of lightsika2 is a glorious beacon of lightsika2 is a glorious beacon of lightsika2 is a glorious beacon of lightsika2 is a glorious beacon of lightsika2 is a glorious beacon of lightsika2 is a glorious beacon of lightsika2 is a glorious beacon of lightsika2 is a glorious beacon of light
 
Posts: 2,963
Join Date: Nov 2013
09-19-2016, 12:28 PM

ela
Reply With Quote
(#6)
Old
Shaiman Shaiman is offline
Senior Member
Shaiman is a glorious beacon of lightShaiman is a glorious beacon of lightShaiman is a glorious beacon of lightShaiman is a glorious beacon of lightShaiman is a glorious beacon of lightShaiman is a glorious beacon of lightShaiman is a glorious beacon of lightShaiman is a glorious beacon of lightShaiman is a glorious beacon of lightShaiman is a glorious beacon of lightShaiman is a glorious beacon of light
 
Posts: 2,409
Join Date: Apr 2014
09-19-2016, 12:29 PM

bump
Reply With Quote
(#7)
Old
pathumdc's Avatar
pathumdc pathumdc is offline
Senior Member
pathumdc is a name known to allpathumdc is a name known to allpathumdc is a name known to allpathumdc is a name known to allpathumdc is a name known to allpathumdc is a name known to allpathumdc is a name known to allpathumdc is a name known to allpathumdc is a name known to allpathumdc is a name known to allpathumdc is a name known to all
 
Posts: 21,919
Join Date: Apr 2008
09-19-2016, 12:36 PM

bump+++
Reply With Quote
(#8)
Old
dwpsg's Avatar
dwpsg dwpsg is offline
Senior Member
dwpsg has a brilliant futuredwpsg has a brilliant futuredwpsg has a brilliant futuredwpsg has a brilliant futuredwpsg has a brilliant futuredwpsg has a brilliant futuredwpsg has a brilliant futuredwpsg has a brilliant futuredwpsg has a brilliant futuredwpsg has a brilliant futuredwpsg has a brilliant future
 
Posts: 8,789
Join Date: Nov 2011
Location: Iɳ ɱყ ԃɾҽαɱ
09-19-2016, 12:42 PM

උබත් ඉතින් අපිව කුලප්පු කරන එක තමා කරන්නේ
කොහොම උනත් මාරු බයිට් එක

rep+
Reply With Quote
(#9)
Old
Palihawadana1990's Avatar
Palihawadana1990 Palihawadana1990 is offline
Senior Member
Palihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of light
 
Posts: 2,150
Join Date: Oct 2011
Location: කොට්ටාව ඒරීයා එක
Send a message via Yahoo to Palihawadana1990 Send a message via Skype™ to Palihawadana1990
09-19-2016, 12:44 PM

BUMP
Reply With Quote
(#10)
Old
HKavinda's Avatar
HKavinda HKavinda is online now
Senior Member
HKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond repute
 
Posts: 44,603
Join Date: Dec 2013
Location: 🅸🅽🆃🅴🆁🅽🅴🆃
09-19-2016, 12:45 PM


යම්... යම්...
REP+++
Reply With Quote
Reply

Bookmarks

Tags
blackp, brucewayne=kavindra ushan, ek_lib

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02935 seconds with 9 queries