ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Business & Marketing > Offline Business
Reload this Page කොටස් වෙළෙඳපොළේ මුදල් ආයෝජනය කරමු
Reply
 
Thread Tools
(#1)
Old
king85's Avatar
king85 king85 is offline
Member
king85 will become famous soon enoughking85 will become famous soon enough
 
Posts: 84
Join Date: Sep 2017
කොටස්-වෙළෙඳපොළේ මුදල් ආයෝජනය කරමු - 10-06-2017, 05:02 PM

කොටස් වෙළෙඳපොළේ මුදල් ආයෝජනය කරමු

8 ජූලි, 2017 | සිළුමිණ

Oxford college of business school හි ව්‍යාපාර හා ගිණුම්කරණය පිළිබඳ ඉංග්‍රීසි මාධ්‍ය ප්‍රවීන දේශක සුගත් ලියනගේ



වර්තමානයේ කොටස් වෙළෙඳපොළ පිළිබඳව බොහෝ දෙනා අතර කතාබහට ලක්වූවත් ඇතැම් අයට කොටස් වෙළඳපොළ යනු කුමක් ද යන්න පිළිබඳව හරිහැටි අවබෝධයක් නොමැත. මෙම ලිපි මාලාවෙන් අප බලාපොරොත්තු වන්නේ කොටස් වෙළඳපොළ යනු කුමක්ද සහ එහි මුදල් ආයෝජනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව සරල අවබෝධයක් ලබා දීමය.
ඇතැම්හු මේ මුදල් ආයෝජනය කිරීම සඳහා විකල්ප ආයෝජන මාර්ග සොයමින් ලතැවෙති. ඇතැම්විට ඵලදායි නොවන ආයෝජන මාර්ගවල මුදල් ආයෝජනය කිරීම තුළින් තමා ඉතාමත් දුක් මහන්සියෙන් උපයාගත් ධනය සියල්ල නැති කරගත් අයද අද සමාජය තුළ ඕනෑතරම් අසන්නට ඇත. කොටස් වෙළඳපොළෙහි මුදල් ආයෝජනය කරනු ලබන ආකාරය හා ඒ පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිකම නිසා කොටස්‍ වෙළඳපොළෙහි මුදල් ආයෝජනය කෙරෙහි බො‍හෝ අය එතරම් උනන්දුවක් නොදක්වති. ඇතැම්විට කොටස් වෙළඳපොළ පිළිබඳ ලියැවුණු පොත්පත් ඉතාමත් සීමිත වන අතර බොහෝවිට එම පොත්පත් සාමාන්‍ය ජනතාවට තේරුම්ගත හැකිවන ආකාරයෙන් ලියා නොතිබීමත් හේතුවෙන් සුළු පරිමාණ ආයෝජකයින්ට කොටස් වෙළඳපොළ පිළිබඳව අව‍බෝධයක් ලබා ගැනීමට අවස්ථාව නොලැබේ.

කොටස් වෙළඳපොළ

ඔබට එදිනෙදා අවශ්‍ය එළවළු පලතුරු ආදිය මිලට ගැනීමට ඔබ යන්නේ සතිපොළට හෝ සූපර් මාර්කට් එකකට වීමට පිළිවන. එහිදී ඔබට අවශ්‍ය භාණ්ඩ ඔබ විසින් ‍තෝරාගෙන ඒවා මිලට ගෙන ඔබගේ අවශ්‍යතා ඉටුකර ගනී. එයද වෙළඳපොළකි. එනම් ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් හමුවන ඕනෑම ස්ථානයක් “වෙළඳපොළ” ලෙස හඳුන්වයි. අප මෙහිදී අවධානය යොමු කරන්නේ ඔබ එදිනෙදා මිලට ගනු ලබන භාණ්ඩ අලෙවිකරණ වෙළඳපොළ ගැන නොවේ. ඔබ ලබන ආදායමෙන් කිසියම් හෝ අතිරික්ත මුදලක් පවතී නම් එම අතිරික්ත මුදල අයෝජනයට හැකි ස්ථානයකි කොටස් වෙළෙඳපොළ. මෙහිදී ඔබ කොටස් ගැනුම්කරු වන අතර කොටස් අලෙවි කරනු ලබන සමාගම කොටස් විකුණුම්කරු ලෙස හැඳින්වේ.
කොටස් වෙළෙඳපොළ මඟින් සිදුකරනු ලබන්නේ සමාගම්වලට අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීමට සාමාන්‍ය ජනතාවට ආරාධනා කිරීමයි. එවිට අතිරික්ත මුදල් ඇති ආයෝජකයින්ට එම සමාගම්වල කොටස් මිලට ගැනීමෙන් එයට දායක විය හැකි ය. එවිට එම ආයෝජකයන් සමාගමේ අයිතිකරුවන් බවට පත්වේ. කිසියම් කාල පරිච්ඡේදයකට වරක් සමාගම ලාභ ගණනය කිරීමෙන් පසු කොටස් මිලදී ගත් කොටස්කරුවන්ට සාධාරණ ලාභ ප්‍රතිශතයක් බෙදා දේ. මෙය කොටස් මිලදී ගත් අයට හිමිවන ප්‍රතිලාභයයි. එය ලාභාංශ ලෙස හැඳින්වේ.
කිසි විටක කොටස් වෙළෙඳපොළේ කොටස් අලෙවි කිරීමට තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර හෝ සමාගම්වලට හැකියාවක් නොමැත. තනි ව්‍යාපාරයක් පවත්වාගෙන යන අයකුට අවශ්‍ය අරමුදල් තමාගේ ඉතුරුම් හෝ බැංකු ණය ආදිය ලබාගෙන සම්පාදනය කරගත හැකි ය. හවුල් ව්‍යාපාරයක නම් බොහෝ විට හවුල්කරුවන් එකතු වී සිය අරමුදල් සම්පාදනය කරගනී. පුද්ගලික සමාගමකට කොටස් නිකුත් කර ප්‍රාග්ධනය (අරමුදල්) රැස්කර ගත හැකි වුවත් වෙළෙඳපොළ තුළ කොටස් අලෙවි කිරීමට ඔවුන්ට අවසර ලබා නොදේ. එයට හේතුව වන්නේ පුද්ගලික සමාගමක උපරිම කොටස්කරුවන් 50 කට සීමාවන බැවිනි. පුද්ගලික සමාගම්වලට කොටස් වෙළෙපොළ තුළ ප්‍රසිද්ධියේ කොටස් අලෙවිය සිදු කළහොත් උපරිම කොටස්කරුවන් සංඛ්‍යාව 50 කට වඩා වැඩිවීමට ඉඩ ඇත. එම නිසා සමාගම් පනත මඟින් පුද්ගලික සමාගම් වලට කොටස් වෙළෙඳපොළ තුළ කොටස් අලෙවිය අවසර ලබානොදේ.
කොටස් වෙළෙඳපොළ තුළ කොටස් අලෙවි කිරීමට නම් සමාගම පොදු සමාගමක් ලෙස ලියාපදිංචි කළ යුතු ය. පොදු සමාගම්වල විශේෂ ලක්ෂණය වන්නේ උපරිම කොටස්කරුවන්ගේ සීමාවක් නොමැති වීමයි. එම නිසා පොදු සමාගම්වලට කොටස් වෙළෙඳපොළේ කොටස් අලෙවි කිරීමට හැකියාවක් ඇත. ඒ සඳහා පොදු සමාගම කොටස් වෙළෙඳ පොළේ ලියාපදිංචි විය යුතු ය. කොටස් වෙළෙඳපොළ තුළ කොටස් නිකුත් කිරීමට නම් එසේ කිරීමට අපේක්ෂා කරනු ලබන සමාගම කොටස් වෙළෙඳපොළ තුළ ලියාපදිංචි වී ලැයිස්තුගත සමාගමක් බවට පත්විය යුතු ය.
එනම් කොටස් වෙළෙඳපොළ යනු ලැයිස්තුගත සමාගම්වලට අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීමටත් අතිරික්ත මුදල් ඇති ආයෝජකයින්ට ආයෝජන අවස්ථාවක් ලබාදීමටත් ඉඩ සලසනු ලබන යම් ස්ථානයකි. සාමාන්‍යයෙන් කොටස් ගනුදෙනු කරන ස්ථානයක් වශයෙන් කොටස් වෙළෙඳපොළ හඳුන්වා දුන්නත් මේ ගනුදෙනු පරිගණකය හා අන්තර්ජාලය හරහා ඉලෙක්ට්‍රොනිකව ද සිදු කළ හැකි ය.

කොළඹ කොටස් වෙළෙඳපොළ

ශ්‍රී ලංකාවේ සමාගම්වල හා කොටස් හා සුරැකුම්පත් හුවමාරුව (මිලදී ගැනීම හා විකිණීම) සිදු කරන්නේ කොළඹ කොටස් වෙළෙඳපොළ තුළදී ය. ලෝකයේ සෑම රටකම පාහේ කොටස් වෙළෙඳ පොළ දැකිය හැකි ය. ඇතැම් රටවල කොටස් වෙළෙඳ පොළවල් කිහිපයක් ම තිබේ. උදාහරණයක් ලෙස ඉන්දියාවේ ක්‍රියාත්මක වන බොම්බේ කොටස් වෙළෙඳපොළ සහ ජාතික කොටස් වෙළෙඳපොළ පෙන්වා දිය හැකි ය. ලංකාවේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළ පිහිටා තිබෙන්නේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ බටහිර කුලුන, එචිලන් චතුරස්‍රය, කොළඹ 01 යන ලිපිනයෙහි ය. ඔබට ක්ෂණික දුරකතන ඇමතුම් කීපයක් ද ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු. 011 – 5522444, 011 – 2356456, 011 – 2446581. ෆැක්ස් 011 – 2445279 විද්‍යුත් ලිපිනය [email protected]
මෙම ප්‍රධාන කාර්යාලයට අමතරව තවත් නගර කිහිපයකම කොටස් වෙළෙඳපොළේ ශාඛා පිහිටුවා ඇත. මාතර, කුරුණෑගල, අනුරාධපුර යන ප්‍රදේශ ඒ අතර ප්‍රධාන වේ.

කොටස් වෙළෙඳපොළේ ඉතිහාසය

අපේ රටේ එකම කොටස් වෙළෙඳපොළ වන කොළඹ කොටස් වෙළෙඳපොළේ ඉතිහාසය වසර 120 ක් පමණ ඈතට දිවයයි. ශ්‍රී ලංකාවේ කොටස් ගනුදෙනු ආරම්භ වූ වර්ෂය ලෙස සැලකෙන්නේ 1896 වර්ෂය වේ.‍ ඒ වනවිට ලංකාවේ කොටස් වෙළෙඳපොළක් ආරම්භවීමට ප්‍රධාන හේතු සාධකය බවට පත්වූයේ එවකට ලංකාවේ ප්‍රධාන භෝගයක් ලෙස ප්‍රචලිත වූ තේ වගාව සඳහා අවශ්‍ය අරමුදල් සොයා ගැනීම සඳහා ය. ඒ අනුව වර්ෂ 1896 දී මුලින් ම කොටස් තැරැව්කරුවන්ගේ සංගමයේ පරිපාලනය යටතේ (Share Brokers Associations/CBA) පිහිටුවා ගන්නා ලදී.‍ ශ්‍රී ලංකාවේ වර්තමානයේ ක්‍රියාත්මක වන කොටස් වෙළෙඳ පොළ විධිමත් ලෙස පිහිටුවනු ලැබුවේ වර්ෂ 1985 දී ය. ඒ අනුව කොළඹ කො‍ටස් වෙළෙඳපොළ සමාගම් පනත යටතේ ලියාපදිංචිකර ඇති සමාගමකි. (සමාගමක් ලියාපදිංචි කරන ආකාරය පසුගිය සතියේ ලිපියෙන් සාකච්ඡා කරන ලදී.) දැනට මෙය ලාභ අරමුණු කර නොගත් ආයතනයකි. ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ පිළිබඳව අධීක්ෂණ කටයුතු කිරීමේ බලධාරියා වන්නේ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව වේ. එම කොමිෂම විසින් ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ ලෙස කටයුතු කිරීමට කොළඹ කොටස් වෙළෙඳපොළට බලය ලබාදී ඇත.

කොටස් යනු මොනවාද?

කොටස් වෙළෙඳපොළ ආයෝජනයේදී අප සිදුකරන්නේ සමාගම් කොටස්වල මුදල් ආයෝජනය කිරීමයි. සමාගමකට එහි අයිතිකරුවන් යොදා ඇති මුදල හඳුන්වන්නේ කොටස් ප්‍රාග්ධනය ලෙසයි. මේ මුළු ප්‍රාග්ධනය එක සමාන කොටස්වලට බෙදා දැක්වුවහොත් එහි එක් පංගුවක් ‘කොටසක්’ ලෙස හඳුන්වා දිය හැකි ය. ඔබ යම් කිසි සමාගමක එක් කොටසක හිමිකරුවෙක් නම් එම සමාගමේ අයිතියෙන් ඔබට හිමි ප්‍රමාණය එම කොටසින් පිළිබිඹු වේ.
කිසියම් සමාගමක කොටස් 200,000 ක් වෙළෙඳපොළට නිකුත් කර ඇති අවස්ථාවක ඔබ එයින් කොටස් 10000 ක් මිලදී ගත්තේ නම් සමාගමේ අයිතිකාරිත්වයෙන් 5% ක අයිතියක් ඔබට හිමිවේ.
ඔබ සතු කොටස් ප්‍රමාණය x 100 10000 x 100
නිකුත්කර ඇති කොටස් ප්‍රමාණය 200000

කොටස් වර්ග

සාමාන්‍යයෙන් බහුලව කතා කෙරෙන ප්‍රධාන කොටස් වර්ග 2 ක් ඇත. එනම් සමාන්‍ය කොටස් සහ වරණීය කොටස් වේ.

සාමාන්‍ය කොටස්
සමාගමක වඩාත් ජනප්‍රිය හා බහුලවම මිලට ගනු ලබන කොටස් වර්ගය මෙය වේ. මෙම කොටස් මිලදී ගනු ලබන අය සමාගමේ සැබෑ අයිතිකරුවන් බවට පත්වේ. එනම් තමා සතුව පවතින මුදල් සමාගමේ කොටස් මිලදී ගැනීමට ආයෝජනය කිරීමෙන් එම සමාගමේ අයිතිකරුවන් බවට ඔහුත් පත්වේ. සමාගමේ නියම අයිතිකරුවන් බවට සාමාන්‍ය කොටස් හිමියන් පත්වන නිසා වාර්ෂිකව සමාගම විසින් පවත්වනු ලබන ‘වාර්ෂික මහා සභා රැස්වීමට’ ද සහභාගිවීමට ‍හැකියාව ලැබේ. සමාගම විසින් ගනු ලබන තීන්දු තීරණ වලදී ද සමාගම කොටස් හිමියන්ට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් ද ඇත. සමාගම විසින් සාමාන්‍ය‍ කොටස් හිමියන්ට නිශ්චිත ලාභාංශයක් ගෙවීමට බැඳි නොසිටී. සමාගම අධික ලාභ ලබන කාලවලදී වැඩි ලාභාංශයකුත් අඩුවෙන් ලාභ ලබන කාලවලදී අඩු ලාභාංශයකුත් ලාභ නොමැති අවස්ථාවලදී ලාභාංශයක් නොලබා සිටීමට සිදුවේ. සමාගම යම් හේතුවක් නිසා වසා දැමීමට තීරණය කළහොත් අනෙකුත් බාහිර පාර්ශ්වයන්ට ගෙවීමට ඇති සියලුම වගකීම්වලින් නිදහස් වීමත් පසුව සාමාන්‍ය කොටස්කරුවන් ගේ වගකීම පියවීම සිදුකරනු ලබයි. සාමාන්‍ය කොටස් ද තවත් වර්ග දෙකකට බෙදේ.
1. ඡන්දබලය සහිත සාමාන්‍ය කොටස්
2. ඡන්ද බලය රහිත සාමාන්‍ය කොටස්
සමාගම පවත්වනු ලබන සභා රැස්වීමේදී සිය ඡන්දය භාවිතා කිරීමට හැකි කොටස් ඡන්ද බලය සහිත කොටස් ලෙසත් එම මහා සභා රැස්වීමේදී ඡන්දය භාවිතා කළ නොහැකි නමුත් අනෙකුත් සියලුම වරප්‍රසාද හිමිවන කොටස් ඡන්දබලය නොමැති කොටස් ලෙස හැඳින්වේ.


වරණීය කොටස්


මෙම කොටස් සාමාන්‍ය කොටස් ලෙස නොව නිශ්චිත ලාභාංශ ප්‍රතිශතයකට හිමිකම් ලබන කොටස් වරණීය කොටස් ලෙස හැඳින්වේ. නමුත් වරණීය කොටස් හිමියන්ට සමාගම පාඩු ලැබූවත් එකඟ වූ ලාභාංශය හිමිවේ. මෙහිදී වරණීය කොටස් හිමියන් සිදු කරනු ලබන්නේ සමාගමේ කොටස් ප්‍රාග්ධනයට දායක වෙමින් එකඟවූ ලාභාංශ ප්‍රමාණයක් ලබා ගැනීමයි. මෙහිදී සමාගමට කිසියම් ණය මුදලක් දීමක් ලෙස ද සැලකිය හැකි ය. නමුත් කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ බහුලවම කොටස් ගනුදෙනු සිදුවන්නේ සාමාන්‍ය කොටස් මඟිනි.

කොටස් බලපත්‍රය

අනාගතයේදී නිශ්චිත මිලකට සමාගම කොටස් මිලදී ගැනීමේ අයිතිය ලබාදෙමින් සමාගමක් විසින් නිකුත් කරන ලියවිල්ල කොටස් බලපත්‍රය ලෙස හැඳින්වේ. කොටස් මිලදී ගන්නා ආකාරයට මේවා මිලට ගත හැකි ය. නමුත් කොටස් බලපත්‍ර ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ එතරම් ප්‍රචලිත නොවේ. එහෙත් මේ වනවිට කොටස් බලපත්‍ර නිකුත් කර ඇත්තේ කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගත සමාගම් අතරින් ඉතා සීමිත සමාගම් ප්‍රමාණයක් පමණි.

සමාගම් කොටස් නිකුත් කරන්නෙ ඇයි?

සමාගමක් කොටස් නිකුත් කරන්නේ එම සමාගමේ ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්න හෝ සමාගම පවත්වාගෙන යාමට අවශ්‍ය අරමුදල් සම්පාදනය කරගැනීමටය. ඇත්ත වශයෙන් ම මෙය සුන්දර හා ආකර්ෂණීය ක්‍රියාවලියකි. තමා සතුවූ මුදල් විශාල ප්‍රමාණයක් නොමැති වුව ද අවදානම් දැරීමට හැකියාවක් ඇති ඕනෑම කෙනෙකුට සමාගමක් පිහිටුවා ගැනීමට හැකියාව පවතී. එහිදී කළ යුතු වන්නේ සමාගම් පනතේ සඳහන් නීතිරීතිවලට අනුකූලව කොටස් මිලදී ගැනීම සඳහා ප්‍රසිද්ධ දැන්වීමක් මඟින් මහජනතාව දැනුවත් කර මුදල් ආයෝජනයට කැමති ආයෝජකයින්ගෙන් මුදල් රැස්කර තමාගේ සමාගමේ අයිතිකරුවන් බවට ඔවුන් පත්කර ගැනීමයි. ඉන්පසු ඔහුන් සමඟද සාකච්ඡා කර නිවැරැදි තීරණ ගෙන ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම තුළින් ලාභ අරමුණ කරා ළඟා විය හැකිය. එම ලාභවලින් කොටසක් ‘ලාභාංශ’ ලෙස එම කොටස් මිලට ගත් කොටස් කරුවන්ට ද බෙදාදේ.


කොටස් වෙළඳපොළෙන් කොටස් මිලට ගන්නේ කෙ‍සේද?

මෙවර කොටස් වෙළඳපොළේ ආයෝජනය කිරීමට කැමති ආයෝජකයින්ට සිය මුදල් ආයෝජනය කරන ආකාරය පිළිබඳව දළ අවබෝධයක් ලබා දීමට අදහස් කරමු.
කොටස් මිලට ගැනීමට ඔබ අපේක්ෂා කරන්නේ නම් අය ක්‍රම දෙකක් යටතේ සිදුකළ හැකිය. එනම් ප්‍රාථමික වෙළඳපොළ (Primary market) සහ ද්විතීක වෙළඳ‍පොළ (secondary market) මඟිනි. ප්‍රාථමික කොටස් වෙළඳපොළ යනු කිසියම් සමාගමක් කොටස් නිකුත් කරන අවස්ථාවේදීම ඍජුවම කොටස් මිලට ගැනීම සිදු කරන වෙළෙඳපොළ වේ. දෙවන ක්‍රමය වන්නේ ප්‍රාථමික වෙ‍ළඳපොළෙන් කොටස් මිලට ගත් අයකුගෙන් නැවත එම කොටස් දෙවන වරට මිලට ගැනීමයි. එසේ කොටස් මිලට ගැනීම “ද්විතීක කොටස් වෙළඳපොළෙන්” කොටස් මිලට ගැනීම ලෙස හඳුන්වයි. මේ කුමන ආකාරයකට වුවද කිසියම් ආ‍යෝජකයකුට කොටස් මිලට ගත හැකිය. කුමන ආකාරයකට කොටස් මිලට ගත්තත් පළමුවෙන්ම කළයුතු කාර්ය වන්නේ කොටස් තැරැව්කාර ආයතනයක් වෙත ගොස් ලියාපදිංචි වීමයි.

* කොටස් තැරැව්කාර ආයතනයක් යනු කුමක් ද? (Broker Agencies)

කොටස් තැරැව්කාර ආයතනයක් යනු තැරැව්කාර සේවාවක් සපයමින් එම සේවාව වෙනුවෙන් කිසියම් මුදලක් උපයාගන්නා ආයතන වේ. එය සරලව හැඳින්වුවහොත් වාහන හෝ ඉඩම් අලෙවියේදි අපට හමුවන බ්‍රෝකර්ස්ලා විසින් සපයනු ලබන සේවාව ම මෙම කොටස් වෙළෙඳපොළේදී කොටස් තැරැව්කාර ආයතන විසින් ද සිදුකරනු ලබයි. ඉඩම් අලෙවියේදී අපට හමුවන ඉඩම් Broker කෙනෙක් ගැන සිතන්න. එහිදි ඉඩම් මිලට ගැනීමට අවශ්‍ය කෙනෙකු සහ ඉඩම් අලෙවිකර ගැනීමට අවශ්‍ය ඉඩම් අලෙවිකරුවකු එකිනෙකට මුණගස්වා දෙපාර්ශ්වයෙන් ම කොමිස් මුදලක් ගැනීම ඉඩම් Broker විසින් සිදුකරනු ලබයි. කොටස් වෙළඳපොළේදී ද කොටස් තැරැව්කාර ආයතන මඟින් සිදු කරනු ලබන්නේ ද මෙවැනිම කාර්යයකි.
කොටස් අලෙවිකරනු ලබන ලැයිස්තුගත සමාගම් සහ කොටස් මිලදී ගැනීමට අපේක්ෂාවෙන් සිටින කොටස් ආයෝජකයින් එකිනෙකට මුණගස්වා එම දොපර්ශ්වයෙන් ම කිසියම් මුදලක් අයකර ගැනීම තුළින් තම ආදායම වැඩි කර ගැනීම කොටස් තැරැව්කාර ආයතනයක් මඟින් සිදුකරනු ලබයි. මෙහිදී කිසියම් මුදලක් සේවා ගාස්තු වශයෙන් හැම ආයතනයක්ම ලබා ගත්තද ඔහුන් විසින් විශාල සේවාවක් සිදුකරනු ලබයි. එනම් කොටස් වෙළඳපොළ පිළිබඳ ඔබට කිසියම් අවබෝධයක් නොමැති වුවද කොටස් වෙළඳපොළේ ආයෝජනය කිරීමට කැමැත්තක් පවතී නම් කොටස් වෙළඳපොළේ තැරැව්කාර ආයතනයක් හරහා ඔබට අවශ්‍ය සියලුම තොරතුරු, කොටස් වෙ‍ළඳපොළේ වර්තමාන තත්ත්වයන් සහ වැඩිම ප්‍රතිලාභයන් ලබාගත හැකි සමාගම් යනාදී සියලුම කරුණු පිළිබඳ විමසීමක් කිරීමට ඔබට අයිතියක් ඇත.
එහිදී ඔබසතුව පවතින සුළු මුදල් ප්‍රමාණයක් වුවද කොටස් තැරැව්කාර ආයතනයක් හරහා වඩාත් පලදායි සමාගමක කොටස් මිලදී ගැනීම සඳහා ආයෝජනය කළ හැකිය. කොටස් තැරැව්කාර සමාගම්වලට කොටස් වෙළඳපොළ පිළිබඳ ප්‍රායෝගික පුළුල් අවබෝධයක් පවතින නිසා තැරැව්කාර ආයතනයක් හරහා ‍කොටස් මිලට ගැනීම වඩාත් සුරක්ෂිත වේ.

* මධ්‍යම තැම්පතු ක්‍රමය යනු කුමක්ද? (Central Depositary System) CDS.

කොටස් වෙළඳපොළේ ගනුදෙනු කළ හැක්කේ කොටස් තැරැව්කාර ආයතනයක් මඟින් පමණි. ඒ නිසා ඔබට ‍කොටස් මිලට ගැනීමට අවශ්‍ය නම් පළමුවෙන් ම කළ යුතු කාර්ය වන්නේ කොටස් තැරැව්කාර ආයතනයක් වෙත ගොස් ලියාපදිංචි වීමයි. එනම් ඔබ වෙනුවෙන් මධ්‍යම තැම්පතු ක්‍රමය ගිණුමක් විවෘත කර ගැනීමයි. එය කොටස් ආයෝජකයකු කොටස් වෙළඳපොළ ගනුදෙනු ආරම්භ කිරීමේ මූලික පියවරයි.
මෙම මධ්‍යම තැම්පතු ක්‍රමය කොටස් වෙළඳපොළේ පූර්ණ අනුබද්ධිත ආයතනයකි. එය කොටස් ගනුදෙනුකරුවන් වෙනුවෙන් ලියාපදිංචි කටයුතු සිදුකරනු ලබයි. එනම් කොටස් ආයෝජකයින් වෙනුවෙන් ගිණුමක් විවෘත කර අයෝජකයින් මිලට ගනු ලබන ‍කොටස්, ණයකර ආදිය එම ගිණුමට ‘බැර’ කරනු ලබන අතර ඔබ එම ‍කොටස් තවත් පාර්ශ්වයකට අලෙවිකළ පසු එම ගිණුමට ‘හර’ කරයි. ඉතාමත් සරලව හැඳින්වුවහොත් බැංකුවක ඉතිරි කිරීමේ ගිණුමකට සමාන වේ. ඔබ තැම්පත් කරන මුදල ගිණුමට බැර කරනු ලබන අතර ඔබ ගිණුමෙන් ඉවත් කරගන්නා මුදල් එම ගිණුමට “හර” කරනු ලබයි. එම මුදල්වලට සුරක්ෂිත භාවය බැංකුව විසින් සපයනු ලබයි. මධ්‍යම තැම්පතු ක්‍රමය තුළදී ද එසේමය. ඔබ මිලට ගනු ලබන කොටස් අලෙවිකරන කොටස් යනාදිය ද පිළිබඳ වාර්තා “හර” සහ “බැර” වශයෙන් වාර්තා කරයි. එම ආයෝජනය කර ඇති මුදල්වල ආරක්ෂාව සම්පූර්ණයෙන් ම මධ්‍යම තැම්පතු ක්‍රමය සතුවේ.
* මධ්‍යම තැම්පතු ක්‍රමයේ ගිණුම (CDS) ලෙස හඳුන්වා මේ ගිණුම විවෘත කිරීම සඳහා ඔබ විසින් අයදුම් පත්‍රයක් පිරවිය යුතුවේ. මේ අයදුම්පත්‍රය ඕනෑම තැරැව්කාර ආයතනයකින් ලබාගත හැකිය. මෙය නිසි පරිදි පුරවා ඔබගේ ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපතක් සහ තම ස්ථිර පදිංචිය සනාථ කළ හැකි ලේඛනයක් (ජල බිල්පතක් හෝ විදුලි බිල්පතක්) ඔබ විසින් තෝරාගත් තැරැව්කාර ආයතනය වෙත භාරදිය යුතුය. තැරැව්කාර ආයතනය ඔබගේ අයදුම්පත්‍රය “මධ්‍යම තැම්පතු ක්‍රමය” වෙත භාරදෙනු ලබයි. ඉන්පසු මධ්‍යම තැම්පතු ක්‍රමයට මඟින් ඔබ වෙනුවෙන් ගිණුමක් විවෘත කරනු ලබයි.
මෙකී අයදුම්පත්‍රය ලබාගැනීම හෝ ගිණුමක් විවෘත කිරීමට ඔබ විසින් කිසිදු ගාස්තුවක් ගෙවීමට අවශ්‍ය නොවේ. ඒ සියල්ල ඔබ වෙත නොමිලේ ම සිදුකර දෙයි. එක් දිනක් තුළදීම මෙම ගිණුම විවෘත කොට, කොටස් වෙළඳපොළේ ගනුදෙනු ආරම්භ කිරීමට ඔබට පුළුවන. සෑම ගිණුමකටම එකිනෙකට වෙනස් ගිණුම් අංකයක් තිබේ. කොටස් ගනුදෙනු කිරීම සහ සුරැකුම්පත් (කොටස් හෝ ණයකර) තැම්පත් කිරීම ඇතුළුව මධ්‍යම තැම්පතු ක්‍රමයේ සියලු කටයුතු සම්බන්ධයෙන් ආයෝජකයකු විසින් යොදාගත යුත්තේ එම ගිණුම් අංකයයි. මෙම ගිණුම (CDS Account) ඔබ වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු වන්නේ ඔබගේ තැරැව්කාර ආයතනය හරහාය.

* මධ්‍යම තැම්පතු ක්‍රමයේ අරමුණ කුමක්ද?

කොටස් මිලදී ගැනීමේදී කොටස් මිලට ගත් පුද්ගලයාට “කොටස් සහතිකයක්” ලැබෙන බව අප විසින් පසුගිය ලිපියක් මඟින් විස්තර කර ඇත්තෙමු. CDS Account ක්‍රමයේ ප්‍රධානතම අරමුණ වන්නේ මෙම කොටස් සහතික (scripless Trading) නොමැතිව කොටස් මිලට ගැනීමටත් ඒවා අලෙවිකිරීමටත් ගිණුම් පද්ධතියක් මඟින් අවස්ථාව සලසා දීම වේ. මෙම ගිණුම්ක්‍රමය මඟින් කොටස් මිලට ගැනීම, විකිණීම යනාදිය ගනුදෙනු සිදුවන අවස්ථාවේදීම යාවත්කාලීන වේ.

මධ්‍යම තැම්පතු ක්‍රමය සුරක්ෂිත ක්‍රමයක් ද?

ආයෝජකයින්ගේ කොටස් හෝ ණයකර කොටස් වෙළඳපොළ තුළ ගනුදෙනු කරන තෙක් ඒවා ඔවුන් වෙනුවෙන් සුරක්ෂිතව තමන් භාරයේ තබා ගැනීම මධ්‍යම තැම්පතු ක්‍රමය මඟින් සිදුකරනු ලබයි. යම් ලෙසකින් එදිනෙදා ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට බාධා වන අයුරින් පරිගණක ජාලය තුළ හෝ අදාළ පරිශ්‍රය තුළ ගැටලු සහගත වාතාවරණයක් ඇති වුවහොත් එහිදී වෙළඳ කටයුතු බිඳ නොවැටී අඛණ්ඩව කරගෙන යාමට ඊට සමගාමී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් ද ඔවුන් සතුව පවතී. ඒ සඳහා ඉහළ වෘත්තීය නිපුණතාවයකින් යුතු කාර්ය මණ්ඩලයක් සිටින නිසා එහි සුරක්ෂිතභාවය තවත් තහවුරු වේ.

Last edited by king85; 10-06-2017 at 05:55 PM.
Reply With Quote
(#2)
Old
Ship Captain's Avatar
Ship Captain Ship Captain is offline
Senior Member
Ship Captain is just really niceShip Captain is just really niceShip Captain is just really niceShip Captain is just really niceShip Captain is just really niceShip Captain is just really niceShip Captain is just really niceShip Captain is just really nice
 
Posts: 1,574
Join Date: Nov 2016
10-06-2017, 05:26 PM

කොටස් වෙළෙඳපොළේ මුදල් ආයෝජනය කරමු

8 ජූලි, 2017 | සිළුමිණ

Oxford college of business school හි ව්‍යාපාර හා ගිණුම්කරණය පිළිබඳ ඉංග්‍රීසි මාධ්‍ය ප්‍රවීන දේශක සුගත් ලියනගේ
වර්තමානයේ කොටස් වෙළෙඳපොළ පිළිබඳව බොහෝ දෙනා අතර කතාබහට ලක්වූවත් ඇතැම් අයට කොටස් වෙළඳපොළ යනු කුමක් ද යන්න පිළිබඳව හරිහැටි අවබෝධයක් නොමැත. මෙම ලිපි මාලාවෙන් අප බලාපොරොත්තු වන්නේ කොටස් වෙළඳපොළ යනු කුමක්ද සහ එහි මුදල් ආයෝජනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව සරල අවබෝධයක් ලබා දීමය.
ඇතැම්හු මේ මුදල් ආයෝජනය කිරීම සඳහා විකල්ප ආයෝජන මාර්ග සොයමින් ලතැවෙති. ඇතැම්විට ඵලදායි නොවන ආයෝජන මාර්ගවල මුදල් ආයෝජනය කිරීම තුළින් තමා ඉතාමත් දුක් මහන්සියෙන් උපයාගත් ධනය සියල්ල නැති කරගත් අයද අද සමාජය තුළ ඕනෑතරම් අසන්නට ඇත. කොටස් වෙළඳපොළෙහි මුදල් ආයෝජනය කරනු ලබන ආකාරය හා ඒ පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිකම නිසා කොටස්‍ වෙළඳපොළෙහි මුදල් ආයෝජනය කෙරෙහි බො‍හෝ අය එතරම් උනන්දුවක් නොදක්වති. ඇතැම්විට කොටස් වෙළඳපොළ පිළිබඳ ලියැවුණු පොත්පත් ඉතාමත් සීමිත වන අතර බොහෝවිට එම පොත්පත් සාමාන්‍ය ජනතාවට තේරුම්ගත හැකිවන ආකාරයෙන් ලියා නොතිබීමත් හේතුවෙන් සුළු පරිමාණ ආයෝජකයින්ට කොටස් වෙළඳපොළ පිළිබඳව අව‍බෝධයක් ලබා ගැනීමට අවස්ථාව නොලැබේ.
කොටස් වෙළඳපොළ
ඔබට එදිනෙදා අවශ්‍ය එළවළු පලතුරු ආදිය මිලට ගැනීමට ඔබ යන්නේ සතිපොළට හෝ සූපර් මාර්කට් එකකට වීමට පිළිවන. එහිදී ඔබට අවශ්‍ය භාණ්ඩ ඔබ විසින් ‍තෝරාගෙන ඒවා මිලට ගෙන ඔබගේ අවශ්‍යතා ඉටුකර ගනී. එයද වෙළඳපොළකි. එනම් ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් හමුවන ඕනෑම ස්ථානයක් “වෙළඳපොළ” ලෙස හඳුන්වයි. අප මෙහිදී අවධානය යොමු කරන්නේ ඔබ එදිනෙදා මිලට ගනු ලබන භාණ්ඩ අලෙවිකරණ වෙළඳපොළ ගැන නොවේ. ඔබ ලබන ආදායමෙන් කිසියම් හෝ අතිරික්ත මුදලක් පවතී නම් එම අතිරික්ත මුදල අයෝජනයට හැකි ස්ථානයකි කොටස් වෙළෙඳපොළ. මෙහිදී ඔබ කොටස් ගැනුම්කරු වන අතර කොටස් අලෙවි කරනු ලබන සමාගම කොටස් විකුණුම්කරු ලෙස හැඳින්වේ.
කොටස් වෙළෙඳපොළ මඟින් සිදුකරනු ලබන්නේ සමාගම්වලට අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීමට සාමාන්‍ය ජනතාවට ආරාධනා කිරීමයි. එවිට අතිරික්ත මුදල් ඇති ආයෝජකයින්ට එම සමාගම්වල කොටස් මිලට ගැනීමෙන් එයට දායක විය හැකි ය. එවිට එම ආයෝජකයන් සමාගමේ අයිතිකරුවන් බවට පත්වේ. කිසියම් කාල පරිච්ඡේදයකට වරක් සමාගම ලාභ ගණනය කිරීමෙන් පසු කොටස් මිලදී ගත් කොටස්කරුවන්ට සාධාරණ ලාභ ප්‍රතිශතයක් බෙදා දේ. මෙය කොටස් මිලදී ගත් අයට හිමිවන ප්‍රතිලාභයයි. එය ලාභාංශ ලෙස හැඳින්වේ.
කිසි විටක කොටස් වෙළෙඳපොළේ කොටස් අලෙවි කිරීමට තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර හෝ සමාගම්වලට හැකියාවක් නොමැත. තනි ව්‍යාපාරයක් පවත්වාගෙන යන අයකුට අවශ්‍ය අරමුදල් තමාගේ ඉතුරුම් හෝ බැංකු ණය ආදිය ලබාගෙන සම්පාදනය කරගත හැකි ය. හවුල් ව්‍යාපාරයක නම් බොහෝ විට හවුල්කරුවන් එකතු වී සිය අරමුදල් සම්පාදනය කරගනී. පුද්ගලික සමාගමකට කොටස් නිකුත් කර ප්‍රාග්ධනය (අරමුදල්) රැස්කර ගත හැකි වුවත් වෙළෙඳපොළ තුළ කොටස් අලෙවි කිරීමට ඔවුන්ට අවසර ලබා නොදේ. එයට හේතුව වන්නේ පුද්ගලික සමාගමක උපරිම කොටස්කරුවන් 50 කට සීමාවන බැවිනි. පුද්ගලික සමාගම්වලට කොටස් වෙළෙපොළ තුළ ප්‍රසිද්ධියේ කොටස් අලෙවිය සිදු කළහොත් උපරිම කොටස්කරුවන් සංඛ්‍යාව 50 කට වඩා වැඩිවීමට ඉඩ ඇත. එම නිසා සමාගම් පනත මඟින් පුද්ගලික සමාගම් වලට කොටස් වෙළෙඳපොළ තුළ කොටස් අලෙවිය අවසර ලබානොදේ.
කොටස් වෙළෙඳපොළ තුළ කොටස් අලෙවි කිරීමට නම් සමාගම පොදු සමාගමක් ලෙස ලියාපදිංචි කළ යුතු ය. පොදු සමාගම්වල විශේෂ ලක්ෂණය වන්නේ උපරිම කොටස්කරුවන්ගේ සීමාවක් නොමැති වීමයි. එම නිසා පොදු සමාගම්වලට කොටස් වෙළෙඳපොළේ කොටස් අලෙවි කිරීමට හැකියාවක් ඇත. ඒ සඳහා පොදු සමාගම කොටස් වෙළෙඳ පොළේ ලියාපදිංචි විය යුතු ය. කොටස් වෙළෙඳපොළ තුළ කොටස් නිකුත් කිරීමට නම් එසේ කිරීමට අපේක්ෂා කරනු ලබන සමාගම කොටස් වෙළෙඳපොළ තුළ ලියාපදිංචි වී ලැයිස්තුගත සමාගමක් බවට පත්විය යුතු ය.
එනම් කොටස් වෙළෙඳපොළ යනු ලැයිස්තුගත සමාගම්වලට අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීමටත් අතිරික්ත මුදල් ඇති ආයෝජකයින්ට ආයෝජන අවස්ථාවක් ලබාදීමටත් ඉඩ සලසනු ලබන යම් ස්ථානයකි. සාමාන්‍යයෙන් කොටස් ගනුදෙනු කරන ස්ථානයක් වශයෙන් කොටස් වෙළෙඳපොළ හඳුන්වා දුන්නත් මේ ගනුදෙනු පරිගණකය හා අන්තර්ජාලය හරහා ඉලෙක්ට්‍රොනිකව ද සිදු කළ හැකි ය.
කොළඹ කොටස් වෙළෙඳපොළ
ශ්‍රී ලංකාවේ සමාගම්වල හා කොටස් හා සුරැකුම්පත් හුවමාරුව (මිලදී ගැනීම හා විකිණීම) සිදු කරන්නේ කොළඹ කොටස් වෙළෙඳපොළ තුළදී ය. ලෝකයේ සෑම රටකම පාහේ කොටස් වෙළෙඳ පොළ දැකිය හැකි ය. ඇතැම් රටවල කොටස් වෙළෙඳ පොළවල් කිහිපයක් ම තිබේ. උදාහරණයක් ලෙස ඉන්දියාවේ ක්‍රියාත්මක වන බොම්බේ කොටස් වෙළෙඳපොළ සහ ජාතික කොටස් වෙළෙඳපොළ පෙන්වා දිය හැකි ය. ලංකාවේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළ පිහිටා තිබෙන්නේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ බටහිර කුලුන, එචිලන් චතුරස්‍රය, කොළඹ 01 යන ලිපිනයෙහි ය. ඔබට ක්ෂණික දුරකතන ඇමතුම් කීපයක් ද ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු. 011 – 5522444, 011 – 2356456, 011 – 2446581. ෆැක්ස් 011 – 2445279 විද්‍යුත් ලිපිනය [email protected]
මෙම ප්‍රධාන කාර්යාලයට අමතරව තවත් නගර කිහිපයකම කොටස් වෙළෙඳපොළේ ශාඛා පිහිටුවා ඇත. මාතර, කුරුණෑගල, අනුරාධපුර යන ප්‍රදේශ ඒ අතර ප්‍රධාන වේ.
කොටස් වෙළෙඳපොළේ ඉතිහාසය
අපේ රටේ එකම කොටස් වෙළෙඳපොළ වන කොළඹ කොටස් වෙළෙඳපොළේ ඉතිහාසය වසර 120 ක් පමණ ඈතට දිවයයි. ශ්‍රී ලංකාවේ කොටස් ගනුදෙනු ආරම්භ වූ වර්ෂය ලෙස සැලකෙන්නේ 1896 වර්ෂය වේ.‍ ඒ වනවිට ලංකාවේ කොටස් වෙළෙඳපොළක් ආරම්භවීමට ප්‍රධාන හේතු සාධකය බවට පත්වූයේ එවකට ලංකාවේ ප්‍රධාන භෝගයක් ලෙස ප්‍රචලිත වූ තේ වගාව සඳහා අවශ්‍ය අරමුදල් සොයා ගැනීම සඳහා ය. ඒ අනුව වර්ෂ 1896 දී මුලින් ම කොටස් තැරැව්කරුවන්ගේ සංගමයේ පරිපාලනය යටතේ (Share Brokers Associations/CBA) පිහිටුවා ගන්නා ලදී.‍ ශ්‍රී ලංකාවේ වර්තමානයේ ක්‍රියාත්මක වන කොටස් වෙළෙඳ පොළ විධිමත් ලෙස පිහිටුවනු ලැබුවේ වර්ෂ 1985 දී ය. ඒ අනුව කොළඹ කො‍ටස් වෙළෙඳපොළ සමාගම් පනත යටතේ ලියාපදිංචිකර ඇති සමාගමකි. (සමාගමක් ලියාපදිංචි කරන ආකාරය පසුගිය සතියේ ලිපියෙන් සාකච්ඡා කරන ලදී.) දැනට මෙය ලාභ අරමුණු කර නොගත් ආයතනයකි. ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ පිළිබඳව අධීක්ෂණ කටයුතු කිරීමේ බලධාරියා වන්නේ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව වේ. එම කොමිෂම විසින් ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ ලෙස කටයුතු කිරීමට කොළඹ කොටස් වෙළෙඳපොළට බලය ලබාදී ඇත.
කොටස් යනු මොනවාද?
කොටස් වෙළෙඳපොළ ආයෝජනයේදී අප සිදුකරන්නේ සමාගම් කොටස්වල මුදල් ආයෝජනය කිරීමයි. සමාගමකට එහි අයිතිකරුවන් යොදා ඇති මුදල හඳුන්වන්නේ කොටස් ප්‍රාග්ධනය ලෙසයි. මේ මුළු ප්‍රාග්ධනය එක සමාන කොටස්වලට බෙදා දැක්වුවහොත් එහි එක් පංගුවක් ‘කොටසක්’ ලෙස හඳුන්වා දිය හැකි ය. ඔබ යම් කිසි සමාගමක එක් කොටසක හිමිකරුවෙක් නම් එම සමාගමේ අයිතියෙන් ඔබට හිමි ප්‍රමාණය එම කොටසින් පිළිබිඹු වේ.
කිසියම් සමාගමක කොටස් 200,000 ක් වෙළෙඳපොළට නිකුත් කර ඇති අවස්ථාවක ඔබ එයින් කොටස් 10000 ක් මිලදී ගත්තේ නම් සමාගමේ අයිතිකාරිත්වයෙන් 5% ක අයිතියක් ඔබට හිමිවේ.
ඔබ සතු කොටස් ප්‍රමාණය x 100 10000 x 100
නිකුත්කර ඇති කොටස් ප්‍රමාණය 200000
කොටස් වර්ග
සාමාන්‍යයෙන් බහුලව කතා කෙරෙන ප්‍රධාන කොටස් වර්ග 2 ක් ඇත. එනම් සමාන්‍ය කොටස් සහ වරණීය කොටස් වේ.
සාමාන්‍ය කොටස්
සමාගමක වඩාත් ජනප්‍රිය හා බහුලවම මිලට ගනු ලබන කොටස් වර්ගය මෙය වේ. මෙම කොටස් මිලදී ගනු ලබන අය සමාගමේ සැබෑ අයිතිකරුවන් බවට පත්වේ. එනම් තමා සතුව පවතින මුදල් සමාගමේ කොටස් මිලදී ගැනීමට ආයෝජනය කිරීමෙන් එම සමාගමේ අයිතිකරුවන් බවට ඔහුත් පත්වේ. සමාගමේ නියම අයිතිකරුවන් බවට සාමාන්‍ය කොටස් හිමියන් පත්වන නිසා වාර්ෂිකව සමාගම විසින් පවත්වනු ලබන ‘වාර්ෂික මහා සභා රැස්වීමට’ ද සහභාගිවීමට ‍හැකියාව ලැබේ. සමාගම විසින් ගනු ලබන තීන්දු තීරණ වලදී ද සමාගම කොටස් හිමියන්ට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් ද ඇත. සමාගම විසින් සාමාන්‍ය‍ කොටස් හිමියන්ට නිශ්චිත ලාභාංශයක් ගෙවීමට බැඳි නොසිටී. සමාගම අධික ලාභ ලබන කාලවලදී වැඩි ලාභාංශයකුත් අඩුවෙන් ලාභ ලබන කාලවලදී අඩු ලාභාංශයකුත් ලාභ නොමැති අවස්ථාවලදී ලාභාංශයක් නොලබා සිටීමට සිදුවේ. සමාගම යම් හේතුවක් නිසා වසා දැමීමට තීරණය කළහොත් අනෙකුත් බාහිර පාර්ශ්වයන්ට ගෙවීමට ඇති සියලුම වගකීම්වලින් නිදහස් වීමත් පසුව සාමාන්‍ය කොටස්කරුවන් ගේ වගකීම පියවීම සිදුකරනු ලබයි. සාමාන්‍ය කොටස් ද තවත් වර්ග දෙකකට බෙදේ.
1. ඡන්දබලය සහිත සාමාන්‍ය කොටස්
2. ඡන්ද බලය රහිත සාමාන්‍ය කොටස්
සමාගම පවත්වනු ලබන සභා රැස්වීමේදී සිය ඡන්දය භාවිතා කිරීමට හැකි කොටස් ඡන්ද බලය සහිත කොටස් ලෙසත් එම මහා සභා රැස්වීමේදී ඡන්දය භාවිතා කළ නොහැකි නමුත් අනෙකුත් සියලුම වරප්‍රසාද හිමිවන කොටස් ඡන්දබලය නොමැති කොටස් ලෙස හැඳින්වේ.
වරණීය කොටස්
මෙම කොටස් සාමාන්‍ය කොටස් ලෙස නොව නිශ්චිත ලාභාංශ ප්‍රතිශතයකට හිමිකම් ලබන කොටස් වරණීය කොටස් ලෙස හැඳින්වේ. නමුත් වරණීය කොටස් හිමියන්ට සමාගම පාඩු ලැබූවත් එකඟ වූ ලාභාංශය හිමිවේ. මෙහිදී වරණීය කොටස් හිමියන් සිදු කරනු ලබන්නේ සමාගමේ කොටස් ප්‍රාග්ධනයට දායක වෙමින් එකඟවූ ලාභාංශ ප්‍රමාණයක් ලබා ගැනීමයි. මෙහිදී සමාගමට කිසියම් ණය මුදලක් දීමක් ලෙස ද සැලකිය හැකි ය. නමුත් කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ බහුලවම කොටස් ගනුදෙනු සිදුවන්නේ සාමාන්‍ය කොටස් මඟිනි.
කොටස් බලපත්‍රය
අනාගතයේදී නිශ්චිත මිලකට සමාගම කොටස් මිලදී ගැනීමේ අයිතිය ලබාදෙමින් සමාගමක් විසින් නිකුත් කරන ලියවිල්ල කොටස් බලපත්‍රය ලෙස හැඳින්වේ. කොටස් මිලදී ගන්නා ආකාරයට මේවා මිලට ගත හැකි ය. නමුත් කොටස් බලපත්‍ර ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ එතරම් ප්‍රචලිත නොවේ. එහෙත් මේ වනවිට කොටස් බලපත්‍ර නිකුත් කර ඇත්තේ කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගත සමාගම් අතරින් ඉතා සීමිත සමාගම් ප්‍රමාණයක් පමණි.
සමාගම් කොටස් නිකුත් කරන්නෙ ඇයි?
සමාගමක් කොටස් නිකුත් කරන්නේ එම සමාගමේ ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්න හෝ සමාගම පවත්වාගෙන යාමට අවශ්‍ය අරමුදල් සම්පාදනය කරගැනීමටය. ඇත්ත වශයෙන් ම මෙය සුන්දර හා ආකර්ෂණීය ක්‍රියාවලියකි. තමා සතුවූ මුදල් විශාල ප්‍රමාණයක් නොමැති වුව ද අවදානම් දැරීමට හැකියාවක් ඇති ඕනෑම කෙනෙකුට සමාගමක් පිහිටුවා ගැනීමට හැකියාව පවතී. එහිදී කළ යුතු වන්නේ සමාගම් පනතේ සඳහන් නීතිරීතිවලට අනුකූලව කොටස් මිලදී ගැනීම සඳහා ප්‍රසිද්ධ දැන්වීමක් මඟින් මහජනතාව දැනුවත් කර මුදල් ආයෝජනයට කැමති ආයෝජකයින්ගෙන් මුදල් රැස්කර තමාගේ සමාගමේ අයිතිකරුවන් බවට ඔවුන් පත්කර ගැනීමයි. ඉන්පසු ඔහුන් සමඟද සාකච්ඡා කර නිවැරැදි තීරණ ගෙන ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම තුළින් ලාභ අරමුණ කරා ළඟා විය හැකිය. එම ලාභවලින් කොටසක් ‘ලාභාංශ’ ලෙස එම කොටස් මිලට ගත් කොටස් කරුවන්ට ද බෙදාදේ.


MACHAN TIKAK LOKU KALA. aWULAK NEHENE?
Reply With Quote
(#3)
Old
king85's Avatar
king85 king85 is offline
Member
king85 will become famous soon enoughking85 will become famous soon enough
 
Posts: 84
Join Date: Sep 2017
10-06-2017, 06:26 PM

bump
Reply With Quote
(#4)
Old
D T's Avatar
D T D T is offline
Senior Member
D T is a glorious beacon of lightD T is a glorious beacon of lightD T is a glorious beacon of lightD T is a glorious beacon of lightD T is a glorious beacon of lightD T is a glorious beacon of lightD T is a glorious beacon of lightD T is a glorious beacon of lightD T is a glorious beacon of lightD T is a glorious beacon of lightD T is a glorious beacon of light
 
Posts: 2,734
Join Date: Aug 2016
Location: 𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
Send a message via AIM to D T
10-06-2017, 06:33 PM

Ela. Subscribed.
Reply With Quote
(#5)
Old
lpwicrama's Avatar
lpwicrama lpwicrama is offline
Senior Member
lpwicrama is a name known to alllpwicrama is a name known to alllpwicrama is a name known to alllpwicrama is a name known to alllpwicrama is a name known to alllpwicrama is a name known to alllpwicrama is a name known to alllpwicrama is a name known to alllpwicrama is a name known to alllpwicrama is a name known to alllpwicrama is a name known to all
 
Posts: 16,852
Join Date: Mar 2015
Location: Nawalapitiya
Send a message via ICQ to lpwicrama Send a message via AIM to lpwicrama Send a message via MSN to lpwicrama Send a message via Yahoo to lpwicrama Send a message via Skype™ to lpwicrama
10-06-2017, 06:38 PM

Tfs 5+
Reply With Quote
(#6)
Old
Niko Boy's Avatar
Niko Boy Niko Boy is offline
Senior Member
Niko Boy is just really niceNiko Boy is just really niceNiko Boy is just really niceNiko Boy is just really niceNiko Boy is just really niceNiko Boy is just really niceNiko Boy is just really nice
 
Posts: 1,330
Join Date: Nov 2015
Location: Sri Lanka
10-06-2017, 06:50 PM

bump tfs+
Reply With Quote
(#7)
Old
Hora_Nariya's Avatar
Hora_Nariya Hora_Nariya is offline
Senior Member
Hora_Nariya is a glorious beacon of lightHora_Nariya is a glorious beacon of lightHora_Nariya is a glorious beacon of lightHora_Nariya is a glorious beacon of lightHora_Nariya is a glorious beacon of lightHora_Nariya is a glorious beacon of lightHora_Nariya is a glorious beacon of lightHora_Nariya is a glorious beacon of lightHora_Nariya is a glorious beacon of lightHora_Nariya is a glorious beacon of lightHora_Nariya is a glorious beacon of light
 
Posts: 5,874
Join Date: May 2017
10-06-2017, 06:58 PM

TFS Bro !
Reply With Quote
(#8)
Old
HKavinda's Avatar
HKavinda HKavinda is offline
Senior Member
HKavinda has much to be proud ofHKavinda has much to be proud ofHKavinda has much to be proud ofHKavinda has much to be proud ofHKavinda has much to be proud ofHKavinda has much to be proud ofHKavinda has much to be proud ofHKavinda has much to be proud ofHKavinda has much to be proud ofHKavinda has much to be proud ofHKavinda has much to be proud of
 
Posts: 28,384
Join Date: Dec 2013
Location: 🆆🅴🆂🆃නාහිර
Send a message via ICQ to HKavinda Send a message via AIM to HKavinda Send a message via MSN to HKavinda Send a message via Yahoo to HKavinda Send a message via Skype™ to HKavinda
10-06-2017, 07:17 PM

T F S !
Reply With Quote
(#9)
Old
5tech's Avatar
5tech 5tech is offline
Senior Member
5tech is a name known to all5tech is a name known to all5tech is a name known to all5tech is a name known to all5tech is a name known to all5tech is a name known to all5tech is a name known to all5tech is a name known to all5tech is a name known to all5tech is a name known to all5tech is a name known to all
 
Posts: 15,299
Join Date: Dec 2008
Location: ඇයි එන්නද ? අනේ හු"
Send a message via Skype™ to 5tech
10-06-2017, 07:38 PM

Bump
+15
Reply With Quote
(#10)
Old
sbr's Avatar
sbr sbr is offline
Senior Member
sbr has a spectacular aura aboutsbr has a spectacular aura aboutsbr has a spectacular aura aboutsbr has a spectacular aura aboutsbr has a spectacular aura about
 
Posts: 2,352
Join Date: Jan 2009
10-06-2017, 07:51 PM

bbb
Reply With Quote
Reply

Bookmarks

Tags
ආයෝජනය කරමු, කොටස් වෙළඳපොළ, m a s

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.09248 seconds with 9 queries