ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page විද්‍යුත් ප‍්‍රාණ ඡේදනයෙන් හෙවත් විදුලි&
Reply
 
Thread Tools
(#1)
Old
Captain jack sparrow's Avatar
Captain jack sparrow Captain jack sparrow is offline
Senior Member
Captain jack sparrow is a glorious beacon of lightCaptain jack sparrow is a glorious beacon of lightCaptain jack sparrow is a glorious beacon of lightCaptain jack sparrow is a glorious beacon of lightCaptain jack sparrow is a glorious beacon of lightCaptain jack sparrow is a glorious beacon of lightCaptain jack sparrow is a glorious beacon of lightCaptain jack sparrow is a glorious beacon of lightCaptain jack sparrow is a glorious beacon of lightCaptain jack sparrow is a glorious beacon of lightCaptain jack sparrow is a glorious beacon of light
 
Posts: 251
Join Date: May 2017
Location: 15°N 75°W
Oh! විද්‍යුත් ප‍්‍රාණ ඡේදනයෙන් හෙවත් විදුලි& - 06-21-2017, 05:49 AM

විද්‍යුත් ප‍්‍රාණ ඡේදනයෙන් හෙවත් විදුලිය ශරීරගත වීමෙන්,මරණයට පත්වන්නේ කෙසේ ද?




නූතන ලෝකයේ විදුලිබලය නැති තැනක් නැති තරම්. එමෙන්ම, විදුලිබලය අප සැමට අද නැතුවම බැරි සේවාවක් බවට පත්ව ඇත. එහෙත් විදුලිබලය ඇතැම්විට පුද්ගලයන් අනතුරට පත් කරමින් ජීවිත පවා විනාශ කරන අවස්ථා ද අපට නිතර අසන්නට ලැබේ. ඇමරිකා එක්සත් ජනපදයේ ශ‍්‍රම බලකායෙන් වසරකට අඩු තරමින් 300 දෙනෙකුවත් විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පැමිණෙති. විදුලිසැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්වීම හෙවත් විද්‍යුත් ප‍්‍රාණ ඡේදනය යන්නට ඉංග‍්‍රීසියේ යෙදෙන්නේ Electrocution යන්නයි. මේ වචනය සෑදී ඇත්තේ “electro” හා “execution”යන වචන දෙක එකතුවීමෙන්. එහි electro යන කොටසත් විද්‍යුත් යන්නත් execution යන කොටසින් මරණයට පත් කිරීමත් දැක්වවේ. මේ වචනය මුලින්ම යෙදුවේ එක්සත් ජනපදයේ පුවත් පත් මගින්. ඒ, 1850 දී ප‍්‍රථම වරට මරණ දණ්ඩනය සඳහා විදුලි පුටුව යොදා ගැනීම ආරම්භ කිරීමත් සමගයි. අධිකරණ නියෝගයකින් තොරව, හුදෙක් විදුලිසැර වැදීමෙන් මිය යාමට යෙදිය හැකි වදනක් එවකට නොමැති වූයෙත් එවැනි මරණ වලට ද (විද්‍යුත් ප‍්‍රාණ ඡේදනය ) යන වදනම යොදන්නට පටන් ගැනුණි.



විදුලි පුටුව හඳුන්වා දීමට පෙර, විවිධ අවස්ථාවල විදුලිසැර වැදීමෙන් මරණ කොතෙකුත් සිදු වුවත් විදුලිසැර වැදී සිදුවූ හදිසි අනතුරකින් කිසිවකු මිය ගිය බවට (අකුණුසැර වැදීමෙන් හැර) ප‍්‍රථම වතාවට වාර්තා සටහන් කෙරුණේ 1879 දී විදුලි පුටුව හඳුන්වා දීමෙන් අනතුරුවය. එදා මෙදා තුර විදුලිබලය හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව ගැන වාර්තා සටහන්ව ඇති අතර වැඩිකොටම මෙවන් මරණ සිද්ධ වන්නේ රැකියා බද්ධවයි. එක්සත් ජනපදයේ මෙයට අමතරව වාර්ෂිකව විදුලි සැර වැදීමෙන් මරණීය නොවන අනතුරු 30,000 කට වැඩියෙන් සිදුවන බවත් සමහර අනතුරු වාර්තා නොවන බව ද ගණන් බලා තිබේ. 2003 සිට 2014 දක්වා පිහිණුම් තටාක වල සිදු වූ විද්‍යුත් ප‍්‍රාණ ෙඡ්දන මරණ 14 ක් (ඇ.එ.ජනපදයේ) ලියා පදිංචි කර ඇති අතර 2012 සිට 2016 අතර ජලාශවල විද්‍යුත් ප‍්‍රාණ ෙඡ්දන මරණ 8 ක් ලියා පදිංචි කර ඇත. නාන කාමරයේ නාන බේසම හෝ එවැනි ජලය සහිත ස්ථානවල දී විදුලි උපකරණ භාවිතය අන්තරයාකර විය හැකි බව අපි දනිමු. ඒත්, අප බොහෝදෙනාට එතරම් පැහැදිලි නැති කාරනා ද ඇත. ඇයි ජලය අසළ දී විදුලිය අන්තරායකර වන්නේ ? විදුලිය කෙනෙකුව මරණයට පත් කරන්නේ කෙසේ ද? අපි සොයා බලමු.



අපේ එදිනෙදා ජීවිතයේ දී විදුලි බලය සම්බන්ධයෙන් යම් පැහැදිලි කිරීම් සඳහා ගන්නා මූලික වචන දෙකකි, වෝල්ට්(Volts) සහ ඇම්පියර්(amperes) යන්න. (බොහෝ උපකරණවල මේවා සළකුණු කර තිබේ). ඇම්පියරතාව (Amperage) යනු විදුලි ධාරාව (current) මැනීමට යොදා ගන්නා මිනුමකි. මෙය පැහැදිලි කරතොත්, සෑම තත්පරයකදීම යම් දෙයක් හරහා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් (electrons) කොපමණ ගලා යයිද යන්න ඉන් කියැවේ. ඇම්පියර් එකක් යනු දළ වශයෙන් තත්පරයකට ඉලෙක්ට්‍රෝන ටි‍්‍රලියන මිලියන හයක් ගලා යෑමකි. මේ ගලා යාම තමයි (විදුලි සැර වැදුණු විට) පටක හෝ ස්නායු පද්ධතියට හානි පමුණු වන්නේ. ඒ එක් එක් ඉලෙක්ට්‍රෝනය ශරීරය හරහා යද්දී එක්කෝ පටක රත් කරයි හෝ දවයි. එසේත් නොමැති නම් හෘදය වස්තුවේ ගැස්මට හේතුවන විදුලිමය ප‍්‍රාථමික සංඥාවලට බාධා පමුණුවයි. මේ පසුව කී හේතුව තවත් සංසිද්ධියක් පැහැදිලි කිරීමට උපකාරී වෙයි. විශේෂිත ඇම්පියරතාවයක් මත ඇතිවන විදුලිය කම්පනය විදුලි සැර වැදීමේ දී අපේ මස් පිඩු තද වීමටත්, ඒ නිසා විදුලි ධාරාව සැපයෙන මුළය(current source) නැතිනම් මාර්ගය(සාමාන්‍යයෙන් විදුලි රැහැන හෝ විදුලි උපකරණයක්) අත් හැරීමට නොහැකිවීමටත් බලපාන්නේ එයයි. ජීව රැහැනක් හරහා එන ධාරාවක් හේතු කොටගෙන එය අත් හැරීමට නොහැකි ලෙස මස්පි`ඩු හිරවීමේ සංසිද්ධිය හඳුන්වනු ලබන්නේ ටෙටනීය සංකර්ෂණය හෙවත් හැකිළීම (tetanic contraction) ලෙසිනි .

වෝල්ටීයතාව යනු සන්නායන ලූපයක් හරහා ආරෝපිත ඉලෙක්ට්‍රෝන(ධාරාව) තල්ලූ කරන විද්‍යුත් පරිපථයක බලශක්ති මූලයයි. මෙය කිසියම් ආකාරයකට සැසඳීමක් කළොත්, ධාරාව ජල පරමාණු වලට සම කළොත් වෝලටීයතාව සිහිපත් කරන්නේ බෑවුමකි. බෑවුම වැඩි වෙන්නට වෙන්නට ජලය වැඩි ප‍්‍රමාණයකට පහළට ගලා යාමට අවශ්‍ය වේ. වෝලටීයතාවයක් නොමැති වූ විට සිරයට නැගෙන්නේ සානුවකි. එවිට ධාරාවේ ගලා යාමක් නැත.

යමක විද්‍යුත් ප‍්‍රතිරෝධය (මෙය මනිනු ලබන්නේ ඕම්ස් වලිනි) වෝල්ටීයතාව එය හරහා යවන ධාරාවේ ප‍්‍රමාණය සීමා කරයි. ප‍්‍රතිරෝධය බිම් ගැන්වීම වැඩිවන තරමට සමාන ප‍්‍රමාණයේ ධාරාවක් තල්ලූ කිරීමට වැඩි වෝල්ටීයතාවයක් අවශ්‍ය වේ. මිනිස් සිරුරේ ප‍්‍රතිරෝධය තමයි විදුලි සැරට එරෙහිව සිරුර සතු ආරක්ෂක අවිය. සමට සාපේක්ෂව ගතහොත් ශරීරාභ්‍යන්තර පටක වල ප‍්‍රතිරෝධය අඩුය. එහි ප‍්‍රතිඵලයක් ලෙස විදුලි සැරයක් එතරම් ප‍්‍රශ්නයක් නොවූවත් එය සම වෙත පැමිණෙත්ම ශරීරයේ සෙසු කොටස් අවදානමට ලක්විය හැකිය. වෝල්ට් 3 ක බැටරියක් හානිකර නොවූවත් විදුලි පුටුව මරණීය වීමේ රහස ඉන් හෙළිවනු ඇත. තෙත්, එමෙන්ම හානි පැමිණි සමට වඩා වියළි සම වඩාත් ප‍්‍රතිරෝධ සහිතය.



මේ කාරණාවේ දී ප‍්‍රත්‍යාවර්තන (Alternating current (AC)) හා සරල ධාරාව (Direct current (DC)) ද වැදගත් වෙයි. ලක්ෂ්‍ය දෙකක් අතර නියත වෝල්ටීයතාවයක් මගින් අපසාරී (diverge විහිදී) නොවන ධාරාවක් බල ගැන්විය හැකියි. අනෙක් අතට, උච්චාවචනය වන වෝල්ටීයතාවක් ප‍්‍රත්‍යාවර්තන ධාරාවක් බල ගන්වයි. ප‍්‍රත්‍යාවර්තන ධාරාවක දී විදුලිය බිහිදොර(outlet) ඉලෙක්ට්‍රෝන තදින් පිටකර අනතුරුව එය ආපසු උරා ගන්නේ තත්පරයකට දළ වශයෙන් 60 වාරයක් ලෙසටය. හර්ට්ස් 60 දෝලන අනුපාතිකය මගින් මෙම විදුලි ධාරාවන් හෘද ස්පන්දනය පාලනය කරන ස්නායු අවුල් කරනු ලැබීමට උපකාරී වේ. මෙය හදවත දෝෂ සහිතව ස්පන්දනයට හේතුවන අතර මරණයට ද මග පෑදේ. විදුලිමය හානියට වැඩියෙන්ම ගොදුරුවීමේ අවදානම ඇති අවයවය හෘදය වස්තුවයි.

අපේ නිවාස හා වෙනත් ස්ථානවල ඇති ප‍්‍රත්‍යාවර්තන ධාරාව මනුෂ්‍යයන්ට ඉතා අනතුරුදායක වුවත් , සරල ධාරාව අනතුරු දායක වන්නේ වෝල්ටීයතාව හා ධාරා මට්ටම් ඉහළ යන විට පමණයි. අනතුරු හඟවන දැන්වීම් පුවරුවල ‘‘අනතුරුදායකයි : අධි වෝල්ටීයතා’’ යනුවෙන් සඳහන් වුවද සිරුර හරහා ගමන් කරන ධාරාව තමයි මරණය ගෙන එන්නේ. කෙනෙකු මරණයට පත් කළ හැකි ඇම්පියර ගණන වෙනස් වුවද ගෙදර දොරේ භාවිත වන විදුලි උපකරණ බොහොමයක් මගින් මාරක ධාරාවක් සම්පේ‍්‍රෂණය විය හැකියි. මිලි ඇම්පියර 10 කට (0.01 ඇම්පියර) වැඩි ධාරාවක් වේදනාකාරී විදුලි සැරයක් විය හැකි අතර මිලි ඇම්පියර 100 හා 200 (0.1 සිට 0.2 ඇම්පියර) ඉතා දරුණු, මරණීය සැරයක් විය හැකියි.

අවසාන වශයෙන් කිව යුත්තේ මෙහි ඇත්තේ මූලික මග පෙන්වීමක් පමණයි. විදුලි ධාරාව සිරුරට ඇතුල් වන්නේ විදුලි බල මූලය ස්පර්ශ වන ස්ථානයෙන් ය. බොහෝ විට මෙය අත හෝ හිස විය හැකියි. මෙසේ ඇතුල්වන ධාරාව සමාන්‍යයෙන් සෘජු මගක් ගනිමින්, සිරුර හරහා ගමන් කර ආසන්නම බිම් ගතවන තැනින් පිටවෙයි. කෙළින්ම විදුලිය (උදා:විදුලිබල රැහැන) හා ගැටීමෙන් හෝ වක‍්‍ර (රැහැනට ස්පර්ශව පැවති යමක්) ආකාරයෙන් කෙනෙකුව ‘විද්‍යුත් ප‍්‍රාණෙඡ්දනයට’ ලක්විය හැකියි. කුඩා ධාරාවක්, හදවත හෝ මධ්‍යම ස්නායු පද්ධතිය හරහා ගමන් කරන්නේ නම් මිනිස් දිවි අහිමි විය හැකිය. ධාරාව ප‍්‍රබල නම් ශරීරාභ්‍යන්තරය පිසිමට ලක් කරමින් කෙනෙකු මරා දැමීමට පුළුවන. අනෙක් අතට අකුණු සැරයක් වැදී ධාරාව ශරීරාභ්‍යන්තරය හරහා නොගොස් පහසුම මග වන සම හරහා ගමන් කළොත් පිළිස්සුම් සහිත වුවත් දිවි බේරා ගැනීමට හැකිවනු ඇත.



Reply With Quote
(#2)
Old
nevil fonseka's Avatar
nevil fonseka nevil fonseka is offline
Senior Member
nevil fonseka will become famous soon enoughnevil fonseka will become famous soon enough
 
Posts: 784
Join Date: Aug 2009
Location: Moratuwa
06-21-2017, 05:58 AM

ජය වේ‍වා.
Reply With Quote
(#3)
Old
mbltch mbltch is offline
Senior Member
mbltch has a spectacular aura aboutmbltch has a spectacular aura aboutmbltch has a spectacular aura about
 
Posts: 496
Join Date: May 2012
06-21-2017, 06:05 AM

Quote:
Originally Posted by nevil fonseka View Post
ජය වේ‍වා.
REP+
Reply With Quote
(#4)
Old
mbltch mbltch is offline
Senior Member
mbltch has a spectacular aura aboutmbltch has a spectacular aura aboutmbltch has a spectacular aura about
 
Posts: 496
Join Date: May 2012
06-21-2017, 06:06 AM

REP+
Reply With Quote
(#5)
Old
Iron Monger's Avatar
Iron Monger Iron Monger is offline
Senior Member
Iron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud of
 
Posts: 28,482
Join Date: Apr 2011
Location: ලුණුවිල.
Send a message via Skype™ to Iron Monger
06-21-2017, 06:14 AM

You must spread some Reputation around before giving it to Captain jack sparrow again.
Reply With Quote
(#6)
Old
HKavinda's Avatar
HKavinda HKavinda is offline
Senior Member
HKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond repute
 
Posts: 46,100
Join Date: Dec 2013
Location: ᙎᙍSᖶනාහිර
06-21-2017, 06:18 AM

B U M P
Reply With Quote
(#7)
Old
Captain jack sparrow's Avatar
Captain jack sparrow Captain jack sparrow is offline
Senior Member
Captain jack sparrow is a glorious beacon of lightCaptain jack sparrow is a glorious beacon of lightCaptain jack sparrow is a glorious beacon of lightCaptain jack sparrow is a glorious beacon of lightCaptain jack sparrow is a glorious beacon of lightCaptain jack sparrow is a glorious beacon of lightCaptain jack sparrow is a glorious beacon of lightCaptain jack sparrow is a glorious beacon of lightCaptain jack sparrow is a glorious beacon of lightCaptain jack sparrow is a glorious beacon of lightCaptain jack sparrow is a glorious beacon of light
 
Posts: 251
Join Date: May 2017
Location: 15°N 75°W
06-21-2017, 06:29 AM

Quote:
Originally Posted by nevil fonseka View Post
ජය වේ‍වා.
Quote:
Originally Posted by mbltch View Post
REP+
Quote:
Originally Posted by mbltch View Post
REP+
Quote:
Originally Posted by Iron Monger View Post
You must spread some Reputation around before giving it to Captain jack sparrow again.
Quote:
Originally Posted by HKavinda View Post
B U M P

Thanks for your support
Reply With Quote
(#8)
Old
6feet 6feet is offline
Senior Member
6feet has a spectacular aura about6feet has a spectacular aura about6feet has a spectacular aura about6feet has a spectacular aura about
 
Posts: 273
Join Date: Jul 2016
06-21-2017, 06:50 AM

Tfs
Reply With Quote
(#9)
Old
willpower's Avatar
willpower willpower is offline
Senior Member
willpower has much to be proud ofwillpower has much to be proud ofwillpower has much to be proud ofwillpower has much to be proud ofwillpower has much to be proud ofwillpower has much to be proud ofwillpower has much to be proud ofwillpower has much to be proud ofwillpower has much to be proud ofwillpower has much to be proud ofwillpower has much to be proud of
 
Posts: 10,448
Join Date: Oct 2011
Location: 🌄Sri Lanka
06-21-2017, 06:55 AM

tfs
You must spread some Reputation around before giving it to Captain jack sparrow again.
Reply With Quote
(#10)
Old
keshannilanga's Avatar
keshannilanga keshannilanga is offline
Senior Member
keshannilanga is a name known to allkeshannilanga is a name known to allkeshannilanga is a name known to allkeshannilanga is a name known to allkeshannilanga is a name known to allkeshannilanga is a name known to allkeshannilanga is a name known to allkeshannilanga is a name known to allkeshannilanga is a name known to allkeshannilanga is a name known to allkeshannilanga is a name known to all
 
Posts: 7,528
Join Date: Aug 2009
Location: Sri Lanka
06-21-2017, 07:10 AM

bump
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04700 seconds with 9 queries