 |
|
 |
Senior Member
|
|
Posts: 1,194
Join Date: Aug 2016
|
|
12-05-2016, 11:49 PM
Quote:
Originally Posted by Superuser
අනුකම්පාව අත්‍යවශ්‍ය තැනට ඔබතුමා පත්වෙලා. නුවණැත්තෝ විමසා බලාවි, මං නවතින්නම්.
|
ඔය ජින්තක, හාවඩ්, ස්කයිලාක් කියන්නේ එකම ෆේක්. උන් ඉන්නේ රට.උන් පෝයට පන්සල් යන මලක් පහනක් පුජාකරන මිනිස්සු නෙවේ.....ශ්‍රද්ධාව ගෑවිලාවත් නෑ. උන් දරන අදහසට නොගැලපෙන දෙයක් හාමුදුරුවෝ කෙනෙක් කිව්වොත් , ඒහාමුදුරුවන්ට අපහාසකරනව. අමුතු බුදුදහමක් උන්ගාවතියෙන්නේ....උන්ගෙන් අහගන තමයි අනිත්මිනිස්සු සන්ඝරත්නය කවුදකියල වෙන්කොට අදුරගන්න ඔනි.පිස්සු පීකුදු. එහෙවු එවුන් තමයි මෙතන ධර්මය කියවන්නේ.
|
Senior Member
|
|
Posts: 1,785
Join Date: Jul 2012
|
|
12-06-2016, 12:34 AM
Quote:
Originally Posted by shamil45

සුවපත් වේවා, කයින් මෙන්ම මනසින්ද නිරෝගී වේවා! 
|
 |
Senior Member
|
|
Posts: 405
Join Date: Aug 2015
|
|
12-06-2016, 06:49 AM
Quote:
Originally Posted by shamil45
ඔය ජින්තක, හාවඩ්, ස්කයිලාක් කියන්නේ එකම ෆේක්. උන් ඉන්නේ රට.උන් පෝයට පන්සල් යන මලක් පහනක් පුජාකරන මිනිස්සු නෙවේ.....ශ්‍රද්ධාව ගෑවිලාවත් නෑ. උන් දරන අදහසට නොගැලපෙන දෙයක් හාමුදුරුවෝ කෙනෙක් කිව්වොත් , ඒහාමුදුරුවන්ට අපහාසකරනව. අමුතු බුදුදහමක් උන්ගාවතියෙන්නේ....උන්ගෙන් අහගන තමයි අනිත්මිනිස්සු සන්ඝරත්නය කවුදකියල වෙන්කොට අදුරගන්න ඔනි.පිස්සු පීකුදු. එහෙවු එවුන් තමයි මෙතන ධර්මය කියවන්නේ.
|
එහෙමද, තුන් දෙනාම එකයිද, පවු තේරුම් ගැනීමේ ශක්තියක් තිබුනට එකෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැති මනුස්සයෙක්.
|
 |
Senior Member
|
|
Posts: 608
Join Date: Feb 2016
|
|
12-20-2016, 09:05 PM
|
Senior Member
|
|
Posts: 2,371
Join Date: Feb 2010
|
|
01-12-2017, 03:04 PM
Quote:
Originally Posted by ජිංතක ජිල්ලබකිට
|
පින්වත් ජිංතක ජිල්ලබකිට,
ඔය කාරණාවට අදාල දහම් කරුණු ටිකක් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ සළායතන වග්ගයේ වෙදනා සංයුත්තයේ අට්ඨසතපරියාය වග්ගයේ මොළියසීවක සූත්‍රයේ [ http://thripitaka.org/view/sp/sp10/462 ] තිබෙනවා. බුදු පියානන් එහිදී මෙසේත් සඳහන් කර තිබෙන බව දැකිය හැකියී:
Quote:
සීවක, එහි ලා යම් ඒ මහණ බමුණු කෙනෙක් "මේ පුරිස්පුඟුල් තෙමේ සුව වූ හෝ දුක් වූ මැදහත් වූ හෝ යම් කිසි වේදනාවක් විදී නම් ඒ සියල්ල පෙර කළ කම් හේතු කොටගෙන ය"යි මෙබඳු වාද ඇත්තාහු නම් මෙබඳු දිටු ඇත්තාහු නම් (ඔහු) යමකුන් තමා විසින් දන්නා ලද්දේ නම් එයත් ඉක්ම යෙති. යමකුන් ලොව සැබෑ ය යි සම්මත නම් එයත් ඉක්ම යෙති. එහෙයින් ඒ මහණ බමුණන්ගේ (බස) මුසා ය යි කියමි.
|
Skylark
|
 |
Senior Member
|
|
Posts: 405
Join Date: Aug 2015
|
|
01-12-2017, 03:43 PM
Quote:
Originally Posted by Skylark
පින්වත් ජිංතක ජිල්ලබකිට,
ඔය කාරණාවට අදාල දහම් කරුණු ටිකක් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ සළායතන වග්ගයේ වෙදනා සංයුත්තයේ අට්ඨසතපරියාය වග්ගයේ මොළියසීවක සූත්‍රයේ [ http://thripitaka.org/view/sp/sp10/462 ] තිබෙනවා. බුදු පියානන් එහිදී මෙසේත් සඳහන් කර තිබෙන බව දැකිය හැකියී:
Skylark
|
Thanks for sharing. You're great at pointing out Suttas. I sincerely believe that merit will come to you someday when you're in need.
BTW I think you're still missing the point. Pubbekathahethuwada is irrelevant right now in this discussion.
And Pinwath Jinthaka seems unable to grasp the teachings of the Suttas like you do. So please don't mislead him or the others (like Pinwath Haravrd-Bio) and fuel their hatred. As they seem to be not have attained the Sowan Pala like you, they may end up in Dugathi just because of their hatred towards others.
|
Senior Member
|
|
Posts: 2,371
Join Date: Feb 2010
|
|
01-12-2017, 08:21 PM
පින්වත් ජිංතක ජිල්ලබකිට,
ඔබට පින් රාජගිරියේ අරියඥාණ හිමිගේ ඉහත බොරුවත් බොරුවක් ලෙසින් ගෙන හැර පෑවාට. රාජගිරියේ අරියඥාණ හිමි සම්බුද්ධ සාසනය මහා පරිමාණයෙන් සෝදාපාලුවට ලක් කරන බව එහිමියන්ගේ වචන හරඹ අහලා එතෙකින්ම පිලිගන්න, ඒ කියන්නේ මොනවාදැයි නුනුවනින් විමසන අයට තේරුම් ගන්න අමාරුයි.
උදාහරණයකට දිවයින පුවත් පතේ පළව ඇති "මහරහතුන් වැඩි මඟ ඔස්සේ" යැයි දක්වා ඇති මේ ලිපිය බලන්න: http://www.divaina.com/2011/08/28/feature02.html
එහි මෙහෙම සඳහන් වෙනවා:
Quote:
ඔබ විනය දැඩි ලෙස රකින්නේ යෑයි විනයට ඇලෙමින් ජීවත්වන්නේ නම් එයද කෙළෙස් ධර්මයකි.
|
ලිපියේ ඉතුරු ටිකත් කියවා බලන්න. රාජගිරියේ අරියඥාණ හිමියන් එපරිද්දෙන් "කෙළෙස් ධර්මයකි" යැයි පවසා ඇත්තේ සම්බුද්ධ සාසනයේ උත්තම පුද්ගලයින්ගේ ස්වරූපයකට. අණුමාත්‍ර වරදෙහි බිය වන්න යැයි බුදුරජානන් වහන්සේ නැවත නැවත පවසා තිබෙනවා. උදාහරණයකට ත්‍රිපිටකයේ සංයුත්ත නිකායේ මහාවග්ගයේ සතිපට්ඨාන සංයුත්තයේ අමත වග්ගයේ පාතිමොක්ඛ සූත්‍රය [ http://thripitaka.org/view/sp/sp11p1/362 ] දැක්විය හැකියී. එහි මෙසේ සඳහන්:
Quote:
මහණ, එහෙයින් මෙහි ලා තෙපි කුසල්දහම්හි මුල ම පිරිසිදු කරවු. කුසල්දහමුන්ගේ මුල කිමෙක් ද යත්: මහණ තෙපි මෙහි ප්රාතිමොක්ෂසංවරයෙන් සංවෘත ව ආචාරගොචරසම්පන්න ව අණුමාත්‍ර වූ ද වරදෙහි බිය දක්නාසුලු ව වෙසෙවු. සිඛපදෙහි සමාදන් ව හික්මෙවු. මහණ, යම්කලෙක තෙපි ප්රාතිමොක්ෂසංවරයෙන් සංවෘත ව ආචාරගොචරසම්පන්න ව අණුමාත්‍ර වූ ද වරදෙහි බිය දක්නාසුලු ව වෙසෙන්නහු නම් සිඛපදෙහි සමාදන් ව හික්මෙවු නම් මහණ, එකල තෙපි සීලය නිසා සීලයෙහි පිහිටා සිවුසීවටන් වඩාන්නහු.
|
තවද ත්‍රිපිටකයේ සංයුත්ත නිකායේ මහාවග්ගයේ සතිපට්ඨාන සංයුත්තයේ නාලන්ද වර්ගයේ උක්කචෙල සූත්‍රයේ [ http://thripitaka.org/view/sp/sp11p1/322 ] අවසානයේ දක්වා ඇති දේ බලන්න:
Quote:
මහණෙනි, යම්කිසි භික්ෂු කෙනෙක් දැන් හෝ මාගේ ඇවෑමෙහි හෝ තමා පිහිට කොට තමා සරණ කොට මෙරමා පිහිව නො කොට දහම පිභිට කොට දහම සරණ කොට අනිකක් පිහිට නො කොට වසන්නාහු ද, මහණෙනි, යම්කිසි කෙනෙක් ශික්ෂාකාමී වන්නාහු ද, මහණෙනි, ඒ මේ භික්ෂූහු අග්රතම වෙති යි.
|
ඔය ආකාරයට අණුමාත්‍ර වරදෙහි බිය වීම, ශික්ෂා පදයන්හි සමාදන්ව රැකීම බුදුරජානන් වහන්සේ පසසා තිබෙනවා. එහෙව් එකේ ඒ අග්‍ර ගුණාංගය රැකීම රාජගිරියේ අරියඥාණ හිමියන් දකින්නේ කෙළෙස් ධර්මයක් හැටියට. ඒ මදිවාට ඒ අධර්ම, අවිනය කථාව සමහරුන්ට "මහරහතුන් වැඩි මඟ ඔස්සේ" ලු!
රාජගිරියේ අරියඥාණ හිමි සම්බුද්ධ සාසනය මහා පරිමාණයෙන් සෝදාපාලුවට ලක් කරන බව එහිමියන්ගේ වචන හරඹ අහලා එතෙකින්ම පිලිගන්න, ඒ කියන්නේ මොනවාදැයි නුනුවනින් විමසන අයට තේරුම් ගන්න අමාරුයි.
Skylark
|
 |
Senior Member
|
|
Posts: 405
Join Date: Aug 2015
|
|
01-12-2017, 08:55 PM
Quote:
Originally Posted by Skylark
උදාහරණයකට දිවයින පුවත් පතේ පළව ඇති "මහරහතුන් වැඩි මඟ ඔස්සේ" යැයි දක්වා ඇති මේ ලිපිය බලන්න: http://www.divaina.com/2011/08/28/feature02.html
එහි මෙහෙම සඳහන් වෙනවා:
Quote:
ඔබ විනය දැඩි ලෙස රකින්නේ යෑයි විනයට ඇලෙමින් ජීවත්වන්නේ නම් එයද කෙළෙස් ධර්මයකි.
|
|
පින්වත් කමල් මහතාණෙනි,
භාග්‍යවතුන් වහන්සේ විසින් අලගද්දූපම සූත්‍රයේ දේශනා කළ පහත දක්වලා තියෙන දහම් කරුණ සහ ඔබගේ විවේචනයට ලක්වුණ රාජගිරියේ අරියඥාන තෙරුන්ගේ ලිපියේ ඇති කරුණ කියන මේ දෙකම ගැන තනි පොස්ට් එකක් ඇතුලේ පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද, කරුණාකර ධර්මය නිවැරදිව අවබෝධ කරගන්න උත්සාහයක් විදිහට මේ ඉල්ලීම සලකන්න.
Quote:
මහණෙනි, එපරිද්දෙන් මැ මා විසින් පසුර උපමා කොට ඇති ධර්මය දේශනා කරන ලදී. එය සසරින් එතෙර වීම පිණිස ය. ගැනුම පිණිස නො වේ. මහණෙනි, පසුර උපමා කොට තොපට දෙසන ලද ධර්මය දන්නා වූ තොප විසින් (ශමථවිදර්‍ශනා) ධර්ම යෝ ද හළ යුත්තාහ. අධර්මයෝ කැලමැ යි.
අලගද්දූපම සූත්‍රය
http://www.thripitakaya.org/tipitakaya/Index/39?s=121
|
Quote:
ඔබ විනය දැඩි ලෙස රකින්නේ යෑයි විනයට ඇලෙමින් ජීවත්වන්නේ නම් එයද කෙළෙස් ධර්මයකි.
|
|
Senior Member
|
|
Posts: 2,371
Join Date: Feb 2010
|
|
01-13-2017, 04:33 AM
පින්වත් ජිංතක ජිල්ලබකිට,
බලන්න මේ Superuser කියන පුද්ගලයාගේ ක්‍රියාව දිහා. මෙහි "පින්වත් කමල් මහතාණෙනි" කියා දහම් අවබෝධය පිණිස මගෙන් ඉල්ලීමක් කරනවාලු. මේ පුද්ගලයා අන් ත්‍රෙඩ් වලට ගිහිල්ලා මට දොස් කියනවා. මේ පුද්ගලයාගේ එම සුවචභාවයක් නැති දුර්වචභාවය දුටුවාම මට මතක් වෙන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායේ මූල පණ්ණාසකයේ සීහනාද වග්ගයේ අනුමාන සූත්‍රය [ http://thripitaka.org/view/sp/sp4/248 ]. එහි මෙහෙම සඳහන්:
Quote:
මා විසින් මෙසේ අසන ලදි: එක් කලෙක ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ භගු රට සුංසුමාරගිර නුවර සමීපයෙහි මිහිඟුගස් ඇති මුවළැව් උයන්හි වාස කෙරෙති. එහි දී ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ ඇවැත්නි, මහණෙනි,යි භික්ෂූන් ඇමැතූහු. ඒ භික්ෂූහු ඇවැත්නි, යි ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේට පිළිවදන් ඇස්වූහු. ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ තෙල දෙසූහ: ඇවැත්නි, යම් මැ මහණකු මම අයුෂ්මතුන් විසින් අවවාද අනුශාසනා වශයෙන් කියයුත්තෙම් වෙමි. ආයුෂ්මත්හු මට අවවාද අනුශාසනා වශයෙන් කරුණු කියත්වායි පවරතුදු, හෙ ද, දුර්වච වූයේ දුර්වචභාවය කරන (මතු එන සොළොස්) ධර්මයෙන් යුක්ත වූයේ, නො සහනුයේ, අනුශාසනය ඇදුරු කොට නොගන්නාසුලු වූයේ වේ නම්, එසේ ඇති කල්හි සබ්‍රහ්මචාරීහු ඔහු කියයුත්තකු කොට නො හඟිත්. අනුශාසනය කළයුත්තකු කොට නො හඟිත්. ඒ පුද්ගලයා කෙරෙහි විශ්වාසය එළවියයුතු කොට නො හඟිත්.
|
ඉතින් ඔවැනි පුද්ගලයින් "කරුණාකර ධර්මය නිවැරදිව අවබෝධ කරගන්න උත්සාහයක් විදිහට මේ ඉල්ලීම සලකන්න." යැයි කියා කීවත් සත්පුරුෂයෝ දන්නා දහමක්වත් කිව යුතු යැයි හිතන්නේ නැහැ. එම දුර්වචභාවයෙන් හෙබි පුද්ගලයා විශ්වාස කල යුතු යැයි හිතන්නෙත් නැහැ.
අනුමාන සූත්‍රයේ මෙසේත් සඳහන්:
Quote:
ඇවැත්නි, මහණ මම ආයුෂ්මතුන් විසින් කියයුත්තෙම් වෙමි. ආයුෂ්මත්හු මට (අවවාද වශයෙන්) කියත්වායි නො පවරතුදු හෙ ද සුවච වූයේ, සුවචභාවය කරන ධර්මයෙන් යුක්ත වූයේ, ඉවසන්නේ, අනුශාසනය ඇදුරු කොට ගන්නාසුලු වූයේ වේ නම්, එසේ ඇති කල්හි සබ්‍රහ්මචාරීහු ඔහු කියයුත්තකු කොට හඟිත්. අනුශාසනය කළයුත්තක් කොට හඟිත්. ඒ පුද්ගලයා කෙරෙහි විශ්වාසය එළවිය කොට හඟිත්.
|
ඉතින් සුවචභාවයෙන් යුක්ත පුද්ගලයින් දුටුවාම සත්පුරුෂයෝ ඒ පුද්ගලයා නොඉල්ලුවත් ඒ පුද්ගලයාට දහම් කියා දිය යුතු යැයි හිතනවා.
ඉතින් දුර්වචභාවයෙන් යුතු පුද්ගලයින් ධර්ම මාර්ගයේ අභිවෘද්ධියක් ලැබීම ඔවුන් විසින්ම බාධා කර ගන්නවා. ඔවැනි අයට රාජගිරියේ අරියඥාණ හිමි "ඔබ විනය දැඩි ලෙස රකින්නේ යෑයි විනයට ඇලෙමින් ජීවත්වන්නේ නම් එයද කෙළෙස් ධර්මයකි." යැයි අග්‍ර ස්වරූපයේ පැසසිය යුතු ගුණයක් කෙළෙස් ධර්මයක් ලෙස වරදවා කීවාම එසේ කීම දුභාෂිතයක් බව වටහා ගන්න අමාරුයි.
ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ පටිසම්භිදාමග්ගප්පකරණයේ සීලමය ඥානය [ http://thripitaka.org/view/sp/sp29/104 ] ගැන විස්තරයේ පරියන්ත සහ අපරියන්ත සීලය ලෙස සීලයේ බෙදීමක් විස්තර වෙනවා.
එහි පරියන්ත සීලය ගැන කියවෙන්නේ "මෙබඳු ශීලයෝ කැඩුණාහු සිදුරු වූවාහු ... ඒකාන්තනිර්වේදය පිණිස විරාගය පිණිස නිරොධය පිණිස උපශමය පිණිස අභිඥාව පිණිස සම්බෝධිය පිණිස නිර්වාණය පිණිස නො පවත්නා හු ය." ලෙසින්.
එහි අපරියන්ත සීලය ගැන කියවෙන්නේ "මෙබඳු ශීලයෝ අඛණ්ඩ වූවාහු අච්ඡිද වූවාහු... ඒකාන්තනිර්වේදය පිණිස විරාගය පිණිස නිරොධය පිණිස උපශමය පිණිස අභිඥාව පිණිස සම්බෝධිය පිණිස නිර්වාණය පිණිස පවත්නාහු යැ." ලෙසින්.
කියවලා බලන්නකෝ ඔය පරියන්ත සහ අපරියන්ත ලෙස දක්වා ඇති බෙදීම ගැන විස්තර. ජීවිත හේතුවෙන්වත් තමන් සමාදන් වන ලද ශික්ෂා පද බිදින්න සිතක්වත් නැති ඒ උත්තම පුද්ගලයින්ගේ, ඒ අග්‍ර පුද්ගලයින්ගේ අර්ථ සහිතව රකින ඒ උත්තම සීලය උත්තම සීලයක්ම ලෙස දැකිය යුතුව පැවතියදී විපරීත අදහස් ඇති සමහර පුද්ගලයින් ඒ උත්තම සීලය දකින්නේ කෙළෙස් ධර්මයක් හැටියට. එම උත්තම ගුණය කෙරෙහි කෙළෙස් දහමකැයි විපරීත අදහස් ඇති පුද්ගලයින්ගේ අධර්ම, අවිනය ප්‍රකාශ ගැන සමහර අය හිතන්නේ "මහරහතුන් වැඩි මඟ ඔස්සේ" කියලා. පෙර දැක්වූ සූත්‍ර වල තිබූ කරුණු වලට අමතරව පරියන්ත සීලය නිවන් පිණිස නොපවතී, අපරියන්ත සීලය නිවන් පිණිස පවතී යන පටිසම්භිදාමග්ගප්පකරණයේ සඳහන් විස්තර පරිද්දෙනුත් විපරීත අදහස් ඇති පිරිසගේ "මහරහතුන් වැඩි මඟ" යැයි කියනා සමහර කථාවන් හැබෑවටම "මහරහතුන් නොවැඩි මඟ" ලෙසින් දකින්න පුළුවන්.
රාජගිරියේ අරියඥාණ හාමුදුරුවෝ මේ සම්මා සම්බුද්ධ සාසනය පඹ ගාලක් කරනවා, නිවන් මඟ අපැහැදිලි කරනවා. නිවන් මඟ වසනවා. උත්තම සීලමය ගුණයක් කෙළෙස් ධර්මයක් යැයි කීවාම බොහෝ පිරිස් නොමඟ යනවා. නොමඟින් කෙසේ එතෙර වෙන්නද? පැටළුනු අය එතෙර වෙන්න කියා දුකම තමා බදා ගන්නේ.
Skylark
|
Senior Member
|
|
Posts: 1,785
Join Date: Jul 2012
|
|

01-13-2017, 04:47 AM
Quote:
Originally Posted by Skylark
පින්වත් ජිංතක ජිල්ලබකිට,
බලන්න මේ Superuser කියන පුද්ගලයාගේ ක්‍රියාව දිහා. මෙහි "පින්වත් කමල් මහතාණෙනි" කියා දහම් අවබෝධය පිණිස මගෙන් ඉල්ලීමක් කරනවාලු. මේ පුද්ගලයා අන් ත්‍රෙඩ් වලට ගිහිල්ලා මට දොස් කියනවා. මේ පුද්ගලයාගේ එම සුවචභාවයක් නැති දුර්වචභාවය දුටුවාම මට මතක් වෙන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායේ මූල පණ්ණාසකයේ සීහනාද වග්ගයේ අනුමාන සූත්‍රය [ http://thripitaka.org/view/sp/sp4/248 ]. එහි මෙහෙම සඳහන්:
ඉතින් ඔවැනි පුද්ගලයින් "කරුණාකර ධර්මය නිවැරදිව අවබෝධ කරගන්න උත්සාහයක් විදිහට මේ ඉල්ලීම සලකන්න." යැයි කියා කීවත් සත්පුරුෂයෝ දන්නා දහමක්වත් කිව යුතු යැයි හිතන්නේ නැහැ. එම දුර්වචභාවයෙන් හෙබි පුද්ගලයා විශ්වාස කල යුතු යැයි හිතන්නෙත් නැහැ.
අනුමාන සූත්‍රයේ මෙසේත් සඳහන්:
ඉතින් සුවචභාවයෙන් යුක්ත පුද්ගලයින් දුටුවාම සත්පුරුෂයෝ ඒ පුද්ගලයා නොඉල්ලුවත් ඒ පුද්ගලයාට දහම් කියා දිය යුතු යැයි හිතනවා.
ඉතින් දුර්වචභාවයෙන් යුතු පුද්ගලයින් ධර්ම මාර්ගයේ අභිවෘද්ධියක් ලැබීම ඔවුන් විසින්ම බාධා කර ගන්නවා. ඔවැනි අයට රාජගිරියේ අරියඥාණ හිමි "ඔබ විනය දැඩි ලෙස රකින්නේ යෑයි විනයට ඇලෙමින් ජීවත්වන්නේ නම් එයද කෙළෙස් ධර්මයකි." යැයි අග්‍ර ස්වරූපයේ පැසසිය යුතු ගුණයක් කෙළෙස් ධර්මයක් ලෙස වරදවා කීවාම එසේ කීම දුභාෂිතයක් බව වටහා ගන්න අමාරුයි.
ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ පටිසම්භිදාමග්ගප්පකරණයේ සීලමය ඥානය [ http://thripitaka.org/view/sp/sp29/104 ] ගැන විස්තරයේ පරියන්ත සහ අපරියන්ත සීලය ලෙස සීලයේ බෙදීමක් විස්තර වෙනවා.
එහි පරියන්ත සීලය ගැන කියවෙන්නේ "මෙබඳු ශීලයෝ කැඩුණාහු සිදුරු වූවාහු ... ඒකාන්තනිර්වේදය පිණිස විරාගය පිණිස නිරොධය පිණිස උපශමය පිණිස අභිඥාව පිණිස සම්බෝධිය පිණිස නිර්වාණය පිණිස නො පවත්නා හු ය." ලෙසින්.
එහි අපරියන්ත සීලය ගැන කියවෙන්නේ "මෙබඳු ශීලයෝ අඛණ්ඩ වූවාහු අච්ඡිද වූවාහු... ඒකාන්තනිර්වේදය පිණිස විරාගය පිණිස නිරොධය පිණිස උපශමය පිණිස අභිඥාව පිණිස සම්බෝධිය පිණිස නිර්වාණය පිණිස පවත්නාහු යැ." ලෙසින්.
කියවලා බලන්නකෝ ඔය පරියන්ත සහ අපරියන්ත ලෙස දක්වා ඇති බෙදීම ගැන විස්තර. ජීවිත හේතුවෙන්වත් තමන් සමාදන් වන ලද ශික්ෂා පද බිදින්න සිතක්වත් නැති ඒ උත්තම පුද්ගලයින්ගේ, ඒ අග්‍ර පුද්ගලයින්ගේ අර්ථ සහිතව රකින ඒ උත්තම සීලය උත්තම සීලයක්ම ලෙස දැකිය යුතුව පැවතියදී විපරීත අදහස් ඇති සමහර පුද්ගලයින් ඒ උත්තම සීලය දකින්නේ කෙළෙස් ධර්මයක් හැටියට. එම උත්තම ගුණය කෙරෙහි කෙළෙස් දහමකැයි විපරීත අදහස් ඇති පුද්ගලයින්ගේ අධර්ම, අවිනය ප්‍රකාශ ගැන සමහර අය හිතන්නේ "මහරහතුන් වැඩි මඟ ඔස්සේ" කියලා. පෙර දැක්වූ සූත්‍ර වල තිබූ කරුණු වලට අමතරව පරියන්ත සීලය නිවන් පිණිස නොපවතී, අපරියන්ත සීලය නිවන් පිණිස පවතී යන පටිසම්භිදාමග්ගප්පකරණයේ සඳහන් විස්තර පරිද්දෙනුත් විපරීත අදහස් ඇති පිරිසගේ "මහරහතුන් වැඩි මඟ" යැයි කියනා සමහර කථාවන් හැබෑවටම "මහරහතුන් නොවැඩි මඟ" ලෙසින් දකින්න පුළුවන්.
රාජගිරියේ අරියඥාණ හාමුදුරුවෝ මේ සම්මා සම්බුද්ධ සාසනය පඹ ගාලක් කරනවා, නිවන් මඟ අපැහැදිලි කරනවා. නිවන් මඟ වසනවා. උත්තම සීලමය ගුණයක් කෙළෙස් ධර්මයක් යැයි කීවාම බොහෝ පිරිස් නොමඟ යනවා. නොමඟින් කෙසේ එතෙර වෙන්නද? පැටළුනු අය එතෙර වෙන්න කියා දුකම තමා බදා ගන්නේ.
Skylark
|
පිංවත් ස්කයිලාක්,
ඔබ අසූචි තවරාගත් සූකරයන් මැද සිංහයෙක් වගේ මෙසේ උපරිමයෙන්ද, හැකි පමණින්ද ධර්මකරුනු නිවැරදිව ගෙනහැර පෑම අපේ මහා භාගයක්මැයි. තවත් බොහෝ දෙනෙක් මෙහි කමෙන්ට් නොකලාට මේවා බලා නිවැරදි ධර්මය මේ යැයි උගෙනගනීවී. මෙහි කමෙන්ට් නොකරන්නේ ඔවුන්ටත් ඔබට මෙන් පහර ගසා අවමන් කරන නිසායි. හැකි සෑම අවස්තාවකම මෙහි පැමිනෙන්න, අපට නිවැරදි ධර්මය කියා දෙන්න.
|
Posting Rules
|
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts
HTML code is Off
|
|
|
Copyright © 2006 - 2011 ElaKiri Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
|