ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page අභිරහස් නිල් එළිය
Reply
 
Thread Tools
(#71)
Old
TDI110's Avatar
TDI110 TDI110 is offline
Senior Member
TDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of lightTDI110 is a glorious beacon of light
 
Posts: 4,315
Join Date: Dec 2010
09-10-2019, 09:31 PM

niyamai
Reply With Quote
(#72)
Old
blue_in_rio's Avatar
blue_in_rio blue_in_rio is offline
Senior Member
blue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to behold
 
Posts: 12,916
Join Date: Jul 2011
Location: අපිත් කොළඹ කොල්ල
Send a message via Skype™ to blue_in_rio
09-11-2019, 09:36 AM

UP
Reply With Quote
(#73)
Old
gangsterz's Avatar
gangsterz gangsterz is offline
Senior Member
gangsterz is a glorious beacon of lightgangsterz is a glorious beacon of lightgangsterz is a glorious beacon of lightgangsterz is a glorious beacon of lightgangsterz is a glorious beacon of lightgangsterz is a glorious beacon of lightgangsterz is a glorious beacon of lightgangsterz is a glorious beacon of lightgangsterz is a glorious beacon of lightgangsterz is a glorious beacon of lightgangsterz is a glorious beacon of light
 
Posts: 5,094
Join Date: Dec 2008
09-11-2019, 10:43 AM

bump
Reply With Quote
(#74)
Old
Naughtykolla48's Avatar
Naughtykolla48 Naughtykolla48 is offline
Senior Member
Naughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to all
 
Posts: 4,423
Join Date: Nov 2017
Location: හඳට කිට්ටුව
09-11-2019, 12:02 PM

Quote:
Originally Posted by rangana26 View Post
අභිරහස් නිල් එළිය 8

ඇත්තටම ඒක විශ්මිත වගේම අද්විතීය තාක්ෂණයක්. කාමරයේ සිවිලිම විනිවිද පෙනෙන තත්වයට පත් උනා මම ස්විච් එක තද කල සැනින්ම. අහසෙ තියෙන තරු රටා සඳ පවා පැහැදිලිව කාමරයේ සිවිලිම හරහා දැක ගන්න පුලුවන් උනා. මට දැනුනෙ මම සියුම් වීදුරු තහඩුවක් හරහා අහස දිහා බලාගෙන ඉන්නවා වගෙයි. ඒතරම්ම පැහැදිලි පාරදෘශ්‍ය මාධ්‍යයක් බවට කාමරයේ සිවිලිම පත්වෙලා තිබුනා. අදහාගත නොහැකි මේ තාක්ෂණයේ හිමිකරුවන් කවුද කියලා හිතාගන්න බැරුව මම සම්පූර්ණයෙන්ම අවුල් වෙලයි හිටියෙ. ස්නායු වලට දැනුනු දරාගත නොහැකි පීඩනය නිසා මට ක්ලාන්ත ගතියක් දැනුන නිසා මම ඇඳේ වාඩි උනා. මම වාඩි වෙච්චි සැනින් ගල් පෘෂ්ඨයක් වෙච්චි ඇඳේ උඩ කොටස ත්‍රිබල් ලේයර් ෆෝම් මෙට්ටයකටත් වඩා සුමුදු සුවපහසු ස්වභාවයකට පත් උනා. මගේ මානසික මට්ටම ගැන මට තිබුනු විශ්වාසය ටිකින් ටික මගෙන් ඈතට ගියා වගේ මට දැනුනා. ඇත්තටම මට පිස්සු හැදිලද කියලා හිතාගන්න බැරි පුලුවන් මට්ටමක තමයි මම හිටියෙ.
කාමරයේ දොර ඇරගෙන සාලිත කාමරයට ආවෙ ඒ වෙලාවෙ.
වාව්....
අහස නේද? මේ පේන්නෙ සාලිත ඇහුවෙ විශ්මයට පත්වෙලා.

"සර් කොහොමද මේක උනේ"
සාලිත ඇහුවෙ ටිකක් වෙලා සිවිලිම දිහාව බලාගෙන ඉඳලා.
"ස්විච් එක එබුවම ඕක උනේ"
මම කිව්වෙ බිත්තියෙ තිබිච්ච ස්විච් එක සාලිතට පෙන්වන ගමන්.

"සර් මේක එච්චර හොඳ තැනක් නෙවෙයි. අපි ඉක්මනට මේකෙන් එලියට යමු".
සාලිත මගෙ උරහිසින් අල්ලාගෙන කිව්වා.

"අපි මේ කාමරය විතරක් සම්පූර්ණයෙන්ම බලලා ඉවර වෙලා එලියට යන්න දොර ඇරගන්න විදිහක් බලමු. ඔක්කොටම කලින් කළු මාමාව හොයාගෙන ඉන්න ඕනි."

මම කිව්වෙ සාලිතගෙ ඇඟට බරවෙලා නැගිටින ගමන්. දණහිස් පණ නැති වෙන තරමටම ස්නායු කම්පනය වෙලා තිබුණත් මට ඕනි උනේ මේක ගැන තවත් ටිකක් හොයලා බලන්න.

"මේක පුදුමාකාර අදහාගන්න බැරි ටෙක්නොලොජි එකක් තියන තැනක් සාලිත. මේ කාමරයේ තියන හැමදේම මට තේරෙන විදිහට ඇඩ්වාන්ස් නැනෝ ටෙක්නොලොජි එකෙන් නිපදවපු දේවල් වෙන්න ඕනි. දැනට මම දන්න තරමට ලෝකයේ කිසිම තැනක මේ තරම් දියුණු තාක්ෂණයක් නෑ".
මම කිව්වෙ කාමරයෙ වටේට ඇවිදින ගමන්.

"මේක පිටසක්වල උන්ගෙ පරීක්ෂණ මධ්‍යස්ථානයක්ද දන්නෙ නෑ නේද සර්."
සාලිත කිව්වෙ අධික තැතිගැන්මට පත්වෙලා.

"අනේ සර් අප්පොච්චා. උන් අප්පොච්චව අල්ලගෙන මොනව කරනවද දන්නෙ නෑ".
සාලිත දෑතින්ම හිස බදාගෙන බිම වාඩිඋනා.

"සාලිත, මේක පිට සක්වලයන්ගෙ තැනක් වෙන්න බෑ. උන්ගෙ තැනක් නම් උන් මේක හදන්නෙ උන් එන යානයත් ඇතුල් කරගන්න පුලුවන් විදිහට මිසක් යානෙ ගල්තලාවෙ නතර කරලා පයින් මේක ඇතුලට එන විදිහට නෙවෙයි."
මම කිව්වෙ සාලිතගෙ පිටට තට්ටුවක් දාල මිනිහට නැඟිටින්න අත දික් කරන ගමන්.

"මම ඕනි ඔට්ටුවක් අල්ලනවා මේක ඇතුලෙ අපි තුන්දෙනා විතරයි ඉන්නෙ කියලා."

බිත්තියෙ තිබිච්ච තවත් ස්විච් එකක් ඔබන
ගමන් මම කිව්වා.
ඒ ස්විච් එකෙන් බිත්තියෙ තිබිච්ච අපි මෙච්චර වෙලා නොදැක්ක තවත් දොරක් ඕපන් උනා.

"මොන මගුලක්ද යකෝ මේකෙ තියන අබිරහස් ඉවර වෙන්නෙම නැද්ද "

සාලිත කිව්වෙ විවෘත වෙච්චි දොරෙන් ඇතුලට රිංගන ගමන්.

"සර් මේ බලන්න මේක ඇටෑච් බාත් රූම් එකක්". සාලිත කෑ ගැහුවා.
මමත් විවෘත වෙච්චි දොරෙන් ඇතුලට ඔලුව දාලා බැලුවෙ සාලිතගෙ කෑ ගැහිල්ලට. ඇත්තටම ඒක අංග සම්පූර්ණ බාත්‍ රූම් එකක්. වෙනසකට තිබුනෙ ජල නල පද්දතියක් කරාම කොතනකවත් දකින්න තිබුනෙ නැති එක විතරයි. බාත් ටබ් එකක් කොමඩ් එකකට හැඩහුරු කමින් බොහෝ සෙයින් සමාන උපකරණයක් හා වොෂින් බේසමක් බාත් රූම් එකේ තිබුනා. තිබිච්ච එකම ගැටලු මේකෙ ජල සැපයුමක් නැතිවීම විතරයි.

" මේ තරම් අංග සම්පූර්ණව මේක නිර්මාණය කරන්න පුලුවන් තරම් තාක්ෂණයක් තිබුනු පුද්ගලයින්ට මේකට වතුර සපයන්න බැරි උනා කියලා හිතන්න බෑ සර්. මේකෙත් මොකක් හරි මැජික් එකක් ඇති"
සාලිත කිව්වෙ මගෙ හිත කියෙව්වා වගේ. මෙච්චර වෙලාවක් මෙතනින් ඉක්මනට පිට වෙන්න දඟලපු සාලිතටත් දැන් ඕනි වෙලා තියෙන්නෙ මේකෙ තියන මැජික් මොනවද කියලා හොයලා බලන්න.

මම වොෂින් බේසමට අත දාලා බැලුවෙ කොතන හරි ඒකටත් ස්විච් එකක් තියනවද බලන්න හිතාගෙන. ක්ෂණිකවම වොෂින් බේසම වතුරෙන් පිරෙන්න ගත්තෙ මට වෙන්නෙ මොකක්ද කියලා හිතාගන්න වෙලාවක් නැතුව. මම වොෂින් බේසමෙන් අත එලියට ගත්තු ගමන්ම ක්‍රමයෙන් වොෂින් බේසමේ වතුර මට්ටම අඩුවෙලා ගිහින් තත්පර කිහිපයකින් වොෂින් බේසම මුලුමනින්ම වියලි තත්වයට පත් උනා. මම ආයෙමත් පාරක් වොෂින් බේසමට අත ඔබලා පරිස්සමින් බලාගෙන හිටියෙ කොහෙන්ද වොෂින් බේසමට වතුර පිරෙන්නෙ කියලා හොයා ගන්න. ඒක ඇත්තම මැජික් එකක් විනාඩි කිහිපයකින් වොෂින් බේසම සම්පූර්ණයෙන්ම පිරුණත් වතුර එන තැනක් මට හොයාගන්න බැරි උනා.

"සාලිත, මෙහෙ වරෙන් කොල්ලො මැජික් එකක් පෙන්නන්න. "

මම සාලිතට අඬගැහුවෙ වොෂින් බේසමෙන් අත අහකට ඇරගෙන ඒක හොඳටම වේලෙන්න ඇරලා.

"ඔන්න බලපං වතුර ගන්න හැටි"

මං කිව්වෙ වොෂින් බේසමට අත ඔබන ගමන්.

"අම්මට සිරි, මම හිතුව මේ මැජික් ගුහාවෙ ඕකටත් මොකක් හරි මැජික් එකක් ඇති කියලා. ඒත් කොහෙන්ද සර් මේකට වතුර එන්නෙ"

සාලිත ඇහුවෙ වොෂ් බේසමේ පිරිච්ච වතුරට අත ඔබලා අත සෝදගන්න ගමන්.

"අනේ මන්දා සාලිත මට හිතාගන්න බෑ. සමහර විට වොෂ් බේසමේ වෝල් එක ශුද්‍ර නාල ගොඩකින්ද දන්නෑ හැදිලා තියෙන්නෙ. කොහොම උනත් අපිට වඩා යුග ගානක් ඉස්සරහින් තියන ටෙක්නොලොජි එකක් මේක ඇතුලෙ තියෙන්නෙ."
මං කිව්වා.

"මේ ස්විච් එක මොකක්ද"
සාලිත ඇහුවෙ බිත්තියෙ වොෂ් බේසමට උඩින් තිබිච්චි ස්විච් එකක් තද කරන ගමන්.

සාලිත ඒ ස්විච් එක ඔබපු ගමන් වොෂ් බේසමට උඩින් තිබිච්ච් බිත්තියෙ අඩි 2 × 2 විතර ප්‍රදේශයක් මුහුණ බලන කණ්නාඩියක් බවට පරිවර්තනය උනා.

මේක නම් මැජික් ගුහාවක් සර්. මට හිතාගන්න බෑ මොකාද මේ කැලෑව මැද්දෙ මේ වගේ තැනක් හැදුවෙ කියලා. මොන අරමුණකින් හදපු එකක්ද මේක අනික මේ තරම් තාක්ෂණයක් කොහෙන්ද දැනටත් මේ ලෝකෙ නැති තාක්ෂණයක් මේක හදන්න පාවිච්චි කරලා තියෙන්නෙ. ඉතිං සර් තවමත් කියනවද මේක පිටසක්වල එවුන්ගෙ වැඩක් නෙවෙයි කියලා. උන් දැනටත් කොහේට හරි වෙලා බලාගෙන ඇති අපි මේ එක එක ස්විච් ඔබ ඔබා වඳුරො වගේ නටන නාඩගම දිහා. උන් මගෙ අප්පොච්චව අල්ලගෙන ඇති සර්. උන් අපි ඔක්කොම අල්ලා උන්ගෙ පරීක්ෂණ වලට ගනීවි සර්.
සාලිත පිස්සුවෙන් වගේ කියවන්න ගත්තා.

"සාලිත පිස්සු කියවන්නෙ නැතුව ඉන්න පුතා. මෙහෙ ඇති පිටසක්වලයෙක් නෑ. අපි දැන් ඔයාගෙ තාත්තව හොයන්න යං. මට හොඳටම විස්වාසයි කළු මාමත් අපි වගේම අන්දුන් කුන්දුන් වෙලා ඇත්තෙ."
මම සාලිතගෙ කර උඩින් අතක් දාගෙන කිව්වා. මොකක්දෝ නොතේරෙන හේතුවක් හින්දා මට මේක පිටසක්වල උන්ගෙ තැනක් කියල හිතුනෙම නෑ. මට ඒ හැම දෙයක්ම පෙනුනෙ මිනිස්සුන්ගෙ පාවිච්චියට හදපු තැනක සලකුණු.

"නෑ සර් මේක පිටසක්වල උන්ගෙ තැනක්. නැත්තම් මේ වගේ අපි හාංකවිසියක්වත් නොදන්න තාක්ෂණයක් ලෝකෙ කොහෙද තියෙන්නෙ. මේ ගුහා සංකීර්ණය හදන්න මිනිස්සු වැඩකලා නම් ඒක අපේ ගම් පලාතෙ මිනිස්සු දැනගන්න ඕනි. මේ කාමර හදනකොට හාරල අයින් කරපු ගල් කොහේටද දැම්මෙ. එහෙනම් ඒවා ගල්තලාව අවට හැමතැනම තියෙන්න ඕනි. සර් ඔලුවෙන් හිටගෙන කිව්වත් මේක පිටසක්වල උන්ගෙ තැනක් නෙවෙයි කියලා මට පිලිගන්න බෑ."
සාලිත මුරණ්ඩු විදිහට කිව්වා.

"පුලුවන් තරම් ඉක්මනට අප්පොච්චවත් එක්කගෙන මේකෙන් එලියට යමු. නැත්තම් පිටසක්වලයො අපිව මරාගෙන කෑවත් නැතත් කෑම නැතුව අපි කොහොමත් මැරෙනවා."
සාලිත බාත් රූම් එකෙන් පිටවෙන ගමන් නොරිස්සුමෙන් කිව්වා.

"හරි අපි මුලින්ම කළු මාමව හොයාගමු."
කාමරෙන් එලියට ඇවිත් දොර වහන්න ස්විච් එක තද කරන ගමන් මම කිව්වා. මම ස්විච් එක තද කරනකොටම මුලු කොරිඩෝඑකම ලා නිල්පාට ආලෝකයකින් ඒකාලෝක උනා. ඒ එලියෙන් මම දැක්කා මම ප්‍රෙස් කරලා තියෙන්නෙ ස්විච් එක ලඟම තවත් ස්විච් එකක් තියනවා කියලා. මම ඒ ස්විච් එක එබුවහම කාමරයේ දොර වැහිලා ගියා. කෙලවරක් නොපෙනුනු කොරිඩෝව දිගේ මමයි සාලිතයි පරිස්සමින් ඇවිදගෙන ඉස්සරහට ගියා.

නමවන කොටසින් හමුවෙමු.....
TFS
Reply With Quote
(#75)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is offline
Senior Member
LazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant future
 
Posts: 50,288
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
Send a message via ICQ to LazyLizard
09-11-2019, 12:06 PM

ඇටෑච් බාත්රුම් මූන බලන කන්නාඩි අනං මනං දාල කතාව අප්සට් උනා හැබැයි
Reply With Quote
(#76)
Old
navinnuwan's Avatar
navinnuwan navinnuwan is offline
Senior Member
navinnuwan is a name known to allnavinnuwan is a name known to allnavinnuwan is a name known to allnavinnuwan is a name known to allnavinnuwan is a name known to allnavinnuwan is a name known to allnavinnuwan is a name known to allnavinnuwan is a name known to allnavinnuwan is a name known to allnavinnuwan is a name known to allnavinnuwan is a name known to all
 
Posts: 5,506
Join Date: Sep 2006
09-11-2019, 12:19 PM

Quote:
Originally Posted by LazyLizard View Post
ඇටෑච් බාත්රුම් මූන බලන කන්නාඩි අනං මනං දාල කතාව අප්සට් උනා හැබැයි
මටත් හිතුන එක නම්
Reply With Quote
(#77)
Old
rangana26 rangana26 is offline
Senior Member
rangana26 has a spectacular aura aboutrangana26 has a spectacular aura aboutrangana26 has a spectacular aura aboutrangana26 has a spectacular aura aboutrangana26 has a spectacular aura about
 
Posts: 3,987
Join Date: Feb 2013
09-11-2019, 12:23 PM

Quote:
Originally Posted by LazyLizard View Post
ඇටෑච් බාත්රුම් මූන බලන කන්නාඩි අනං මනං දාල කතාව අප්සට් උනා හැබැයි
ඔව් මටත් එහෙම හිතුන
ලියන එකාට කියන්න ඕනේ කැටයම් ටිකක් අඩු කරලා ලියන්න කියලා
Reply With Quote
(#78)
Old
Thunderhawk's Avatar
Thunderhawk Thunderhawk is offline
Senior Member
Thunderhawk is a glorious beacon of lightThunderhawk is a glorious beacon of lightThunderhawk is a glorious beacon of lightThunderhawk is a glorious beacon of lightThunderhawk is a glorious beacon of lightThunderhawk is a glorious beacon of lightThunderhawk is a glorious beacon of lightThunderhawk is a glorious beacon of lightThunderhawk is a glorious beacon of lightThunderhawk is a glorious beacon of lightThunderhawk is a glorious beacon of light
 
Posts: 2,433
Join Date: Nov 2013
laugh 09-11-2019, 01:10 PM

Quote:
Originally Posted by LazyLizard View Post
ඇටෑච් බාත්රුම් මූන බලන කන්නාඩි අනං මනං දාල කතාව අප්සට් උනා හැබැයි

ඒකනේ බං
හෙන මාන්දමික ෆීලින් එකක් ආවා
ගල උඩ නැගල ඇඟේ බරට ගල් දොර ඇරුනේ. ඇතුලට ගියාම විසි එක්වෙනි ශතවර්ශේටත් එහා ගිය නැනෝ ටෙක්නොලොජි වලින් ලයිට් පත්තු වෙන්නේ. මේ මොන හුයන්නක්ද බොල. ෆිල්ම් එකක මුලටික ලංකාවේ ගෝතකරුම අධ්‍යක්ෂක වරයෙක් අධ්‍යක්ෂණය කරලා, ඌ හදිස්සියේ මැරිලා, ෆිල්ම් එකේ ඉතුරු ටික ස්ටීවන් ස්පීල්බර්ග්ට අධ්‍යක්ෂණය කරන්න දුන්න වගේ.
Reply With Quote
(#79)
Old
tanujaprabath's Avatar
tanujaprabath tanujaprabath is offline
Senior Member
tanujaprabath is just really nicetanujaprabath is just really nicetanujaprabath is just really nicetanujaprabath is just really nicetanujaprabath is just really nicetanujaprabath is just really nicetanujaprabath is just really nice
 
Posts: 1,333
Join Date: Dec 2011
Send a message via AIM to tanujaprabath
09-11-2019, 01:48 PM

Quote:
Originally Posted by Thunderhawk View Post

ඒකනේ බං
හෙන මාන්දමික ෆීලින් එකක් ආවා
ගල උඩ නැගල ඇඟේ බරට ගල් දොර ඇරුනේ. ඇතුලට ගියාම විසි එක්වෙනි ශතවර්ශේටත් එහා ගිය නැනෝ ටෙක්නොලොජි වලින් ලයිට් පත්තු වෙන්නේ. මේ මොන හුයන්නක්ද බොල. ෆිල්ම් එකක මුලටික ලංකාවේ ගෝතකරුම අධ්‍යක්ෂක වරයෙක් අධ්‍යක්ෂණය කරලා, ඌ හදිස්සියේ මැරිලා, ෆිල්ම් එකේ ඉතුරු ටික ස්ටීවන් ස්පීල්බර්ග්ට අධ්‍යක්ෂණය කරන්න දුන්න වගේ.
Reply With Quote
(#80)
Old
maxtalker's Avatar
maxtalker maxtalker is offline
Senior Member
maxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of light
 
Posts: 1,458
Join Date: Oct 2007
09-11-2019, 03:33 PM

Quote:
Originally Posted by LazyLizard View Post
ඇටෑච් බාත්රුම් මූන බලන කන්නාඩි අනං මනං දාල කතාව අප්සට් උනා හැබැයි
Reply With Quote
Reply

Bookmarks

Tags
ගූnp media, නාමල් සර්, සිරිකොත කොලු මඩම, හාමුගේ කොල්ලෝ, hamuge puke eliya, ranil sirrrrr

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02846 seconds with 9 queries