ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > ElaKiri Traveler > Travel Sri Lanka
Reload this Page උඩුවක ඇල්ල ### දුනුමාල ඇල්ල ### දේවින් පැන්න ඇල&
Reply
 
Thread Tools
(#1)
Old
ravinperera206's Avatar
ravinperera206 ravinperera206 is offline
Senior Member
ravinperera206 is a jewel in the roughravinperera206 is a jewel in the roughravinperera206 is a jewel in the roughravinperera206 is a jewel in the roughravinperera206 is a jewel in the roughravinperera206 is a jewel in the rough
 
Posts: 775
Join Date: Dec 2012
laugh උඩුවක ඇල්ල ### දුනුමාල ඇල්ල ### දේවින් පැන්න ඇල& - 09-02-2017, 06:23 PM

උඩුවක ඇල්ල ### දුනුමාල ඇල්ල ### දේවින් පැන්න ඇල්ල



උඩුවක ඇල්ල --දුනුමාල ඇල්ල --දේවින් පැන්න ඇල්ල යන නම් සියල්ලෙන්ම කියවෙන්නේ එකම ඇල්ල තමයි. මෙම සුන්දර ලලනාවිය පිහිටා ඇත්තේ අත්තනගල්ල ගලපිටමඩ මාර්ගයේ දුනුමාල නම් වූ ප්‍රදේශයේ ය.
ගමනට සහභාගී වූයේ මමත් තවත් මිතුරන් දෙදෙනෙකුත් පමණි. එදින අප තිදෙනාටම නිවාඩු දිනයක් වූ බැවින් හදිසියේම කොහේ හෝ යමු දැයි කතිකා කර ගතිමු.ඒ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් වශයෙන් තිදෙනාම එකහෙලාම දුනුමාල ඇල්ල බලන්නට යමු යයි තීරණය කළෙමු.
වැඩි බයිලා අනම් මනම් අවශ්‍ය නැත..මේ තැනට එන මාර්ගය වනුයේ (කොළඹ සිට එන්නකුට)
කොළඹ ->නිට්ටඹුව -> අත්තනගල්ල -> අල්ගම -> දුනුමාල





ඔන්න සිතියම....

අපි නම් ගියේ නිට්ටඹුව අත්තනගල්ල හරහා...



http://sandeepajayasinghe.blogspot.com/2014/05/

මෙන්න මේ යාළුවාගේ බ්ලොග් එකේ ඔක්කොම විස්තර තියේ..ඕන උන් කියවපල්ලා....(සංදීප ජයසිංහ සහෝදරයා ඔබට ස්තූතී)
මේ ඇල්ල පිළිබද රස කතා ගොඩක් තියේ....
අත්තනගල්ල ගලපිටමඩ මාර්ගයේ පැමිණ දුණුමාල හන්දියෙන් වමට හැරී ටික දුරක් ගමන් කළ විට මෙන්න මේ කඩය හමු වනවා..










එතනින් එහාට පාගමනේ තමයි ඉතිං....එම ස්ථානයේ වාහනය නතර කිරීමේ පහසුකම් තිබේ.හැබැයි පොඩි ගානක් ගන්නවා.




මෙන්න මෙහෙම බැනර් එකකුත් ගහලා තිබුනාට ක්‍රියාත්මක වන බවක් නම් තිබුනේ නැත....පොලිසිය සිටිය ද මත්පැන් නම් යහමින් කට්ටිය අරගෙන එන පාටයි..බිව්වට කමක් නැත..අශෝබන හැසිරීම් හා බෝතල් කටු තමයි අවුල...




ඇල්ලට යන පාර.....









ඔන්න දැන් ඇල්ල කිට්ටුවම.....







මෙම පුවරු සවිකළ ආයතනයන්ට අපගේ හදපිරි ප්‍රණාමය....

මෙම ලළනාවිය අඩි 40-45 ක් පමණ උස් වන අතර එහි සුන්දරත්වයට උසින් අඩු බව නම් බලපෑමක් එල්ල නොකරයි..ඇල්ලෙහි ජලය වැටෙනා ස්ථානයටම ගමන් කළ හැකි වුව ද තරමක ලිස්සන ස්වභාවයක් ද ඇති හෙයින් තමාගේ ආරක්ෂාව තමන්ම සපයා ගැනීම වඩා සුදුසු වේ..අප නම් ඇල්ලෙහි වතුර වැටෙනා ස්ථානයටම ගොස් නා ගතිමු..ඇල්ලෙන් ජලය ඇඟට වැටෙනා විට ගල් වලින් ගසන්නාක් මෙන් දැණුන ද එය අප හට නම් මහත් සුවදායි බවක් ගෙන දුනි..










ආ....හ්...නංගිලා නානවා වගේ.....


නංගිලා විතරක් නෙවෙයි මල්ලිලත් නාන්නේ....








මෙහි පවුල් පිටින් පැමිණ විනොද විය හැකි ස්ථානයකි...














මෙහි ඇල්ල පහළ ඉතාම ආරක්ෂිතව ස්නානය කිරීම සඳහා වූ තටාකයක් පවතී.මෙය ඉතා ගැඹුරු නොවන අතර අඩි 4ක් පමණ වේ.


පැය දෙකකටත් වඩා ජලයේ සිටි අපට ඉන් දැන්වත් ඉවත්ව යන්නට යයි අණ කරමින් කිඹුහුමක් දෙකක් පිටවූයෙන් අප ගොඩබිම කරා සේන්දු උනෙමු..

ඇල්ල අවට නිරීක්ෂණය කළ අපට දැක ගන්නට හැකි වූයේ නම් සතුටු දායක පරිසරයක් නොවේ ය.



තැන තැන දමා ඇති නරිජ්ජ වතුර බෝතල් ද සිසිල් පැන් බෝතල් ද වෙනත් නොදිරණ අපද්‍රව්‍ය නිසා අවට පරිසරයේ සුන්දරත්වයට වින කටිමින් පවතී.තවත් භයානක තත්ත්වයක් වනුයේ බිඳ දමාඇති මත් පැන් බෝතල් ය. මෙය කාගේ හෝ කකුලක් පසාරු කර යාම නම් නොවැලැක්විය හැකි ය. මෙවැනි අමන ක්‍රියාවන් පරිසරයට ආදරය කරන අයෙකු අතින් නම් කිසිදා නොවනු ඇත.



අවසානයේ ....මෙම අගනා වැකියෙහි හරය සිතෙහි රඳවා ගනිමින් අප රටෙහි සුන්දර ස්ථාන නැරඹීමට යනවා නම් ඉතා අගනේ යයි මම සිතමි..
Reply With Quote
(#2)
Old
ashan_j's Avatar
ashan_j ashan_j is offline
Senior Member
ashan_j is a glorious beacon of lightashan_j is a glorious beacon of lightashan_j is a glorious beacon of lightashan_j is a glorious beacon of lightashan_j is a glorious beacon of lightashan_j is a glorious beacon of lightashan_j is a glorious beacon of lightashan_j is a glorious beacon of lightashan_j is a glorious beacon of lightashan_j is a glorious beacon of lightashan_j is a glorious beacon of light
 
Posts: 1,272
Join Date: Jul 2008
Location: 7.2906° N, 80.6337° E
Up 09-02-2017, 06:52 PM

Pattai Machan.

Habai allen ena wathura kelinma nana eka nam godak awadanm wadak

podi gal kallak e watura ekka awith oluwata watuna nam ati

TFS Rep +

Last edited by ashan_j; 09-02-2017 at 06:53 PM.
Reply With Quote
(#3)
Old
HKavinda's Avatar
HKavinda HKavinda is offline
Senior Member
HKavinda has much to be proud ofHKavinda has much to be proud ofHKavinda has much to be proud ofHKavinda has much to be proud ofHKavinda has much to be proud ofHKavinda has much to be proud ofHKavinda has much to be proud ofHKavinda has much to be proud ofHKavinda has much to be proud ofHKavinda has much to be proud ofHKavinda has much to be proud of
 
Posts: 21,435
Join Date: Dec 2013
Location: පානදුර
Send a message via ICQ to HKavinda Send a message via AIM to HKavinda Send a message via MSN to HKavinda Send a message via Yahoo to HKavinda Send a message via Skype™ to HKavinda
09-02-2017, 06:55 PM


T F S ! මචං
Reply With Quote
(#4)
Old
maxxan's Avatar
maxxan maxxan is offline
Senior Member
maxxan is a glorious beacon of lightmaxxan is a glorious beacon of lightmaxxan is a glorious beacon of lightmaxxan is a glorious beacon of lightmaxxan is a glorious beacon of lightmaxxan is a glorious beacon of lightmaxxan is a glorious beacon of lightmaxxan is a glorious beacon of lightmaxxan is a glorious beacon of lightmaxxan is a glorious beacon of lightmaxxan is a glorious beacon of light
 
Posts: 12,902
Join Date: Jul 2010
Location: thumpane>Melbourne, Australia
09-02-2017, 07:01 PM

bump
Reply With Quote
(#5)
Old
harindugamlath's Avatar
harindugamlath harindugamlath is offline
Senior Member
harindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to all
 
Posts: 24,576
Join Date: Dec 2008
09-02-2017, 07:02 PM

පට්ට බන්...
Reply With Quote
(#6)
Old
lalan755 lalan755 is offline
Senior Member
lalan755 has a spectacular aura aboutlalan755 has a spectacular aura about
 
Posts: 993
Join Date: Apr 2010
09-02-2017, 07:16 PM

bump
Reply With Quote
(#7)
Old
CorD SaC's Avatar
CorD SaC CorD SaC is offline
Senior Member
CorD SaC is just really niceCorD SaC is just really niceCorD SaC is just really niceCorD SaC is just really niceCorD SaC is just really niceCorD SaC is just really niceCorD SaC is just really niceCorD SaC is just really niceCorD SaC is just really niceCorD SaC is just really nice
 
Posts: 3,469
Join Date: Feb 2015
09-02-2017, 07:23 PM

bump
Reply With Quote
(#8)
Old
Mr Krrish's Avatar
Mr Krrish Mr Krrish is offline
Senior Member
Mr Krrish is a name known to allMr Krrish is a name known to allMr Krrish is a name known to allMr Krrish is a name known to allMr Krrish is a name known to allMr Krrish is a name known to allMr Krrish is a name known to allMr Krrish is a name known to allMr Krrish is a name known to allMr Krrish is a name known to allMr Krrish is a name known to all
 
Posts: 3,077
Join Date: Nov 2013
Location: දිව්‍ය ලෝකේ ✈✈
09-02-2017, 07:24 PM

පට්ට මචං
Reply With Quote
(#9)
Old
amilamadusanka123 amilamadusanka123 is offline
Senior Member
amilamadusanka123 is just really niceamilamadusanka123 is just really niceamilamadusanka123 is just really niceamilamadusanka123 is just really niceamilamadusanka123 is just really niceamilamadusanka123 is just really niceamilamadusanka123 is just really niceamilamadusanka123 is just really niceamilamadusanka123 is just really niceamilamadusanka123 is just really nice
 
Posts: 3,171
Join Date: May 2015
Up 09-02-2017, 07:43 PM

පට්ට මචං
Rep +
Reply With Quote
(#10)
Old
RottenCOLT's Avatar
RottenCOLT RottenCOLT is offline
Senior Member
RottenCOLT is a splendid one to beholdRottenCOLT is a splendid one to beholdRottenCOLT is a splendid one to beholdRottenCOLT is a splendid one to beholdRottenCOLT is a splendid one to beholdRottenCOLT is a splendid one to beholdRottenCOLT is a splendid one to beholdRottenCOLT is a splendid one to beholdRottenCOLT is a splendid one to beholdRottenCOLT is a splendid one to beholdRottenCOLT is a splendid one to behold
 
Posts: 17,214
Join Date: Oct 2011
09-02-2017, 08:04 PM

tfs +17
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 4.94155 seconds with 9 queries