ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Sihala Piyasa (Sinhala Literature Forum) > Nawakatha saha Ketikatha
Reload this Page සඳුනි (නොකියූ කතාව)
Reply
 
Thread Tools
(#1)
Old
chandima3010's Avatar
chandima3010 chandima3010 is offline
Senior Member
chandima3010 is just really nicechandima3010 is just really nicechandima3010 is just really nicechandima3010 is just really nicechandima3010 is just really nicechandima3010 is just really nicechandima3010 is just really nicechandima3010 is just really nice
 
Posts: 5,949
Join Date: Jul 2007
Location: Kurunegala
Love සඳුනි (නොකියූ කතාව) - 01-02-2016, 09:13 PM


සඳුනි
(නොකියූ කතාව)



කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසර අධ්‍යාපනය හදාරන යුධ හමුදා වෛද්‍ය ශිෂ්‍යයෙකු වන මගේ සායනික පුහුණුව අතර මුහුණ දුන් සත්‍ය සිදුවීම් ඇසුරින් ලියැවෙන "නොකියූ කතාව" මේ දවස්වල facebook ඉන්න අය කියවනව ඇති.

කීප දෙනෙකුගේ ඉල්ලීම මත මේ දවස් වල ජනප්‍රිය අලුත්ම තුන්කොන් සරසවි ප්‍රේමයක් ගැන කියැවෙන නොකියූ කතාව ElaKiri.com එකෙත් අද සිට සමගාමීව publish කරන්න බලාපොරොත්තු වෙනවා.
මේ සඳහා අවසර ලබාදුන් GTRZ සහෝට මම ‍ණයගැතියි.

සෑම සෙනසුරාදාවකම අලුත් කොටසක් බලාපොරොත්තු වෙන්න. කලින් ලියපු කතා මම හිමීට දාන්නම්

කියවන අයගේ පහසුවට මම මුල් පෝස්ට් එකේ කොටස් වල ලින්ක් සේරම දාන්නම්.

පළමු කොටස : http://www.elakiri.com/forum/showpos...42&postcount=2
දෙවන කොටස : http://www.elakiri.com/forum/showpos...0&postcount=32
තෙවන කොටස : http://www.elakiri.com/forum/showpos...6&postcount=52
සිව්වන කොටස : http://www.elakiri.com/forum/showpos...8&postcount=66
පස්වන කොටස :http://www.elakiri.com/forum/showpos...1&postcount=91
හයවන කොටස : http://www.elakiri.com/forum/showpos...&postcount=101
හත්වන කොටස : http://www.elakiri.com/forum/showpos...&postcount=129

සියලුම වර්ගයේ කමෙන්ට්ස් බාර ගනු ලැ‍බේ. චෝදනා ප්‍රශංසා සහ නව අදහස් වලට උනත් මම විවෘතයි.

අවවාදයයි : සංවේදී අය කියවීමෙන් වලකින්න. රෝගීන්ගේ අනන්‍යතාවය සුරැකීම සඳහා කතෘ අභිමතය පරිදි නම් ගම් වෙනස් කර ඇත.

Last edited by tintin123; 01-20-2016 at 10:16 PM. Reason: to update
Reply With Quote
(#2)
Old
chandima3010's Avatar
chandima3010 chandima3010 is offline
Senior Member
chandima3010 is just really nicechandima3010 is just really nicechandima3010 is just really nicechandima3010 is just really nicechandima3010 is just really nicechandima3010 is just really nicechandima3010 is just really nicechandima3010 is just really nice
 
Posts: 5,949
Join Date: Jul 2007
Location: Kurunegala
01-02-2016, 09:13 PM

සඳුනි - පළමු කොටස


“පළමු වැනි වේදිකාවට දැන් පැමිණි දුම්රිය බදුල්ල බලා පිටත් වේ. මීලග නැවතුතුම්පල..”

“‍පේරා වලට ඊලඟට තියෙන ට්‍රේන් එකේ සෙකන්ඩ් ක්ලාස් තියෙනවද?”

හැමදාම මෙන් අදත් ප්‍රමාදව පැමිණි අනුරාධ දුම්රිය ටිකට් කවුන්ටරයට එඹී ඇසුවේ බලාපොරොත්තු රහිත ස්වරයෙනි.

“දැන් තියෙන එකේ ඉතුරු වෙලා තියෙන්නේ තර්ඩ් ක්ලාස් ‍විතරයි.”
“ඊලඟ ට්‍රේන් එක කීයටද?”
“ආයේ ට්‍රේන් එකක් තියෙන්නෙ පැය 2කින්”

පැය 2ක් බලන් ඉන්නවද? තර්ඩ් ක්ලාස් එකක් අරන් යනවද? අනුරාධ දෙලොවක තනිවිය. කුඩා කල සිටම සැප පහසු ජීවිතයකට හුරුවූ ඔහු දුම්රියෙන් ගමන් ගොස් ඇත්තේ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩුවෙනි. ගණිත විෂය ධාරාවෙන් උසස් පෙළ සමත් වීමෙන් පසු තමන්ගේ ඉදිරි අධ්‍යාපනය ඉංජිනේරු අංශයෙන් හැදැරීමට ‍තෝරා ගත්තේ පේරාදෙනිය විශ්වවිද්‍යාලයයි. මින් පෙර ගෙදරින් පිට ජීවත්වී නැති අනුරාධට අකැමැත්තෙන් වුවද විශ්වවිද්‍යාලයට සමීප ස්ථානයක නැවතී අධ්‍යාපන කටයුතු කරගෙන යාමට සිදුවිය. මුල් මාස කීපයේ යෑමට එමට පියාගේ කාර් රථය ලැබුනද නිතර යාමට ඒමට පොදු ප්‍රවාහන ක්‍රමයක් පාවිච්චි කරන්නට ඔහුට සිදුවිය.

දුම්රියේ යාමට ඔහු කැමති නැත. ඕන වෙලාවක යන්නට ට්‍රේන් නැත. පළමු, දෙවැනි පන්ති වල ටිකට්ද සීමිතය. පරක්කු උනොත් තුන්වැනි පන්තියේ චප්ප වී යන්නට සිදුවේ.

නමුත් ට්‍රේන් එකේ එක වාසියක් තිබේ. බස් එකට වඩා ඉක්මණින් යා හැකිය. ට්‍රැෆික් එකට අහුවෙන්නේද නැත.

“තර්ඩ් ක්ලාස් එකක් දෙන්න.”

ප්‍රවේශ පත්‍රය උදුරාගත් ඔහු වේගයෙන් ඉදිරියට ඇදෙන දුම්රිය දෙසට දිව යන්නට විය.

------------------------------------------------------------------------------

ආයෙ නම් ජීවිතේට පරක්කු වෙන්නෙ නෑ. වෙනදාට ඔහුටම වෙන්වූ සුව පහසු අසුනකට වී කවුලුවෙන් පිටත සුන්දරත්වය නරඹමින් දුම්රියේ ගිය ඔහු අද හුස්ම ගන්නට වත් ඉඩක් නැති තරමට තෙරපුනු තුන්වැනි වේදිකාවේ සිටගෙන වහල දෙස බලාගෙන තමන්ටම බැනගන්නට විය.

“අයියේ මේ බෑග් එක උඩට දාලා දෙන්න පුලුවන්ද?”
හිටගෙන නිදිකිරමින් සිටි ඔහුට හීනෙන් මෙන් කවුදෝ කියනු ඇසුනි.

“අයියේ?”

“ආහ්” ඇස් දෙක අඩවන්ව ඔහු ඈ දෙස බැලුවේය. මල් ගවුමකින් සැරසී සිටි යුවතියකි. හේ නැවතත් ඇස් පොඩි කර බැලුවේය. මේ ‍හීනයක්ද?

“මොකද්ද නංගි?”

“අයියේ මේ බෑග් එක උඩට දාලා දෙන්න පුලුවන්ද? මට උස මදි.”
ට්‍රැවලින් බෑගයක් අත් දෙකින්ම ඔසවාගෙන ඈ ඔහු දෙස බලා සිටී.

“කෝ දෙන්න.” අනුරාධ බෑගය අතට ගත්තේය. “මේකෙ බර. නංගි ගෙවල් මාරු කරනවද?” බෑගය ඉහළින් අඩුක් කරමින් අනුරාධ ඇසුවේ මුවගට සිනහක් නංවමිනි.
“හ්ම්. හෙට කැම්පස් පටන් ගන්නවා අයියා. බෝඩිමට බඩු ගෙනියනවා ඉතින්. ගෙවල් මාරු කරනවා වගේ තමයි.” ඈ එක හුස්මට කීය.

“කොහෙද ‍පේරාද?”
“හ්ම්.”
“ආට්ස් වෙන්න ඇති ශුවර් එකට.”
“නෑ අයියා. මම බයෝ කළේ.” ඇය නුරුස්සනා සුලු ස්වරයකීන් කීය. “මෙඩිසින්.”
“ෂා මරුනේ. දොස්තර නෝන කෙනෙක්. අපිටත් පස්සෙ කාලෙක බේත් ගන්න පුලුවන් වෙයි නේ?”

ඈ දුප්පත් පවුලකින් පැවත එන්නියකි. කුරුණෑගල නගරයෙන් දුර බැහැර පාසලක උසස් පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරූ ඈ දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය ලබා ගනිමින් ජීව විද්‍යා විෂයධාරාවෙන් උසස්පෙළ සමත් වූයේ දෙමාපිය ගුරු සැමගේ බලාපොරොත්තු පහන් කරමිනි. ලංකාවේ පමණක් නොව ලොව සුන්දරතම විශ්වවිද්‍යාලයක් වන පේරාදෙනිය විශ්වවිද්‍යාලය ඈ ‍වෛද්‍ය විද්‍යාව හැදෑරීමට තො‍්රාගන්නේ කොළඹ විශ්වවිද්‍යාලයට යෑමට ඈට උවමනාවටත් වඩා ලකුණු තිබියදීය. නගරයට ඈගේ වැඩි කැමැත්තක් මුල සිටම තිබුනේ නැත. කුරුණෑගලින් පිටත දුෂ්කර ගම්මානයක හැදුනු ඇය සැමවිට ඒ ගැමිකමට පෙම් කළාය. කුඩාකළ පාසලින් ගිය අධ්‍යාපන චාරිකාවකදී වරක් ඈ පේරාදෙනිය උද්භීද උද්‍යානය නැරඹීමට ගිය අයුරු ඈට අද මෙන් මතකය. “කොහොම හරි මෙහෙ කැම්පස් එකට එනවාමයි.” එදා පුංචි ඇගේ සිහිනය අද වන විට යථාර්ථයක් බවට පත්වී අවසන්ය.

“නංගි? හීන බලනවද?”
“ආහ්.” ඈ ‍පියවි සිහියට පැමිණියාය.
“තාම පටන්ගෙන වත් නෑ අයියා. මොන බේත්ද” ඈ ලැජ්ජාවෙන් බිම බලාගෙන කීවාය.

ඈ සමඟ දොඩමලු වන අතර කාලය වේගයෙන් ගෙවී ගියේය. ඔවුන් සිතන්නටත් පෙර පේරාදෙනිය දුම්රිය ස්ථානයට දුම්රිය ප්‍රවිශ්ඨ විය.

“අයියා බෑග් එක අරන් දෙන්න. මම මෙතනින් බහිනවා.”
“ආ බහිනවද? මෙන්න” අනුරාධ බෑගය අරන් දුන්නේය. “එහෙනම් ගුඩ් ලක් නංගි.”
“ස්තූතියි අයියා.” ඈ දුම්රියෙන් බැස ගියාය.

මරු කෙල්ල. අනුරාධ කැම්පස් ‍එකේ ඕනෑ තරම් යුවතියන් දැක ඇත. ‍කෙල්ලො නම් පේරා. නමුත් ඈ තුළ ඔහු වෙනදා නුදුටු දෙයක් දුටුවේය. ඒ අහින්සක බව. ගැමි බව. අනුරාධ සිහින ලොවක අතරමං විය.

සරසවි උයන දුම්රිය ස්ථානයට පැමිණි දුම්රියෙන් අනුරාධ බැස ගත්තේ සිහියකින්‍ ‍තොරවය. ගතවූ පැය කීපයට ඈව ඔහුට ඒ තරම් සමීප වී තිබුනි. නැවත කෙසේ හෝ ඈ හමුවිය යුතුමයි.

“මල කෙළියයි නම අහගත්තෙ නෑනේ.”

ඔහු ඈ දොඩමලුවූ ඒ පැය කීපය තුල ඔහු ඇගේ අනන්‍යතාවය පිළිබඳ කිසිම දෙයක් අසා තිබුනේ නැත. දුරකතන අංකයක්, ඉන්නෙ කොහෙද තියා නම වත් අහගන්නට ඔහුට මතක් වුනේ නැත.

දැන් මොකද කරන්නේ. දෙදරා යමින් තිබූ ඔහුගේ සිහිනය නැවත ‍‍ගොඩනගන්නට ඔහු දස අතේ කල්පනා කරන්නට විය.
කැම්පස් එකේ හොයන්න තමයි වෙන්නේ. ඒත් ෆෙෂර්ස්ලා කීයක් නම් එයිද. අනික අපේ ෆැක් එකෙත් නෙවෙයි මට ‍කතාවක් අහගන්න තමයි වෙන්නෙ අන්තිමට.
ඒ අදහස ඔහුට අකැමැත්තෙන් වුවද අත්හරින්නට විය.

හරි. ලබන ඉරිද මේ ට්‍රේන් එකේ මේ වෙලාවටම ගිහින් බලනවා.
සරසවි උ‍යන සමීපයේ පිහිටි බෝඩිමට අනුරාධ පියනැගුවේ ඊලඟ ඉරිදා ගැන සිහින මවමිනි.

-මතු සම්බන්ධයි-
සත්‍ය සිදුවීමකි. මුල් චරිත වල අනන්‍යතාවය සුරැකීම පිණිස අවශ්‍යතාවය අනුව නම් ගම් වෙනස් කර ඇත.
චන්දිම
[05-12-2015]

Last edited by chandima3010; 01-02-2016 at 09:27 PM.
Reply With Quote
(#3)
Old
minipura's Avatar
minipura minipura is offline
Senior Member
minipura is a glorious beacon of lightminipura is a glorious beacon of lightminipura is a glorious beacon of lightminipura is a glorious beacon of lightminipura is a glorious beacon of lightminipura is a glorious beacon of lightminipura is a glorious beacon of lightminipura is a glorious beacon of lightminipura is a glorious beacon of lightminipura is a glorious beacon of lightminipura is a glorious beacon of light
 
Posts: 23,680
Join Date: Jan 2011
01-02-2016, 09:14 PM

bump
Reply With Quote
(#4)
Old
Silly point's Avatar
Silly point Silly point is offline
Senior Member
Silly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to behold
 
Posts: 21,131
Join Date: Apr 2011
01-02-2016, 09:17 PM

bumpz
Reply With Quote
(#5)
Old
djnick's Avatar
djnick djnick is offline
Senior Member
djnick has much to be proud ofdjnick has much to be proud ofdjnick has much to be proud ofdjnick has much to be proud ofdjnick has much to be proud ofdjnick has much to be proud ofdjnick has much to be proud ofdjnick has much to be proud ofdjnick has much to be proud ofdjnick has much to be proud ofdjnick has much to be proud of
 
Posts: 32,556
Join Date: Jul 2010
Location: අදාල නෑනේ
01-02-2016, 09:20 PM

ko bn?
Reply With Quote
(#6)
Old
Killerstuffbaby's Avatar
Killerstuffbaby Killerstuffbaby is offline
Senior Member
Killerstuffbaby is just really niceKillerstuffbaby is just really niceKillerstuffbaby is just really niceKillerstuffbaby is just really niceKillerstuffbaby is just really niceKillerstuffbaby is just really niceKillerstuffbaby is just really nice
 
Posts: 2,446
Join Date: Sep 2015
Location: Rig eka uda
Send a message via Skype™ to Killerstuffbaby
01-02-2016, 09:21 PM

hmm ape kurunegala kollek neda malli uamba sathutui dakinnath tho koheda malli kurunegala?
Reply With Quote
(#7)
Old
Arrow11's Avatar
Arrow11 Arrow11 is offline
Senior Member
Arrow11 has much to be proud ofArrow11 has much to be proud ofArrow11 has much to be proud ofArrow11 has much to be proud ofArrow11 has much to be proud ofArrow11 has much to be proud ofArrow11 has much to be proud ofArrow11 has much to be proud ofArrow11 has much to be proud ofArrow11 has much to be proud ofArrow11 has much to be proud of
 
Posts: 22,970
Join Date: May 2014
Location: හීන මාලිගාවේ ❤❤
Up 01-02-2016, 09:28 PM

BUMP good work!!!Hope to stay touch with this thread!!
Reply With Quote
(#8)
Old
Anti BBS's Avatar
Anti BBS Anti BBS is offline
Senior Member
Anti BBS is infamous around these partsAnti BBS is infamous around these partsAnti BBS is infamous around these partsAnti BBS is infamous around these parts
 
Posts: 4,690
Join Date: Feb 2015
Location: Amsterdam
01-02-2016, 09:29 PM

super
Reply With Quote
(#9)
Old
intelcorei8's Avatar
intelcorei8 intelcorei8 is offline
Senior Member
intelcorei8 is a jewel in the roughintelcorei8 is a jewel in the roughintelcorei8 is a jewel in the roughintelcorei8 is a jewel in the roughintelcorei8 is a jewel in the roughintelcorei8 is a jewel in the rough
 
Posts: 1,305
Join Date: Jun 2012
Location: මැසිම අස්සේ
01-02-2016, 09:29 PM

GOOD WORK..CJ MALE..
Reply With Quote
(#10)
Old
chandima3010's Avatar
chandima3010 chandima3010 is offline
Senior Member
chandima3010 is just really nicechandima3010 is just really nicechandima3010 is just really nicechandima3010 is just really nicechandima3010 is just really nicechandima3010 is just really nicechandima3010 is just really nicechandima3010 is just really nice
 
Posts: 5,949
Join Date: Jul 2007
Location: Kurunegala
01-02-2016, 09:42 PM

Quote:
Originally Posted by minipura View Post
bump
Quote:
Originally Posted by Silly point View Post
bumpz
Quote:
Originally Posted by djnick View Post
ko bn?
Quote:
Originally Posted by Anti BBS View Post
super
Quote:
Originally Posted by intelcorei8 View Post
GOOD WORK..CJ MALE..
Posted the first part Thanks for the bump!
Quote:
Originally Posted by Arrow11 View Post
BUMP good work!!!Hope to stay touch with this thread!!
Thanks for subscribing expect more!
Quote:
Originally Posted by Killerstuffbaby View Post
hmm ape kurunegala kollek neda malli uamba sathutui dakinnath tho koheda malli kurunegala?
Dan nam inne Colombo. Kurunegala pola pare ayya koheda?
Reply With Quote
Reply

Bookmarks

Tags
பெரிய பாம்பு, අපෙ ගැනිගෙ foto, කට කාපං, කෝ ඊලග එපිය?, දාමුද crazybuddy ek wala, නොකියූ කතාව, සත්‍ය කතා, සඳුනි, chandima3010, facebook, lilll, lilman, mamath kdu yako, pubudu is watching, sdf, tag1, tag2, tage

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.07545 seconds with 9 queries