ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ප්‍රේමය සහ රාගය
Reply
 
Thread Tools
(#1)
Old
sanjaya22's Avatar
sanjaya22 sanjaya22 is offline
Senior Member
sanjaya22 is a glorious beacon of lightsanjaya22 is a glorious beacon of lightsanjaya22 is a glorious beacon of lightsanjaya22 is a glorious beacon of lightsanjaya22 is a glorious beacon of lightsanjaya22 is a glorious beacon of lightsanjaya22 is a glorious beacon of lightsanjaya22 is a glorious beacon of lightsanjaya22 is a glorious beacon of lightsanjaya22 is a glorious beacon of lightsanjaya22 is a glorious beacon of light
 
Posts: 1,433
Join Date: Nov 2012
Love ප්‍රේමය සහ රාගය - 03-03-2014, 10:48 AM



ප්‍රේමය යනු ආදරණිය හැගීමක් බවත් රාගය යනු හුදෙක්ම ලිංගික උත්තේජනය උදෙසා රහසේ කල යුතු කටයුත්තක් බවද මම විවාහයට පෙර විශ්වාශ කළෙමි.
අපි වසර ගණනාවක් ආදරය කල කුඩා කල සිට දන්නා හඳුනන දෙන්නෙකු නොවීමු.සම්ප්‍රදායික අධයාපන තරඟ රටාවේ දුවන ලද ,ප්‍රේමය සහ රාගය අනවශ්‍ය සහ ඉගෙනීමට මරණීය බාධක ගෙනෙන විෂ ඝෝර සර්පයන් සේ දකින ලද, තාරුණ්‍යයේ දෙවෙනි දශකයට පා තැබූ උපාධිධාරී ,දෙමාපිය යෝජනාවකින් හඳුනාගත් යුවලක් වීමු.

මා විවාහ වීමට පෙර හිතේ දහසකුත් රාගික සහ අනෙකුත් සියලු ආශා මවා ගනිමින් ආශ්වාදය වින්දෙමි.මා විවාහ වූ දින ඇයත් ලැජ්ජකාරියකි.මමද ඇය තරම්ම අත්දැකීම් රහිත නොවුවද , එදින හැගීම්බර ලජ්ජකාරයකු වීමි.මා සිටින්නේ මගේ මුළු ජීවිතයම ගෙවීමට ගිවිස ගත් එකිය බව සිතුවෙමි.අපි සතුටු වුනෙමු.හෝරා දෙක තුනකින් නින්දට ගියෙමු.තම තමන්ගේ ඇඳුම් තම තමාම ඇඳගත්තෙමු.

එහෙත් හිතූ තරම් වින්දනයක් ,සතුටක් එහි නොමැති බවත් මිනිස්සු මන්ද බුද්ධිකව රාගය අගය කරතියි සිතුවෙමි.දින කිහිපයකින් ඇයත් මමත් රාජකාරි වලට නික්මුනෙමු.විවාහයක ඇති රාගය, කියනා තරම් දෙයක් අතිශය සුන්දර බවක් නොමැති බවද,විටෙක කරදරකාරී බන්ධනයක් බවද සිතුවෙමි.මොකට මේ සා බලාපොරොත්තු තබා ගෙන කසාද බැන්දාදැයි සිතුවෙමි.ඇයද එසේම සිතන්නට ඇත.

දින සති මාස ගෙවුණි..අපි එක්ව කාර්යාලයට ගියෙමු...එකටම උදය සහ රාත්‍රී ආහාර ගත්තෙමු.එකම නිවසක තනිවම ජීවිතය ඇරඹීමු.උදයේ තේ කෝප්පය රස විඳීමේ සිට සති අන්තයේ පොළට ගොස් එළවලු ගැනීමේ සිට සෑම සියලු දේම අපි එකටම කළෙමු ...එක්ව නින්දට ගියෙමු.එක්වීමු.
අපි දැන් උනුන් හුඟක් දුරටම අඳුරන්නෙමු.සිතුවිලි ආශා ගැන අවබෝදයක් සහ විශ්වාසයක් ගොඩනැගීමු .සයනයේදී ලැජ්ජාවෙන් තොරව,ආයාසයකින් තොරව රිසි සේ විනෝද වීමු.පැය ගණන් වරු ගණන් එකිනෙකා සිප ගතිමු.පොඩි වුන් සේ මහ හය්යෙන් රෑ දෙගොඩහරි යාමේ සිනාසුනෙමු.අසන්නට කිසිවෙකුත් නොමැත.අපි අපේම ලොවක විනෝද වීමු.හෝරා ගෙවෙනා හැටි ,උදය එළඹෙනතුරු ඔහේ වැල්වටාරම් දොඩවමින් සහ එකිනෙකා වැළඳ ගනිමින් ,අත් පටලා සිප ගනිමින් අසීමිත ප්‍රීතියක් ලබන්නෙමු.අපට අනෙකුත් පෙම්වතුන් ගැන උපමා අනවශ්‍යය.ලෝකයේ සිටිනා එකම පෙම්වතුන් යුවල අප දෙදෙනා ලෙස අප සිතුවෙමු.

උදැසන වෙනදාටත් වඩා ආසාවෙන් ඇය මා සිපගන්නිය.මමද ඇය සිප වැලඳ ගමි.දිනය පුරා දුරකථන මගින් කථා කරමු.පාසැල් පෙම්වතුන් මෙන් අපි බොළඳ කථා කියමින් සිනාසීමු.අදත් එසේමය ..දැන් අප විවාහවී වසර තුනකි.මේ සතුට අප හඳුනාගත් කාලයේත් ,විවාහවූ මුල් දින කිහිපයේත් නොලැබුයේ මන්ද යන්න මට නොතේරේ.අපි මධුසමය විඳින්නේ දැන්ද ? සුපිරි හොටල් තුල කුමක් කෙරුවෙම්ද ? අප දෙදෙනාම ඒ ගැන සිතමින් දවසක සිනාසීමු .

ආදරය(ප්‍රේමය) දැඩිව ශක්තිමත් වන්නේ රාගයකින් බව මම අද විශ්වාස කරමි.නමුත් මා වසර කීපයකට පෙර සිතා සිටියේද ,අත් වින්දේද රාගයකින් තොර ප්‍රේමයක් පැවතිය හැකි බවයි.(රාගය යන්න සිප වැළඳ ගැනීම් ,ස්පර්ශයේ සිට කායික එක්වීම දක්වා විහිදෙයයි මම සිතමි.)

රාගයකින් තොරව ප්‍රේමයක් පැවතිය හැකිද ? එහි(රාගයේ) සුවය නොලැබූ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ඒ පිළිබඳව වූ ඉරිසියාවකින් මේ සොඳුරු ප්‍රේම ගීතය ලිව්වවත්ද ?


[සංවාදයට යොමුයි ]
https://www.youtube.com/watch?v=zfK5xaeSzSU

Last edited by sanjaya22; 03-03-2014 at 10:56 AM.
Reply With Quote
(#2)
Old
Heisenberg's Avatar
Heisenberg Heisenberg is offline
Senior Member
Heisenberg is a jewel in the roughHeisenberg is a jewel in the roughHeisenberg is a jewel in the roughHeisenberg is a jewel in the roughHeisenberg is a jewel in the roughHeisenberg is a jewel in the rough
 
Posts: 1,242
Join Date: Jan 2014
Location: Albuquerque, New Mexico.
03-03-2014, 10:58 AM

patta ban
Reply With Quote
(#3)
Old
dath kimbula's Avatar
dath kimbula dath kimbula is offline
Senior Member
dath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud of
 
Posts: 35,770
Join Date: Jan 2011
Location: යහපාලන ඈස්-චර්යේ
03-03-2014, 11:12 AM

අපටත් තිබ්බ ප්‍රශ්නෙ ඕකම තමා බං.....
සුනිල් සර් ප්‍රේමය නම් රාගයෙන් තොර සද එළිය සේ අචින්ත්‍යයි කියන කොට අපි ඒ කාලෙදිත් ඇහුවෙ එහෙම ප්‍රේම කොහෙද තියෙන්නෙ කියල......එහෙම ප්‍රේම පවතින ද කියලා...........
අන්තිමට අපි හිත හදා ගත්තා අවිවාහක අපේ මහාචාර්ය තුමා ගේ ලිංගික උතෝපියාවෙ කියල එහෙම ප්‍රේම පවතින්නේ..........

අපි මොන විදිය ප්‍රේමය පරම, පවිත්‍ර, පිවිතුරු කිය කියා බටර් අයිසින්, රෝයල් අයිසින් ගාල තිබ්බත් ප්‍රේමයේ කෙළවර තියෙනනේ රාගය. රාගය ඇතිවන්නේ සහජ අවහර ඉවක් නිසා, වර්ගයා බෝ කිරීමේ.............
Reply With Quote
(#4)
Old
Anushanga777's Avatar
Anushanga777 Anushanga777 is offline
Senior Member
Anushanga777 is a glorious beacon of lightAnushanga777 is a glorious beacon of lightAnushanga777 is a glorious beacon of lightAnushanga777 is a glorious beacon of lightAnushanga777 is a glorious beacon of lightAnushanga777 is a glorious beacon of lightAnushanga777 is a glorious beacon of lightAnushanga777 is a glorious beacon of lightAnushanga777 is a glorious beacon of lightAnushanga777 is a glorious beacon of lightAnushanga777 is a glorious beacon of light
 
Posts: 3,938
Join Date: Jun 2012
Location: ♦♣♠☺කඩවත පැත්තෙ
Send a message via Skype™ to Anushanga777
03-03-2014, 11:38 AM

wow nice mchn++++
Reply With Quote
(#5)
Old
hspa3.5's Avatar
hspa3.5 hspa3.5 is offline
Senior Member
hspa3.5 is a glorious beacon of lighthspa3.5 is a glorious beacon of lighthspa3.5 is a glorious beacon of lighthspa3.5 is a glorious beacon of lighthspa3.5 is a glorious beacon of lighthspa3.5 is a glorious beacon of lighthspa3.5 is a glorious beacon of lighthspa3.5 is a glorious beacon of lighthspa3.5 is a glorious beacon of lighthspa3.5 is a glorious beacon of lighthspa3.5 is a glorious beacon of light
 
Posts: 5,358
Join Date: Sep 2009
Location: my world
03-03-2014, 11:40 AM

hmm
Reply With Quote
(#6)
Old
chazer2010's Avatar
chazer2010 chazer2010 is offline
Senior Member
chazer2010 is on a distinguished road
 
Posts: 228
Join Date: Oct 2010
03-03-2014, 11:54 AM

alee manda bn bump
Reply With Quote
(#7)
Old
thilihare's Avatar
thilihare thilihare is offline
Senior Member
thilihare is a name known to allthilihare is a name known to allthilihare is a name known to allthilihare is a name known to allthilihare is a name known to allthilihare is a name known to allthilihare is a name known to allthilihare is a name known to allthilihare is a name known to allthilihare is a name known to allthilihare is a name known to all
 
Posts: 9,110
Join Date: Apr 2013
Location: Kandy
Send a message via Skype™ to thilihare
03-03-2014, 11:55 AM

BUMP
Reply With Quote
(#8)
Old
sanjaya22's Avatar
sanjaya22 sanjaya22 is offline
Senior Member
sanjaya22 is a glorious beacon of lightsanjaya22 is a glorious beacon of lightsanjaya22 is a glorious beacon of lightsanjaya22 is a glorious beacon of lightsanjaya22 is a glorious beacon of lightsanjaya22 is a glorious beacon of lightsanjaya22 is a glorious beacon of lightsanjaya22 is a glorious beacon of lightsanjaya22 is a glorious beacon of lightsanjaya22 is a glorious beacon of lightsanjaya22 is a glorious beacon of light
 
Posts: 1,433
Join Date: Nov 2012
Up 03-03-2014, 11:57 AM

Quote:
Originally Posted by Heisenberg View Post
patta ban
Thanks machan
Reply With Quote
(#9)
Old
rmmahesh's Avatar
rmmahesh rmmahesh is offline
Senior Member
rmmahesh is just really nicermmahesh is just really nicermmahesh is just really nicermmahesh is just really nicermmahesh is just really nicermmahesh is just really nicermmahesh is just really nicermmahesh is just really nicermmahesh is just really nicermmahesh is just really nice
 
Posts: 1,426
Join Date: Sep 2007
Location: Bandaragama
Send a message via Yahoo to rmmahesh Send a message via Skype™ to rmmahesh
03-03-2014, 11:58 AM

I'm not married machan...
But i know the feeling very well..
100% ture machan..no doubt..
I'm missing it very badly now....

anyway congratulations...
Reply With Quote
(#10)
Old
sanjaya22's Avatar
sanjaya22 sanjaya22 is offline
Senior Member
sanjaya22 is a glorious beacon of lightsanjaya22 is a glorious beacon of lightsanjaya22 is a glorious beacon of lightsanjaya22 is a glorious beacon of lightsanjaya22 is a glorious beacon of lightsanjaya22 is a glorious beacon of lightsanjaya22 is a glorious beacon of lightsanjaya22 is a glorious beacon of lightsanjaya22 is a glorious beacon of lightsanjaya22 is a glorious beacon of lightsanjaya22 is a glorious beacon of light
 
Posts: 1,433
Join Date: Nov 2012
Up 03-03-2014, 11:58 AM

Quote:
Originally Posted by dath kimbula View Post
අපටත් තිබ්බ ප්‍රශ්නෙ ඕකම තමා බං.....
සුනිල් සර් ප්‍රේමය නම් රාගයෙන් තොර සද එළිය සේ අචින්ත්‍යයි කියන කොට අපි ඒ කාලෙදිත් ඇහුවෙ එහෙම ප්‍රේම කොහෙද තියෙන්නෙ කියල......එහෙම ප්‍රේම පවතින ද කියලා...........
අන්තිමට අපි හිත හදා ගත්තා අවිවාහක අපේ මහාචාර්ය තුමා ගේ ලිංගික උතෝපියාවෙ කියල එහෙම ප්‍රේම පවතින්නේ..........

අපි මොන විදිය ප්‍රේමය පරම, පවිත්‍ර, පිවිතුරු කිය කියා බටර් අයිසින්, රෝයල් අයිසින් ගාල තිබ්බත් ප්‍රේමයේ කෙළවර තියෙනනේ රාගය. රාගය ඇතිවන්නේ සහජ අවහර ඉවක් නිසා, වර්ගයා බෝ කිරීමේ.............
ඔව් මචං ...ඒක තේරුම් ගන්න ටික කාලයක් යනවා
Reply With Quote
Reply

Bookmarks

Tags
life

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright 2006 - 2011 ElaKiri Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04300 seconds with 11 queries