ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page නාඩි වාක්‍යය ගැන ආනන්ද මෛත්‍රීය මාහිමිගේ
Reply
 
Thread Tools
(#1)
Old
funkyguy89's Avatar
funkyguy89 funkyguy89 is offline
Senior Member
funkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of light
 
Posts: 8,075
Join Date: Nov 2009
නාඩි වාක්‍යය ගැන ආනන්ද මෛත්‍රීය මාහිමිගේ - 11-05-2017, 02:32 PM

අවුරුදු 6000 කට කලින් ඔබේ අනාගතය ඝෘෂිවරු ලිව්වා..

-බලංගොඩ ආනන්ද මෛත්‍රය මහ නාහිමියන්ගේ මෙතෙක්‌ පළ නොවූ සාකච්ඡා පෙළ




"නාඩි වාක්‍ය මූලාශ්‍රයෙන් ඔවුන් මගේ ජන්ම පත්‍රය, කේන්ද්‍රය නිවැරදිව ලබා දුන්නා. උපන් දිනය ආදී විස්‌තර සමූහයක්‌. මේ දක්‌වා ඔවුන් විසින් මා ගැන කියා තිබූ අනාගත වාක්‍ය සියල්ල ඉතාම නිවැරදියි. සත්‍යයි.(1992)...."


"මට අහන්න ලැබුණු ආරංචියක්‌ මට මතක්‌ වුණා. මේකේ සත්‍ය අසත්‍යතාව ගැන මට හරියට කියන්න බැහැ. විස්‌තරය මෙහෙමයි. මෙම නාඩි වාක්‍ය තල්පත්වලින් කොටසක්‌ ඊශ්‍රායලයට ගෙනිහිල්ලා තියෙනවා. එක්‌තරා තරුණ ඉන්දියානු නාඩි කියවන්නෙක්‌ ඊශ්‍රායලයේදී මේ නාඩි වාක්‍යවලින් කොටසක්‌ කියවලා තේරුම් කරලා තියෙනවා.ඒ තල්පත්වල තිබුණු ශිල්ප ක්‍රම ඊශ්‍රායලය විසින් දැනගෙන මේ වනවිට අති නවීන ගුවන් යානා, යුද උපකරණ නිපදවූ බව කියෑවෙනවා. කෙටි කාලයක්‌ රැඳී සිටි මේ තරුණ නාඩි කියවන්නා ඊශ්‍රායලයෙන් පිටව ගිය බවත් කියෑවෙනවා."


දිනක්‌ රසවාහිනි සඟරාවක පළ වූ අතිපූජ්‍ය අග්ග මහා පණ්‌ඩිත බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක ස්‌වාමීන් වහන්සේ විසින් රචිත "අරුම පුදුම නාඩි වාක්‍ය" නම් වූ ලිපිය කියවීමට මට අවස්‌ථාව ලැබුණි. ඒ වනවිට අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් මා කිසි දිනෙක දැක නොතිබිණි. කතාබහ කර නොතිබිණි. උන්වහන්සේ විසින් රචිත පතපොත ලිපි ලේඛන පමණක්‌ කියවා තිබිණි. එහෙත් උන්වහන්සේ පිළිබඳ මා තුළ කුඩා කල සිටම පැවතියේ අසීමිත ගෞරවයකි. ආදරයකි. භක්‌තියකි.

"අරුම පුදුම නාඩි වාක්‍ය" ලිපිය කියවීමෙන් පසු මේ පිළිබඳ කරුණු සෙවීමට මට සිතක්‌ පහළ විය. ලංකාවේ විවිධ පළාත්වලට ගිය අවස්‌ථාවල දී මේ පිළිබඳ කරුණු සෙවූ නමුත් "නාඩි වාක්‍ය" කියවන්නන් පිළිබඳ කිසිදු හෝඩුවාවක්‌ හෝ සොයා ගැනීමට මට නොහැකි විය.

වසරකට වරක්‌ දෙවරක්‌ ඉන්දියාවේ සිට නැව් මගින් "නාඩි වාක්‍ය" කියවන්නන් යාපනයට පැමිණෙන බවත්, යාපනයේ රැඳී සිට ඔවුන්ගේ සේවය ලබා ගැනීමට ලංකාවේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන අයට "නාඩි වාක්‍ය" කියවන බවට ද ආරංචියක්‌ මට ලැබිණි.

ද්‍රවිඩ ජනතාව කලින් වෙන් කරවා ගත් දිනවල යාපනයට ගොස්‌ මෙම "නාඩි වාක්‍ය" කියවා ගන්නා බවට ද ආරංචි විය.'නාඩි වාක්‍ය"කොළඹ වෙසෙන ද්‍රවිඩ පවුල්වල අය අතර බෙහෙවින් ප්‍රචලිතව ඇති බව ද දැන ගන්නට ලැබුණි. මා යාපනයට ගිය අවස්‌ථාවක "නාඩි වාක්‍ය" කියවන්නන් පිළිබඳ සෙවූ විට දැනගන්නට ලැබුණේ ඔවුන් ඒ වනවිටත් ආපසු ඉන්දියාවට ගොස්‌ ඇති බවයි.

1988 දී පමණ නාඩි කියවන්නන් කොළඹ කොල්ලුපිටියේ වෙසෙන බවට ලද ආරංචිය අනුව මම ඔවුන් සොයා ගියෙමි. කොල්ලුපිටියේ නිවෙසක්‌ කුලියට ගෙන සිටි නාඩි කියවන පිරිස මට හමුවිය.

පසුව මේ පිරිස කොල්ලුපිටියේ විජිලන්ඩ් හෝටලයේ රැඳී සිටිමින් සිය සේවා කටයුතු කළහ. දිනකට තුන් හාරසියයක පමණ පිරිසක්‌ නාඩි වාක්‍ය ඇසීමට පැමිණෙන අතර නාඩි වාක්‍ය කියවීමේ අවස්‌ථාව දිනකට සලසා දිය හැකිව තිබුණේ ඉන් 20කට හෝ උපරිම 25කට පමණි. එහෙයින් මෙම අවස්‌ථාව ලබා ගැනීම සඳහා බොහෝවිට අවුරුද්දක්‌, සමහර විට අවුරුදු දෙකක්‌ පමණ ගත වූ අය ද මට හමුවිය. මට එම අවස්‌ථාව උදා වූයේ වසර එකහමාරකට පමණ පසුවය.

මෙම දෙවසර තුළ නාඩි වාක්‍ය ඇසීමට එවකට සිටි ජනාධිපතිතුමා, මැති ඇමැතිවරු, විදේශීය රාජ්‍ය දූත මණ්‌ඩල ප්‍රධානීන්, විවිධ රටවලින් මෙරටට පැමිණෙන සංචාරකයන්, මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන්, පසුකාලීනව ඉතා ජනප්‍රිය වූ ප්‍රසිද්ධ කලාකරුවන්, අධ්‍යක්‍ෂවරුන්, පරිපාලන ලේකම්වරුන්, දිසාපතිවරුන් හා විවිධ තරාතිරමේ නිලධාරීන් ද සාමාන්‍ය ජනයා ද පැමිණෙන ආකාරය මට දක්‌නට ලැබුණි. බෞද්ධ භික්‍ෂුන් වහන්සේ, මුස්‌ලිම් හා කතෝලික දේවගැතිවරුන් ද මෙම නාඩි වාක්‍ය කියවා ගැනීමට පැමිණ සිටිනු බොහෝ අවස්‌ථාවල දැකගැනීමට මට හැකි විය.එහෙත් ඒ කිසිවකු හෝ නාඩි වාක්‍ය පිළිබඳ ප්‍රසිද්ධියේ අදහස්‌ දැක්‌වීම ප්‍රතික්‍ෂේප කළ ද පෞද්ගලිකව මා හා තොරතුරු බෙදා ගත් අතර ඔවුන් ඒවා ප්‍රසිද්ධ නොකරන ලෙසටද ඉල්ලීමක්‌ කළේය.

එවකට සාමාන්‍ය මන්ත්‍රීවරයකුව සිටි මා මිත්‍රයකු සේ එකල සැලකූ වර්තමානයේ මහා ප්‍රබල දේශපාලනඥයෙකු නාඩි වාක්‍ය කියවීමට මා හරහා අවස්‌ථාව ලබාගත් අතර එකී මන්ත්‍රීවරයාට එවකට පැවති තදබල අපල හේතුවෙන් ජීවිත හානි සිදුවීමට ඉඩ ඇති බවත් එය වළක්‌වා ගැනීමට කළයුතු පුද පූජා පිළිබඳවත් නාඩි වාක්‍ය මගින් ප්‍රකාශ කරනු ලැබිණි. සිදු විය හැකි හානිය අවම කර ගැනීමට එකී පුද පූජා කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් කරන ලෙසට ඒ මන්ත්‍රීවරයාට මම දැන්වීමි. ඒ අනුව සියලුම පුද පූජා මෝදර කාලි කෝවිලේ දී නාඩි වාක්‍යවල කියා ඇති ආකාරයටම සිදු කෙරිණි. පසුකාලීනව එම මන්ත්‍රීවරයා දේශපාලන කටයුතුවල නිරතව සිටියදී සතුරන්ගේ පහරදීමකට මැදි වූ අතර තවත් විටෙක ත්‍රස්‌ත ප්‍රහාරයකට ද ලක්‌විය. එම සිදුවීම්වලින් ජීවිතයට හානි නොවූ අතර අදත් ඒ මන්ත්‍රීවරයා ප්‍රබල දේශපාලන භූමිකාවක නිරතව සිටී.

අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් මා සමග විවිධ අවස්‌ථාවල බලංගොඩදී හා බත්තරමුල්ලේ වික්‍රමසිංහපුර චිත්ත විවේකාශ්‍රමයේදී පටිගත කළ හා උන්වහන්සේ විවිධ අවස්‌ථාවලදී පෞද්ගලිකව හමුවීමෙන් පටිගත කළ සාකච්ඡා සහ පටිගත කළ නොහැකි වූ අවස්‌ථාවලදී නාඩි වාක්‍ය පිළිබඳ මහජනතාවගෙන් ලැබුණු ගැටලු හා ඊට උන්වහන්සේ දුන් පිළිතුරු සටහන් ඇසුරෙන් මේ කෘතිය සම්පාදනය කළෙමි. "ඉසිවරුන් දුටු මගේ භව ගමන" හෙවත් "නාඩි" නම් වූ කෙටි චිත්‍රපටය ද අග්ග මහා පණ්‌ඩිත අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් සමග ස්‌වාධීන රූපවාහිනි සේවයේ ක්‍රීඩා විස්‌තර කථනය (ඉංග්‍රීසි) (1992 ) කළ අතුල රත්නායක මහතා සම්බන්ධ කර ගනිමින් කරන ලද ඉංග්‍රීසි සාකච්ඡාව පමණක්‌ දැනට ආරක්‍ෂිතව පවතී. නාහිමියන් සමග සාකච්ඡාවන් පටිගත කළ තවත් U MATIC කැසට්‌ පට 20ක්‌ පමණ පුස්‌ බැඳීම නිසා පාවිච්චියට ගත නොහැකි තත්ත්වයක පවතී. ඒවා ශුද්ධ කර ගත හැකි නම් වටිනා ප්‍රකාශන ඒ කැසට්‌පටවල අන්තර්ගතව ඇති බව සදහන් කරමි.

අභිධජ මහා රට්‌ඨගුරු අග්ග මහා පණ්‌ඩිත අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් අපවත් වූ අවස්‌ථාවේ උන්වහන්සේ පිළිබඳ පටිගත කළ කිසිදු වැඩසටහනක්‌ ජාතික රූපවාහිනි නාලිකාවල නොවිණි. අප පටිගත කළ වැඩසටහන් ඇතුළත් වීඩියෝ කැසට්‌ පට 02ක්‌ කිසියම් ජාතික නාළිකාවක නිෂ්පාදිකාවක්‌ විසින් ප්‍රභාත් මානවසිංහ මහතාගෙන් ඉල්ලාගෙන ගොස්‌ තිබුණි . ඒ කැසට්‌ පටවල අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් විසින් කළ ඉතා වටිනා ප්‍රකාශ ඇතුළත්ව තිබූ බව පමණක්‌ සිහිවන විට මා තුළ බලවත් වේදනාවක්‌ ඇතිවෙයි. ප්‍රභාත් මානවසිංහ මහතාගේ අභාවයෙන් පසු මෙම කැසට්‌පට දෙක සොයා ගැනීමට මම මහත් ආයාසයක්‌ දැරුවෙමි. එහෙත් ඒ මහඟු වස්‌තු සොයා ගැනීමට මට නොහැකි විය. මේ ග්‍රන්ථය ඔබ වෙතට පත්වන්නේ රූපවාහිනි වීඩියෝa පටිගත කිරීම් අතුරතුර මා ලබාගත් කෙටි සටහන් උපයෝගී කරගෙනය. "නාඩි වාක්‍ය" පිළිබඳව විවිධ අන්දමින් සහාය දුන් බොහෝදෙනා මේ වනවිටත් මෙම භවයෙන් සමුගෙන ඇති අතර ජීවතුන් අතර සිටින්නේ මා පමණය.



නාඩි වාක්‍ය පිළිබඳව අපි විටින් විට අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් සමග සාකච්ඡා කළෙමු. මෙම සාකච්ඡාවන් සඳහා මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති) දිවංගත ප්‍රභාත් මානවසිංහ මහතා ද, දිවයින පුවත් පතේ ප්‍රවෘත්ති කර්තෘව සිටි දිවංගත දයාරත්න රණසිංහ මහතා ද සහභාගි වූහ.සිංහල බසින් රූපවාහිනි සාකච්ඡාව මෙහෙය වූයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථා නිවේදකව සිටි සුගත් ලයනල් රණසිංහ මහතාය. ඉංග්‍රීසි බසින් සාකච්ඡාව මෙහෙයවූයේ එවකට ස්‌වාධීන රූපවාහිනි සේවයේ ක්‍රීඩා වාර්තාකරු ලෙස සේවය කළ අතුල රත්නායක මහතා ය. ඇතැම් අවශ්‍ය කරුණු සහ ගැටලු සහිත තැන් පිළිබඳ විමසන ලද්දේ මවිසිනි. එකී සාකච්ඡා වෙන් වෙන් වශයෙන් දැක්‌වීමෙන් පාඨක ඔබ තුළ ඇතිවිය හැකි ව්‍යාකූල තත්ත්වයන් මඟ හැරීම සඳහා අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගෙන් අප අසන ලද සියලු ප්‍රශ්න සහ උන්වහන්සේ දුන් පිළිතුරු සරලව පාඨක ඔබගේ පහසුව සඳහා මෙසේ ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් කැටි කොට දක්‌වන ලද බව සලකන්න.

ප්‍රශ්නය : අවසර ස්‌වාමීනි, සමාව අයෑද සිටිනවා අප ඔබ වහන්සේගෙන් දීර්ඝ වශයෙන් දැන ගැනීමට බලාපොරොත්තු වන්නේ බුද්ධ ධර්මය පිළිබඳව හෝ වෙනත් සමාන්තර ධර්මයන්, දර්ශනයන් හෝ පිළිබඳව නොවෙයි ස්‌වාමීනි. ඔබ වහන්සේ විසින් විටින් විට පොත්පත් සඟරා සහ වෙනත් මාධ්‍යයන් ඔස්‌සේ ප්‍රකාශ කරන ලද විශේෂ විෂයක්‌ පිළිබඳවයි.ඒ"නාඩි වාක්‍ය"ගැනයි. ස්‌වාමීනි මොනවද මේ "නාඩි වාක්‍ය" කියන්නේ. පළමු කොට ඔබ වහන්සේගෙන් නමස්‌කාර පූර්වකව ඉල්ලා සිටිනවා මේ "නාඩි වාක්‍ය" කියන වචනය පිළිබඳ අර්ථ දැක්‌වීමක්‌ කරන ලෙසට ස්‌වාමීනි.

නාහිමි: හොඳයි.. නාඩි කියන වචනය අපේ රටේ බොහෝ දෙනෙක්‌ බොහෝ කාලයක ඉඳලා අහල පුරුදු දන්න වචනයක්‌. "නාඩි" කියන වචනය ඇහෙන කොට මුන්නැහේලට වුණත් සිහියට එන්නේ අපේ සිංහල වෙද මහත්තයෙක්‌ නැත්නම් දොස්‌තර මහත්තයෙක්‌, අපේ අත අල්ලගෙන ඇස්‌ දෙක පියා ගෙන නිහඬව අපේ හෘද වස්‌තුවේ ශබ්දයට කන්දෙන අවස්‌ථාවක්‌. "නාඩි" කියන වචනයට තවත් අර්ථ තියනවා. ඒත් මෙතන "නාඩි" කියන වචනය නැත්නම් "නාඩි වාක්‍ය"ය කියන වචනයට විශේෂ තේරුමක්‌ තියනවා. මම මේ පිළිබඳ නාඩි වාක්‍ය කියෑවීම තුළින්ම විමසලා බැලුවා. එහි සඳහන් වන්නේ "නාඩි" කියලා කියන්නේ සෘෂිවරයා හමුවීමට වේලාව පැමිණි තැනැත්තා යන්නයි.

ප්‍රශ්නය :එහෙමයි ස්‌වාමීනි, අවසරයි ඒ කරුණ තවදුරටත් පැහැදිලි කළොත්..?

නාහිමි: හොඳයි මම පැහැදිලි කරන්නම්. මං කීවා මුන්නැහේට නාඩි වාක්‍ය කියන්නේ සෘෂිවරයා හමුවීමට වේලාව පැමිණි තැනැත්තා කියලා. කොහොමද කෙනෙක්‌ ඒ ගැන දැන ගන්නේ. . මේක සුවිශේෂී අවස්‌ථාවක්‌.

නාඩි වාක්‍ය ග්‍රන්ථවල කියලා තියෙනවා කිසියම් කෙනෙකුට මේ නාඩි වාක්‍ය ගැන විස්‌තර පොත්පත් මාර්ගයෙන් හෝ වෙනත් ඕනෑම ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබුණොත් ඒ ආශ්‍රයෙන්, ඒ තැනැත්තාට හිතුණොත්"මං මේ ගැන හොයලා බලන්න ඕනෑ. විස්‌තර දැනගන්න ඕනෑ" කියලා. ඒ කියන්නේ ඒ තැනැත්තා සෘෂිවරයා හමුවීමට වේලාව පැමිණි තැනැත්තායි.ඔහුගේ නාඩි වාක්‍යය ලියෑවිලා තියනවා. ඒ තැනැත්තාට නාඩි වාක්‍යය දැන ගැනීමේ වාසනාව හිමිවෙලා තියෙනවා. වාසනාව උදාවෙලා තියෙනවා. කිසියම් පුද්ගලයෙක්‌ නාඩි වාක්‍යය ගැන විස්‌තර දැන ගන්නට ලැබිලා ඒ තැනැත්තා හිතුවොත් "මේවා බොරු මේවා ගැන හොයලා බලලා ඇති වැඩේ මොකක්‌ද" කියලා ඒ කියන්නේ ඒ තැනැත්තාගේ නාඩි වාක්‍ය ලියෑවිලා නැහැ. ඒ තැනැත්තාට තමන් ගැන, තමන්ගේ අතීතය ගැන, වර්තමානය සහ අනාගතය, අනාගතයේ ඉදිරි භව ගමන සකස්‌ කර ගත යුතු ක්‍රමය ගැන දැන ගැනීමේ වාසනාව අහිමි තැනැත්තෙක්‌.

ප්‍රශ්නය : ස්‌වාමීනි. ඔබ වහන්සේ ප්‍රකාශ කළා මේ නාඩි වාක්‍ය කියලා කියන්නේ සෘෂිවරයා හමුවීමට වේලාව පැමිණි තැනැත්තා කියලා. කවුද නායක හාමුදුරුවනේ මේ සෘෂිවරු කියන්නේ?කොහෙද මේ අය ඉන්නේ.? මොකක්‌ද මේ අයගේ විශේෂත්වය හාමුදුරුවනේ?

නාහිමි : බොහොම හොඳයි. මං තේරුම් කරලා දෙන්නම්. සෘෂිවරු කියන්නේ විශේෂ සත්ව කොට්‌ඨාශයක්‌ නෙවෙයි. සමහරු හිතාගෙන ඉන්නේ සෘෂිවරු කියන්නේ කුරුල්ලන් වගේ අහසේ එහා මෙහා යන විශේෂ අවයව තියෙන පිරිසක්‌ කියලා. සෘෂිවරු කියන්නෙත් අපි වගේම මවුකුසකින් බිහිවෙලා පොළවේ පය ගහලා ජීවත් වුණු, ජීවත් වෙන පිරිසක්‌. මවගෙන් කිරි උරා බීලා හැදුණු වැඩුණු මිනිසුන් පිරිසක්‌. සාමාන්‍ය මිනිසුන් වගේ නෙවෙයි, ඒ තැනැත්තන්ගේ ඇවතුම් පැවතුම් වෙනස්‌. මේ ඇත්තන් බොහෝ වේලාවට මිනිස්‌ වාසයෙන් ඈත් වෙලා, ඈත හිමාලයේ වන අරණයන්හි තුරු සෙවනේ තනිකඩව ඉඳ භාවනානුයෝගීව ධ්‍යාන වඩන අයයි. මේ අය බොහෝ කාලයක්‌ භාවනානුයෝගීව දැහැන්ගතව ඉන්න කොට ඒ ඇත්තන් අනුගමනය කරන භාවනා ක්‍රමය අනුව විවිධ ශක්‌තීන් ඒ ඇත්තන්ට ලැබෙනවා.

මම කලක්‌ ඉන්දියාවේ හිමාලය කිට්‌ටුව තියෙන සෘෂිකේසි කියන ආශ්‍රමයට වෙලා ඉන්දියානු භාවනා ක්‍රමය පුරුදු පුහුණු වුණා. ඒ අවස්‌ථාවේ මටත් විටින් විට සෘෂිවරයින් හමුවුණා.

නගරයේ ඉන්න පිරිස වගේ නෙවෙයි ඒ ඇත්තෝ. දැලි රැවුල් කොණ්‌ඩ වැඩුණු හැඩපලු ගෙතුණු ඇත්තන්. දැක්‌ක හැටියෙම හිතෙනවා මේ ඇත්තන් නං යෝගියෝ කියලා. ඔවුන් දියුණු කරලා තියන ධ්‍යාන බලයෙන් හිමාල අඩවියේ තිබෙන දැඩි ශීතලට මුහුණ දෙමින් ධ්‍යානගත වීමේ ශක්‌තිය, හැකියාව ඔවුන්ට තියෙනවා. නාඩි වාක්‍ය ප්‍රකාශයට පත් කළ සෘෂිවරුන් මං විශ්වාස කරනවා බොහෝ දෙනෙක්‌ උතුරු ඉන්දියාවේ ජීවත් වෙලා, වනගත ආශ්‍රමවල ගල් තලා මත ඉඳගෙන ධ්‍යාන බලයෙන් මේ නාඩි වාක්‍ය ප්‍රකාශ කරන්න ඇතැයි කියලා. මේ ධ්‍යාන බලයෙන් සිත දියුණු කර වූ මේ සෘෂිවරුන්ට ශක්‌තිය තිබුණා මං හිතන්නේ අවුරුදු පනස්‌ දහසකට වැඩි අතීතයක්‌, වර්තමානයත්, අනාගතයත් තමාගේ ධ්‍යාන බලයෙන් දකින්න. ලෝකයේ සිදුවන දේ ඒ මොහොතේදීම දකින්නට. තවත් වසර පනස්‌ දහසකට අධික අනාගතයක්‌ තම සෘෂී ඥානයෙන් දකින්නට ශක්‌තිය තිබුණා. මේ ශක්‌තිය තමන් ප්‍රගුණ කළ ධ්‍යාන ක්‍රමය අනුව, ශක්‌තිය අනුව, වෙනස්‌ වෙනස්‌ අන්දමට අතීතය, වර්තමානය, අනාගතය දැකීමේ ශක්‌තිය තිබුණා. මේ සෘෂිවරු තමන්ගේ අභිඥා බලයෙන් මේ ලෝකේ බිහිවෙන මිනිසුන් ගැන බලලා, ඒවා ශ්ලෝක විදිහට කියවා තිබෙනවා.

ප්‍රශ්නය: ස්‌වාමීනි, නාඩි වාක්‍යය ප්‍රකාශ කළ සෘෂිවරුන් ගැන අපි දැන ගන්න කැමතියි.

නාහිමි : මං කියන්නම්, මීට අවුරුදු පන් දහසකට, හය දහසකට පෙර එනම් කලියුගය ආරම්භයට පෙර ඉන්දියාවේ ජීවත් වුණා සෘෂිවරුන් පිරිසක්‌. සමහර විට දෙතුන් සියයක්‌ විතර වෙන්න ඇති. මේ ඇත්තෝ යෝග භාවනා බලයෙන් සිත දියුණු කරපු ඇත්තෝ. මං කලින් කීවා වගේ ඒ ඇත්තන්ට හැකියාව තියනවා අවුරුදු පනස්‌ දහසක්‌ අතීතය දකින්න. ඒ මොහොතේ ලෝකයේ සිදු වන දේ දකින්න.ඉදිරියේ අවුරුදු පනස්‌ දහසක්‌ අනාගතය දකින්න. ඒ අය ලෝකයේ විශේෂ මිනිසුන් ගැන තම අභිඥා බලයෙන් බලලා, ඒ අය ගැන විස්‌තර ශ්ලෝක විදිහට සකස්‌ කරලා තම ගෝලයන්ට කට පාඩම් කෙරෙව්වා. ඉගැන්නුවා. සමහර සෘෂිවරු තමන්ගේ භෞතික ශරීරය අත් හැරලා මනෝකායෙන් ජීවත් වෙලා මෙම විස්‌තර තම ගෝලයන්ට ඉගැන්නුවා.

මං තවත් විශේෂ කාරණයක්‌ කියන්නම්. මේ විශ්වයේ පුදුම බලවේග ශක්‌තීන් තියනවා. ඒවා අපට පෙනෙන්නේ නැහැ. අපි දකින්නෙත් නැහැ. එම නිසා බොහෝදෙනා විශ්වාස කරන්නෙත් නැහැ. උදාහරණයක්‌ විදිහට කාකභුජන්දර නාඩි වාක්‍ය ක්‍රමය ගැන මම පැහැදිලි කරන්නම්.

කාකභූජන්දර කියලා මහා බලවත් සිද්ධ යෝගියෙක්‌ හිටියා.ඒ මීට අවුරුදු පන් දහසකට ඉස්‌සර. ඒ කාකයර් කියන සිද්ධ යෝගියා තමයි කාකභුජන්දර නාඩි වාක්‍ය ඉගැන්නුවේ.මේ සිද්ධ යෝගියා ඊට අවුරුදු දෙදහසකට පසුව නැවත මේ ලෝකයට බිහිවෙලා තමන් මීට පෙර ප්‍රකාශ කළ කාකයර් නාඩි වාක්‍යයේ තිබූ ඇතැම් දෑ නැවත සංශෝධනය කරලා ඇතැම් අනවශ්‍ය දේවල් ඉවත් කරලා තිබෙනවා. මේ කට වචනයෙන් කියපු දේවල නෙවෙයි. ඒ සිද්ධිය එකී නාඩි වාක්‍යයේම දක්‌වලා තියනවා.

තවත් කාරණයක්‌ මං පැහැදිලි කරන්නම්. පරම විඥානාර්ථ වාදීන්ගේ මතයක්‌ තියනවා ලෝකය පාලනය කරන මාස්‌ටර්වරුන් පිරිසක්‌ ඉන්නවා කියලා. ඒ අය විටින් විට මේ මනුස්‌ස ලෝකයේ පහළ වෙලා ලෝකය යහමඟට ගන්න කටයුතු කරනවා. මේ එක්‌ මාස්‌ටර් කෙනෙක්‌ මට මතක්‌ වෙනවා. ඒ තමයි මාස්‌ටර් "කුටුම්". මේ ඇත්තා අවුරුදු දහස්‌ ගණනක්‌ වයසක ඇත්තෙක්‌. මාස්‌ටර් කුටුම් තවමත් ඉන්නවා. ඒ කතාව ඇත්තක්‌ කියලා අනගාරික ධර්මපාලතුමා මාත් එක්‌කල කීවා මට මතකයි. මේ ගැන මටත් පෞද්ගලික අත්දැකීමක්‌ තියනවා.

දවසක්‌ මං ආනන්ද කොලීජියේ ඉන්න කාලේ හවස භාවනානුයෝගීව ඉන්න කොට, මට මාස්‌ටර් කුටුම් පෙනුණා. ඒ ඇත්තා දැක්‌ක හැටියේ මට හිතුණා, මේ මාස්‌ටර් කුටුම් කියලා. මං එතුමා ගැන මොකුත්ම දැනගෙන හිටියේ නැහැ. මට එතුමා දකින්න ඕනකමක්‌ තිබුණෙත් නැහැ. දැක්‌ක හැටියෙම මට දැනුණා මේ ඉන්නේ මාස්‌ටර් කුටුම් තමයි කියලා. ඒ අනුව මාත් පිළිගන්නවා විශ්වයේ මාස්‌ටර්වරුන් පිරිසක්‌ ඉන්නවා කියලා. "රක්‌කොක්‌සිමොරීන් ජටාලකුල" නමින් හැඳින්වෙන සෘෂින් වහන්සේලා ලෝකාර්ථය සලසමින් තවමත් මාස්‌ටර්වරුන් විදිහට විශ්ව බලවේග වශයෙන් ඉන්නවා. තවත් අතිරේක කාරණයක්‌ මම කියන්නම්.

ලබන සතියට

මෛත්‍රී රත්නායක


http://divaina.com/sunday/index.php/...10-19-08-11-45
Reply With Quote
(#2)
Old
funkyguy89's Avatar
funkyguy89 funkyguy89 is offline
Senior Member
funkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of light
 
Posts: 8,075
Join Date: Nov 2009
11-05-2017, 02:34 PM

ජීවිත විස්‌තර විතරක්‌ නෙවෙයි ලෙඩට බෙහෙතුත් නාඩි වාක්‍යයේ තියෙනවා

දකුණු ඉන්දියාවේ පලනි කියන නගරයේ ස්‌කන්ධ කුමාර නමින් දේවාලයක්‌ තියනවා කතරගම දෙවියන්ට කැප කරපු. මේ දේවාලයේ ආවතේව කරමින් සිටින්නේ මීට අවුරුදු පන්දහසකට, හය දහසකට පෙර සිටි (භෝග හෙවත් පෝගර්) නම් මහා සෘෂිවරයායි. මේ භවයෙන් ඉකුත් වූ පසු (මැරුණු පසු) එම සෘෂිවරයා මෙම ස්‌කන්ධකුමාර දේවාලයේ ආවතේව කටයුතුවල නිරතව සිටින බව "පෝගර් 7000"නම් හැඳින්වෙන නාඩි ග්‍රන්ථවල හැඳින්වෙනවා. නාඩි වාක්‍ය ගැන මුන්නැහේ අහපු ප්‍රශ්නයට අතිරේකව මේ කරුණු ටික මං කීවේ සෘෂිවරුන් මේ ලෝකයෙන් බැහැර වුණත් ඒ ඇත්තන්ගේ භාවනානුයෝගී බලය ශක්‌තිය විශ්වයේ බලවේග වශයෙන් රැඳී සිටිමින් තවදුරටත් මනුෂ්‍ය ප්‍රජාව කෙරෙහි දයානුකම්පාවෙන් උදව් උපකාර කරමින් සිටිනවා. කලියුග ආරම්භයට පෙර සෘෂිවරුන් 18 දෙනෙක්‌ මේ අන්දමට නාඩි වාක්‍ය ප්‍රකාශයට පත් කරලා විශ්ව බලවේග වශයෙන් ඉන්නවා.

ප්‍රශ්නය( පින්වත් ස්‌වාමීනි. මුලින්ම නාඩි වාක්‍ය ප්‍රකාශ කරල තියෙන්නේ මොන භාෂාවෙන්ද? ලේඛන ගතවුණේ කොහොමද? කොයි කාලෙද කියලා නමස්‌කාර පූර්වකව ඔබ වහන්සේගෙන් දැනගන්න පුළුවන්ද ස්‌වාමීනි.

නාහිමි (මීට අවුරුදු පන් දහසකට හයදහසකට පෙර ජීවත් වූ මහා බලසම්පන්න සිද්ධි යෝගීන් පිරිසක්‌ විසින් තමයි මෙම නාඩි වාක්‍ය ප්‍රකාශයට පත් කරලා තියෙන්නෙ ශ්ලෝක විදිහට. මේ ශ්ලෝක ගෝලයින් කට පාඩමින් පවත්වාගෙන ඇවිල්ලා තමයි ලේඛනගත වුණේ. මට දැන ගන්න ලැබුණු විදිහට, මේ නාඩි වාක්‍ය ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ ඉන්දියානු ආදි වෛදික භාෂා වලින්. ඊට පස්‌සේ මේ ප්‍රකාශන සංස්‌කෘත භාෂාවලට පරිවර්තනය වෙලා තියනවා. කාලය පැහැදිලි නැහැ.

දැන් ඉන්දියාව පුරා විවිධ භාෂාවලින් ලියෑවුණු නාඩි වාක්‍ය තියෙනවා. දෙමළ, තෙලිගු, සංස්‌කෘත, මලයාලම් ආදී භාෂාවලින් ලියෑවුණු නාඩි වාක්‍ය ගැන මට අහන්න ලැබුණා. "පෝකර් 7000" නාඩි රචනා කරලා තියෙන්නේ දෙමළ භාෂාවෙන්. මදුරාසිය, කුසිනාරානුවර, ලක්‌නව්, ත්‍රිවට්‌ටම්, බරණැස ආදී ප්‍රදේශවල නාඩි වාක්‍ය කියවන ස්‌ථානවලත්, පුස්‌තකාලවලත් මෙම නාඩි වාක්‍ය ඇතුළත් ග්‍රන්ථ තියනවා.

මෙම නාඩි ක්‍රමයේ ඇති විශේෂත්වය තමයි එහි ජ්‍යෙdතිෂ්‍යය කරුණු, යන්ත්‍ර මන්ත්‍ර, ගුප්ත විද්‍යා ආදී බොහෝ දෑ ඇතුළත්. ඒත් ඔබට ඒවා කියවන්න බැහැ. නාඩි වාක්‍ය කියවීම එක්‌ එක්‌ ගුරුකුලයට අයත් ගුරු මුෂ්ටි වශයෙන් තියෙන්නේ. ගුරු මුෂ්ටිය එම පරපුරෙන් පරපුරට ගෙන යනවා. පිට අයට මේ කියවීමේ කලාව ඉගෙන ගන්න අවස්‌ථාවක්‌ නැහැ.

ප්‍රශ්නය ( නාඩි වාක්‍ය ලේඛනගත වූයේ කවදාද, කොහොමද කියන ප්‍රශ්නයට පිළිතුරු දැනගන්න කැමැතියි ස්‌වාමීනි.

නා හිමි(ඒක සිද්ධ වුණේ මෙහෙමයි. මීට අවුරුදු 2000කට ඉස්‌සර ඉන්දියාවේ තංජෝර් නමින් මහ රජ කෙනෙක්‌ හිටියා. මේ රජතුමා මේ ශාස්‌ත්‍රයේ තියෙන වටිනාකම තේරුම් අරගෙන ඉන්දියාවේ සෑම පළාතකම හිටිය වියත් බ්‍රාහ්මණ පඩිවරු තමන්ගේ මාළිගාවට කැඳවලා අවශ්‍ය පහසුකම් දීලා, නවත්වාගෙන නාඩි වාක්‍ය ලේඛනගත කරලා තියෙනවා. ඒවා ඒ අවස්‌ථාවේදීම වෙනත් භාෂාවලට පරිවර්තනය කරලත් තියනවා. එහෙම තමයි නාඩි වාක්‍ය තල්පත්වල ලියෑවුණේ.

තංජෝර් මහ රජතුමා තමන්ගේ මාළිගය අසලම පුස්‌තකාලයක්‌ හදලා එම නාඩි වාක්‍ය ඇතුළත් තල්පත් තැන්පත් කළා. ආරක්‌ෂා කළා. මෙම කාලයේ දෙමළ, මලයාලම්, තෙලිගු ආදී භාෂාවලට පරිවර්තනය වුණේ අන්න ඒ විදිහටයි. කාලයක්‌ යනවිට එම රජ පෙළපතේ එක්‌ තරුණ කුමාරයෙක්‌ බටහිර අධ්‍යාපනය ලබා සියරට පැමිණ මෙම ඉපැරණි පත පොතෙහි වටිනාකම අගය තේරුම් නොගෙන මෙම සියලුම පොත් පුස්‌තකාලය වටා ඉදිකර තිබූ, කිඹුලන් විසින් ආරක්‌ෂා කරනු ලැබූ දිය අගලට විසි කරලා දාලා තියෙනවා. ඉන්පසු එම රජතුමා පුස්‌තකාල ගොඩනැඟිල්ල තමන්ගේ අන්ත(පුරය සඳහා භාවිත කළ බව කියෑවෙනවා. මේ සිද්ධිය දැනගත් බ්‍රාහ්මණ පඬිවරු තමන්ගේ ජීවිත ගැනවත් නොසලකා දියට පැන මෙම තල්පත් මිටි විශාල කොටසක්‌ බේරාගෙන තිබෙනවා.

එක්‌ එක්‌ බ්‍රාහ්මණ පවුල් අයත් කරගත් තල්පත් මිටි තම උරුමය වශයෙන් රැකගෙන ආවා. ඉන්දියාව විදේශ බලවේග වලට යට වුණාට පස්‌සේ ඒ පාලකයෝ මෙම වටිනා තල්පත් තමන්ගේ මවු රටවලට අරගෙන ගියා. නාඩි වාක්‍යය ඇතුළත් ත්‍රිවංද්‍රම් රාජකීය පුස්‌තකාලයේ රැකගෙන තිබූ තල්පත් කෝටි ගණනක්‌ එංගලන්තය, ඇමරිකාව, ප්‍රංශය ආදී රටවලට පැහැරගෙන ගොස්‌ තිබෙනවා. මේ සිද්ධිය (CELESTIAL - INDIA) නම් පොතේ සඳහන් වෙනවා.

මේ නාඩි වාක්‍ය දෙමළ, කර්ණාටක තෙළsගු, සංස්‌කෘත ආදී භාෂාවලින් රචිත නාඩි ග්‍රන්ථයි. ඔවුන් මේවා තමන්ගේ පුස්‌තකාලවල එක්‌ රැස්‌ කළත් මිනිස්‌ වර්ගයාට ඉන් කවදාවත් ඵලක්‌ සෙතක්‌ වෙන්නේ නෑ. හේතුව එම ලේඛන කියවිය හැකි කිසිවෙක්‌ ඒ රටවල නැහැ. ඒ ලේඛන කියවීමට විශේෂ කේත ක්‍රමයක්‌ තියනවා. ඒ ක්‍රමය දන්නේ ඒ ඒ බ්‍රාහ්මණ පවුල්වල අය විතරයි. ඒ ශිල්පය දෙන්නෙත් ඒ ඒ පරම්පරාවල ශිල්පය හැදැරීමට කුසලතා ඇති අයට පමණයි. මේ ශිල්පය ගුරු මුෂ්ටිය වශයෙන් පරම්පරාවෙන් පරම්පරාවට රැකගෙන යනවා.

ප්‍රශ්නය( එහෙමයි ස්‌වාමිනී. මෙම නාඩි තල්පත් කියවීම ඉගෙන ගත්තේ කොහොමද

ස්‌වාමිනී ,නා හිමි( ඉන්දියාව අන්තිමට පාලනය කළේ ඉංග්‍රීසීන්. ඒ කාලය වනවිටත් මෙම තල්පත් කියවන ක්‍රමය එකි බමුණන් දැනගෙන ඉඳලා නෑ. එක බ්‍රාහ්මණ පඬිවරයෙක්‌ මෙම තල්පත් කියවන ක්‍රමය පිළිබඳව හෝඩුවාවක්‌ ලැබිලා නාඩි වාක්‍ය කියවන යතුර, ක්‍රමය, තේරුම් ගෙන නාඩි වාක්‍ය කියවීම ආරම්භ කරල තියෙනවා. මුල් නාඩි වාක්‍ය තුළින් එකීs බ්‍රාහ්මණ පඬිවරයට උපදෙස්‌ ලැබිලා තියෙන්නේ විදේශිකයන් රටින් පිටවන තුරු නාඩි කියවීම නොකළ යුතු බවට. ඒ බ්‍රාහ්මණ පඬිවරුන් හරි නීතිගරුකයි. අවංකයි. මේ බ්‍රාහ්මණ පඬිවරුන් අද වුණත් හඳුන්වන්නේ "පණ්‌ඩිත" කියන ගෞරව පදය මුලට යොදලා. නාඩි වාක්‍ය තුළින් දීලා තියෙන උපදෙස්‌ කිසිම විටෙක ඒ ඇත්තෝ කවදාවත් කඩ කරන්නේ නෑ. උපදෙස්‌වලට ගරු කරනවා.

ප්‍රශ්නය ( ස්‌වාමීනි, ඔබ වහන්සේ ප්‍රකාශ කළා තල්පත් කෝටි ගණනක්‌ එංගලන්තය, ප්‍රංශය, ඇමරිකාව ආදී රටවලට ගෙන ගියා කියලා. සැබැවින්ම මේවා එච්චරම වැදගත්ද? මේවායේ තියෙන්නේ මොනවද කියලා ඔබ වහන්සේට දළ අදහසක්‌ කියන්න පුළුවන් ද ස්‌වාමීනි.

නාහිමි ( හොඳයි මං කියන්නම්. මේ ගෙන ගිය නාඩි වාක්‍ය ග්‍රන්ථ කාටවත් කියවන්න ලැබුණේ නැති නිසා ඒවායේ අන්තර්ගතය ගැන කියන්න බැහැ. ඒත් දැනට ඉතිරි වෙලා තියෙන නාඩි වාක්‍ය පොත්පත් දිහා බැලුවහම ඒවායේ සඳහන් වෙලා තියෙන කරුණු පිළිබඳව පුදුම හිතෙනවා. උදාහරණයක්‌ වශයෙන් මුන්නැහේට අවශ්‍ය ඕනෑම කාරණයක්‌ පිළිබඳව විස්‌තර විමසුවොත් ඊට පිළිතුරු මුන්නැහේට ලැබෙනවා. ඇතැම් අවස්‌ථාවල වර්තමානයේ ලියෑවෙන හා අනාගතයේ ලියෑවෙන පත පොත ගැනත් ඒවායේ කර්තෘවරුන් ගැනත් කියෑවෙනවා. මේ කාරණයට අවශ්‍ය කරුණු අසවල් පොතේ අසවල් පිටුවේ තියෙනවා. වර්තමානයේ පළවන පතපොත ගැනත්, අනාගතයේ පළවන පතපොත ගැනත් කියෑවෙනවා. මේවා කියල තියෙන්නේ මීට අවුරුදු 5000කට 6000කට ඉහත ජීවත් වුණු සෘෂිවරුන් විසින්.

මට අහන්න ලැබුණු ආරංචියක්‌ මට මතක්‌ වුණා. මේකේ සත්‍ය අසත්‍යතාව ගැන මට හරියට කියන්න බැහැ. විස්‌තරය මෙහෙමයි. මෙම නාඩි වාක්‍ය තල්පත්වලින් කොටසක්‌ ඊශ්‍රායලයට ගෙනිහිල්ලා තියෙනවා. එක්‌තරා තරුණ ඉන්දියානු නාඩි කියවන්නෙක්‌ ඊශ්‍රායලයේදී මේ නාඩි වාක්‍යවලින් කොටසක්‌ කියවලා තේරුම් කරලා තියෙනවා.ඒ තල්පත්වල තිබුණු ශිල්ප ක්‍රම ඊශ්‍රායලය විසින් දැනගෙන මේ වනවිට අති නවීන ගුවන් යානා, යුද උපකරණ නිපදවූ බව කියෑවෙනවා. කෙටි කාලයක්‌ රැඳී සිටි මේ තරුණ නාඩි කියවන්නා ඊශ්‍රායලයෙන් පිටව ගිය බවත් කියෑවෙනවා.

ඒ ප්‍රවෘත්තිය ඇත්තනම් ඊශ්‍රායලය සතුව තිබූ ඉතා කුඩා නාඩි වාක්‍ය පොත් ප්‍රමාණයෙන් මේ පුංචි රට මේ තරම් බලවත් තත්ත්වයකට පත්වුණා. අද වුණත් අරාබිකරයේ මැද පිහිටි මේ කුඩා පුංචි රට බලවත්ව ඉන්නේ ඒ විස්‌තර දැනගෙන සිටි නිසා වෙන්නට පුළුවන්.

ඒ අනුව මට හිතෙනවා දැනට ප්‍රංශය, ඇමරිකාව, එංගලන්තය යන රටවල පුස්‌තකාලවල ඇති නොකියවූ නාඩි වාක්‍ය තල්පත්වල කොච්චර නම් ඥාණ සම්භාරයක්‌, දැනුම් සම්භාරයක්‌ ගැබ්වෙලා ඇත්දැයි හිතා ගන්නත් අමාරුයි. සමහර විට අන්තර් ග්‍රහ ලෝකය තරණය , විශ්ව ගවේෂණය සඳහා සුදුසු උපදෙස්‌ තාක්‌ෂණය, යන්ත්‍ර සූත්‍ර සකස්‌ කර ගන්නා ශිල්පය මෙම නාඩි වාක්‍ය තුළ ගැබ් වෙලා ඇති කියලා මම දැඩි ලෙස විශ්වාස කරනවා.

ප්‍රශ්නය ( පිංවත් ස්‌වාමීනී, මට වෙනත් විදිහක ප්‍රශ්නයක්‌ ඔබ වහන්සේගෙන් විමසන්න අවශ්‍යයි. ලංකාවේ අපට මුලින්ම නාඩි වාක්‍ය ක්‍රමය ගැන දැනගන්නට ලැබුණේ මහාලිංගම් නමැති පඬිවරයාගෙන්. මහාලිංගම් මහත්තයා ලංකාවේ සිටි සෑම ජන නායකයෙකුටම, ප්‍රභූන් රැසකටම තමන්ගේ භාරයේ තිබූ "සප්ත සෘෂි" නාඩි වාක්‍ය ක්‍රමය තුළින් අනාවැකි කියලා තියෙනවා. ඊට පස්‌සේ අපට නාඩි වාක්‍ය ගැන අත්දැකීම් ලැබුණේ දැනට ලංකාවේ පදිංචි වෙලා නාඩි වාක්‍ය කියන "අගස්‌ති කෞෂික නාඩි වාක්‍ය" ක්‍රමය ගැන. කෙටි කලක්‌ ලංකාවේ රැඳි සිටි නාඩි කියවන්නෙක්‌ සූර්ය නාඩි ක්‍රමය හඳුන්වා දුන්නා. මෙම නාඩි වාක්‍ය ක්‍රමයේ ඇති විශේෂත්වය වන්නේ ස්‌වාමිනී මෙම නාඩි වාක්‍ය ලියා තිබුණේ තඹ පත්වලයි. මේ හැරුණු විට ඔබ වහන්සේ දන්නා වෙනත් නාඩි ක්‍රම ගැන කරුණාවෙන් අප වෙත පැහැදිලි කර දෙන ලෙස මම ගෞරව නමස්‌කාර පූර්වකව ඉල්ලා සිටිනවා.

නාහිමි ( හොඳයි, මේ ගැන මට දීර්ඝ විස්‌තරයක්‌ කියන්න පුළුවන්. මං හුඟක්‌ කෙටි කරලා විස්‌තර කියන්නම්. නාඩි වාක්‍ය කියන්නේ මහා පුළුල් පරාසයක පැතිරුණ ශාස්‌ත්‍ර ක්‍රමයක්‌. හරියට සප්ත මහා සාගරය වගේ. අපි දන්නේ, අපට දැන ගන්නට පුළුවන් වෙන්නේ ඉන් එක්‌ බිංදුවක්‌ විතර ප්‍රමාණයක්‌. මුන්නැහේ අහලා තියෙන ජ්‍යෙdතිෂ්‍ය, ආයුර්වේද, හස්‌ත රේඛා, ශබ්ද විද්‍යා කොයිතරම් ගැඹුරු පුළුල් පරාසයක්‌ දක්‌වා විහිදෙන ශාස්‌ත්‍රයන් ද කියලා අමුතුවෙන්ම කියන්න ඕනේ නැහැ. මේ ගැන මං පස්‌සේ පැහැදිලි කරන්නම්.

නාඩි වාක්‍ය කියන්නේ මේ ශාස්‌ත්‍රයේ අග්‍ර ඵලය. මූල බීජය. මේ හැම දෙයක්‌ම ධ්‍යානලාභී සෘෂිවරුන් විසින් තමන්ගේ ධ්‍යාන සුවයෙන් ඉන්නා වෙලාවේ දැනගත් විස්‌තරයි. එක්‌ එක්‌ සෘෂිවරයා විසින් භාෂිත නාඩි වාක්‍ය ඒ සෘෂිවරයා නමින් හැඳින්වෙනවා. කාකභුජන්දර නමින් හැඳින් වූ නාඩි වාක්‍ය ප්‍රකාශ කර ඇත්තේ කාකයර් නම් සෘෂිවරයා විසින්. මේ හැරුණු විට කෞමාර නාඩිය, බුද්ධ නාඩිය, සූර්යය සංහිතා නාඩිය, කුජ, ගුරු, ශුක්‍ර, ශනි, ශුකර්ම් පෙරිය, චන්ද්‍ර කලා නාඩිය, අගස්‌ති කෞෂික නාඩිය, සත්‍ය සංහිතා නාඩිය, කමලමුණි නාඩිය, ශිව පාර්වතී නාඩිය, සප්ත සෘෂි නාඩිය, ශූක්‍ර සංහිතා නාඩිය ආදී වශයෙන් නාඩි ක්‍රම රාශියක්‌ තියනවා. සමහර නාඩි ක්‍රම දීර්ඝ වශයෙනුත්, සමහර නාඩි ක්‍රම ශේෂ වශයෙනුත් පවතිනවා.

ප්‍රශ්නය ( ස්‌වාමීනි, මේ නාඩි වාක්‍ය ලියෑවිලා තියෙන්නේ සම්පූර්ණයෙන් ශ්ලෝක වශයෙන් ද නැත්නම් ප්‍රකාශන වශයෙන් ද ඔබ වහන්සේ දුටු විශේෂතා මොනවාද ස්‌වාමීනි,

නාහිමි ( බොහෝ නාඩි වාක්‍ය ලියෑවිලා තියෙන්නේ ශ්ලෝක වශයෙන් එක දිගටම කියෑවෙන විදිහට. ඒත් සමහර වාක්‍ය දෙබස්‌ විදිහටත්, සාමූහික සාකච්ඡා වශයෙනුත් විස්‌තර කෙරෙන අවස්‌ථා මම දුටුවා. උදාහරණයක්‌ විදිහට කිසියම් පුද්ගලයෙකු උපන් වෙලාවෙ ග්‍රහයන් පිහිටලා තියෙන ක්‍රමය පිළිබඳව යම් පටලැවිලි පැහැදිලි නැති තත්ත්වයක්‌ ඇති වුණොත් සෘෂිවරුන් දෙදෙනෙක්‌, නැත්නම් තුන්දෙනෙක්‌, සෘෂිවරුන් හත්දෙනෙක්‌ සාකච්ඡා කළ නාඩි ක්‍රමයක්‌ තියනවා. සප්ත සෘෂි කියන්නේ ඒ විදිහට හත් දෙනෙක්‌ එකතු වෙලා ප්‍රකාශ කළ නාඩි වාක්‍ය ක්‍රමයයි ශිව පාර්වතී නාඩි වාක්‍ය කියන්නේ ශිව පාර්වතී යන දෙවිවරුන් දෙදෙනා එකතු වෙලා ප්‍රකාශ කළ නාඩි වාක්‍ය ක්‍රමයයි.

බොහෝ නාඩි වාක්‍ය ලියෑවිලා තියෙන්නේ ශ්ලෝක වශයෙන් එක දිගටම කියෑවෙන විදිහට. ඒත් සමහර වාක්‍ය දෙබස්‌ විදිහටත්, සාමූහික සාකච්ඡා වශයෙනුත් විස්‌තර කෙරෙන අවස්‌ථා මම දුටුවා. ශිව පාර්වතී දෙවිවරුන් දෙදෙනාගේ සංවාද සහිත නාඩි වාක්‍යයක්‌ ක්‍රමයක්‌ ද තියෙනවා. කර්දම භෘග, ප්‍රහ්ලාද, බලි, ජනක කියන සෘෂිවරුන් පස්‌දෙනෙක්‌ එකතු වෙලා පවත්වන ලද සාකච්ඡා ඇතුළත් නාඩි වාක්‍යය ක්‍රමයක්‌ ද තියෙනවා. මේ සංවාද මණ්‌ඩලයේ සභාපති ලෙස සූර්ය නම් දිව්‍ය පුත්‍රයෙක්‌ කටයුතු කරලා තියෙනවා. එම නිසා එම නාඩි වාක්‍ය සූර්ය නාඩි නමින් හැඳින්වෙනවා. සූර්ය සංහිතා නාඩි වාක්‍යය චන්ද්‍ර කලා නාඩිය නමින් හැඳින්වෙන නාඩි ක්‍රමයක්‌ ද තියෙනවා. සංස්‌කෘත බසින් ලියෑවෙලා තියෙන මෙම නාඩි ක්‍රමය මහා බ්‍රාහ්මයා විසින් ප්‍රකාශිත බව එම නාඩි වාක්‍යවල ඇති ශ්ලෝකයක දැක්‌වෙනවා. සංවාද පිළිබඳ කියන කොට, බ්‍රහ්මයා, සෘෂිවරුන් අතර සංවාදත්, පාර්වතී සෘෂිවරුන් අතර සංවාදත් සහ සෘෂිවරුන්, සෘෂිවරුන් අතර ඇති වූ සංවාදත් දක්‌නට ලැබෙනවා. තවත් විශේෂ නාඩි ක්‍රමයක්‌ තියෙනවා.

එය හැඳින්වෙන්නේ අගස්‌ති වාක්‍ය කමලමුණි කියන නමින් රේඛා ශාස්‌ත්‍රය මුල්කර ගෙන නිබන්ධනය වෙලා තියෙනවා. මෙම නාඩි ක්‍රමයේ ඇති විශේෂත්වය තමයි අතේ රේඛා දෙස බලා ඊට අනුරූපව ඇති නාඩි ග්‍රන්ථ සොයා විස්‌තර කථනය කරනවා. ශ්‍රී ක්‍රිෂ්ණ දෙවියන් විසින් සහදේව සෘෂිවරයාට නාඩි වාක්‍ය ඉගැන්වූ බව එකී නාඩි ග්‍රන්ථවල සටහන් වෙලා තියෙනවා. කමලමුණි නම් වූ තවත් නාඩි වාක්‍ය ක්‍රමයක්‌ තියනවා. මෙම ක්‍රමයේ ඇති පුදුම සහගත බව නම් කෙනෙකුගේ දකුණු අතේ, මහපටඟිල්ලෙන් ලබා ගන්නා සටහන් විමර්ශනය කරලා ජීවියාගේ නම මවුපියන්ගේ, බිරිඳගේ නම, අනියම් බිරිඳක්‌ ඉන්නවා නම් ඇගේ නම් ගම් ද ඇතුළත් පූර්ණ විස්‌තරයක්‌ ද ඔහු හෝ ඇය ජීවත් වන පළාත ද කියෑවෙනවා. මේ ආදි වශයෙන් නාඩි වාක්‍ය විධි සිය ගණනකට අධික සංඛ්‍යාවක්‌ තියනවා.

ප්‍රශ්නය ( සෘෂිවරුන් කුමන කරුණු පාදක කරගෙන ද මෙම නාඩි වාක්‍ය ප්‍රකාශ කරලා තියෙන්නේ ස්‌වාමීනි,

නාහිමි ( හොඳයි, බුද්ධෝත්පාද කාලයට පෙර ඉඳලම එනම්, කලියුග කාලයේ ආරම්භයේ ඉඳලම ඉන්දියාවේ තිබුණා මහා පුරුෂ ලක්‌ෂණ විද්‍යාව, නම් ශාස්‌ත්‍ර ක්‍රමයක්‌ මහා භාරතයේ පුරාණයේ ඉඳලම පැවතිලා තියෙනවා. සුද්ධාවාස නම් දෙවියන් විසින් බමුණු වෙසින් ඉඳලා මහා පුරුෂ ලක්‌ෂණ විද්‍යාව බුද්ධ මන්ත්‍ර විදිහට උගන්වලා තියෙනවා. මේවා වේද ග්‍රන්ථවලටත් ඇතුළත් වෙලා තියෙනවා.

මේ පිළිබඳව දික්‌සඟිය අටුවාවේද සඳහන් වෙනවා. බුදුන් වහන්සේගේ කාලයේ මේ ශාස්‌ත්‍රය බොහෝ බ්‍රාහ්මණ පඬිවරුන් දැන සිටි බව බෝසත් උපතේ දී මහා පුරුෂ ලක්‌ෂණ, දේහ ලක්‌ෂණ දිහා බලලා, මේ තැනැත්තා බුදු වන බවට කර ඇති ප්‍රකාශයෙන් පැහැදිලියි. බුදුන් වහන්සේ දෙතිස්‌ මහා පුරුෂ ලක්‌ෂණ වලින් යුක්‌ත උත්තමයෙක්‌. දෙතිස්‌ මහා පුරුෂ ලක්‌ෂණ කියන්නේ මහා පුරුෂ ලක්‌ෂණ තිස්‌ දෙකක්‌ සහිත තැනැත්තා කියන එකයි. මම බුදුන් වහන්සේ ගැන නාඩි වාක්‍ය තුළින් විමසලා බලපු වෙලාවේ එහි බුදුන් වහන්සේ ගැන කියෑවුණේ "මහා සෘෂි ගෞතම" කියලා. මේ ගැන මං පස්‌සේ විස්‌තර කියන්නම්. නාඩි වාක්‍ය ලියෑවෙලා තියෙන්නේ කෙනෙකුගේ මහා පුරුෂ ලක්‌ෂණ එකක්‌ හෝ වැඩි ගණනක්‌ තියනවා නම් විතරයි. ඒ අනුව ඔබට නාඩි වාක්‍ය කියවා ගැනීමේ වාසනාව ලැබුණා නම්, ඔබ තුළ මහා පුරුෂ ලක්‌ෂණ එකක්‌ හෝ කිහිපයක්‌ තියෙන පිංවතෙක්‌. මහා පුරුෂ ලක්‌ෂණ ශරීර අංග ඇතුළතින් පමණක්‌ නෙවෙයි, මනසින්, ගති ලක්‌ෂණ ද ඇතුළත්. මෙත්තා, කරුණා, මුදිතා උපෙක්‌ෂා ආදී ගුණයන්ද මහා පුරුෂ ලක්‌ෂණවලට ඇතුළත් වෙනවා. මේ මහා පුරුෂ ලක්‌ෂණ විද්‍යාව බුද්ධ පරිනිර්වාණයෙන් පසු අභාවයට ගිය බව හැඟෙනවා. බෝධි සත්වයන්ගේ පමණක්‌ නෙවෙයි, බෝධි සත්වයාණන් වහන්සේගේ මවු දෙමවුපියන් ද මහා පුරුෂ ලක්‌ෂණවලින් යුක්‌ත අයයි. ඒ අයගේ ද අංග සම්පූර්ණ විස්‌තර නාඩි වාක්‍යවල ලියෑවිලා තියෙනවා.

ප්‍රශ්නය ( ස්‌වාමීනි, ඔබවහන්සේ ප්‍රකාශ කළා ජ්‍යෙdතිෂ්‍ය, ආයුර්වේදය මේ ලොවට දායාද කළේ මේ සෘෂිවරුන් වහන්සේලා කියලා. ඒ පිළිබඳව අපි දැන ගන්න කැමැතියි ස්‌වාමීනි.

නාහිමි ( අද කාලයේ අපේ ජ්‍යෙdතිෂ්‍යවේදීන් නොයෙක්‌ තාක්‌ෂණ උපකරණ පාවිච්චි කරලා තමයි ජීවිත විස්‌තර පැහැදිලි කරලා දෙන්නේ. ඒත් මීට අවුරුදු 5000කට 6000කට පෙර මෙවැනි උපකරණ කිසිවක්‌ තිබුණේ නැහැ. සෘෂීන් වහන්සේලා මේ සියලු විස්‌තර ඔවුන්ගේ අධි මානසික බලයෙන් සෘෂි බලයෙන් තමයි විස්‌තර පුරෝකතනය කළේ. මෙම සෘෂීන් වහන්සේලාට ශක්‌තිය හැකියාව තිබුණා වෙනත් ඕනෑම වස්‌තුවකට තමන්ගේ මනෝකායෙන් ආරූඪ වෙලා ඒ වස්‌තුවේ ඇති භෞතික ස්‌වභාවය විස්‌තර කරන්න, විග්‍රහ කරන්න. ඒ විදිහට සෘෂීන් වහන්සේලා වෙනත් ග්‍රහලෝක හිරු, සඳ, බ්‍රහස්‌පති, සිකුරු ආදී ග්‍රහ වස්‌තූන්ට ආරූඪ වෙලා ඒ ග්‍රහ ලෝකවලින් පිටවන තරංග ප්‍රමාණය ඉන් මේ ලෝකයට පමණක්‌ නෙවෙයි, ඒ ඒ ග්‍රහලොAක කෙරෙහි ඇතිවන බලපෑම ද විස්‌තර කරලා තියෙනවා.

සත්ව කොට්‌ඨාශවලට පමණක්‌ නෙවෙයි, ගහකොළ, මල්, පළතුරු ආදී දේටත්, ග්‍රහලෝක වලින් ඇතිවන බලපෑම ගැනත් විස්‌තර කරලා තියෙනවා. ග්‍රහ වස්‌තූන්ගේ බලපෑම වගේම මේ ලෝකයේ තියෙන ගහ කොළ පිළිබඳවත් සෘෂීන් වහන්සේලා විස්‌තර කරලා තියෙනවා. කිසියම් ගහකට, පැළෑටියකට උන්වහන්සේලා ආරූඪ වෙලා ඒ ගසේ පොත්තෙන්, අරටුවෙන්, මුල්වලින් මල්වලින් , පොතුවලින්, ගෙඩිවලින් කොළවලින් මේ ආදී සියලු විස්‌තර ග්‍රහණය කරගෙන, උකහාගෙන ඉන් ඇතිවන ශක්‌තිය පිළිබඳ අවබෝධයක්‌ ලබාගෙන ඒ ආශ්‍රයෙන් විවිධ රෝගවලට ඖෂධ වර්ග නිපදවන ආකාරයත් තේරුම් කරලා දීලා තියෙනවා.

අද පවතින ආයුර්වේද ඇතුළු සියලු වෛද්‍ය ක්‍රමවල නිර්මාතෘවරුන් වන්නේ මහා බලසම්පන්න සෘෂිවරුන්. අද වගේ රසායනාගාර නොතිබුණ ඒ කාලයේ ඒ ඒ ගස්‌වල කොළ පොතු, නැටි, මුල් නියමිත මාත්‍රාවට සකස්‌ කරලා, කියන විස්‌තර නාඩි ග්‍රන්ථවල සඳහන් වෙනවා. "පෝකර් 7000" නමින් හැඳින්වෙන නාඩි වාක්‍යයේ ජ්‍යෙdතිෂ්‍ය පිළිබඳ කරුණු පමණක්‌ නෙවෙයි, ඊට අදාළ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ද ගුප්ත කරුණු පිළිබඳව ද සඳහන් වනවා. නාඩි වාක්‍යවල ඇතුළත් ඖෂධ කාණ්‌ඩය තුළින් විවිධ මනුෂ්‍යයින්ට කලින් කලට හැදෙන විවිධ රෝගාබාධවලට අවශ්‍ය ප්‍රත්‍යක්‍ෂ ප්‍රතිකාර ක්‍රම කියෑවෙනවා. හදවත් රෝග, දියවැඩියාව, ක්‍ෂය රෝගය, අර්ශස්‌ ආදී විවිධ රෝගයන් සඳහා ගතයුතු ප්‍රතිකාර ගැන සඳහන් වනවා. විශේෂයෙන් සඳහන් කළයුතු දෙයක්‌ තමයි ඇස්‌වල ඇති වන කාච රෝගවලට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර එම පොත්වල සඳහන් වෙනවා. මේ නාඩි ග්‍රන්ථ පරිශීලනය කළොත් අපේ දේශීය වෛද්‍ය ක්‍රමය ඉතා ඉහළ තලයකට ගෙන එන්නට පුළුවන් වෙයි කියලා මට හිතෙනවා.

ප්‍රශ්නය ( අවසරයි ස්‌වාමිනී, නාඩි වාක්‍ය කියවපු ඇතැම් දෙනාට තියෙන ප්‍රශ්නයක්‌ තමයි, ඇතැම් විට කියා ඇති දේ සිදුවෙන්නේ නැහැ. ඇතැම් විට ප්‍රමාද වී කියූ දේවල් සිදුවෙනවා. මේ විදිහට වැරදීම් සිදුවෙන්නේ කොහොමද ස්‌වාමීනි.

නාහිමි ( ඔය වගේ සිද්ධි මීට පෙර කීප දෙනෙක්‌ම මගෙන් ඇහුවා. මේ ගැන මම නාඩි කියවීම් තුළින්ම විමසුවා. මීට ඉස්‌සර වෙලා මම කියපු විදිහට මීට අවුරුදු 5000කට 6000කට පෙර සිටි සෘෂීන් වහන්සේලා තමයි මේ අනාගත වාක්‍ය "නාඩි වාක්‍ය" කියලා තියෙන්නේ. මේ ඇත්තෝ තමන්ගේ ගෝලයන්ට මේ නාඩි වාක්‍ය ශ්ලෝක වශයෙන් කට පාඩම් කරවලා තමයි මෙම නාඩි වාක්‍ය පරම්පරාවෙන් පරම්පරාවට රැකගෙන ඇවිල්ලා තියෙන්නේ. කට පාඩමින් ගෙන එන කොට වැරදීම් සිදුවීමට තියෙන ඉඩකඩ වැඩියි. කොටින්ම මුලින්ම කටපාඩම් කරපු කෙනා වැරදි වචනයක්‌, වැරදි වාක්‍යයක්‌ පාඩම් කරගෙන තිබුණා නම් ඊළඟ කෙනා පාඩම් කරන්නේත් එම වැරදි වචනයයි. වැරදි වාක්‍යයයි ඔය විදිහට පරම්පරාවෙන් පරම්පරාවට එනකොට වැරදීම් වැඩි වෙනවා.

ප්‍රශ්නය ( ස්‌වාමීනි එතකොට ලේඛනගත කරන කොටත් වැරදීම් සිද්ධ වෙනවද?

නාහිමි ( මං මීට පෙර කීවා වගේ මෙම නාඩි ශාස්‌ත්‍රය මුලින්ම ලේඛන ගත කරවලා තියෙන්නේ මීට අවුරුදු 2500කට පමණ පෙර සිටි තංජෝර් රජතුමා විසින් කියල. මෙම ශාස්‌ත්‍රවල තියෙන වටිනාකම තේරුම් ගෙන රට පුරා නාඩි කියවමින් සිටි බ්‍රාහ්මණ වංශිකයින් තංජෝර් මාළිගාවට කැඳවලා මෙම නාඩි වාක්‍ය තල්පත්වල ලේඛන ගත කළා. විවිධ භාෂාවලින් මෙම නාඩි වාක්‍ය ලියෑවිලා තියෙනවා. මෙහෙම ලියන අවස්‌ථාවේත් වැරදීම් සිද්ධ වෙන්න පුළුවන්. මේවා ලියෑවිලා තියෙන්නේ ඉතා සියුම් තිත් සහ ඉරිකෑලි විදිහට.

මේ පිළිබඳ මං පස්‌සේ විස්‌තර කියන්නම්. නැවත විවිධ භාෂාවලට පරිවර්තනය කරන කොටත් වැරදීම් සිදුවන්න පුළුවන්. අර්ථය වෙනස්‌ වෙන්න පුළුවන්. නාඩි වාක්‍ය කියවන අවස්‌ථාවේදීත් ඒවා තේරුම් කරලා දෙන තැනැත්තා අතිනුත් වැරදි සිද්ධ වෙන්න පුළුවන්. නැවතත් නාඩි වාක්‍ය විස්‌තර කොපි පොත්වලට, කැසට්‌ පටවලට, ගන්න කොටත් වැරදි සිද්ධ වෙන්න පුළුවන්.

ලබන සතියට

මෛත්‍රී රත්නායක

http://divaina.com/sunday/index.php/...10-26-08-26-44
Reply With Quote
(#3)
Old
funkyguy89's Avatar
funkyguy89 funkyguy89 is offline
Senior Member
funkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of light
 
Posts: 8,075
Join Date: Nov 2009
11-05-2017, 02:36 PM

නාඩි වාක්‍යය ගැන ආනන්ද මෛත්‍රීය මාහිමිගේ පළමු අත්දැකී



නාඩි වාක්‍ය පිළිබඳව අපි විටින් විට අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් සමග සාකච්ඡා කළෙමු. මෙම සාකච්ඡාවන් සඳහා මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති) දිවංගත ප්‍රභාත් මානවසිංහ මහතා ද, දිවයින පුවත් පතේ ප්‍රවෘත්ති කර්තෘව සිටි දිවංගත දයාරත්න රණසිංහ මහතා ද සහභාගි වූහ.සිංහල බසින් රූපවාහිනි සාකච්ඡාව මෙහෙය වූයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථා නිවේදකව සිටි සුගත් ලයනල් රණසිංහ මහතාය. ඉංග්‍රීසි බසින් සාකච්ඡාව මෙහෙයවූයේ එවකට ස්‌වාධීන රූපවාහිනි සේවයේ ක්‍රීඩා වාර්තාකරු ලෙස සේවය කළ අතුල රත්නායක මහතා ය. ඇතැම් අවශ්‍ය කරුණු සහ ගැටලු සහිත තැන් පිළිබඳ විමසන ලද්දේ මවිසිනි. එකී සාකච්ඡා වෙන් වෙන් වශයෙන් දැක්‌වීමෙන් පාඨක ඔබ තුළ ඇතිවිය හැකි ව්‍යාකූල තත්ත්වයන් මඟ හැරීම සඳහා අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගෙන් අප අසන ලද සියලු ප්‍රශ්න සහ උන්වහන්සේ දුන් පිළිතුරු සරලව පාඨක ඔබගේ පහසුව සඳහා මෙසේ ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් කැටි කොට කොටස්‌ වශයෙන් පළවන බව සලකන්න.

ප්‍රශ්නය : එතකොට ස්‌වාමීනි, අපට ලැබෙන නාඩි වාක්‍ය කියෑවීම වැරදි නම් අපි කොහොමද නිවැරදිව නාඩි වාක්‍ය ලබා ගන්නේ.

නාහිමි : වැරදි නාඩි කියෑවීමක්‌ තමන්ට ලැබිලා තියෙනවා කියලා හිතෙනවා නම්, ඒකටත් පිළියමක්‌ නාඩි වාක්‍ය තුළම තියෙනවා. නාඩි වාක්‍යවල එක විශේෂ කාණ්‌ඩයක්‌ තියෙනවා, ප්‍රශ්න කාණ්‌ඩම් කියලා. මේ කාණ්‌ඩය තුළින් මමත් අවස්‌ථා ගණනාවකදීම තොරතුරු විමසලා බැලුවා.ඒ ක්‍රමයෙන් තමන්ගේ නාඩි වාක්‍යයේ සඳහන් සත්‍ය අසත්‍යතාව තහවුරු කර ගන්නට පුළුවන්. තව දෙයක්‌ මට කියන්න තියනවා. බුදුන් වහන්සේ වදාළ ධර්මය උන්වහන්සේ පිරිනිවන්පාලා මාස තුනක්‌ වෙනකොට යම් යම් භික්‌ෂූන් වහන්සේලා විසින් වැරදි අර්ථකථන දීමට උත්සාහ දැරුවා. ඒ අවස්‌ථාවේ කාශ්‍යප මහරහතන් වහන්සේ, මහරහතුන් වහන්සේලා පමණක්‌ සම්බන්ධ කරගෙන ප්‍රථම ධර්ම සංගායනාවක්‌ පවත්වලා ධර්මය කොටස්‌වලට බෙදලා එක්‌ එක්‌ භික්‌ෂු සමූහයාට ඒ කොටස්‌ කට පාඩම් කරමින් රැක ගැනීමේ වගකීම පැවරුවා. මේ අවස්‌ථාවේ මට මතක්‌ වෙනවා ආනන්ද මහ රහතන් වහන්සේගේ කාර්යභාරය. මේ සංගායනාවට සහභාගිවීමට අවසරය තිබුණේ මහ රහතන් වහන්සේලාට පමණයි. මේ වනවිට ධර්ම භාණ්‌ඩාගාරික කියන විරුදාවලිය ලබා සිටි ආනන්ද හාමුදුරුවෝ රහත් භාවය ලබා සිටියේ නැහැ. උන්වහන්සේ අසූ හාරදහසක්‌ වූ ධර්මස්‌කන්ධය සිතින් දරාගෙන රැකගෙන ආව හාමුදුරුවෝ. සංගායනාවට සහභාගි වීමට අවශ්‍යම තැනැත්තා වුණේ ආනන්ද හාමුදුරුවෝයි. උන්වහන්සේ දිවා රාත්‍රී භාවනානුයෝගීව සිට මහත් ආයාසයක්‌ දරලා සංගායනාවට පෙර මහ රහත් භාවයට පත්වුණා. ඒ විදිහටයි සත්‍ය බුද්ධ දේශනාව අද දක්‌වාම පවතින්නේ. විවිධ අවස්‌ථාවල නැවත නැවතත් සංගායනා පවත්වමින් බුද්ධ දේශනාව මහ සඟ පරපුර විසින් රැක ගත්ත නිසා.

මම එක සිද්ධියක්‌ කියන්නම්. 1955 දී බුරුමයේ පැවැත්වුණු සංගායනාවට මමත් සහභාගි වුණා. එතන එක වචනයක්‌ පිළිබඳව දින ගණනාවක්‌ මහා තෙරුන් වහන්සේලා වාද විවාද කළා. බුරුම පත පොතේ සඳහන් වුණේ "පත්ථ පත්ථ මූකලන්" කියල මෙහි මූකලන් යන වචනය වැරදියි. මං පැහැදිලි කළා එය "පත්ථ පත්ථ පුලකං" වශයෙන් නිවැරදි විය යුතුයි කියලා. තර්ක විතර්ක කරලා පත පොතින් ශබ්ද නිගණ්‌ඩු ආදි දේවලින් මං කරුණු උපුටලා පෙන්නුවාට පස්‌සේ බුරුම ජනාධිපතිතුමා, අගමැතිතුමා එය නිවැරදි බව පිළිගත්තා. මං මේ කරුණ කිව්වේ බුද්ධ භාෂිතය නිවැරදිව රැක ගැනීම සඳහා බොහෝ සේ භික්‌ෂුන් වහන්සේලා, රජවරු, ජනාධිපතිවරු, අගමැතිවරු කටයුතු කරලා තියනවා කියන එක පෙන්නන්න.

නමුත් නාඩි වාක්‍යවල සිදුවී ඇති වැරදි නිවැරදි කිරීමට කිසිවෙක්‌ හෝ හිටියේ නැහැ. ඒත්, බුදුන්වහන්සේ උපදින්නට අවුරුදු 3000කට පෙර ප්‍රකාශිත නාඩි වාක්‍ය කිසිම අවස්‌ථාවක සංශෝධනවලට භාජන කරලා නැහැ. එම නිසා යම් යම් අඩු ලුහුඬුකම් ඇතිවිය හැකියි. ඒත් ඒවා නිවැරදි කර ගැනීමේ ක්‍රමය ප්‍රශ්න කාණ්‌ඩ තුළින් උදාවෙලා තියෙන නිසා මේ පිළිබඳ කිසිම කෙනෙකු සැකයක්‌ ඇති කර ගත යුතු නැහැ.

ප්‍රශ්නය : මේ ප්‍රශ්නයටම සම්බන්ධ කරලා තවත් ගැටලුවක්‌ විසඳා ගැනීමට තියනවා ස්‌වාමීනි, ලංකාවේ ඉන්න අයට නාඩි වාක්‍ය කියවා ගැනීමේ භාග්‍යය උදාවෙලා තියෙන්නේ දැනට ශ්‍රී ලංකාවේ ස්‌ථිර පදිංචිය ලබාගෙන සිටින අගස්‌තියර් කෞෂික නාඩි වාක්‍ය කියවන්නන්ගේ උපකාරයෙන්. මේ අය විටින් විට ඉන්දියාවට ගිහිල්ලා සමහරුන්ගේ නාඩි වාක්‍ය ඇතුළත් තල්පත් ගෙනාවා. ඒ ආශ්‍රයෙන් නාඩි වාක්‍ය කියවනවා. ඒත් ස්‌වාමීනි, මේ නාඩි වාක්‍ය කියවන ක්‍රමය නිසා බොහෝදෙනා කියනවා අපෙන්ම ප්‍රශ්න අහලා. අපෙන්ම විස්‌තර ලබාගෙන නැවතත් ඒ විස්‌තර අපටම කියනවා කියලා. මේ ගැන ඔවුන් තුළ සැකයක්‌ තියනවා. මේ ප්‍රශ්නයට ඔබ වහන්සේගේ පිළිතුර මොකක්‌ද ස්‌වාමීනී,

නාහිමි : ඔය ප්‍රශ්නය මගෙන් මීට පෙර කීපදෙනෙක්‌ම අහලා තියනවා. මට පළමුවෙන්ම කියන්න තියෙන්නේ අපේ මිනිස්‌සු නිමිති බලන්න යන්නෙත්, සාස්‌තර අහන්න යන්නෙත් හිතේ සැකයක්‌ තියාගෙන. තමන් සාස්‌තර අහන්න ගියා කියලා තවත් කෙනෙකුට කීවම ඒ ඇත්තෝ ඉස්‌සරලම අහන්නේ හරියට කියවුණාද කියලා.

ඕක ගැන පුදුම වෙන්න දෙයන් නැහැ මහත්තයෝ. අපේ බුද්ධ දේශනාවේ මූලික ඉගැන්වීම තමයි චතුරාර්ය සත්‍යය. ඒ කියන්නේ දුක්‌ඛ, සමුදය, නිරෝධ, මාර්ග කියන කොටස්‌. දුක, දුක ඉපදීමට හේතුව, දුක නැති කිරීමේ මාර්ගය, ඉන් ලබන ඵලය කියලනේ. අපේ බෞද්ධයෝ මේ පරම සත්‍ය ගැනත් සැක හිතනවනේ. ප්‍රශ්න කරනවනේ. අහපු ප්‍රශ්නෙට පිළිතුර මෙහෙමයි. ඔය නාඩි වාක්‍ය ගැන සැක කරන බොහෝ දෙනා ඒ ගැන දන්නේ නැහැ. හරි අවබෝධයක්‌ නැහැ. විස්‌තර දන්නෙත් නැහැ. ඒ ගැන පුදුම වෙන්න දෙයක්‌ නැහැ. මාත් මුල්ම දවසේ නාඩි වාක්‍ය ගැන සැක හිතින් තමයි හිටියේ. එම නිසා මම අනුන් කරන මේ ප්‍රශ්න කිරීම් ගැන පුදුම වෙන්නේ නැහැ. ඒක සාධාරණයි.

මුන්නැහේ කීවා අපෙන්ම ප්‍රශ්න අහලා අපෙන්ම උත්තර අරගෙන, නැවත අපටම කියනවා කියලා ඒ අගස්‌ති කෞෂික නාඩි වාක්‍ය ක්‍රමය. ඔබට මේ නාඩි වාක්‍ය කොලේ තියෙන භාෂාව කියවන්න පුළුවන් නම් තමන්ගේ නාඩි වාක්‍ය ඇතුළත් පිටපත තමුන්ටම සොයා ගන්න පුලුවන්. මේ නාඩි වාක්‍ය කියවන්නන් කරන්නේ නාඩි වාක්‍ය තල්පතේ ඇති භාෂාව ඔබ නොදන්නා නිසා ඒවා කියවන එකයි. ඔබේ නාඩි වාක්‍ය තල්පත ඔබට සොයා ගැනීමට උදව් කිරීමයි. සමහර විට දෙමළෙන් ඇති ඒ වාක්‍ය පරිවර්තනය කරන කොට පරිවර්තකයා ඒ ප්‍රකාශය ප්‍රශ්නයක්‌ විදිහට ඔබෙන් අහනවා වෙන්න ඇති. නමුත් මුල් ග්‍රන්ථවල එහෙම ප්‍රශ්නයක්‌ වශයෙන් නෙවෙයි තියෙන්නේ. ශ්ලෝක විදිහටයි තියෙන්නෙ. මේ එක නාඩි වාක්‍ය ක්‍රමයක්‌ පමණයි.

මුල් කාණ්‌ඩය සොයා ගත්තට පස්‌සේ ඉතිරි සියලුම විස්‌තර වර්තමානය, අනාගතය, පෙර භවය, මතුභවය, මරණය සිදුවන දිනය, විවාහ වන කාලය, විවාහ වෙන්නේ කුමන පළාතකින්ද ආදී හැම දෙයක්‌ම ඔබෙන් විස්‌තර අහලා දැනගෙන නෙවෙයි ඒ ඇත්තෝ කියන්නේ. මේ කාණ්‌ඩයේ දැක්‌වෙන දේවල් ඒ ඇත්තෝ කියන්නේ තල්පතේ ඇති විස්‌තරයි. තව නාඩි ක්‍රමයක්‌ තියෙනවා, ඔබ ඒ ඇත්තන්ට ඔබේ කේන්ද්‍ර පිටපත දුන්නම ඒ ඇත්තෝ ඒ ඇත්තන්ගේ පුස්‌තකාලයෙන් ඒ කේන්ද්‍රයට ගැළපෙන තල්පත් මිටියෙන් ඔබේ නම, දෙමවුපියන්ගෙ නම්, බිරිඳගේ නම ආදිය කියවනවා. අනියම් බිරිඳක්‌ ඉන්නවා නම් ඇයගේ නමත් කියනවා. ඔබ එක වචනයක්‌වත් කිවයුතු නැහැ. තවත් නාඩි ක්‍රමයක්‌ තියනවා මට මතකයි කමලමුණි නාඩි වාක්‍ය. ඒ නාඩි වාක්‍ය කියවා ගැනීමට යන තැනැත්තා තමන්ගේ මහපටැඟිල්ලේ සලකුණ පමණයි දෙන්නට ඕනෑ කරන්නේ. එහි සඳහන් රේඛා සලකා බලලා ඒ අය විස්‌තර කියනවා. මං ගැන කියනවා නම් මගේ අතේ ඇති රේඛාව ගැන බලලයි මට විස්‌තර කිව්වේ. මේ පිළිබඳව මං පසුවට දීර්ඝ විස්‌තරයක්‌ කියන්නම්. කමලමූර්ති නාඩි වාක්‍යයෙන් ද මම නාඩි කියෙව්වා. ඒ මගේ දකුණු අතේ මාපටැඟිල්ලෙන් සටහන් ලබාගෙන. මට සම්පූර්ණ විස්‌තරයක්‌ දුන්නා. එක වචනයක්‌වත් ඔවුන් මගෙන් ඇහුවේ නැහැ. අනෙක්‌ අයගෙනුත් ඒ වගේමයි. ප්‍රශ්න කිසිවක්‌ අහන්නේ නැහැ. පිරිමි පාර්ශ්වයේ දකුණු මාපටැඟිල්ලේ සටහනකුත්, කාන්තා පාර්ශ්වයේ වම් මහපටැඟිල්ලේ සටහනකුත් ලබාගෙන විස්‌තර කියනවා. මේ ක්‍රමය නම් මට හරිම පුදුමයි. විශ්මිතයි.

ප්‍රශ්නය : ස්‌වාමිනී, සමහරුන්ට තමාගේ විවාහය පිළිබඳ කියෑවෙන හත්වැනි පරිච්ඡේ¨දය ගැන විමසුවහම කෙළින්ම විවාහ වන අයගේ නම හෝ පදිංචි ස්‌ථානය පිළිබඳ කියන්නේ නැහැ. ඉන්න දිශාව, ගෙදර තොරතුරු මාර්ග සලකුණු, නමත් කියන්නේ ව්‍යංගයෙන්. සෘෂිවරුන් ඇයි මේ ප්‍රශ්න කෙළින්ම නොකියන්නේ.

නාහිමි : මේක හරි සංකීර්ණ ප්‍රශ්නයක්‌ මහත්මයා, ඉන්දියාව කියන්නේ මහ විශාල රටක්‌. විවිධ ජාතිවල, කුලවල භාෂා කතා කරන පිරිසක්‌ ඉන්න රටක්‌. කුලවාදය ඉන්දියාවේ තදින්ම තියනවා. සමහර විට සෘෂින් වහන්සේලා විවාහය වගේ දේවල් කෙළින්ම නොකියා, ව්‍යංගයෙන් කියලා තියෙන්නේ ආරක්‌ෂාව නිසා වෙන්න පුළුවන්.

උදාහරණයක්‌ වශයෙන් එක උසස්‌ කුලයක කෙනෙකුගේ විවාහය කර්මානුරූපීව සිද්ධ වෙන්නේ තියෙන්නේ ඉතාම පහත් කුලයක කෙනෙකු සමග නම් අනිවාර්යයෙන්ම ඒ තැනැත්තා හෝ තැනැත්තිය සොයාගෙන ගිහිල්ලා ඒ පවුලේ ඇත්තෝ ඒ තැනැත්තා විනාශ කරනවා ඒ විවාහ අවස්‌ථාව නැති කිරීමට, එම අවස්‌ථාව වෙනස්‌ කරන්න, එම නිසයි මේ විදිහට වාක්‍ය නාඩි කියන්න ඇත්තෙ. ඉස්‌සර වුණත් අපේ රටේ රාජ කුමාරවරු සැඩොල් කාන්තාවන් විවාහ කරගත් අවස්‌ථාවන් තියනවානේ. පණ්‌ඩුකාභය රජතුමාගේ කතාව වුණත් මේ පිළිබඳ උදාහරණයක්‌ හැටියට ගන්න පුළුවන්.

මට තවත් කරුණක්‌ මුන්නැහේට කියන්න තියනවා. සමහර අයගේ නාඩි වාක්‍ය කියවා ගෙන යනකොට, රටේ පාලකයට වන අතුරු අන්තරා සහ රටේ ඇතිවන අර්බුද පිළිබඳවත් සඳහන් වනවා. මේක විශේෂ අවස්‌ථාවක්‌. ඔබේ රටේ නායකයා මේ වසරේ දී මිය යනවා. ඊට පස්‌සේ ඔබේ කාර්යය ඉටුවෙනවා කියලා. සමහර නාඩි වාක්‍යවලින් කිය වෙනවා. මේවා අධ්‍යයනය කළොත් රටක ඉරණම පිළිබඳ පූර්ව දැන ගැනීමක්‌ ලබාගෙන රටට සෙතක්‌ වන අයුරින් කටයුතු කිරීමේ අවස්‌ථාවක්‌ තියෙනවා.

ප්‍රශ්නය : ස්‌වාමිනී, අපි දීර්ඝ වශයෙන් කතා කළේ, නාඩි වාක්‍ය, නාඩි වාක්‍ය ක්‍රම, ඒවා ලියෑවුණේ කොහොමද, අපි නාඩි වාක්‍ය ලබා ගන්න ක්‍රම ආදිය පිළිබඳවයි. දැන් ස්‌වාමිනී, මේ නාඩි වාක්‍ය අපි දැන ගත්තේ ඔබ වහන්සේ විසින් පතපොත සඟරාවලට ලියන ලද ලිපි ලේඛන නිසයි. ස්‌වාමිනී, අවසරයි, නාඩි වාක්‍ය පිළිබඳ ඔබ වහන්සේගේ පෞද්ගලික අත්දැකීම් මොනවද?

නාහිමි : හොඳයි, මෙහෙමයි සිද්ධ වුණේ. මට ඕන කරලා තිබුණා මගේ ජන්ම පත්‍රය, කේන්ද්‍ර කොපිය නිවැරදිව සකස්‌ කර ගන්න. නාඩි වාක්‍ය මූලාශ්‍රයෙන් ඔවුන් මගේ ජන්ම පත්‍රය, කේන්ද්‍රය නිවැරදිව ලබා දුන්නා. උපන් දිනය ආදී විස්‌තර සමූහයක්‌. මේ දක්‌වා ඔවුන් විසින් මා ගැන කියා තිබූ අනාගත වාක්‍ය සියල්ල ඉතාම නිවැරදියි. සත්‍යයි.(1992)

ප්‍රශ්නය : නාඩි වාක්‍ය ඔබ වහන්සේ විසින්ම අත්දැකීමෙන්ම ලබා ගත්තද ස්‌වාමීනි.

balangoda1නාහිමි : හොඳයි මම මේ සියලු කතන්දර විස්‌තරය ඔබට කියන්නම්. මුලින්ම මම නාඩි වාක්‍ය ගැන වැඩි විස්‌තර මුකුත් දැනගෙන හිටියේ නැහැ. ඒ ගැන යම්තම් අහලා තිබුණා විතරයි. නමුත් මම ඒවා විශ්වාස කළේ නැහැ. වරක්‌ 1952 දී කල්කටාවේ මලබාර් පළාතේ පදිංචි වෙලා ඉන්න මගේ මිත්‍ර බෞද්ධ නීතිඥයෙක්‌ වන මන්ජන් රාමන්ලාල් මහත්මයාගේ ආරාධනාවක්‌ පිට කල්කටාවට යන අතරතුර මදුරාසියේ මහාබෝධි සමාගමට අයත් මධ්‍යස්‌ථානයක නතර වුණා.

ඒ දවස්‌වල එම ආයතනයේ භාරකාරයා හැටියට සිටියේ පූජ්‍ය නීලවක්‌කේ සෝමානන්ද හාමුදුරුවෝ. අපි රාත්‍රි කාලයේ එක එක දේවල් ගැන කතා කරමින් ඉන්න කොට මං ඇහුවා උන්වහන්සේගෙන්, උන්වහන්සේ දන්න දක්‌ෂ ජ්‍යෙdතිර්වේදියෙක්‌ එහෙම ඉන්නවද කියල මගේ කේන්ද්‍රය නිවැරදිව හදා ගන්න පුළුවන්. උන්වහන්සේ මගෙන් ඇහුවා ඇයි එහෙම කෙනෙක්‌ ගැන අහන්නේ කියලා. මං කිව්වා මම ටිකක්‌ ජ්‍යෙdතිෂ්‍ය ගැන දන්නවා. මගේ දැනීමේ හැටියට මගේ කේන්දරය මට පිළිගන්න අමාරුයි. මගේ කේන්දරය හරි මදියි. කේන්දරයේ මොකක්‌ හරි වරදක්‌ තියෙනවා. ඒක මට නිවැරදි කර ගන්න ඕනෑ කියල. එතකොට උන්වහන්සේ කිව්වා ඇයි ඕකට ඔච්චර කරදර වෙන්නේ. ශාස්‌ත්‍රකාරයන් පස්‌සේ යන්නේ.

ඔබ වහන්සේ කෙළින්ම නාඩි වාක්‍ය කියන මධ්‍යස්‌ථානයට ගියාම නිවැරදි කේන්දරය ගන්න පුළුවන් කියලා. මං ඇහුවා මොනවද නාඩි වාක්‍ය කියන්නෙ කියලා. උන්වහන්සේ කිව්වා පුරාණයේ සිටි සෘෂිවරුන් විසින් ප්‍රකාශයට පත් කරලා තියෙන නියම සත්‍ය අනාගත වාක්‍ය සමූහයක්‌ කියලා. මේ සෘෂිවරු ජීවත් වෙලා ඉඳලා තියෙන්නේ ඉන්දියාවේ මීට අවුරුදු 5000 කට 6000කට පෙර කාලයේ. මේ අය බොහෝ දෙනෙකුගේ අනාගතය පිළිබඳ විස්‌තර ප්‍රකාශ කරලා තියෙනවා. සමහර විට ඔබ වහන්සේගේ නමත් ඒ අතර තියෙන්න පුළුවන්. ඔබ වහන්සේගේ කේන්දර පිටපතත් ලබා ගන්න පුළුවන් කියලා උන්වහන්සේ කිව්වා. ඒත් මං සිටියේ සැකෙන්. මං ඇහුවා කොහොමද, කවදද යන්න පුළුවන් කියලා. උන්වහන්සේ කිව්වා හොඳයි හෙට උදේ හිල් දානෙන් පස්‌සේ අපි එයා හමුවෙන්න යමු කියලා. අපි දෙන්න ගියා ඒ අය හමුවෙන්න. අපි ගියේ මදුරාසියේ රායි පෙටාරෝඩ් කියන පැත්තට. අපි දැක්‌කා මනුස්‌සයෙක්‌ වාඩිවෙලා ඉන්නවා. එම ස්‌ථානයේ බෝඩ් එකක්‌ ගහලා තිබුණා. "කෞමාර නාඩි ජ්‍යෙdaතිෂ්‍ය මධ්‍යස්‌ථානය" " කෞමාර නාඩි ඇස්‌ලොජිකල් බියුරෝ" කියලා. මේ ස්‌ථානය තිබුණේ මදුරාසියේ රායි පෙටාරෝඩ් පොලීසිය ළඟ. අපි ඒ ස්‌ථානයට ඇතුළු වුණා. ඒක විශාල ශාලාවක්‌. අපි දැක්‌කා මනුස්‌සයෙක්‌ බිම එළාගත්ත පැදුරක්‌ උඩ ඉඳගෙන තවත් මනුස්‌සයෙක්‌ එක්‌ක කතා කර කර ඉන්නවා. මේ මනුස්‌සයා බොහොම සරල සාමාන්‍ය දෙමළ මනුස්‌සයෙක්‌. හරියට නාඩාර් කෙනෙකු වගේ. මේ වගේ මනුෂ්‍යයෙකුට මේ වගේ ශ්‍රේෂ්ඨ වැඩක්‌ කරන්න පුළුවන්ද කියලා මට විශාල සැකයක්‌ මතු වුණා. මං හිතුවා කමක්‌ නෑ ගිහිං බලමු කියලා. අපි ඇතුළට ගියා. ඔහු දෙමළෙන් කතා කළා. ඒ තැනැත්තාට හොඳට දෙමළ කතා කරන්න පුළුවන්. නීලවක්‌කේ හාමුදුරුවෝ මා ගැන මොකුත්ම කිව්වේ නෑ. මේ හාමුදුරුවන්ට නිවැරදි කේන්දර කොපිය ලබා ගන්න ඕන කියලා විතරයි කිව්වේ. ඒ තැනැත්තාට ටිකක්‌ ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. ඔහු මගෙන් ඇහුවා කේන්දරයක්‌ නැද්ද කියලා. මං කිව්වා මට කේන්දරයක්‌ තියෙනවා. ඒත් ඒක මට සැකයි කියලා. ඔහු මට කිව්වා, මට සහතික කරලා කියන්න බැහැ ඔබ වහන්සේගේ කේන්දර පිටපත මගේ ලිපි ලේඛන අතරේ තිබෙනවද කියලා. මට හම්බ වුණොත් දෙන්න පුළුවන්. ඔබ වහන්සේගේ කේන්දර පිටපතයි, ජීවිත විස්‌තරයයි සියලුම දේ. ඒකට මං සෙවීමේ ගාස්‌තුව හැටියට රුපියල් පහක්‌ ගන්නවා. කේන්දර කොපිය ලැබුණත් නැතත් මේ සෙවීමේ ගාස්‌තුව ආපහු දෙන්නේ නැහැ කියල. මං කිව්වා කමක්‌ නෑ. මං රුපියල් පහක්‌ දුන්නා. ඊට පස්‌සේ ඒ තැනැත්තා මගේ දකුණු අතේ අල්ල පරීක්‍ෂා කරන්න පටන් ගත්තා.

ප්‍රශ්නය : ඒ ඔබ වහන්සේගේ පළමු අත්දැකීමද ස්‌වාමීනි ?

නාහිමි : ඔව් ඒ මගේ පළමුවෙනි අත්දැකීම. ඒ වගේ අත්දැකීමක්‌ මට මීට පෙර කිසිදිනෙක ලැබිලා නැහැ. ඒ තැනැත්තා මගේ අල්ල පරීක්‍ෂා කරමින් ඉඳලා කිව්වා ඔබ වහන්සේගේ අතේ "සරිත්තෝම්බර් සර්වමාල්" රේඛාව තියෙනවා කියලා. ඊට පස්‌සේ ඔහු කාමරයට ගිහිල්ලා පරණ කුඩා තල්පත් මිටියක්‌ ගෙනල්ලා පිටු පෙරළන්න පටන් ගත්තා. "සරිත්තෝම්බර් රේඛාව" හම්බ වෙනකල්.

ප්‍රශ්නය : ඒ අර පරණ තල්පත් මිටියෙන්ම ද ස්‌වාමීනි,

නාහිමි : ඔව් පරණ තල් අත් පිටපතකින්. මම තේරුම් ගත්තා ඒක ලියලා තිබුණේ අ, ආ, ඉ, ඊ කියන අකාරාදි පිළිවෙළට කියලා. පිටු පෙරළමින් සිටි ඔහුට හම්බ වුණා අර නම තියෙන පිටුව. "සරිත්තෝම්බර් සර්වමාල්" කියන රේඛාව තියෙන කොළේ. ඊට පස්‌සේ ඒ කොළේ තියෙන දේවල් කියවන්න පටන් ගත්තා. මේ රේඛාවේ හැටියට ඔබේ නම "කුංචන්" මහත්තයන්.

ප්‍රශ්නය : කුංචන් මහත්තයන් කියලා?

නාහිමි : මං පුංචි කාලේ කුඩා දරුවෙක්‌ විදිහට ඉන්න කොට මට කතා කෙරුවේ පුංචිමහත්තයා කියලා. ඒකෙන් මං ඉගෙන ගත්ත දෙයක්‌ තමයි පුංචි කියන වචනය දෙමළෙන් ආපු කුංචන් කියන වචනයෙන් බිඳී ආපු වචනයක්‌ විදිහට. මම කිව්වා ඔබ කියන දෙය හරියි කියලා. ඔබට තවත් දෙවැනි නමකුත් තියෙනවා. ඒ මොකක්‌ද කියලා මං ඇහැව්වා. "විලියම්" මං පුංචි දවස්‌වල අනෙක්‌ අය අතරේ ගැවසෙන කොට මට විහිළුවට වගේ විලියම් කියලා කතා කෙරුවා. ඒක තමයි දෙවැනි නම. ඊළඟට ඔහු කිව්වා ඔබට තවත් තුන්වැනි නමකුත් තියෙනවා කියලා. 'සරණ ගවේශී' ඒ මොහොත වනතුරු කිසිම කෙනෙක්‌ ඒ නම දැනගෙන සිටියේ නැහැ. අඩුම තරමින් නීලවක්‌කේ සෝමානන්ද හාමුදුරුවෝවත් ඒ නම දැනගෙන හිටියේ නෑ මේ නම මට තැබුවේ මගේ උපාධ්‍යයන් වහන්සේ විසින් ඒ නම දැනගෙන හිටියේ අපි දෙන්නා විතරයි.

ප්‍රශ්නය : ඔබ වහන්සේට මේ අත්දැකීම් ලබාගන්න පුළුවන් වුණේ දකුණු ඉන්දියාවේදී ද ස්‌වාමීනි,

නාහිමි : ඔව් පළමු වතාවට.
මෛත්‍රී රත්නායක

divaina.com/sunday/index.php/visheshanga2/716-2017-10-22-08-36-67
Reply With Quote
(#4)
Old
funkyguy89's Avatar
funkyguy89 funkyguy89 is offline
Senior Member
funkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of light
 
Posts: 8,075
Join Date: Nov 2009
11-05-2017, 02:37 PM

ඉතුරු ලිපි, පලවෙන විදිහට මේකට දාන්නම්.. ඔයාලා හිතන දේවල් සහ අත්දැකීම් ලිව්වට කමක් නෑ...
Reply With Quote
(#5)
Old
50KG's Avatar
50KG 50KG is offline
Senior Member
50KG is a glorious beacon of light50KG is a glorious beacon of light50KG is a glorious beacon of light50KG is a glorious beacon of light50KG is a glorious beacon of light50KG is a glorious beacon of light50KG is a glorious beacon of light50KG is a glorious beacon of light50KG is a glorious beacon of light50KG is a glorious beacon of light50KG is a glorious beacon of light
 
Posts: 4,665
Join Date: Jul 2016
Location: මැඩම් ළඟ
11-05-2017, 02:42 PM

නාඩි වාක්‍ය කියන්නේ රට බයිලා. ඕව හින්දු බලපෑම් මත බෞද්ධ ධර්මයත් එක්ක අපේ අය පහු කලෙක මිශ්‍ර කර ගත්තා.

බම්බලපිටියේ හිටියා දැනට වසර කිහිපයකට උඩදී නාඩි වාක්‍ය බලන බුවෙක්. මෑන්ස් ඉන්දියාවෙන් ඇවිත් හිටියේ. සැහෙන මිනිස්සු ගියා. මමත් ගියා එකෙක් එක්ක. උගේ ලොකු අම්මත් ගියා.

ලොකු අම්මා මැරෙන දවස දෑන ගන්න ඕනේ කියලා ඇහුව. හරියටම 2014 මැයි මාසේ මැරෙනවා කිවා. ඒත් මොකුත් උනේ නැහැ. උන්ගේ ලොකු අම්ම යකඩ ගැහැනියක්. බය නෑ. එතනින් තේරෙනවා බොරු කියලා.

තව සත්‍ය සිද්දියක් කියන්නම් . මම කලින් රෙන්ට් එකට හිටපු ගෙදර අයිතිකාරයාගේ අම්මා ගිහින් තිබ්බා ඔය නාඩි වාක්‍ය බලන්න. එයා මැරෙන දිනය දීලා තිබ්බ.

මේක අහපු දවසේ ඉඳලා මේ ආච්චි මානසිකව සැහෙන වැටුනා. අන්තිමට ඒ මානසිකත්වය නිසා කලින්ම මැරුණා. අධික භීතියකින් ඒ ආච්චි හිටියේ. මචන් ඔය වගේ මිතාවන් තවදුරටත් ප්‍රචාරණය කරලා මිනිසුන්ගේ ජිවිත අවුල් කරන්න එපා. එක මහා පාප කර්මයක්.

Last edited by 50KG; 11-05-2017 at 02:43 PM.
Reply With Quote
(#6)
Old
50KG's Avatar
50KG 50KG is offline
Senior Member
50KG is a glorious beacon of light50KG is a glorious beacon of light50KG is a glorious beacon of light50KG is a glorious beacon of light50KG is a glorious beacon of light50KG is a glorious beacon of light50KG is a glorious beacon of light50KG is a glorious beacon of light50KG is a glorious beacon of light50KG is a glorious beacon of light50KG is a glorious beacon of light
 
Posts: 4,665
Join Date: Jul 2016
Location: මැඩම් ළඟ
11-05-2017, 02:49 PM

ශ්‍රී ලංකාව කියන්නෙ මිත්තයා දුශ්ටිකයන්ගේ පාරාදීසයක් .ඒ දවස්වල ඒබ්‍රහම් ටි කොවුර් කොපමන උමවිනි මිත්‍යා පසු පස යාම වෑඩි වී තිබෙන බවක් තමා පෙනෙන්නේ. තවමත් තියනවනම් නිකමට බම්බලපිටිය නාඩි වාක්‍ය බලන ස්ථානයට ගොස් බලන්න සිටිනා තරුණ තරුණියන් ගණන සහ එම හොරුන් ලබන අදායම.
Reply With Quote
(#7)
Old
50KG's Avatar
50KG 50KG is offline
Senior Member
50KG is a glorious beacon of light50KG is a glorious beacon of light50KG is a glorious beacon of light50KG is a glorious beacon of light50KG is a glorious beacon of light50KG is a glorious beacon of light50KG is a glorious beacon of light50KG is a glorious beacon of light50KG is a glorious beacon of light50KG is a glorious beacon of light50KG is a glorious beacon of light
 
Posts: 4,665
Join Date: Jul 2016
Location: මැඩම් ළඟ
11-05-2017, 02:50 PM

Quote:
Originally Posted by funkyguy89 View Post
ඉතුරු ලිපි, පලවෙන විදිහට මේකට දාන්නම්.. ඔයාලා හිතන දේවල් සහ අත්දැකීම් ලිව්වට කමක් නෑ...

තරහ වෙන්න එපා ඉතුරු ලිපි ටික නොදැම්මට කමක් නැහැ. නැත්නම් අලුතින් බිහිවන තරුණ පරපුරත් මේවා පසු පස ගිහින් ජිවිත විනාශ කරගන්නවා.
Reply With Quote
(#8)
Old
funkyguy89's Avatar
funkyguy89 funkyguy89 is offline
Senior Member
funkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of light
 
Posts: 8,075
Join Date: Nov 2009
11-05-2017, 02:53 PM

Quote:
Originally Posted by 50KG View Post

තරහ වෙන්න එපා ඉතුරු ලිපි ටික නොදැම්මට කමක් නැහැ. නැත්නම් අලුතින් බිහිවන තරුණ පරපුරත් මේවා පසු පස ගිහින් ජිවිත විනාශ කරගන්නවා.
උබට කියවන්න ඕනේ නැත්නම් මේ ත්‍රෙඩ් එකට එන්නේ නැතුව ඉදපන්.., වෙනදා වගේ සිගිති ආතල් අරන්...
මේ ලිපි වැදගත් වෙන පිරිසක් ඉන්නවා..

සිගිති ආතල්..

Quote:
Originally Posted by 50KG View Post
මට මාර ප්‍රශ්නයක් වෙලා බන් දැන්. අල්ලපු ගෙදර අක්ක ප්‍රෙග්නන්ට් වෙච්ච එක ගැන කලින් ත්‍රෙඩ් එකක් දැම්මා නේ. මෙකි දැන් කියනවා මගෙත් එක්ක ඉදලලු ප්‍රෙග්නන්ට් වෙලා තියෙන්නේ. දැන් ඒගොල්ලන්ගේ ගෙදර අය අපේ ගෙදර ඇවිල්ල හෙන වලියක්. registrar කරන්නලු කසාදෙ. මම අඩුම තරමේ අක්කාගේ අතින්වත් අල්ලලා නැහැ.

දැන් මට ගෙදරට මුණ දෙන්නත් බැහැ. මොකද බන් මේකට කරන්නේ. මම පොලිසි යන්න කියලා බැලුවේ. මට අහක යන ගැහැනුන්ට කරගහන්න පුළුවන් ද. එය මට වඩා අවුරුදු 8 කින් වැඩිමල් .

වැඩිමල් එක පැත්තක තියහන්. මම එයත් එක්ක මොකුත් නොකර අහක යන රෙද්දකට කරගහන්නේ කොහොමද

Quote:
Originally Posted by 50KG View Post
මට දැන් දවස් කිහිපයක ඉඳල වැසිකිලි යන්න බැහැ. හොඳටම බඩ වේලවලා. ෆුල් ඩම් එකක් දාන්න ඕනේ.

අද ඩොකා මට දුන්න පොඩි බුලට් එකක් වගේ එකක් පුකේ ගහගන්න කියලා. එකට හරි යනවද බන් ?

Last edited by funkyguy89; 11-05-2017 at 03:01 PM.
Reply With Quote
(#9)
Old
lexieus's Avatar
lexieus lexieus is online now
Senior Member
lexieus is a glorious beacon of lightlexieus is a glorious beacon of lightlexieus is a glorious beacon of lightlexieus is a glorious beacon of lightlexieus is a glorious beacon of lightlexieus is a glorious beacon of lightlexieus is a glorious beacon of lightlexieus is a glorious beacon of lightlexieus is a glorious beacon of lightlexieus is a glorious beacon of lightlexieus is a glorious beacon of light
 
Posts: 1,319
Join Date: May 2012
Location: Kandy
11-05-2017, 02:53 PM

bump
Reply With Quote
(#10)
Old
50KG's Avatar
50KG 50KG is offline
Senior Member
50KG is a glorious beacon of light50KG is a glorious beacon of light50KG is a glorious beacon of light50KG is a glorious beacon of light50KG is a glorious beacon of light50KG is a glorious beacon of light50KG is a glorious beacon of light50KG is a glorious beacon of light50KG is a glorious beacon of light50KG is a glorious beacon of light50KG is a glorious beacon of light
 
Posts: 4,665
Join Date: Jul 2016
Location: මැඩම් ළඟ
11-05-2017, 02:55 PM

Quote:
Originally Posted by funkyguy89 View Post
උබට කියවන්න ඕනේ නැත්නම් මේ ත්‍රෙඩ් එකට එන්නේ නැතුව ඉදපන්.., වෙනදා වගේ සිගිති ආතල් අරන්...
මේ ලිපි වැදගත් වෙන පිරිසක් ඉන්නවා..
උබ බෞද්ධයෙක් ද මචන් ?
Reply With Quote
Reply

Bookmarks

Tags
කාලෙ අපරාදේ, නලියගෙ හොර ගෑනි, මනෝ පාරක්, වැල් බයිලා, rep higanna

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03266 seconds with 9 queries