ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page හැමදාම හොදටම BUSINESS තියෙන කඩයක් කරන හැටි සිංහල#
Reply
 
Thread Tools
(#1)
Old
sk7cey's Avatar
sk7cey sk7cey is offline
Senior Member
sk7cey is a jewel in the roughsk7cey is a jewel in the roughsk7cey is a jewel in the roughsk7cey is a jewel in the roughsk7cey is a jewel in the roughsk7cey is a jewel in the rough
 
Posts: 345
Join Date: Nov 2014
Location: Piliyandala
Up හැමදාම හොදටම BUSINESS තියෙන කඩයක් කරන හැටි සිංහල# - 05-20-2019, 08:45 PM

මේ දවස්වල හුඟක් අය කියනවා මුස්ලිම් කඩවලට යන්න එපා කියලා,

ඒ වගේම තව හුඟක් අය කියනවා මුස්ලිම් අයගේ නිෂ්පාදන ගන්න එපා කියලා,

හැබැයි ඒ උනාට ඒවාට විකල්පයක් දෙන්නෙ නැතුව මේ කියන කතාව නම් හරියන්නේ නෑ.

ඒ හින්දා සිංහල අපි හිතනවා නම් අපි වෙනස් වෙන්න ඕනේ කියලා ඉස්සෙල්ලම කරන්න ඕනේ හොඳ නිෂ්පාදන හදන එක ,

ඒ වගේ ම අපේ තියෙන ඔය ලොකුකම චුට්ටක් අඩු කරල පාරිභෝගිකයා දිහා ටිකක් වෙනස් විදිහට බලන එක ,

එතකොට නං අපිට ඒ කියන විදියට සිංහල ව්‍යාපාරිකයන් වෙත යොමු වෙන්න බැරි වෙන එකක් නෑ .....

හැමදාම හොදටම BUSINESS තියෙන කඩයක් කරන හැටි දැන ගන්න ඕන නම්, මේ වගේ දේවල් කරලා බලන්න.....


1. කඩේ නියමිත වේලාවටම අරිනවා.

2. ඒ උනාට වහන වෙලාව පාරිභෝගික අවශ්‍යතාව මත තීරණය කරනවා,සෙනග වැඩි දවසක් නං ටිකක් හවස් වෙනකම් ඉන්නවා .

3. කඩේ ගාව වාහන නතර කර ගන්න ඉඩ පහසුකම් සලසනවා .

4. කඩේට එන එන ඕනම පාරිභෝගිකයෙකුට MADAM,SIR,MISS කියලා හිත හැදෙන්න හොඳට කතා කරන්න පුලුවන් ලොකුකම් නැති සේවකයන් පමණක් රස්සාවට ගන්නවා.

5. එහෙම කඩේට එන පුද්ගලයා ගන්න හොයන දේ වෙනුවෙන් මුලු කඩේම වුනත් අවුස්සලා හොයලා දීලා මොනව හරි දෙයක් කොහොම හරි විකුණනවා.

6. අයිතිකාරයා මං කියලා AC ROOM එක අස්සට වෙලා ඉන් නැතුව පාරිභෝගිකයා එක්ක සුහදව කතා කරලා පොඩි හිතවත්කමක් ගොඩ නගා ගන්නවා .

7. පාරිභෝගිකයාට අඩුම ගානේ බොන්න වතුර ටිකක්වත් තියලා තියනවා .උණුවතුර ටිකකුත් එක්කම.

8. දෙමාපියන් බඩු ගන්නකන් පොඩි දරුවෙකුට අම්මා තාත්තා නැතුව සෙල්ලම් කරන්න පුලුවන් පුංචි ඉඩක් හරි හදලා තියනවා .

9. මගේ කඩේ සේවකයෝ කොහොම වුණත් පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය ගැන මං පුද්ගලිකව හොයලා බලනවා .

10. එක දවසක් ආපු පාරිභෝගිකයා ඊළඟ දවසේ ආයිත් මගේ කඩේටම ගෙන්න ගන්න පුළුවන් විදිහට ඔහුට සාධාරණ මිලකට භාණ්ඩ ලබා දෙනවා .

11. පාරිභෝගික විශ්වාසය දිනා ගන්න අදාල භාණ්ඩය හදපු රට මොකක්ද කියලා ඇත්තම කියනවා .

12. ඔහුට ලකුණු කරන ලද මිලෙන් යම් ප්‍රතිශතයක් වට්ටමක් විදිහට අඩු කරල දෙනවා .(DISCOUNT)

13. පාරිභෝගිකයා ඉල්ලන දේ මගේ කඩේ තිබුණේ නැත්නම් පාරිභෝගිකයා වෙන කඩේකට යවන්නෙ නැතිව මගේ ගෝලයෙක් යවලා ගෙනත් දෙනවා .

14. ඉතින් සල්ලි දෙනකොට ටොපි චොකලට් එහෙම අපේ මුදල් ඒකක විදිහට භාවිතා නොකර නියම සල්ලි වලින්ම ආපසු ඉතිරිය දෙනවා .

15. ගත්ත බඩු ටික සේවකයකු ලවා මුදල් ගෙවන තැනට ගෙනිහින් දීලා පාරිභෝගිකයාට සහාය වෙනවා .

16. නිතර කඩේට එන ගනුදෙණුකරුවෙක් මුදල් මාරු කර ගන්ඩ ආවොත් එක පාරටම "නැහ්" කියන් නැතුව තියෙනවා නම් කොහොම හරි මාරු කරලා දෙනවා .

17. පාරිභෝගිකයාගෙන් "ඔබතුමා කොහෙද වැඩ කරන්නෙ? "කියලා අහන ගමන් එයාව පොඩි කතාවකට අල්ල ගන්නවා.

18. BOSS විදිහට මගේ VISITING CARD එකක් දෙනවා,එයාගෙ CARD එකකුත් ඉල්ල ගන්නවා.

19. සේවකයින්ට ටිකක් හොදට හදුන්වලා දෙනවා,මේ විදිහට "පුතා මේ SIR ,MADAM ,MISS ආයි ආවොත් හොදට හොයලා බලන්න,මොකද මේ ,SIR,MADAM,MISS අපිට ඕන වෙනවා,වටින කෙනෙක් "කියනවා.

20. අපේ කඩේ සේවකයෝ තේ බොන වෙලාවෙ නම්, මං BOSS විදිහට කතා කරලා කියනවා ඒ මා එක්ක කතා කර කර ඉන්න පාරිභෝගිකයාටත් තේ එකක් ගේන්න කියලා අපේ සේවකයෙකුට.

21. කඩේ නැති දෙයක් ඉල්ලුවොත් මේ දවස්වල MARKET එකේ නැත්නම් ඒක කියලා SHAPE වෙලා SIR,MADAM,MISS මං ඒවා ගෙනාපු ගමන් ඔයාට කියන්නම් කියලා PHONE අංකෙ ඉල්ල ගන්නවා.

22. ඒක වෙනම පොතක ලියලා තියාගෙන බඩු ආපු ගමන් CALL කරලා එන්න කියල ඒක එයාටම විකුණනවා.

23. ඕන වෙලාවක පාරිභෝගිකයෙක් සේවකයෙක් එක්ක ගැටලුවක් ඇති කරගත්තොත් මං පාරිභෝගිකයා වැරදි උනත් එයාගෙ පැත්ත ගන්නවා .

24. එහෙම කරලා වරද පාරිභෝගිකයා පිට පටවන්න නැතුව, මගේ සේවකයා හරි මං හරි වරද කලා කියලා හිතාගෙන වැඩේ SHAPE කරගෙන පාරිභෝගිකයාව රැක ගන්නවා .

25. එහෙම කරන ගමන් සේවකයන්ට කලින්ම කියලා තියනවා, "පාරිභෝගිකයා ඉස්සරහ ඔයාලාට මං ටිකක් තදින් කතා කරාට ඔයාලා ගණන් ගන්න එපා ,මං දන්නවා ඔයාලා වැරදි නෑ කියලා ඒ උනාට මං ඒක එහෙම කිව්වොත් අපිට නැති වෙන්නේ සල්ලි දෙන්ඩ ආපු පාරිභෝගිකයෙක් කියලා."

26. සමහර පාරිභෝගිකයෝ කවදාවත් ඒ අයගෙ වැරැද්ද පිළිගන්න කැමතිම නෑ .

27. ඒ වෙලාවට එයත් එක්ක තර්ක කර කර කඩේට ආපු තව පාරිභෝගිකයින්ට මේ ටික පෙන්නලා අපේ රෙදි එළිපිට ගලව ගන්න හොදම නෑ.

28. CUSTOMER IS OUR KING(පාරිභෝගිකයා තමා අපේ රජා) ,එහෙම නැතුව CUSTOMER IS OUR "නොදකිං" නම් නෙමේ කියලා සේවකයින්ට හොදටම කියලා දෙනවා.

29. අපේ කඩෙන් ගත්ත බඩුවක් නම් ආපහු සල්ලි දෙන්නෑ, දවස් තුනෙන් පස්සේ මාරු කරන්නෑ වගේ ගොන් කතා මං නම් කියන්නෑ.

30. ඒ ආපු අයට "ඔබතුමාට ඕන නම් සල්ලි ආපහු දෙන්නම් කියලා දෙන්න වගේ පෙන්නලා දෙන්නෙත් නැතුව ,ඒකෙම අලුත්ම එක ඊයෙ ආවා කියලා ඒ අලුත් එක දීලා තව කීයක් හරි වැඩිපුර අර ගන්නත් මට නම් පුලුවන්".

31. හැකියාවක් තියෙනවා නම් WASH ROOM එකක් හදනවා පාරිභෝගිකයා වෙනුවෙන්(සල්ලි ගන් නෑ).

32. ගත්ත බඩුවලට සල්ලි ගෙවද්දි පොඩි මුදලක් අඩු වුනාට බඩු ආපසු ගන්නෙ නැතුව ,අනික් දවසෙ ගෙනත් දෙන්න කියල යවලා පාරිභෝගිකයා රැක ගන්නවා.

33. ලොකුකම් ගැන හිතන් නැතුව කොයි පාරිභෝගිකයාටත් එක වගේම සලකනවා.

34. WATS AP /VIBER ,වගේ නූතන ක්‍රම භාවිතා කරළා තමන්ට ඕන භාණ්ඩ ලැයිස්තුව කලින් එවන්න කියලා,ඒ ටික දාල තියනවා පාරිභෝගිකයා එන කොටම,මිලත් ඒ ගමන්ම බලාගන්න දෙනවා කඩේට එන්න කලින්ම.

මේවා කරහම ඔය කොයි SIR,MADAM,MISS වුණත් පිට යන්නෑ, මං දන්නවා මං ගාවටම එනවා, ඔය අනික් කඩ කොයිතරම් තිබුණත් ඒවට යන්නෑ. කරලා බලන්නකෝ ඔයත් ,
කඩේ BUSINESS කොහොම වැඩි වෙයිද කියලා.


Copied from
Sandalal wijendra facebook
Reply With Quote
(#2)
Old
77.lk 77.lk is offline
Member
77.lk will become famous soon enough77.lk will become famous soon enough
 
Posts: 73
Join Date: Oct 2016
Up 05-21-2019, 06:12 AM

මෙන්න කරනවානම්...
Reply With Quote
(#3)
Old
harindugamlath's Avatar
harindugamlath harindugamlath is offline
Senior Member
harindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to all
 
Posts: 25,344
Join Date: Dec 2008
05-21-2019, 06:37 AM

bump
Reply With Quote
(#4)
Old
AnGeLHuNteR's Avatar
AnGeLHuNteR AnGeLHuNteR is offline
Senior Member
AnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of light
 
Posts: 13,105
Join Date: Oct 2013
05-21-2019, 07:19 AM

Reply With Quote
(#5)
Old
pissupoosa jr.'s Avatar
pissupoosa jr. pissupoosa jr. is offline
Senior Member
pissupoosa jr. is a glorious beacon of lightpissupoosa jr. is a glorious beacon of lightpissupoosa jr. is a glorious beacon of lightpissupoosa jr. is a glorious beacon of lightpissupoosa jr. is a glorious beacon of lightpissupoosa jr. is a glorious beacon of lightpissupoosa jr. is a glorious beacon of lightpissupoosa jr. is a glorious beacon of lightpissupoosa jr. is a glorious beacon of lightpissupoosa jr. is a glorious beacon of lightpissupoosa jr. is a glorious beacon of light
 
Posts: 9,504
Join Date: May 2009
Location: ඇයි එන්නද?
Send a message via Yahoo to pissupoosa jr.
05-21-2019, 07:37 AM

BUMP
Reply With Quote
(#6)
Old
Cheranga Dharmasena's Avatar
Cheranga Dharmasena Cheranga Dharmasena is offline
Senior Member
Cheranga Dharmasena has a spectacular aura aboutCheranga Dharmasena has a spectacular aura aboutCheranga Dharmasena has a spectacular aura about
 
Posts: 1,381
Join Date: Nov 2010
Location: සිංහලේ
05-21-2019, 08:18 AM

BUMP..!!!!
Reply With Quote
(#7)
Old
someone95's Avatar
someone95 someone95 is offline
Senior Member
someone95 has a spectacular aura aboutsomeone95 has a spectacular aura aboutsomeone95 has a spectacular aura aboutsomeone95 has a spectacular aura aboutsomeone95 has a spectacular aura about
 
Posts: 385
Join Date: Apr 2015
05-21-2019, 08:20 AM

Bump
Reply With Quote
(#8)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is offline
Senior Member
LazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant future
 
Posts: 48,768
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
Send a message via ICQ to LazyLizard
05-21-2019, 08:21 AM

ඕක කොලේක ගහල කඩ ඔක්කොටම බෙදුව නං අපේ අයියල හැදෙයි
Reply With Quote
(#9)
Old
dabba1983's Avatar
dabba1983 dabba1983 is offline
Senior Member
dabba1983 is a glorious beacon of lightdabba1983 is a glorious beacon of lightdabba1983 is a glorious beacon of lightdabba1983 is a glorious beacon of lightdabba1983 is a glorious beacon of lightdabba1983 is a glorious beacon of lightdabba1983 is a glorious beacon of lightdabba1983 is a glorious beacon of lightdabba1983 is a glorious beacon of lightdabba1983 is a glorious beacon of lightdabba1983 is a glorious beacon of light
 
Posts: 1,338
Join Date: Mar 2017
Location: Gampaha
05-21-2019, 08:56 AM

Bump
Reply With Quote
(#10)
Old
chinmak's Avatar
chinmak chinmak is offline
Senior Member
chinmak is a name known to allchinmak is a name known to allchinmak is a name known to allchinmak is a name known to allchinmak is a name known to allchinmak is a name known to allchinmak is a name known to allchinmak is a name known to allchinmak is a name known to allchinmak is a name known to allchinmak is a name known to all
 
Posts: 3,173
Join Date: Oct 2014
Location: මෙන්න මෙතන...
Send a message via Skype™ to chinmak
05-21-2019, 09:01 AM

Well said machan..
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01867 seconds with 11 queries