ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Sihala Piyasa (Sinhala Literature Forum) > Nawakatha saha Ketikatha
Reload this Page එදා මගේ පෙම්වතියේ අද ඔබ .....
Reply
 
Thread Tools Display Modes
(#1)
Old
T h u s h's Avatar
T h u s h T h u s h is offline
Senior Member
T h u s h is a glorious beacon of lightT h u s h is a glorious beacon of lightT h u s h is a glorious beacon of lightT h u s h is a glorious beacon of lightT h u s h is a glorious beacon of lightT h u s h is a glorious beacon of lightT h u s h is a glorious beacon of lightT h u s h is a glorious beacon of lightT h u s h is a glorious beacon of lightT h u s h is a glorious beacon of lightT h u s h is a glorious beacon of light
 
Posts: 2,049
Join Date: Jan 2011
Location: කුමාරලෑ ගෙදර
Send a message via Skype™ to T h u s h
එදා මගේ පෙම්වතියේ අද ඔබ ..... - 07-21-2012, 02:00 PM



හතර වටින්ම කළුවර කරලා තව ටිකකින් ..අනෝරා වැස්සක් කඩා හැලෙන ලකුණු .. මේ වගේ දවස්වලට කරන්න තියෙන හොදම දේ .ඔලුවේ ඉදලම රෙද්දකින් පොරවාගෙන ඇදේ ගුලිවෙන එක කියලා අත්දැකීමෙන්ම දන්නා මම ඇදට ගොඩ වෙලා ඇස් පියාගත්තා...ඒත් වැඩි වෙලාවක් එහෙම ඉන්න ලැබුනේ නැහැ ..කොහෙද ඉතිං අපේ පාප මිත්‍රයෝ එක්ක ....

ටක්...ටක්.

කව්ද එකෙක් දොරට තඩි බානවා...

කව්ද?

චමින් මේ මම බං .. සමිත්.

සමිත් කියන්නේ ..පුංචි කාලේ ඉදලා මගේ හොදම මිතුරෙක් .. ඒත් ඔහුගේ තාත්තගේ රැකියාව නිසා ඔවුන්ට නුවරඑළියේ පදිංචියට යාමට සිදු උනා.. පේරාදෙණිය කැම්පස් එකේ ඉගෙනුමෙන් පසුව සමිත් නැවතත් අපේ නිවස අසල ඔවුන්ගේ මහා ගෙදර පදිංචියට ආවේ මෑතකදී ...

සමිත් වරෙන් මචං දොර ඇරලා තියෙන්නේ..

මොකද මේ මහා දවාලේ නිදාගන්නේ .. උබට කම්මැලිනම් වරෙන් මාත් එක්ක ගමනක් යන්න...
කොහේ යන්නද? අනික මේ මහා වැස්සේ ...

මගේ කෙල්ලව හම්බ වෙන්න යන්නේ . මම උබට දවසක් කිව්වේ කැම්පස් එකේදී මිට් උන කෙල්ලෙක් ගැන . අද එයාට ලෝ ක්ලාස් එකක් තියෙනවා ගම්පහ.. වරෙන් උබට එයාව හදුන්වලා දෙන්නත් ඕනේ.. මට ඉතිං පොඩි කාලේ ඉදලම උන්නු හොදම යාළුවා උබනේ .. ඔන්න අපේ වෙඩින් එකට උබව තමයි යාලුවට ගන්න ඉන්නෙත්...
.
.................................................. .................................................. .................................................. ......


ගම්පහ ටවුමෙන් බැහැල සමිත්ගේ ගිර්ල් සිටින ගන්න පංතිය පැත්තට අපි දෙන්නා පියමන් කළා මම පාසල් කාලයේ උසස් පෙළ කරන අවදියේ පංති ආවෙත් ගම්පහ. ඒ කාලේ පංති ඇවිත් ගතකල සොදුරු මතකයන් අනුස්මරණය කරමින් ඉන්න අතර සමිත්ගේ යුවතියගේ පන්තිය ඉවරවී . යුවතියන් එකා දෙන්නා පාරට අවතීර්ණ වෙමින් සිටියා.. සමිත්ගේ කෙල්ලත් මගේ වයසේමලු . දැන් සමිත් ටත් වඩා එයාව දකින්න උනන්දුව තියෙන්නේ මට...
කෝ බං තවම නැද්ද...

දැන් මගේ කෙල්ලව බලන්න උබටද හදිස්සිය ... ටිකක් හිටපන් උන් ක්ලාස් ඉවර උන ගමන් පාරට දුවගෙන එන්නේ නැහැ.. අනිත් කෙල්ලොත් එක්ක වල් පල් දොඩවලා අන්තිමටම තමයි එන්නේ..

මේ.. උබලගේ මගුල් හින්දා මමයි කටු කන්නේ බලපන් වැහැගෙනත් එනවා...

මම එහෙම කිව්වේ පොද වැටෙන අහස දිහා බලාගෙන.. තව ඩිංගකින් හොද අනෝරා වැස්සක් කඩා හැලෙන ලකුණු අහසේ තිබුනා..
චමින් ,, අන්න එයා එනවා..

පාර කෙළවරෙන් එක කුඩයක් යටින් එන යුවතියන් දෙදෙනෙක්ව මට සමිත් පෙන්නුවා..

චමින් අර මල් මල් ගව්මක් ඇදගෙන එන්නේ.. එයා තමයි මගේ ගිර්ල් ඉදපන් මම ආවම උබට අදුන්වලා දෙන්නම්..

එහෙම කියලා සමිත් එයාට අත වැනුවා .. ඇයත් අපිව දැකලා යාළුවට සමුදීලා අපි දෙන්නා ඉන්න පැත්තට ආවා...
දෙවියනේ ..ශානි!!!!

පාසල් සමයේ මගේ ආදරය නොවේද මේ...
දෛවයය කොයි තරම් නම් නපුරු විදියට මට සරදම් කරනවද....

මොහොතකට අපි දෙදෙනාගේ නෙත් එකට ගැටුනා... හරියට තප්පර කිහිපයකට ලෝකයම නතර උනා වගේ හැගීමක් ...

ශානි මගේ පාසලට අවේ අතර මගදී.. ඒ වගේම එයා අතර මගදී පාසලෙන් වෙන් වෙලා ගියා.. එයා පිළිබද දුක්බර මතකයක් විතරක් ඉතිරි කරලා..

ශානිව දැකපු මුල්ම දවසේ ඉදලා මගේ හිතේ එයා ගැන විශේෂ හැගීමක් තිබුනා .. ශානිත් අනිත් අයට වඩා ගොඩාක් මට ලංවුනා .. අනිත් අයට වඩා මට විශේෂයක් දක්වන වග මට තේරුනා ..නමුත් ඒ සහෝදර කමද මිතුරු කමද ආදරේද කියලා තේරුම් ගන්න බැරුව මම කොයි තරම්නම් ලතවුනාද ....

කෙලි කවට කම් සිනහා මැදින් ගෙවීගිය පාසල් සමය කොයි තරම්නම් සුන්දරද.. එක බත් පත බෙදාගෙන කාලා.
හිතේ සැහැල්ලුවෙන් කුරුළු පිහාටුවක් වගේ පාවෙලා ගිය සොදුරු පාසල් මතකයේ හැම සිදුවීමක් තුලම ශානි මගේ ලගින්ම හිටියා...

කවදාවත් අමතක නොවෙන ඒ දුක්බර දවස....මට අද වගේ මතකයි ...

අපේ සාමාන්‍ය පෙළ විභාහගයේ අන්තිම දවස... විභාහග ශාලාවෙන් එලියට ආව ගමන්ම ශානි මගේ ලගට ආවා...

චමින් අපි මෙහෙන් යන්න හදන්නේ... අද තමයි ඔයා මාව දකින්න අන්තිම දවස..

මට ඒ වෙලාවේ දරාගන්න බැරි දුකක් ඇති උනා . මාව දාලා යන්න එපා ශානි කියන්න හිතුනත් . ඒවා කටින් පිට කරන්න තරම් ශක්තියක් මට තිබුනේ නැහැ...

අපේ තාත්ති රට යනවා චමින් ... අම්මිටයි මටයි විතරක් තනියම මෙහෙ ඉන්න බැරි නිසා අපි බදුල්ලේ ඉන්න මාමලාගේ ගෙදර නතර වෙනවා.. අම්මී කිව්වා මාව එහේ ඉස්කෝලෙකට දාන්නම් කියලා උසස් පෙලට ..
අපි හෙට උදෙන්ම මෙහෙන් යනවා චමින්

ඔයාට අපිව දාලා යන්න දුක නැද්ද ශානි ..

ඔයාට මව දාලා යන්න දුක නැද්ද කියලා අහන්න බැරි කමට මම එහෙම ඇහුව.

මම එහෙම අහපුවම ශානි මගේ අත තදින් අල්ල ගත්තා.. ඒ ලස්සන ඇස් වල කදුළු බිදු දෙකක් දිලිසෙනවා...

දුකයි චමින් .. හැම දේටම වඩා මට දුක ඔයාව දාලා යන්න වෙන එකට..

එයා එහෙම කියනකොට මගේ ඇසුත් තෙත් වීගෙන එනබව මට තේරුනා..

ඒ අතර එයා එයාගේ පොත් ගොඩින් එක පොතක් අරගෙන ..එකේ අන්තිම පිටුවේ මොනවද ලියලා මගේ බෑග් එකට දැම්මා...

චමින් ඔයා ඔය පොත තියාගන්න මාව මතක් වෙන්න. මාව මතක් වෙන්න වෙන දෙන්න දෙයක් මගේ ගාව නැහැ මේ වෙලාවේ.. මේ පොතේ අන්තිම පිටුව ඔයා ගෙදර ගිහින් බලන්න දැන් බලන්න එපා...


මේ පුංචි රටේ අපි ආයේ කවදා හරි හමුවෙයි චමින් . සමහර විට අපි හමු නොවෙන්නත් පුළුවන් .. ඒත් මට විස්වාසයි අපි දෙන්නා ආයේ නොවැරදීම හමුවෙනවා...
මම යනවා..චමින්.


එදා මට නින්ද ගියේම නැහැ . නින්දත් නොනින්දත් අතර ගෙවුණු රාත්‍රිය පුරාවටම ශානි මගේ හිතේ
හොල්මන් කාලා..
දෙවියනේ ශානි යන්න හදන්නේ මගේ හිතත් අරගෙනම නේද...


උදේ තමයි සිහියට ආවේ.. ශානි මොනවද ලියලා පොතක් දුන්න වග ..
මම ඉක්මනට ගිහින් පොතේ අන්තිම පිටුව පෙරලුව......

I love you chamin…
Don’t forget me…..
Your shani,

දෙවියනේ ශානිත් මට ආදරේ කරලා නේද.. පාසලේදී මට වටහාගන්න නොහැකි උන ශානිගෙ හැසිරීම ආදරය නේද... මට හැමදේම ආයෙමත් මැවී මැවී පෙනෙන්න ගත්තා..


මම ඒ වෙලාවේම ශානිගෙ ගෙදර හොයාගෙන ගියා ... ශානිලා කුලියට හිටිය ඇනෙක්ස් එක හොයාගත්තත් ඒ වෙන කොට මම පරක්කු වැඩි.
මම එයාට ආදරෙයි කියලා කියන්නත් ඉස්සර ඇය ගිහින්.. මගේ ආදරේ නොදැනම ඇය ගිහින්...

ඒත් එයා කිව්වා වගේම නැවතත් අපි හමුවෙලා...ඒත් අපි දෙන්නම බලාපොරොත්තු නොවුන මොහොතක . බලාපොරොත්තු නොවුන තැනකදී ...

චමින්.. උබ කොයි ලෝකෙද බං ඉන්නේ.. මම දැන් කී පාරක් කතා කලාද... මම දැන් ශානිකා ගැන කිව්ව දේවල් උබ අහගෙනද හිටියේ..

සමිත් ශානිට මාවත් මට ශානිවත් හදුන්වලා දෙන්න ඇති .. ඒත් ඒ එක දෙයක්වත් මට ඇහුනේ නැහැ. මගේ හිත තිබුනේ වෙන ලෝකෙක.. මම හිතන්නේ ශානිත් හිටියේ.. මගේ තත්වෙම තමයි..

අපි දෙන්නට දෙන්නා මුණු දිහා බලාගෙන උන්න මිස වචනයක් වත් කතා කාලේ නැහැ.. අවුරුදු ගානකට පසු නැවත හමුවීමක් ..

චමින් මමයි ශානිකයි පන්සලට යනවා ..ඔයත් එන්න අපි එක්ක යමු .සමිත්ගේ හඩින් මම පියවි ලොවට ආවා...


අනේ බැහැ සමිත් මට තව වැඩකුත් තියෙනවා ඉක්මනට යන්න ඕනේ...

අනේ මන්ද උබට මොනවා වෙලදා කියලා .. වැහින්නත් එනවා එහෙනම් ඉක්මනට පලයන්...
අපි යනවා .. යමු ශානි..

එහම කියලා සමිත් ශානිගෙ අතින් අල්ලාගෙන පන්සල පැත්තට ගියා... ඔවුන්ට වැඩි ඈතකට යන්න ලැබුනේ නැහැ ..පොද වැස්ස තරමක් දරුණු උනා.. සමිත් එයාගේ අතේ තිබුන ලොකු කුඩය ඉහලාගෙන ශානිගේ උරහිසට අතක් දාලා ලගට කර ගත්තා...

ඒත් ශානි ....

ශානි හැරිලා මම ඉන්න පැත්ත බැලුවා ..මම තවම හිටපු තැනමයි...

ඊට පස්සේ ශානි සමිත් ගෙන් මැත් වෙලා වැස්සේම තෙමි තෙමි මම ඉන්න තැනට දුවගෙන එනවා..

දෙවියනේ ශානි මේ මොනවද කරන්නේ... මට මුකුත් හිතාගන්න ඉස්සර ශානි දුවගෙන මගේ ලගටම ආවා..

චමින් හය්යෙන් වහින්නයි එන්නේ ඔයා තෙමෙයි ....

එහෙම කියලා එයාගේ බෑග් එක ඇරලා පුංචි ලස්සන කුඩයක් මගේ අතේ තිබ්බ...

තෙමෙන් නැතුව පරිස්සමින් යන්න චමින් .. මම යනවා.

පාසලේදී අන්තිම දවසේ දැක්කා වගේම වේදනාවක් මම අදත් ශානිගෙ ඇස්වල දැක්ක..

සමිත්ට අපි ගැන කියන්න එපා ශානි..

මම එහෙම කිව්වත් ඇය මුකුත් කිව්වේ නැහැ හිනහ වෙන්න උත්සහ කාලා පමනයි .. ඒත් එදා වගේම ඇගේ දෙනෙතේ කදුළු බිදු දිලිසුනා..

මම යන්නම් චමින්...

ඇය එහෙම කියලා නැවතත් දුවල ගියා සමිත් ගේ කුඩය යටට..

ඔවුන් ටික දුරක් යන තුරු බලා සිටි මම.. කුඩයත් ඉහලාගෙන බස් නැවතුමට යාමට පිටත් උනා...


ශානි මගේ වෙලා උන්නු යුගය අවසන් ..දැන් ඈ අයිති සමිත්ට ............




උපුටා ගත්තේ http://chami4u.blogspot.com/2012/06/...l#.UAkOOeH9PKM
Reply With Quote
(#2)
Old
blackcord's Avatar
blackcord blackcord is offline
Senior Member
blackcord is a jewel in the roughblackcord is a jewel in the roughblackcord is a jewel in the roughblackcord is a jewel in the roughblackcord is a jewel in the roughblackcord is a jewel in the rough
 
Posts: 2,181
Join Date: Oct 2009
08-15-2012, 10:33 PM

nice...
Reply With Quote
(#3)
Old
RSTHARINDU RSTHARINDU is offline
Senior Member
RSTHARINDU has a spectacular aura aboutRSTHARINDU has a spectacular aura about
 
Posts: 826
Join Date: Apr 2010
Location: Matara
Send a message via Skype™ to RSTHARINDU
08-15-2012, 10:47 PM

පට්ටයි......ඒ වගේම දුකයි .........ගොඩක් දුකයි....
Reply With Quote
(#4)
Old
Dhananja4medialab's Avatar
Dhananja4medialab Dhananja4medialab is offline
Senior Member
Dhananja4medialab is on a distinguished road
 
Posts: 142
Join Date: Sep 2009
Location: chilaw
08-30-2012, 08:55 PM

ගොඩක් ලස්සනයි..යාලුවා
Reply With Quote
(#5)
Old
mudantha mudantha is offline
Junior Member
mudantha is an unknown quantity at this point
 
Posts: 12
Join Date: Feb 2010
09-01-2012, 01:13 PM

පට්ටයි......ඒ වගේම දුකයි .........ගොඩක් දුකයි....
Reply With Quote
(#6)
Old
Pathum_madu's Avatar
Pathum_madu Pathum_madu is offline
Senior Member
Pathum_madu has a spectacular aura aboutPathum_madu has a spectacular aura aboutPathum_madu has a spectacular aura aboutPathum_madu has a spectacular aura about
 
Posts: 1,023
Join Date: Dec 2007
Location: Kalutara
Send a message via Skype™ to Pathum_madu
09-01-2012, 06:01 PM

Reply With Quote
(#7)
Old
T h u s h's Avatar
T h u s h T h u s h is offline
Senior Member
T h u s h is a glorious beacon of lightT h u s h is a glorious beacon of lightT h u s h is a glorious beacon of lightT h u s h is a glorious beacon of lightT h u s h is a glorious beacon of lightT h u s h is a glorious beacon of lightT h u s h is a glorious beacon of lightT h u s h is a glorious beacon of lightT h u s h is a glorious beacon of lightT h u s h is a glorious beacon of lightT h u s h is a glorious beacon of light
 
Posts: 2,049
Join Date: Jan 2011
Location: කුමාරලෑ ගෙදර
Send a message via Skype™ to T h u s h
11-30-2012, 08:13 PM

...........
Reply With Quote
Reply

Bookmarks

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.10171 seconds with 8 queries