ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > ElaKiri Traveler > Travel Sri Lanka
Reload this Page ලංකාවේ උඩින්ම පිහිටි බාර් එකේ අඩියක් ගසමු
Reply
 
Thread Tools
(#1)
Old
Dodo Mahaththaya's Avatar
Dodo Mahaththaya Dodo Mahaththaya is online now
Senior Member
Dodo Mahaththaya is a glorious beacon of lightDodo Mahaththaya is a glorious beacon of lightDodo Mahaththaya is a glorious beacon of lightDodo Mahaththaya is a glorious beacon of lightDodo Mahaththaya is a glorious beacon of lightDodo Mahaththaya is a glorious beacon of lightDodo Mahaththaya is a glorious beacon of lightDodo Mahaththaya is a glorious beacon of lightDodo Mahaththaya is a glorious beacon of lightDodo Mahaththaya is a glorious beacon of lightDodo Mahaththaya is a glorious beacon of light
 
Posts: 932
Join Date: Jun 2017
Location: Colombo
cool ලංකාවේ උඩින්ම පිහිටි බාර් එකේ අඩියක් ගසමු - 04-21-2018, 01:13 AM

ලංකාවේ උඩින්ම පිහිටි බාර් එකේ අඩියක් ගසමුද ?

හැමදාම කඳු නගිනවා, දියඇලි දිගේ බඩගානවා,කැලේ රිංගනවා..... ඉතින් ඔය ආසාවල් තියෙද්දීම හිතුනා ලංකාවේ උසම කන්දටත් නගින්න ඕනේ කියල.මෙක 2015 ගිය ගමනක්...
මුහුදු මට්ටමෙන් මීටර් 2524 උස පිදුරුතලාගල පිහිටන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ. මේ අදහස ගැන මම මගේ ඉස්කෝලේ පොඩි පන්තියේ ඉඳල A/L
වෙනකන් ඉගෙන ගත්තු මගේ හොඳම යාලුවෙකුට කිව්වා. මොකද මිනිහා ඒ වෙනකොට නුවර එළියේ construction site එකක වැඩ කලේ.
අහපු හැටියේ මගේ යාළුවා මට කියනවා, ඒකට අවසරයක් ඕනෙලු,උඩ රේඩාර් තියෙන නිසා යන්න දෙන්නේ නැතිලු. ඔය අතරේ අපේ පන්තියේම හිටපු
තවත් යාලුවෙක් හිටියා '' ඉරණමඩු ගුවන් හමුදා කඳවුරේ '' Supply officer විදිහට.ඉතින් මිනිහත් එක්කත් කතා කරලා පිදුරුතලාගල උඩ Air force camp එකේ හිටපු Supply officer ( යාළුවගේ එකම ඉන්ටේක් එකේ බැජෙක් ) ව සෙට් කර ගත්තා.
කොහොම හරි වැඩෙත් සෙට් කරන් මම තව මගේ ගමේ යාලුවෙක් එක්ක ඉරිදා පාන්දර 3 විතර වෙද්දී නුවරඑළියේ මගේ යාළුවගේ බෝඩිමට සේන්දු උනා.
(ඒ වෙලාවේ තිබ්බ සීතලත් එක්ක මිනිහගේ කැබින් එකේ තිබ්බ ස්ට්‍රෝබෙරි වයින් බෝතලයක්ම අපි දෙන්න බිව්වා. )
පිදුරුතලාගල නගින්න මගේ යාළුවගේ site එකේ වැඩ කරන තවත් එකෙක් සෙට් උනා.ඔක්කොම 4 දෙනයි.ඉතින් වෑන් එකක් හයර් කරන් අපි උදේ 10 වෙද්දී පිදුරුතලාගල මුදුනට ආවා ....


මේ තියෙන්නේ බෝඩිමට පෙනෙන ග්‍රෙගරි වැව.....


ඉස්සරහ තේ වතු....





වටේ පිටේ තිබුන මල් ටිකක් ෆොටෝ ගැහුවා.....


මේ තියෙන්නේ පිදුරුතලාගල පාරට ඇතුල් වෙන තැන තියන මුරපොල සහ පුවරුව


ඊට පස්සේ උඩ ගුවන් හමුදා කඳවුරේ අපි නොදුටු මිත්‍රයාව හම්බුනා..... බොහොම සුහදව අපිත් එක්ක කතා කරලා,
මිනිහා අපිව උඩ මුදුනේ තිබුණු ඵලකය ඇතුළු තැන් කිහිපයකටම එක්කන් ගියා....


පිදුරුතලාගල ගුවන් හමුදා කඳවුර


උසම තැන ලකුණු කරපු ගල් පුවරුව......



රේඩාර් කුළුණු....

ඊට පස්සේ මිනිහා අපෙන් ඇහුවා මචං උඹල බොනවද ? කියල..... අපිත් ඉතින් කොහොම හරි සෙට් වෙලා ගියා.
පිදුරුතලාගල ගුවන් හමුදා කඳවුරේ බාර් එක තමයි ලංකාවේ උසින්ම පිහිටි බාර් එක.
ඉතින් කවද ලැබෙන චාන්ස් ද කියල අපිත් සංස්ථා අරක්කු බෝතලයක් අරන් සෙට් උනා..
කොහොම හරි බෝතල් 2 බීල ඉවර වුනු තැන ගුවන් හමුදාවේ යාළුවා කිව්වා, '' මෙතන තවත් බිව්වොත් බයිට් වලට සෑහෙන ගානක් යයි.අනික හිතේ හැටියට සිංදුවක් කියන්නත් බෑ , ඒක නිසා අපි ආමි කෑම්ප් එකේ මෙස් එකට යමු'' කියල.

අපිත් ඉතින් නොදැන උනත් පස්සෙන් වැටිලා ගියා.
පිදුරුතලාගල තියෙන්නේ සිංහ රෙජිමේන්තුවේ අනු ඛණ්ඩයක්.එකේ අණ දෙන නිලධාරියා මේජර් වනසිංහ.ආමි එකේ 80 විතර කට්ටිය ඉන්නවලු.
එයාලා තමයි මුලිකවම රූපවාහිනි ඇතුළු සියලුම විකාශන කුළුණු වල ආරක්ෂාව බාරව ඉන්නේ.



අපි මේජර් ගේ මෙස් එකට ගියේ එක බෝතලයක් අරගෙන.මේජර් වනසිංහ අපිට බොහොම හොඳින් සැලකුවා.කොච්චරද කියනවා නම් මිනිහා
ගානේ තවත් බෝතල් 3 ම බිව්වා.... මගේ ජීවිතේ සෑහෙන බීපු දවසක් උනාට, වැඩිය දැනුනේ නෑ. ගොඩක් සීතල වගේම උසින් හිටපු නිසා අපි එකෙකුටවත් වැඩිය වෙරි උනේ නෑ.
කොහොම හරි අපි හයර් එකට ආපු වාහනේ හවස 6 විතර ගනුදෙනු බේරලා නැවත හරවල යැව්වා.....මොකද මේජර් අපිව නැවත කෑම්ප් එකේ වාහනයකින් පහලට ගෙනියන්න පොරොන්දු උනා.
අපේ ගුවන් හමුදාවේ යාලුවා හොඳ ගිටාර් වාදකයෙක් වගේම, මිනිහට මරු කටහඬක් තිබුන.
කොහොම හරි අපි රෑ 9 පහුවෙනකන් විතර බොන ගමන් සිංදු කිව්වා.

ඇත්තටම ඒක පට්ට ආතල් වගේම අමතක වෙන්නේ නැති රාත්‍රියක්. මොකද අපි හිටියේ ලංකාවේ උසම තැන නිසා.
අපි අවසානෙට බීලා ඉවරවෙද්දි ඔක්කොම බෝතල් 6 බීල.


මේ ඉන්නේ අපි 6 දෙනා....

රෑ 10 විතර තමා අපි එදා දවසට කාපු එකම කෑම වේල කෑවෙත්. ඒක මේජර් ගේ ගානේ.ඊට පස්සේ අතුරුපස විදිහට අපිට ලැබුනා,
ලොකු ආනමාලු කෙසෙල් ගෙඩියයි යෝගට් එකයි....කොහොමද හිතපන්කෝ පට්ට ගැහෙන සීතලේ රෑ 10 විතර යෝගට්, කෙසෙල් කද්දී... බීල හිටි හින්දා වැඩි ගානක් උනේ නෑ.
මේජර් අපිට පොරොන්දු උනු විදිහට අපිව පහලට ගෙනත් යාළුවගේ බෝඩිමටම ගෙනත් ඇරලුව.එතකොට හරියටම වෙලාව රෑ 11.30 යි.
පහුවෙනිදා වැඩට යන්න තියෙන හින්ද මමයි මගේ ගමේ යාළුවයි, අපි දෙන්නා කොළඹ - වැලිමඩ බස් එකක බිම වාඩි වෙලා කුකුල් නින්දක් දාගෙනම හැලපයෝ වගේ ගෙදර ආව.

මේ ගමන මට ඇත්තටම හරි වටිනවා,
මොකද මම ලංකාවේ උසම තැනට ගියා....
ලංකාවේ උසම බාර් එකේ අඩියකුත් ගැහුවා...
රෑ 10 විතර වෙනකන් පිදුරුතලාගල සීතල මුදුනේ සිංදු කියල අමතක නොවෙන ආතල් එකක් ගත්තා...


මොකද ඒ අවස්තාව පිදුරුතලාගල නගින්න යන හැම කෙනෙකුටම ලැබෙන්නේ නැති නිසා.

Last edited by Dodo Mahaththaya; 04-21-2018 at 08:18 PM.
Reply With Quote
(#2)
Old
shaminda peiris's Avatar
shaminda peiris shaminda peiris is offline
Senior Member
shaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to behold
 
Posts: 34,435
Join Date: Mar 2014
Location: පානදුරේ
04-21-2018, 02:48 AM

දැන් උඹ මෙස් එකේ ෆොටෝ,කොල්ලන්ගේ ෆොටෝ දාලා ආමි එකේ කොල්ලන්ගේ ජොබ් ටිකටත් තට්ටු කරනවා.ඔය ආමි කොල්ලෝ ඉන්න ෆෝටෝ අයින් කරපන්.
Reply With Quote
(#3)
Old
King GBN's Avatar
King GBN King GBN is offline
Senior Member
King GBN is a glorious beacon of lightKing GBN is a glorious beacon of lightKing GBN is a glorious beacon of lightKing GBN is a glorious beacon of lightKing GBN is a glorious beacon of lightKing GBN is a glorious beacon of lightKing GBN is a glorious beacon of lightKing GBN is a glorious beacon of lightKing GBN is a glorious beacon of lightKing GBN is a glorious beacon of lightKing GBN is a glorious beacon of light
 
Posts: 3,959
Join Date: Jan 2012
Location: pallekele
04-21-2018, 05:54 AM

Quote:
Originally Posted by shaminda peiris View Post
දැන් උඹ මෙස් එකේ ෆොටෝ,කොල්ලන්ගේ ෆොටෝ දාලා ආමි එකේ කොල්ලන්ගේ ජොබ් ටිකටත් තට්ටු කරනවා.ඔය ආමි කොල්ලෝ ඉන්න ෆෝටෝ අයින් කරපන්.
Reply With Quote
(#4)
Old
ulta's Avatar
ulta ulta is offline
Senior Member
ulta is a glorious beacon of lightulta is a glorious beacon of lightulta is a glorious beacon of lightulta is a glorious beacon of lightulta is a glorious beacon of lightulta is a glorious beacon of lightulta is a glorious beacon of lightulta is a glorious beacon of lightulta is a glorious beacon of lightulta is a glorious beacon of lightulta is a glorious beacon of light
 
Posts: 4,641
Join Date: Jan 2011
Location: සිහිනලන්තය
04-21-2018, 05:58 AM

Reply With Quote
(#5)
Old
aladin89's Avatar
aladin89 aladin89 is offline
Senior Member
aladin89 is a jewel in the roughaladin89 is a jewel in the roughaladin89 is a jewel in the roughaladin89 is a jewel in the roughaladin89 is a jewel in the roughaladin89 is a jewel in the rough
 
Posts: 1,225
Join Date: Dec 2017
04-21-2018, 06:08 AM

supirine machan
Reply With Quote
(#6)
Old
shadow1's Avatar
shadow1 shadow1 is offline
Senior Member
shadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of light
 
Posts: 3,629
Join Date: Jun 2015
Location: රත්නපුර
04-21-2018, 06:42 AM

Bump
Reply With Quote
(#7)
Old
buddikagayan's Avatar
buddikagayan buddikagayan is offline
Senior Member
buddikagayan is a name known to allbuddikagayan is a name known to allbuddikagayan is a name known to allbuddikagayan is a name known to allbuddikagayan is a name known to allbuddikagayan is a name known to allbuddikagayan is a name known to allbuddikagayan is a name known to allbuddikagayan is a name known to allbuddikagayan is a name known to allbuddikagayan is a name known to all
 
Posts: 8,705
Join Date: Jan 2012
Location: Colombo
04-21-2018, 07:10 AM

tfs
Reply With Quote
(#8)
Old
barath dpriye's Avatar
barath dpriye barath dpriye is offline
Senior Member
barath dpriye is a glorious beacon of lightbarath dpriye is a glorious beacon of lightbarath dpriye is a glorious beacon of lightbarath dpriye is a glorious beacon of lightbarath dpriye is a glorious beacon of lightbarath dpriye is a glorious beacon of lightbarath dpriye is a glorious beacon of lightbarath dpriye is a glorious beacon of lightbarath dpriye is a glorious beacon of lightbarath dpriye is a glorious beacon of lightbarath dpriye is a glorious beacon of light
 
Posts: 3,066
Join Date: Sep 2014
04-21-2018, 07:15 AM

bump
Reply With Quote
(#9)
Old
dj gamaya's Avatar
dj gamaya dj gamaya is offline
Senior Member
dj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud of
 
Posts: 63,982
Join Date: Nov 2007
Location: Hell & Heaven (Kiribathgoda)
Send a message via Skype™ to dj gamaya
04-21-2018, 07:20 AM

Reply With Quote
(#10)
Old
dj gamaya's Avatar
dj gamaya dj gamaya is offline
Senior Member
dj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud of
 
Posts: 63,982
Join Date: Nov 2007
Location: Hell & Heaven (Kiribathgoda)
Send a message via Skype™ to dj gamaya
04-21-2018, 07:24 AM

Quote:
Originally Posted by shaminda peiris View Post
දැන් උඹ මෙස් එකේ ෆොටෝ,කොල්ලන්ගේ ෆොටෝ දාලා ආමි එකේ කොල්ලන්ගේ ජොබ් ටිකටත් තට්ටු කරනවා.ඔය ආමි කොල්ලෝ ඉන්න ෆෝටෝ අයින් කරපන්.


un denna unge reporting officer danuwath karala awasara aran nam loku awlak wenne nathi wei. eth un nathi photo danna thibba.
hugak welawata camp eka athule bonnath puluwan pitin gihilla special powers tiyena ayata. mokada camp eka athule sivil nithiya na. hamuda nithiya thiyenne . mamath ohoma set wela thiyenawa mage cusin iddi. meka baladdi porawa mathak una
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03533 seconds with 9 queries