ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Motorcycles > Bike Reviews and DIY Guides
Reload this Page HONDA DIO සහ PLATINA125
Reply
 
Thread Tools
(#1)
Old
kat4ever's Avatar
kat4ever kat4ever is offline
Senior Member
kat4ever is a glorious beacon of lightkat4ever is a glorious beacon of lightkat4ever is a glorious beacon of lightkat4ever is a glorious beacon of lightkat4ever is a glorious beacon of lightkat4ever is a glorious beacon of lightkat4ever is a glorious beacon of lightkat4ever is a glorious beacon of lightkat4ever is a glorious beacon of lightkat4ever is a glorious beacon of lightkat4ever is a glorious beacon of light
 
Posts: 1,277
Join Date: Jun 2007
HONDA DIO සහ PLATINA125 - 09-14-2015, 11:27 PM

ඉතින් ඔන්න මම එලකිරියෙනුත් විස්තර අහල HONDA ඩියෝ එකක් ගත්තා. මගේ අත්දැකීම ගැන පොඩි ත්‍රෙඩ් එකක් දැම්මොත් බයික් හරි ස්කූටර් හරි ගන්න හිතන කෙනෙක්ට වැදගත් වෙයි කියල හිතුනා. බයික් කාපර්ලා ඉතින් ස්කූටර් කිව්වොත් ඉතින් මොකක්ද #$%# කියලා තමයි පටන් ගන්නේ. බයික් එකක් හරි ස්කූටර් එකක් හරි ගන්න කෙනා ඒක තමන්ගේ අවශ්‍යතාව ගැන හිතල ගත්තොත් හොඳයි කියලයි මම නම් කියන්නේ.

මම 2009 ඉදන් 2014 වෙනකම් යූස් කලේ ප්ලටිනා 125 බයික් එකක්. ඒක තමයි මගේ මුල්ම බයික් එක. ඒක විකිණුවා ජපන් යද්දී. ආයෙත් ආවම මොකක්ද ගන්නේ හිතල දැන් මාස එකහමාරකට විතර කලින් honda ඩියෝ එකක් ගත්තා. ඉතින් මගේ බයික් දැනුම ඔච්චරයි. ඔය ටිකෙන් තමයි සංසන්දනය කරන්නේ.

ප්ලටිනා එක ගන්න හේතු:
1.සෙල්ෆ් ස්ටාට්,
2.ඇලොවීල්,
3.පෙට්‍රල් හොඳින් වැඩකරන එක 60-68 KMPL
4.දැරිය හැකි මිල.
ප්ලටිනා එකේ අවාසි:
1. ගියර් පහක් තියෙන ප්ලටිනා එකේ 4 වෙනි ගියර් එක හරියට වැටෙන්නේ නැහැ. සමහර වෙලාවට 4 වෙනි ගියර් එකේ යද්දී අක්සලරේට් කරද්දී එක පාරට නිව්ට්‍රල් උනා වගේ වෙනවා(නිව්ට්‍රල් තියෙද්දී රේස් කලා වගේ.). බ්‍රෑන්ඩ් නිව් ගත්තු බයික් එකේ මුල ඉදලම ඔය ලෙඩේ තිබ්බ. සර්විස් කලාම හරියයි හිතුවා. ඒත් නැහැ. සර්විස් සෙන්ටර් එකේ කොල්ල කිව්වා ප්ලටිනා එකේ ඔහොම අවුලක් තියෙනවා කියල
2.රේන් කෝට් එක දාන්න පෙට්‍රල් ටැංකියට උඩින් කවර් එක සෙට් කලාම කැතයි.
ඩියෝ එක ගන්න හේතු:
1.සෙල්ෆ් ස්ටාට්,
2.ඇලොවීල් ද මන්දා. කොහොමහරි ස්පෝක් නෙමෙයි.
3.පෙට්‍රල් වැඩකරන එක 43-48 KMPL
4.දැරිය හැකි මිල(ප්ලටිනා එකට වැඩිය නම් ගණන්)
5.සීට් එක යට ලොක් කරන්න පුළුවන් කැබින් එක(මගේ ආසම ෆීචර් එක) .මේක තමයි මට වැඩිම ප්‍රයෝජන වෙන දේ.හෙල්මට් එක, ජැකට් එක, රේන් කෝට් එක මේකේ ඔබල ලොක් කරලා ගියාට පස්සේ එද්දී උස්සල තියෙයිද කියල පපුවේ ගින්දරේ ඉන්න ඕනෙත් නෑ. යන යන හැම තැනම හෙල්මට් උස්සන් යන්නත් වදේ. අනික ප්‍රයිවට් ටියුෂන් කරද්දී ටියුෂන් පොත් එහෙමත් මේකේ දාගෙන ගියහැකි කරදරයක් නැතිව. ටියුෂන් ගෙදරකින් ජම්බු මල්ලක්, රඹුටන් කාලෙට රඹුටන් මල්ලක් එහෙම ලැබුනම ඒකත් කැබින් එකේ දාල අනිත් ටියුෂන් එකට ගියහැකි.(නැත්නම් අනික් ටියුෂන් එකේ පොඩි එවුන්ටත් දෙන්න වෙනවනේ)
6. ඔටෝ ට්‍රාන්ස්මිෂන්(ක්ලච් නෑ, ගියර් නෑ)
හරි සරලයි. ට්‍රැෆික් වල හිට හිට යන්න උනාම (අස්සෙන් අස්සෙන් රිංග රිංග යන එකෙත් සීමාවක් තියෙන වෙලාවල් තියෙනවා සමහර පාරවල් වල) සැරින් සැරේ ගියර් මාරු කරන එක දවසම එහෙ මෙහෙ යනකොට හරිම අපහසුවක්. ඩියෝ එකේ ඒ ගැන පොඩ්ඩක්වත් වද වෙන්න දෙයක් නැහැ.මොකද ස්කූටර් ඔක්කොගෙම වගේ මේකෙත් ගියර් මාරු කරන්න ඕනේ නැහැ.
7.ෆෝන් චාජර් එකක් කැබින් එකට සෙට් කරගන්න පුළුවන්කම
මේකත් කැබින් එකක් තියෙන එකේම තව වාසියක්. හදිස්සියේ ගෙදරින් එලියට බහින කොට ෆෝන් එකේ බැටරි හිදෙන්නම බැහැල නම් බයික් එකේ කැබින් එකේ චාජ් වෙන්න දාලා ගමන ගිහින් ඒ තැනකදී ගත්තම කෝල් එකක් ගන්න පුළුවන් ගානට චාජ් වෙලා. කැබින් එක ලොක් නිසා උස්සයි කියල අවුලකුත් නෑනේ.
8. හාල් ගෝනියක් , ගෑස් සිලින්ඩරයක් වගේ දෙයක් කෙලින් අතටම ඉස්සරහින් තියාගෙන යන්න පුළුවන් කම නිසා ගැටගන්න රබර් කේබල් ගන්න ඕනේ නැහැ.
9.වැස්සකදී රේන් කෝට් එක ඉස්සරහ පෙට්‍රල් ටැංකියට වදින්නේ නැති නිසා කලිසන් ගලවන රේන් කෝට් ( පිට ගෙදරකට ගිහින් ගලවන්න නිකන් මොකක්ද වගේ එව්වා) එකක් නැතිව ටිකක් දිග රේන් කෝට් එකකින් නොතෙමී යන්න පුළුවන් වීම.
10. මං වගේ දරු පවුල් කාරයන්ගේ වයිපර්ලාටත් හදිසියකට ගමනක් බිමනක් යන්න පුළුවන් වීම.
11.ක්ෂණිකව පිකප් වීම. (ප්ලටිනා එකට සාපේක්ෂව)


මේවා තමයි ඩියෝ එකේ වාසි විදිහට මම දකින්නේ. අවාසි තමයි කොල්ලෙක් උනාම බයික් එකක පොර වගේ යන ආතල් එක කුඩු වීම. . හැබැයි ඉතින් ප්‍රයෝජනය අතින් නම් ඩියෝ එක ප්ලටිනා එකට වැඩිය මට සැහෙන්න වටිනවා. හොනට්, යමහා tw වගේ එව්වට කවුරුත් ආසයි. සාමාන්‍ය මධ්‍යම පාන්තික අපි එව්වා අරන් පවුල් නඩත්තු කරන්න ආදායමක් හොයන්නේ කොහොමෙයි බන්.

ඉතින් අවසන් නිගමනය විදිහට මම යෝජනා කරනවා
*ෆන් එක නම් මූලික අවශ්‍යතාව හොනට්,යමහා tw ...වගේ තව හොඳ ඒවා ඇතිනේ.අන්න එකක්.
*වැඩට උදේ හවස යන්න එන්න නම් පල්සර්,ප්ලටිනා,ඩිස්කවර් ටයිප් එකේ එකක්.
*ඉහත මම කියපු ප්‍රයෝජන ඕනේ නම් honda ඩියෝ එකක්


ලිපියේ වැදගත් කරුණු අවසානයි.
දැන් ඉතින් සුපුරුදු රෙප් හිඟාකෑම:

Last edited by kat4ever; 09-14-2015 at 11:32 PM.
Reply With Quote
(#2)
Old
tharakato's Avatar
tharakato tharakato is offline
Senior Member
tharakato is a glorious beacon of lighttharakato is a glorious beacon of lighttharakato is a glorious beacon of lighttharakato is a glorious beacon of lighttharakato is a glorious beacon of lighttharakato is a glorious beacon of lighttharakato is a glorious beacon of lighttharakato is a glorious beacon of lighttharakato is a glorious beacon of lighttharakato is a glorious beacon of lighttharakato is a glorious beacon of light
 
Posts: 10,867
Join Date: Jul 2007
Location: Sri Lanka
09-14-2015, 11:42 PM

මට නම් ඔය scooter අල්ලනෙම නැති ජාතියක්. එත් scooter එකට කැමති අය ඉන්නවා. තමන්ගේ කැමැත්තනේ.
Reply With Quote
(#3)
Old
mano3989's Avatar
mano3989 mano3989 is offline
Senior Member
mano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to all
 
Posts: 9,474
Join Date: Mar 2011
09-14-2015, 11:52 PM

ubage awashyathawa anuwa dio eka galapenawa
eth matanam indian scooter dirawanne naha
honda pcx ekanam maru
Reply With Quote
(#4)
Old
Sachira123's Avatar
Sachira123 Sachira123 is offline
Senior Member
Sachira123 is a glorious beacon of lightSachira123 is a glorious beacon of lightSachira123 is a glorious beacon of lightSachira123 is a glorious beacon of lightSachira123 is a glorious beacon of lightSachira123 is a glorious beacon of lightSachira123 is a glorious beacon of lightSachira123 is a glorious beacon of lightSachira123 is a glorious beacon of lightSachira123 is a glorious beacon of lightSachira123 is a glorious beacon of light
 
Posts: 2,484
Join Date: Jun 2015
Location: Capital of Sri Lanka
Love 09-14-2015, 11:53 PM

රෙප් ++
Reply With Quote
(#5)
Old
මම බෙනා's Avatar
මම බෙනා මම බෙනා is offline
Senior Member
මම බෙනා is a name known to allමම බෙනා is a name known to allමම බෙනා is a name known to allමම බෙනා is a name known to allමම බෙනා is a name known to allමම බෙනා is a name known to allමම බෙනා is a name known to allමම බෙනා is a name known to allමම බෙනා is a name known to allමම බෙනා is a name known to allමම බෙනා is a name known to all
 
Posts: 5,864
Join Date: Sep 2012
Location: ලංකාවේ
09-14-2015, 11:55 PM

Maxxa...
ko photos
Reply With Quote
(#6)
Old
dickensian's Avatar
dickensian dickensian is offline
Senior Member
dickensian is just really nicedickensian is just really nicedickensian is just really nicedickensian is just really nicedickensian is just really nicedickensian is just really nicedickensian is just really nice
 
Posts: 2,033
Join Date: Sep 2015
Location: ǝpɐɥsʇɥƃᴉu ɟo ʇɔɐɹʇ ɐ uᴉ
09-15-2015, 12:04 AM

it seems like you are having a contentment about your bike..
so then its good.. no offence..

Last edited by dickensian; 09-15-2015 at 12:05 AM.
Reply With Quote
(#7)
Old
polwattacom's Avatar
polwattacom polwattacom is offline
Senior Member
polwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to all
 
Posts: 6,085
Join Date: Jul 2008
Location: USA
09-15-2015, 12:20 AM

ඔන්න රෙප් දුන්න..
Reply With Quote
(#8)
Old
Silly point's Avatar
Silly point Silly point is offline
Senior Member
Silly point is a name known to allSilly point is a name known to allSilly point is a name known to allSilly point is a name known to allSilly point is a name known to allSilly point is a name known to allSilly point is a name known to allSilly point is a name known to allSilly point is a name known to allSilly point is a name known to allSilly point is a name known to all
 
Posts: 15,136
Join Date: Apr 2011
09-15-2015, 12:30 AM

sira kathawa...
Reply With Quote
(#9)
Old
ruwanjrc's Avatar
ruwanjrc ruwanjrc is offline
Senior Member
ruwanjrc is a name known to allruwanjrc is a name known to allruwanjrc is a name known to allruwanjrc is a name known to allruwanjrc is a name known to allruwanjrc is a name known to allruwanjrc is a name known to allruwanjrc is a name known to allruwanjrc is a name known to allruwanjrc is a name known to allruwanjrc is a name known to all
 
Posts: 23,876
Join Date: Sep 2010
Location: කෙහෙල් ගහේ
Send a message via Yahoo to ruwanjrc
09-15-2015, 12:37 AM

maath asa bike ekk bn,,
Reply With Quote
(#10)
Old
cedric1986's Avatar
cedric1986 cedric1986 is offline
Senior Member
cedric1986 is a glorious beacon of lightcedric1986 is a glorious beacon of lightcedric1986 is a glorious beacon of lightcedric1986 is a glorious beacon of lightcedric1986 is a glorious beacon of lightcedric1986 is a glorious beacon of lightcedric1986 is a glorious beacon of lightcedric1986 is a glorious beacon of lightcedric1986 is a glorious beacon of lightcedric1986 is a glorious beacon of lightcedric1986 is a glorious beacon of light
 
Posts: 20,100
Join Date: Apr 2012
Send a message via Skype™ to cedric1986
09-15-2015, 12:44 AM

උබ ආසනන් එච්චරයි...අනික් උන් හිතන දෙයින් වැඩක් නෑ....
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04793 seconds with 9 queries