ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page එලකිරි අම්මිල තාත්තිලට/මමි/ඩැඩිලට/ අප්පච්
Reply
 
Thread Tools
(#1)
Old
hichchiputha's Avatar
hichchiputha hichchiputha is offline
Senior Member
hichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud of
 
Posts: 18,680
Join Date: Jan 2018
Location: වොන්ඩර් ලැන්ඩ්
Up එලකිරි අම්මිල තාත්තිලට/මමි/ඩැඩිලට/ අප්පච් - 01-20-2020, 05:57 PM

මේ වෙද්දි අලුත් පාසල් වාරය ආරම්භ වෙලයි තියෙන්නෙ.ඒ විතරක් නෙවෙයි මුලින්ම පලමු වසරට යන අපේ පොඩිත්තෝ හා හා පුරා කියලා මේ වෙනකොට පාසල් යන්නත් පටන් අරගෙන.

දරුවෙක් එක වසරට ඇතුලත් කරනකොට අපේ අම්මලා තාත්තලාගේ හිත් වල මහ මෙරක් තරම් බලාපොරොත්තු පිරිලා තියෙනවනෙ.රටට වැඩදායක ගුණ යහමින් පිරිපුන් දරුවෙක් මේ සමාජයට එකතු කිරීම තමයි මේ හැමෝගෙම හිත්වල තියෙන ප්‍රධානතම බලාපොරොත්තුව.

පොඩි කාලේ ඉඳලම දරුවන්ට හොඳ පුරුදු කියලා දෙන එක ,හොද දෙමවුපියන්ගේ හොඳ වගකීම.

ඉතිං..අද අපි ඔයාට කියන්නේ ඔයාගේ පුංචි දුවට පුතාට වගේම ඔයාටත් ගොඩක් වැදගත්වන කරුණු කිහිපයක්.

1.පාසල ලෝකයේ හොඳම තැන කියලා දරුවට ඒත්තු ගන්වන්න

එහෙම වුනාම ඔයාගෙ දරුවත් පාසලට ගොඩක් ආදරය කරන්න පටන් ගනීවි.මොකද නිවස හැරුනම දවසේ වැඩි කාලයක් දරුවා ගත කරන්නේ පාසලෙනෙ.ඉතිං..ඒ නිසා ඒ කාලය හිතේ සතුටින් විනෝදයෙන් ගත කරන්න තියෙනවනම් එය දරුවගේ මනසට ගොඩක් හොඳ දෙයක්.

ඒ විතරක් නෙවෙයි ,හැමදාම අකුරට යන්න වගේම පාසලේ දෙන වැඩ කටයුතු ටික එදා දවසෙම කරලා ඉවර කරන්නත් ඒ අය උනන්දු වේවි.

2.දරුවත් එක්ක අත් දැකීම් බෙදා ගන්න

මේ ලිපිය කියවන ඔයාට, ඔයා මුලින්ම එක වසරට ගිය දවස මතකද..

පාසලේ අයියලා අක්කලා ඔයාව ආදරෙන් පිලිගත්ත හැටි..අම්මා හෝ තාත්තා ඔයාව පාසලේ තියලා එද්දි ඔයා අඬපු හැටි..මුලින්ම සුදු පාට ඇඳුමක් ඇඳගෙන බෑග් එකත් කරේ එල්ලගෙන, වතුර බෝතලෙත් අරගෙන ඔයා පාසල් ගිය හැටි තවමත් ඔයාගෙ මතකයේ තියේවි.මේ දේවල් ඔයාගේ දරුවත් එක්ක බෙදා හදාගන්න.කාලය වෙනස් වෙලා..ඒක ඇත්ත.ඒත් ඒ අත්දැකීම් වල මිහිරියාව තවමත් ජීව්තයට සුන්දරත්වයක් ගෙනේවි.

3.දරුවට ඉලක්කයක් දෙන්න

අපි ගමනක් යන්න පටන් ගත්තත් ගමන ඉවර කරන්න ඕනෙ කොහෙද කියන එක අපි දන්නවනෙ.වැඩක් පටන් ගත්තත් එහෙමයි.ඒ වැඩේ ඉවර කරන්න ඕනේ විදිහ අපේ හිතේ තියෙනවා. ඉතිං දවස පටන් ගත්තත් එහෙමයි .එදා දවසේ අපි කරන්න ඕනේ මොනවද කියන එක අපේ හිතේ තියෙනවා.

මේ දේ ඔයාගේ පොඩ්ඩටත් කියලා දෙන්න.ලොකු ලොකු ඉලක්ක නෙවෙයි.එයාට පුංචි පුංචි ඉලක්ක දෙන්න.ඒ වගේම ඒ ඉලක්ක එයාට ලඟා කරගන්න පුලුවන් ඒවා වන තරමටම ගොඩක් හොඳයි.

ඒ හැම වෙලාවකදිම ඔයා එයත් එක්ක ඉන්නවා කියන එකත් එයාට අඟවන්න අමතක කරන්න එපා.

4.පුංචි පුංචි දේ අගයන්න

දරුවා පාසලෙදි සිදු කරන පොඩි පොඩි හොඳ දේවල් පවා නිතරම අගයන්න.මොකද එහෙම වුනාම හොඬ වැඩ කරන්න එයාට ඒක උත්තේජනයක් වේවි. ඒ වගේම කිසිම වෙලාවක අනිත් අයත් එක්ක දරුවා සංසන්දනය කරන්න යන්න එපා.එහෙම වුනාම මේ වයසෙදිම දරුවගෙ හිතට තරඟකාරීත්වය එක්ක තරහව කෙන්තිය වගේ දේවල් එන්න පුලුවන්.

5.හොඳ පුරුදු නිතරම කියා දී උනන්දු කරවන්න

අපේ අම්මලා තාත්තලා පොඩි කාලේදීම අපිට හොඳ පුරුදු කියලා දුන්නා ඔබට මතක ඇති.ඔබත් ඒ වගේ හොඳ පුරුදු දරුවට කියලා දෙන්න. පොඩි කාලෙදී අපේ ජීව්තවලට ඇතුලත් කරගන්න හොඳ පුරුදු ,සමහර වෙලාවට අපේ ජීවිත කාලයෙදිම අපිට ප්‍රයෝජනවත් වෙනවා.

ඉතිරි කිරීම කියන්නෙ ඒ වගේ ගොඩක් වටිනා හොඳ පුරුද්දක්.එක වසරට ඇතුලත් වුන ඔයාගෙ දරුවා වෙනුවෙන් බැංකු ගිණුමක් ආරම්භ කරලා ඉතිරි කරන්න දරුවාව හුරු කරවන්න. ඒක ඒ අයගේ ජීව්ත කාලයටම වටින කියන දෙයක් වේවි.

සාමාන්‍යයෙන් අපේ පොඩිත්තෝ අතර වගේම දෙමවුපියො අතරත් ජනප්‍රියතම බැංකු ගිණුම තමයි සෙලාන් ටිකිරි ළමා ගිණුම කියන්නේ. මොකද වෙනත් ගිණුම් එක්ක සසඳද්දී සෙලාන් ටිකිරි ගිණුමෙන් දරුවන්ට නිතරම වගේ තෑගි භෝග ලැබෙනවනෙ. මේ දිනවලත් හරි අපූරු වටිනා කියන තෑගි භෝග ඔන්න ඔයාගේ දුවට පුතාටත් ටිකිරි ගිණුමෙන් ලබා ගන්න පුලුවන්.

රුපියල් 5000 ක මුදලක් තැන්පත් කරලා අලුතෙන් ගිණුමක් පටන් ගද්දී හෝ දැනටමත් තියෙන ගිණුමකට අලුතෙන් රුපියල් 5000 ක් එකතු කරද්දී වටිනා කියන අධ්‍යාපනික උපකරණ කට්ටලයක් අපේ පොඩිත්තන්ට ලැබෙනවා. තැන්පත් කරන මුදල රුපියල් 25,000 ක් නම් බොහොම ලස්සන හුරු බුහුටි "ටිකිරි චෑම්ප් "බෑග් එකක් පොඩ්ඩන්ට හිමි වෙනවා.

මේ මුදල රුපියල් ලක්ෂයක් නම් ඔබේ දරුවාට වටිනා කියන "තෑගි කට්ටලයක්" ටිකිරි ගිණුමෙන් ලැබෙන අතර තවත් බොහොමයක් තෑගි භෝග දිනාගන්නත් පුලුවන්. පලමු වසරට යන ඔයාගේ දුව පුතා වෙනුවෙන් අලුතෙන් සෙලාන් ටිකිරි ගිණුමක් පටන් ගන්නකොට තවත් සුන්දර මතකයක් ඒ අයගේ ජිවිතයට එකතු වෙනවා.

කවදා හරි දැනුම් තේරුම් ඇති වයසට ඒ අය එනකොට තමන් මුලින්ම පලමු වසරට ඇතුලත් වුන මතකයත් ටිකිරි ගිණුම එක්කම අලුත් වෙනවා. ඉතිං..නව වසරේ ජීව්තයේ නව පිටුවක් පෙරලන ඔයාගේ පොඩ්ඩට අපි මේ කියපු කරුණු කියලා දෙන්නත් අමතක කරන්න එපා.

Reply With Quote
(#2)
Old
HKavinda's Avatar
HKavinda HKavinda is offline
Senior Member
HKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond repute
 
Posts: 47,280
Join Date: Dec 2013
Location: ᙎᙍSᖶනාහිර
01-20-2020, 06:30 PM

බම්පි
Reply With Quote
(#3)
Old
amilapunk's Avatar
amilapunk amilapunk is offline
Senior Member
amilapunk is a glorious beacon of lightamilapunk is a glorious beacon of lightamilapunk is a glorious beacon of lightamilapunk is a glorious beacon of lightamilapunk is a glorious beacon of lightamilapunk is a glorious beacon of lightamilapunk is a glorious beacon of lightamilapunk is a glorious beacon of lightamilapunk is a glorious beacon of lightamilapunk is a glorious beacon of lightamilapunk is a glorious beacon of light
 
Posts: 2,349
Join Date: Apr 2012
Location: අවංක හිත් අසළ.......
Send a message via Skype™ to amilapunk
01-20-2020, 06:43 PM

අංක 03 සදහා උදාහරණ ටිකක් කියපංකෝ බලන්න..
Reply With Quote
(#4)
Old
TWishwadeepa's Avatar
TWishwadeepa TWishwadeepa is offline
Senior Member
TWishwadeepa is just really niceTWishwadeepa is just really niceTWishwadeepa is just really niceTWishwadeepa is just really niceTWishwadeepa is just really niceTWishwadeepa is just really niceTWishwadeepa is just really niceTWishwadeepa is just really niceTWishwadeepa is just really niceTWishwadeepa is just really nice
 
Posts: 454
Join Date: Jul 2018
01-20-2020, 06:44 PM

Bump
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02772 seconds with 11 queries