ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page කෘතිම බුද්ධියට පින් පව් වෙනවද?
Reply
 
Thread Tools
(#21)
Old
upulpdn's Avatar
upulpdn upulpdn is offline
Senior Member
upulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to behold
 
Posts: 26,620
Join Date: Mar 2009
Location: Kurunegala
03-04-2017, 01:35 PM

Quote:
Originally Posted by ruchira55 View Post
මේක තමයි උත්තරය.

බුද්ධ දේශනාවේ කියවෙන්නේ ජීවියෙක් ගැන. කෘතිම බුද්ධියක විඥ්ඥානයක් නෑ. කර්ම විෂය කියන්නේ බුද්ධ විෂයක්. සාමාන්‍ය කෙනෙකුට ප්‍රත්‍ය වෙන්නේ නෑ. ඒවා ගැන කතා කරන්න අපිට පුළුවන් කමකුත් නෑ.
Reply With Quote
(#22)
Old
රත්තරං's Avatar
රත්තරං රත්තරං is offline
Senior Member
රත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud of
 
Posts: 23,228
Join Date: Feb 2012
Location: සිංහලයේ
03-04-2017, 01:38 PM

Quote:
Originally Posted by ruchira55 View Post
මේක තමයි උත්තරය.

බුද්ධ දේශනාවේ කියවෙන්නේ ජීවියෙක් ගැන. කෘතිම බුද්ධියක විඥ්ඥානයක් නෑ. කර්ම විෂය කියන්නේ බුද්ධ විෂයක්. සාමාන්‍ය කෙනෙකුට ප්‍රත්‍ය වෙන්නේ නෑ. ඒවා ගැන කතා කරන්න අපිට පුළුවන් කමකුත් නෑ.
උදාහරනෙකට කන්දක් නාය ගිහින් 100ක් මිනිස්සු මැරුනොත් කන්දට පව් නෑ
Reply With Quote
(#23)
Old
DragonD's Avatar
DragonD DragonD is offline
Senior Member
DragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of light
 
Posts: 3,416
Join Date: Nov 2008
Location: 37.235065, -115.811117
03-04-2017, 01:40 PM

Quote:
Originally Posted by ruchira55 View Post
මේක තමයි උත්තරය.

බුද්ධ දේශනාවේ කියවෙන්නේ ජීවියෙක් ගැන. කෘතිම බුද්ධියක විඥ්ඥානයක් නෑ. කර්ම විෂය කියන්නේ බුද්ධ විෂයක්. සාමාන්‍ය කෙනෙකුට ප්‍රත්‍ය වෙන්නේ නෑ. ඒවා ගැන කතා කරන්න අපිට පුළුවන් කමකුත් නෑ.
ප්‍රත්‍ය වෙන්නෙ නෑ ඒ නිසා පිලිගන්න කියන්න බෑ, එතකොට අන්ඳ භක්තිය
ප්‍රත්‍ය කරගන්න ඔනි, නැතුව පිලිගන්න එපා කියල නේද කියල තියෙන්නෙ කවුරුත් කිව්වට හෝ කියෙව්වට
විඥ්ඥානය කියන්නෙ සිතනෙ, සිත කෘතිමව නිර්මානය උන කාලෙක ( සිත කියන්නෙ මොලයට )
විඥ්ඥානය කියන්නෙ සිත නෙමේ නම් එහෙම එකක් තියෙ කියල ඔප්පු කරන්න, මම කියන්නෙ එහෙම වෙනම එකක් නෑ කියල
කවුරු හරි තියෙ කියනව නම් එක ඔප්පු කරන්න ( විද්‍යාත්මකව නෙමේ , ලොජිකලි වත් ) පුලුවන් වෙන්න එපෙයෙ
නෑ කියල ඔප්පු කරන්න කියන්න එපා, මට අඟහරු වටෙ කැරකෙම තේ පෝච්චියක් නෑ කියල ඔප්පු කරන්න බෑනෙ, හැබැයි ඔයා එහෙම එකක් තියෙනවා කියනවා නම් තියෙනවා කියල ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕනි
Reply With Quote
(#24)
Old
sidathsaumya sidathsaumya is offline
Senior Member
sidathsaumya is a name known to allsidathsaumya is a name known to allsidathsaumya is a name known to allsidathsaumya is a name known to allsidathsaumya is a name known to allsidathsaumya is a name known to allsidathsaumya is a name known to allsidathsaumya is a name known to allsidathsaumya is a name known to allsidathsaumya is a name known to allsidathsaumya is a name known to all
 
Posts: 22,843
Join Date: Jun 2009
Location: Seeduwa
Send a message via Yahoo to sidathsaumya
03-04-2017, 01:43 PM

bp
Reply With Quote
(#25)
Old
DragonD's Avatar
DragonD DragonD is offline
Senior Member
DragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of light
 
Posts: 3,416
Join Date: Nov 2008
Location: 37.235065, -115.811117
03-04-2017, 01:43 PM

Quote:
Originally Posted by රත්තරං View Post
උදාහරනෙකට කන්දක් නාය ගිහින් 100ක් මිනිස්සු මැරුනොත් කන්දට පව් නෑ
කන්දට සිතා මතා තීරන ගන්න බෑනෙ
මන් කියන්නෙ සිතා මතා ( සෙල්ෆ් ලනින් මගින් ඉගෙන ගත්ත, කවුරුත් මේක නිසා මේක වෙන්න කිව්ව එකක් නෙමේ ) වැඩ කරන කෘතිම බුද්ධියක් ( අල්මෝස්ට් හියුමන් ලයික් ) දෙයක් කලොත් එතන වෙන සිද්දිය?

මිනිහෙක් වගේම දියුනු තත්වෙක ආවම, හෙට අනිද්ද නෙමේ තව අවුරුදු 50කින් කියමුකො ( 10 කින් මොන තරම් වෙනස් කම් උනාද කියන එක අය්ඩියා කරගෙන හිතන්න )
Reply With Quote
(#26)
Old
WhiteWalker's Avatar
WhiteWalker WhiteWalker is offline
Senior Member
WhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to all
 
Posts: 16,962
Join Date: Sep 2015
Location: North
03-04-2017, 01:44 PM

ඔව් එදිනෙදා ජීවිතේ වෙන ගොඩක් දේවල් මොලෙන් පැහැදිලි කලෑකි තමා මතකය තියෙන්නෙ මොලේ ඒත් හිත කියන්නෙ මොලයක් නෙමේ. හිතේ වෙන දේවල් වලට අනුව මොලේ වෙනස්කම් වෙනව ඉතිං විද්‍යාවෙන් (බටහිර කියන්න එපා කිව්ව හින්ද කිව්වෙ නෑ ) වෙන දේවල් මොලේට සම්බන්ධ කරනව. මේව එකක්වත් සෘජු ප්‍රත්‍යක්ශ නෙමේ. උදා: සතෙක් මරන්න හිතෙන වෙලාවක් ගන්න විද්‍යාවෙන් කරන්නෙ එහෙම හිතෙන වෙලාවෙ මොලේ වෙන වෙනස්කම් ටික වෙනම නිරීක්ශණය කල්ල තව සිය දහස් ගාණකගෙත් ඒ වගේම මොලේ වෙනස්කම් වෙනවද කියල බලල එහෙම එක සමාන ලඟින් යන වෙනස්කම් වෙනවනං මොලේ මේ කොටසට මෙහෙම වුනාම තමා සතෙක් මරන්න හිතෙන්නෙ කියල ප්‍රවාදය නිර්මාණය කරන එක. නැතුව කිසිම විද්‍යාඥයෙක් මේ මේ කොටසෙ වෙන මේ මේ වෙනස්කම් නිසාමයි සතා මරන්න හිතුනෙ කියල ප්‍රත්‍යක්ශ වශයෙන් දැනගත්තෙ නෑ. ඉතිං මොලයේ ක්‍රියාකාරීත්වය කියන්නෙ අපේ චර්යාවන් මතකයන් හැඟීම් පැහැදිලි කරන්න පුලුවන් ප්‍රවාදයක් විතරයි. අපේ චර්යාවල හැඟීම් වල මතකයන් වල වෙනස් කම් එක්ක මොලේ වෙන වෙනස්කම් දහස් ගානකගෙ නිරීක්ශණය කල්ල ඒව මොලේ වෙනස්වීම නිසාමයි වෙන්නෙ කියල පැහැදිලි කරනව. ඒත් මොලෙන් කර්මය කර්මඵලය පැහැදිලි කරන්න බෑ. කර්මය විද්‍යාත්මකව සනාථ කරන්න බැරි නිසා (යම් තාක් දුරකට පැවතිය හැකියි කියල පෙන්නුවත්) මොලේ කියන ප්‍රවාදය අසාර්ථක වෙන තැනක් විද්‍යාවට හොයාගන්න බෑ. කර්මයක් සිද්ද වෙන්න චේතනාවක් පහල වෙන්න ඕනෙ. චේතනා පහල වෙන්න මූලික වෙන්නෙ හිත මිසක් මොලය නෙමේ. ඉතිං කෘතිම බුද්ධියකට හිතක් තියෙනවද නැද්ද කියන එක මතයි ඒකට පව් සිද්ද වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නෙ. ඉතිං ලොකුම ප්‍රශ්නෙ කෘතිම බුද්ධියකට හිතක් තියෙයිද කියන එක.

අනික බුද්ධාගමේ කොහෙවත් කියල නෑ ජීවියෙක් (විද්‍යාවෙ කියන ජීවිය නෙමේ විද්‍යාවට ගසුත් ජීවීන් බුද්ධාගමට ගස් ජීවීන් නෙමේ) ඇතිවෙන්න මව පියා එකතු වීම අනිවාර්යයි කියල. එහෙම වෙන්නෙ බිත්තරේකිං හෝ ගර්භාශෙක ඇතිවෙන ජීවියෙක්ට විතරයි. මවක් පියෙක් නැතුව ඕපපාතිකව බිහිවෙන ජීවීන් බුද්ධාගමේ ඉන්නව දෙවියො බ්‍රහ්මයො ප්‍රේතයො වගේ. තව සංසේදජ කියල ක්‍රමේකටත් ජීවීන් බිහිවෙන්න පුලුවන්. එතකොට ප්‍රෝග්‍රෑම් කල්ල හදන කෘතිම බුද්ධිය බුදු දහමේ හැටියට ජීවියෙක් වුනොත් (හිතක් ඇතිවුනොත්) බොහෝ විට ඌ අයිති වෙන්නෙ සංසේදජ කියන වර්ගෙට.

බුද්ධාගමේ ආත්මයක් නෑ ඒ වුනාට සම්මුති වශයෙන් භාවිතයේ පහසුව තකා ඇතිවෙමින් පවතිමින් නැතිවෙමින් යන චිත්තක්ශන පරම්පරාවට ආත්මය කියල ව්‍යවහාර කරමුකො. මිනිස්සු මැරුනත් මේ ආත්මය ඉතුරු වෙනව. ඒක තමා අපි ආයෙ ගිහිං ඉපදෙන්නෙ අපිට කර්මය පල දෙන්නෙ අපි කර්ම කරන්නෙ. ඉතිං මේ ආත්මෙකට ඇවිත් හේත්තු වෙන්න ඕනෙ අවශ්‍යතා කෘතිම බුද්ධීයෙන් ඇති කරන කෘතිම consciousness එක තෘප්ත කලොත් කෘතිම බුද්ධියටත් ආත්මයක් ආවෑකි. එතකොට ඒකට කලින් කරපු කර්ම බලපායි ඌ කරන දේවල් වලිං කර්ම රැස් කරයි. එහෙම එන්න අවශ්‍යතා සැපිරුවෙ නැත්තං ඒක නිකංම උගෙ තියෙන කෘතිම ගණනය කිරීම් වලිං ගන්න තීරණයක් නිසා සිද්ධ වෙච්ච තවත් එක සිදුවීමක් විතරයි. ස්වභාවික උදාහරෙණකට අපි සතෙක් මැරුවොත් අපි කර්මය රැස් කරනව ඒක් බාඳුරා මලක් සත්තු මැරුවට ඒකට කර්මයක් සිද්ද වෙන්නෑ ආත්මයක් නැති නිසා. ඒක නිකංම ඒ ගහේ තීරණ ගන්න හැදිල තියෙන පද්දතියෙන් කරන නිකංම නිකං ක්‍රියාවක් විතරයි.

ඊලඟ ලොකුම ප්‍රශ්නෙ කොහොමද කෘතිම බුද්ධිය කර්ම රැස් කරනවද නැද්ද කියල දැනගන්නෙ කියන එක. ඒක ඉතිං විද්‍යාවට (බටහිර කියන්න එපා කිව්ව නිසා කිව්වෙ නෑ ) දැනගන්න ක්‍රමයක් නෑ. කර්මය කියන්නෙ විද්‍යාවෙ ගුරුත්වාකර්ශනය අරක මේක වගේ කරපුවට පලදෙන එක තීරණය කරන්න බුදුන් වහන්සේ හෝ ඊටත් පෙර කර්මය ගැන දේශනා කරපු අනික් ශාස්තෘවරු හදපු ප්‍රවාදයක් නෙමේ. ඒ සංස්කෘතීන් වලයි අද බටහිර සංස්කෘතියෙයි දැනුම නිර්මාණය කලේ ක්‍රම දෙකකට. බටහිර කරන්නෙ ප්‍රවාදයක් හදල ඒකෙන් ස්වභාවිකව වෙන සංසිද්ධි පැහැදිලි කල හැකිද බලල ඒකෙන් දිගටම අලුත් ඊට වඩා හොඳ එකක් හදනකං සිදුවීම් පුරෝකථනය කිරීම. බුද්ධ කාලීන හා ඊට පෙර පෙරදිග දැනුම හැදුවෙ කෙලින්ම සෘජු ප්‍රත්‍යක්ශ වලිං. ඇස් පේන කෙනාට ඇස් නොපෙනෙන කෙනාට ගෝචර කරගන්න බැරි පාට වගේ කන් ඇහෙන කෙනාට කන් නෑහෙන කෙනාට ගෝචර කරගන්න බැරි ශබ්දය වගේ මනස දියුණු කල කෙනාට මනස දියුණු නොකල කෙනාට ගෝචර නොවෙන කර්මය කර්මඵලය වගේ දේවල් ප්‍රත්‍යක්ශ වශයෙන් ගෝචර වෙනව. අපි පාට දකිනව වගේ ඒ කෙනාට ජීවියෙක් දිහා මනසින් බලල හිතක් තියෙනද, කර්ම රැස් කරනවද, කර්ම ඵල දෙනවද, මොනාද රැස් කරන කර්ම, මොනාද පලදෙන කර්ම වගේ දේවල් ගෝචර වෙනව. ඉතිං කෘතිම බුද්ධියකට කර්ම රැස් වෙනවද කියල තීරණය කරන්න තියෙන ක්‍රමේ මනස දියුණු කල කෙනෙක් දියුණු කල මනසින් කෘතිම බුද්ධිය දිහා බලල හිත් කර්ම ඵල ක්‍රියාකරනවද කියල ගෝචර කරගැනීම විතරයි.

තව ඉතිං විද්‍යාවෙ (බටහිර කියන්න එපා කිව්ව හින්ද කිව්වෙ නෑ ) සංඛ්‍යානය පාවිච්චි කරල තීරණ ගන්න ක්‍රමේට ගියොත් අපිට පුලුවන් කෘතිම බුද්ධියට සත්තුන්ට හානි කරන්න පුලුවන් රොබෝ අත් වගේ සෙට් කල්ල ඌ ලව්වා සත්තුන්ට හානි කල්ල ඒ හානි වලට අනුරූප වෙන විදිහට කෘතිම බුද්ධියටත් මොනා හරි අපහසුතා විඳින්න වෙනවද කියල බලන්න. ඒත් ඉතිං කර්ම රැස් කරනවනං ඵල දෙන්න සමහර විට අවුරුදු ලක්ශ ගානක් යන්නත් පුලුවන් නිසා මේ ක්‍රමේ සාර්ථක වෙයි කියල හිතන්න අමාරුයි
Reply With Quote
(#27)
Old
DragonD's Avatar
DragonD DragonD is offline
Senior Member
DragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of light
 
Posts: 3,416
Join Date: Nov 2008
Location: 37.235065, -115.811117
03-04-2017, 01:59 PM

whitewalker : ඔව් එදිනෙදා ජීවිතේ වෙන ගොඩක් දේවල් මොලෙන් පැහැදිලි කලෑකි තමා මතකය තියෙන්නෙ මොලේ ඒත් හිත කියන්නෙ මොලයක් නෙමේ. හිතේ වෙන දේවල් වලට අනුව මොලේ වෙනස්කම් වෙනව ඉතිං විද්‍යාවෙන් (බටහිර කියන්න එපා කිව්ව හින්ද කිව්වෙ නෑ ) වෙන දේවල් මොලේට සම්බන්ධ කරනව.

me : එහෙම නෙමේ වෙන්නෙ මතකය, සිතුවිලි හටගන්නෙ නියුරෝන වල ඇති වෙන පල්ස් එක මත, මොලයේ සමහර නියුරෝන වලට හානි උනාම සමහර දෙවල් හිතන්න බැරි, මතකය අඩු වෙන්නෙ, නැති වෙන්නෙ ඒකයි, ඒ නැතුව සිතුවිලි වලට සාපෙක්ශව මොලයේ වෙනස් කම් වෙනවා නෙමේ


whitewalker : මේව එකක්වත් සෘජු ප්‍රත්‍යක්ශ නෙමේ. උදා: සතෙක් මරන්න හිතෙන වෙලාවක් ගන්න විද්‍යාවෙන් කරන්නෙ එහෙම හිතෙන වෙලාවෙ මොලේ වෙන වෙනස්කම් ටික වෙනම නිරීක්ශණය කල්ල තව සිය දහස් ගාණකගෙත් ඒ වගේම මොලේ වෙනස්කම් වෙනවද කියල බලල එහෙම එක සමාන ලඟින් යන වෙනස්කම් වෙනවනං මොලේ මේ කොටසට මෙහෙම වුනාම තමා සතෙක් මරන්න හිතෙන්නෙ කියල ප්‍රවාදය නිර්මාණය කරන එක. නැතුව කිසිම විද්‍යාඥයෙක් මේ මේ කොටසෙ වෙන මේ මේ වෙනස්කම් නිසාමයි සතා මරන්න හිතුනෙ කියල ප්‍රත්‍යක්ශ වශයෙන් දැනගත්තෙ නෑ. ඉතිං මොලයේ ක්‍රියාකාරීත්වය කියන්නෙ අපේ චර්යාවන් මතකයන් හැඟීම් පැහැදිලි කරන්න පුලුවන් ප්‍රවාදයක් විතරයි. අපේ චර්යාවල හැඟීම් වල මතකයන් වල වෙනස් කම් එක්ක මොලේ වෙන වෙනස්කම් දහස් ගානකගෙ නිරීක්ශණය කල්ල ඒව මොලේ වෙනස්වීම නිසාමයි වෙන්නෙ කියල පැහැදිලි කරනව.

me : මේ කොටසෙන් මේක උනා කියන්න තරම් තාම දියුනු නෑ නිරෝන කනෙක්ශන් ප්‍රමාණය බිලියන 100කටත් වැඩි, නමුත් වෙන්නෙ මේ කොටසින් කියලා ඔප්පු කරන් ඒවට බෙහෙතුත් කරන්න පටන් අරන් ඉවරයි ( අනිවර්යෙන් දන්න උදාහරනෙ තමා පිස්සන්ට ඔලුවට කරන්ට් එක අල්ලනව කියන්නෙ )

whitewalker : ඒත් මොලෙන් කර්මය කර්මඵලය පැහැදිලි කරන්න බෑ. කර්මය විද්‍යාත්මකව සනාථ කරන්න බැරි නිසා (යම් තාක් දුරකට පැවතිය හැකියි කියල පෙන්නුවත්)

me : හැමදෙයක්ම විද්‍යාවෙන් කියන්න බෑ තමා, ලොජිකලි වත් කියන්න පුලුවන් නම් ඒ ඇති එහෙමත් බැරි එකනෙ වැඩේ

whitewalker : මොලේ කියන ප්‍රවාදය අසාර්ථක වෙන තැනක් විද්‍යාවට හොයාගන්න බෑ. කර්මයක් සිද්ද වෙන්න චේතනාවක් පහල වෙන්න ඕනෙ. චේතනා පහල වෙන්න මූලික වෙන්නෙ හිත මිසක් මොලය නෙමේ. ඉතිං කෘතිම බුද්ධියකට හිතක් තියෙනවද නැද්ද කියන එක මතයි ඒකට පව් සිද්ද වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නෙ. ඉතිං ලොකුම ප්‍රශ්නෙ කෘතිම බුද්ධියකට හිතක් තියෙයිද කියන එක.

me : චේතනාව = සිතුවිල්ල = සිතුවිලි කියන්නෙ නියුරෝන අතර ඇතිවෙන පල්සස්

whitewalker : අනික බුද්ධාගමේ කොහෙවත් කියල නෑ ජීවියෙක් (විද්‍යාවෙ කියන ජීවිය නෙමේ විද්‍යාවට ගසුත් ජීවීන් බුද්ධාගමට ගස් ජීවීන් නෙමේ) ඇතිවෙන්න මව පියා එකතු වීම අනිවාර්යයි කියල. එහෙම වෙන්නෙ බිත්තරේකිං හෝ ගර්භාශෙක ඇතිවෙන ජීවියෙක්ට විතරයි. මවක් පියෙක් නැතුව ඕපපාතිකව බිහිවෙන ජීවීන් බුද්ධාගමේ ඉන්නව දෙවියො බ්‍රහ්මයො ප්‍රේතයො වගේ. තව සංසේදජ කියල ක්‍රමේකටත් ජීවීන් බිහිවෙන්න පුලුවන්. එතකොට ප්‍රෝග්‍රෑම් කල්ල හදන කෘතිම බුද්ධිය බුදු දහමේ හැටියට ජීවියෙක් වුනොත් (හිතක් ඇතිවුනොත්) බොහෝ විට ඌ අයිති වෙන්නෙ සංසේදජ කියන වර්ගෙට.

me : ඒතකොට සන්සාරෙ ඉඳන් අපු එකෙක් එකට එන්ටර් වෙනවද, ඒක ඕෆ් කලාම ඌ අයින් වෙලා යනවද? ඉට පස්සෙ එක ආයෙ ඔන් කලාම වෙන එකෙක් එන්ටර් වෙනවද?

ituru tika ilanga reply eke

Last edited by DragonD; 03-04-2017 at 02:00 PM.
Reply With Quote
(#28)
Old
DragonD's Avatar
DragonD DragonD is offline
Senior Member
DragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of light
 
Posts: 3,416
Join Date: Nov 2008
Location: 37.235065, -115.811117
03-04-2017, 02:14 PM

whitewalker : බුද්ධාගමේ ආත්මයක් නෑ ඒ වුනාට සම්මුති වශයෙන් භාවිතයේ පහසුව තකා ඇතිවෙමින් පවතිමින් නැතිවෙමින් යන චිත්තක්ශන පරම්පරාවට ආත්මය කියල ව්‍යවහාර කරමුකො. මිනිස්සු මැරුනත් මේ ආත්මය ඉතුරු වෙනව. ඒක තමා අපි ආයෙ ගිහිං ඉපදෙන්නෙ අපිට කර්මය පල දෙන්නෙ අපි කර්ම කරන්නෙ.

me : ඒතකොට සන්සාරෙ ඉඳන් අපු එකෙක් එකට එන්ටර් වෙනවද, ඒක ඕෆ් කලාම ඌ අයින් වෙලා යනවද? ඉට පස්සෙ එක ආයෙ ඔන් කලාම වෙන එකෙක් එන්ටර් වෙනවද?

whitewalker : ඉතිං මේ ආත්මෙකට ඇවිත් හේත්තු වෙන්න ඕනෙ අවශ්‍යතා කෘතිම බුද්ධීයෙන් ඇති කරන කෘතිම consciousness එක තෘප්ත කලොත් කෘතිම බුද්ධියටත් ආත්මයක් ආවෑකි. එතකොට ඒකට කලින් කරපු කර්ම බලපායි ඌ කරන දේවල් වලිං කර්ම රැස් කරයි. එහෙම එන්න අවශ්‍යතා සැපිරුවෙ නැත්තං ඒක නිකංම උගෙ තියෙන කෘතිම ගණනය කිරීම් වලිං ගන්න තීරණයක් නිසා සිද්ධ වෙච්ච තවත් එක සිදුවීමක් විතරයි.

me : ඒතකොට සන්සාරෙ ඉඳන් අපු එකෙක් එකට එන්ටර් වෙනවද, ඒක ඕෆ් කලාම ඌ අයින් වෙලා යනවද? ඉට පස්සෙ එක ආයෙ ඔන් කලාම වෙන එකෙක් එන්ටර් වෙනවද?

whitewalker : ස්වභාවික උදාහරෙණකට අපි සතෙක් මැරුවොත් අපි කර්මය රැස් කරනව ඒක් බාඳුරා මලක් සත්තු මැරුවට ඒකට කර්මයක් සිද්ද වෙන්නෑ ආත්මයක් නැති නිසා. ඒක නිකංම ඒ ගහේ තීරණ ගන්න හැදිල තියෙන පද්දතියෙන් කරන නිකංම නිකං ක්‍රියාවක් විතරයි.

me : ඔය කියන විදිහට මලට ආත්මයක් තියෙනවා කියන්න පුලුවන්නෙ, ඒකට කතා කරන්න බැරුවද දන්නෙ නෑනෙ ඉන්නෙ
මෙහෙම කිව්වම ගේනවා සතෙක් වෙන්න ඔනි නම් තියෙන්න ඕනි කිව්ව පොයින්ට් ටික, එකෙ හැටියට ඇස් පේන්නෙ නැත්නම් සතෙක් නෙමේ

අපෙ මේ වෙන්නෙත් ගහේ වගේ තීරණ ගන්න හැදිල තියෙන පද්දතියෙන් කරන නිකංම නිකං ක්‍රියාවක් විතරනම්ම්ම්ම්ම්ම්ම් ?

whitewalker : ඊලඟ ලොකුම ප්‍රශ්නෙ කොහොමද කෘතිම බුද්ධිය කර්ම රැස් කරනවද නැද්ද කියල දැනගන්නෙ කියන එක. ඒක ඉතිං විද්‍යාවට (බටහිර කියන්න එපා කිව්ව නිසා කිව්වෙ නෑ ) දැනගන්න ක්‍රමයක් නෑ. කර්මය කියන්නෙ විද්‍යාවෙ ගුරුත්වාකර්ශනය අරක මේක වගේ කරපුවට පලදෙන එක තීරණය කරන්න බුදුන් වහන්සේ හෝ ඊටත් පෙර කර්මය ගැන දේශනා කරපු අනික් ශාස්තෘවරු හදපු ප්‍රවාදයක් නෙමේ.


me : ඔබට දැනගන්න ක්‍රමයකුත් නෑනෙ, මෙහෙම වෙනවයි කියල අහල තියෙනවා කියෝල තියෙනවා විතරයි
ගුරුත්වාකර්ශය ඔප්පු කරන්න කිව්වොත් බඩුවක් බිමට දානව, ඔන්න වැටුන වැටුනෙ ඇදෙන නිසා බිමට මේ ග්‍රැවිටෝන්ස් නිසා කිව්වයි කියමුකො
දැන් මන් අහනව ඔන්න මේ මිනිහ මැරුන දැන් කොහෙ හරි ඉපදුනා කියන්නෙ කොහොමද කියල, එතකොට මට ඒක ප්‍රත්ය කරන්නෙ කොහොමද ? ( අර පොතේ තිබ්බ නොකිය )

whitewalker : ඒ සංස්කෘතීන් වලයි අද බටහිර සංස්කෘතියෙයි දැනුම නිර්මාණය කලේ ක්‍රම දෙකකට. බටහිර කරන්නෙ ප්‍රවාදයක් හදල ඒකෙන් ස්වභාවිකව වෙන සංසිද්ධි පැහැදිලි කල හැකිද බලල ඒකෙන් දිගටම අලුත් ඊට වඩා හොඳ එකක් හදනකං සිදුවීම් පුරෝකථනය කිරීම.

me : ඔව් විද්‍යාව හැමදාම ඉස්සරහට යන එකක්, අලුතෙන් දෙ හොයාගන්න හොයාගන්න තව තව දියුනු වෙනවා

මේ සිද්දිය වෙන්නෙ කොහොමද කියල හොයාගන්න බෑ ( එක්ස් : බිග්බෑන්ග් ) එහෙනම් දෙය්යො තමා කරන්න ඇත්තෙ කියන්නෙ නෑ විද්යාව, දන්නෙ නැත්නම් දන්නෙ නෑ, ඔප්පු උනේ නැත්නම් තියරියක් විතර නම් අලුතෙන් ඉට වඩා හොඳ මොඩල් එකක් ආවම ඒක ඇප්ලයි කරගන්නවා නැතව මේක තමා එකම ඇත්ත කිය කිය ඉන්නෙ නෑ, ඉතින් ඒක හොඳ දෙයක් නෙමේද? එහෙම කියල හැම දෙයම බොරු වෙන්නෙ නෑනෙ, තෙල් කෑවම මහත් වෙනවා කියන එක, පෘතුවිය තැටියක් නෙමෙ කියල එක නෑ කියල ඔප්පු වෙයිද, නෑනෙ


whitewalker : බුද්ධ කාලීන හා ඊට පෙර පෙරදිග දැනුම හැදුවෙ කෙලින්ම සෘජු ප්‍රත්‍යක්ශ වලිං. ඇස් පේන කෙනාට ඇස් නොපෙනෙන කෙනාට ගෝචර කරගන්න බැරි පාට වගේ කන් ඇහෙන කෙනාට කන් නෑහෙන කෙනාට ගෝචර කරගන්න බැරි ශබ්දය වගේ මනස දියුණු කල කෙනාට මනස දියුණු නොකල කෙනාට ගෝචර නොවෙන කර්මය කර්මඵලය වගේ දේවල් ප්‍රත්‍යක්ශ වශයෙන් ගෝචර වෙනව. අපි පාට දකිනව වගේ ඒ කෙනාට ජීවියෙක් දිහා මනසින් බලල හිතක් තියෙනද, කර්ම රැස් කරනවද, කර්ම ඵල දෙනවද, මොනාද රැස් කරන කර්ම, මොනාද පලදෙන කර්ම වගේ දේවල් ගෝචර වෙනව. ඉතිං කෘතිම බුද්ධියකට කර්ම රැස් වෙනවද කියල තීරණය කරන්න තියෙන ක්‍රමේ මනස දියුණු කල කෙනෙක් දියුණු කල මනසින් කෘතිම බුද්ධිය දිහා බලල හිත් කර්ම ඵල ක්‍රියාකරනවද කියල ගෝචර කරගැනීම විතරයි.

me : මට ගෝචර වෙනවා නම් මිනිස්සු මැරිලා වලාකුලු වෙනවා කියල මම ඒක ඔයාට කියනව නම් මට ගෝචර වෙනවා ඒ නිසා පිලිගන්න කියල හරියන්නෙ නෑ, මන් ඒකට පොයින්ට් කියන්න ඕනි නැද්ද? නැතනම් මන් නොකියම ඉන්න ඕනි

whitewalker : තව ඉතිං විද්‍යාවෙ (බටහිර කියන්න එපා කිව්ව හින්ද කිව්වෙ නෑ ) සංඛ්‍යානය පාවිච්චි කරල තීරණ ගන්න ක්‍රමේට ගියොත් අපිට පුලුවන් කෘතිම බුද්ධියට සත්තුන්ට හානි කරන්න පුලුවන් රොබෝ අත් වගේ සෙට් කල්ල ඌ ලව්වා සත්තුන්ට හානි කල්ල ඒ හානි වලට අනුරූප වෙන විදිහට කෘතිම බුද්ධියටත් මොනා හරි අපහසුතා විඳින්න වෙනවද කියල බලන්න. ඒත් ඉතිං කර්ම රැස් කරනවනං ඵල දෙන්න සමහර විට අවුරුදු ලක්ශ ගානක් යන්නත් පුලුවන් නිසා මේ ක්‍රමේ සාර්ථක වෙයි කියල හිතන්න අමාරුයි

me : ගැහුව නිසා එක ඔෆ් උනා කියන්න පුලුවන්, නැත්නම් ලයිට් ගිය නිසා ඔෆ් උන වෙන්නත් පුලුවන්, කර්මය නිසාමයි උනේ කියන්නෙ කොහොමෙයි?

මම කියනෙන් අනෙ කර්මය නෑ කියල ,මම අහන්නෙ තියෙනවා නම් තියෙනව කියන්නෙ කොහොඅම්ද?

Reply With Quote
(#29)
Old
Rummy678's Avatar
Rummy678 Rummy678 is offline
Senior Member
Rummy678 is a glorious beacon of lightRummy678 is a glorious beacon of lightRummy678 is a glorious beacon of lightRummy678 is a glorious beacon of lightRummy678 is a glorious beacon of lightRummy678 is a glorious beacon of lightRummy678 is a glorious beacon of lightRummy678 is a glorious beacon of lightRummy678 is a glorious beacon of lightRummy678 is a glorious beacon of lightRummy678 is a glorious beacon of light
 
Posts: 5,025
Join Date: Nov 2015
Location: Bogawantalawa
03-04-2017, 02:16 PM

BUMP
Reply With Quote
(#30)
Old
ruchira55's Avatar
ruchira55 ruchira55 is online now
Senior Member
ruchira55 is a name known to allruchira55 is a name known to allruchira55 is a name known to allruchira55 is a name known to allruchira55 is a name known to allruchira55 is a name known to allruchira55 is a name known to allruchira55 is a name known to allruchira55 is a name known to allruchira55 is a name known to allruchira55 is a name known to all
 
Posts: 12,548
Join Date: Mar 2012
03-04-2017, 02:35 PM

Quote:
Originally Posted by upulpdn View Post


Quote:
Originally Posted by රත්තරං View Post
උදාහරනෙකට කන්දක් නාය ගිහින් 100ක් මිනිස්සු මැරුනොත් කන්දට පව් නෑ


Quote:
Originally Posted by DragonD View Post
ප්‍රත්‍ය වෙන්නෙ නෑ ඒ නිසා පිලිගන්න කියන්න බෑ, එතකොට අන්ඳ භක්තිය
ප්‍රත්‍ය කරගන්න ඔනි, නැතුව පිලිගන්න එපා කියල නේද කියල තියෙන්නෙ කවුරුත් කිව්වට හෝ කියෙව්වට
විඥ්ඥානය කියන්නෙ සිතනෙ, සිත කෘතිමව නිර්මානය උන කාලෙක ( සිත කියන්නෙ මොලයට )
විඥ්ඥානය කියන්නෙ සිත නෙමේ නම් එහෙම එකක් තියෙ කියල ඔප්පු කරන්න, මම කියන්නෙ එහෙම වෙනම එකක් නෑ කියල
කවුරු හරි තියෙ කියනව නම් එක ඔප්පු කරන්න ( විද්‍යාත්මකව නෙමේ , ලොජිකලි වත් ) පුලුවන් වෙන්න එපෙයෙ
නෑ කියල ඔප්පු කරන්න කියන්න එපා, මට අඟහරු වටෙ කැරකෙම තේ පෝච්චියක් නෑ කියල ඔප්පු කරන්න බෑනෙ, හැබැයි ඔයා එහෙම එකක් තියෙනවා කියනවා නම් තියෙනවා කියල ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕනි
සතර අචින්ත්‍ය ධර්මයන් සෘද්ධි විෂය, බුද්ධ විෂය, කර්ම විෂය, ලෝක විෂය සාමාන්‍ය මිනිස් හිතකට ගෝචර වෙන්නේ නෑ බන්.

බුදු කෙනෙකුට විතරක් ගෝචර වෙන අචින්ත්‍ය ධර්මයක් වෙන බුද්ධ විෂය පවා බුදු කෙනෙකුගේ ජීවිත කාලයේ හිතලා නිමකරන්න බෑලු.

මුගලන් මහරහතන් වහන්සේ පවා දවස් ගානක් තිස්සෙ ලෝකෙ කෙලවර හොයන්න ගිහින් අතරමං උනාම බුදුහාමුදුරුවො එක ක්ෂනයකින් මුගලන් මහරහහන්වහන්සේව තමන් ලඟට ගෙන්න ගත්තලුනේ. අපේ විද්‍යාඥයෝ ග්‍රහාලෝක එක දෙක හොයාගන්නවා. කීයක් නම් තව හොයාගන්න තියේවිද? ඔය අචින්ත්‍ය විෂයන් ගැන වැඩිය හිතන්න එපා කියලා බුදු රජාණන්වහන්සේම දේශනාකරලා තියෙනවා. බුදු රජාණන්වහන්සේ අපිට ප්‍රත්‍ය කරගන්න හිතන්න නැවත නැවත හිතන්න කියලා දේශනාකරපු දේවල් අපි සතපහකට වත් ගනන් ගන්නේ නෑනේද? අපි අර එපා කියපු දේ පස්සේම නේද දුවන්නේ. අපේ හිත ඇලෙන්නෙම අර එපා කියපු දේටම නේද?

සිත කියන්නෙ මොළය නෙවෙයි. විඥ්ඥානය ලේ ධාතුව ඇසුරු කරගෙන ඇති වෙවී නැති වෙන දෙයක්.

උබ කියන්නේ විඥ්ඥානය කියල දෙයක් නෑ කියලද? අතින් අල්ලලා මෙන්න මේකයි කියලා කියන්න බැරි බව ඇත්ත. සාමාන්‍ය මස් ඇහැකට දකින්න බැරි උනා කියලා එහෙම එකක් නෑයි කියලා හිතන එක හරි නෑනේද? අද විද්‍යාඥයන්ට ඇතිවෙලා තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ විඥ්ඥානය. කරන තරමක් පරීක්ෂන කරන්නේ ඕක ගැන තමයි. අලුතෙන් එන චිත්‍රපටි වලට පවා පාවිච්චි කරන්න අරගෙන
Reply With Quote
Reply

Bookmarks

Tags
!පිං ආරංචි, !ai ජීවමානයි, මේක මගේ, මේකත් මගේ, සුබාරංචියෙන්, ai #කයි, ai මවුම්කරුය, ai හු අක්බාර්, artificial intelligence, microsoft ආරංචි, please stop this thread, tag1, tag2, wesa ponnayage tags

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.07362 seconds with 9 queries