Register
Downloads
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
ElaKiri Community
>
General
>
ElaKiri Talk!
තෝමස් අල්වා එඩිසන් ත්‍යාගය දිනු වැඩ බැරි Ş
Page 1 of 2
1
2
>
Thread Tools
(#
1
)
kavindu84
Senior Member
Posts: 5,732
Join Date: Mar 2017
Location: matara
තෝමස් අල්වා එඩිසන් ත්‍යාගය දිනු වැඩ බැරි Ş -
02-11-2019, 05:08 PM
"වැඩ බැරි වුණත් ගම ගාල්ලේ" යැයි කියමනක් ඇත. මෙම කියමනේ උත්ප්රාසය නම් රටේ වැඩකාරයන් සැලකිය යුතු පිරිසක් ගම ගාල්ලේ අයවලූන් වීමය. මෙම කෙටි ලිපියේ අරමුණ එවැනි ගාලූ වැඩකාරවරයකු ගාල්ලට පමණක් නොව මුළු ලක්දිවටම කීර්තිය ගෙන ආ සැටි කියා සිටීමය.
අතුල බුද්ධඝෝෂ ආටිගල ඉපදී හැදී වැඩුණේ ගාල්ලේය. තම නිවස අසලම වූ ගාල්ලේ මහින්ද විදුහල ඔහු උගත් එකම පාසල විය. කලබලයක් නොමැති දරුවෙකු වූ අතුල ඉතා දුර ගමනක යෙදුණු ඇත්තෙක් බව දැන සිටියේ ඔහු සමග එක පන්තියේ උගත් මේ ලියුම්කරු පමණක් නොවේ. පන්තියේ සිටි අනෙක් දරුවන් මෙන්ම පාසලේ සියලූ ගුරුවරු ද ඔහුගේ කුසලතා ඉතා හොඳින් දැන සිටියෝය. ඔහු අද ජාත්‍යන්තර කීර්ති ප්‍රභාවෙන් බැබළෙන විද්‍යාඥයකු වුව ද පාසල් වියේ දී නම් කිසිසේත්ම පොත පතට පමණක් ඇදුනෙකු නොවීය. පාසල ඇරුණායින් පසු ගෙදර ගොස් මව උයා දුන් බත් කා මද විවේකයකින් පසු අතුලත් අපගේ මිතුරු රංචුවේ අනෙක් සියලූදෙනාත් කළේ රෑ බෝවී එන තෙක් කි‍්‍රකට් ගැසීමයි. එසේ නැතහොත් ගාලූ කොටු පවුර මත කෙළි දෙළෙන් ගත කිරීමය. මේ හැරෙන්න මුහුදේ නෑමත් ගාලූ පිටියේ හැම තැනම බයිසිකල් පැදීමත් අපගේ ප්‍රධාන විනෝද කටයුතු විය.
අපොස සාපෙළ විභාගයෙන් පාසලේ උසස්ම ප්‍රතිඵල ලැබූ ඔහු ඒ සඳහා පිරිනැමෙන රන් පදක්කම දිනා ගත්තේය. අතුල රසායන විද්‍යාව දෙසට නැඹුරු වන්නට පටන්ගත්තේ මෙතැන් සිටය. ඒ සඳහා ඔහුට මග පෙන් වූ ගුරුවරයා වූ සී.කේ. වෛදරත්න මහතාව අතුල අදත් ආදරින් සිහිපත් කරයි. පේරාදෙණි සරසවියට ඇතුළත් වූ අතුල රසායන විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිය ලැබීමෙන් පසු රසායන විද්‍යාව පිළිබඳ ශ්රාස්ත්රපති උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලැබීය. ඉන් පසු අතුල බි්රතාන්යයේ කීල් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලැබීය. ඔහුගේ විශිෂ්ට පර්යේෂණ කුසලතාවයන් ගෙන් පැහැදුණු බි්රතාන්යයේ, ජර්මනියේ හා ජපානයේ නොයෙකුත් පර්යේෂණ ආයතන අවුරුදු ගණනාවක් ඔහුගේ සේවය ලැබුවේය. ඇමෙරිකා එක්සත් ජනපදයේ සුප්‍රකට කොර්නෙල් විශ්වවිද්‍යාලය අතුලගේ පර්යේෂණ හැකියාවන්ගෙන් පැහැදුනු තවත් ආයතනයක් විය. එහි ආරාධනාවෙන් අතුල එහි පර්යේෂණ මහාචාර්යවරයෙකු ලෙස දොළොස් වසරක් ගත කළේය. එක්සත් ජනපදයේ හූස්ටන් විශ්වවිද්‍යාලය ද මහාචාර්යවරයකු ලෙස අතුලගේ සේවය ලැබීය.
අද ඔහු එක්සත් ජනපදයේ ස්ටීවන් විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු වන අතර ඔහුගෙන් රසායන විද්‍යාවට වූ සේවය අගයා ස්ටීවන් විශ්වවිද්‍යාලය එහි ප්‍රධාන රසායනාගාරයක් අතුල බුද්ධඝෝෂ ආටිගල රසායනාගාරය යනුවෙන් නම් කර ඇත. පසුගිය දා ඔහු ලෝපතල විද්‍යඥ තොමස් අල්වා එඩිසන් නමින් පිහිටවනු ලැබූ ත්‍යාගයෙන් පුදනු ලැබීය. අතුල විසින් නිර්මාණය කරනු ලැබූ මාස් ස්පෙක්ට්රොමෙට්රි (Mass Spectrometry) යන්ත්‍රය සඳහා මෙම ත්‍යාගය ඔහු ලබා ගත්තේ ශ්‍රී ලංකාවට මහත් කීර්තියක් ලබා දෙමිනි. එවන් ත්‍යාගයකින් ඔහු පුදනු ලැබුවේ වුව ද මේ පිළිබඳව ශ්‍රී ලාංකික මාධ්‍යය කිසිදු ප්‍රසිද්ධියක් ලබා නොදීම මහත් අභාග්‍යයකි. මහාචාර්ය ආටිගල මාස් ස්පෙක්ට්රොමෙට්රි (Mass Spectrometry) තාක්ෂණය පිළිබඳ ලොව ප්රමුඛ විද්‍යාඥයකු ලෙස සැලකෙන අතර, ඔහු ඒ පිළිබඳව රටවල් විශාල සංඛ්‍යාවක විද්‍යාඥයන් පුහුණුකර ඇත.
විද්‍යාඥයකු ලෙස පමණක් නොව සිංහලයෙකු ලෙසද ඔහු සිය අනන්‍යතාව ඉතා ගැඹුරින් තහවුරු කර ගත් අභිමානවත් ශ්‍රී ලාංකිකයකු ලෙස හැඳින්විය හැකිය. අවුරුදු හතළිහකට වඩා වැඩි කාලයක් බටහිර ලෝකයේ ජීවත් වුවද අතුලගේ ජපන් ජාතික බිරිඳ මිහෙ චතුරව සිංහල කතා කිරීම මෙයට කදිම නිදසුනකි. ලංකාවෙන් බැහැර වූවායින් පසු සිංහල අමතක වන ශ්‍රී ලාංකික උගතුන්ට අතුල උගන්වා ඇති පාඩම එපමණක් නොවේ. ඇමෙරිකාවේ ඉපදී හැදී වැඩුණු සිය පුත් සුනෙත් අවුරුදු කිහිපයක්ම ගාල්ලේ මහින්දයට යැව්වේ තම පුත්‍රයා සිංහල බස හා සංස්කෘතිය මැනවින් උගෙන ඒවාට අනුගත වීම ඔහු වැදගත් සේ සැලකු නිසාය. එපමණක් නොව කොර්නෙල් විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය ලැබූ සුනෙත් සිය උපාධිය සඳහා උගත් එක් විෂයක් වූයේ සිංහලය. එසේම තම දියණිය අංජලී අවුරුදු පහ හයක්ම උගත්තේ කොළඹ මියුසියස් විදුහලේය. මෙහිදී විශේෂත්වය වන්නේ සිය දූ පුතුන් ලංකාවේ පාසල් යවනු ලැබුවේ ඔහුත් සිය බිරිඳත් ඇමෙරිකාවේ ජිවත්වන අතරතුර දී වීමය.
කොර්නෙල් විශ්වවිද්‍යාලය බටහිර ලොව සිංහල විෂයය උපාධියට ඉගැන් වූ එකම විශ්වවිද්‍යාලය විය. එම පාඨමාලාව එහි අවුරුදු 50ක් තිස්සේ ඉගැන්වුණු අතර ,පසුගිය දා එය නතර කිරීමට විශ්වවිද්‍යාලය තීරණය කළේ මුදල් හිඟය නිසාය. මෙහිදී මෙම තීරණය වෙනස් කරන ලෙස ඉල්ලා සිටි කණ්ඩායම් නායකයකු වූයේ අතුලය. ඒ සඳහා ඔහු රාජ්යත්රාන්තික මාර්ගයෙන් හා ශී‍්‍ර ලාංකික මාධ්‍ය තුළින්ද සිය සටන ගෙන ගියේය.
අතුල ආටිගල ගැන දන්නා වෙනත් විද්‍යාඥයන් පවසන්නේ තොමස් අල්වා එඩිසන් ත්‍යාගය අතුලට පෙරහුරුවක් පමණක් බවත් මීටත් වඩා උසස් මට්ටමේ ත්‍යාගයන් හට ඔහු අනාගතයේ හිමිකරු වන බවත්ය.
https://www.facebook.com/dineshvoice...w_nR58-5HTitrc
kavindu84
View Public Profile
Send a private message to kavindu84
Find all posts by kavindu84
(#
2
)
HKavinda
Senior Member
Posts: 36,372
Join Date: Dec 2013
Location: 🅸🅽🆃🅴🆁🅽🅴🆃
02-11-2019, 05:54 PM
බම්පි
HKavinda
View Public Profile
Send a private message to HKavinda
Find all posts by HKavinda
(#
3
)
blue_in_rio
Senior Member
Posts: 12,538
Join Date: Jul 2011
Location: අපිත් කොළඹ කොල්ල
02-11-2019, 06:01 PM
BUMP
blue_in_rio
View Public Profile
Send a private message to blue_in_rio
Visit blue_in_rio's homepage!
Find all posts by blue_in_rio
(#
4
)
topkollek
Senior Member
Posts: 7,996
Join Date: May 2014
02-11-2019, 06:02 PM
මිනිහ ජපානෙත් ඇල්ලුව එහෙනම්... ගාල්ලෙ බුවෙක්නෙ ඉතිම්
topkollek
View Public Profile
Send a private message to topkollek
Find all posts by topkollek
(#
5
)
sidathsaumya
Senior Member
Posts: 34,327
Join Date: Jun 2009
Location: Seeduwa
02-11-2019, 06:05 PM
bp
sidathsaumya
View Public Profile
Send a private message to sidathsaumya
Find all posts by sidathsaumya
(#
6
)
kavindu84
Senior Member
Posts: 5,732
Join Date: Mar 2017
Location: matara
02-11-2019, 08:20 PM
Quote:
Originally Posted by
topkollek
මිනිහ ජපානෙත් ඇල්ලුව එහෙනම්... ගාල්ලෙ බුවෙක්නෙ ඉතිම්
kavindu84
View Public Profile
Send a private message to kavindu84
Find all posts by kavindu84
(#
7
)
ieannet
Senior Member
Posts: 307
Join Date: Oct 2006
02-11-2019, 08:24 PM
mehe news wala yanee, kota gaum kaliyi, Kuduyi , desapaluwange tele tamayi
wewala tama ape ithin
ieannet
View Public Profile
Send a private message to ieannet
Find all posts by ieannet
(#
8
)
kavindu84
Senior Member
Posts: 5,732
Join Date: Mar 2017
Location: matara
02-12-2019, 05:19 AM
Quote:
Originally Posted by
ieannet
mehe news wala yanee, kota gaum kaliyi, Kuduyi , desapaluwange tele tamayi
wewala tama ape ithin
kavindu84
View Public Profile
Send a private message to kavindu84
Find all posts by kavindu84
(#
9
)
aneasarayana
Senior Member
Posts: 1,426
Join Date: Oct 2013
02-12-2019, 05:38 AM
bump
aneasarayana
View Public Profile
Send a private message to aneasarayana
Find all posts by aneasarayana
(#
10
)
Brandy2020
Senior Member
Posts: 1,594
Join Date: May 2018
02-12-2019, 05:50 AM
https://en.m.wikipedia.org/wiki/Athula_Attygalle
Brandy2020
View Public Profile
Send a private message to Brandy2020
Find all posts by Brandy2020
Page 1 of 2
1
2
>
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
Tags
gama galle puka laalle
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
Cooking
Cooking Talk
Recipes and Showcase
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Offline Business
Buy & Sell (Biz Product/Services)
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
Jobs & Employment
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
Automobile
Auto News & Industry updates
Vehicle Talks
Vehicle Reviews & DIY Guides
Automobile Technical Help
Buy & Sell Automobiles
Auto Racing and Touring
Motorcycles
News & Industry updates
Bike Talks
Bike Reviews and DIY Guides
Technical Help
Buy & Sell
Racing and Bike Touring
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.06366
seconds with
11
queries