හෙන්රි ෆෝඩ්ගෙනුත් වැඩක් ගත් තරුණයෙක්
ඇමරිකාවෙ ෆෝඩ් මෝටර් රථ සමාගමේ අයිතිකාර හෙන්රි ෆෝඩ් වරක් එංගලන්ත සංචාරයක යෙදුණේය . ඔහු නතරවී සිටියේ ලන්ඩන්යේ ග්‍රිල් හෝටලයේය . දිනක් සවස තරුණයෙක් ඔහු වෙත පැමිණ මෙසේ කීවේය .
" සමාවෙන්න ෆෝඩ් මහත්මයා , ඔබ මාව හදුනන්නේ නෑ . මම විශ්වාස කරනවා ඔබ මට පොඩි උදව්වක් කරාවි කියලා . මම ණයට සල්ලි හරි වෙන දෙයක් හරි ඉල්ලන්නේ නෑ . හෙට දවල්ට මගේ මිත්‍ර ව්‍යාපාරිකයෝ කීප දෙනෙක් මෙහාට එනවා .
ඒ ගොල්ලෝ එක්ක මම කෑම කන වෙලාවේ මගේ ළගට ඇවිත් ' සුබ උදැසනක් බිල් ' කියලා මගේ පිටට තට්ටු කරලා ගියාම ඇති ."
හාස්‍යය ප්‍රිය කරන ෆෝඩ් ඊට එකග විය. පසු දින දිවා ආහාර වෙලාවේ ආපන ශාලාවට ඇතුළු වූ ෆෝඩ්ට වැදගත් පෙනුමෙන් යුත් කීප දෙනෙකු සමග කතා කරමින් බීම කවුන්ටරය ළගට වි බීම තොලගාමින් සිටි තරුණයා දක්නට ලැබිණි. ඔහු වෙත ගිය ෆෝඩ් " බිල් කොහොමද සැප සනීප " කියා අසා තරුණයාගේ පිටට තට්ටු කළේය. තරුණයා ෆෝඩ් ගණන් නොගන්නා බවක් පෙන්වමින් " හෙන්රි බාධා කරන්න එපා . පෙන්නේ නැද්ද මං මේ ලොකු සාකච්චාවක් " යැයි කීවේය . කිසිත් නොකී ෆෝඩ් මද සිනාවක් පා එතනින් ගියේය .
තීරණය ගන්න පමාවූ තරම
ප්‍රකට චින්තක ඉමැනුවෙල් කාන්ට් ඉතා දීර්ග ලෙස සිතා බලා තීරණ ගත් අයෙකි . නොයෙකුත් අයුරින් සිතා බැලීමෙන් පසු ඔහු විවාහයක් කර ගැනීමට තීරණය කළේය . හේ තමන් ප්‍රිය කල කාන්තාව සොයා ඇගේ නිවසට ගියේය . නිවසට ගිය විට එහි සිටියේ වෙනත් පව්ලකි . ඔහු සොයන තරුණිය ඊට වසර විස්සකට පෙර විවාහපත්ව වෙනත් නගරයක පදිංචියට ගිය බව ඇසු හේ තමාගේ පමාව ගැන දුක් විය.
සාමාන්‍ය සේවකයා කළමනාකරු කරයි
ඇමරිකාවේ පලුමුපෙලේ චිත්‍රපට නිෂ්පාදක සමාගමක් වන ටිවේන්ටියත් සෙන්චරි ෆොක්ස් සමාගමේ සභාපති
ස්පයිරෝස් ස්කවුරාස් සමාගම සතු විශාල සිනමා ශාලාවක් පරික්ෂා කිරීමට ගියේ එයින් අපේක්ෂා කල තරම් ආදායමක් නොලැබෙන නිසාය .
පෙරවරු එකොළහට එහි ගිය ඔහුට දක්නට ලැබුනේ දොරටුවල සේවය කරන සාමාන්‍ය සේවකයෙකි . තරුණ සේවකයා මහත් උනන්දුවකින් ශුද්ධ පවිත්‍ර කරමින් උන්නේය .
"කෝ මැනේජර් මහත්තයා " ස්කවුරාස් තමා කවුදැයි නොකියා ඇසුවේය .
" තවම ආවේ නෑ "
"එතකොට දෙවැනියා "
"එයත් තාම නෑ "
"මැනේජර් මහත්තයයි දෙවනියයි නැති වෙලාවට කව්ද මේකේ වැඩ බලන්නේ "
"මම තමා " තරුණ සේවකයා පිළිතුරැ දුන්නේය .
"එහෙම නම් මේ වෙලාවේ ඉදලා සිනමා ශාලාවේ මැනේජර් ඔබ " ස්කවුරස් කිවේය
.
දේශපාලනයට සුදුසුකම්
දේශපාලනඥයකුට තිබිය යුතු සුදුසුකම් මොනවාදැයි බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති වින්ස්ටන් චර්චිල්ගෙන් අසනු ලැබිණි .
" හෙට සිදුවන දේත් ලබන මස සිදුවන දේත් ලබන වසරේ සිදුවන දේත් කීමට ඇති හැකියාව මෙන්ම පසුව එසේ සිදූ නොවුයේ මන්දැයි කීමට ඇති හැකියාව " යැයි චර්චිල් ගත් කටටම කීවේය .
බුරුවා තාම ඉන්නවා
1916 වසරේ බ්‍රිතාන්‍යයේ අගමැති තනතුරට පත් ලොයිඩ් ජෝර්ජ් මැතිවරණව්යාපාරයේ යෙදී සිටියදි පුවත්පත් කලා වේදියෙක් ඔහු අපහසුතාවයට පත්කිරීමේ අරමුණින් මෙසේ ඇසුවේය.
"ලොයිඩ් ජෝර්ජ් මහතාණනි , ඔබට මතකද ඔබේ සීයා බුරුවකු බැන්ද කරතයක් පාවිචිචි කල බව "
ලොයිඩ් ජෝර්ජ් ක්ෂණයකින් මෙසේ පිළිතුරු දුනේය .
"මහත්වරුනි , මට සමාවෙන්න මට ඒ කරත්තේ ගැන නම් මතකයක් නෑ . එත් බුරුවා නම් තවමත් ඉන්නබව පේනවා ."
මරණය සැපයි
දහනව වැනි සියවස අගභාගයේ ඇමෙරිකාවේ ජනප්‍රිය වේදිකා නළුවකුව සිටි විලියම් ගිලිට් 1887 වසරේ නිව්යෝර්ක් තියටර්හි වේදිකා ගතවුණු නාට්‍ය කදී මියයන අවස්ථාව වේදිකාවේ රගපැ අන්දම පිළිබදව අධ්‍යක්ෂකවරයා සැහීමකට පත්නොවිය . කෝපයට පත් අධ්‍යක්ෂකවරයා ජවනිකාව අවසානයේ විලියම් ගිලිට් ට මෙසේ කිවේය .
"වැඩක් නෑ ගිලට් රගපෑම අන්තිමයි . මරණාසන්නව ඉන්න වෙලාවේ බිම වැතිරුනු ඔබේ මුහුණේ තිබුණේ මද හිනාවක් . එහෙම හරියනවද ?" ගිල්ට් ගේ පිළිතුර මෙසේ විය .
"ඔබ ගෙවන ගෙවීමේ හැටියට ඊට වඩා දෙයක් කරන්න බෑ . මරණය සැපයි කියලා හිතෙනවා ඉතිං හිනා යනවා ."
බහු විවාහයට හොදම දඩුවම
බ්රිතාන්යේ අගවිනිසුරු පදවිය දැරු රසල් සාමි නීතිඥ වෘත්තීය යෙදුන අවදියේ ඔහු වෙත පැමිණි නිතිඥයෙක් බහු විවාහයට දෙන්න පුළුවන් ඉහළම දඩුවම කුමක්දැයි ඇසිය .
" නැන්දම්මලා දෙන්නෙක්ම ඉන්නේ . ඊට වඩා දඬුවමක් නෑ " රසල් සාමි පිළිතුරු දුන්නේය .
දමන්නේ බෝම්බ
එය දෙවැනි ලෝක යුද්ද සමයයි . 1941 ලන්ඩන් නගරයට බෝම්බ හෙලන ලද අතර නගරයේ සිටි පිරිස් ඉවත් කරනු ලැබිණි .
රෝහලේ කවුරුත් ලහි ලහියේ පිටව යද්දී මෙට්රන්වරියක් තම ලාච්චු අවුසමින් දගලනු දුටු වෛද්‍යවරයා "ඉක්මන් කරන්න " යැයි ඇයට කීවේ තරමක් කේන්තියෙනි .
"ඩොක්ට මගේ දත් කුට්ටම නෑ නෙව " මෙට්රන්වරිය කීවාය .
"ඒ කෙහෙල්මල නැතිවෙද්දෙන්. ඒ මිනිස්සු දාන්නේ බෝම්බ . සැන්ඩ්විචස් , කට්ලට් , පැටිස් , වගේ දේවල් නොවේ ." වෛද්‍යවරයා කිවේය .
වහදෙනවා මම බොනවා
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකව සිටි නැන්සි ඇස්ටර් අර්යාව කට කාරියකි . ඇය චර්චිල් සමග නිතර හැප්පුණාය .
"වින්ස්ටන් ඔබ මගේ සැමියා වුණා නම් එහෙම කොපි එකකට වහ ටිකක් දමලා දෙනවා " ඇ වරක් කීවාය .
"නැන්සි , මම ඔබේ සැමියා වුණා නම් ලොකු සතුටකින් ඒ කොපි කෝප්පය බොනවා " චර්චිල් පිළිතුරු දුන්නේය .
රැජිනට නොවේ බිරියට දොර ඇරේ
දිනක් වික්ටෝරියා රැජිනට හොදටම කේන්ති ගොස් කෑ ගසන්නට විය . ඇගේ සැමියා ඇල්බට් කුමරු වචනයක්වත් නොකියා ගොස් කාමරයේ දොර වසා ගත්තේය . දොර අසලට ගිය රැජින දොරට ගසමින් එය අරින්න යැයි කියමින් කෑගැසුවාය .
"දොර අරිනවා ඉක්මනට " රැජින කීවාය .
"කව්ද ඔය " කාමරය තුල සිටි කුමරු ඇසුවේය .
"එංගලන්තයේ මහ රැජින " වික්ටෝරියා රැජින තවත් හයියෙන් කීවාය . එහෙත් දොර ඇරුනේ නැත .
ඇය දොරට ගසන්නට වුවාය . අන්තිමේදී ඇය " ඇල්බට් , මේ ඔබේ බිරීද " යැයි කීවාය . ඇල්බට් කුමරු සිනාසෙමෙන් දොර ඇරියේය .