ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Hard Talk with Dath Kimbula
Reply
 
Thread Tools
(#1)
Old
Pathfinder_A2Z's Avatar
Pathfinder_A2Z Pathfinder_A2Z is offline
Senior Member
Pathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud of
 
Posts: 9,292
Join Date: Jun 2016
Location: තොණ්ඩුලන්තය
! Hard Talk with Dath Kimbula - 03-14-2017, 08:42 AM

අද ඉඳල මම අලූත් වැඩක් පටන් ගන්නවා... මේක ටිකක් ආන්දෝලනාත්මක දෙයක් වෙයි... එළකිරියේ විශේෂත්වය තමයි Fake නම් වලින් පෙනී හිටියත් බොහෝ සාමාජිකයින් අතර ගොඩක් සමීප අන්‍යොන්‍ය බැඳීමක් තියෙනවා.... ඇතැම් විට පෞද්ගලික උදව් උපකාර කරගන්න තරමට ඒ බැදීම් දුරදිග යන්න අවස්ථා තියෙනවා... එකිනෙකා චෝදනාත්මක ස්වරූපයෙන් බැණ ගන්න අවස්ථා ද තියෙනවා.... කොහොම වුණත් එළකිරියේ ජනපි‍්‍රය සාමාජිකයින් සමග සෘජුව ප‍්‍රශ්න කරන වැඩසටහනක් අද ඉඳන් ආරම්භ වෙනවා.... සාමාජිකයෙක්ගෙන් සෘජුව ඇසිය යුතු යැයි සිතන ප‍්‍රශ්න කීපයකට පිළිතුරු ලබා ගැනීම මගින් ඔහුගේ සැබෑ ජීවිතය ගැන යම් තක්සේරුවක් කිරීම මෙහි ප‍්‍රධාන අරමුණයි.... දවසක ඔබත් මෙම සංවාදයට හසුවනවා ඇත...







Dath Kimbula


මේ සංවාද සටහනට මුලින්ම එකතු වෙන්නේ අප කවුරුත් දන්නා
Dath Kimbula ය. ඔහු දන්ත චිකිත්සයෙකි... කවි රචකයෙකි.... සාහිත්‍යකාමියෙකි.... එළකිරියේ පැරණි යාවජීව සාමාජිකයෙකි... බොහො දෙනෙක්ගේ සිත් දිනාගත් අයෙකි.... එලෙසම ඇතැම් අයගේ විවේචනයට ද ලක් වූවෙකි... කොහොම වුණත් අපි ඔහුගෙන්ම අසා ඇත්ත දැන ගනිමු.


01. එළකිරියේ මෙම්බර් කෙනෙක් වෙන්න තිබුණ අරමුණ මොකක්ද?


ලොකු අරමුණක් තිබුණේ නෑ. මම එළකිරියට ආවේ ගීත ඩවුන්ලෝඩ් කරන්න. අලුත් ගීතනෙවෙයි, පරණ ගීත. පරණ ගීතයක් සර්ච් කරනකොට ඉස්සෙල්ලාම සර්ච් රිසල්ට්ස් වලටපෙන්වන්නේ ඒ කාලේ එළකිරියට මධූ4යූ කියන සාමාජිකය එක්කරපු SL Old Hits Add Here කියන වාර්තාගත ත්‍රෙඩ් එක. මේ ත්‍රෙඩ් එක මම දන්නා තරමින් සයිබර්අවකාශයේ දීර්ඝතම ත්‍රෙඩ් එක. ඒකට එකතු වෙන්න තමා එලකිරියේ සාමාජිකත්වය ලබාගත්තේ.


02. දත් කිඹුලා කියන්නේ දත් ගලවනවට අමතරව සූපවේදියෙක්, ගීත රචකයෙක්, සාහිත්‍යකාමියෙක් වගේ ගොඩක් අංශවල කැපී පේනවා... ඇත්තටම ඔබ මොකටද වැඩියෙන්ම දක්ෂ...? නැත්නම් ඔය එකක්වත් හරියට කරන්න බැරි නිකන් පුරසාරම් කාරයෙක්ද?


හොදින්ම දන්නේ දන්ත සංරක්ෂන සහ රූපාලංකරණ දන්ත තාක්ෂනවේදය. ඒ මම ඒ ගැන ඉගෙනතියන නිසා. ඒ පළමු උපාධියට අමතරව ඔය කිව්ව ක්ෂේත්‍ර වල පශ්චාද් උපාධිඩිප්ලෝමා මට තියන නිසා. උයන පිහන එක මම පරතෙරට කලා කියල නං මම කියන්නේ නෑ.වසර එකහමාරකට කිට්ටු කාලයක් තරු හෝටලයක අනු සූපවේදියෙක් විදියට වැඩ කරපුඅත්දැකීම් තමා තියෙන්නේ. සාහිත්‍ය පැත්තෙන් නම් තාත්තා සාහිත්‍යධරයෙක් සහගීත රචකයෙක්, පත්තරකාරයෙක් වීම බලපෑව.එක දෙයක් නිවැරදි කරන්නං කමක් නැත්තං. මම ගීත නං ලියන්නේ නෑ. කවි ලියනව මිසක්.

සාමාන්‍යෙයන් මම සිරිතක් විදියට පුරසාරම් කියන්නේ නෑ. කරන්න පුළුවන් දේකියනවා. කිව්ව දේ කරනවා. මට කරන්න බැරි දේවල් ඕන තරම් තියනවා. විශේෂයෙන් ඔයපරිගනක තාක්ෂණ පැත්තේ දේවල් ගැන මට ලොකු දැණුමක් නෑ. ඉන්ටනෙට් මනි කියන්නේමට තනි කරම ග්‍රීක්. මම නොදන්නා දේ බොහොමයි කියල මම දන්නවා.


03. ඇතමුන් කියනවා දත් කිඹුලා හීන් නූලෙන් බෙල්ල කපන, EKව ල කල්ලි හදාගත්ත සූත්තර කාරයෙක් කියලා... ඒ කතාව ඇත්තද?


මට කැම්පස් එකේ වගේ ම මේකෙත් කල්ලියක් නෑ. මම හිටගන්නේ මගේ දෙකකුල් මත.ෆේක් නෑ, කියන්න තියන දේ මේ ඔරිජිනල් එකෙන් කියනවා. අනික මගේ ආගිය තැන්, ඉන්න තැන්, ඇත්ත නම් ගම් ආදිය මේකේ බහුතරයක් දන්නවා. මට හැංගෙන්නඅවශ්‍යතාවයක් නෑ. හැබැයි, මම කියපු කරපු දේවල් නිසා, මිනිසුන්ට කළ උදව්නිසා මට මේකේ දුෂ්ඨ චේතනාත්මකව පහර ගහන කොට මාව ආරක්ෂා කරන්න, මං වෙනවෙන්පෙනී ඉන්න කොටසක් ඉන්නවා. ඒ මම මේකට වැඩක් ඇති යමක් කරල උපයා ගත්තමිනිසුන්. මොකද මගේ සංකල්පය වෘත්තියෙන් හෝ මොන මලඉලව්වකින් හෝ උපයා ගතයුත්තේ මුදල් නෙවේ මිනිසුන් කියන එක. ඉතිං මම එහෙම උපයා ගත්ත සත්පුරුෂයින්මං වෙනුවෙන් පෙනී හිටීම කල්ලි ගැහීමක් කියල යමෙක් කියනව නං මට කියන්නතියෙන්නේ, ඒ ඔබේ දැකීමේ සහ පරවම්භන චින්තනයේ අවුලක් කියන එක තමා.හීන් නූලෙන් බෙල්ල කැපීම......හීන් නූලෙන් හෝ මහත නූලෙන් බෙල්ල කපන්න මටවුවමනාවක් තාම ඇවිත් නෑ මේකේ. හැබැයි එහෙම සත්‍ය වුවමනාවක් ආවොත් මම නූල්හොය හොය ඉන්නෙ නං නෑ......


04. සමහරුන්ට EK එපා වෙල යන තැනටම ඔබ ඇතුලූ කල්ලියක් වැඩ කලා කියල චෝදනාවක් තියෙනවා... මොකද්ද ඒකේ ඇත්ත නැත්ත...?


ඒකට කියන්න තියෙන්නේ ඉතිං රිද්දගෙන ආගිරි ගෑවට මට කරන්න දෙයක් නෑ කියන එකතමා. අනික මේක ජීවිතේ කොටසක් මිස ජීවිතේ නෙවෙයි නේ. මට නං මොනව කිව්වත්ගානක් නෑ. මොකද මට එහෙම කවුරුත් මේකෙන් යවන්න තරම් පශ්චාත්භාගික අරමනයාවක්නැති නිසා. විශේෂයෙන් අරයා මෙයාට පෞද්ගලික පණිවිඩ යවමින්, මුංව කිරියෙන්පන්නන්න ඕන, පන්නමු ආදී වශයෙන් හරක් තැප්පිලීම් කරන්න මට වුවමනාවක් නෑ.මොකද මම විශ්වාස කරන්නේ එළකිරිය මහා සමාජයේ පැතිකඩක් නිසා, මහා සමාජයේසියළු ම ප්‍රපංච-හොද, නරක, සත්ජනයින්, කාළකන්නින්, කුපාඩින්, අසහනකාරයින්, බුද්ධිමතුන්, දේශපාලකයන් හට රෙදි නැතුව කඩේ යන්නවුන්, භක්තෘනාශකයන් ආදීන්-එළකිරිය තුළත් පැවතිය යුතුයි කියන එක.

තමන් ගේ පොරත්වය, විශේෂයෙන් එළකිරියේ තමන්ට කරන්න බැරි දෙයක් නෑ කියලපෙන්නගෙන රගපු සමහරුන් ගේ පොරත්වය එහෙම නෙවෙයි කියල යම් යම් සිද්ධි නිසාඑළකිරියේ පොදු මහා ජනතාවට පෙනුනාම, තව දුරටත් එළකිරියට, ඒකේ සාමාජිකයන් හටමුහුණ දෙන්න බැරුව පලා යන එක, මම ඇතුළු ඊනියා කල්ලියක වැඩක් කියල ඔබට පේනවනං, මට කියන්න තියෙන්නේ, මිත්‍රයා, ඔබ වෙන දේ සියුම්ව සහ පරිපූර්ණව විග්‍රහකරගැනීමට නොහැකියාවකින් පෙළෙනව කියන එක තමා....


05. දත් කිඹුලා යනු රෙප් දෙන්නේ නැති රෙප් කුණෙක් කියලා චෝදනාවකුත් තියෙනවා.... කතාව ඇත්තද? ඇත්තටම ඔබ රෙප් නොදෙන්න මැලිවෙන්නේ ඇයි?


මම රෙප් දෙනකොට සළකල බලන දේවල් කීපයක් තියනවා. විශේෂයෙන් ම ඒ අදාල පෝස්ට්එක පොදුවේ මේ සමාජයට වැඩදායකද, යහපත් ද කියන එක. යම් ත්‍රෙඩ් එකක් සදහාඅදාල සාමාජිකයා මහන්සි වෙලා තියනව ද කියන එක.ඉතිං ඒ නිර්නායක වලට එකග නං මමරෙප් දෙන්න කිසිම මැළිකමක් දක්වන්නේ නෑ. මට අනුව +රෙප් කියන්නේ උත්සාහය සහමතවාදය අගය කිරීමක්. ඉතිං ඒ අගය කිරීම නිකං කකුල් දෙක පලල් කලා කියල හම්බවෙන්නේ නෑ. ඒ අගය කිරීම උපයා ගන්න ඕන. ඉතිං මට කියන්න තියෙන්නේ මගෙන් රෙප්ගන්න නං, හරි හමං දෙයක් කරපල්ලා කියල තමා........

06. දත් කිඹුලා දැන් ඉඳල හිටල ඇවිත් කමෙන්ට් එකක් දාල යන නිකමෙක් වෙලා කියල මම කිව්වොත්.... ඇයි ඔබ අඩුම තරමේ මාසයකට සැරයක්වත් හොඳ පෝස්ට් එකක් දාන්නේ නැත්තේ....?
ඔබ කියන දේ සත්‍යයක් නැතුවාම නොවෙයි. දැන් නම් අවංකව ම කාර්ය බහුලයි. අනිකමම අධ්‍යයනය කරපු විශය ක්ෂේත්‍ර සම්බන්ධව රෝගීන්ට තියන ප්‍රශ්න සෑහෙන්නසංකීරණ ඒවා. ඒ වගේ ප්‍රතිකාර වලට යන කාලය වැඩී. සමහර ප්‍රතිකාර සදහා මට ඒසම්බන්ධ විශේෂඥ දැනුම සහිත අපේ ආචාරය-මහාචාර්යවරුන් සමග සාකච්ඡා කරන්න, හා සමාන කලින් කර ඇති ප්‍රතිකාර වල වාර්තා ආදිය සංසන්දනය කරන්න එහෙමත්වෙනවා. ඉතිං එන්න තියන කාලය අවංකව ම අඩුයි. අනික දැන් මගේ ජීවිතයේප්‍රමුඛයන් මගේ දරුවන්. ඉතිං ඔබට කලින් දුන්න කාලය මම දැන් දෙන්නේ ඔවුන්ට.


07. නවකයින් දිරිමත් නොකර ඔවුන්ව හෑල්ලූවට ලක් කරනවංසෙ කබල් ගාන කල්ලියනියෝජනය කරන සාමාජිකයෙක් කියලා මම චෝදනා කළොත් ඔබ ඊට එකග වෙනවද?


නෑ.....නවකයන් හරි දේ, නිවැරදි දේ කලොත් ඔවුන්ව දිරිමත් කරන කණ්ඩායමේඉස්සරහින්ම ඉන්න කෙනෙක් මම. කලින් කිව්ව වගේ මට කල්ලියක් නෑ. මම හිටගන්නේමතවාදීමය වශයෙන් මගේ දෙකකුල් මත. මොකද එහෙම හිටගන්න තරම් මගේ කකුල් දෙකත්, කශේරුවත් තාම හයියයි.


09. එළකිරිය නියෝජනය කරන හොඳම පස් දෙනා නම් කරන්න කිව්වොත් එකවර මතකයට එන නම් පහ මොනවා ද?


ක්‍රේසි බඩී, රත්තරං, ලකී ලූක්, මිස්ටර් ටොම්, මිස්ටර් පෙරේරා


10. දැන් මැදිවියට එළඹව ඇති ඔබ තව කොච්චර කල් EK වල සැරිසරනව ද? ඉදිරියේ දී මෙහි සාමාජිකයින්ට වැදගත් යමක් දෙන්න උත්සාහයක් නැති ද? මොනවද ඉදිරි බලාපොරොත්තු...?


මැදිවියේ.....???!!! ලොල්.....කලින් ම ඔබතුමා වයස බෙදෙන හැටි ඉගෙන ගන්නකෝ.මැදිවිය කියන්නේ 45-60 අතර කාලය. 60න් පස්සෙ තමා මහළුයි කියන්නේ. මගේමැදිවිය එළඹෙන්න තව අවුරුදු 3ක් තියනවා....මැරෙනකං එළකිරියෙ ඉන්න මං කැමතියි. මේකේ ඉන්න තරුණ ජනයා ආශ්‍රය කරන නිසාමගේ වයස ගෙවීම අඩුවෙලා තියෙන්නේ. ඔබලා අතර ඉන්නකොට මම එන්න එන්නතිරිහන්වෙනව කිව්වොත් නිවැරදියි. ඉතිං ඒ වගේ Fountain of youth එකක් දාලයන්න මගේ නං කිසිම අයිඩිවෙක් නෑ කියල තමා කියන්න වෙන්නේ.


දෙන්න තියන වැදගත් දේවල්.......... යම් දෙයක් මේ දවස් වල එකදු පහදු කරමින්පවතිනවා. රසවින්දනාත්මක පාර්ශවයේ වැඩක් තමා. බලමු නේ.....ජීවිතය තාම තරුණයිනේ.........

සංවාද සටහන :




Last edited by Pathfinder_A2Z; 03-14-2017 at 08:46 AM.
Reply With Quote
(#2)
Old
Rangau2's Avatar
Rangau2 Rangau2 is offline
Senior Member
Rangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to all
 
Posts: 21,587
Join Date: Dec 2008
Location: කඩුවෙල :)
Send a message via AIM to Rangau2 Send a message via Yahoo to Rangau2 Send a message via Skype™ to Rangau2
03-14-2017, 08:43 AM

bump
Reply With Quote
(#3)
Old
සොහොන's Avatar
සොහොන සොහොන is offline
Senior Member
සොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to all
 
Posts: 12,412
Join Date: Dec 2012
Location: revolυтιoɴαry
03-14-2017, 08:45 AM



Apiyath ganinko oyawata yako
Reply With Quote
(#4)
Old
Pathfinder_A2Z's Avatar
Pathfinder_A2Z Pathfinder_A2Z is offline
Senior Member
Pathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud of
 
Posts: 9,292
Join Date: Jun 2016
Location: තොණ්ඩුලන්තය
03-14-2017, 08:47 AM

Quote:
Originally Posted by සොහොන View Post


Apiyath ganinko oyawata yako
Reply With Quote
(#5)
Old
robinprr's Avatar
robinprr robinprr is offline
Senior Member
robinprr is just really nicerobinprr is just really nicerobinprr is just really nicerobinprr is just really nicerobinprr is just really nicerobinprr is just really nicerobinprr is just really nicerobinprr is just really nicerobinprr is just really nice
 
Posts: 1,544
Join Date: Feb 2015
03-14-2017, 08:48 AM

Bump
Reply With Quote
(#6)
Old
Screw SL Screw SL is offline
Banned
Screw SL is a glorious beacon of lightScrew SL is a glorious beacon of lightScrew SL is a glorious beacon of lightScrew SL is a glorious beacon of lightScrew SL is a glorious beacon of lightScrew SL is a glorious beacon of lightScrew SL is a glorious beacon of lightScrew SL is a glorious beacon of lightScrew SL is a glorious beacon of lightScrew SL is a glorious beacon of lightScrew SL is a glorious beacon of light
 
Posts: 11,532
Join Date: Jan 2013
Location: No Longer in Elakiri
03-14-2017, 08:49 AM

මැනික් ගරපු එක ගැන අහලා නැනේ..
Reply With Quote
(#7)
Old
signshop's Avatar
signshop signshop is offline
Senior Member
signshop has much to be proud ofsignshop has much to be proud ofsignshop has much to be proud ofsignshop has much to be proud ofsignshop has much to be proud ofsignshop has much to be proud ofsignshop has much to be proud ofsignshop has much to be proud ofsignshop has much to be proud ofsignshop has much to be proud ofsignshop has much to be proud of
 
Posts: 10,144
Join Date: May 2011
03-14-2017, 08:51 AM

එලනේ.. ඔහොම යමු ඔහොම යමු...Rep+
Reply With Quote
(#8)
Old
asknrk's Avatar
asknrk asknrk is offline
Senior Member
asknrk is a glorious beacon of lightasknrk is a glorious beacon of lightasknrk is a glorious beacon of lightasknrk is a glorious beacon of lightasknrk is a glorious beacon of lightasknrk is a glorious beacon of lightasknrk is a glorious beacon of lightasknrk is a glorious beacon of lightasknrk is a glorious beacon of lightasknrk is a glorious beacon of lightasknrk is a glorious beacon of light
 
Posts: 2,788
Join Date: Feb 2007
Location: @Thusithaya
03-14-2017, 08:57 AM

patta wadak
Reply With Quote
(#9)
Old
Okelta's Avatar
Okelta Okelta is offline
Senior Member
Okelta is on a distinguished road
 
Posts: 131
Join Date: Jan 2016
Location: Nugegoda
03-14-2017, 08:57 AM

patta wedak
Reply With Quote
(#10)
Old
dimuthmike's Avatar
dimuthmike dimuthmike is offline
Senior Member
dimuthmike is a name known to alldimuthmike is a name known to alldimuthmike is a name known to alldimuthmike is a name known to alldimuthmike is a name known to alldimuthmike is a name known to alldimuthmike is a name known to alldimuthmike is a name known to alldimuthmike is a name known to alldimuthmike is a name known to alldimuthmike is a name known to all
 
Posts: 11,690
Join Date: Jan 2010
Up 03-14-2017, 08:58 AM

දත් කිඹුලා සෑහෙන්න දෙයක් මේකට කරපු කෙනෙක් ගොඩක් දේවල් ඉගෙනගත්තා කිඹුල් ත්‍රෙඩ් වලින්.හැබැයි ඒ වගේ අයට තමා මේකේ සමහර උන් මඩ ගහන්නෙත්.
Reply With Quote
Reply

Bookmarks

Tags
!lol apathayek awith, එතනත් රන්ගු, ඔංලයිං නරි නාවමු, හකෙන් පතක්, 1 talk, 2 talk, aaaa, ahhhhhh, b.k.m.d, bbbb, danthe in action, dath gorilla marketing, dath maami, dath uncle, dathrocks, hard_talk, jffrf, magetag1, n m, ress, tag 2, tag1, waiting for god, werwrwwr, wrwerw

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05591 seconds with 9 queries