Register
Downloads
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
ElaKiri Community
>
Business & Marketing
>
Offline Business
ගෙදර වයරිං කරමු 3 කොටස
Page 1 of 36
1
2
3
11
>
Last
»
Thread Tools
(#
1
)
Mr.Tom
Senior Member
Posts: 18,641
Join Date: Mar 2013
Location: EK Automobile
ගෙදර වයරිං කරමු 3 කොටස -
07-25-2015, 12:55 PM
ගෙදර වයරිං කිරිල්ල ගැන දාන අන්තිම නූල අරං ආවා. පළවෙනි, දෙවෙනි ත්‍රෙඩ් වලට ඔයාලාගෙන් ලැබුන් ප්‍රතිචාර අගය කර සලකනවා. මුලින් කිව්ව වගේ මම මේ සම්බන්ධ වෘතිකයෙක් නෙවෙයි. ඒ නිසා අඩුපාඩු තියනව නම් ඒවා පෙන්නල දිල මේ ත්‍රෙඩ් එක සාරවත් කරන්න එකතු වෙන්න කියල හැමෝටම ආරාධනා කරන්න කැමතී.
පළවෙනි ත්‍රෙඩ් එක බලන්න මේ ලිංක් එක ක්ලික් කරන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1677004
දෙවෙනි ත්‍රෙඩ් එක බලන්න මේ ලිංක් එක ක්ලික් කරන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1678033
කලින් ත්‍රෙඩ් වලදි කීප දෙනෙක් අහලා තිබුනනනේ වයරිං කරන්න ගන්න දේවල් වල නම් එහෙම. මෙන්න මතක් වෙන විදිහට නම් ලැයිස්තුව. (රූප අන්ථර්ජාලයෙන් සොයාගත් බව සලකන්න.)
1Gang 1Way Switch
මේවගේ තියන්නේ තනි ස්විච් එකක්. කාමර වලට එහෙම ගන්නේ මේව තමයි කියලා දන්නවනේ.
2Gang 1Way Switch
ස්විච් දෙකක් එකට තියනවා. මේ වගේ ස්විච් තුනක් තියනව නම් 3 Gang වෙනවා, ස්විච් 4 ක් නම් 4Gang කියලා අදුන්වනවා.
1Gang 2Way Swtch
පඩිපෙළවල් වලට එහෙම පාවිච්චි කරනවා. එක ස්විච් එකකින් ලයිට් එක දාගෙන අනිත් එකෙන් නිවාගෙන යන්නේ මේවයින් තමයි. උඩින් පෙනුම 1Gang 1Way Switch වලටම සමානයි. නමුත් යට පැත්තේ වයර් සම්බන්ධක තුනක් තියනවා.
Bell Press
බෙල් වලට ගන්නේ මේවා.
5A Switched Socket (5A ප්ලග් පොයින්ට්)
13A Switched Socket
15A Switched Socket
දන්නවනේ මේවගේ සිදුරු තරමක් ඈතින් පිහිටන්නේ කියලා.
10 Way Distribution Box (DB)
කොටස් 10 ක් හයි කරන්න ඉඩ තියන DB එක. හැබැයි අවශ්‍ය ප්‍රමාණයේ එකක් මිලදී ගන්න ඕනේ.
Dual pole MCB (Main Switch)
මේකෙන් නියුට්‍රල් ෆේස් දෙකම ඕෆ් වෙනවා. ගෙදර වයරිං රෙපෙයාර් එකක් කරන්න කලින් මේකෙන් ඕෆ් කරලා ඉන්න ඕනේ.
RCD (ට්‍රිප් ස්විච් එක කියන්නේ)
දන්නවනේ මේක ගැන
Single pole MCB (බ්‍රේකර් කියන්නේ)
Sunk Box (Mounting Box)
බිත්ති වලට ප්ලග්, ස්විච් හයිකරන්න යොදාගන්නේ මේවා. මේවගේ කොටස් දෙකක් ලග තියන ඒකකය හදුන්වන්නේ 2 Gang Sunk Box නැත්තං 2 Gang Mounting Box කියලා.
Ceiling Rose
Lamp Holder
5A Plug Top
13A Plug Top
15A Plug Top
PVC Insulation Tape
හරි එහෙනම් Distribution Board එහෙමත් නැත්තං ඩීබී එකෙන් වැඩේට බහිමු.
ගෙදර විදුලි පද්ධතියේ තියන ප්‍රධාන කොටස මේක තමයි. ගෙදර හැම පැත්තකටම කරන්ට් එක ගෙනියනක්නේ මෙතනින්.
හරි එහෙනම් මේ ගැන පොඩ්ඩක් බලමු
මේන් ස්විච් එක
ගේ වයරිං කරනකොට එලියට දාන ලෝඩ් වයර් එකේ අනිත් අන්තය සම්බන්ධ වෙන්නේ මේන් ස්විච් එකට. මේන් ස්විච් එකේ කොටස් දෙකක් තියනවා පේනවනේ. අන්න ඒ කොටස් දෙකෙන් නිව්ටල් හා ෆේස් දෙක වෙන වෙනම ඔන් ඔෆ් වෙනවා. ඔය විදිහට යටින් ලෝඩ් වයර් එක සම්බන්ධ කරාට පස්සේ, උඩින් ඒ වයර් දෙක පිළිවෙලට ට්‍රිප් ස්විච් එකට සම්බන්ධ වෙනවා. හැබැයි ඕක හයි කරනකොට බලන්න ට්‍රිප් ස්විච් එකේ උඩ ගහලා තියනවා N අකුර. අන්න එතනට මේන් ස්විච් එකෙන් එන නිව්ට්‍රල් වයර් එක සම්බන්ධ වෙන්න ඕනේ. L කියන තැනට ෆේස් වයර් එක. ඊටපස්සේ ට්‍රිප් ස්විච් එකේ යට පැත්තෙන්, උඩ නිව්ට්‍රල් හා ෆේස් සම්බන්ධ කරපු විදිහටම ප්‍රතිධානය ගන්න පුලුවන්. මේ වැඩවලට ලෝඩ් වයර් කියලා හදුන්වන ලොකු කේබල්.
බ්‍රේකර් වලට ෆේස් ඉන්පුට් එක දෙමු.
ට්‍රිප් ස්විච් එකේ ප්‍රතිධානයේ නිල් පාට වයර් එක, ඒ කිව්වේ ෆේස් එක හැම බ්‍රේකර් එකකම යට පැත්තට සම්බන්ධ වෙන්න ඕනේ. මේකට අපිට බස් බාර් එක යොදාගන්න පුලුවන්.
බස් බාර් එක
එතනදි ට්‍රිප් ස්විච් එකට පස්සේ හමුබුවෙන පළවෙනි බ්‍රේකර් එකේ යටට විතරක් ෆේස් වයර් එක සම්බන්ධ කරන්න. (ලෝඩ් වයර් කෑල්ලක් පාවිච්චි කරන්න ඕනි.) එතන ඉදන් බස් බාර් එක හයි කරන්න පුලුවන්. ඔය බස් බාර් එක වයර් සම්බන්ධ කරන තැනට උඩින් තියයන සිදුරු ඇතුලට යොමු කරලා ඇනේ තද කරලා සම්බන්ධ කරන්න ඕනේ.
බස් බාර් එක හයි වෙන විදිහ
නිව්ටල් වයර් එකට මොකද වුනේ
ට්රප් සුවිච් එකේ යටින් ප්‍රතිධානය වෙන අනිත් වයර් එක දුඹුරු පාට එකනේ. ඒ කිව්වේ නිව්ටල් වයර් එක. ඔන්න ඕක නිව්ටල් ලිංක් බාර් එකේ කෙළවරට ගිහින් හයි කරන්න. (ලෝඩ් වයර් කෑල්ලක් පාවිච්චි කරන්න ඕනි.)
ලයිට් වලටයි, ප්ලග් වලටයි හැම තැනටම ෆේස් වයර් අදිමු.
දැන් වැඩේ ගොඩක් දුරට ඉවරයි. දැන් ඔය හැම බ්‍රේකර් එකකම උඩින් කරන්ට් වයර් අදින්න පුලුවන්. ඒකිව්වේ ෆේස් වයර්
. හැබැයි මතක තියාගන්න ඔයාලා ඇම්පියර් 15 ප්ලග් පොයින්ට් දානවනම් ඩීබී එකේ ඉදලා ඒ හැම ප්ලග් පොයින්ට් එකකටම වෙන වෙනම වයර් අදින්න ඕනේ. ඒ කිව්වේ අපි හිතමුකෝ කුස්සියට ඇම්පියර් 15 ප්ලග් එකක් දානවා කියලා. ඔය අවන් එත එහෙම ගහ ගන්න. දැන් මේ ඩීබී එකට ඇම්පියර් 15 බ්‍රේකර් එකක් දාලා එතන ඉදන් ඇම්පියර් 15 වයර් අර ප්ලග් එකට අදින්න ඕනේ. එහෙම කරන්නේ නැතුව සාමාන්‍ය ඇම්පියර් 5 වයරිං එකට කවදාවත් ඇම්පියර් 15 බ්‍රේකර් එකක් දාන්න එපා.
Earth වයර් එක
ඩීබී එකත් එක්ක Earth bar එකක් තියනවා. ඒ කිව්වේ නිව්ටල් බාර් එක වගේම පිත්තල බාර් එකක්. මේකේ එක කෙළවරට 10mm (ලොකු) Earth වයර් එකක් සම්බන්ධ කරලා ඒකේ අනික් කෙළවර භූගත කරන්න ඕනේ. ඒ කිව්වේ අර තඹ කූරකට සම්බන්ධ කරලා ඒක එලියේ පොළවට බස්සන්න ඕනේ. ගෙදර ප්ලග් පොයින්ට් වලට එහෙම අදින Earth වයර් මෙතන ඉදලා ඇදගෙන යන්න පුලුවන්. ඒවා 2.5mm පොඩි Earth වයර් කියලා ඔයාලා දන්නවනේ.
දැන් අපිට ඩෝ බෙල් එකක් එහෙම වයරිං කරන හැටි කියල දෙන්නෙ නැද්ද.
මහමෙරක් ගිලපු එකාට අග්ගලයත් කජ්ජක්ද කිව්වලු. දැන් ඔයාලා වයරිං ගැන ගොඩක් දේවල් දන්නවා. ඉතිං ඩෝ බෙල් එක මොකක්ද. හරියට ලයිට් පොයින්ට් එකක් වයරිං කරනව වගේ තමයි.
එහෙනම් ඔච්චරයි.
මේකට අවශ්‍ය අඩුවැඩිය අපේ යාලුවෝ එකතු කරයි කියලා බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම වැරදි තියනව නම් නිවැරදි කරන්න. කිසිම තරහක් අමනාපයක් නෑ.
එහෙනම් හැමෝටම ආයුබෝවන්!
ඩව්න්ලෝඩ් කරගෙන බලන්න කැමති අයගේ පහසුව සදහා ත්‍රෙඩ් තුනම pdf ආකාරයට
ධාරිතාවය - 1.20MB
පිටු ගණන - 16
මුද්‍රණ ප්‍රමාණය - A4
අකුරුවල ප්‍රමාණය - 14
https://www.dropbox.com/s/dah1dr1ilq...nhala.pdf?dl=0
වාහන ගැන මොනවහරි බලන්න නම් ඉති ඔටෝමොබයිල් එක පැත්තෙ එන්න
Last edited by Mr.Tom; 07-26-2015 at
11:31 AM
.
Mr.Tom
View Public Profile
Send a private message to Mr.Tom
Visit Mr.Tom's homepage!
Find all posts by Mr.Tom
(#
2
)
asankadinesg
Senior Member
Posts: 5,096
Join Date: Mar 2008
Location: බොරලැස්ගමුව
07-25-2015, 01:16 PM
supiri mchn
asankadinesg
View Public Profile
Send a private message to asankadinesg
Find all posts by asankadinesg
(#
3
)
isurueka
Senior Member
Posts: 14,047
Join Date: Jul 2008
07-25-2015, 01:17 PM
පට්ට
isurueka
View Public Profile
Send a private message to isurueka
Find all posts by isurueka
(#
4
)
dath kimbula
Senior Member
Posts: 33,283
Join Date: Jan 2011
Location: යහපාලන ඈස්-චර්යේ
07-25-2015, 01:18 PM
අම්මෙහ් ඇති යංතං දාලා............
dath kimbula
View Public Profile
Send a private message to dath kimbula
Find all posts by dath kimbula
(#
5
)
harindugamlath
Senior Member
Posts: 25,055
Join Date: Dec 2008
07-25-2015, 01:20 PM
පට්ටයි කියන්නෙ උපරිමයි..
බොහොම ස්තූතියි මහන්සියට..
harindugamlath
View Public Profile
Send a private message to harindugamlath
Find all posts by harindugamlath
(#
6
)
Mr.Tom
Senior Member
Posts: 18,641
Join Date: Mar 2013
Location: EK Automobile
07-25-2015, 01:20 PM
Quote:
Originally Posted by
asankadinesg
supiri mchn
Quote:
Originally Posted by
isurueka
පට්ට
Quote:
Originally Posted by
dath kimbula
අම්මෙහ් ඇති යංතං දාලා............
උදේ 10 යේ ඉදලා හැදුවා කිඹුල අයියේ
Mr.Tom
View Public Profile
Send a private message to Mr.Tom
Visit Mr.Tom's homepage!
Find all posts by Mr.Tom
(#
7
)
Mr.Tom
Senior Member
Posts: 18,641
Join Date: Mar 2013
Location: EK Automobile
07-25-2015, 01:21 PM
Quote:
Originally Posted by
harindugamlath
පට්ටයි කියන්නෙ උපරිමයි..
බොහොම ස්තූතියි මහන්සියට..
Thanks මචෝ...
Mr.Tom
View Public Profile
Send a private message to Mr.Tom
Visit Mr.Tom's homepage!
Find all posts by Mr.Tom
(#
8
)
T h u s h
Senior Member
Posts: 4,387
Join Date: Jan 2011
Location: අරබේ වලව්ව
07-25-2015, 01:24 PM
elazz
T h u s h
View Public Profile
Send a private message to T h u s h
Find all posts by T h u s h
(#
9
)
Mr.Tom
Senior Member
Posts: 18,641
Join Date: Mar 2013
Location: EK Automobile
07-25-2015, 01:33 PM
Quote:
Originally Posted by
T h u s h
elazz
Mr.Tom
View Public Profile
Send a private message to Mr.Tom
Visit Mr.Tom's homepage!
Find all posts by Mr.Tom
(#
10
)
laMir
Senior Member
Posts: 4,035
Join Date: May 2014
Location: ගම් 5 නේ.....
07-25-2015, 01:34 PM
එළ කිරි.......සැහෙන්න මහන්සිවෙලා නේ......පට්ටයි.......
You must spread some Reputation around before giving it to Mr.Tom again.
laMir
View Public Profile
Send a private message to laMir
Find all posts by laMir
Page 1 of 36
1
2
3
11
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
Tags
! home electric wiring
,
උවමනා වෙනවා
,
කරන්ට් වැදුනෝ
,
කවද හරි ඕනි වෙයි
,
ගෙදර වයරින්
,
පොත් පිංච
,
වටිනවා
,
වටිනා ත්‍රෙඩ්
,
වයරින් කරමු
,
වැදගත් ත්‍රෙඩ්
,
වැදගත් හු**
,
3rd step
,
aru
,
db හයිකරමු
,
dennied bm
,
excellent
,
gedara maremu
,
home
,
house
,
house wiring
,
mr. tom
,
nb dia
,
respect
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
Cooking
Cooking Talk
Recipes and Showcase
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Offline Business
Buy & Sell (Biz Product/Services)
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
Jobs & Employment
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
Automobile
Auto News & Industry updates
Vehicle Talks
Vehicle Reviews & DIY Guides
Automobile Technical Help
Buy & Sell Automobiles
Auto Racing and Touring
Motorcycles
News & Industry updates
Bike Talks
Bike Reviews and DIY Guides
Technical Help
Buy & Sell
Racing and Bike Touring
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.05805
seconds with
9
queries