ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Religious
Reload this Page ඔබගේ මුතුන් මිත්තෝ
Reply
 
Thread Tools
(#41)
Old
sgrdk1's Avatar
sgrdk1 sgrdk1 is offline
Senior Member
sgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of light
 
Posts: 2,688
Join Date: Jul 2015
Location: හෙළ බිමේ
11-09-2017, 10:35 AM

Quote:
Originally Posted by rajitha.wijayaratne View Post












Reply With Quote
(#42)
Old
sgrdk1's Avatar
sgrdk1 sgrdk1 is offline
Senior Member
sgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of light
 
Posts: 2,688
Join Date: Jul 2015
Location: හෙළ බිමේ
11-10-2017, 08:45 AM

බුදුන් උපන් හෙළබිම


https://budunupanhelabima.blogspot.com
Reply With Quote
(#43)
Old
sgrdk1's Avatar
sgrdk1 sgrdk1 is offline
Senior Member
sgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of light
 
Posts: 2,688
Join Date: Jul 2015
Location: හෙළ බිමේ
11-10-2017, 08:54 AM

Right way


http://hmherath.blogspot.com/
Reply With Quote
(#44)
Old
Skylark Skylark is offline
Senior Member
Skylark is infamous around these partsSkylark is infamous around these parts
 
Posts: 1,753
Join Date: Feb 2010
11-10-2017, 03:31 PM

ඉස්සර කාලෙත් පහත දක්වා ඇති ත්‍රෙඩ් එකේ සඳහන් ආකාරයේ මුතුන් මිත්තෝ ඉන්ඩ ඇති:

sgrdk1 නිරුවත
http://www.elakiri.com/forum/showthread.php?t=1815829

Skylark
Reply With Quote
(#45)
Old
sgrdk1's Avatar
sgrdk1 sgrdk1 is offline
Senior Member
sgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of light
 
Posts: 2,688
Join Date: Jul 2015
Location: හෙළ බිමේ
11-11-2017, 07:06 AM

Quote:
Originally Posted by sgrdk1 View Post
Budhdha Lived in Sri lanka

http://buddhalivedinsrilanka.blogspot.com/
Reply With Quote
(#46)
Old
sgrdk1's Avatar
sgrdk1 sgrdk1 is offline
Senior Member
sgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of light
 
Posts: 2,688
Join Date: Jul 2015
Location: හෙළ බිමේ
11-11-2017, 04:28 PM



මේ සත්‍ය අපට හෙළි කරනවාට ප්‍රධාන වශයෙන් විරුද්ධ කවුරුන්ද?
මේ සත්‍ය හෙළි කිරීමට ප්‍රධාන වශයෙන් විරුද්ධ වන තුන් ගොල්ලක් අපට හමුවෙයි.
එක් පිරිසක් නම් ඉන්දියාවේ වන්දනා නඩ සංවිධානය කරන අපේම හිමිවරු ඇතුලු වියාපාරිකයින්ය. මෙය ඔවුන්ගේ ජීවිකාවට ප්‍රබළ තර්ජනයකි. එය එසේ කියා අප සත්‍ය සැඟවිය යුතුද?

එමෙන්ම අනෙක් පිරිස නම් දෙමළ ඩයස් පෝරාව හා ඉංදියාවය . (ඊට හේතුව නම් මේ ඇත්ත හෙළි වීමෙන් ඔවුන්ට අපේ පෞරාණික දේපොළ නැවත අපවෙත දෙන්නට වීමත්, ඉංදියාවට ලංකාවේ හා ලෝකයේ වන්ඳනා කරුවන් නිසා ලැබෙන මහා ආදායම අහිමි වන නිසාත්ය)
එනිසා ඔවුන් මේ සත්‍ය වහන්නට නොයෙකුත් යටි උපක්‍රම එදත් අදත් හෙටත් නිබඳවම ගෙනෙනු ඇත.

දැනට ටික කලකට උඩදීද මෙම පිරිස් විසින් ලොකු මුදලක් යොදවා යුරෝපා ජාතික 'කනිම්හම්' නැමැත්තෙකු ගෙන්වා නේපාලය ලුම්බිණිය බව සනාථ කිරීම සඳහා මහත් උත්සාහයක් දැරූ අතර අප රට වැසියන් බොහෝ දෙනෙකුන්ද එම උගුලට හසුවුණි. සත්ය විනාශ කරනු දැක දැකත් අප කෙසේවත් මුනිවත රැකිය යුතු නැහැ. (අප ඔවුන්ට අනුකම්පා කරමු )

ඇත්ත පිළිගැනීමට විරුද්ධ අනෙක් බලවත්ම පිරිස

මේ ඇත්ත පිළිගැනීමට විරුද්ධ අනෙක් බලවත්ම පිරිස නම් අප උපන්දා සිටම බුදුන් ඉන්දියාවේ කියා මුල් බැසගත් අපේම යටි සිතුවිලි සමුදායයි. උපන්දා සිටම සම්මතයෙන් බුදුන් වහන්සේ යනු ඉන්දියාවේ සිටි කෙනෙකු යයිද, ලංකාව එවන් වූ බුද්ධෝත්පාදයකට නුසුදුසුරටක් යයිද අපේ යටි සිත් වලට කවා ඇති නිසා, බුදුන් උපන්නේ හෙළ බිමයි කියූ පමණින් සමහරුන් හට තදබල වේදනාවක් කෝපයක් ඇතිවීම ස්වභාවිකය.

මෙහි ඇත්ත දැක්කත් තම යටි සිත නම් පහසුවෙන් මෙය පිළිගන්නට තමාට ඉඩ දෙන්නේ නැහැ. එය හරියට තමන් වඩාත්ම ආදරය කළ කෙනෙකු වියෝවූ විට අප සිතට ඇති වන වේදනාවට හා සමානයැයි කීවොත් නිවැරදියි. (එහිදී ඔහු හෝ ඇය වියෝ වුවද තමා හා ජීවත්ව සිටිනවා යැයි මනෝ සංඛාර ලෝකයක් ගොඩ නගාගෙන සිටීමට බොහෝ දෙනා උත්සාහ කරනව..)

බුදුන් උපන් හෙළදිව නම් මේ සිරි ලංකාවමයි කියූ සැනින්ම එය එසේ නොවේ යයි කීමට නොයෙකුත් තර්ක විතර්ක යටි සිත නිරතුරුවම ගෙනෙනු ඇත. ඊට බලපාන ගොඩාක් හේතු ඇත.

බොහෝ අය පුරුදු වෙලා තියෙන්න තමන්ගේම සිත තමන්ම රවටා ගෙන ජීවත් වීමටයි…
බුදුන් යනු මහා දෙවියෙකු බ්‍රහ්මයෙකු මෙන් මවාගත් චිත්‍රයක් සහිතව වැඳුම් පිදුම් කරගෙන සිටි අය එම සිහිනයෙන් මිදීමට අකමැතිය. බුදුන් අපේ කුඩා රටේ යැයි කී පමණින් සමහරෙකුට හීන මානයක් උපදියි. 'අපි මුදල් වියදම් කරගෙන ඉන්දියාවටත් ගියා, තවත් නොයෙකුත් දෙවල් කරා, ඒව අහක යන්න දෙන්න බෑ' යැයි සමහරෙකුට ලෝභී සිත හරස් වෙයි. තවත් සමහරෙකු තමන් මෙතෙක් කල් රැවටී සිටියා, මුළාවී සිටියා යැයි පිළිගැනීමට තම උඩඟු සිත ඉඩ නොදෙයි. තවත් සමහර අයට 'මා මෙතෙක් කල් අනුන්ට කියා දුන්න දේවල් දැන් නැහැ කියන්නෙ කොහොමද, එයාල මා ගැන මොනව හිතයිද' ආදී වශයෙන් තම මාන්නාධික සිත හරස් වෙයි.

මේ හට ගන්නා කෙලෙස් සිතුවිලිත් සමග සටන් කර ජය ගැනීමට කෙනෙකුට පහසුවෙන් නම් නොහැකිය.
බොහෝ නූගත් අය පුරුදු වෙලා තියෙන්නෙ වැඩි පිරිසක් කියන දේ විචාරයකින් තොරව පිළිගන්නටයි. 'මෙච්චර අය පිළිගත්ත දෙයක් අපි කොහොමද එහෙම එකපාරට නෑ කියන්නෙ.. ඕව බොරු වෙන්න ඇති’යි සිතමින් ඔවුන් මුළා සිතට වහල් වෙයි.
ධර්මය දත උගත් අයත් ඉන් ගැලවීමට නොහැකිව නොයෙකුත් තර්ක විතර්ක ඉදිරිපත් කරමින් 'බුදු හාමුදුරුවො කොහේ හිටියත් මොකද.., ධර්මය තියෙනව නම් ඒ ඇතිනෙ.., නිවනට ඒව වැඩක් නෑ.., බුදුන් කිව්වෙ තමන් ගැන පමණක් සොයන්න කියල විතරයි..' ඕව දැන් හාරවුස්සන්න ගිහින් ජාතිවාදය ඇවිස්සෙයි.., මිනිස්සු කළබල වෙයි.., යට ගියාව ඔහොමම තිබිච්චාවෙ..' ආදී නොයෙක් දේ කියමින් තම සිතද රවටාගෙන අනුන්වද රවටාලමින් මෝහයේම ගිලී සිටියි.

බුදුරදුන් තමන් ගැන සොයන්නට එපා කීවා යැයි කීම සාවද්‍ය මතයකි. උන්වහනේ කීවේ අවශ්‍ය නම් තමන්ගේ බුද්ධත්වය ගැනද විමසා සොයා සැක හැර ගත යුතු බවයි. කිසි විටෙකත් සිතීමට, විමසීමට ඇති නිදහස බුදුදහමේ අවහිර කර නැත. සත්‍ය දැකීමට නම් සියල්ලක්ම පට්ට ගසා (පට්ඨාන ) විමසා බලා මුල, මැද, අග විභාග කර දත යුතු වෙනව.
ඉතින් මේ ඇත්ත සත්‍ය දැක දැකත්.. එය යටපත් කරගෙන මනෝ සංකාර ලෝක වල සැඟවෙන්නට වෙර දරන අය.. කෙසේ නම් ලෝබ ද්වේෂ මෝහ නැමැති කෙලෙස් මුල් ගලවා දමා සංසාරයෙන් මිදී නිවන දකින්නේ දැයි තමන්ම විමසා බලත්වා...
සත්‍ය යනු සැමවිට වසාගෙන සිටිය නොහැක්කකි.. අන්ධ මුළාවෙන් මිදී සිහි බුද්ධියෙන් විමසමුද..? නොමැතිනම් ඇත්ත වසන් කොට බොරුවෙන් තනාගත් මනස්කල්පිත ලෝකයක මුළාවී සිටින්නෙමු ද..?

අපට වැරදුන තැනක් තියෙනවා.. අප රැවටුන තැනක් තියෙනවා.. මුල වරද්දාගෙන අප මුළා වෙලයි ඉන්නෙ.. ඒක හදා ගන්නෙ නැතිව රටටත්, දැයටත්, අපටත් අපේ දරුවන්ටත් යහපතක් වෙන්නෙ නෑ.. තවත් මෝඩ නොවෙමු.. දැන්වත් තේරුම් ගමු.. දැන්වත් වැරැද්ද නිවැරදි කරගමු.. මේ ඊට නිසි කාළයයි.. මේ ඊට නිසි සමයයි…
ඉතිහාසය
ඉතිහාසය යනු යම් සං සිද්ධියක් සිදුවී කලකට පසුව, එසේ සිදුවූවා යැයි, යම් කෙනෙකු විසින් කරණ ලද ප්‍රකාශයකි. එය ලිඛිතව හෝ මුඛ පරම්පරාවෙන් හෝ පවත්වාගෙන ආවක්ද විය හැකිය. ඒ සිදුවීම ලියා තබන පුද්ගලයාගේ මිම්ම, මානය, දෘෂ්ඨිය, හා ආකල්පය මෙන්ම දැනීමද ඒ ඓතිහාසික ලේඛනයට තදින්ම බලපාන දේවල්ය.

ඒ නිසා ඉතිහාසය යනු තම තමන්ගේ මිම්මෙන් මැන තම දැනුම අනුවම ලියු දේවල්ය. මහා වංශය හා අපේ අනිකුත් ඉතිහාස පොත්ද මේ ආකාරයටම ඒ ඒ පුද්ගලයින් විසින්ම ලියු ඒවාය. බෞද්ධ සාහිත්‍යයද, බෞද්ධ සංස්කෘතියද මේ ආකාරයෙන්ම විවිධ පුද්ගලයින් තම මතයන්ද ආකල්පයන්ද ඇතුලත් කර යම් පරමාර්ථයක්ද ඇතිව ලියා පල කල දේවල්ය. බුදු රදුන් දේසනා කල ධර්මය එලෙසින්ම මේවායේ ඇතැයි කාටනම් කිව හැකිද? කාලාමා සුත්‍රය බුදුපියාණන් දේසනා කර වදාලේ මේ ප්‍රශ්නයට පිලිතුරු සපයන්නටය. අපි අද භාවිතා කරණ බෞද්ධ ඉතිහාස පොත්වල, බෞද්ධ සාහිත්‍ය පොත්වල හෝ බෞද්ධ ආගමික පොත්වල හෝ නිවන් දකින්නට උපකාර වන නියම බුද්ධ ධර්මය එලෙසින්ම ඇතැයි කාට නම් කිව හැකිද? එසේනම් මේ පැටලුම් සහගත, ගැටලු තත්වය ලිහා ගැනීමට ඉතිහාසය නිසියාකාරව තමන් විසින්ම පරිශීලණය කළ යුතු වෙනව.


sumith ariyarathna
Reply With Quote
(#47)
Old
rajitha.wijayaratne rajitha.wijayaratne is online now
Senior Member
rajitha.wijayaratne will become famous soon enoughrajitha.wijayaratne will become famous soon enough
 
Posts: 306
Join Date: Jun 2017
11-12-2017, 08:05 PM

Reply With Quote
(#48)
Old
rajitha.wijayaratne rajitha.wijayaratne is online now
Senior Member
rajitha.wijayaratne will become famous soon enoughrajitha.wijayaratne will become famous soon enough
 
Posts: 306
Join Date: Jun 2017
11-20-2017, 08:58 AM

මූලාශ්‍ර ශිලා ලේඛන




බුදු හාමුදුරුවන්ට සහ බුද්ධ ශ්‍රාවකයන්ට ලංකාවේ එක් එක් තැන්වල පුජා කර තියෙන ලෙන්.





more -> here.



Last edited by rajitha.wijayaratne; 11-20-2017 at 08:02 PM.
Reply With Quote
(#49)
Old
rajitha.wijayaratne rajitha.wijayaratne is online now
Senior Member
rajitha.wijayaratne will become famous soon enoughrajitha.wijayaratne will become famous soon enough
 
Posts: 306
Join Date: Jun 2017
11-21-2017, 04:00 AM


සෙල් ලිපි අංක 14. 656 සහ 13. 486 (^පලමුවටම පෙන්වලා තිබෙන සෙල් ලිපි දෙක) ගැන විස්තරයක්.

ආචර්ය සුරිය ගුණසේකර ->







Last edited by rajitha.wijayaratne; 11-21-2017 at 09:15 AM.
Reply With Quote
(#50)
Old
sgrdk1's Avatar
sgrdk1 sgrdk1 is offline
Senior Member
sgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of light
 
Posts: 2,688
Join Date: Jul 2015
Location: හෙළ බිමේ
11-22-2017, 02:42 PM

“ජන්බුදීපා ඉධා ගථා” යනුවෙන් පාලි මහාවංශ අ‍ටුවාවෙහි සඳහන් කර ඇති දේ නිවැරදිය. එදා “ජන්බුද්වීපය” යන නම භාවිතා කළේ දේව හෙළය යන නමින් ප්‍රසිද්ධ වූ හෙළ දිවයිනේ ම කොටසක් වූ බුදුන් උපන් ප්‍රදේශයටයි. ලෝකෝපකාරය නමැති අනුරපුර යුගයේ ලියූ පොතකද මේ හෙළබිම එදා ජන්බුද්වීප, උතුරුකුරු දීපා, අපර ගෝයානය, පූර්ව විදේහය යනුවෙන් සතර දිවයින් ලෙස නම් කර තිබූ බව ලියා දක්වා ඇත. එමෙන් ම එදා ලංකාපුර (ලකමන්දාව) යනුවෙන් භාවිතා කළේත්, හැඳින්වූයේත් යක්ඛ හෙළයේ අග නුවරටයි. ලංකා පුරය යනුවෙන් එදා යක්ඛ හෙළයේ අගනුවරට භාවිතා කළ බව විජය රජුගේ කථා පුවතෙහි ද සඳහන් කර ඇත. කුවේණිය විසින් විජය රජු ලවා යක්ඛ නායකයින් අසූ දෙනෙකු ඝාතනය කරවූයේ ද ලංකා පුරයේදීය. ලංකා පුර රාජධානිය ම පසු කලකදී අනුරාධ පුර රාජධානිය ලෙසින් ද අලුතින් නම් කර සකස් කර ගති. ලංකාපුර හා ජන්බුද්වීපය යන නම් වලින් එදා පාලි මහාවංශ අ‍ටුවාවෙහි භාවිතා කළ නම් වැරදි ආකාරයෙන් ම ප්‍රයෝජනයට ගත් පසුකාලීන ගත් කතුවරු මෙන්ම අ‍ටුවා ටීකා ටිප්පනි ලියූ බොහෝ අයද ජන්බුද්වීපය යනු කොතැනකට භාවිතා කළ නමක් ද යන්න පිලිබඳව පැහැදිලි දැනුමක් හෝ තේරුමක් නැතිවම එය ඉන්දියාවේ පිහිටි තැනකැයි අනුමානයෙන් ලියා තැබූහ. අනුරාධපුර මුල් යුගයේදී නිවැරදි ආකාරයෙන් හෙළ බසින් ලියා තිබූ මුල් ම හෙළ මහාවංශය අද දක්නට නැත. ඒවෙනුවට අද ඇත්තේ ඒ හෙළ මහාවංශයට පාලියෙන් ලියූ අ‍ටුවාවක් ම පමණි. ඒ අ‍ටුවාව ලියා ඇත්තේ මුල් හෙළ මහා වංශය ලියා වසර 500 කට පමණ පසුවය. එනම්, බුද්ධෝත්පත්තියෙන් වසර 850 කට පමණ පසුවය. මේ යුගය වන විට බුදුන් උපන් දේව හෙළය (ජන්බුද්වීපය) වන ගත වී ආරඤ්ඤ සේනාසන හා වෙහෙර විහාර ටිකක් පමණක් ඉතිරි වූ ධර්ම මාර්ගයේ ගමන් ගත් දුකසේ කල් ගෙවූ භික්ඛූන් පිරිසකගෙන් පමණක්ම සමන්විත වූ වනගත ප්‍රදේශයක් බවටද පත් විය. අනුරාධපුර යුගයේදී නිවන් දකින්නට උපකාර වූ පවිත්‍ර බුද්ධ ධර්මය යටපත් වී බුද්ධාගම නමින් ආගමක් ප්‍රචලිත වී රජ ගෙදර ආශ්‍රය කොටගත්, රජ ගෙදරින් ම දන් වැලඳූ, සත් මහල් ප්‍රාසාද වල සුවසේ වැඩ සිටි, විශාල පෘථග්ජන භික්ෂු පිරිසක් ද මේ රටේ බිහි වූහ. ඔවුන් අනුගමනය කළේ පිරිසිදු බුද්ධ ධර්ම මාර්ගය නොව පසුව සකස් කර ගත් , සම්මත කරගත්, බුද්ධාගමේ ඇදහිලි හා ලෞකික වත්පිළිවෙත්ය. නිකාය භේද, අභයගිරි-මහාවිහාර අර්බුදය, රාජ පාක්ෂික හා රාජ විරෝධී යැයි දෙපක්ෂයකට භික්ෂූන් බෙදීම, දේව ආගම් සංකල්ප ආදී සියලු දේ බුද්ධාගමේ ලක්ෂණ මිස පිරිසිදු බුද්ධ ධර්මයේ ලක්ෂණ නම් නොවේ. පොළොන්නරු යුගය වන විට මේ තත්වය තවත් දරුණු විය. උතුම් බුද්ධ ධර්මය සහමුලින් ම වෙනස් කරගත් පෘතග්ජන භික්ෂූන් දේව ආගම් සංකල්ප හිස් මුදුනින් ම පිළිගෙන ක්‍රියා කළ බවත් පෙනේ. මේ අතරම නැගෙනහිර පළාතේත්, දකුණේ සිතුල්පව්ව, කුඩුම්බිගල, තිස්සමහාරාම ආදී ප්‍රදේශ වලත් සබරගමු පළාතේත්, කෑගල්ල ආදී ප්‍රදේශවලත් මේ යුගය වන විටත් ආරඤ්ඤ වාසී, වනවාසී පිරිසිදු බුද්ධ ධර්ම මාර්ගය ‍රැකගත් ආර්යයන් වහන්සේලා පිරිසිදු නිවන් මඟ අනුගමනය කරමින් මඟපල ලබාගත් බවද පැහැදිලිය..................................."


පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ තෙරුණ් වහන්සේ
Reply With Quote
Reply

Bookmarks

Tags
නිවන සඳහා භාවනා, පචෝරිස්, මීවනපලානේ, සිරි සද්ධර්මය

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01865 seconds with 11 queries