ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page බයිස්කෝප් අඩවිය උපසිරසි ලබාදීම අත්හිටුව&
Reply
 
Thread Tools
(#1)
Old
gihan500 gihan500 is offline
Senior Member
gihan500 has a spectacular aura aboutgihan500 has a spectacular aura aboutgihan500 has a spectacular aura aboutgihan500 has a spectacular aura about
 
Posts: 206
Join Date: Feb 2014
Location: Colombo
sad බයිස්කෝප් අඩවිය උපසිරසි ලබාදීම අත්හිටුව& - 12-07-2017, 12:52 AM

ඇතිවෙලා තියෙන ඉතාම කනගාටුදායක තත්වයක් නිසයි බයිස්කෝප් රසික හිතවතුන්ට මේ විදියට ආමන්ත්‍රණය කරන්න සිද්දවුණේ. වෙනදට මේ විදියට පොදු ආමන්ත්‍රණයක් කරන්නේ අපේ විශේෂ සමරුමක් වැනි දෙයක් ආවම. එදාට බයිස්කෝප් එකට එන හැම කෙනෙක්ටම දකින්න ලැබෙන්නේ සිත පිනායන දසුනක්. එක්කෝ වටිනා ටීවී සිරිස් එකකට එකම දවසේ උපසිරසි සේරම දීලා. නැත්නම් වෙනත් වටිනාකියන ලෝක ප්‍රකට සිනමා කෘති දන්නා සිංහලෙන් ඔයාලට සමීප කරලා. හැබැයි අද දකින්න කියවන්න ලැබෙන්නේ ඉතාම කනගාටුදායක පුවතක්. කෙටියෙන්ම කියනවනම්. “අපි මින් ඉදිරියට කිසිදු සතිපතා යන රුපවාහිනී කතා මාලාවකට සිංහල උපසිරසි නිකුත් නොකිරීමට තීරණය කළා.” එහෙම තීරණයක් ගන්න හේතු උන කරුණු කාරනා අවුරුදු ගානක් තිස්සෙ ගොඩනැගෙමින් පැවතුනා. ඉතිං පහුගිය දින කිහිපයේ ඇතිවුන සිදුවීම් දාමයත් එක්ක අපි මේ දේ තීරණය කළා. මම පැහැදිලි කරන්නම් මුලින්ම ඇයි අපිට අද මේ වගේ තීරණයකට එළබෙන්න සිද්දවුනේ කියල.

2012 ජුලි 27 අපි ගේම් ඔෆ් ත්‍රෝන් පළමු කතා සමයේ පළමු කතාංගයට සිංහල උපසිරසි ලබාදීමත් සමග තමයි එතෙක් කල් චිත්‍රපට සඳහා පමණක් ලබා දෙමින් ආව ගමන වෙනස්ම මාවතකට යොමුකරනු ලැබුවේ. ඊට පස්සේ ලෝක ප්‍රසිද්ධ කතා මාලාවන් රුපවාහිනියේ විකාශනය වෙනදවසෙම, එහෙමත් නැත්නම් වෙන විදියකට කිව්වොත් රුපවාහිනියට සමගාමීවම ඒ සඳහා අපේ වෙබ් අඩවියෙන් සිංහල උපසිරසි ලබාදීම සිද්දවෙන්න ගත්තා. ඒ තමා ආරම්භය. ඊට පස්සේ තමයි ජවනිකාව පටන් ගන්නේ. සාමාන්‍යයෙන් චිත්රපටයකටනම් දවස් දෙක තුනක් අරගෙන උපසිරැසිය ලබා දුන්නම එතනින් ඒ කාර්ය සහ වගකීම ඉවරයි. හැබැයි රුපවාහිනි කතා මාලාවක් ලබා දෙන්න ගන්නවා කියන්නේ කොටි වල්ගේ කෙරවලින්ම අල්ලාගැනිමක්. මොකද උදාහරණයකට අපි ඇරෝ කතා මාලාව අරගත්තොත් ඒ කතාව කරන සහෝදරයට එක දිගටම සුමාන 22කට ආසන්න හෝ ඊට වැඩි කාලයක් සතිපතා උපසිරසිය ලබාදෙන්න සිද්දවෙනවා.ඒ වගේම අපේ අඩවියේ උපසිරසි කරන හැම කෙනාම වගේ උසස් අධ්‍යාපනික කටයුතු හෝ රැකියාවේ නිරත වෙන ගමන් සුමානෙකට දවසක් එක දිගට පැය හතක අටක කාලයක් මේ වෙනුවෙන් වෙන් කරගෙන තමයි මේ දේ කරන්නේ. අන්න ඒකයි ලෙසියකට ස්ථිරවම ටීවී සිරිස් එකකට එක දිගටම උපසිරසි කරන කෙනෙක්ව හොයාගන්න අමාරු. ඇරෝ ෆ්ලෑෂ් ගත්තම කවිදු සහෝදරයා මුල ඉඳලම ඒක කරගෙන ආව. විවිධ අපහසුතාවයන් මධ්‍යයේ ඇරෝ ෆ්ලෑෂ් එන දවසට පහුවදාම සබ් එක දීපු කවිදුත් එක දවසක් දෙකක් පරක්කු උනාම හොදට අහගෙන තියෙනව කට්ටියගෙන්. ඉතිං ටීවී සිරිස් වලට සබ දෙන කෙනෙක් විදියට ලියුම්කරුවත් ඊලඟට මේ කියන්න යන අත්දැකීමට මුහුණ දීල තියෙනවා. මුල් කාලයේ කමෙන්ට්ස් වැඩියෙන් ලැබෙන තරමට ඉක්මනට සබ එක දෙන්න හිතට ෆිට් එකක් එනවා. පස්සේ පස්සේ අදහස් දැක්වීම අඩු වේගෙන එනකොට, උපසිරසි කරන කතාවට තියෙන ඇල්ම සහ හැමදාම කමෙන්ට් එකක් දාගෙන යන සුපුරුදු සෙට් එක ගැන හිතල හිත හදාගෙන උපසිරැසිය අරගෙන ආව. හැබැයි ඊට පස්සේ ඔන්න ඔතනදි තමා හොදම වැඩේ වෙන්න ගත්තේ. බැරි වෙලාවත් හදිසියකින්වත් උපසිරැසිය සතියක් පරක්කු උනොත්. කමෙන්ට් බොක්ස් එකක් තියනව කියල කවදාවත් දැක්කේ නැති අය හදිසියේම බයිස්කෝප් වෙබ් අඩවියේ පලවෙන උපසිරසි වලට පහලින් අදහස් දක්වන්න කමෙන්ට් බොක්ස් එක්ක තියෙන බව දකිනවා. ඔන්න ඊට පස්සේ රෙදි අතට අරගෙන අද මම මුට හොදවයින් දෙකක් කියනව කියල හිතාගෙන ජාතිය අමතනවා. අමතල ඉවර වෙලා වීර වදනක් කියනවා. ” තොට කරන්න බැරිනම් වෙන එකෙක්ට දීපන් යකෝ”. ස්තුතියි කියල කමෙන්ට් එකක් දාල යන්න බැරි මිනිහා, හැමදාම සබ එක අරගෙන ආපු කෙනා සාධාරණ හේතුවක් නිසා ඒක අරන් එන්න පරක්කු උනාම කියනවා කරන්න බැරිනම් වෙන එකෙක්ට දීපන් බදාගෙන ඉන්නේ නැතුව කියල. මම හිතන්නෙ ටීවී සිරිස් වලට උපසිරසි කරන අයගෙන් 90%කම කැමතියි වෙන කෙනෙක්ට කතාව බාරදීලා අයින් වෙන්න පුලුවන්නම්. මේ කතා මාලා කරගෙන යන අය ඒවා කරගෙන යන්නේ අර ඉහත සඳහන් කරපු ඉතාම සුළු පිරිසක් වෙන එදිනෙදා ප්‍රේක්ෂකයින් වෙනුවෙන්. අද අපි මේ අරගෙන තියෙන තීරණයෙන් අපහසුතාවයට පත්වෙන ඒ සාධාරණ දියුණු මනසක් තියෙන අපිට සමීප හිතවතුන්ට කනගාටුව ප්‍රකාශ කරනවා උපසිරසිකරුවන් සියලුදෙනාම වෙනුවෙන් මේ අවස්තාවෙදී. අපිට මේ තීරණය ගන්න සිද්දවුනේ “කරන්න බැරිනම් වෙන කෙනෙක්ට දීපන් බදාගෙන ඉන්නේ නැතුව” තේමාව යටතේ සහ ඉතාම සාධාරණ හේතු නිසාවෙන් උපසිරැසිය පමා වීමක් සිදුවුණාම ජාතිය අමතන පිරිස දිගින් දිගටම උපසිරසි කරුවන්ට එලකරපු ගෝත්‍රික අදහස් නිසාවෙන්. තෝ මහ මග මලත් සබ් එක දීල මැරියන් ජාතියෙ මහත්වරුන් පහුගිය දවසක වැදගත් දෙයක් කරනව. CW ඇරෝවර්ස් එකේ ක්‍රොස් ඕවර් කතාංගවල ඇරෝ සහ සුපර් ගර්ල් සිරිස් දෙකටම උපසිරසිය කරන නිලුපුල් සහෝදරයා මුලින් සුපර් ගර්ල් එවනව. ඊට පස්සේ ඇරෝ උපසිරැසිය කරන ගමන් අපේ ඇඩ්මින් කෙනෙක්ට කියනවා සබ එකේ තව ලයින් පනහයි හුළඟට ගස් කඩාගෙන වැටිලා කරන්ට් එක ගිහිල්ල තියෙන්නෙ ෆෝන් එකෙන් සබ් එක කලේ සබ් එක එවන්නම් කියල. හැබැයි සබ එක එවන්න කලින් ෆෝන් එක ඔෆ් වෙලා චාර්ජ් එක නැතුව. නිලුපුල් සබ එක කරපු බව දන්න නිසාත් එවන්නම් කියල කිව්ව නිසාත් ඇඩ්මින්ලා වෙන කෙනෙක්ට ඒ උපසිරැසිය කරන්න දෙන්නේ නැහැ. වෙනදට එක්කෙනෙක්ට කරන්න බැරිවුනාම වෙන කෙනෙක්ට ඒක කරන්න දෙනවා.එත් මෙදා පාර එහෙම නොදුන්නේ ඔන්න ඔය කියපු හේතුව නිසා. අපි ඒ ගැන සටහනක් පෙර කතාංගයෙ ලිපිය යටින් දානව. කොහොමහරි දවස් ගානකට පස්සේ විදුලි සම්බන්ධතා අලුත්වැඩියා කලාම නිලුපුල් සබ එක එවනවා. එව්වට පස්සේ ඊට කලින් සුමානේ ඇරෝ කතාංගයේ සහ ඒ සුමානේ ෆ්ලෑෂ් කතාංගයේ දාල තිබ්බ ගෝත්‍රික කමෙන්ට් දැක්ක නිලුපුල් අහනවා මම මෙච්චරකල් නැහිගෙන සබ් කලේ මේ වගේ අයට බලන්නද කියල. කවුරුහරි හිතුවනම් උපසිරසි කරන අයට ඒ ව්දියට හරි බලපෑම් කරලා බයිස්කෝප් අඩවිය මේ විදියට කරගෙන යන කාර්යය කඩාකප්පල් කරන්න, ඔව් අද ඒ පිරිස සාර්ථකයි. මේ වෙනකම් හැම දේම ඉවසගෙන මොන බැනුමක් උනත් අහගෙන උපසිරසි අරගෙන ආවා, නමුත් හැම දේකටම සීමාවක් තියෙනවා, වඳින්න වඳින්න ගහන මිනිහට වඩා ගහන්න ගහන්න වඳින මිනිහා අමු මෝඩයෙක්. ඒ නිසා ඉවසීම පැත්තකට දාලා තවදුරටත් ගහන ගැහිල්ලට වැඳ නොවැටී ඉන්න තීරණය කළා. මොකද ඇරෝ එකට පස්සේ වොකින් ඩේඩ් එකටත් ඒ ජාතියේ ගෝත්‍රික අදහස් දකවලා තිබ්බා. දිගින් දිගටම එවැනි අදහස් පලවුවත් අපි උපසිරසි ලබාදීම නිසා අපි ඒ ගෝත්‍රිකයින්ගේ වහල්ලු කියල හිතාගෙන ඉන්නවනම් අද ඒ හිතිවිල්ලට මේ විදියට තිත තියනවා. අපි අදින් පස්සේ ආයේ මේවගේ ටීවී සිරිස් වලට උපසිරසි ලබාදීම නවත්තනවා


ඒ වගේම එල්ලවුණ තවත් චෝදනාවක් තිබ්බා, 2009පටන් ගත්ත දවසේ ඉඳල 2015 වෙනකම්ම වගේ කිසිම දැන්වීමක් පලනොකරමින් පෞද්ගලික වියදමින් වෙබ් අඩවිය පවත්වාගෙන ආවා. නමුත් වෙබ් අඩවිය වැඩිදියුණු කිරීම් කරන්න සිද්දවෙගෙන එනකොට ඒ දේවල් කරගන්න මුදල් නැතුව වෙබ් අඩවිය මාස ගණන් ඕෆ්ලයින් තිබුන අවස්තාවන් තිබ්බා, ඉතිං හැම දෙයක්ම වගේ මුදල් මත තීරණය වෙන සමාජයක ලංකාවේ විශාල පිරිසක් එදිනෙදා ගොඩ වදින මුල් පෙලේ වෙබ් අඩවි 15 අතරින් එකක් වෙන බයිස්කෝප් අඩවිය පවතවාගෙන යාම සහ නඩත්තු කටයුතු කිරීමට යන වියදම මේ ක්ෂේත්‍රය හා සම්බන්ධ පිරිස් හොඳට දන්නවා. ඉතිං ඒ අනුව අපිට සිද්දවුනා එතෙක් අනුගමනය කරපු ප්‍රතිපත්තියම අනුගමනය කරමින් වැනසිලා යනවද වෙළඳ දැන්වීම් පළකර මුදල් හොයාගෙන වෙබ් අඩවිය පවත්වාගෙන යනවද කියන නියත කාරනා දෙකෙන් එකකට එළඹෙන්න. කාලයත් එක්ක වෙනස් වෙලා අපි ඉදිරියට යමු කියල තීරණය කලාට පස්සේ ලංකාවේ ඉදිරියෙන් තියෙන වෙබ් අඩවිවල දැන්වීම් පලකිරීමට අයකරන මුදලට වඩා ඉතාම අවම මිලක් යටතේ එනම් වර්ග පික්සලයකට සත දහයක් (වෙබ් දැන්වීම් සම්බන්ධ පුද්ගලයින් ඉන්නවනම් ඒ වෙනුවෙන් අයකරන මුදල් කන්දරාව ගැන නොදන්නා අයට දැනුවත් වෙන්න අදහස් පලකරාවී කියල බලාපොරොත්තු වෙනවා) වගේ ඉතාම අවම මිලක් යටතේ දැන්වීම් පලකරන්න ගන්නවා. මොකද අපිට තියෙන අවශ්‍යතාවය මේක පවත්වාගෙන යාම මිසක් මේකෙන් ලාභ ඉපයීම නොවන නිසා. අපි එහෙම කරලත් ලැබෙන මුදලින් වෙබ් අඩවියේ උපසිරසි කරුවන් දෙදෙනෙක් දිනුම් ඇදීමක් මගින් තෝරාගෙන වටිනා තග්‍යන් ලබාදීමට කටයුතු කරනවා. සමහර උපසිරසි කරුවන් අපි ඊ මේල් එකක් මගින් දන්වා යවනකම් දන්නේ නැහැ එයාට එහෙම ජයග්‍රහණයක් ලැබිලද කියලවත්. ඒ වගේම විවිධ ආපදා තත්වයන් උද්ගත වෙච්ච අවස්ථාවන්හිදී සහනාධාර දීමේ කටයුතු සඳහා වෙබ් අඩවියෙන් ලැබෙන මුදල් යොදවනවා, ඒ විතරක් නෙමේ දුෂ්කර පෙදෙස් වල ඉගෙනගන්න පාසල් ළමුන්ට අධ්‍යාපනික කටයුතුවල නිරතවීම පහසු කිරීම සඳහා ප්‍රධානයන් ලබාදීලා තියෙනවා. අපි මේ වෙනකම් මේ සම්බන්ධයෙන් එකදු චායාරුපයක් හෝ නිල වශයෙන් ප්‍රසිද්ධ කරලා නැහැ. නමුත් ඉන්න හැම සාමාජිකයෙක්ම ඒ කටයුතු ගැන දැනුවත් වගේම බයිස්කෝප් උපසිරසිකරුවන්ට අපි මාසිකව ආදායම් වියදම් වාර්තාවන් සපයල ඉතාම විනිවිද ආකාරයෙන් තමයි මේ මුල්‍ය කටයුතු පවත්වාගෙන යන්නේ. ඒ නිසා දැන් එල්ලකරන අලුත්ම චෝදනාව වෙලා තියෙන “මුන්ට ඇඩ් දාල සල්ලි හොයන්නයි ඕන ” කියන කතාවට කිසිම වලංගුභාවයක් නැහැ ඒ කතාව තරයේ ප්‍රතික්ෂේප කරනව. අපිට සල්ලි හොයන්න උවමනා උනානම් අපි දැන්වීම් සඳහා ඉහල මිලක් තීරණය කරනව අපිට එහෙම කරන්න හැකියාව තියෙනවා මොකද ඇලෙක්සා රෑන්ක් වලත් ඕනෑම කෙනෙක්ට බලන්න පුළුවන් අපිට ඉදිරියෙන් ලංකාවේ වෙබ් අඩවි දෙක තුනයි තියෙන්නෙ.

වැදගත්ම කාරනාව වෙන්නේ වෙබ් අඩවිය පවත්වාගෙන යන්න ප්‍රේක්ෂක ඔබත් උපසිරසිකරුවනුත් කියන දෙපිරිසම සිටිය යුතුයි. ඔවුන් දෙගොල්ල තමයි වෙබ් අඩවියේ ඉදිරිය තීරණය කරන්නේ. මේක තනි කෙනෙකුට අයිති දෙයක් නෙමේ බයිස්කෝප් කියන සිංහල වෙබ් අවකාශය අපි හැමෝගෙම දෙයක්. ඉතිං ඒ දෙය පවත්වාගෙන යන්න එක පාර්ශවයකට උවමනාව නැති වෙනවනම් අනිත් පාර්ශවය විසින් විවිධ බාධාවන් විඳ දරාගනිමින් බැනුම් අසමින් ගහන්න ගහන්න වඳිමින් කරන කාර්යය පලක් වෙන්නේ නැහැ, ඒ වගේම අපි මුදල් සෙවීමේ පරමාර්ථයෙන් හිට්ස් ලබාගැනීමේ අරමුණින් කටයුතු කරන්නෙත් නැහැ, බයිස්කෝප් අඩවිය කිසිදු විටෙක ජනප්‍රියත්වය හඹා ගිය වෙබ් අඩවියක් නෙමේ, ඒ නිසා සුපුරුදු පරිදි සිනමාපට සඳහා පමණක් උපසිරසි ලබාදෙමින් ඉදිරියට ඔබ හමුවට ඒමට බලාපොරොත්තු වන බවත්, දැනට තීරණය කර ඇති පරිදි මින් ඉදිරියට කිසිදු සතිපතා යන රුපවාහිනි කතා මාලාවකට උපසිරසි ලබා නොදෙන බවත් ඉමහත් කනගාටුවෙන් යුතුව දැනුම් දෙන්නෙමු!

මිට බයිස්කෝප් වෙබ් අඩවියේ ඇඩ්මින් මඩුල්ල සහ උපසිරසිකරුවන්
Reply With Quote
(#2)
Old
MARVELS_SL's Avatar
MARVELS_SL MARVELS_SL is offline
Senior Member
MARVELS_SL will become famous soon enough
 
Posts: 195
Join Date: Nov 2016
12-07-2017, 01:07 AM

මෝඩ හරක් නේ ඉන්නේ ලංකාවේ . බලලා හමාරයි දැන්
Reply With Quote
(#3)
Old
bubble butt's Avatar
bubble butt bubble butt is offline
Senior Member
bubble butt is just really nicebubble butt is just really nicebubble butt is just really nicebubble butt is just really nicebubble butt is just really nicebubble butt is just really nicebubble butt is just really nice
 
Posts: 2,613
Join Date: Apr 2017
Location: පස්ස පැත්තේ
12-07-2017, 01:31 AM

ekath iwarai
Reply With Quote
(#4)
Old
Fox C2's Avatar
Fox C2 Fox C2 is offline
Senior Member
Fox C2 is a glorious beacon of lightFox C2 is a glorious beacon of lightFox C2 is a glorious beacon of lightFox C2 is a glorious beacon of lightFox C2 is a glorious beacon of lightFox C2 is a glorious beacon of lightFox C2 is a glorious beacon of lightFox C2 is a glorious beacon of lightFox C2 is a glorious beacon of lightFox C2 is a glorious beacon of lightFox C2 is a glorious beacon of light
 
Posts: 13,088
Join Date: Aug 2011
Location: nomans land
Send a message via Yahoo to Fox C2 Send a message via Skype™ to Fox C2
12-07-2017, 01:39 AM

Well done.
Reply With Quote
(#5)
Old
Arrow11's Avatar
Arrow11 Arrow11 is online now
Senior Member
Arrow11 is a splendid one to beholdArrow11 is a splendid one to beholdArrow11 is a splendid one to beholdArrow11 is a splendid one to beholdArrow11 is a splendid one to beholdArrow11 is a splendid one to beholdArrow11 is a splendid one to beholdArrow11 is a splendid one to beholdArrow11 is a splendid one to beholdArrow11 is a splendid one to beholdArrow11 is a splendid one to behold
 
Posts: 19,564
Join Date: May 2014
Location: හීන මාලිගාවේ ❤❤
12-07-2017, 01:45 AM

මේකේ බයිස්කෝප් එක කරන ගිය කෙනාට ACCOUNT එකක් තිබ්බ නේද ?ඇයි එකෙන් පොස්ට් දැම්මේ නැත්තේ ?

ඇරෝ එකේ ප්‍රශ්නේ නම් මාත් දැක්කා .එත් ඉතින් නිකන් පිනට දෙන දේට බයින එක වැරදි ..අනික මචන් හැමදාම ස්තුති කියන්න මටනම් හිතෙන නෑ .එත් ලියන ලිපිය අකුරක් නෑර කියවනවා ..ඔය හේතු නිසා කමෙට් දාන්නේ නම් නෑ ..එත් අරම කියන අයට දෙන්න තිබ්බ එකම රිප්ලයි එක මේ එපියෙවත් සබැ පුලුවන්නම් ඔයා කරලා පෙන්වන්න කියලා

කොහොම උනත් මේ වෙනකන් කට්ට කාගෙන සබ දුන්න සෙට් එකට වචනෙන් කිවේ නැතත් හදවතින් ස්තුති වන්ත වෙනවා බාගන්න හැම වෙලාවකම ..
Reply With Quote
(#6)
Old
isuru_feat's Avatar
isuru_feat isuru_feat is offline
Senior Member
isuru_feat is a glorious beacon of lightisuru_feat is a glorious beacon of lightisuru_feat is a glorious beacon of lightisuru_feat is a glorious beacon of lightisuru_feat is a glorious beacon of lightisuru_feat is a glorious beacon of lightisuru_feat is a glorious beacon of lightisuru_feat is a glorious beacon of lightisuru_feat is a glorious beacon of lightisuru_feat is a glorious beacon of lightisuru_feat is a glorious beacon of light
 
Posts: 5,111
Join Date: Apr 2014
Location: www.xiaomilanka.blogspot.com
Send a message via ICQ to isuru_feat Send a message via AIM to isuru_feat Send a message via Yahoo to isuru_feat Send a message via Skype™ to isuru_feat
12-07-2017, 02:07 AM

dan itin http://www.addic7ed.com thamyi
Reply With Quote
(#7)
Old
Nadun26's Avatar
Nadun26 Nadun26 is online now
Senior Member
Nadun26 is a name known to allNadun26 is a name known to allNadun26 is a name known to allNadun26 is a name known to allNadun26 is a name known to allNadun26 is a name known to allNadun26 is a name known to allNadun26 is a name known to allNadun26 is a name known to allNadun26 is a name known to allNadun26 is a name known to all
 
Posts: 4,227
Join Date: Apr 2015
Location: Anuradhapura
Send a message via Skype™ to Nadun26
12-07-2017, 02:20 AM

bump
Reply With Quote
(#8)
Old
Matara_C's Avatar
Matara_C Matara_C is offline
Senior Member
Matara_C is a name known to allMatara_C is a name known to allMatara_C is a name known to allMatara_C is a name known to allMatara_C is a name known to allMatara_C is a name known to allMatara_C is a name known to allMatara_C is a name known to allMatara_C is a name known to allMatara_C is a name known to allMatara_C is a name known to all
 
Posts: 906
Join Date: Oct 2015
Location: රාහුල පාර,මාතර.
12-07-2017, 02:21 AM

ඔන්න ඉතින් ඕක තමයි ලංකාවේ ඉන්න පොන්න හැතිකරේට අන්තිමට වෙන්නේ.
කරන්න දෙයක් නෑ.
බයිස්කෝප් සෙට් එකට හා නිලුපුල් සහෝදරයා ඇතුලු හැමෝටම ස්තූතියි මෙච්චර කාලයක් කල කැපකිරීම් වලට..
Reply With Quote
(#9)
Old
scorpion MW scorpion MW is offline
Senior Member
scorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of light
 
Posts: 7,892
Join Date: Dec 2014
Location: හෙල බිමේ
12-07-2017, 06:05 AM

bump.
Reply With Quote
(#10)
Old
maheshsenadheera's Avatar
maheshsenadheera maheshsenadheera is offline
Senior Member
maheshsenadheera is a splendid one to beholdmaheshsenadheera is a splendid one to beholdmaheshsenadheera is a splendid one to beholdmaheshsenadheera is a splendid one to beholdmaheshsenadheera is a splendid one to beholdmaheshsenadheera is a splendid one to beholdmaheshsenadheera is a splendid one to beholdmaheshsenadheera is a splendid one to beholdmaheshsenadheera is a splendid one to beholdmaheshsenadheera is a splendid one to beholdmaheshsenadheera is a splendid one to behold
 
Posts: 16,425
Join Date: Mar 2009
Location: කන්ද උඩ රට
Send a message via ICQ to maheshsenadheera Send a message via AIM to maheshsenadheera Send a message via Yahoo to maheshsenadheera Send a message via Skype™ to maheshsenadheera
12-07-2017, 06:11 AM

bump
Reply With Quote
Reply

Bookmarks

Tags
!! දන ගහපිය පද්ද, !! හාමුට වැදපන්, ජේසු ජීවමානයි, ජේසු හුත්තා, පකේ ජේසු, සුභාරංචි, djdjdj, english sub balamu, kari nabiya, qeert, wiki bump

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01877 seconds with 9 queries