ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > ElaKiri Traveler > Travel Sri Lanka
Reload this Page කෑම්පින් වලට සුපිරිම තැනක්
Reply
 
Thread Tools
(#1)
Old
nirmala95's Avatar
nirmala95 nirmala95 is offline
Member
nirmala95 is a jewel in the roughnirmala95 is a jewel in the roughnirmala95 is a jewel in the roughnirmala95 is a jewel in the roughnirmala95 is a jewel in the roughnirmala95 is a jewel in the rough
 
Posts: 74
Join Date: Apr 2018
laugh කෑම්පින් වලට සුපිරිම තැනක් - 09-19-2019, 01:06 PM

දැකුම්කළු මඩොල්සිම හරහා පුංචි ලෝකාන්තය

මඩොල්සිම කියන්නේ ඉතාමත් මනස්කාන්ත ප්රදේශයක්. වටපිටාවේ සුන්දරත්වයනම් කියා නිමකරන්නම බෑ. පුංචි ලෝකාන්තය නැරඹීම සදහා ප්රවේශ වීමට මාර්ග කිහිපයක් ඇත.

1.බදුල්ල --->පස්සර ---> මඩොල්සිම --->කුරුවිගොල්ල --->අම්බලම හංදිය --->පුංචි ලෝකාන්තය

2.ඇල්ල --->නමුණුකුල --->පස්සර ---> මඩොල්සිම --->කුරුවිගොල්ල --->අම්බලම හංදිය --->පුංචි ලෝකාන්තය

3.බිබිල --->ලුණුගල --->ජනතාපුර --->අම්බලම හංදිය --->පුංචි ලෝකාන්තය

4.මීගහකිවුල ---> පිටමාරුව --->පුංචි ලෝකාන්තය

මෙතෙන්ට යන්න තියෙන පහසුම මාර්ගය ගැන කිව්වොත් බදුල්ලෙන් පස්සරට ඇවිල්ලා එතැනින් මඩොල්සිමට ඇවිත් ඒතන ඉඳලත් තව 22 KM විතර යන්න ඕන. යන්න හිතාගෙන ඉන්න කෙනෙක්ට හරියටම පාර කිව්වොත් මඩොල්සිම ඉඳලා ඇකිරිය පාරේ 08 KM විතර ගියාම හම්බවෙන කුරුවිගොල්ල මංසන්දියෙන් දකුණට තියෙන පිටමාරුව හෙවත් රෝබේරිය පාරේ 10 KM විතර ගියාම කොකාගල වතුයායේ පිහිටි පුංචි ලෝකාන්තයට යන්න පුළුවන්. දැන් මේ පාර දිගටම ඔය කියන වතුයායේ පාලන අධිකාරිය විසින් මඟපෙන්වීමේ පුවරු හඳලා තියෙනවා. මුළු මාර්ගයම වගේ කාපට් කරලා අපූරුවට තියෙනවා.තැනින් තැන කැඩිච්ච තැනුත් ඒත් අන්තිම කිලෝමීටර් 3KM ගැන නම් කතා කරලා වැඩක් නෑ. ජීප් එකකට වගේ තමයි ඒ පාරේ යන්න පුළුවන්. ගොඩක් පාත වාහන වලට නම් යන්න බැ මොකද අන්තිම 3KM හරිම අමාරුයි.අපි වැන් එකක ගියේ ඩොල්ෆින් එකක්. ළඟ පාතක ගෙයක් දොරක්වත් නෑ. කිලෝමීටර් ගාණක් යනකම් මිනිස් පුලුටක් නෑ.

Public Transport වලින් පැමිණෙනවානම් පස්සරට පැමිණ ඉන්පසු කුරුවිගොල්ල හරහා පිටමාරුව බස් රථයෙන් ප්රවේශ මාර්ගය අසලට ගමන් කල හැක.ලුණුගල සිටද අම්බලම හංදිය හරහා කුරුවිගොල්ල බසයෙන් අම්බලම හංදියට පැමිණ පිටමාරුව බසයක් ලබා ගත හැක.

* කොළඹ සිට මඩොල්සිම දක්වා HPLTravels වෙතින් බස් රථයක් ධාවනය වේ.ඒය කොළඹින් රාත්රි 10.15ට පිටත් වේ. ඉන්පසු මඩොල්සිමෙන් කුරුවිගොල්ල හරහා පිටමාරුව බස් රථයක් ලබා ගත හැක. ඒසේත් නොමැතිනම් කොළඹින් පස්සරට පැමිණ ඉන්පසු පිටමාරුව ට බසයක් ලබා ගත හැක. (වැඩි විස්තර අවසාන ඡායාරූපයේ )
මඩොල්සිම ටවුමෙන් අවශ් කරන බඩු රැගෙන යා හැක.ඉන්පසු කඩපොලක් ඇත්තේ කුරුවිගොල්ලේ පමණි. පුංචි ලෝකාන්තය දවසින් බොහෝ වෙලාවක් මීදුමෙන් සම්පූර්ණ වැසී තිබෙන අතර සැරෙන් සැරේ ටිකක් පැහැදිලි වේ.පැහැදිලිව අවට නැරඹීමට නම් හිරු උදාවන විට ඒහි සිටිය යුතුය. මේ සියල්ල මැද සොබාදහමේ අපූරූ නිමැවුම ගැන කියන්න වචනත් නෑ.

අපහු එන ගමන් අරදුනු ඇල්ලත් බලන්න අමතක කරන්න එපා. සුපිරිම පොට් එකක්.




































































































































Last edited by nirmala95; 09-19-2019 at 01:31 PM.
Reply With Quote
(#2)
Old
sidathsaumya sidathsaumya is online now
Senior Member
sidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to behold
 
Posts: 41,790
Join Date: Jun 2009
Location: Seeduwa
Send a message via Yahoo to sidathsaumya
09-19-2019, 01:29 PM

bp
Reply With Quote
(#3)
Old
pavithra_uk's Avatar
pavithra_uk pavithra_uk is offline
Senior Member
pavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to all
 
Posts: 38,706
Join Date: Oct 2009
Location: New caledonia
09-19-2019, 01:35 PM

sinhalunta mewa kiyannath hoda ne yana thana kala iwara karala enne
Reply With Quote
(#4)
Old
KDH's Avatar
KDH KDH is offline
Senior Member
KDH is a name known to allKDH is a name known to allKDH is a name known to allKDH is a name known to allKDH is a name known to allKDH is a name known to allKDH is a name known to allKDH is a name known to allKDH is a name known to allKDH is a name known to allKDH is a name known to all
 
Posts: 12,184
Join Date: Jul 2014
Location: රූකඩ රාජ්ජේ
09-19-2019, 01:37 PM

වාව් පට්ට මචං
Reply With Quote
(#5)
Old
Jim_Moriarty's Avatar
Jim_Moriarty Jim_Moriarty is offline
Senior Member
Jim_Moriarty is a glorious beacon of lightJim_Moriarty is a glorious beacon of lightJim_Moriarty is a glorious beacon of lightJim_Moriarty is a glorious beacon of lightJim_Moriarty is a glorious beacon of lightJim_Moriarty is a glorious beacon of lightJim_Moriarty is a glorious beacon of lightJim_Moriarty is a glorious beacon of lightJim_Moriarty is a glorious beacon of lightJim_Moriarty is a glorious beacon of lightJim_Moriarty is a glorious beacon of light
 
Posts: 1,343
Join Date: Jan 2019
Location: london
09-19-2019, 01:50 PM

photo oversaturated machan.
tfs
Reply With Quote
(#6)
Old
hodakolla's Avatar
hodakolla hodakolla is offline
Senior Member
hodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to behold
 
Posts: 16,806
Join Date: Feb 2017
Send a message via AIM to hodakolla
09-19-2019, 01:52 PM

BUMP
Reply With Quote
(#7)
Old
lex75 lex75 is offline
Senior Member
lex75 will become famous soon enough
 
Posts: 596
Join Date: Feb 2017
09-19-2019, 01:53 PM

bump
Reply With Quote
(#8)
Old
Naughtykolla48's Avatar
Naughtykolla48 Naughtykolla48 is offline
Senior Member
Naughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to all
 
Posts: 4,949
Join Date: Nov 2017
Location: හඳට කිට්ටුව
09-19-2019, 01:54 PM

tfs
Reply With Quote
(#9)
Old
Lejayange's Avatar
Lejayange Lejayange is offline
Senior Member
Lejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud of
 
Posts: 16,033
Join Date: Mar 2015
09-19-2019, 01:55 PM



පට්ට...!!.
Reply With Quote
(#10)
Old
Fantasy guy Fantasy guy is offline
Senior Member
Fantasy guy will become famous soon enough
 
Posts: 295
Join Date: Dec 2018
09-19-2019, 02:03 PM

Quote:
Originally Posted by Jim_Moriarty View Post
photo oversaturated machan.
tfs
YES over saturated
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06285 seconds with 9 queries