ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page මරු. තොපිට PAYE වෙනුවට Income Tax ගෙවන්න වෙලා.
Reply
 
Thread Tools
(#1)
Old
tokkaputha's Avatar
tokkaputha tokkaputha is online now
Senior Member
tokkaputha is just really nicetokkaputha is just really nicetokkaputha is just really nicetokkaputha is just really nicetokkaputha is just really nicetokkaputha is just really nicetokkaputha is just really nicetokkaputha is just really nice
 
Posts: 401
Join Date: Aug 2015
මරු. තොපිට PAYE වෙනුවට Income Tax ගෙවන්න වෙලා. - 02-14-2020, 12:07 PM

ඉස්සර PAYE ටැක්ස් ගෙව ගෙව ආතල් එකේ හිටපු උඹලට ඔන්න දැන් 2020 ජනවාරි 01 ඉඳන් Income Tax ගෙවන්න වෙනවා. බැරිවෙලාවත් උඹලගේ කම්පනි එකෙන් 2020 ජනවාරි මාසයට අදාලව PAYE tax එක කපලා නම් ඒ කපපු මුළු මුදලම 2020 පෙබරවාරි මාසේදී ආපහු නැවත තොපිට ගෙවන්න කියලා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් කියලා තියනවා. ඊට පස්සේ කව්රුවත් බොලාගෙන් ටැක්ස් කපන්න යන්නේ නැහැ.හරිය.

හැබැයි දැන් උඹලට අලුතෙන් Tax File එකක් open කරගෙන තමන්ගේ සේවා නියුක්තියෙන් ලැබෙන ආදායමට අනුව ඇග බද්ද ( ආ වැරදුනා .. ආදායම් බද්ද) ගෙවන්න වෙනවා. අප්පට සිරි .. කව්ද යකෝ දැන් අපිට ඔය ආදායම් බද්ද calculate කරලා දෙන්නේ . මල කෙලියයි.
හෝව් .. හෝව්.. පොඩ්ඩක් හිටපියවූ. ඒක තමයි දැන් බොලාට කියල දෙන්න යන්නේ.

මුලින්ම උඹලට සේවා නියුක්තියෙන් ( ඔව් .. ඔව්.. තොපේ රස්සාවෙන් තමයි ) ලැබෙන මුළු ආදායම අරගනින්. මේකට එන්නේ Basic Salary + Allowances + Bonus වගේ ඔක්කොමගේ එකතුව තමයි.

අපි දැන් උදාහරණයකට මේ ඊයේ පෙරේදා ඔක්සිජන් ඕනේ නැහැ කියලා නාගත්ත සනත් නිශාන්ත ගමුකො. අපි හිතමු මේකාගේ Basic Salary = රු. 500,000 /- යි Allowances ඔක්කොගෙම එකතුව රු. 450,000/- යි තව බෝනස් එක රු. 750,000/- යි කියලා.( බෝනස් එක ගෙවන්නේ අවුරුද්දට එකයි කියල ගමු. කොහෙද යකෝ මාසේ ගානේ බෝනස් දෙන්නේ. බොට පිස්සුද ?)

හරි දැන් බලමු මුගේ වාර්ෂික ආදායම කීයද කියලා.

ඔන්න ඔය attachment එකේ බලපල්ලා ආදායමයි එකට අදාළ ආදායම් බද්දයි හැදෙන හැටි.

අප්පට හුඩු...මේ හු%$#& ට මෙච්චර ආදායමක් තියනවද ? හරි.. හරි.. කමක් නැහැ. දැන් බලමුකෝ ඉන්කම් ටැක්ස් එක හදන හැටි.

මේකයි ක්‍රමය. මුලින්ම රුපියල් මිලියන 3 ක් අත ඇරපන්. ඒකට කියන්නේ බද්දෙන් නිදහස් ආදායම කියලා. දැන් ඊළඟ රුපියල් මිලියන 3 ට 6% ක් බලපන්. ඊට පස්සේ ඊළඟ රුපියල් මිලියන 3 ට 12% ක් බලපන්. දැන් තොපිට තවත් ගාණක් ඉතුරු වෙනවා නම් ඒ ඔක්කොටම 18% ක් දාලා ඔය ඔක්කොම එකතු කරපියවූ. ඔන්න ඔය එකතුව උඹලගේ වාර්ෂික ආදායම් බද්ද වෙන එකට මං මොනවා කරන්නද?

ඉතින් කැ$#&යො දැන් ඔය බද්ද හැදුවට කොහොමද ගෙවන්නේ කියපිය අපිට.
හෝව්.. හෝව්.. ඊළඟට එකත් සුද්ද සිංහලෙන් දානවා . පොඩ්ඩක් ඉවසලා හිටපල්ලා.
Attached Images
File Type: jpg Income Tax .jpg (92.1 KB, 181 views)

Last edited by tokkaputha; 02-15-2020 at 09:17 AM.
Reply With Quote
(#2)
Old
NEMISIS's Avatar
NEMISIS NEMISIS is online now
Senior Member
NEMISIS is a name known to allNEMISIS is a name known to allNEMISIS is a name known to allNEMISIS is a name known to allNEMISIS is a name known to allNEMISIS is a name known to allNEMISIS is a name known to allNEMISIS is a name known to allNEMISIS is a name known to allNEMISIS is a name known to allNEMISIS is a name known to all
 
Posts: 3,886
Join Date: Nov 2013
Location: Colombo
02-14-2020, 12:13 PM

මේ ක්‍රමෙන් paye ගෙවනට වඩා ලාබයි නේද අපිට
හැබැයි සීන් එක තියෙන්නෙ Quarter එකට එක සැරේ ගෙවන්න ඕනද කොහෙද.
Reply With Quote
(#3)
Old
banda065's Avatar
banda065 banda065 is offline
Senior Member
banda065 is a glorious beacon of lightbanda065 is a glorious beacon of lightbanda065 is a glorious beacon of lightbanda065 is a glorious beacon of lightbanda065 is a glorious beacon of lightbanda065 is a glorious beacon of lightbanda065 is a glorious beacon of lightbanda065 is a glorious beacon of lightbanda065 is a glorious beacon of lightbanda065 is a glorious beacon of lightbanda065 is a glorious beacon of light
 
Posts: 1,856
Join Date: Apr 2007
02-14-2020, 12:13 PM

up
Reply With Quote
(#4)
Old
tokkaputha's Avatar
tokkaputha tokkaputha is online now
Senior Member
tokkaputha is just really nicetokkaputha is just really nicetokkaputha is just really nicetokkaputha is just really nicetokkaputha is just really nicetokkaputha is just really nicetokkaputha is just really nicetokkaputha is just really nice
 
Posts: 401
Join Date: Aug 2015
02-14-2020, 12:30 PM

Quote:
Originally Posted by NEMISIS View Post
මේ ක්‍රමෙන් paye ගෙවනට වඩා ලාබයි නේද අපිට
හැබැයි සීන් එක තියෙන්නෙ Quarter එකට එක සැරේ ගෙවන්න ඕනද කොහෙද.

ඔව්. Tax Free Allowance එක රුපියල් මිලියන 3 ට වැඩිකරපු නිසයි බදු අයවෙන Slabs රුපියල් මිලියන 3 කරපු නිසයි දැන් ඇත්තටම ගෙවන්න ඕනේ බද්ද අඩුයි. ඉස්සර තිබ්බේ මුල් රුපියල් මිලියන 1.2 නිදහස්. ඊ ළඟ රුපියල් 600,000/- slabs වලට 4%,8%,12%,16%,20% බැගින් සහ ඉතුරු ආදායමට 24% ක බද්දක්.

Income Tax එක Self-Assessment basis වලට Quarterly ගෙවන්න ඕනේ.


Last edited by tokkaputha; 02-14-2020 at 12:33 PM.
Reply With Quote
(#5)
Old
silentsahan's Avatar
silentsahan silentsahan is offline
Senior Member
silentsahan is a glorious beacon of lightsilentsahan is a glorious beacon of lightsilentsahan is a glorious beacon of lightsilentsahan is a glorious beacon of lightsilentsahan is a glorious beacon of lightsilentsahan is a glorious beacon of lightsilentsahan is a glorious beacon of lightsilentsahan is a glorious beacon of lightsilentsahan is a glorious beacon of lightsilentsahan is a glorious beacon of lightsilentsahan is a glorious beacon of light
 
Posts: 6,999
Join Date: Apr 2010
Location: kaluthara
Send a message via Skype™ to silentsahan
02-14-2020, 12:56 PM

දැනුවත් කිරීමට ස්තූතියි...
Reply With Quote
(#6)
Old
tokkaputha's Avatar
tokkaputha tokkaputha is online now
Senior Member
tokkaputha is just really nicetokkaputha is just really nicetokkaputha is just really nicetokkaputha is just really nicetokkaputha is just really nicetokkaputha is just really nicetokkaputha is just really nicetokkaputha is just really nice
 
Posts: 401
Join Date: Aug 2015
02-14-2020, 01:13 PM

දැන් ඊළඟට අපිට ඔය Income Tax ප#%ය තව අඩුකරගන්න විදිහක් නැද්ද කියපන්.

තියනවා තියනවා මිත්‍රවරුනි.

මෙන්න මේ වියදම් බොලා විසින් තක්සේරු වර්ෂය තුලදී ( ඒ මොන හු#$&ක්ද ? යකෝ ) තකතීරු වර්ෂය නෙමේ තක්සේරු වර්ෂය කියන්නේ ඕනෙම අවුරුද්දක අප්‍රේල් 01 ( ඔව්... ඔව්... මෝඩයාගේ දවස තමයි) ඉඳලා ඊළඟ අවුරුද්දේ මාර්තු 31 න් අවසන් වන අවුරුද්දට. ඉතින් තක්සේරු වර්ෂය තුලදී ඔය යට තියන වියදම් ගෙවලා තියනවානම් අර උඩ කියපු මිලියන 3 ට අමතරව අවුරුද්දකට තවත් රුපියල් මිලියන 1.2 ක් දක්වා තමන්ගේ බදු අයවෙන ආදායමෙන් අඩු කරගන්න ඉඩ දීලා තියනවා අපේ සර් තුමා.

මොනාද කියපන් ඔය වියදම් ඉක්මනට..

මෙන්න මේවා තමයි.

1. බොලාගෙන් කපපු EPF 8% දායකත්ව මුදල
2. සෞඛ්‍ය රක්ෂණ වෙනුවෙන් ගෙවපු වාරික සහ OPD බිල්,වෛද්‍ය පරික්ෂණ ගාස්තු , පාමසි බිල් ( කොන්ඩම් ගත්තු ) වගේ දේවල්
3. තමන් හෝ දරුවන් වෙනුවෙන් දරපු දේශීය අධ්‍යාපන වියදම් ( term fee / tuition fee)
එතකොට දේශීය බඩු වලට ගහන්න ගිය /දේශීය spa වලට ගිය වියදම් දෙන්නේ නැද්ද ?

4. නිවාස ණය වෙනුවෙන් ගෙවූ පොලිය ( ණය වාරිකය නෙමෙයි බං , පොලිය පොලිය)
5. අනුමත පෙන්ෂන් අරමුදලකට ගෙවූ මුදල්

එතකොට ඔය එකතුව රුපියල් මිලියන 1.2 ට වඩා අඩුවුනොත් අපිට මිලියන 1.2 ම අඩුකරන්න දෙනවද..?

කුණුහරප අහන්න එපා. ඔච්චර දීලත් තොපිට මදිද ? එතකොට දෙන්නේ ඇත්තටම ගෙවපු මුදල හෝ මිලියන 1.2 යන දෙකින් අඩුම මුදල.

ඔන්න ඔය සහන දීමනාව අර බද්දෙන් නිදහස් ආදායමට ( මිලියන 3 ට) එකතුකරලා ඉතිරි මුදලට බද්ද ගණනය කරපල්ලා. එතකොට ගෙවන්න තියන tax එක තවත් අඩුවෙනකොට මරු නේද ?


Last edited by tokkaputha; 02-15-2020 at 08:19 AM.
Reply With Quote
(#7)
Old
mata renta barai mata renta barai is offline
Senior Member
mata renta barai is an unknown quantity at this point
 
Posts: 510
Join Date: Aug 2017
02-14-2020, 01:34 PM

Bump
Reply With Quote
(#8)
Old
tokkaputha's Avatar
tokkaputha tokkaputha is online now
Senior Member
tokkaputha is just really nicetokkaputha is just really nicetokkaputha is just really nicetokkaputha is just really nicetokkaputha is just really nicetokkaputha is just really nicetokkaputha is just really nicetokkaputha is just really nice
 
Posts: 401
Join Date: Aug 2015
02-14-2020, 01:46 PM

හරි. දැන් මට කක්ක බර හැදිලා නිසා ඉක්මනට යන්න ඕනේ.

ඔන්න දැම්ම ආදායම් බද්ද ගෙවන විදිහ.

මේක ගෙවන්නෙ ස්වයං තක්සේරු ( ස්වයං වින්දන නෙමේ ) ක්‍රමයට . සිංහලෙන් කියන්නේ Self-Assessment Basis කියලා. තේරුනේ නෑ නේද ? ඒ කිව්වේ තමන්ගේ බද්ද තමන්ම ගණනය කරලා කාර්තුවෙන් කාර්තුවට තමන්ම ගෙවාගෙන යනවා.

කාර්තුව කිව්වේ අර වී මනින පෙට්ටිය වගේ එකද අයියා.. :

නෑ නගා . මාස තුනක කාලයකට තමයි කාර්තුව කියන්නේ.
ඉතින් මයෙ මැණික කියපන්කො කොහොමද බද්ද ගෙවන්නේ කියලා ඔය ආලවට්ටන් නැතුව .

මෙන්න මෙහෙමයි. attachment එක බලපන්.

Attached Images
File Type: jpg Tax Payments.jpg (72.3 KB, 68 views)

Last edited by tokkaputha; 02-15-2020 at 08:20 AM.
Reply With Quote
(#9)
Old
topkollek's Avatar
topkollek topkollek is offline
Senior Member
topkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nice
 
Posts: 9,887
Join Date: May 2014
Location: ┬┴┬┴┤(·_├┬┴┬┴
02-14-2020, 01:58 PM

සද්ද නැතුව හිටියොත් මොකද වෙන්නෙ?
Reply With Quote
(#10)
Old
බෙන් 10's Avatar
බෙන් 10 බෙන් 10 is offline
Senior Member
බෙන් 10 is a splendid one to beholdබෙන් 10 is a splendid one to beholdබෙන් 10 is a splendid one to beholdබෙන් 10 is a splendid one to beholdබෙන් 10 is a splendid one to beholdබෙන් 10 is a splendid one to beholdබෙන් 10 is a splendid one to beholdබෙන් 10 is a splendid one to beholdබෙන් 10 is a splendid one to beholdබෙන් 10 is a splendid one to beholdබෙන් 10 is a splendid one to behold
 
Posts: 1,962
Join Date: Aug 2014
Location: Earth-Cj025
02-14-2020, 01:59 PM

bump
Reply With Quote
Reply

Bookmarks

Tags
aru

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01810 seconds with 10 queries