ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page විරුවන්_37_ක්‌_හිරේ
Reply
 
Thread Tools
(#1)
Old
Mad Weera's Avatar
Mad Weera Mad Weera is offline
Senior Member
Mad Weera is a glorious beacon of lightMad Weera is a glorious beacon of lightMad Weera is a glorious beacon of lightMad Weera is a glorious beacon of lightMad Weera is a glorious beacon of lightMad Weera is a glorious beacon of lightMad Weera is a glorious beacon of lightMad Weera is a glorious beacon of lightMad Weera is a glorious beacon of lightMad Weera is a glorious beacon of lightMad Weera is a glorious beacon of light
 
Posts: 1,363
Join Date: Oct 2015
Angry විරුවන්_37_ක්‌_හිරේ - 08-26-2018, 12:47 PM

විරුවන් 37 ක්‌ හිරේ ගිය හැටි මෙන්න; විමර්ශන 7යි දඩයම සැරයි


සමනළ විප්ලවයට අනුව ඉකුත් 2015 ජනවාරි 8 න් පසුව එළැඹුණු අගෝස්‌තු මාසයේදී බිහිවූ යහපාලනය සිය තුන්වන ජන්ම සැමරුම උත්සවශ්‍රීයෙන් පවත්වනු ලැබුවේ ඉකුත් දිනවලය. එහිදී ප්‍රීතියෙන් පිනාගොස්‌ සිටි ආණ්‌ඩුවේ ඇත්තන් නම් කීවේ දැන් යහපාලනය නිසා සකලසිරින් පිරි සිරි ලංකාවක්‌ බිහිවී ඇතැයි යන්නය.

ආණ්‌ඩුවේ මේ කතාව නම් සම්පූර්ණ ඇත්තය. කියන අයගේ කටේ මසුරන් දමන්නට වටින්නේය. අද ඔවුන් මේ කියන සකලසිරින් පිරි ලංකාව දෙස බලා වඩාත්ම සතුටු වන්නෝ කවරහුද? එක්‌ පැත්තකින් සිටින්නේ විජාතික බලවේගය. අනෙත් පැත්තෙන් සිටින්නේ විදේශගත කොටි ඩයස්‌පෝරාව සහ එන්ජීඕ අප්පුලාය.

ඉතින් ලෙහෙසි පහසු පුතෙකුට මෙවන් ශ්‍රී ලංකාවක්‌ බිහි කරන්නට හැකිවේද? කියන්නට ඇත්තේ උපතින්ම කශේරුකාව අහිමිව රබර් වගේ දෙකට නැමෙන්නට හැකි ඇත්තන්ට මිස මේ අන්දමේ ලංකාවක්‌ බිහි කර ජාත්‍යන්තරය දිනා ගන්නට නම් අන් කිසිවකුටත්ම නොහැකි බවය. යහපාලනය ආණ්‌ඩුවේ මේ සුපිරි විජයග්‍රහණය දෙස බලා ඉන් එහා කියන්නට දෙයක්‌ දැන් අපට ඉතිරිව නැත.

ඉකුත් 2015 විප්ලවයට සැරසෙද්දී යහපාලන ඇත්තන්ට ජාත්‍යන්තරයෙන් මෙන්ම එන්ජීඕ නඩවලින් ඉදිරිපත් කෙරුණු කරුණු කාරණා රැසක්‌ම විය. ඒ අතරින් ඇතැම් දේ පසුව ඔවුන්ගේ දේශපාලන වේදිකාවලද ප්‍රබල මාතෘකා බවට පත්වී තිබිණි.

ප්‍රගීත් එක්‌නැලිගොඩ සිද්ධිය, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, තාජුඩීන් සිද්ධිය, පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාඡ් ඝාතනය, වැලිකඩ බන්ධනාගාරයේ කතාව සහ කොළඹ වැල්ලවත්තේදී තරුණයන් පිරිසක්‌ පැහැරගත්තේ යෑයි ආදී වශයෙන් වූ රජපක්‍ෂ රෙජීමයේ අපරාධ ලෙස හැඳින්වූ දේ එහිදී ප්‍රධාන තැනක විය.

මේ අපරාධ විසඳන්නේ යෑයි දේශපාලන වේදිකාවල සිටි යහපාලකයෝ ජනතාව ඉදිරියේ සක්‌වල ගලේ ගසා දිවුරා පොරොන්දු දෙන්නටද වූහ. ඒ අනුව වත්මන් සම්මුතිවාදී යහපාලනය බිහිවීමත් සමඟ මේ සියලු විමර්ශන සීඅයිඩීයට භාර කෙරිණි.

එහෙත් අද සිදුව තිබෙන්නේ කුමක්‌ද? කබරගොයා තලගොයා කර ගැනීමේ දේශපාලන රංගයනකට අනුව සිදු කෙරුණු මහා පාවා දීමකට එහා ගිය දෙයක්‌ සිදුව තිබේද?

මේ විමර්ශන අනුව ඉකුත් සතියේදීත් රටේ ජනමාධ්‍යවල ප්‍රබල මාතෘකා බවට පත්වෙමින් ජනතාව අතරට ගිය සිදුවීම් දෙකක්‌ම තිබිණි. ඉන් එකක්‌ වූයේ මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස්‌ පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ප්‍රකාශයක්‌ ලබා ගැනීමට රහස්‌ පොලිසිය කටයුතු කිරීමය.

එසේම වැල්ලවත්තේදී තරුණයන් පස්‌දෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස්‌ දෙනකු පැහැරගත්තේ යෑයි නාවික හමුදා බුද්ධි නිලධාරීන් පිරිසකට චෝදනා එල්ල වී ඇති නඩුවේ මෙතෙක්‌ අධිකරණය මඟහැර සිටි විත්තකරුවකු වූ ලුතිනන් කමාණ්‌ඩර් චන්දන ප්‍රසාද් හෙට්‌ටිආරච්චි අත්අඩංගුවට ගත් සීඅයිඩීය ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීම අනෙක්‌ සිද්ධිය විය.

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රහස්‌ පොලිසිය ආරම්භ කළ විමර්ශනයට දැන් බොහෝ කාලයක්‌ ගතවී අවසන්ය. පසුගිය කාලයේ එකී විමර්ශනයට අනුව අවස්‌ථා දෙකකදීම පොලිසිය කීත් නොයාර් සොයා ඔස්‌ටේ්‍රලියාවටද ගියේය. ඉන් එක්‌ සංචාරයක්‌ සිදුවූයේ මීට දින කිහිපයකට ඉහතදීය.

මේ සංචාරවලට වැය කෙරුණේ මේ රටේ ජනතා මුදල්ය. එහෙත් මේ විමර්ශනයට අනුව අද දුරකථන සංවාද කිහිපයක්‌ පසුපස යන රහස්‌ පොලිසියට එසේ අවස්‌ථා දෙකකදීම විදේශගතවීත් අඩුම තරමේ කීත් නොයාර්ගෙන් ප්‍රකාශයක්‌ ගන්නටවත් හැකි වූයේද? වාර්තා වන පරිදි නම් එවැන්නක්‌ සිදුව නැත.

මේ දකක්‌වා සිදුවූ වැදගැම්කට ගත හැකි කිසිවක්‌ම නැත. එහෙත් අරය මෙයාට කතා කළා, මෙයා එයාට කතා කළ කියමින් අවසානයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දක්‌වාම ගිය විමර්ශකයෝ ඉකුත් යුද සමයේ අමිල මෙහෙවරක්‌ කරමින් යුද හමුදා බුද්ධි බළකායට නායකත්වය දුන් මේජර් ජනරාල් අමල් කරුණාසේකරගේ සිට රණවිරුවන් අට දෙනකුම අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළහ.

කීත් නොයාර් සිද්ධිය හමුවේ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ මේජර් සීවලී බුලත්වත්ත ඇතුළු හත්දෙනකු මුලින්ම අතඩංගුවට ගත් අතර පසුව මේජර ජෙනරාල් අමල් කරුණාසේකර අත්අඩංගුවට ගනු ලැබීය. එහිදධ කලක්‌ බන්ධනාගාරගතව සිටි මේජර් බුලත්වත්ත ඇතුළු පිරිසට මේ වන විට ඇප ලැබී තිබුණද අදටත් මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර ඉන්නේ ඉන්නේ බන්ධනාගාරගතවය. එහෙත් කීත් නොයාර්ට ගැහුවේ කවුදැයි තවමත් කිසිවකුත් දන්නේ නැත.

ඉකුත් සතියේ යළි සමාජයේ කතාබහට ලක්‌වූ වැල්වත්තේදී තරුණයන් පස්‌දෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස්‌ දෙනකු පැහැරගත්තේ යෑයි කියමින් අද නාවික හමුදා බුද්ධි නිලධාරීන් පිරිසකට එරෙහිව කරගෙන යන විමර්ශනයද අද ඇත්තේ එවන්ම තැනක නොවේද?

මේ කතාව ඇරඹෙන්නේ ඉකුත් 2009 වසරේaදී නාවික හමුදාපතිව සිටි අද්මිරාල් වසන්ත කරන්නාaගොඩ කොළඹ පොලිස්‌ අපරාධ කොට්‌ඨාහයට කළ පැමිණිල්ලක්‌ අනුවය. පසුව සීඅයිඪියට භාරකෙරුණු මෙම විමර්ශනයට අනුව අදාළ පැහැරගෙන යැමේ මුල්ම චූදිතයන් වූයේa එවකට නාවික හමුදාවේ සේවය කළ ලුතිනන් කමාණ්‌ඩර් නිලන්ත සම්පත් මුණසිංහ ඇතුළු නාවික හමුදා සෙබළුන් කිහිප දෙනකි. එකල පොලිසිය විසින්ම ලුතිනන් කමාණ්‌ඩර් සම්පත් මුණසිංහට නේවි සම්පත් යන අන්වර්ත නාමයක්‌ද යොදනු ලැබීය.

2015 සමනළ විප්ලවයත් සමඟ එතෙක්‌ ක්‍රියාත්මක වූ මෙම විමර්ශනය හිටි හැටියේම අලුත් මුණුවරක්‌ ගනු ලැබිණි. එසේ වූයේ මෙහි මුල්ම චූදිතයන් වන නේවි සම්පත්ලා යහපාලනයත් සමඟ සීඅයිඩීය ඉදිරියේ වෙනත් කතාවක්‌ කියන්නට වූ නිසාය. ඒ අනුව හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාණ්‌ඩර් ඩී. කේ. පී. දසනායක සහ ත්‍රිකුණාමලය නාවික බුද්ධි ප්‍රධානියාව සිටි කමාණ්‌ඩර් සුමිත් රණසිංහ ඇතුළු තවත් පිරිසක්‌ යහපාලනයෙන් පසු තරුණයන් පැහැරගනීමේ කතාවේ චූදිතයෝ බවට පත්වූහ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ කොටුව මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන නඩුවේ අදටත් පළමු චූදිත වී සිටින්නේ නේවි සම්පත්ය.

එසේ තිබියදීත් අධිකරණය මඟ හැර සිට ඉකුත් දා රහස්‌ පොලිසිය මගින් අත්අඩංගුවටගත් ලුතිනන් කමාණ්‌ඩර් ප්‍රසාද් චන්දන හෙට්‌ටිආරච්චි තුළින් දැන් තවත් නේවි සම්පත් කෙනකු බිහි කිරීමේ අලුත්ම වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මකව තිබෙන්නේ කාගේ වුවමනාවක්‌ නිසාද?.

පොලිසිය මෙසේ රූලෙන් පිට පැන නේවි සම්පත්ලා බිහි කරන්නට කටයුතු කිරීම තුළින් මෙහි වින්දිත පාර්ශ්වයට අත්අවන සාධාරණය කුමක්‌ද? මෙසේ නේවි සම්පත් මාරු කිරීමට ගන්නා උත්සාහය තුළ ඇත්තේ කිසියම් දේශපාලන කුමන්ත්‍රණයක්‌ද විය හැකිය. එහෙත් ඉන් වින්දිත පාර්ශ්වයට මෙන්ම විත්ති පාර්ශ්වයටද අත්වන සෙතක්‌ නම් නැත. දෙපාර්ශ්වයම අසාධාරණයට ලක්‌ වන්නේය.

මෙම විමර්ශනයේදී අධිකරණය මඟ හැර සිටි ලුතිනන් කමාණ්‌ඩර් ප්‍රසාද් චන්දන හෙට්‌ටිආරච්චිව හිටපු නාවික හමුදාපතිවරයකු වන වත්මන් ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විඡේගුණරත්න විසින් විදේශගත කර ඇතැයි යනුවෙන් රහස්‌ පොලිසිය අධිකරණයට ඉදිරියට පැමිණපසුලිය දිනවල මේ රටේ සිටින ඉහළම ආරක්‍ෂක නිලධාරියාට බරපතළ චෝදනාවක්‌ද එල්ල කළේය.

එහෙත් නඩුවේ සිව්වැනි විත්තිකරු ලෙස නම් කර සිටින ලුතිනන් කමාණ්‌ඩර් ප්‍රසාද් චන්දන හෙට්‌ටිආරච්චි අත්අඩංගුවට ගැනීමෙන් පසු හෙළි වී තිබුණේ ඔහු ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක්‌ යොදාගෙන මැලේසියාවට පැන ගොස්‌ සිටි බවය. එසේ සත්‍ය හෙළි වුවද මේ දක්‌වා පොලිසිය වගකීම් විරහිතව රටේ ඉහළම ආරක්‍ෂක නිලධාරියාට විරුද්ධව චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙන් ආණ්‌ඩුව මේ දක්‌වා ගත් කිසිදු ක්‍රියාමාර්ගයක්‌ද නැත.

අද සියඹලාණ්‌ඩුවක්‌ බවට පත්ව ඇති ආණ්‌ඩුවක පොලසිය මෙසේ වගකීම් වරහිතව කටයුතු කරද්දී රටේ සිටින ඉහළම ආරක්‍ෂක නිලධාරියා පැන්සා දෙකේ හංසයකු යෑයි කල්පනා කිරීම යහපාලනයේ මේ හැසිරීමට හේතු වී තිබේද?

යහපාලනයේ ආගමනයත් සමඟ සීඅයිඩීය මගින් පසුගිය කාලයේ ආරම්භ කළ සියලුම විමර්ශනවලට අද අත්වී තිබෙන ඉරණම වන්නේ මෙයම ය. දිගින් දිගටම රට බේරා ගන්නට සටන් කළ බුද්ධි අංශ රණවිරුවන් හිරේ දැමීම හැර ඉන් එහා සිදුවූ දෙයක්‌ නම් නැත.

ලසන්ත ඝාතනය පිළිබඳ විමර්ශන සිදුවිය. එහෙත් අදටත් ඒ විමර්ශනවලට අනුව ඝාතකයා කවරෙක්‌දැයි හාන්කවිසියක්‌වක්‌ දැනගැනීමට නැත. හිටපු හමුදාපති වත්මන් ඇමැති µSල්ඩ් මාර්ෂල් සරත් ෙµdන්සේකා ලසන්ත ඝාතනය පිළිබඳ ඇඟිල්ල දිගුවී ඇත. පසුගිය කාලයේ ඒගැන සීඅයිඩීයටද තොරතුරු ලැබී තිබිණි.

එහෙත් මේ දක්‌වාම එසේ ලැබුණු තොරතුරු ඔස්‌සේ විධිමත් විමර්ශනයක්‌ සිදු කෙරුණේද? සිදුවූ එකම දෙය වූයේ වරින් වර දේශපාලන කොAණයන්ගෙන් බලා මියගිය ලසන්ත යළි යළිත් වළෙන් ගොඩගනිද්දී හිටපු නියෝජ්‍ය පොලිස්‌පති ප්‍රසන්න නානායක්‌කාර හා යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ කීර්තිමත් නිලධාරියකු වූ බලලත් නිලධාරී ප්‍රේමානන්ද උදලාගම සමඟ තවත් උප පොලිස්‌ පරීක්‍ෂකවරයකු අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමය.

එසේ කිරීමෙන් පසු එවකට ජාතික බුද්ධි ප්‍රධානියාව සිටි මේජර් ජෙනරාල් කපිල හෙන්ද්‍රවිතාරණට සහ පොලිස්‌පතිව සිටි ජයන්ත වික්‍රමරත්න මහතාටද ඇඟිල්ල දිගු කළ සීඅයිඩී මහත්වරු අවසානයේ හැරුණේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ දෙසටය.

පොලිසියේ මේ හැසිරීමෙන් අපේද සහෘදයකු වන මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගට ඉටු කෙරුණු සාධාරණය කුමක්‌ද? කිසිදු සාධාරණයක්‌ නැත. ඒ මිනීමරුවන් තවමත් නිදැල්ලේය. සිදුවූයේ මියගිය ලසන්තව වරින් වර වළෙන් ගොඩ ගැනීම පමණය.

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් සිද්ධියද එවැන්කි. එහිදීත් පොලිසිය විවිධ චෝදනා එල්ල කරමින් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක සහ තවත් පොලිස්‌ පරීක්‍ෂකවරයකු අත්අඩංගුවට වසරක පමණ කාලයක්‌ සිරගත කර තැබීය. පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාඡ් ඝාතනය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදීද සිදුවූයේ ඒ ටිකය.

නාවික හමුදා ලුතිනන් කමාණ්‌ඩර් (අද පුද්ගගලයන් එකොළොස්‌ දෙනකු පැහැරගෙන ගියේ යෑයි කියන නඩුවේ සැකකරුවකුව සිටින) ප්‍රසාද් චන්දන හේට්‌ටිආරච්චි ඇතුළු නාවික හමුදා බුද්ධි නිලධාරීන් තිදෙනකු රවිරාඡ් ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිරගත කළේය.

වසරකටත් අධික කාලයක්‌ ඔවුන් සිරගතව සිටියදී විභාග වූ එම නඩුවෙන් අවසානයේ ඔවුහු නිදොස්‌ කොට නිදහස්‌ කළහ. ලුතිනන් කමාණ්‌ඩර් ප්‍රසාද් චන්දන හෙට්‌ටිආරච්චි පුද්ගලයන් එකොළොස්‌දෙනකු පැහැගත්තේ යෑයි කියන නඩුවේ චූදිතයකු වන්නේද එසේ නිදහස්‌ කිරීමෙන් පසුවය.

ප්‍රගීත් එක්‌නැලිගොඩ විමර්ශන කතාවද එසේමය. අදටත් එක්‌නැලිගොඩ මැරිලාද නැද්ද යන්න කිසිවකුත්ම නොදන්නේය. එසේ වුවද රට වෙනුවෙන් උපරිමයෙන් කැපවී සේවය සතුරා සමඟ සටන් කළ යුද හමුදා බුද්ධි බළකායේ ලුතිනන් කර්නල්වරුන් දෙදනකු වන ශම්මි කුමාරරත්න සහ ප්‍රබෝධය සිරිවර්ධන ඇතුළු යුද හමුදා බුද්ධි නිලධාරීන් අට දෙනකු අත්අඩංගුවට ගත් රහස්‌ පොලිසිය මුලින්ම ඔවුන්ට එරෙහිව මිනීමැරුම් චෝදනා එල්ල කර වසරක පමණ කාලයක්‌ බන්ධනාගාරගත කර තැබීය.

පසුව ඔවුන් ඇපමත නිදහස්‌ වූ අතර මීට සති දෙකතුනකට ඉහතදී ඒ සිද්ධියටම අදාළව තවත් බුද්ධි අංශ නිලධාරියකු අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළේය. ඔහු තවමත් ඉන්නේ මිනීමරුම් චෝදනා යටතේ බන්ධනාගාරගතවය. එහෙත් එක්‌නැලිගොඩ මැරුණා නැද්ද යන්න කීමට අදටත් සීඅයිඩීයට පැහැදිලි සාක්‍ෂියක්‌ නැත.

ඉකුත් 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ කැරල්ල සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයද තවත් එවැනිම වූ කතාවකි. අද ඒ සම්බන්ධයෙන් පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ කීර්තිමත් නිලධාරියකුව සිටි පොලිස්‌ පරීක්‍ෂක නියොමාල් රංගජීව සහ බන්ධනාගාර කොමසාරිස්‌ එමිල් රංජන් මහතා බන්ධනාගාරගතව සිටිති.

එසේ සිදුව තිබෙන්නේ යහපාලනයෙන් පසුව ඇරඹුණු විමර්ශනයකදී ලැබුණු සාක්‍ෂි කිහිපයක්‌ පදනම් කරගෙනය. 2012 වසරේදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරුණු විමර්ශනයේදී බන්ධනාගාරගතව සිටි තුන්දහසකගෙන් පමණ සාක්‍ෂි සටහන් කරගැනීමෙන් පසුව කියෑවුණේ බන්ධනාගාරය තුළ සිදුව ඇත්තේ ගැටුමක්‌ බවය.

එදා ඒ පරීක්‍ෂණ සිදු කළේද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවමය. අද කරන්නේද ඔවුන්මය. එහෙත් දැන් අලුතින් ලැබී ඇති සාක්‍ෂ කිහිපයක්‌ නිසා මේ නිලධාරීන් දෙදෙනා තවමත් බන්ධනාගාරගතව සිටින්නාහ.

මේ අන්දමට ගෙවී ගිය තෙවසරක කාලය තුළ රට බේරා ගන්නට දිවි පරදුවට තබා සටන් කළ යුද සහ නාවික හමුදා බද්ධි නිලධාරීන් තිස්‌ දෙකදෙනකුම රක්‍ෂිත බන්ධනාගාරගත කරන්නට සීඅයිඩීය කටයුතු කළේය. එසේම සිරගත කෙරුණු පොලිස්‌ නිලධාරීන් ගණන පස්‌දෙනකු විය.

එහෙත් මේ දක්‌වාම ඒ නිලධාරීන්ට එරෙහිව පැහැදිලි සාක්‍ෂියක්‌ ඉදිරිපත් කරන්නට පොලිසිය සම්තවී තිබේද? අප මේ ප්‍රශ්නය අසන්නේ එක පිට එක අධිකරණ වෙත එන දුරකථන දත්ත වාර්තා ආදී වශයෙන් වූ විවිධ ආකාරයේ කතන්දර ඇතුළත් බී වාර්තා හැරෙන්නට මේ සිදුවීම්වලදී වෙනත් දෙයක්‌ සිදුවන බවක්‌ පෙනෙන්නට නැති නිසාය.

මෙසේ ගෙවී ගිය වසර තුන පුරාම රාජපක්‍ෂ රෙජීමයේ අපරාධ අල්ලන්නේ යෑයි කියමින් යහපාලන පොලිසිය සිදු කළේ බුද්ධි අංශ රණවිරුවන් දඩයම් කිරීමය. ඒ පසු පස ඉටු වූයේ විජාතික වුවමණාවන් සහ කොටි ඩයස්‌පෝරාවේ අරමුණු නොවේද?

ඒ අතරේ නඩු කටුයුතු ඉක්‌මන් කර ඒවායින් වැරදිකරුවන් වූ යුද හමුදා බුද්ධි බළකායේ මේජර් ඩික්‌සන් රාජමන්ත්‍රී සහ කෝප්‍රල් රාජකරුණා මෙන්ම යුද හමුදා කොමාණ්‌ඩෝ බළකායේ සෙබළකු වූ සුනිල් රත්නායකට මරණ දඬුවම හිමි වීමද පසුගිය කාලයේ සිදු විය.

මේ ගෙවී ගිය තෙවසර තුළ එකී රණවිරුවන් තිදෙනා පෝරකයට යන්නේ පොරකයට යායුතු කොටි ත්‍රස්‌තවාදීන් නිදහස ලබා ගෙදර යද්දීය. ගෙවී ගිය වසර තුනපුරා ආණ්‌ඩුව අපට සකලසිරින් පිරි සිරි ලංකාවක්‌ ගෙන දී තිබෙන්නේ එසේ නොවේද?

සමන් ගමගේ


http://divaina.com/daily/index.php/v...08-21-15-51-19
Reply With Quote
(#2)
Old
hichchiputha's Avatar
hichchiputha hichchiputha is offline
Senior Member
hichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud of
 
Posts: 18,328
Join Date: Jan 2018
Location: වොන්ඩර් ලැන්ඩ්
08-26-2018, 12:53 PM

ආටිකල් එක කිය්යෙව්වේ නැ.... නමුත් රනිල් ලගේ පැත්ත මහින්ද පැත්ත තරම් වත් සිංහල මිනිස්සු ගැන හිතන්නේ නැ....

දෙගොල්ලොම හොරු උනත්....


යුද්දෙයක් වෙද්දී මිනිස්සු මැරෙනවා , මිනිස්සු මරනවා... එක හැම රටකටම පොදුය්... නමුත් මෙහෙම හාර හාර බලු වැඩ කරන්න නරකය්....

යක්කු වගේ වෙඩි තියපු ආමි කොල්ලොන්ට වැඩසටහන් තියල ආයෙත් ඔලුව හොදට හදන්න පුළුවන්... එක පාරට සමාජෙට බස්සන්නේ නැතුව.... ගොඩක් හමුදාවල කොල්ලෝ හොදය් අනිත් පොලිසියට සාපේක්ෂව....

Reply With Quote
Reply

Bookmarks

Tags
බොරු පච thread, මිනීමරු බබාලා

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.08202 seconds with 11 queries