ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Entertainment > ElaKiri Lyrics
Reload this Page පද පේළී - EK LYRICS THREAD PART 2
Reply
 
Thread Tools
(#3681)
Old
Arthur Curry's Avatar
Arthur Curry Arthur Curry is offline
Senior Member
Arthur Curry is a name known to allArthur Curry is a name known to allArthur Curry is a name known to allArthur Curry is a name known to allArthur Curry is a name known to allArthur Curry is a name known to allArthur Curry is a name known to allArthur Curry is a name known to allArthur Curry is a name known to allArthur Curry is a name known to allArthur Curry is a name known to all
 
Posts: 2,664
Join Date: May 2019
Location: ֍.මේරා ලඟ.֎
🙏🙏 සෙබල පුතු 🙏🙏 - 02-03-2020, 06:22 PM

නැති වුවත් මව්බිමේ අඟලක් තමන්ගේ යැයි කීමට
නුඹයි හැම බිම් අඟලක්ම නිදහස් කලේ ලක් මෑණිට
ජීවිතේ හැම මිහිරි දේවල් අහිමි වූවත් ඔබ හට
දිවි පරදු කොට සටන් කෙරුවේ ලක් මවුන් රැක ගැනුමට...

රට නසන්නට සතුරු කැල අවි දරා ආවිට දස දෙසින්
අප පුතුන් ඉදිරියට ආවේ මවු බිමට ඇති සෙනෙහසින්
කොතෙක් සිටියද මෙහෙයවන්නට යුද්ධයේ සෙන්පතිවරුන්
රටට ණය නැති සෙබල පුත නුඹ තමයි කණ්ඩුල ඇත් රජුන් ...

දශක ගණනක් අපේ මිනිසුන් විඳි අපා දුක් යුධ බියෙන්
තුරන් කල ඔබ සදා නොමියෙන අපේ විරුවෙකි හදවතින්
ඉදිරි දිවියම ඇඳට වී ඔබ ගත කළත් අප හඬවමින්
වැය කලේ ඔබ ඔබේ අද දින අපේ හෙට දින සුරකිමින් ...

සෙනෙවියන් සෙන්පතිවරුන් යුද මෙහෙයවුවත් අණදෙමින්
නොහැක මේ නිදහස ලබන්නට නොහිටියානම් මේ පුතුන්
කැප කලේ මුළු තරුණ දිවියම දෙ ඇස් ඇත් පා දන් දෙමින්
සෙබල පුත නුඹ වැදූ මව වෙනු ඇතිය මෙපිනින් මතු බුදුන්...


Reply With Quote
(#3682)
Old
Arthur Curry's Avatar
Arthur Curry Arthur Curry is offline
Senior Member
Arthur Curry is a name known to allArthur Curry is a name known to allArthur Curry is a name known to allArthur Curry is a name known to allArthur Curry is a name known to allArthur Curry is a name known to allArthur Curry is a name known to allArthur Curry is a name known to allArthur Curry is a name known to allArthur Curry is a name known to allArthur Curry is a name known to all
 
Posts: 2,664
Join Date: May 2019
Location: ֍.මේරා ලඟ.֎
මගෙ අහසේ අදුර බිදින සඳවතී... - 02-09-2020, 11:51 AM

මගෙ අහසේ අදුර බිදින සඳවතී
අම්මේ ඔබ හැරෙන්න කවුරුද ලෝකේ
හිරු සේ මගෙ ජීවිතයම එලි කළේ
පියාණනේ සෙනෙහස පිටාර ගැලුවේ
අත් දෙක අල්ලන් මගෙ ඉස්සර වාගේ
පාර කියන තරු කැට යුවල
නින්ද නැතුව මට මග කියන...

වරදින්නේ මුලටම හරියන හින්දා
පාඩම කියා දුන්නෙ ඔබමයි සැමදා
සීමාවක් හොයන්න ඔබේ ආදරේ
තව දුර එන්නද මම මේ සංසාරේ
ආදරෙ වචන වලට හරවා ගන්න
අම්මේ පුලුවන්නම් කියලා දෙන්න..
අත් දෙක අල්ලන් මගෙ ඉස්සර වාගේ
පාර කියන තරු කැට යුවල
නින්ද නැතුව මට මග කියන...

මා වෙනුවෙන් වයසට ගිහින් අකාලේ
හීනත් දකින්න ඇති නේද දවාලේ..
දෙපතුල ළග වැටිලා වැදගෙන ඉන්න
ආත්ම ගාණක් මට උණුසුම දෙන්න
ආදරෙ වචන වලට හරවා ගන්න
තාත්තෙ පුලුවන්නම් කියලා දෙන්න...

මගෙ අහසේ අදුර බිදින සඳවතී...
Reply With Quote
(#3683)
Old
~Titi~'s Avatar
~Titi~ ~Titi~ is offline
Senior Member
~Titi~ is a splendid one to behold~Titi~ is a splendid one to behold~Titi~ is a splendid one to behold~Titi~ is a splendid one to behold~Titi~ is a splendid one to behold~Titi~ is a splendid one to behold~Titi~ is a splendid one to behold~Titi~ is a splendid one to behold~Titi~ is a splendid one to behold~Titi~ is a splendid one to behold~Titi~ is a splendid one to behold
 
Posts: 14,318
Join Date: Oct 2011
02-16-2020, 09:57 PM

සිත්තම් කරමින්
මනසේ ඔබෙ රුව
කවදා හෝ යළි
දකින තුරා
Reply With Quote
(#3684)
Old
Arthur Curry's Avatar
Arthur Curry Arthur Curry is offline
Senior Member
Arthur Curry is a name known to allArthur Curry is a name known to allArthur Curry is a name known to allArthur Curry is a name known to allArthur Curry is a name known to allArthur Curry is a name known to allArthur Curry is a name known to allArthur Curry is a name known to allArthur Curry is a name known to allArthur Curry is a name known to allArthur Curry is a name known to all
 
Posts: 2,664
Join Date: May 2019
Location: ֍.මේරා ලඟ.֎
සිහිනයකි ආදරේ... - 02-17-2020, 03:14 PM

නොබිඳෙනා භාවනාවක් වගේ
ඔබේ ඇස් දෙක කෙරේ
බලාගෙන ඉන්න හැකි නම්
මාගේ දිවියේ ඒ තරම් සැනසුමක්
ජීවිතේ නැහැ මටත් සත්තමයි රත්තරන්
අයිති කරගන්නට බැරි..
නමුත් මනසින් පෙම් බැඳී..
පෙම් කතාවක් ලෝකෙ කාටත් තියෙනවා..

පෙනෙන දුරින් රැඳිලා අද හිටියත් අපි දෙදෙනා
කිසි දිනෙක හැබෑ නොවෙනා
සිහිනයකි ආදරේ...

වරින් වර හමුවී වරින් වර වෙන් වී
මුවෙන් මුව නොගැටී ගියත් ඔබ නොපෙනී
කියන්නට නොහැකී කතාවක් සැඟවී
හිතේ මිහිදන් වී තියේ මට වද දී
අයිති කරගන්නට බැරි..
නමුත් මනසින් පෙම් බැඳී..
පෙම් කතාවක් ලෝකෙ කාටත් තියෙනවා..

පෙනෙන දුරින් රැඳිලා අද හිටියත් ...

කඳුළු බිඳු ගිලිහී යන විටදි කළු වී
හිස නමා සමුදී කාලයට ඉඩදී
ඉක්මනින් මියැදී ඉක්මනින් ඉපදී
මතු ආත්මයකදී ඔබෙ වෙන්න පතමී..
අයිති කරගන්නට බැරි..
නමුත් මනසින් පෙම් බැඳී..
පෙම් කතාවක් ලෝකෙ කාටත් තියෙනවා..

පෙනෙන දුරිනි රැඳිලා අද හිටියත් ...
Reply With Quote
Reply

Bookmarks

Tags
ඇරඹුමම කඳුලක්, ඔයා නිසා මම:dull:, කාන්සියට ගී, ගී‍යක විසිතුර, තනිකම සුන්දරයි, දිවුරා කියමී, නිහඩ සුසුම්, පිණි කඳුළු, මගේ අඬන සිත:dull:, මතකද හැන්දෑවේ.., රෑ.. සිහිනෙන්.., විල්තෙරේ ගී, සිංහල ගී පද, සිහිල් නිශාන්තය, සුන්දර පදවැල්, හද රැඳි ගී, හිතට දැනෙන පේළි, ෴පද පේළී෴, 111, 123, 222, i love u :love:, i still love u!!!, lassana songs, ~titi~ is the best

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02641 seconds with 11 queries