ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page පරිස්සමට තනමු අපේ සිහින නිවහන
Reply
 
Thread Tools
(#1)
Old
Fordbros's Avatar
Fordbros Fordbros is offline
Member
Fordbros has a spectacular aura aboutFordbros has a spectacular aura aboutFordbros has a spectacular aura about
 
Posts: 86
Join Date: Dec 2018
Up පරිස්සමට තනමු අපේ සිහින නිවහන - 06-10-2019, 03:15 PM

කතෘ මම නෙමෙයි,උපුටා ගැනිමක් පමණයි

කතෘ: Anupa Dilhan @ සිහින නිවහන (The dream home) FB Group


ටික දවසක ඉදල ලියන්න හිතාගෙන ඉදපු දෙයක්.... අළුතින් ගෙයක් හදන කෙනෙකුට වැදගත් වෙයි කියල හිතෙන නිසා අමාරුවෙන් කොටල කොටල මේ දාන්නේ... මොකද මමත් කටු කාපු නිසා. කොටසින් කොටස දාන්නම්.

මම මේ ටික ලියන්නෙ අතේ රුපියල් කෝටියක් දෙකක් තියාගෙන ගෙවල් හදන්න හදන අයට නෙමෙයි. මාසික පඩියෙන් අමාරුවෙන් ලක්ෂ 10ක් 15ක් එකතු කරල, ලෝන් එකක් ගහල, ඉස්සරහට ගන්න තියෙන පඩි වලිනුත් කීයක් හරි යොදවල ගෙවල් හදන අයට. ඒ වගේම මේක තට්ටු දෙකේ ගේක යට තට්ටුව විතරක් හදන හැටි තමයි කියන්න යන්නෙ.

01 කොටස

සිහින නිවහනක් හදන්න උවමනාව තියෙනවද. තමන්ගෙ අතේ දැනට ගේ වෙනුවෙන් වියදම් කරන්න පුළුවන් මුදල හොයල බලන්න. දැනට හොදේ. ඊටපස්සෙ තමන්ට ඉදිරියට කීයක් ලැබෙයිද කියල නිකමට හිතල බලන්න. ලෝන් වලින් පඩියෙන් එකතු වෙන ඒවයින් අරවයින් මේවයින්.
දැන් බලන්න තමන්ගෙ ඉඩමෙ හැටියට තමන්ගෙ අවශ්‍යතාවයන්ට අනුව මොන වගේ ප්ලෑන් එකක්ද ඇදගන්න ඕනි කියල. උදාහරණයක් විදියට තමන්ට කාමර කීයක් ඕනිද? සාලෙ කොච්චර ලොකුවට ඕනිද? කෑම කාමරෙ කොහොම වෙන්න ඕනිද? ඔන්න ඔය වගෙ විවිධ කාරණා.

හැබැයි ඉස්සරහ ගැන කල්පනා කරන්න. ඒ කිව්වෙ හිතන්නකො දැනට ඔයා බැදල නෑ කියල. එතකොට ඔයාට හිතෙයි අම්මලාට එක කාමරේකුයි මට එකකුයි ඇතිනෙ කියල. හැබැයි ඔයා බැන්දම කාමර දෙක මදිවෙනව. ළමයෙක් ඉන්න කොට තව මදිවෙනව. එතකොට ප්‍රශ්ණ. ඔයා බැදල ළමයි තාම නෑ කියල හිතන්නකො. ඔයා හිතයි අපි දෙන්නට කාමරයයි ළමයින්ට කාමරයයි ඇති කියල. හැබැයි හිතන්නකො ඔයාට දුවෙකුයි පුතෙකුයි හම්බුණා කියල. පොඩි කාලෙනම් ප්‍ර‍ශ්ණයක් නෑ. ඒත් ලොකුවෙනකොට අවුලක් තියනවනෙ. ගෑණු ළමයට වෙනම කාමරයක් කොහොමත් ඕනිනෙ. අන්න ඒ වගේ කාරණා ගැන පොඩ්ඩක් වැඩිපුර හිතල ඉදිරිය දැකල තමන්ම අතින් කටු සටහනක් අදින්න. ඒකෙ තමන්ට හිතෙන විදියට තමන්ට අවශ්‍ය දිග පළල ලියන්න. ජනෙල් එන්න ඕනි දොරවල් එන්න ඕනි කොතනටද කියලත් සටහන් කරන්න.

හරි දැන් ඔයා ප්ලෑන් අදින දෙතුන් දෙනෙක්ගෙන් ගාන අහන්න ප්ලෑන් එක අදින්න. ඔයා වාස්තු ගැන වදවෙන කෙනෙක්නම් ඒ ප්ලෑන් අදින කෙනා ඒවත් කරනවද කියල දැනගන්න. ඒ වගේම එයාලා ඇදපු ප්ලෑන් එහෙමත් පොඩ්ඩක් ඉල්ලලා බලන්න. ප්ලෑන් එක පැහැදිලිනම්, අළුත් අදහස් දාලා ප්ලෑන් අදින කෙනෙක්නම් තෝරගන්න. ඔයා ප්ලැන් එක ඇදගන්නකොට පුළුවන් තරම් ඔයාගෙ හිතට සැටිස් වෙන විදියට ඇදගන්න. මොකද නැත්නම් ගේ හැදුවට පස්සෙ දුක හිතෙයි අරූට ඔනි විදියට ගේ හැදුවට මට ඉඩ මදි. නැත්නම් හරි නෑ. එහෙම හිතෙයි. ඒක නිසා වාස්තු දෝස නොඑන විදියට තමන්ට ඕනි විදියට ප්ලෑන් එක අදින කෙනා එක්ක කතා කර කර ප්ලෑන් එක අන්දවගන්න.

ඊටපස්සෙ හොද නැකතක් බලවගන්න. (ළිද, වැසිකිලි වල සදහා ස්ථාන වෙන් කර ඇතැයි සිතා ලියමි) මේ නැකත පවුලෙ සියළු දෙනාට හොද නැකතක් වෙන්න ඕනි. කලබල වෙලා හැමෝටම හොද නැති ළග නැකැත් දාගෙන අන්තිමට අපරාදෙ කියන වචනෙ කියන්න ඉඩ තියාගන්න එපා. මොකද එතකොට තමන්ගෙන් නැති වුණ දේවල් නැවත ගන්න බැරි නිසා. නූල් අදින නැකත, පස් පිඩැල්ල කපන නැකැත, මුල් ගල තියන නැකත (මට මතක විදියට) ප්‍රධාන වශයෙන් ඔනි.

නැකත හදන අතරෙ බාසුන්නැහැලගෙන් ගණන් අහගන්න. 10කගෙන් හරි කමක් නෑ අහන්න. දැන් ගොඩක් අය දවස් පඩියට කරන්නෙ නෑ. එහෙම අය ගන්නත් එපා විශ්වාස නැත්නම්. මොකද උන් වැඩේ අදිනව අදිනව දවස් පඩිය ගන්න ඕනි නිසා. ඒක නිසා කන්ට්‍රෑක් ටයිප් එකට දෙන්න. එතකොට ප්‍ර‍ශ්ණයක් නෑ. ගණන් අඩුම කෙනා නෙමේ වැඩත් හොදම කෙනා හොයාගන්න. පුළුවන්නම් කරපු වැඩ බලන්න. එක එක්කෙනා කියන ඒවා අහල වැඩ දෙන්නෙපා. ඔයාගෙ ගේ. ඔයාගෙ සල්ලි. නැති නාස්තිකරගන්න ආස නෑනෙ. ඒක නිසා හොදට හොයල බලලා වැඩේ දෙන්න.

අනික බාසුන්නැහැලගෙන් ගණන් මිනුම් අහද්දි මේ දේවල් ටික හොදට මතක තියාගන්න. ගණන් මිනුම් පැහැදිලිව අහගන්න. ආ ඒක ඒ වෙලාවට බලමුකො මහත්තයො, එහෙම නැත්නම් අඩුවට මං වැඩේ කරල දෙන්නම්කො ඔය වගේ චාටු බස් වලටනම් අහුවෙන්න එපා පුතෝ. මොකද උන් වැඩි හරියක් අපිට ඇතිකමට ඉන්න එවුන් නෙමෙයි. පැහැදිලිව අහගෙන පැහැදිලිව ලියාගන්න මෙන්න මේ ටික.
බේස් වලක් කපන්න ගාන
අත්තිවාරම කපන්න ගාන
බේස් වලක් බදින්න ගාන (කම්බි දමා)
අත්තිවාරම බදින්න ගාන. (සමහරවිට කියුබ් ගානට වෙන්නත් පුළුවන්)
සිමෙන්ති ගලක් බදින්න ගාන
කොන්ක්‍රීට් කණුවක් බදින්න යන ගාන.
ලින්ටල් අඩියක ගාන
උළුවස්සක් තියන්න ගාන
කපරාරුව වර්ග අඩියක් කීයද.
බිම පස් තලල කොන්ක්‍රීට් කරන්න
බදාම කපන්න
ටයිල් අල්ලන්න
කණු කපරාරුව සදහා (දික් අඩියක්)
පොටි ඇදල පිලර් කෝඩ් දෙක ගාන්න කීයද
කම්බි බැද සැටරිම ගහන්න වර්ග අඩියකට කීයද? (සැටරිම එයාලා ගෙනත්)
ස්ලැබ් එක දාන්න කීයද? (ඔයාගෙන් බඩු දාලා)
අංක 09න් කියපු දේ තව පැහැදිලි කරන්න ඕනි. මොකද උළුවහු තිබ්බට පස්සෙ කපරාරු කරද්දි උළුවහු පට්ටම් හදන්න බාස්ලා ආයෙත් සල්ලි ඉල්ලනව. සාමාන්‍යයෙන් ඒ ගාන වැඩියි. දික් අඩියක් 85ක් විතර වෙනව. බාසුන්නැහැල ක්‍ර‍ම දෙකකට මේක කරනව. එකක් තමයි බිත්තියෙ වර්ග අඩි ගාණයි, පට්ටම් වල දිග් අඩි ගාණයි වෙන වෙනම ගණන් හදනව. (බිත්තියෙ වර්ග අඩි ගාණ බලද්දි ජනෙල් වල ඉඩ අඩුකරල) එහෙම නැත්නම් ජනෙල් වල ඉඩ අඩුකරන්නෙ නැතුව සම්පූර්ණ බිත්තයට ගාණ හදනව. හැබැයි එතකොට පට්ටම වලට ගාණ හදන්නෙ නෑ හොදේ. ඒක දෙවිදියෙන්ම කතා කරන් එන්න. ඒ කිව්වෙ පට්ටම වලට ගාණත් අහගන්න. පට්ටම් වලට නැතුව කරන්න කැමති ද කියලත් අහගන්න. ඊටපස්සෙ ගෙදර ඇවිත් ලාභ කොයි වැඩේද කියල ගණන් හදල බලල ලාභ ක්‍රමේට වැඩේ කරන්න දෙන්න.

අංක 12 කියපු දේත් තව පැහැදිලි කරන්න ඕනි. මෙතනදි ටයිල් අල්ලන එකේ ගාන අදාල නොවෙන තැන් දෙකක් තියනව. එකක් ඔයාගෙ පැන්ට්‍රි එක. අනික බාත් රූම් එක. ඒකට වෙනම ගාණක් කතාකරගන්න ඕනි. ඒක දැන්ම කතාකරගන්න එපා. ඒවා පස්සෙ කතාකරගන්න පුළුවන්. කතාකරගන්න ඕනි තැනදි මම කියන්නම්.

ඊටපස්සෙ මේ දේ කරන්න. ගන්න පුංචි පිටු 40 පොත් දෙකක්. එකක් තියාගන්න ඔයාට ගේ හදන්න අවශ්‍ය ගල් වැලි සිමෙන්ති අරව මේවා ගේන්න යන වියදම. අනික තියාගන්න බාසුන්නැහැලට සල්ලි දීපුව ලියන්න. අමතක නොකර ඒ පොතේ බාසුන්නැහැට සල්ලි දුන්නම දවස, ගාන, බාසුන්නැහැගෙ අත්සන දාගන්න එයා භාරගත්තා කියල. ඒ වගේම ලියන්න ඒ මුදල දුන්නෙ මොහොකටද කියලත්. මොකද ගගේ මුහුදේ දැම්මත් ගාණක් මිම්මක් තියෙන්න ඕනි. නැත්නම් සල්ලි ඉවරවෙන්නෙ හිතාගන්න බැරි විදියට. තව ඉස්සරහට ඔය දේ පැහැදිලි වෙයි.

අර බාසුන්නැහැගෙන් ගත්තු ගණන් ටික තියනව නේද. ඒ ටික මේ බාසුන්නැහැලට දෙන සල්ලි ලියන පොතේ පළවැනි පිටුවේ පැහැදිලිව ලියන්න. ලියල බාසුන්නැහැගෙන් අත්සනක් ගන්න. හොදට හිනාවෙලා අපි දෙන්නගෙම විශ්වාසෙට මෙහෙම හොදයිනෙ කියල චාටුවක් දාලා අත්සන දාගන්න. මොකද මේ කියපු දේ මේ වෙනස් කරන මිනිස්සු ඉන්නවනෙ. නැත්නම් අනේ මහත්තයා මං කිව්වෙ ඔය ගාන නෙමේ මේ ගාන කියල කියයි වැඩේ ඉවර වුණාම. ඔහොම කළාම ඔයාට ඔය පොත පෙන්නුවෑකි කිසි අවුලක් නැතිව. අනික ලෝක වෙළදපොලේ බොරතෙල් මිල ඩොලර් එකකින් ඉහල ගියත් සිමෙන්ති ගල බදින ගාන වැඩිකරන ජාතියක් බාස්ලා කියන්නෙ.

ඊටපස්සෙ ප්ලෑන් එක පෙන්නල අහගන්න අත්තිවාරම් බදින්න දවස් කීයක් යනවද, ගල් ටික බදින්න දවස් කීයක් විතර යනවද කියල. මොකද අද වැඩට එනව හෙට තව තැනක වැඩට යන මිනිස්සුනෙ. අපට වැඩේ ඉක්මණට කරගන්නනෙ ඕනි. ඒ දවස් ටිකත් ඊළග පිටුවෙ ලියාගන්න.

ඊටපස්සෙ බාස්ට කියන්න ඔයාට කෑම දෙන්න පුළුවන්ද බැරිද කියල. ඔයාට කෑම දෙන්න පුළුවන්නම් කෑම වල ගාණ අඩුකරන්න කතාකරගන්න. නැත්නම් ප්‍ර‍්ණයක් නෑ. ඔයාට පුළුවන් වෙලාවක් තියේනම් තේ ටිකක් දෙන්න. පුළුවන් වෙලාවක් තියේනම් කෑම වේලක් දෙන්න. (හැමදාම නෙමේ) මොකද මොනව වුණත් තමන් ජීවත්වෙන ගේ හදන මනුස්සයනෙ. අනික කෑම වේලක් කෙනෙකුට දුන්නට පවු නෑනෙ.

ඕන් ඊටපස්සෙ තමයි අවශ්‍යම දේ කතාකරන්න තියෙන්නෙ. ඒ තමයි බාසුන්නැහැ අපෙන් සල්ලි ගන්නෙ කොහොමද කියල. හිගන්නා වගේ හැමදාම උදේට 500යි දවල්ට කන්න 500යි හවසට බොන්න 1000යි ඉල්ලන එවුන් ඉන්නවා. එහෙම සල්ලි දෙන්න පුරුදුකරගන්න එපා. අන්තිමට සල්ලි ටික යයි. වැඩේ එතනමයි. කොහොමත් අත්තිවාරම කපන දවසට බාසට 2000ක් 3000ක් දෙන්න. ඒක අවුලක් නෑ. හැබැයි අත්තිවාරමට යන මුදලෙන් අඩුකරගන්න. බාස් එක්ක මෙහෙම කතා කරගන්න. අපේ ගෙයි පළවැනි කොටස අත්තිවාරම. ඒ කොටස ඉවර වුණාම ඒ කොටසට අදාල මුදල මං ඔයාට දෙනව. හැමදාම හවසට සල්ලි දෙන්න බෑ මට. මොකද මමත් රෝලක් ගහල තමා සල්ලි හොයන් මේ වැඩේ කරන්න හදන්නෙ. අපි කොටසින් කොටස ඔයාට සල්ලි දෙන්නෙ. අත්තිවාරම බැදල ඉවරවුණාම පලවැනි කොටස. ඊටපස්සෙ බිත්ති භාගයක්වත් ඉවරවුණාම. ඊටපස්සෙ බිත්ති සම්පූර්ණයෙන් ඉවර වුණාම. සමහරවිට බාස් කැමති වෙයි. අකමැති වෙලා එයා කිව්වොත් මං හවසට ගෙනියන මුදලින්නෙ මහත්තයො අපි හෙට කන්නෙ. ඒක නිසා ඒ විදියට මට කරන්න අමාරුයි කියල ඔයා මෙහෙම කියන්න. හරි එහෙමනම් මං ඔයාට හවසට සල්ලි දෙන්නම්. හැබැයි ඔයා ඉල්ලන ගාන නෙමේ. වැඩේ කෙරිල තියෙන ප්‍රමාණයට. ඔයා තනියෙන් එක දවසින් සිමෙන්ති ගල් 1000ක් බැන්දොත් මම හවසට ඔයාට ඕනිනම් සිමෙන්ති ගල් 1000ම බදින්න ගිය ගාණ දෙන්නම්. ඔයා බාස්ල 10ක් ගෙනත් ගල් ගෙඩි 10ක් බැන්දොත් මං දෙන්නෙ ගල් ගෙඩි 10 බදින්න ගිය ගාණ විතරයි. එහෙම කැමතිද? කියල අහන්න. එතකොට බාස් දෙකෙන් එකකට කැමති වෙනව. හැබැයි අන්තිමට කියන්න හැබැයි බාසුන්නැහැ හවසට හෙට ගාණින් අඩුකරගන්න රුපියල් 1000ක් දෙන්නකො 2000ක් දෙන්නකො කියල ඉල්ලන්න එපා. ඒක ඔයාටයි මටයි දෙන්නටම කරදරයි කියල. (මේ හැමදේම බොහොම චාටු බසින් කියන්න. මොකද අපේ වැඩෙත් කරගන්න එපැයි)

එකගතාවයකට ආවද? හරි එහෙනම් ඒකත් අර පොතේ ලියන්න. මං මේ හැමදේම පොතේ ලියන්න කියන්නෙ ඇයි කියල ඔයාලා හිතනව ඇති. මොකද දන්නවද? මිනිස්සු වෙනස් වෙනව. අද ඉන්න මනුස්සයා නෙමේ හෙට. අද කියපු දේ නෙමේ හෙට කියන්නෙ. අන්න ඒකයි.


බාසුන්නැහැගෙන් අහන්න අත්තිවාරම සම්පූර්ණ වෙනකම් අවශ්‍ය වෙන කළුගල්, වැලි, සිමෙන්ති, කම්බි (සයිස් එකත් එක්ක) ප්‍ර‍මාණය.

ඊටපස්සේ ළගම තියෙන හාඩ්වෙයාර් වලට යන්න.
කළු ගල් කියුබ් 01හරි බාස්ගෙ ප්‍ර‍ශ්ණ ටික දැන් ඉවරයි.

මං කිව්වනෙ මං මේ කියන්නෙ තට්ටු දෙකේ නිවසකට කියල. හරි එතකොට බේස් වලවල් එහෙම කපන්න ඔනිනෙ. තමන්ට යාළුවො එහෙම ඉන්නවනම් 10ක් 12ක් කට්ටිය හොයාගන්න පුළුවන්නම් ගෙපල කපන දවසට ඒ අයට කතාකරල අත්තිවාරම් කපාගන්න පුළුවන්නම් ලොකු ඉතිරියක්. කන්න වේලයි තේ ටිකටයි විතරනෙ වියදමක් යන්නෙ. එහෙම නැත්නම් පොඩි බැකෝ එකකින් අහල බලන්න බේස් වලක් කපන්න කීයක් යනවද කියල. තමන් ගණන් හදල බලන්න බාස්ලා කපන එකද වාසි බැකෝ එකද කියල. මොකද ඉතුරුවෙන රුපියලත් ඉස්සරහට මසුරන් වටිනව. හැබැයි බැකෝ එක ඉක්මණ් හොදේ.

වැලි කියුබ් 01
කම්බි (ලංවා/මෙල්වා) නූල් 10, නූල් 12
සිමෙන්ති ගලක් 4 * 8 * 16
මෙන්න මේවට කොටේෂන් එකක් ගන්න. යන්න ළග ගල් වලක් තියේනම් ඒකටත්. ඒකෙනුත් ගණන් අහන්න. බ්ලොක් ගල් ගහන වැඩපොලවල් තියේනම් ඒවටත් ගිහින් ගණන් අහන්න. හැබැයි එයාලා ගෙනත් දෙනවදදින්න බලාගෙන දාගන්න එපා. මොකද ගෙපල කපද්දි ඒකට අවහිරයක් නොවෙන්න ඕනි. ලොරි කාරයා ඌට ලේසි තැනක බාලා යයි. ඔයාලා තමයි පරිප්පුව කන්නෙ. ඒක නිසා කොහොම හරි තමන්ට ඕනි තැනට දාගන්න. සිමෙන්ති තෙමෙන්නෙ නැති වෙන්න දාගන්න.
නැද්ද කියලත් අහගන්න. ඊටපස්සෙ අඩුම මිල හොදම විශ්වාසය තියෙන තැන මොකක්ද කියල. විශ්වාසය ගැන කිව්වෙ මේකයි. මනම්පිටිය කියල වෙලේ වැලි ගෙනත් දාලා යන මිනිස්සු ඉන්නව. ඒකයි. සිමෙන්තිනම් කොහෙත් එක ගණන් වගේ තමයි. බාසුන්නැහැ කියපු ගානට වඩා කියුබ් භාගයක් හරි වැඩිය ගෙනාවට පාඩුවෙන්නෙ නෑ. මොකද ඕවා දිරන්නෙ නැති නිසා. ගල් වැලි සිමෙන්ති කම්බි ටික දවස් දෙකකට විතර කලින් ගෙනත් දාගන්න පිළිවෙලකට. ගෙනත් දානකොටත් මතක තියාගන්න. ආපහු වෙනතැනකට අදින්න බලාගෙන දාගන්න එපා. මොකද ගෙපල කපද්දි ඒකට අවහිරයක් නොවෙන්න ඕනි. ලොරි කාරයා ඌට ලේසි තැනක බාලා යයි. ඔයාලා තමයි පරිප්පුව කන්නෙ. ඒක නිසා කොහොම හරි තමන්ට ඕනි තැනට දාගන්න. සිමෙන්ති තෙමෙන්නෙ නැති වෙන්න දාගන්න.

හරි දැන් නැකත හදල ඉවරයි. බාසුන්නැහැලත් හොයාගත්තා. දැන් නැකත දවස කිට්ටුවෙද්දි කරන්න දේවල් ටිකක් තියනව. ඒ තමා මුල් ගලක් ගේන එක. ඒවා කඩේ ගන්න තියනව අර ඇතුලට දාන ජාතිත් එක්කම. බාසුන්නැහැට කියන්න නැකත වෙලාවට කලින් එන්න කියල. නැත්නම් මිනිහත් එයි විනාඩි පහකට විතර කලින්. ඇවිත් අරක කෝ මේක කෝ කියල කලබල කරයි. ඒක නිසා පැයකටවත් කලින් එන්න කියන්න. ආයුධ එහෙම පනපොවල ලෑස්ති කරල තියාගන්න. ගෙදර ආයුධ නැත්නම් අදුරන අයට කියල තියන්න ඕනි කියල. නැකතට කලින් දවසෙ ගිහින් බඩු ටික අරන් එන්න. ගොක් අතු ටිකක් ඕනි පහන් පැලවල් හදන්න. පන්සලේ හාමුදුරුවන්ට ආරාධනා කරන්න පිරිත් ටිකක් දේශණා කරන්න. බාසුන්නැහැගෙන් අහන්න නූල් අදින්න නූල් බෝල කීයක් විතර ඕනිද කියල. බැකෝ එකෙන් කපනවනම් නූල් අදින්න බැහැ. අළු හුණු පැකට් එකක් ගෙනත් තියාගන්න. කූඤ්ඥ හරිගස්සගන්න. සංග්‍ර‍හ වලට දෙන්න අවශ්‍ය කළමනා ගෙනත් තියාගන්න. කිරිබත් එහෙම හදන්නත් ඕනිනෙ.

ප්ලෑන් එක ඇදපු කෙනාටත් නූල් අදින වෙලාවට එන්න කියන්න. වාස්තු බලපු කෙනාටත්. මොකද දිග පළල අගලකින් වෙනස් වුණත් දෝස වෙන්න පුළුවන්නෙ. හැමෝම හිටියම ප්‍ර‍ශ්ණයක් නෑ.

හරි ඔක්කොම හරි කියමුකො. දැන් තියෙන්නෙ ගේ හදන්න පටන් ගන්න. ගේ හදමු අපි ඊලග කොටසින්.

02 කොටස

හරි. ඔන්න පුතෝ දවස. අද තමා ඔයාගේ හීන මාළිගාව හැබෑවකට පත්කරන්න වෙහෙසෙන පළවෙනි දවස. කිසිම දේකට කලබල වෙන්න එපා. නැකැත් ටික ලියපු කොලේ සාක්කුවේ දාගන්න තමන් ඇදගෙන ඉන්න ඇදුමක. බැදගන්න අතේ හරියට වෙලාව තියන ඔරලෝසුවක්. නැත්නම් ලොකු ඔරලෝසුවක් හරි අරන් පුටුවක් උඩින් තියල තියන්න. අම්මා හරි නෝනා හරි ඇවිත් ඉන්න ස්ත්‍රී පාර්ශ්වයේ කාටහරි කෑම බීම දෙන කටයුතු පවරන්න. කිරිබත එහෙම රහට හදාගන්න කියන්න.ආයෙත් බලන්න. නැකැත් කොලේ සාක්කුවෙද? ආයුධ ටික එක තැනකින් තියාගත්තද? බාසුන්නැහැ, ප්ලෑන් එක ඇදපු කෙනා, වාස්තු බලන කෙනාට උදේටත් කෝල් එකක් දීල එනව නේද මේ වෙලාවට කියල අහගන්න. මුල් ගල මතක ඇති තැනක පරිස්සමට තියාගත්තද?පහන් පැලවල් කියපු වෙලාවට පත්තු කරන්න. හාමුදුරුවො වඩම්මන්න කාව හරි යවන්න වෙලාවට. හාමුදුරුවන්ට ගිලන්පස එහෙම ලෑස්ති කරන්න කියල නෝනට හරි අම්මට හරි කියල තියන්න.හරි දැන් එහෙනම් වෙලාව ආවා කියමුකො. හරි පැත්ත බලල හැමදේම කරල දාන්න. කලබල වෙන්නත් එපා කිසිදේකට. අනික පුළුවන් ඉක්මණට කොහොමහරි අත්තිවාරම කපාගන්න. එක දවසින් පුළුවන්නම් ගොඩක් හොදයි. අනික නූල් ඇදල ඉවරවුණාම අර ප්ලෑන් එක ඇදපු, නැත්නම් වාස්තු බලපු කෙනාගෙන් අහන්න හරියටම හරිද දිග පළල කියල. මොකද අගලක් හරි වෙනස් වුණොත් පස්සෙ ප්‍ර‍ශ්ණනෙ.හරි දැන් අත්තිවාරම කැපුව කියමුකො.දැන් කියන්න තියෙන්නෙ කෙටි විස්තර ටිකක්. මොකද ගලෙන් ගල බදින එක ගැන මට කියන්න දෙයක් නෑ. මොකද මම දන්නෙ නෑ. හැබැයි අපිට වැරදෙන තැන අඩුපාඩු හිටින තැන්, බාස්ල කපටිකම් කරන තැන් ගැන මං කියන්නම්.අත්තිවාරම බැදීමමෙහෙමයි. පුළුවන්නම් ගේ හදන තැන දවල්ට ගෙදර කෙනෙකුට ඒ වැඩ බලන්න කියන්න. මොකද අපේ බාස්ලා කළුගල් කියුබ් ගානට බදිනකොට ගල් යට කරල පස් දාලා ගෙබිමත් නිකම්ම තලල දෙන තරම් උත්තමයො ඉන්නෙ. අනික ඔයා වැඩට යන කෙනෙක්නම් හවසට ඇවිත් කරපු වැඩ මොනවද කියල බලන්න අනිවාර්යයෙන්. අනික කරපු වැඩ වල ෆිනිෂින් එක ගැන බලන්න. ඒක හිතට හරි නැත්නම් කෙලින්ම කියන්න බාසුන්නැහැ මේ වැඩේනම් මෙහෙම හරි නෑ කියල. මොකද ඔයාගෙ ගේ. ඔයාගෙ සල්ලි. අනිවාර්යයෙන් අත්තිවාරම දාලා ඉවරවුණාම අත්තිවාරමේ උඩ මට්ටම හරියට ලෙවල් එකට තියෙන්න ඕනි.ඒ වගේම ගණන් බේරල ඉන්න ඒ වැඩේ ඉවරවුණාම. බාස් ල කියයි අපි පස්සෙ බලමු මහත්තය අරව මේව. ඒව හරියන්නෙ නෑ. බාස් සල්ලි පස්සෙ ගමු කිව්වත් දෙන්න එක්ක එකතුවෙලා මෙන්න මේකයි ගාණ. මෙන්න මෙච්චරක් මන් ඔයාට දීල තියෙනව. මෙන්න මෙච්චරක් මං තව ඔයාට දෙන්න තියනව කියල හරි සටහනක් දාගන්න.අත්තිවාරම පිරවීමපොළව කොන්ක්‍රීට් කරන්න කලින් පස් දාලා තලන්න ඕනිනෙ. අනේ මහත්තයො අඩුවට හරි නිකන් හරි දෙනවයි කියල දෙන කුණු පස් ගොඩවල්නම් ගෙනත් පුරවන්න එපා. ඔයාලා ජීවිත කාලෙම ඉන්නෙ ඔය පස් ගොඩ උඩ. උඩින් සිමෙන්ති දාලා ටයිල් අල්ලලා ඔප දැම්මට හයිය තියෙන් ඔය පස් ටිකේ. ඒක නිසා පස් නිකන් දෙනව කිව්වත් ගිහිම්ම බලන්න. වතුර පොඩ්ඩක් වැටුනම දියවෙන වගේ පස් තියෙනව. ඒවානම් ගේන්න එපා. පුළුවන්නම් රතු පස් ටිකක් හොයල ගෙනත් දාගන්න. අත්තිවාරමට වඩා අගලක් විතර උඩට පස් පුරවන්න. තලන්න ඕනි නෑ. මොකද ඔය ටික නිකන්ම තැලෙනව දැන් බිත්ති බදිද්දි බාස් ලා එහෙට මෙහෙට යනකොට.බිත්ති බැදීමබිත්ති බදින්න පටන්ගත්තම ඒකට බාස්ලට දෙන ගාන ලියන්න වෙනම පිටුවක් හරි වෙනම කොටසක් හරි ගන්න. එතකොට හැමදේම පැහැදිලියි. ඒ වගේම ඔයාගෙ අර බඩුවල ගණන් දාන පොතෙත් වෙනම කොටසක් ගන්න. එතකොට සුපැහැදිලියි.බිත්ති බදිද්දි මෙහෙම දෙයක් තියනව. බාස්ලා සමහරවිට මුලින් මුළු වල කණු ටික හදල ඊටපස්සෙ බිත්ති බදින්න ගනියි. ඒක කරන්නෙ එයාලාගෙ ලේසියට. හැබැයි පුතෝ බිත්තියේ හයිය හත්තිය එතකොට අඩුයි. මුලින් බිත්ති බදින්න. බැදල පස්සෙ කොන්ක්‍රීට් කණු දාන්න කියන්න. අනික ඔයා හවසට වැඩ ඇරිල ගෙදර ගිහින් බාස්ගෙ ලඹේ අරගෙන බිත්ති හරි කෙලින් ද බලන්න. මතක ඇතිව බිත්තිය දෙපැත්තෙන්ම බලන්න. අනික බිත්තියේ තැන් දෙකකින්වත් බලන්න. කම්මැලිකම්ට රෑ ගෙදර ඇවිත් නිදාගන්නනම් එපා පුතෝ. අන්තිමට තමන්ටම කෙලවිලා තියෙයි.ඇදයක් තියනවනම් කෙලින්ම කියන්න. දශමයක දෙකක ඇදනම් කොහොමත් හිටිනව. අගල් බාලෙක අගලක විතර වෙනසක් තියනවනම් තමයි. එතකොට කියයි ඕවා කපරාරුවෙන් වහන්න පුළුවන් මහත්තයො කියල. එතකොට කියන්න කපරාරුවෙන් වැහුවම කාමරේ ඉඩ අඩුවෙනව. අනික ඒවට සිමෙන්ති වැලි වැඩිපුර යනව. ඒවා දෙන්නෙ ඔයාලා නෙමේනෙ කියල කියන්න. මොකද උන්ට දැනෙන්න ඕනි අපි මෝඩයො නෙමේ කියල. අපිත් දෙයක් දන්නව කියල අගවන්න ඕනි. නැත්නම් අපේ ඔළුවට අතහෝදන්න තමා එන්නෙ.බිත්ති බදින අතරෙ බලන්න ආපහු මැනල හරියට බිත්ති නියමිත දිග පළලින් තියනවද, උළුවහු වල ජනෙල් වල කටවල් නියමිත තැන් වලින් හරියට තියලද කියල.ආහ් දෙයක් අමතක වුණා. මේක කට්ටිය එච්චර ගණන් ගන්නෙ නැති දෙයක්. දැන් ඔය බේස් කණු ටික උඩට යනවනෙ. ඒවා බිත්තියට වඩා ලොකුයිනෙ. එතකොට ඒවා මුළු එළියට පනිනව. ඒවා තමන්ට ඕනි පැත්තට කියල දාගන්න. ප්ලෑන් එක ඇදපු කෙනාට කියල ඒවා මාක් කරගෙනනම් තියෙන්නෙ ප්‍ර‍ශ්ණයක් නෑ. නැත්නම් බාස්ලට ලේසි ලේසි විදියට දායි. හැබැයි එතකොට කැතවෙයි. මොකද දන්නවද. දැන් හිතන්නකො ඔය සේරම මුළු සාලේ පැත්තට පැන්නුවොත් කැතයිනෙ කවුරු හරි ආවම. කාමරේ පැත්තට පන්නන්න පුළුවන් ඒවා එහෙම පන්නන්න.ඔයාගේ ප්ලෑන් එකේ වැරැන්ඩාහ් එකක් එහෙම තියේනම් ඒවාට දාන කණු ටිකත් මේ අදියරේදිම දාගන්න.ආහ් මේ දේ විශේෂයෙන් හැමදාටම පොදුයි. මොකක්ද දන්නවද? හිතන්න ඔයා දවල්ට ගෙදර නැත්නම් ගෙදර ත්‍රීවීල් එකක් බයික් එකක්වත් නැත්නම්, තිබුණත් ගෙදර දවල්ට හදිසියට යන්න කෙනෙක් නැත්නම් සිමෙන්ති එහෙම වැඩිපුර ගෙනත් තියාගන්න. මොකද බාස්ල පාවිච්චි කරන සිමෙන්ති කොට්ටෙ අන්තිම තාච්චියත් අරන්, ඒකෙන් අනපු බදාම ටිකත් ඉවරවුණාම තමා මහත්තය සිමෙන්ති ඉවරයි සිමෙන්ති කොට්ටයක් ගේන්න කියන්නෙ. ඉතිං කොට්ටයක් ගේන්න 850යි. ත්‍රීවිල් එකක් හයර් එකට ගත්තම 100යි. ඒක ගෙනත් ආයෙත් පැය තුන හතරකින් ආයෙත් එකක් ඕනි කියයි. එතකොට ආයෙත් 950ක් යනව සිමෙන්ති කොට්ටෙට. ඒක නිසා එක පාර හාඩ්වෙයාර් එකෙන් සිමෙන්ති කොට්ට 10ක් විතර ගේන්න. එතකොට සතියකට ඇතිනෙ. ආයෙ සති අන්තෙට ඔයා ගෙදර ඉන්න නිසා ඉස්සරහට තියෙන වැඩත් එක්ක සිමෙන්ති මදිවෙන ප්‍රමාණය බලල ගේන්න පුළුවන්නෙ. ආ අනික ඔය වැලි එහෙම ගේන වෙලාවක ඒ ලොරියෙම පටවල ගෙන්න ගන්නත් පුළුවන්නෙ. හරි දැන් බිත්ති ටික උඩට නග්ගල ඉවරද? දැන් එහෙනම් අර කලින් කලා වගේ බාස්ගෙ ගණන් බේරල ඉන්නකො.දැන් ස්ලැබ් එක මට්ටමට ආවද? ඉන්න එහෙනම්.ඊළග කෑල්ල තවත් රසවත්....

Last edited by Fordbros; 06-10-2019 at 03:16 PM.
Reply With Quote
(#2)
Old
Fordbros's Avatar
Fordbros Fordbros is offline
Member
Fordbros has a spectacular aura aboutFordbros has a spectacular aura aboutFordbros has a spectacular aura about
 
Posts: 86
Join Date: Dec 2018
Up 06-10-2019, 03:15 PM

03 කොටස 

පොළව කොන්ක්‍රීට් කිරීමදැන් තියෙන්නෙ පොළව කොන්ක්‍රීට් කරන්න. දැන් ඔයාලා හිතනව ඇති ඇයි ස්ලැබ් එක දාන්නෙත් නැතුව පොළව කොන්ක්‍රීට් කරන්නෙ කියල. ඒකට හේතු තියනව.මොකද දන්නවද. දැන් හිතන්නකො ඔයා කොන්ක්‍රීට් පොළවට දාන්නෙ නැතුව ස්ලැබ් එක ගහනව කියල. එතකොට ඒ සැටරිමට ගහන මුක්කු ස්ලැබ් එක දැම්මම බරට පහළ බහින්න හදනව. අපි කොච්චර තැලුවත් පස් ටික, අපේ අඩියක් තිබ්බට පොළව බැස්සෙ නැති වුණාට, ස්ලැබ් එකේ බර එනකොට මුක්කු පහළ බහින්න හදනව. එහෙම මුක්කුවක් පහළ බැස්සම එතනින් ස්ලැබ් එක බහිනව. ඒ විතරක් නෙමේ දැන් ස්ලැබ් එක දාලා ඉවරවුණාම ඒකෙ වතුර එහෙම පහළට බේරෙනවනෙ. එතකොට අපි දාපු පස් ටික ජරා වෙනව. මඩ වෙනව. ඊටපස්සෙ පොළවට කොන්ක්‍රීට් දාන්න වුණාම ආපහු තලන්න ඔනි. මඩ වෙලා තියනවනම් වතුර රැදිල ඒ මඩ අයින් කරල අළුත් පස් පුරවන්න ඕනි. අනික තමයි සැටරිමට ගහන මුක්කු ටික හරියට ලෙවල් එකට ගහගන්න පුළුවන් පොළවට කොන්ක්‍රීට් එක දාලා ස්ලැබ් එක ගැහුවම. හරි දැන් තේරුණානෙ එහෙනම්.හරි මං කලින් කිව්ව වගේ දැන් බිත්ති බදිද්දි බාස්ල එහෙට මෙහෙට ගිහිං පස් ටික තැලිලනෙ තියෙන්නෙ. දැන් එහෙනම් පස් අඩු තැන් වලට තව දාලා හොදට මැෂින් එකකින් වගේ තලන්න කියන්න. එතකොට හොදට හයියයි.කොන්ක්‍රීට් එකට වැලි ගේද්දි ටිකක් ගොරෝසු එකක් ගෙනාවට කමක් නෑ හොදේ. ගොඩක් හීනි ඒවා ගේන්න එපා. අනික බාස්ලට කියල තියන්න බෑවුම තියන පැත්ත. බෑවුම කිව්වෙ කවද හරි ඔයාලා ගේ හෝදන වෙලාවක ගෙයි මැද බිත්තියක් ගාවට වගේ වතුර රැදෙනවනම් ඒවා බස්සන්න අමාරුනෙ. ඒක නිසා ගෙයි පිටිපැස්සෙ දොර ගාවට වගේ ස්ලොප් එක තිබ්බම මුළු ගෙයිම අවුලක් නෑනෙ. ඒක ගොඩක් වෙලාවට බදාම කපද්දි තමා හදන්නෙ. ඒ වුණාට බාස්ලට දැන්ම කියල තියන්න. ඒක වඩා හොදයි.ඒ වැඩෙත් යන අතරතුර සහ ඉවරවුණාම ෆිනිෂින් එක ගැන බලන්න. කියන්න. ඒ වගේම වැඩේ අන්තිමට ගණන් හිලව් බේරන්න.වයරින් එක. ඒ වගේම තමන් ගෙදර ප්ලෑන් එක නිකන් හාෆ්ෂීට් එකක දළ සටහනක් අදින්න. දැන් ඕකෙ තමන්ට ලයිට් එන්න ඕනි තැන්, ෆෑන් එන්න ඕනි තැන්, ප්ලග් පොයින්ට් එන්න ඕනි තැන් පැහැදිලිව ලකුණු කරන්න. ලයිට් දාන තැන් සටහන් කරනකොට පරිස්සමට කරන්න. මොකද සාලේ වගේ ලස්සනට ලයිට් දාන තැන් සටහන් කරද්දි අවුලක් නෑ. හැබැයි අනිත් තැන් වලට ලයිට් සටහන් කරද්දි අදුරක් ඇතිනොවෙන විදියට කරන්න. ඒ කියන්නෙ ඒක ලයිට් එකකින් මේ වගෙ ප්‍රමාණයකට එළිය එනව. ඒකනිසා මේ ලයිට් එක දාන්න ඕනි මෙතනින්. අන්න ඒ වගේ හිතල දාන්න. මොකද ලයිට් දැම්ම වගේ නෙමේනෙ ඕවාට වයර් අරව මේවා ගන්න ගියාම යන වියදම. ඒකත් කමක් නෑ. අන්තිමට ඕවට බිල ගෙවන්නත් එපැයි. අමතක නොකර ඉදිරිය ගැන හිතල හැමදේම ලකුණු කරන්න.මෙහෙමයි මේ වැඩේ හරියටම කරගන්න නම් අර වගේ තවත් ප්ලෑන් එකක් අදින්න. ප්ලග් පොයින්ට් ඕනි නෑ. ඒකෙ තමන් ටීවි එක, සෝෆා එක, කාමරවල ඇදවල්, අල්මාරි, ෆ්‍රිජ් එක අරව මේවා සේරම තියන තැන් නිකන් දළ සටහනක් අදින්න.  එතකොට තමන්ට ප්ලග් පොයින්ට් එහෙම ඕනි තැන් නිකන්ම හිතාගන්න පුළුවන්. ඒ වගේම ඔය නෝනට, එහෙම නැත්නම් වෙන්ට නෝනට හරි, ඒත් නැත්නම් අම්මට හරි නන්ගිට හරි ස්ත්‍රී පාර්ශ්වය ඉතිං නැතුවම බැරි දෙයක්නෙ කණ්නාඩි මෙසේ. අන්න ඒක තියෙන තැනින් එතන ඉන්න කෙනාගෙ මූනට එළිය වැටෙන විදියට ලයිට් එකක් දාන්න. මොකද නැත්නම් කළුවරෙ උලාගෙන එළියට ගියාට පස්සෙ තමයි චාටර් වෙන්නෙ.ඊටපස්සෙ ටීවී එක තියන තැන ගැන බලමු. ඔයාගෙ වෙනම ටීවී රූම් එකක් තියේනම් ප්‍ර‍ශ්ණයක් නෑ. සාලෙ නම් තියන්නෙ සැළකිලිමත් විය යුතු කරුණු කාරණා කීපයක් තියනව. ඒවා තමා ටීවී එක බලද්දී අපේ අය දැහැනට සමවැදිල වගේනෙ බලන්නෙ. එතකොට ගෙදරට ඇවිත් අනිත් බඩු උස්සන ගියත් දන්නෙ නෑනෙ. ඒක නිසා ටීවී එක දිහා බලන් ඉන්නකොට හොර ඇහැට හරි ප්‍ර‍ධාන දොර පේන විදියට ටීවී එක තියන්න. මොකද එතකොට තනියෙන් ඉන්න වෙලාවක කවුරු ආවත් හොර ඇහැට පේන නිසා. නැතත් පොඩි චනලනයක් වුණත් හොර ඇහැට පේන නිසා. ඊටපස්සෙ හිතන්න තව දෙයක් තියනව. ඔයාලා දැකල තියනවද ටීවී දවල්ට බලද්දී සමහරවෙලාවට ජනේලෙ, නැත්නම් ප්‍ර‍ධාන දොර ප්‍ර‍තිබිම්බයක් වෙලා පේනව කියල. ඒක ඔය සබ්ටයිටල් එක්ක ෆිල්ම් එකක් එහෙම බලද්දි පුදුම කරදරයක්නෙ. ඒක නිසා ජනේල දොරට පිටුපස හරවල වගේ තියන්න බලන්න ටීවී එක. එතකොට ඒ ප්‍ර‍ශ්ණෙත් හරි. ඊටපස්සෙ හිතන්න ඕනි දේ තමා දැන් අර පරණ කාලෙ වගේ ස්ටෑන්ඩ් උඩ තියන ටීවී නෙමේනෙ තියන්නෙ. දැන් කෙලින්ම LED පහසුකමවත් තියෙන ටීවී එකක් ගෙනත් බිත්තියේ තමා ගහන්නෙ යම් උසකින්. ඔයා ටීවී එක තියන තැන මෙතන කියල හිතන් එතනට ප්ලග් පොයින්ට් එකක් බිත්තිය යට මට්ටමින් ලකුණු කලොත් එහෙම ටීවී එකක් ගෙනත් බිත්තියෙ එල්ලුවම යට ඉදන් ටීවී එකේ වයර් එක කැතට පේනවනෙ. ඒක නිසා ටීවී එක තියනවයි කියල හිතෙන උස මට්ටමින් ප්ලග් එක දාන්න. ඒ වගේම ඇන්ටනා සොකට් එකකුත් දාන්න. හරි ටීවී එකේ ප්‍ර‍ශ්ණෙ හරි.දැන් කුස්සිය. පැන්ට්‍රි එකට ප්ලග් පොයින්ට් තුනක්වත් දාන්න. මොකද ඔය නෝනලගේ අවන්, බීටර්, බ්ලෙන්ඩර් අරව මේව තියනවනෙ. ඒවානම් එක ලග දාන්න. ඒක අවුලක් නෑ. ඒත් අවන් එක එහෙම තියන්න වෙනම තැනක් හදලනම් එතනට ප්ලත් එකක් දාන්න. ඒ ප්ලග් ගාවටම දාන්න වතුර මොටරේටත් ස්විච් එකක්. ෆ්‍රිජ් එක තියන තැනට ප්ලග් එකක් දාන්න. ආහ් තව පැන්ට්‍රි කබඩ්ස් ඇතුලට ලයිට් එහෙම දානවනම් ඒවා ගැනත් හිතන්න.දැන් තරප්පුව. තරප්පුවට ලයිට් එකක් දානකොට ඒක උඩ තට්ටුවෙනුයි යට තට්ටුවෙනුයි දෙපැත්තෙන්ම දාන්න පුළුවන් වෙන්න දාන්න ඕනි. මොකද ඔයා යට තට්ටුවෙන් විතරක් ස්විච් එකක් දැම්මොත් කවද හරි උඩ හදල ඔයා නිදාගෙන ඉදල පාන්දර පහළට එන්න ඕනි වුණොත් පහළටම ඇවිත් තමා ලයිට් එක දාන්න වෙන්නෙ. එතකො ඉතිං නිදිමරගාතේ පහළට කෙසේ වෙතත් පඩිපෙලේ වැටිල ඉස්පිරිතාලෙටනම් යන්න පුළුවන්.දැන් යමු බාත්රූම් එක පැත්තට. මාක් කරන්න කොමඩ්, සින්ක්, ෂවර් එහෙම තියන තැන්. උණු වතුර ඕනිද? ක්ෂනිකව වතුර රත්වෙන ගැජට් එකද දාන්නෙ උණුවතුර ගන්න. එහෙනම් ඒකට හරියන තැන තීරණය කරල ටිකක් උඩ මට්ටමින් ස්විච් එකක් දාන්න. බාත්රූම් එකෙත් කණ්නාඩිය ගාවට ලයිට් එකක් දාන්න වයර් දෙකක් ඇදල තියාගන්න. දැන් ගොඩක් කණ්නාඩිවල ලයිට් එකත් හයි කරල එන්නෙ. එතකොට කෙලින්ම වයර් දෙක ජොයින්ට් කරන්න විතරයි තියෙන්නෙ කනෙක්ටර් එකකින්. ඊටපස්සෙ වොෂින් මැෂින් එක තියන තැන තීරණය කරල එතනටත් ප්ලග් එකක් දාන්න. ගොඩක් වෙලාවට මේක නම් බාත්රූම් එක ඇතුලෙ හරි ඒ අසලම පිට පැත්තෙනෙ තියන්නෙ. ගාලපෙන විදියට ඒකට ස්විච් එක දාගන්න ගැලපෙන උසින්. ගැලපෙන කිව්වෙ වොෂින් මැෂින් එකට ගැලපෙන උසින්.වැරැන්ඩාහ් එකේ එල්ලන බල්බ් එහෙමත් මාක් කරන්න. ඊටපස්සෙ තවත් දෙයක් තියනව විශේෂ. ගේට්ටු කණු වලට දාන බල්බ් 2යි, බෙල් එකයි. බල්බ් දෙකනම් ප්‍ර‍ශ්ණයක් නෑ. බෙල් එක දාන්නෙ ගේට්ටු කණුවෙන්ද නැත්නම් ප්‍ර‍ධාන දොර ළගින්ද කියල තීරණය කරන්න. දොර ළගින්නම් අවුලක් නෑ. ගේට්ටු කණුවෙන් දානවනම් මෙහෙම දෙයක් කැන්න කැමතිනම්. මොකක්ද දන්නවද. දැන් ඔයාලා ගේට්ටු කණුවෙ බෙල් එකක් හයි කරාම, රෑට නිදාගත්තට පස්සෙ ගෙවල් පැත්තෙ ඉන්න කොල්ලො කුරුට්ටො රෑ 12ට විතර කොහොමද සාරෙන් සැරේ බෙල් එක ගහල ගියාම ලැබෙන ආතල් එක. සනීපයි නේද. ඒ නිසා ගේ ඇතුලින් ස්විච් එකක් දාගන්න රෑට බෙල් එක ඕෆ්ම කරල දාන්න. එතකොට සනීපෙට නිදාගත්තෑකි. අදුරන කෙනෙක් රෑ වෙලා ආවොත් ගේ ළගට ඇවිත් කෝල් එකක් දෙන්නෙ නැතැයි ඉතිං.ඒ වගේම ගෙයින් පිටට ස්ලැබ් එක අඩ් 2.5ක් හරි 3ක් හරි පන්නවනනේ. එ කොටසටත් තැනින් තැන ලයිට් දාන්න ඕනිනෙ. ඒවාත් සටහන් කරන්න.සීසීටීවී කැමරා එහෙම හයි කරන්න බලාපොරොත්තු වෙනවනම් ඒවට අදාල විදියට ප්ලෑන් එකකුත් අදින්න. ඒක ගැනනම් වැඩිපුර කියන්න යන්නෙ නෑ. මොකද මම ඒවා ගැන දන්නෙ නැති නිසා.අන්තිමට ඔයා සලකූණු කරපු ලයිට් ෆෑන් අරව මේවා දාන ස්විච් තියෙන තැනත් කටුවට අදින්න. අපි හිතපු B1 කියන බල්බ් එක පත්තුවෙන්නෙ S1 කියන ස්විච් එක දැම්මම. ඒ වගේම ස්විච් පිහිටන තැන් සටහන් කරද්දි කාමරවල ඇතුළුවන තැන, ප්‍ර‍ධාන දොරෙන් ඇතුළුවන තැන අන්න ඒ වගේ තැන් වලින් දාන්න. එතකොට කළුවරේ අතපත ගගා ගිහින් ලයිට් දාන්න දෙයක් නෑ. අන්න ඒ වගේ සටහනක් ඇදගන්න. එතකොට වැඩේ හරි.මෙන්න මේ දේවල් අමතක කරන්නෙපා.කුස්සියේ එක ප්ලග් එකක් ඇම්පියර් 15 දාන්නබාත්රූම් එකේ හීටරේ ප්ලග් එක ඇම්පියර් 17 හෝ 20 (වෙනම බේකර් එකක් ඕනි)ඊටපස්සෙ ලකුණු කරන්න ට්‍රිප් ස්ව්ච් සහ ෆියුස් බෝඩ් එක හයිවෙන්න ඕනි තැන සහ මීටර් එක හයිවෙන්න ඕනි තැන.හරි ඒ වැඩේ ඉවරයි.ඊටපස්සෙ හොද වයරින් බාස් කෙනෙකුත් හොයාගෙන ගණන් කතාකරන්න. ප්ලග් පොයින්ට් එකකට යන ගාණක් කියනව. ගෙදර තියන ප්ලග් පොයින්ට් ගාණ අඩුකරන්න එපා ඉතිං සල්ලි යනව කියල. මොකද ඒ වගේ වියදම් අත්‍යවශය වියදම් නිසා. ඒ වගේම ට්‍රිප් ස්විච්, ෆියුස් බෝඩ් එක හයි කරන්න තව ගාණක් කියනව. ඒ ගණන් දෙකේ එකතුව තමා ඉතිං වයරින් එකට යන ගාණ.වතුර බට ලයින් එක.මෙතනදිත් බාස් කෙනෙක් හොයන් මොකක්ද කෙරෙන්න ඕනි කියල අහන්න. හැබැයි ස්ලැබ් එකට කලින් වෙන්න ඕනි දේවල් තමා.මෙතනදීත් තමන්ට ටැප් අවශ්‍ය තැන් ප්ලෑන් එකක ලකුණු කරන්න. මොකද එතකොට ස්ලැබ් එක හරහා බට යන තැන් ගැන අවබෝධයක් එනව බාස්ට. ඒ වගේම වතුර ටැංකිය තියන තැන ගැන බාස්ට කියන්න. බාත්රූම් එක ගැන කියද්දී උඩ තට්ටුවේ බාත් රූම් එක තියන තැන ගැනත් බාස්ට පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍ය වෙනව. ඒ අනුව බාස් කියයි මෙන්න මේ තැන් වලින් තමා බට දාන්න ඕනි කියල.මේකටනම් ගණන් කතාකරගන්න වෙනව. ඒ කිව්වෙ බාස්ට අවශ්‍ය සම්පූර්ණ මුදල කීයදක්ද කියල කතාකරගන්න. හැබැයි කරන්න තියන හැම වැඩේ ගැනම කියන්න. මොකද නැත්නම් වැඩිපුර වැඩක් කලාම ගාණ වැඩිකරන්නෙ හිටු කියල. ඒකයි. කාටවත්ම බොරු කරන්න හදන්නෙපා. මොකද එහෙම කළොත් තමන්ට පාඩු වෙන්නෙ ඊටවඩා.දැන් ඔයාලා බලනව ඇති ස්ලැබ් එක දාන්න තියෙද්දී මේ කෙහෙල්මල් කතාකරන්නෙ මොකද කියල. ඇයි දන්නවද. මේ දේවල් ස්ලැබ් එකට කලින් කරගන්න ඕනි. නැත්නම් පසුව පසුතැවිලි තමා ඉතිං. මොකද සැටරිම ගහල කම්බි නෙට් එක දැම්මට පස්සෙ වයරින් වලට ස්ලැබ් එක ඇතුලින් න්න තියන බට ටික එලාගන්න ඕනිනෙ. වතුර බටත් ඒ වගේ. ඒ නිසා මේ කිව්ව ටික අත්‍යවශ්‍ය කාරණා.දැන් තමා ස්ලැබ් එක ගැන කියන්න තියෙන්නෙ. කොටල කොටල අමාරුයි අනේ...ඊළග කෑල්ලෙන් ඒක හොදේ....බුදුසරණයි!!!


04 වැනි කොටස ලියලා නැ ලියපු කෙනා...

Last edited by Fordbros; 06-10-2019 at 03:17 PM.
Reply With Quote
(#3)
Old
kalupusa007's Avatar
kalupusa007 kalupusa007 is offline
Senior Member
kalupusa007 is a glorious beacon of lightkalupusa007 is a glorious beacon of lightkalupusa007 is a glorious beacon of lightkalupusa007 is a glorious beacon of lightkalupusa007 is a glorious beacon of lightkalupusa007 is a glorious beacon of lightkalupusa007 is a glorious beacon of lightkalupusa007 is a glorious beacon of lightkalupusa007 is a glorious beacon of lightkalupusa007 is a glorious beacon of lightkalupusa007 is a glorious beacon of light
 
Posts: 2,096
Join Date: Feb 2012
Location: Home
06-10-2019, 03:31 PM

bump
Reply With Quote
(#4)
Old
Fordbros's Avatar
Fordbros Fordbros is offline
Member
Fordbros has a spectacular aura aboutFordbros has a spectacular aura aboutFordbros has a spectacular aura about
 
Posts: 86
Join Date: Dec 2018
06-10-2019, 03:59 PM

bump
Reply With Quote
(#5)
Old
nvhcc89's Avatar
nvhcc89 nvhcc89 is offline
Senior Member
nvhcc89 is a name known to allnvhcc89 is a name known to allnvhcc89 is a name known to allnvhcc89 is a name known to allnvhcc89 is a name known to allnvhcc89 is a name known to allnvhcc89 is a name known to allnvhcc89 is a name known to allnvhcc89 is a name known to allnvhcc89 is a name known to allnvhcc89 is a name known to all
 
Posts: 18,180
Join Date: Feb 2011
Location: ගෙදර/බෝඩිමේ
06-10-2019, 04:11 PM

up
Reply With Quote
(#6)
Old
Naughtykolla48's Avatar
Naughtykolla48 Naughtykolla48 is offline
Senior Member
Naughtykolla48 is a glorious beacon of lightNaughtykolla48 is a glorious beacon of lightNaughtykolla48 is a glorious beacon of lightNaughtykolla48 is a glorious beacon of lightNaughtykolla48 is a glorious beacon of lightNaughtykolla48 is a glorious beacon of lightNaughtykolla48 is a glorious beacon of lightNaughtykolla48 is a glorious beacon of lightNaughtykolla48 is a glorious beacon of lightNaughtykolla48 is a glorious beacon of lightNaughtykolla48 is a glorious beacon of light
 
Posts: 3,533
Join Date: Nov 2017
Location: හඳට කිට්ටුව
06-10-2019, 04:30 PM

tfs
Reply With Quote
(#7)
Old
AEG AEG is offline
Senior Member
AEG has a spectacular aura aboutAEG has a spectacular aura aboutAEG has a spectacular aura aboutAEG has a spectacular aura about
 
Posts: 130
Join Date: Jul 2012
Up 06-10-2019, 05:24 PM

Great ....
Reply With Quote
(#8)
Old
C_A_S_P_E_R's Avatar
C_A_S_P_E_R C_A_S_P_E_R is offline
Senior Member
C_A_S_P_E_R is just really niceC_A_S_P_E_R is just really niceC_A_S_P_E_R is just really niceC_A_S_P_E_R is just really niceC_A_S_P_E_R is just really niceC_A_S_P_E_R is just really niceC_A_S_P_E_R is just really nice
 
Posts: 1,058
Join Date: Apr 2016
06-10-2019, 05:42 PM

bump
Reply With Quote
(#9)
Old
sidathsaumya sidathsaumya is offline
Senior Member
sidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to behold
 
Posts: 36,886
Join Date: Jun 2009
Location: Seeduwa
Send a message via Yahoo to sidathsaumya
06-10-2019, 05:57 PM

bp
Reply With Quote
(#10)
Old
HKavinda's Avatar
HKavinda HKavinda is offline
Senior Member
HKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond repute
 
Posts: 39,590
Join Date: Dec 2013
Location: 🅸🅽🆃🅴🆁🅽🅴🆃
06-10-2019, 06:00 PM

බම්පි
Reply With Quote
Reply

Bookmarks

Tags
house

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01843 seconds with 9 queries