 |
|
 |
Senior Member
|
|
Posts: 56,509
Join Date: Feb 2009
Location: කඩවත
|
|
තැඹිලි-වයින් ගෙදරදීම හදමු -
09-22-2013, 12:14 PM
ඔන්න ඉතිං කාලෙක ඉදං කරන්න ඕනෙ කියලා හිත හිත හිටිය වැඩක් අද කරන්නයි යන්නෙ.
අද හදනවා වයින්...
Once upon a ..Time....
සීයා බීලා...Wine....
ආච්චි ලගට ..Going...
දුන්නා එකක් .පයිං....
තැඹිලි වයින් තමා හදන්න යන්නෙ.
හදන්න කලින් කියන්න ඕනෙ.. මං සූපවේදියෙක් නෙවෙයි.
මේක හදන්නෙ අවම පහසුකම් යටතේ...
මේ හදන්නෙ අපි අවුරුදු ගානක ඉදං හදාගෙන ආපු විදිහට. හරියට කලොත් කිසිම අවුලක් වෙන්නෙ නෑ. පරණ වෙන්න වෙන්න රහයි+සැරයි.
වැඩි කථා ඕනෙ නෑ.. වැඩේ පටං ගමු......
ඉස්සෙල්ලම කියන්නං මූලිකව අවශ්‍ය ද්‍රව්‍ය හා ප්‍රමාණයන්....
මේ කියන්නේ තැඹිලි මිලි ලීටර් 750 බෝතල් 7කට අවශ්‍ය ප්‍රමාණය..
(මිලි ලීටර් 750 බෝකලේ කියන්නෙ හිස් අරක්කු බෝතලේ බොල  )
අඩු වැඩි කරලා හදා ගන්නලා...
අපි ඊට වඩා වෙනස් ප්‍රමානයක් ගත්තා මේ පාර. බෝතල් ටික්ක වැඩිපුර ඕනෙ නිසා 
ඒ අවශ්‍ය ප්‍රමාණයට කැඹිලි ගෙඩි ඕනෙ.. (ඕක ඉතිං කියන්න දෙයක්ද යකෝ.. )
මේ තැඹිලි තෝරා ග්නනකොට ගොඩාක් ලපටි ඒවා ගන්න එපා. ටිකක් මෝරපු ගෙඩි ගන්න 
ඊට පස්සෙ මේවා දමාගන්න හොද මුට්ටියක් ඕනෙ......හිල් නැති හොද මුට්ටියක් හොදේ.. 
- සැ.යු-
මුට්ටිය තෝරා ගැනීමේදී තමා යොදන ධාරිතාවට ගැලපෙන එකක් තෝරා ගන්න.. කට ලගට ඉතිර යන්නට තැඹිලි දමන්නේ නැත. එම නිසා ටිකක් ප්‍රමාණයෙන් වැඩි මුට්ටියක් තෝරා ගන්නට සැලකිලිමත් වෙන්න.
- මුට්ටිය හොදින් සෝදා ජලය එකදු බින්දුවක් හෝ ඉතිරි නොවන තරමට වේලී තිබිය යුතුය.
- තෙතමනය නැති කරගැනීම සදහා හිස් මුට්ටිය හොදින් රත් කර යලිත් නිවෙන්නට තබන්න.
දැං බලනවා ඇති මුං මොකද මේ මුට්ටි ගැන වැඩිපුර කියන්නෙ කියලා. මේක හරියටම තිබ්බෙ නැත්තං ඔක්කොම සුං. වයින් වල මූලිකම දේ තමා වතුර බින්දුවක් වත් කලවං වෙන්න බෑ. 

- තැඹිලි වතුර පෙරා ගැනීම සදහා පෙනේරයක් ඕනෙ..
දැං බලමු අවශ්‍ය අනිත් ද්‍රව්‍ය
- සීනි 2Kg
- සාදික්කා ගෙඩි 2ක් 3ක් පමණ
- ඊස්ට් තේ හැදි 6ක් පමණ
- කුරුදු පොතු අගල් 3ක පමණ කැබල්ලක්
- කරදමුංගු සහ කරාබුනැටි 20 බැගින්.
- වියලි මිදි 60g පමණ.
සාදික්කා,කරාබුනැටි සහ කරදමුංගු තලා ගන්න පොඩි වංගෙඩියක් 
හදපු විදිහ බලමු...
- ඉස්සෙල්ලම තැඹිලි ගෙඩි ටික කපාගෙන ලොකු භාජනේකට දා ගන්න..(මුට්ටියට නෙවෙයි) මොකද තැඹිලි ගෙඩියේ කුඩා කොටස් වතුරත් එක්ක එන්න පුලුවං. (ලොද වගේ දේවල්) ඒවා වයින් හදනකොට මිශ්‍ර කරන්නෙ නැහැ. වතුර පමණයි ගන්නෙ.
- ඊට පස්සෙ අවශ්‍ය ලීටර් ගණන පෙනේරෙකින් පෙරලා වියලි හිස් මුට්ටියට දමන්න.
(අපි කලේ හිස් අරක්කු බෝතලයට අරගෙන ඒකෙන් තමා පෙරලා දැම්මෙ )

- ඉහත කිව්ව විදිහට සාදික්කා ගෙඩි(ඇටෙත් එක්කම ) සහ කරදමුංගු කරාබුනැටි අත් වංගෙඩියේ කුඩු කර ගන්න.


දැං ඉතිං කරන්න තියෙන්නේ.... කුඩු කර ගත්ත කරදමුංගු, කරාබුනැටි, සාදික්කා , ඇතුළු කුරුදුපොතු,වියලි මිදි, යීස්ට්,සහ සීනි කිලෝ දෙක අර තැඹිලි වතුර තියෙන මුටුටියට එකතු කර ගන්න. කලවම් කිරීමක් අවශ්‍ය නොවේ.



අන්තිමට ඉතිං ඔය තියෙන විදිහට පෙනෙයි.
දැං වැඩේ හරි. එකෙක් වත් රස බලන්න එහෙම යනවා නෙවෙයි ඕං.
දැං තමා වැදගත්ම වැඩ කෑල්ල තියෙන්නෙ. ඔය මුට්ටියේ කට පත්තර හරි අර වහන්න ගන්න කොල වර්ගයක්(කඩදාසි) හරි අරගෙන සම්පූර්ණයෙන් හොදින් ආවරණය කරලා.. කෝඩ් නූලක් හරි රෙදි පටියකින් හරි... තදින් ගැට ගහන්න.

කූඹි ඇඹලයෝ ඉන්න ගෙදරක් නං එයාලාට එන්න බැරි විදිහට වතුර පිරුණු කොරහක් මැද මොකක් හරි රදවනයක් තියලා ඒක උඩ මේ මුට්ටිය තියන්න. හැබැයි පෙරලෙන තැන් වල තියන්නත් එපා. අපරාදෙ නේ 

ඔන්න අන්තිමට පේන විදිහ. පත්තරේ ඉරාගෙන මොකෙක් හරි යයි කියලා වැඩි හොදට උඩින් වීදුරු ආවරණයක් තියලා ඔය තියෙන්නෙ.
මේක වහලා අරං තියලා දවස දහයක් පැසවන්න තියන්න ඕනෙ.
ත්‍රෙඩ් එකේ දිගටම රැදිලා ඉන්න. අපි දවස් දහයකින් කරන දේ මං පින්තූර අරගෙනම දාලා මේක අප්ඩේට් කරන්නම්.
ආ. ඒ අතර කාලෙදි හිස් අරක්කු බෝතල් 7ක් 8ක් හොදින් හෝදලා වතුර බින්දුවක් වත් නැති වෙන්න වේලලා වියලිව තියා ගන්න.
තව ඔක්සිජන් බට කෑල්ලක් එහෙමත් ලෑස්ති කර ගන්නකො..
සැ.යු -
මේ මුට්ටියෙන් පළවෙනි දවසෙ ඉදන්ම එක එක සුවදවල් එනවා. හරිම ආසා හිතෙන සුවදවල්.. 
අපිටත් වඩා නානාප්‍රකාර කුඩා සත්තුන්ටත් මේක දැනෙනවා. උං එන්න පුලුවං. බය වෙන්න දෙයක් නෑ
මොක උනත් දවස් 10ක් යනකං මේක අරින්න නං එපා පුතේ.
වැදගත්ම දේ තමා පොඩි අය. එයාලා පරීක්ශා කරයි මේ මොකක්ද කියලා. එයාලගෙත් ඇස නොගැටෙන .. ඇස බැරි නම් අත වත් නොගැටෙන තැනකින් තියන්න.
විශේෂයන්ම ගෙදර ඉන්න වැඩිහිටි අයවයි මෙහෙකාර අය ඉන්නවා නං එයාලාවයි.. දැනුවත් කරලා තියන්න.
අත්දැකීමෙන්මයි කියන්නෙ.. අපේ එළකිරි සාමාජිකයෙක් ඉන්නවා කෑම හදන්න අති දක්ෂ. ඒ මහත්තයා බොහොම පිළිවෙලට මේ මුට්ටිය හදලා අරන් තියලා. ඒ ගෙදර ඉන්නා කෙනෙක් මුට්ටිය දැක්කා. මල ජරාවක් පල් වෙනවා කියලා විසි කරලා. 
ඉතිං එතුමා හරි සතුටින් හිටියා කාලයක්  
ඉතිං ඔන්න ඕකයි සීන් එක..
දවස් 10කින් ආයෙත් හමුවෙමු..
එතකං ඕකෙ සුවද ගෙදර පුරා දුවන එක ඉවසං හිටු   
දවස් 10කට පසු
හරි... එහෙනං ආයෙත් වැඩ පටාං ගමු. මුලින්ම සමා වෙන්න ඕනෙ මේක පළ කරන්න ටිකක් රෑ උණ එකට. ඒත් ඉතිං හොද හොද සෙල්ලං එළිවෙනකොට ලු නේ...  
හිතුවාටත් වඩා ත්‍රෙඩ් එකට ලොකු සහයෝගයක් ලැබුනා. ඒකට ගොඩක් ස්තූතියි. ගොඩක් අය පී එම් වලින් ප්‍රශ්න අහලා තිබුනා. ඒ අය හැමෝටම මං උත්තර දුන්නා.
හරි .. වැඩි කථා ඕනෙ නෑ නෙ.. වැඩේට බහිමු...
අද කියන්නෙ මේකෙ දෙවෙනි කොටස... ඒ කියන්නෙ වයින් එකේ පාට ( අරක්කු පාට ) හදා ගන්න විදිහ....
ඔයාලට මතක ඇති අපි මුල් කොටසේදී මේ තැඹිලි වතුර එක්ක අනං මනං දාලා පොඩ්ඩක් වත් කලවං කරන්න ගියේ නෑ... ඉතිං අද තමා ඕක කලවං කරන්නෙ.. කට්ටිය නෝනගෙ හැන්ද ඉල්ලං ලෑස්ති වෙයල්ලා කලවං කරන්න...
ආ නෝනලා නැති අය ගෙදර තියෙන මොකක් හරි හැන්දක් හොයාගෙන වරෙල්ලා. පොල්කටු හැන්දක් නං හොදා...  
තව ඕනෙ සීනි 250g
සීනි උනු කරන්න පුලුවන් තරමේ තාච්චියක්...
ගෑස් ලිපක්,
දැං ඉතිං ඉස්ඉසසෙල්ලම අර දවස් දහයකට කලින් හොදට කට ගැටගහලා කොහේ හරි මුල්ලට දාපු අසරන මුට්ටි රාජයා එළියට ගනිල්ලා. සමහරු නං මේක ලගට වෙලා දවස් ගනං කර කර හිටියා කියලත් ආරන්චි උනා  
මං හිතනවා කාටවත් නන්නාදුනන සත්තුංගෙං හානියක් උනේ නෑ කියලා..  
ඔන්න ඉතිං ගෙදර වැඩකාරි හරි.. නෝනා හරි.. විසි කලේ නැත්තං හෝ, පොඩි එකා / එකී / දෙන්නම මුට්ටිය බින්දෙ නැත්තං.... දෙයියනේ කියලා ඕක මුල්ලක ඇති නොවෑ..
මේ තියෙන්නෙ අපේ මුට්ටි උන්නැහේ...

දැං ඉතිං ඕක උස්සලා මේසෙ උඩට අරං.. (මතක ඇතුව ඕක රදවන එකත් ගනිල්ලා.. මුට්ටිය බිදුනොත් ඔක්කොම ඉවරයි..  ) ඇරගෙන ඇරගෙන යන්නයි තියෙන්නෙ... 
මං කිව්වෙ මුටිටය වහපු කවරෙ  

එතකොට ඊලග රූපරාමුවෙන් ඔබට දැක ගන්න පුලුවං පින්වතුනි..... ඔබ දවස් දහයකට කලින් කිසිම හිතක් පපුවක් නැතුව තැඹිලි වතුර වලට දාලා පියන වහපු කරදමුංගු ,කරාබුනැටි,කුරුදුපොතු,වියලි මිදි උඩ පාවෙවී තියෙයි. හැබැයි පාටවල් වෙනස් වෙලා.. හැම දේකම සාරය තැඹිලි වලට උරාගෙන ඇති. පාට වෙනස් වෙලා අමුතු බොර පාටක් වෙලා ඇති. ඒ ගැන කලබල වෙන්න එපා.
පියන ඇරියම නැවුම් සුවදකුත් එයි  
දැං ගනිල්ලා අර සීනි 250..
තාචිචිය ලිපේ තියලා... සීනි දාන්න....

දැං අපි සීනි කැට පැනි වෙනකං රත් කරන්නයි හදන්නෙ....
ටික වේලාවකින් පැනි වෙයි.

මේ ගානට ආවාම ඇති

කට්ටියගෙ පැනි පෙරිල්ල පැත්තකට දාලා පරිස්සමෙං ඔය තාච්චිය අරං ඒකෙ තියෙන පැනි ටික හලන්නයි තියෙන්නෙ දැං ඉතිං අර වයින් මුට්ටියට..

දුමක් එයි.. ගනං ගන්න එපා.. දුම් නං මොනවද සෑර්.. කිව්වලු  
දැං ඉතිං කලවං කරන්නයි තියෙන්නෙ හොදට..... ඔය පැනි දැම්මට පොඩ්ඩක් කැට වගේ හිටියි.. ඒක ගනං ගන්න එපා... කාට හරි මුට්ටිය අල්ලා ගන්න කියලා... අර හැන්දෙන් හොදට කලවං කරන්න... මුට්ටියේ අඩියට බැහැලා තියෙන යීස්ට් ආයෙ උඩ එයි. ගනං ගන්න එපා.. ටික වේලාවක් ඇර සොයිසා ... 

දැං වැඩේ හරි...  
පොඩ්ඩක් විතර පාට වෙනස් වෙලා ඇති. හරියටම කර කරලා පැනි ටික දැම්මා නං.
සමහරු කියලා තිබුනා බ්‍රැන්ඩි ටික්ක දානවා කියලා. අනේ මන්දා. අපි නං ඒවා දාන්නෙ නෑ.. මේ සැර ඇති වයින් එකට.
(යකෝ බ්‍රැන්ඩි තියෙනවා නං අහවල් කෙමකටද මේකට මුහු කරන්නෙ.. අමුවෙන් ගසලා දානවා මිසක් )
ඉතිරි තද පාට එන්නෙ පෙරද්දි සහ බෝතල් වල ටිකක් දවසක් යද්දි 
දැං කට්ටිය..... ආයෙමත් අර පියන අරං මුට්ටිය වහන්න. 
මේ විදිහට පැනි දාපු වයින් මුට්ටිය දවසක් විතර ආයෙත් වහලා තියන්න ඕනෙ. 
ඊට පස්සෙ තමා පෙරන්න පටං ගන්නෙ...
පෙරනවා කියලා කියන්නත් බයයි..  
එහෙනං මගෙ සහෝදරවරුනි... 
හෙට හෝ අනිද්දා සිට රෑට රෑට පෙරමු....
ජය වේවා !!!!!!  
ප.ලි. මේ තියෙන්නෙ අපි හදපු විදිහ. මීට වඩා හොද විදි තව ඕනෙ තරම් ඇති. දන්න දන්න අය ඒවාත් මෙතන බෙදා ගන්නවා නං මං ගොඩක් කැමතියි
කොපි කරලා ගන්නවා නං කරුණාකරලා එළකිරි එකේ නම දාලා ඉන්න. 
බ්ලොග් එකෙත් දැම්මා
Last edited by tintin123; 09-30-2013 at 10:12 PM.
|
 |
Senior Member
|
|
Posts: 56,509
Join Date: Feb 2009
Location: කඩවත
|
|
09-22-2013, 12:15 PM
බම්ප්...
|
 |
Senior Member
|
|
Posts: 56,509
Join Date: Feb 2009
Location: කඩවත
|
|
09-22-2013, 12:16 PM
නත්තල් කාලයට ගන්න හිතාගෙනයි මේ හදන්නේ... කැමති අය දැන්ම වැඩේ පටං ගත්තොත් පරක්කු නෑ
|
 |
Senior Member
|
|
Posts: 5,198
Join Date: Aug 2011
Location: Kelaniya
|
|
09-22-2013, 12:20 PM
අඩෝ උබ නන් පට්ට පට පට ඩයල් එකක්නේ.....
සුප්පා ඕයි අදම හදනවා......
අපේ කොල්ලො ටිකෙන් බේරෙන්න බැරිවෙයි... 
You must spread some Reputation around before giving it to Dinushasankalpa again.
|
 |
Senior Member
|
|
Posts: 6,555
Join Date: Oct 2006
Location: Kandy
|
|

09-22-2013, 12:21 PM
ආ..... ඕක සුපිරි පානයක් නොවැ කොලුවෝ.....!
අපි යාලුවෙකුගේ ගෙදර හැදුවා එයාගේ wedding එකට. සුපිරියටම තිබ්බා. ආයේ ඉතින් අපි මාසගානක් යනකන් හදිස්සියක් උනත් ගියේ එහාට.....!
නියමයි මල්ලි.... මමත් හදන හැටි බලාගෙන හිටියට හැදුවේ කොහොමද? මොනවගෙන්ද කියල දැක්කේ නැහැ...!
|
 |
Senior Member
|
|
Posts: 307
Join Date: Mar 2008
|
|
09-22-2013, 12:23 PM
suppa!!!
|
Senior Member
|
|
Posts: 671
Join Date: Apr 2009
Location: Nowhere
|
|
09-22-2013, 12:24 PM
patta  tfs machan
|
 |
Senior Member
|
|
Posts: 5,140
Join Date: Nov 2010
|
|
09-22-2013, 12:24 PM
නත්තල් කාලෙට ගන්න... ඈ...බන් කොහොමද එච්චර කල් ඉවසගෙන ඉන්නේ?
පහකින් ගැහුවා කියලා හිතාගන්
Last edited by BonziBUDDY; 09-22-2013 at 12:27 PM.
|
 |
Senior Member
|
|
Posts: 49,958
Join Date: Oct 2007
|
|
09-22-2013, 12:26 PM
මෙන්න මේ වගේ වැදගත් දෙයක් දාපන් කවි නොලියා !!  මටත් බෝතලයක් !
|
 |
Senior Member
|
|
Posts: 49,958
Join Date: Oct 2007
|
|
09-22-2013, 12:27 PM
Quote:
අත්දැකීමෙන්මයි කියන්නෙ.. අපේ එළකිරි සාමාජිකයෙක් ඉන්නවා කෑම හදන්න අති දක්ෂ. ඒ මහත්තයා බොහොම පිළිවෙලට මේ මුට්ටිය හදලා අරන් තියලා. ඒ ගෙදර ඉන්නා කෙනෙක් මුට්ටිය දැක්කා. මල ජරාවක් පල් වෙනවා කියලා විසි කරලා.
ඉතිං එතුමා හරි සතුටින් හිටියා කාලයක්
|
ඌ ජබුක් !!
|
Tags
|
අද කන සාක්කුවේ, ඌයියා, කන සාක්කුවේ, කසියා, ගහෙං බාලා, තැඹිලි බානෝ, තිතට මත, දැන් බාපුවා, පොලිසියෙන් එයි, බඩු ශුවර්, බිපන් දැන් වයින්, බුවාගේ වල්ල, රෑට රෑට පෙරමු, රිදෙනවා අයියා, වයින් පල්ලට, වයින් පෙරනෝ, වයින් බොමුද?, සංකපාල අති විශේෂ, හිනා වෙවී, හොර බඩු, 1st tag, sankapala hali arakku, titith wine boida?, wanemu ayyaa, wine  |
Posting Rules
|
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts
HTML code is Off
|
|
|
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
|