ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ඉඩමකට බොරුවක් කළැයි ඒ.එස්.පී. ලියනගේට ලක්ෂ 10&
Reply
 
Thread Tools
(#1)
Old
taxacco83's Avatar
taxacco83 taxacco83 is offline
Senior Member
taxacco83 is just really nicetaxacco83 is just really nicetaxacco83 is just really nicetaxacco83 is just really nicetaxacco83 is just really nicetaxacco83 is just really nicetaxacco83 is just really nice
 
Posts: 1,007
Join Date: Oct 2018
Angry ඉඩමකට බොරුවක් කළැයි ඒ.එස්.පී. ලියනගේට ලක්ෂ 10& - 09-16-2019, 01:49 PM

ඉඩම් කොටසක් මිලදී ගැනීම සඳහා දේපොළ ක්ෂේත්‍රයේ ව්‍යාපාර කරන ප්‍රධාන පෙළේ සමාගමකට වාරිකව මුදල් ගෙවූ ගැනුම්කරුවකුට ඉඩම් කොටස ලබාදීම ප්‍රතික්ෂේප කිරීම නිසා සිදුවූ පාඩුවට වන්දියක් වශයෙන්
රුපියල් ලක්ෂ 10ක් වන්දියක් එම සමාගමෙන් අයකර ගැනීමට කොළඹ දිසා අධිකරණය අවසර දුන්නේය.

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන ඒ.එස්.පී. ලියනගේ අධිපතිත්වය දරන ඒ.එස්.පී. කන්ස්ට්‍රක්ෂන් නමැති සමාගමට ගැනුම්කරු වාර්ෂිකව ගෙවා තිබූ රුපියල් පන්ලක්ෂ අසූ දහසක (රු.585,000) මුදල සහ ඊට අයවිය යුතු ​නෛතික පොලියද ගැනුම්කරුට ගෙවන ලෙසද
දිසා අධිකරණය ප්‍රකාශයට පත් කළ නඩු තීන්දුවෙන් විත්තිකාර සමාගමට නියෝග කළේය.

මෙම නඩුවේ පැමිණිලිකරු - රාගම මහබාගේ ලංකා මාවත අංක 11 පදිංචි ඩබ්ලිව් එස්. රණසිංහ නමැති අයෙකි.

කොළඹ දිසා විනිසුරු - සුජීව නිශ්ශංක හමුවේ විභාගය පැවැත්විණි.

2007 වසරේදී පැමිණිලිකරු විත්තිකාර සමාගමෙන් පර්චසය රු. ලක්ෂය බැගින් වූ ඉඩම් කොටසක් මිලදී ගැනීමට එකඟ වී ඇත.

පැමිණිලිකරු සාක්ෂි දෙමින් කියා සිටියේ තමා 2007 සිට 2014 දක්වා වූ වසර 7ක කාලයේදී රුපියල් පන්ලක්ෂ අසූපන්දහසක් (රු.585,000) ගෙවා ඉතිරි මුදල ගෙවා ඉඩම මිලදී ගැනීමට 2014 අගෝස්තු මස කටයුතු කළ අවස්ථාවේදී එම ඉඩම් කොටස ලබාදීම සමාගම ප්‍රතික්ෂේප කළ බවය. එසේ ලබාදීමට නම් තවත් රුපියල් හය ලක්ෂ අසූ හත් දහස් පන්සියයක් (රු.6875000) එකවර ගෙවන ලෙස තමාට දැන්වූ බවත් ඔහු කියයි.

විත්තිකාර සමාගම පැමිණිකරුගෙන් මුදල් භාර ගෙන ඉඩම් කොටස ලබාදීම ප්‍රතික්ෂේප කළා පමණක් නොව ඉන් අනතුරුව විවිධ මිල ගණන් කියමින් ඔහුට මුදල් ගෙවීමට කියා ඇත.

ඒ අනුව පැමිණිලිකරු විත්තිකාර සමාගමට වාරික වශයෙන් ගෙවන ලද මුදල සහ නෛතික පොලියත්, රු. දස ලක්ෂයක වන්දි මුදලක්ද ඉල්ලා සිටීම සාධාරණ බවත් අධිකරණය තීන්දු කරන ලදී. තවද ඉඩම් කොටස මිලදී ගැනීම සඳහා පැමිණිලිකරු ලිඛිත ගිවිසුමකට එළැඹ නැති බව විත්තිකාර සමගම නඩු විභාගයේදී කියා සිටියත් පැමිණිලිකරුගෙන් මුදල් භාරගැනීමෙන් ඒ සඳහා එකඟතාවයකට පැමිණ සිටි බව තහවුරු වන බවද නඩු තීන්දුවේ සඳහන් කර ඇත.

විත්තිකාර සමාගම විසින් පැමිණිලිකරුට නඩු ගාස්තු ගෙවිය යුතු යැයිද නඩු තීන්දුවෙන් නියම කර ඇත.

සරත් ධර්මසේන

https://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2019/09/10laks-fine-asp-liyanage.html
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02627 seconds with 9 queries