ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > News
Reload this Page පරිස්සමෙන් පරිහරණය කරන්න
Reply
 
Thread Tools
(#1)
Old
supunmalkanthi's Avatar
supunmalkanthi supunmalkanthi is offline
Senior Member
supunmalkanthi is infamous around these parts
 
Posts: 234
Join Date: Dec 2016
පරිස්සමෙන් පරිහරණය කරන්න - 06-04-2019, 11:09 AM

ලංකාවේ ජනමාධ්‍ය | අනතුරුදායකයි ...! පරිස්සමෙන් පරිහරණය කරන්න
(නියමුවා - කතුවැකිය)

ලංකාවේ ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යවල හැසිරීම පිළිබඳ සමාජය තුළ විටින් විට විවේචන මතුවූයේ කලෙක සිටය. පසුගිය, අප්‍රේල් 21 දා සිදුවූ බෝම්බ ප්‍රහාරයත් සමග රට තුළ ඇවිලවීමට උත්සාහ කළ හා තවමත් උත්සාහ කරන ජාතිවාදී රැල්ල සඳහා ලංකාවේ සමහර ජනමාධ්‍ය විසින් කරනු ලබන මැදිහත්වීම ඉතාම බරපතළය; භයානකය.
ලංකාවේ ජනමාධ්‍ය ප්‍රධාන වර්ග දෙකකි. එක් කොටසක් රජයට අයිති රාජ්‍ය ජනමාධ්‍ය වන අතර, අනෙක් කොටස පෞද්ගලික ජනමාධ්‍ය වේ. අප දන්නා කලෙක සිට රජයේ ජනමාධ්‍යයන් හැසිරෙන්නේ රජයට පක්ෂපාතී ලෙසය. ඒ නිසා පවතින ආණ්ඩුව රැකීමත් ආණ්ඩුවට වාසිදායක පුවත් නිර්මාණය කිරීම හා එවැනි පුවත් පමණක් ප්‍රචාරණය කිරීමත් රාජ්‍ය මාධ්‍යවල ස්වභාවය වී තිබේ. රටේ කුමන ආණ්ඩුවක් තිබුණත් රාජ්‍ය මාධ්‍ය සිදුකරන්නේ එම ආණ්ඩුවට කඬේ යාමය.

මේ නිසාම සමාජය තුළ රාජ්‍ය මාධ්‍ය කෙරේ තිබූ විශ්වාසය බිඳවැටුණු අතර ජනතාව පෞද්ගලික හිමිකාරිත්වය සහිත ජනමාධ්‍ය වෙත ආකර්ෂණය විය. දැන් පෞද්ගලික විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය ආයතන රැසක්ම රාජ්‍ය මාධ්‍යවලට වඩා බොරු කියන, වැරදි මත පතුරන, වගකීමක් නොමැතිව කටයුතු කරන හා කුමන හෝ දේශපාලන කඳවුරකට පක්ෂපාතීව කටයුතු කරන ඒවා වී තිබේ.
මෙහි ප්‍රතිඵලය වී ඇත්තේ කුමක්ද? පළමුවැන්න ජනතාවට සත්‍ය තොරතුරු දැනගැනීමට ඇති අයිතිය අහිමි වීමය. දෙවැන්න ජනතාවගේ ඔළු කුහර අසත්‍ය හා අතාර්කික තොරතුරු හා විග්‍රහයන්ගෙන් පිරීයාමය. තෙවැන්න ජනතාවගේ චින්තනය හැසිරවීම ජනමාධ්‍ය විසින් පැහැරගෙන එය තම දේශපාලන අරමුණු වෙනුවෙන් යෙදවීමය.

මේ මොහොත වන විට ලංකාවේ ප්‍රධාන හා ප්‍රබල ජනමාධ්‍ය ආයතන හිමිකරුවෝ පැහැදිලිවම මහින්ද රාජපක්ෂ කණ්ඩායමේ දේශපාලනය වෙනුවෙන් සමාජයේ මත හසුරුවන්නෝ බවට පත්ව සිටිති. තවදුරටත් ඔවුන් ස්වාධීන ජනමාධ්‍ය නොවේ. මේ නිසාම ඔවුන් රාජ්‍ය මාධ්‍ය තරම්වත් සමාජයේ සදාචාරයට ගරුකරන්නේ නැත. ඔවුන්ගේ එකම අරමුණ තම දේශපාලන කඳවුර වෙනුවෙන් ඊට වාසි වන පුවත් මවමින් හා සොයමින් පළ කිරීමය. මෙය පැහැදිලිවම ජනතාවගේ චින්තනය හා බැඳුණු ප්‍රශ්නයන් වේ. ඔවුන් විසින් සිදුකරමින් සිටින්නේ ජනතාවගේ සිතීමේ ශක්තිය නැතිකොට ඔවුන් අතාර්කික පිරිසක් බවට පත්කොට ඔවුනට සාදා නිමකළ Ready Made ප්‍රවෘත්ති ගෙඩි පිටින් ඔළුවලට ඇතුළ් කිරීමය.

අනෙක් අතට මේ බොහෝ මාධ්‍ය ආයතන කළු සල්ලිවලින් හෝ සාධාරණ ලෙස උපයා නොගත් මුදල්වලින් නඩත්තු වන ආයතනයන්ය. ඔවුන්ට නැවත කළු සල්ලි සෙවීමට, නැවත අසාධාරණ ලෙස මහා පරිමාණයෙන් දේපළ රැස්කිරීමට උදව්කරන පාලනය ගෙන්වා ගත යුතුය. මාධ්‍ය සදාචාරය නොසලකා ඔවුන් මෙලෙස නිරුවතින් හැසිරෙන්නේ ඒ අනුවය.

මෙය සරල ප්‍රශ්නයක් නොවේ. මේ ඔවුන් සිදුකරමින් සිටින්නේ, රටක ජනතාවගේ චින්තනය මොට කිරීමය. ෆිදෙල් වරක් කියූ ලෙසම මෙම මාධ්‍ය මඟින් සිදුකරන බරපතළම අපරාධය බොරු කීම නොවේ. මිනිසුන් තුළ සාවද්‍ය පරාවර්තනයන් ඇති කිරීමය. බොරුව ඍණාත්මක බලපෑමක් කරන්නේ ජනතාවගේ දැනුම මතය. එහෙත් සාවද්‍ය පරාවර්තනය හානිකර බලපෑම් කරන්නේ ජනතාවගේ චින්තනය මතය. එනම් නිවැරදිව හා නිරවුල්ව සිතන ජනතාවක් වෙනුවට ජනමාධ්‍ය මගින් හදාදෙන ඕනෑම බොරුවක් ගෙඩිපිටින් ගිලින අතාර්කික චින්තනයක් සහිත ජනතාවක් නිර්මාණය කිරීමය.

ජන මාධ්‍යවල මෙම හැසිරීම ඉතාම අහිතකරය. මහජනතාවට අයත් විද්‍යුත් සංඛ්‍යාත යොදා ගනිමින් ඔවුන් සිදුකරමින් සිටින්නේ එක් අතකින් මානසික වහලුන් පිරිසක් බිහිකිරීමත්, සමාජයක් නොමඟ යැවීමත් හා සමාජ සාරධර්ම අමු අමුවේ බිඳ දැමීමත්ය. ජනමාධ්‍ය පරිස්සමෙන් පරිහරණය කළ යුත්තේ මේ නිසාය.

මේ වන විට ධනවාදයේ අරාජිකත්වයත්, සමාජයේ පසුගාමීත්වයත් තාක්ෂණික මෙවලම්වල දියුණුවත් නිසා නූතන ජනමාධ්‍ය මුළුමනින්ම මිනිස් සමාජයේ මිනිසාගේ චින්තනය ඔවුන්ගේ ග්‍රහණයට ගෙන තිබේ. මිනිස් චින්තනය හැසිරවීමේ අයිතිය ඔවුන් විසින් තමන් අතට ගෙන තිබේ. සමාජය, සොබාදහම හා මිනිසා අතර, අතරමැදියා වී ඇත්තේ මේ මහා ජනමාධ්‍ය සමාගම්ය. සතුට නිපදවන්නේද ඔවුන්ය. විනෝදය නිපදවන්නේද ඔවුන්ය. තරු බිහිකරන්නේද ඔවුන්ය. එසේම සමාජ මතය පාලනය කොට හසුරුවන්නේද ඔවුන්ය. ජනතාව වෙත වැරදි, බොරු හා මිථ්‍යා මත පොම්ප කරන්නේද ඔවුන්ය. සමාජයක් කන - බොන, අඳින - පළඳින දේවල සිට සිතන ආකාරයද තීරණය කරන්නේ ඔවුන්ය. ප්‍රශ්නය බරපතළ වන්නේ ඒ නිසාය.

මෙම ජනමාධ්‍යවල බලපෑම වර්තමානයේ මීට පෙර කිසිකලෙක නොතිබූ තරම් ප්‍රබලව තිබේ. එසේම පිරිහීමට ලක්ව තිබේ. එබැවින් මෙම වැරදි සදාචාර හා මානව විරෝධී ජනමාධ්‍ය ජාලවල බලපෑමෙන් සමාජයේ මිනිස් චින්තනය ගලවා ගත යුතු යුගය එළඹ තිබේ. ඒ සඳහාද මෙම හැකියාව ඇති උගතුන්, විද්වතුන් හා කලාකරුවන්, සමාජයට මත ගෙනයන්නන්, හොඳ මාධ්‍යවේදීන් පෙරමුණ ගත යුතුය. විකල්ප ජනමාධ්‍ය පෙරට ගත යුතුය. ජනතාවත්, ජනමාධ්‍යත්, ජනමාධ්‍ය ඒකාධිකාරයේ වහල්බවින් මුදාගැනීම තවදුරටත් ප්‍රමාද කළ යුතු නැත. ජනතාව ජනමාධ්‍ය ඇසුරු කළ යුතුය. එහෙත් පරෙස්සමෙනි. මන්ද ඒවා අනතුරුදායක විය හැකි බැවිනි.
Reply With Quote
(#2)
Old
warwickuni warwickuni is offline
Senior Member
warwickuni will become famous soon enoughwarwickuni will become famous soon enough
 
Posts: 747
Join Date: May 2008
06-04-2019, 12:08 PM

fake news.
Reply With Quote
(#3)
Old
N A K A M U R A's Avatar
N A K A M U R A N A K A M U R A is offline
Senior Member
N A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of light
 
Posts: 2,353
Join Date: Apr 2018
Location: නාථ සෑර් ඵක්ක
06-04-2019, 12:09 PM

JVP කාරයො තමා භයානකම.
Reply With Quote
(#4)
Old
Smartm's Avatar
Smartm Smartm is offline
Senior Member
Smartm has a spectacular aura aboutSmartm has a spectacular aura aboutSmartm has a spectacular aura aboutSmartm has a spectacular aura aboutSmartm has a spectacular aura about
 
Posts: 5,743
Join Date: Jul 2008
Location: හස්තිශෛලපුර
Send a message via Skype™ to Smartm
06-04-2019, 12:19 PM

නාකි මිනිස්සු ඔය මාධ්‍ය එක්ක හිටියට දැන් පොඩි උන් ඕවා බලන්නේ විශ්වාස කරන්නේ නෑ බන්.. අඩු තරමේ පත්තරයක් වත් බලන්නේ නෑ..


උන්ම තමයි ඕක කරගත්තේ එක එකාට කඩේ ගිහින්..
Reply With Quote
(#5)
Old
srinathSSS's Avatar
srinathSSS srinathSSS is offline
Member
srinathSSS is on a distinguished road
 
Posts: 50
Join Date: Mar 2010
06-04-2019, 12:37 PM

Privet Channel-media Thibun neththan kadu aran thoge bella kapanakan uba dannath ne. Yako... Kohe wunath Pawathina rajayaka weradi kiyanakota nikanma wipakshayata support kiyanawa.. oya kiyana eka GOV eka channel ekak gnanasara hamuduruwata awasthawak dunnada? unwahanse kalinma me dewal kiwwa... ekath okkoma telecast kare godakma pvt chennel. dan ewa boru wunada.. a kaleth me wagema post danna athi.. pake talk danna kalin hithapan.. GOV media sathya wasan karanakota... PVT media nisai mahajanathawa hamadama dana gaththa...

Last edited by srinathSSS; 06-04-2019 at 12:39 PM.
Reply With Quote
(#6)
Old
ayeshmalinga ayeshmalinga is offline
Senior Member
ayeshmalinga will become famous soon enoughayeshmalinga will become famous soon enough
 
Posts: 123
Join Date: Aug 2006
06-04-2019, 06:42 PM

bumpe
Reply With Quote
Reply

Bookmarks

Tags
islam is shit, islamic extremism

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright 2006 - 2011 ElaKiri Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04150 seconds with 11 queries