ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ලෝකයේ ලොකුම මගී ගුවන් යානය - එයාර් බස් 380
Reply
 
Thread Tools
(#1)
Old
ozi's Avatar
ozi ozi is offline
Senior Member
ozi is a glorious beacon of lightozi is a glorious beacon of lightozi is a glorious beacon of lightozi is a glorious beacon of lightozi is a glorious beacon of lightozi is a glorious beacon of lightozi is a glorious beacon of lightozi is a glorious beacon of lightozi is a glorious beacon of lightozi is a glorious beacon of lightozi is a glorious beacon of light
 
Posts: 3,284
Join Date: May 2010
Location: www.facebook.com
Up ලෝකයේ ලොකුම මගී ගුවන් යානය - එයාර් බස් 380 - 02-11-2013, 07:11 PM


ලෝකයේ ලොකුම මගී ගුවන් යානය එයාර් බස් A380..මේක හැදුවේ යුරෝපයේ එයාර් බස් සමාගම විසින්.සාමන්‍යයෙන් ගුවන් යානයක් සමන්විත වෙන්නේ තනි තට්ටුවකින් වුවත් මෙය මගීන් යා හැකි තට්ටු 2කින් සමන්විතයි. මෙහි සාමන්‍ය තත්වයේදී(පංති 3ක් සහිතව) මගීන් 525කට පමණ එකවර ගමන් කල හැකි අතර අවශ්‍ය නම් යා හැකි මගීන් සංඛ්‍යාව 850ක්(එක පංතියක් පමණක්) දක්වා වුවද වැඩි කල හැක. මෙයට ජෙට් ඇන්ජින් 4කින් බලය සපයයි.

මේක තමන්ගේ පලමු ගුවන් ගමන සිද්ධ කලේ 2005 අප්‍රේල් 27. ඒත් වානිජ්‍යමය වශයෙන් පලමු ගුවන් ගමන සිද්ධ කලේ සිංගප්පූරු ගුවන් සමාගම විසින් 2007 වසරේ ඔක්තෝබර් 25 වෙනිදා සිංගප්පූරුවේ චැංගී ගුවන්තොටුපලේ ඉදලා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයට. මෙම යානය වානිජ්‍ය කටයුතු සදහා භාවිතයට ගැනීමත් සමග ලෝකයේ බොහෝ ගුවන්තොටුපලවල් වල ධාවනපත(RunWay) මෙයට සරිලන පරිදි විශාල කිරිමටද අදාල බලධාරීන්ට සිදුවිය.

මේකේ අද වන විට වටිනාකම ඇ.ඩොලර් මිලියන 389.9ක් විතර වෙනවා..ඒ කියන්නේ රුපියල් මිලියන 49264 (බිලියන 50ක්) විතර වෙනවා.

මේවගේ ගුවන් යානයක් හදන්න මුලින්ම අදහස ඇවිල්ලා තියෙන්නේ 1988 විතර... මොකද ඒ වෙනකොට ගුවන් යානා නිෂ්පාදනයේ සම්පුර්ණ ඒකධිකාර තිබිලා තියෙන්නේ ඇමරිකාවේ බෝයිං(Boeing) සමාගමට.. ඒ වෙනකොට බෝයිං සමාගම නිෂ්පාදනය කරලා තිබ්බ බෝයිං 747 (Boeing747)කියන යානයට ලොකු ඉල්ලුමක් තිබිලා තියනවා..බෝයිං 747 කියන්නේ මගී ගුවන් යානා නිෂ්පාදනයට ලොකු විප්ලවයක් එක් කරපු ගුවන් යානයක්.... ඒකත් මේ වගේ තට්ටු 2කින් සමන්විත මගීන් 400කට වඩා රැගෙන යාහැකි ගුවන් යානයක්..මේ තරගෙට මුහුන දෙන්න තමයි 1988 විතර එයාර් බස් සමාගම ටිකක් හොර රහසෙම මේ අලුත් වැඩේට අත ගැහුවේ. 1994 විතර එයාර් බස් සමාගම පලමු වරට නිල වශයෙන් නිවේදනය කලා ඒ ගොල්ලෝ ලොකු ගුවන් යානයක් හදන වැඩකට අතගහලා ඉන්නේ කියලා..


මේ තියෙන්නේ බෝයිං 747 වර්ගයේ ගුවන් යානයක්..ඒයර් ලංකා එකටත් එකම එක බෝයින් 747 ගුවන් යානයක් තිබිලා තියනවා 1980 ගණන් වල..

එයාර් බස් A380 තනි රටක නිෂ්පාදනයක් නෙමෙයි...යුරෝපයේ ගොඩක් රටවල් වලින් මේක හදන්න අවශ්‍ය විවිධ ද්‍රව්‍ය සපයනවා.. ප්‍රධාන වශයෙන් මෙම යානයේ සැකිල්ල නිෂ්පාදනය කරන්නේ ප්‍රංශයේ,ජර්මනයේ, ස්පාඤ්ඤයේ හා එක්සත් රාජධානියේ. මෙම යානයට අවශ්‍ය ඇන්ජිම මිලදීගන්නේ ලෝකයේ ලොකුම ගුවන් යානා ඇන්ජින් නිශ්පාදකයෙකු වන රොල්ස් රොයිස්(Rolls-Royce) සමාගමෙන්.

මෙම යානා වලට සවි කරන රොල්ස් රොයිස් වර්ගයේ ජෙට් ඇන්ජිමක්

ගුවන්යානයේ සම්පූර්ණයෙන් එකලස් කිරීමෙන් අනතුරුව පිටත පින්තාරු කිරීමට හා අභ්‍යන්තර එකලස් කිරීම් කටයුතු සදහා ජර්මනයේ හැම්බර්ග් නගරයට ගෙනයනු ලබයි. මෙම යානයේ පිටත සම්පූර්නයෙන් පින්තාරු කිරිමට පමනක් තීන්ත ලීටර 3600ක් පමණ වැයවේ.


තට්ටු 2කින් සමන්විත ගුවන්යානයේ මගී කුටියේ හරස්කඩක්


සම්පූර්ණ ගුවන්යානයේ හරස්කඩක්

යානය පිලිබද කෙටි විස්තරයක්

අවශ්‍ය නියමුවන් ගණන: 2
යා හැකි මගීන් ගණන : 525 (පන්ති 3ක්), 644 (පන්ති 2ක්), 853 (එක් පන්තියක්)
යානයේ සම්පූර්ණ දිග:72.73m, පලල:79.75m, උස:24.45m
යානයේ උපරිම වේගය:945kmh
උපරිම ඉන්ධන ධාරිතාව:ලීටර් 320000

යටි මහලඋඩු මහල
යානයේ ආසන පිහිටන අයුරු

අද වන විට මෙම වර්ගයේ ගුවන් යානා 98ක් ලෝකයේ ගුවන් සමාගම් 9ක් විසින් සිය මෙහෙයුම් කටයුතු සදහා යොදාගෙන ඇත. එම සමාගම් වන්නේ
Singapore Airlines(19)
Emirates(31)
Qantas(12)
Air France(8)
Lufthansa(10)
Korean Air(6)
China Southern Airlines(4)
Malaysia Airlines(5)
Thai Airways International(3)
නමුත් මේ වන විටත් මෙම ගුවන් යානා සදහා ඉල්ලුම් 262ක් පමණ විවිධ ගුවන් සමාගම් විසින් සිදුකර ඇති අතර නමුත් එයාර් බස් සමාගමේ නිෂ්පාදන ධාරුතාවය ඉල්ලුම සැපිරීමට ප්‍රමාණවත් නොවීම කැපීපෙනෙන සිදුවීමකි. තවද මෙම සමාගම විසින් ආරම්භයේදී මෙම වර්ගයේම භාණ්ඩ ප්‍රවාහන යානයක්ද(Freighter version) හදුන්වා දුන් අතර, නමුත් මගී ප්‍රවාහන යානා සදහා පැවති අධික ඉල්ලුමද, එයට යන අධික වියදමද නිසා නිෂ්පාදනය අත්හිටුවන ලදි.

මගී ප්‍රවාහනය ආරම්භ කර මේ වනවිට වසර 6කට ආසන්න වන අතර නමුත් මේ වනතුරු කිසිදු ප්‍රධාන ගණයේ අනතුරක් හෝ දෝෂයක් මෙයින් වාර්ථා නොවන අතර ඇති එකම සිදුවීම නම් 2010 වසරේ නොවැම්බර් මස සිංගප්පූරුවේ සිට සිඩ්නි බලා පියාසරකල ඕස්ට්‍රේලියාවේ ක්එන්ටස්(Qantas) සමාගමේ යානයක ඇන්ජිමක හටගත් දෝෂයක් නිසා ගිනි ගැනීමයි.

ශ්‍රී ලංකාවට නම් තවමත් මෙම වර්ගයේ කිසිදු ගුවන් යානයක් වානිජ්‍යමය කටයුතු සදහා නොපැමිනන අතර පසුගිය වසරේ ජනවාරී මාසයේ Emirates සමාගමට අයත් A380 යානයක් සිඩ්නි සිට ඩුබායි බලා යන අතරතුර හදිසි ඉන්ධන අවශ්‍යතාවක් සදහා කටුනායකට පැමිණෙන ලදී. ඒ අවස්ථාවේ ලබාගත් වීඩියෝවක් පහත දැක්වේ.



One Of My Dreams




PS: සියලු ඡායාරූප මුල් අයිතිකරුවන් සතුය.

බලලා හොදයි නම් දන්නවනේ කරන එක..!
Attached Images
File Type: jpg 2006-08_A380_first_flight_with_EA_engines_.jpg.JPG (63.3 KB, 60 views)

Last edited by ozi; 02-11-2013 at 08:43 PM.
Reply With Quote
(#2)
Old
Thilan88's Avatar
Thilan88 Thilan88 is offline
Senior Member
Thilan88 has a spectacular aura aboutThilan88 has a spectacular aura about
 
Posts: 516
Join Date: Mar 2009
Location: කරටියේ
02-11-2013, 07:14 PM

bump
Reply With Quote
(#3)
Old
DJLEOx78's Avatar
DJLEOx78 DJLEOx78 is offline
Senior Member
DJLEOx78 is a glorious beacon of lightDJLEOx78 is a glorious beacon of lightDJLEOx78 is a glorious beacon of lightDJLEOx78 is a glorious beacon of lightDJLEOx78 is a glorious beacon of lightDJLEOx78 is a glorious beacon of lightDJLEOx78 is a glorious beacon of lightDJLEOx78 is a glorious beacon of lightDJLEOx78 is a glorious beacon of lightDJLEOx78 is a glorious beacon of lightDJLEOx78 is a glorious beacon of light
 
Posts: 4,813
Join Date: Jun 2012
Location: Colombo,Srilanka
02-11-2013, 07:18 PM

REP ++++
Reply With Quote
(#4)
Old
ozi's Avatar
ozi ozi is offline
Senior Member
ozi is a glorious beacon of lightozi is a glorious beacon of lightozi is a glorious beacon of lightozi is a glorious beacon of lightozi is a glorious beacon of lightozi is a glorious beacon of lightozi is a glorious beacon of lightozi is a glorious beacon of lightozi is a glorious beacon of lightozi is a glorious beacon of lightozi is a glorious beacon of light
 
Posts: 3,284
Join Date: May 2010
Location: www.facebook.com
02-11-2013, 07:32 PM

Quote:
Originally Posted by DJLEOx78 View Post
REP ++++
tnxx...rep 5+
Reply With Quote
(#5)
Old
5tech's Avatar
5tech 5tech is offline
Senior Member
5tech is a name known to all5tech is a name known to all5tech is a name known to all5tech is a name known to all5tech is a name known to all5tech is a name known to all5tech is a name known to all5tech is a name known to all5tech is a name known to all5tech is a name known to all5tech is a name known to all
 
Posts: 15,141
Join Date: Dec 2008
Location: ඇයි එන්නද ? අනේ හු"
Send a message via Skype™ to 5tech
02-11-2013, 07:36 PM

elazz
Reply With Quote
(#6)
Old
minipura's Avatar
minipura minipura is offline
Senior Member
minipura is a glorious beacon of lightminipura is a glorious beacon of lightminipura is a glorious beacon of lightminipura is a glorious beacon of lightminipura is a glorious beacon of lightminipura is a glorious beacon of lightminipura is a glorious beacon of lightminipura is a glorious beacon of lightminipura is a glorious beacon of lightminipura is a glorious beacon of lightminipura is a glorious beacon of light
 
Posts: 23,632
Join Date: Jan 2011
02-11-2013, 07:39 PM

thnx....
Reply With Quote
(#7)
Old
chamil32's Avatar
chamil32 chamil32 is offline
Senior Member
chamil32 is a glorious beacon of lightchamil32 is a glorious beacon of lightchamil32 is a glorious beacon of lightchamil32 is a glorious beacon of lightchamil32 is a glorious beacon of lightchamil32 is a glorious beacon of lightchamil32 is a glorious beacon of lightchamil32 is a glorious beacon of lightchamil32 is a glorious beacon of lightchamil32 is a glorious beacon of lightchamil32 is a glorious beacon of light
 
Posts: 15,330
Join Date: Dec 2009
Location: Matara
Send a message via Skype™ to chamil32
02-11-2013, 07:40 PM

fatta
Reply With Quote
(#8)
Old
meknick29's Avatar
meknick29 meknick29 is offline
Senior Member
meknick29 is a jewel in the roughmeknick29 is a jewel in the roughmeknick29 is a jewel in the roughmeknick29 is a jewel in the roughmeknick29 is a jewel in the roughmeknick29 is a jewel in the rough
 
Posts: 1,523
Join Date: Feb 2012
02-11-2013, 07:41 PM

eli added
Reply With Quote
(#9)
Old
chathura19900223's Avatar
chathura19900223 chathura19900223 is offline
Senior Member
chathura19900223 is a glorious beacon of lightchathura19900223 is a glorious beacon of lightchathura19900223 is a glorious beacon of lightchathura19900223 is a glorious beacon of lightchathura19900223 is a glorious beacon of lightchathura19900223 is a glorious beacon of lightchathura19900223 is a glorious beacon of lightchathura19900223 is a glorious beacon of lightchathura19900223 is a glorious beacon of lightchathura19900223 is a glorious beacon of lightchathura19900223 is a glorious beacon of light
 
Posts: 6,617
Join Date: Nov 2011
Location: මිහිතලයෙ
02-11-2013, 07:52 PM

elazzzzzzzzz
rep 3+
Reply With Quote
(#10)
Old
ozi's Avatar
ozi ozi is offline
Senior Member
ozi is a glorious beacon of lightozi is a glorious beacon of lightozi is a glorious beacon of lightozi is a glorious beacon of lightozi is a glorious beacon of lightozi is a glorious beacon of lightozi is a glorious beacon of lightozi is a glorious beacon of lightozi is a glorious beacon of lightozi is a glorious beacon of lightozi is a glorious beacon of light
 
Posts: 3,284
Join Date: May 2010
Location: www.facebook.com
02-11-2013, 08:05 PM

Quote:
Originally Posted by Thilan88 View Post
bump
thnxx..rep 5+
Quote:
Originally Posted by 5tech View Post
elazz
thnxx..rep 5+
Quote:
Originally Posted by minipura View Post
thnx....
thnxx..rep 5+
Quote:
Originally Posted by chamil32 View Post
fatta
rep denna bahalu
Quote:
Originally Posted by meknick29 View Post
eli added
thnxx..rep 5+
Quote:
Originally Posted by chathura19900223 View Post
elazzzzzzzzz
rep 3+
thnxx..rep 5+
Reply With Quote
Reply

Bookmarks

Tags
airbus 380, airbus a380, aviation, flights

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright 2006 - 2011 ElaKiri Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04282 seconds with 10 queries