ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page විදුලි ආඳා
Reply
 
Thread Tools
(#1)
Old
redhat's Avatar
redhat redhat is offline
Senior Member
redhat is a glorious beacon of lightredhat is a glorious beacon of lightredhat is a glorious beacon of lightredhat is a glorious beacon of lightredhat is a glorious beacon of lightredhat is a glorious beacon of lightredhat is a glorious beacon of lightredhat is a glorious beacon of lightredhat is a glorious beacon of lightredhat is a glorious beacon of lightredhat is a glorious beacon of light
 
Posts: 2,623
Join Date: Aug 2008
Location: Redhat lab - Aukland
විදුලි ආඳා - 10-01-2019, 10:57 PM

ඇමසෝනියානු කලාපයේ මාරාන්තිකම මත්ස්‍යයා හෙවත් විදුලි ආඳා
==============================

මිරිදියේ ජීවත්වන ලොව අනතුරැදායකම මත්ස්‍යයා මෙයා කියලා කිව්වට ඒකේ වැරැද්දක් නැහැ.මෙයාගේ නම විදුලි ආඳා හෙවත් Electric Eel. විද්‍යාත්මකව මෙයාව හඳුන්වන්නේ Electrophorus electricus කියලයි.මේක දැන් නව විශේශ 3කට බෙදලා තියනවා.ඒ මෙයාලගේ ප්‍රවේණි විද්‍යාත්මක තොරතුරැ මත.⁣මම දැන් ඒව මෙතන කියන්න යන්නේ නැහැ.මොකද ඒව දැනගන්න එක මේ සමූහයේ අයට ඒතරම් වැදගත් නෑ වගේම ඒව හරි නිදිමත කථා.ආඳන් කියලා හැඳින්වුවත් ඇත්තටම මෙයාලා ආඳන් විශේෂයක් නෙමෙයි.මෙයාලා පරිනාමික වෘක්ශයේ වඩාත් කිට්ටු බලල් මසුන්/කැට්ෆිශ් ලා නයිෆ් ෆිෂ් ලා සහ කාප් මත්සයන්ට කියලය කිව්වොත් පුදුම හිතෙනවා නේද.ඇත්තටම ඒක එහෙම තමයි.

මෙයාලගේ බාහිර රෑපය ගත්තම දිගු සිලින්ඩරාකාර ශරීර තමයි තියෙන්නේ.ශරීරයේ පෘශ්ඨිය පැත්ත අඳුරැ ඳුඹුරැ කළු පැහැයකුත් උදරීය පැත්ත තැඹිලි රතු මිශ්‍ර පැහැයකුත් තමයි ගන්නේ.සාමාන්‍යයෙන් අඩි 9/2.5m විතර දිගින් වැඩෙන අතර ඒවනකොට බර 20-22Kg පමන වෙනවා.මෙයාලගේ ශරීරයේ දිගින් 4/5ක් ම තියෙන්නේ වලිග කොටසයි.මේක මෙහෙම වෙන්නත් හේතුවක් තියනවා.ඒක මම ඉස්සරහට විස්තර කරන්නම්.

මෙයාලා ජීවත් වෙන්නේ ජීවත් වෙන්නේ නිශ්චල මඩ සහිත ජලයේයි.ඒ වගේම ජලය යට ගල් ශාක මුල් හා කඳන් ඇති තැන් වඩාත් ප්‍රිය කරනවා.මෙයාලා 70-80%ක්ම ශ්වසනය කරන්නේ වායුගෝලීය ඔක්සිජන්.ඒ සඳහා මෙයාලගේ මුඛය ඇතුලත පෙනහල්ලක් විදිහට විකසනය වෙලා තියනවා.මේ පෙනහල්ල වැනි ව්‍යුහය ඉතා විශාල ලෙස ශාකනය වූ හා වාහිනීමත් වූ එකක්.⁣ඉහත රෑපයේ එය දැකගත හැකියි.කොහොම හරි මේ නිසා සෑම විනාඩි 10-15කට පාරක්ම මෙයාලා ජලය මතුපිට එනවා.⁣ඉතිං මෙයාලට ජලයෙන් පිටත විශාල කාලයක් ඉන්න පුලුවන්.මෙයාලා කුඩා මාළු,ශාකවල පළතුරැ,සමහර විටෙක මීයන් ගෙම්බන් වැනි සතුන්ද ආහාරයට ගන්නවා.මෙන්න මෙතනදී තමයි මෙයාලගේ විදුලි ජනන හැකියාව ගැන කථා කරන්න වෙන්නේ.

ඒ කථාව මෙහෙමයි.මෙයාලට පුලුවන් 600V තරම් ඉහල වෝල්ටීයතාවයක් තියන විද‍්‍යුත් ක්ෂේත්‍රයක් නිරිමාණය කරන්න.(මීට වැඩි අගයන් උනත් පුළුවන්.ඒව ඕන නෑ&#128513මේක තමයි මිහිපිට සතෙකුට නිපදවිය හැකි ඉහලම වෝල්ටීයතාව.මේක අපේ ගෙදරකට ලැබෙන විදුලියට වඩා 3ගුණයක විතර ඉහල අගයක්.ඉතිං හිතාගන්නකෝ තරම.සරලවම ජෙනරේටරයක්.මෙයා තමංගේ ගොදුරැ අල්ලගන්න,විලෝපිකයන්ගෙන් බේරෙන්න වගේම අසල පරිසරය සන්නිවේදනය කරන්නත් විද්‍යුත් ක්ෂේත්‍රය භාවිතා කරනවා.මෙයාය පුලුවං දැවැන්ත කිඹුලෙක්ට මිනිහෙකට උනත් මාරාන්තික විදුලි කම්පනයක් ලබාදෙන්න.වාර්ථා වෙන විදිහට ඇමසෝනියානු කලාපයේ දියේ ගිලී මියයාම් වලට ප්‍රධාන හේතුව මෙයා. මෙයා එල්ල කරන විදුලි කම්පනය නිසා සිහි නැතුව දියට වැටී දියේ ගිලීම තමයි සිදුවන දේ.නමුත් මෙයා මිනිසුන් විශාල සතුන් ආදියට හිතා මතා පහර දෙන්නේ නෑ.අනතුරකදී හරි කලබල වීමකදී හරි විතරයි එහෙම පහර දෙන්නේ.
මෙයා දඩයම් කරනකොට නම් හිතා මතාම ව්දුලි කම්පණය එල්ල කර ගොදුර නිශ්චල කරලා ගිලදානවා.මේකට හේතුව හරි පුදුම හිතෙන දෙයක්.
මෙයාලාගේ පෙනහලු වැනි අවයවය තියෙන්නේ මුඛ කුහරය ඇතුලේ කියලා මම කිව්වනේ.ඉතිං ගොදුරු කට ඇතුලේ දඟලලා ඒකට හානි වෙන එක මගහැරගන්න තමයි මෙයාට මේ හැකියාව ලැබිලා තියෙන්නේ.

මෙයාලා මෙච්චර අධික විදුලියක් නිපදවන්නේ කොහොමද කියලා දැං ප්‍රශ්නයක් ඇති නේද.ඒක වෙන්නේ මෙහෙමයි.මෙයාලගේ ශරීරයේ දෙපැත්තේ දිගට විදුලි ජනන අවයව 3ක් පිහිටනවා.මේ⁣වගෙන් පෘශ්ඨිය සහ උදරීය පැත්තට වන්නට ත්යන අවයව දෙක අධි වෝල්ටීයතා නිපදවන අතර ඒවා මගින් ගොදුරු හෝ සතුරා අඩපන කරනවා.ඒ අවයව දෙකට මැදින් ඇති විදුලි ජනක අවයවය මගින් අඩු වෝල්ටීයතා නිපදවනවා.⁣ඒවා මගින් පරිසරය සංවේදනය කරනවා.හරියට රේඩාර් එකක් වගේ.
මේ අවයව වලින් විදුලිය ජනනය කරන්නේ මෙහෙමයි.මේ අවයව හැදිලා තියෙන්නේ විශේෂයෙන් විකසනය වූ පේශි සෛල වලින්.මොලයෙන් නිපදවන සංඥා අනුව මේ සෛල සියල්ලට එකවර පන්විඩය ලැබෙනවා.ඒ සමගම ඒවායෙන් + හා - අයන සෛල ඇතුලට සහ පිටතට සංක්‍රමණය වී එක් එක් සෛලයක් කුඩා බැටරියක් ලෙස ක්‍රියා කරනවා.මේ සෛල එකිනෙක සම්බන්ධ වී බැටරි මිලියන ගනනක ප⁣රිපථයක් නිර්මානය කරනවා.ඒ මගින් අති විශාල විද්‍යුත් ක්ෂේත්‍රයක් නිර්මානය කරනවා.ඉතිං මම මුලින් කිව්වනේ වලිග කොටස දිගු වෙන්නේ ඇයි කියලා කියනවා කියලා.ඒක එහෙම වෙන්නේ මේ විදුලිය ජනනය කරන සෛල වැඩි කරගන්න ඉඩ සපයන්න.
(මේක විදුලි ජනනය ගැන තව විද්‍යාත්මකව පැහැදිලි කරන්න පුළුවන්.ඒත් මම හිතනව මේ ඇති කියලා.දැනගන්න ආස කෙනෙක් ඉන්නව නම් කියන්න.පස්සේ ලියන්නම්)

කොහොම හරි දැන් දැන් ලොව පුරා මොන්ස්ටර්/මෘග මසුන් ඇත්කරන්නන් අතර මෙයා ප්‍රචලිතයි.නමුත් මෙයාලව ඉතා ප්‍රවේසමෙන් සහ නිසි අවබෝධයක් ඇතුව හැසිරවීම ඉතා වැදගත්.⁣මොකද ලොව මිරිදිට වෙසෙන අනතුරැදායකම මත්ස්‍යයා තමයි මෙයා.කොහොම උනත් මෙයා විශාල සතුන් මාරාදැමීම සඳහා සිතා මතා පහරදීම් සිදුකරන්නේ නැහැ.ඇතිකරනකොට තමංගේ ස්වාමියා අඳුනගන්න මෙයාට පුලුවන්.ඒක නිසා හොඳින් හීලෑ වෙනවා.අතින් කෑම අරන් කන තරමට.ඒත් ඉතා පරිස්සම් වෙන්න ඕන.මෙයාට විශාල ඉඩක් ඕන.සාමාන්‍යයෙන් අවම ඉඩ ලීටර750 ක ටැංකියක් තමයි නිර්දේශ කරන්නේ.ඒත් වැඩෙනකොට මේක ලීටර් 2500ක් විතර ලොකු කරන්න වෙනවා.කුඩා සඡීවී මාළු ආහාරයට ප්‍රිය කරත් ඕනෑම මාංශයක් කෑමට පහසුවෙන් හුරැ කරන්න පුලුවන්.මෙයා බොහොම සතුටින් ආහාර ගන්න කෙනෙක්.ඉතිං හොඳ සුරතලෙක් කියන්න පුලුවන්.මෙයා ඇති කරනවා නම් හොඳ පෙරහන් පද්ධතියක් අනිවාර්යයි.මෙයා ලේසියෙන් ලෙඩ වෙන කෙනෙක් නෙමෙයි.ඒත් පෝශණ ඌනතා ඇතිවෙන්න පුලුවන්.ඒක නිසා ආහාර ගැන හොඳින් කල්පනා කරන්න වෙනවා.දැනටමේ ඇති.
මෙයා ගැන අධ්‍යන කටයුතු පටන් අරන් තියෙන්නේ 19වැනි සියවසේ ඉඳලා.තවමත් මෙයාගේ ගොඩක් තොරතුරැ හොයාගෙන නැහැ.ඉතින් ඉදිරියටත් මේ විශ්මිත විදුලි ජනක සත්වයා ගැනතව අළුත් දේවල් ගොඩක් හොයාගනීවි.අපි ඒවා තව දවසක කථාකරමු.
අපේ AkHila Udana ලඟ එක්කෙනෙක් ඉන්නවා.😅

ප්‍රශ්න තියනවා නම් පහලින් අහන්න.👇🏾
(පින්තූර ගෞරවය මුල් හිමිකරැවන් සතුයි)
Reply With Quote
(#2)
Old
HypermaD2's Avatar
HypermaD2 HypermaD2 is offline
Senior Member
HypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to all
 
Posts: 4,710
Join Date: Jul 2017
10-01-2019, 11:04 PM

Eka parak discharge unama aye Charge wenna kochchara welawak yanawa da ?
Reply With Quote
(#3)
Old
Banned!'s Avatar
Banned! Banned! is offline
Senior Member
Banned! is a name known to allBanned! is a name known to allBanned! is a name known to allBanned! is a name known to allBanned! is a name known to allBanned! is a name known to allBanned! is a name known to allBanned! is a name known to allBanned! is a name known to allBanned! is a name known to allBanned! is a name known to all
 
Posts: 9,616
Join Date: Jun 2013
Send a message via ICQ to Banned! Send a message via AIM to Banned! Send a message via MSN to Banned! Send a message via Yahoo to Banned! Send a message via Skype™ to Banned!
10-01-2019, 11:08 PM

විදුලි පුටුව කියල දුවගෙන අවේ anyway TFS
Reply With Quote
(#4)
Old
thilinasb's Avatar
thilinasb thilinasb is offline
Senior Member
thilinasb is a name known to allthilinasb is a name known to allthilinasb is a name known to allthilinasb is a name known to allthilinasb is a name known to allthilinasb is a name known to allthilinasb is a name known to allthilinasb is a name known to allthilinasb is a name known to allthilinasb is a name known to allthilinasb is a name known to all
 
Posts: 8,403
Join Date: May 2009
Location: මහනුවර
10-01-2019, 11:35 PM

Thanks
Reply With Quote
(#5)
Old
pitastharaya's Avatar
pitastharaya pitastharaya is offline
Senior Member
pitastharaya has a spectacular aura aboutpitastharaya has a spectacular aura aboutpitastharaya has a spectacular aura about
 
Posts: 796
Join Date: May 2013
10-02-2019, 10:11 AM

ලයිට් ගිය වෙලාවට වයර් එකක් ලහල ලයිට් ගන්න බැරි වෙයි ද?
Reply With Quote
(#6)
Old
taxacco83's Avatar
taxacco83 taxacco83 is offline
Senior Member
taxacco83 is just really nicetaxacco83 is just really nicetaxacco83 is just really nicetaxacco83 is just really nicetaxacco83 is just really nicetaxacco83 is just really nicetaxacco83 is just really nicetaxacco83 is just really nicetaxacco83 is just really nice
 
Posts: 1,182
Join Date: Oct 2018
10-02-2019, 10:12 AM

bump
Reply With Quote
(#7)
Old
janish05656's Avatar
janish05656 janish05656 is offline
Senior Member
janish05656 is a glorious beacon of lightjanish05656 is a glorious beacon of lightjanish05656 is a glorious beacon of lightjanish05656 is a glorious beacon of lightjanish05656 is a glorious beacon of lightjanish05656 is a glorious beacon of lightjanish05656 is a glorious beacon of lightjanish05656 is a glorious beacon of lightjanish05656 is a glorious beacon of lightjanish05656 is a glorious beacon of lightjanish05656 is a glorious beacon of light
 
Posts: 1,478
Join Date: Apr 2011
Location: ශ්‍රී ල0කාව- කොලඹ
10-02-2019, 10:24 AM

Bump+
Reply With Quote
(#8)
Old
gayendra9*9's Avatar
gayendra9*9 gayendra9*9 is offline
Senior Member
gayendra9*9 is a name known to allgayendra9*9 is a name known to allgayendra9*9 is a name known to allgayendra9*9 is a name known to allgayendra9*9 is a name known to allgayendra9*9 is a name known to allgayendra9*9 is a name known to allgayendra9*9 is a name known to allgayendra9*9 is a name known to allgayendra9*9 is a name known to allgayendra9*9 is a name known to all
 
Posts: 8,328
Join Date: Sep 2008
10-02-2019, 10:29 AM

Good one
Reply With Quote
(#9)
Old
virajkavn's Avatar
virajkavn virajkavn is offline
Senior Member
virajkavn is a name known to allvirajkavn is a name known to allvirajkavn is a name known to allvirajkavn is a name known to allvirajkavn is a name known to allvirajkavn is a name known to allvirajkavn is a name known to allvirajkavn is a name known to allvirajkavn is a name known to allvirajkavn is a name known to allvirajkavn is a name known to all
 
Posts: 4,362
Join Date: Sep 2007
Location: සදා.ලෝ.පුකු ගම
Send a message via ICQ to virajkavn Send a message via AIM to virajkavn Send a message via Yahoo to virajkavn Send a message via Skype™ to virajkavn
10-02-2019, 10:32 AM

Bump
Reply With Quote
(#10)
Old
BLJboss's Avatar
BLJboss BLJboss is offline
Senior Member
BLJboss has a spectacular aura aboutBLJboss has a spectacular aura aboutBLJboss has a spectacular aura aboutBLJboss has a spectacular aura about
 
Posts: 505
Join Date: Aug 2015
Location: On Earth
10-02-2019, 10:39 AM

Quote:
Originally Posted by Banned! View Post
විදුලි පුටුව කියල දුවගෙන අවේ anyway TFS
තෝ බලාගෙන ඉන්නෙ මහින්දව විදුලි පුටුවට දානකන් නේද
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06691 seconds with 9 queries