ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page 'මම' ඉන්නේ කොහෙද?
Reply
 
Thread Tools
(#5191)
Old
Arrow11's Avatar
Arrow11 Arrow11 is online now
Senior Member
Arrow11 is a splendid one to beholdArrow11 is a splendid one to beholdArrow11 is a splendid one to beholdArrow11 is a splendid one to beholdArrow11 is a splendid one to beholdArrow11 is a splendid one to beholdArrow11 is a splendid one to beholdArrow11 is a splendid one to beholdArrow11 is a splendid one to beholdArrow11 is a splendid one to beholdArrow11 is a splendid one to behold
 
Posts: 18,315
Join Date: May 2014
Location: හීන මාලිගාවේ ❤❤
10-04-2017, 07:27 AM

Quote:
Originally Posted by Damith Kariyawasam View Post
අමනුෂ්‍යයන් වැහෙන එක.. ඒ කියන්නෙ, භූත/පෙරේත/යක්ෂ/දෙවි සත්ව කොට්ඨාශ වල එවුන්ගෙ පාලනයට අහුවෙනවයි කියන එක.. උඹ පිළිගන්නෙ නැත්නම්, අන්න ඒක තමයි මෙතනදී මිත්‍යාදෘෂ්ඨිය!!! !!! !!! ඒවා මේ පවතින ලෝකෙ (තත්‍ය ලෝකෙ/real life) ඇත්තටම සිද්ධවෙන දේවල්!!! !!! !!!
අමනුස්සයන් වැහෙන ඒවා දැකලා නැද්ද ??මම ඕන තරම් දැකලා තියනවා අමනුස්සයෝ /ගන්දබ්බ ලෝකය විස්වාස කරන නැත්තන් මේවා ඉතින් විස්තර කරන්න අමාරුයි ..
ඕව විස්වාස කරන්න ඕනනම් ඉක්මනට කම්මස්ස ගත සම්මා දිට්ටියට පත් වෙලා අමනුස්සයන් දකින්නම බලන්න ,නැතිනම් අනාර්ය යෝග භාවනා වලින් අමනුස්සයන් දකින්න බලන්න ඕවා ස්ථිර කරගන්න ඕනනම් ..හැබැයි නිවන් දකින්න තියන වෙලාවේ ඔව්ව කර කර ඉන්න එකනම් අපරාදේ
Reply With Quote
(#5192)
Old
ranga51 ranga51 is offline
Senior Member
ranga51 is on a distinguished road
 
Posts: 122
Join Date: Jan 2012
10-04-2017, 08:59 AM

rahathun wahanselata hithe sankara athi wenawa habai ewa visanka kiyala kiyanne.a kiyanne wedana sangna thiyanawa pirinewan unama thamay nathi wenne
Reply With Quote
(#5193)
Old
Damith Kariyawasam's Avatar
Damith Kariyawasam Damith Kariyawasam is offline
Senior Member
Damith Kariyawasam has a little shameless behaviour in the past
 
Posts: 4,164
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
10-04-2017, 09:41 AM

Quote:
Originally Posted by ranga51 View Post
rahathun wahanselata hithe sankara athi wenawa habai ewa visanka kiyala kiyanne.a kiyanne wedana sangna thiyanawa pirinewan unama thamay nathi wenne
Yep!!
aththatama nam pitin baluwata mokuth hoyaaganna baa!!! saamanya manussayek wagema thamayi!!! !!! !!! habayi real life ekedi muhunadenna wena dewal waladi nikam manussayekgeyi.. rahathwechcha kenekgeyi.. prathichaara / response wenas!!! !!! !!! samahara thanwaladi noticeable wenasak nathiwennath puluwan. samahara thanwaladi ehempitinma wenas!!! jeewithe nathiwenawa / marenawaa kiyana ekedi completely wenas!!! !!! !!! Oscilloscope ekakin balanna puluwan unaa nam pena hati graphical explanation ekakin damma kalekata kalin. hoyala balanna links wadada nadda danne naa. wadakaranne nathi ewaa point kaloth aluthen upload karala hadala dennam.
Reply With Quote
(#5194)
Old
Damith Kariyawasam's Avatar
Damith Kariyawasam Damith Kariyawasam is offline
Senior Member
Damith Kariyawasam has a little shameless behaviour in the past
 
Posts: 4,164
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
10-04-2017, 09:47 AM

Quote:
'මම' ඉන්නේ කොහෙද? 10-04-2017 06:22 AM Ponnaya. Salli nathi higanna..... Karumeta ipadechcha eka,
මේන් මතු අනාගතයෙදි මගේ නම ඇහුනත් ගූ හුජ්ජ පෙරෙන්න ගන්න තවත් එකෙක්!!! එකාමද දන්නෙත් නෑ. එහෙම උනොත් මූ repeat කරන වාරයක් වාරයක් පාසා ඌට කන්න වෙන කාලෙ double වෙනවා!!! !!! !!! එළකිරියෙ මාර set එකකට එහෙම full සැපක් හම්බවෙන්න නියමිතයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
Reply With Quote
(#5195)
Old
Damith Kariyawasam's Avatar
Damith Kariyawasam Damith Kariyawasam is offline
Senior Member
Damith Kariyawasam has a little shameless behaviour in the past
 
Posts: 4,164
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
10-04-2017, 10:22 AM

Quote:
Originally Posted by Arrow11 View Post
අමනුස්සයන් වැහෙන ඒවා දැකලා නැද්ද ??මම ඕන තරම් දැකලා තියනවා අමනුස්සයෝ /ගන්දබ්බ ලෝකය විස්වාස කරන නැත්තන් මේවා ඉතින් විස්තර කරන්න අමාරුයි ..
ඕව විස්වාස කරන්න ඕනනම් ඉක්මනට කම්මස්ස ගත සම්මා දිට්ටියට පත් වෙලා අමනුස්සයන් දකින්නම බලන්න ,නැතිනම් අනාර්ය යෝග භාවනා වලින් අමනුස්සයන් දකින්න බලන්න ඕවා ස්ථිර කරගන්න ඕනනම් ..හැබැයි නිවන් දකින්න තියන වෙලාවේ ඔව්ව කර කර ඉන්න එකනම් අපරාදේ
මචෝ,
මේ.. ගන්දබ්බ / ගන්දබ්භ / ගන්ධබ්භ / ඝන්දබ්බ / ඝන්දබ්භ / ඝන්ධබ්භ කෙහෙල්මල් නම් නෑ!!! !!! !!! එව්ව තියෙන්නෙ අරුංගෙ කුණුහරුප - අමුතිත්ත කුණුහරුප පොත්වල විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

අනික මේ 'කම්මස්ස ගත සම්මා දිට්ටි' / 'අනාර්ය යෝග භාවනා' ඒ ඒ එච්චර 'බර වචන'ත් වැඩක් නෑ!!! !!! !!! ඕනෙ කෙනෙක් සමත භාවනාවෙන් හිත තැන්පත් කරගෙන.. තැන්පත් කරගෙන.. තැන්පත් කරගෙන.. යනකොට, භූත - පෙරේත සත්ව කොට්ඨාශ පේන්න.. උන් කතාකරනවා ඇහෙන්න.. පටන්ගන්නවා!!! !!! !!!
හැබැයි හොඳ පුණ්‍ය ශක්තියක් ඇතුව හැදිච්ච.. ඒ කියන්නෙ, උපදිනකොට ඇස් කන් කිසිම අඩුවක් පාඩුවක් නැතුව 'ටිප් ටොප් එකට' හැදිච්ච.. උදවියට පමණයි!!! !!! !!!

අනික, දන්නවද වැඩක්? මට නම් attraction එකක් තිබ්බ එකෙක් නිසා යක්කු තුන් හතරදෙනෙක් එක්කම කතා කරන්නත් හම්බවුණා!!! උන් එක්ක එකට බොන්නත් හම්බවුණා!!! එකෙක් මැරිච්ච driver කෙනෙක්.
උන්ටත් ධර්මය අල්ලල දෙන්න පුළුවන්!!! !!! !!! හැබැයි දැන් ඒ attraction එක තිබ්බ එකා මැරිල නිසා වැඩේ අමාරුයි.

උඹ කිව්වත් වගේ, නිවන් දකින්න තියන වෙලාවෙ ඔය වැඩි වැඩ කර කර කාලෙ කකා ඉන්න එකනම් හෙණ අපරාදෙ!!! !!! !!!
Reply With Quote
(#5196)
Old
Damith Kariyawasam's Avatar
Damith Kariyawasam Damith Kariyawasam is offline
Senior Member
Damith Kariyawasam has a little shameless behaviour in the past
 
Posts: 4,164
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
10-14-2017, 06:32 PM

​භාග්‍යවතුන්වහන්සේ, සත්වයෙක්ගේ උපත කියලා සිද්ධවෙන්නේ, අණ්ඩජ / ජලාබුජ / සංසේදජ / ඕපපාතික කියන ක්‍රම 4න් එකකට ආයතන 6ක් ලැබීමයි (ඇඟක් හැදීමයි).. පංච උපාදානස්කන්ධයක් පහළවීමයි (පංච උපාදානස්කන්ධයක් බැසගැනීම / ලැබීම හෝ උරුමවීමයි).. කියන බව, පැහැදිළිව තෝරලා දීලා තියනවා!!! !!! !!! ඒ වගේම උන්වහන්සේ, ඒ පංච උපාදානස්කන්ධයක් කියන්නේ, අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - දැනගත්තු - චේතනා පහළ කරලා හිතපු - කියපු - කරපු දේවල් සියල්ලේම එකතුවක්.. 'මතකයක්'.. බවත්, පැහැදිළිවම තෝරලා දීලා තියනවා!!! !!! !!!
සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ ලක්ෂණ / ස්වභාවය 'බුදුගුණ' වලින් දැනගෙන, උන්වහන්සේගේ අවබෝධය අදහාගෙන (කිසීම සැක සංකාවක් නැතුව විශ්වාසයෙන් පිළිඅරගෙන) උන්වහන්සේගෙන් ධර්මය අසා දැනගන්න ආව කෙනෙකුට.. නැත්නම්, බුද්ධ දේශණා කියවා ධර්මය දැනගන්න යොමුවෙච්ච කෙනෙකුට.. ඔය කරුණු කාරණා දැනගන්න ලැබුණු ගමන්, ඒ කෙනා දිට්ඨිසම්පන්න / දර්ශණ සම්පදාවෙන් යුතු කෙනෙක් නම්, "මම දෙයක් දැක්ක නම් දැක්කෙ මගේ ඇස් දෙක හැදුණට පස්සෙයි!! මගේ ඇස් හැදෙන්නත් කලින් දැකපුවා මං දැකපු දේවල් වෙන්න බැහැ නෙව?? මට දෙයක් ඇහුණ නම් ඇහුණෙ මගේ කන් දෙක හැදුණට පස්සෙයි!! මගේ කන් හැදෙන්නත් කලින් අහපුවා මං අහපුවා වෙන්න බැහැ නෙව?? මගේ නහය - දිව - කය - මනස හැදෙන්නත් කලින් විඳපුවා - හඳුනගත්තුවා - දැනගත්තුවා කිසිම දෙයක් මංම විඳපුවා - හඳුනගත්තුවා - දැනගත්තුවා වෙන්නත් බැහැ නෙව?? මම ඉපදෙන්නත් කලින් හිතපු කියපු කරපු දේවල් කිසිම එකක් මංම හිතපු කියපු කරපුවා වෙන්නත් බෑ නෙව??" කියලා, සංසාර කතාවෙදි වෙලා තියන දේ ගැන ඉව වැටෙනවා!!! !!! !!!
අන්න එයා, "ඕව!! ඒ සංසාර පැවැත්මෙන් ලැබිච්ච පංච උපාදානස්කන්ධය මගේ වෙන්න බෑ!! ඒක මගේ නෙවෙයි!!" කියලා තේරුම් අරගෙන, ඒ පංච උපාදානස්කන්ධයට රැවටිච්ච රැවටිල්ලෙන්... සක්ඛායදිට්ඨියෙන්... නිදහස් වෙනවා!!! !!! !!! ඊට පස්සෙ එයා, "මේ සංසාර පැවැත්මෙන් ලැබිච්ච මට අයිති නැති.. මගේ නොවෙන.. අතීත මතකයකට රැවටිලා නෙව මම මේ මං සංසාරෙ ආව.. කළිනුත් ඉපදිලා ඉඳල තියන.. කෙනෙක්ය කියල හිතුවේ?? බැලුවාම මං එහෙම සංසාරෙ ඇවිල්ල තියන.. කළිනුත් ඉපදිලා ඉඳල තියන.. කෙනෙක් නෙවෙයි නේ!!" කියන බව සැකහැර දැනගන්නවා!!! !!! !!! ඒත් එක්කම එයාට, "සංසාරෙ ඇවිල්ල තියෙන්නෙ මතකයක් විතරයි නම්, මෙතනින් එහාට ගියත් යන්නෙ මතකයම විතරයි නේ?? මට සංසාරෙ යන්න බැහැ නේ?? මට ජීවත්වෙන්න ලැබෙන්නෙ මේ ජීවිත කාලය විතරයි නේ??" කියන එක තේරෙණවා!!! !!! !!! ඉතිං එයා, සංසාරෙ යන්න බලාගෙන.. හොඳ හොඳ තැන්වල උපදින්න බලාගෙන.. කරපු කියපු, පිළිම වන්දනා - පිළිම පූජා - ගස් වන්දනා - ගස් පූජා - චයිත්‍ය වන්දනා - චයිත්‍ය පූජා - පුද්ගල වන්දනා - ගොං සිල් රැකිලි - යාඥා කිරිලි - pray කිරිලි, සේරම නවත්තලා දානවා!!! !!! !!! ** {හැබැයි මේ ඔක්කොම, ඒ පුද්ගලයා දිට්ඨිසම්පන්න කෙනෙක් නම්... 'වැඩේ' අල්ලගන්න තේරුම්ගන්න හැකියාව තියන කෙනෙක් නම්... විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! }
ආන්න එහෙම, 1) සංසාර පැවැත්මෙන් උරුමවෙච්ච මතකයේ තියෙන දේවල් කිසිම එකක් තමන්ම කරපු - කියපු - හිතපු දේවල් වත්.. තමන්ටම වෙච්ච දේවල් වත්.. නෙවෙයි!!! කියන බව පැහැදිළිවම දැනගත්තු... 2) තමන් සංසාරෙ ආව - සංසාරෙ යන කෙනෙක් නෙවෙයි!!! නැත්නම්, තමන් මීට කළිනුත් ඉපදිලා ඉඳල තියන - ආයෙත් උපදින්න පුළුවන් කෙනෙක් නෙවෙයි!!! කියන බව කිසීම සැකයක් නැතුව විශ්වාසයෙන්ම දැනගත්තු... 3) බුද්ධාගම ඇතුළු අනෙක් සියලු ආගම් වල තියන සියළුම ආකාරයේ ගොංවැඩ වලින් සම්පූර්ණයෙන්ම වැලකිච්ච... උදවියට, 'සෝවාන්' නැත්නම් 'සෝතාපන්න' පුද්ගලයන් කියලා කියනවා!!! !!! !!!

ඉතීන්, උඹ / ඔබ / ඔබ තුමා / ඔබ තුමී දිට්ඨිසම්පන්න බව ගෑවිලා වත් නැති.. සත්‍ය ශ්‍රී සද්ධර්මය අහල කියවලා වත් නැති.. මොන ආගමක / මොන ජාතියක කෙනෙක් උනත් කමක් නෑ,
1) තමුන් ඉපදෙද්දි තමුන්ටත් සංසාර පැවැත්මෙන් උරුමවෙච්ච තඩී අතීත මතකයක් ලැබිල තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි ඒ අතීත මතකයේ තියන කිසීම දෙයක්, තමන්ටම වෙච්ච දේවල් වත්.. තමන්ම කරපු - කියපු - හිතපු දේවල් වත්.. නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනපේක්ෂිත විදියට කොයිම වෙලාවක හරි ඒ කොයිම දෙයක් මතක්වුණත්, තමන් ඒවාට චුට්ටක්වත් බියවිය යුතු... කලබල වියයුතු... පසුතැවිලි වියයුතු... නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කියන බව පැහැදිළිවම දැනගත්තා නම්,
2) තමුන් මීට කලින් ඉපදිලා ඉඳල තියන කෙනෙක් වත්.. මේ ජීවිතයෙන් පස්සෙ ආයෙත් උපදින්න පුළුවන් කෙනෙක් වත්.. නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කියන බවත් කිසීම සැකයකින් තොරව... සම්පූර්ණ විශ්වාසයෙන් යුතුව... දැනගත්තා නම්,
​3) තමුනුත් දැන් ඉඳලා, ​පිළිම වන්දනා - පිළිම පූජා - ගස් වන්දනා - ගස් පූජා - චයිත්‍ය වන්දනා - චයිත්‍ය පූජා - පුද්ගල වන්දනා - සුදු රෙද්දක් ඇඳගෙන බිම ලැගගෙන අනුන්ගෙ ඕපාදුප කියව කියව ඉන්න.. ගොං බණ අහගෙන සාදු සාදු කිය කිය ඉන්න.. ගොං සිල් රැකිලි - දෙයියන්ට යාඥා කිරිලි - pray කිරිලි - දෙයියන්ට බයිල ගැහිලි ආදී මෙකී නොකී සියලූම ආකාරයේ ගොං වැඩ වලින් වලකිනවා නම්,
තමුනුත් දැන් සෝවාන් / සෝතාපන්න පුද්ගලයෙක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
එහෙම උදවිය මේ ජීවිතය පවතින තුරාවට වෙන වෙන සත්වයන්ට හිංසා - පීඩා සිදුවෙන සියළුම ආකාරයේ බලුවැඩ - ජඩ වැඩ - තුප්පහි වැඩ - පීචං වැඩ (පව් වැඩ / පාප කර්ම) වළින් වැළකිලා ජීවත් වුණොත්, ඒ උදවිය මැරෙන්න වැටුණාම 'බෝම්බයක් පුපුරණවා වගේ' අසීමිත ශක්තියක් (කර්ම ශක්තියක්) ගොඩ නැගෙන්නේ නෑ!!! !!! !!!
** {දැනට ඔය ගානට දැනගත්තම ඇති. අනික, මේ කිසිම දෙයක් නොදැන හිටි කෙනෙක් නම් විතරක්, රහතුන් මැරීම.. මව පියා මැරීම.. ධර්මය අධර්මය කරලා අහිංසක මිනිසුන්ට ලැබිච්ච දුර්ලභ ක්‍ෂණ සම්පත්තිය මගහරවලා උන් සංසාරෙන් නිදහස්වෙන එක වැලැක්වීම.. වැනි ආනන්තරීය පාපකර්ම හා මිනී මැරීම - තොග පිටින් සතුන් මැරීම වැනි දරුණු ගනයේ පාප කර්ම හැරෙන්න, තමන්ගෙ අතින් ටිකක් විතර පව් කෙරිල තිබුණත් එච්චර අවුළක් නෑ. හැබැයි දැන් කතන්දරේ දැනගෙන එව්ව කළොත් නම් sorryම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!}
Reply With Quote
(#5197)
Old
Damith Kariyawasam's Avatar
Damith Kariyawasam Damith Kariyawasam is offline
Senior Member
Damith Kariyawasam has a little shameless behaviour in the past
 
Posts: 4,164
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
10-18-2017, 02:17 PM

කෙනෙක් 'පටිච්චසමුප්පාදය' (ධර්මය) හරියට දැක්කොත්, ඔය මං නිතරම කියන ටික... "මං (තමන්) සංසාරෙ ඇවිල්ලත් නෑ!! යන්නෙත් නෑ!! මං තාවකාලික (අනිත්‍ය) සත්වයෙක්!!" කියන ටික... එයාට පේන්න ඕනෙ!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ තමයි ඒ බව මුලින්ම දැකපු කෙනා!!! !!! !!! ඒත් උන්වහන්සේ දැක්කෙ මොකද්ද කියන එක අනික් අයට පෙන්නන්න බෑ නේ?? ඒ හන්ද තමයි උන්වහන්සේ "යමෙක් ධර්මය (පටිච්චසමුප්පාදය) දැක්ක නම් ඔහු මාව දැක්ක වගෙයි!!" කියල කිව්වෙ!!! !!! !!! එතකොට, කවුරුහරි කෙනෙක් පටිච්ච්සමුප්පාදය දැක්ක නම්.. තමන් තාවකාලිකයි (අනිත්‍යයි ) කියල අත්දැකීමෙන්ම දැනගත්ත නම්.. එයා පිරිණිවන්පානවා!!! !!! !!! එතනදි 'පටිච්චසමුප්පාදය දැකීම / තමන් තාවකාලික (අනිත්‍ය) කෙනෙක්ය බව දැනගැනීම = බුදුන් දැකීම' කියල අරගෙන තමයි, ඔය 'බුදුන් දැක නිවන් දකිනවා' කියන කතාව හදාගෙන තියෙන්නෙ!!! !!! !!! තේරුණයි??
Reply With Quote
(#5198)
Old
Damith Kariyawasam's Avatar
Damith Kariyawasam Damith Kariyawasam is offline
Senior Member
Damith Kariyawasam has a little shameless behaviour in the past
 
Posts: 4,164
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
10-21-2017, 11:28 PM

සංසාර කතාවෙ තියෙන්නෙ දෙපැත්තක් විතරයි!!! එක පැත්තක් නිවණ!!! අනික් පැත්ත හතර අපාය!!! ලේසියට ගමුකෝ 'උඩ' පැත්ත 'යට' පැත්ත කියල. ඔතනදි, පින්-පව් වලින් කිව්වොත්, පින් වැඩිවෙනකොට සත්වයෝ උඩට උඩට යනවා!!! පව් වැඩි වෙනකොට උන් යටට යටට යනවා!!! නැත්නම් පහළට වැටෙනවා!!! කුසල්-අකුසල් වලින් කිව්වොත්, කුසල් කළොත් උන් උඩ යනවා!!! අකුසල් කළොත් පහළට වැටෙනවා!!! රාග-ද්වේශ-මෝහ නැත්නම් කෙළෙස් වලින් කිව්වොත්, කෙළෙස් අඩු නම් සත්වයෝ උඩ යනවා!! කෙළෙස් වැඩිවෙන්න වැඩිවෙන්න පහළට වැටෙනවා!!! හරිය??

ඊළඟට, සාමාන්‍ය මනුස්සයන්ට තියා ධර්මය හොඳින්ම අවබෝධ කරගත් කෙනෙකුටවත් හිතාගන්න බැරි, සංසාර පැවැත්මට අහුවෙලා ඉන්න සංසාරගත සත්වයන් හැමෝටම තියන මහා භයානක අණතුරක් ගැනත්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ සියලු ලෝකවාසී දෙවි මිනිසුන්ට එළිදරව් කරලා දීල තියනවා!!! !!! !!! උන්වහසේ කිව්වේ, උඹල අපි ඔක්කොම මහා භයානක සැඩපහරකට අහුවෙලා ගහගෙන යමින් සිටින පිරිසක් කියලයි!!! !!! !!! මනුස්ස ලෝකෙ හා දිව්‍යලෝක වල ඉපදිච්ච එවුන්ට ඒ අනතුරේ බලාපෑම අන්තිම දරුණු නිසා, උන්වහන්සේ මේ මනුස්ස ලෝකයත් දිව්‍යලෝක 6ත් හැඳින්වුයේ 'හීනධාතුවේ ලෝක' හැටියටයි!!! !!! !!! මේ මනුස්ස ලෝකයේ ඉපදිච්ච සත්වයෙකුට 'උඩ' යනවයි කියන එක අන්තීම අමාරුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කොච්චර try කලත් ඇදිල යන්නේ පහළටම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! **{මෙහෙම කිව්වට උඹට තේරෙන්නෙ නැත්නම්... උඹ පිළිගන්නෙත් නැත්නම්... බකපණ්ඩිත කම් කියවන්නෙ නැතුව, පැයට හැතැම්ම තුන්හාරසීයක වේගෙන් පහළට ගලාගෙන යන මහා ජල කඳක / භායනක සැඩපහරක, මනුස්සයෙකුට උඩ අතට පීනන්න පුලුවන් වෙයිද?? කියලා හිතල බලපං!!! !!! !!! කොච්චර වැඩකාරයෙක් උනත්.. ඌ කොච්චර දහිරිය දාල පීනුවත්.. ඌව ගහගෙන යන්නේ පහලටම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!}

අන්න ඒ නිසා, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිසීම සංසාරගත සත්වයෙකුට සංසාර පැවැත්මේ රැඳිල ඉන්න එක, ඇසිපිය හෙලන මොහොතකට වත් (තත්පර දසම ගානකට වත්) අනුමත කලේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සංසාර පැවැත්මේ ආරක්ෂාකාරීව රැඳිල ඉන්නවයි කියන එක කරන්න බැරි වැඩක් බව පැහැදිළිවම දන්නා නිසාත්.. මෙහෙම මනුස්ස ජීවිතයක් හැදුණොත් හැදෙන්නේ බොහෝම කළාතුරකින් - අහම්බෙන් බව දන්නා නිසාත්.. උන්වහන්සේ හැම තිස්සෙම කලේ, කාට කාටත් මේ සංසාර පැවැත්මේ භයානක කම පෙන්වලා... මේ ලැබිල තියන බොහෝම දුර්ලභ වාසනාවන්ත මනුස්ස ජීවිතයේ වටිනාකම පෙන්වලා... පුළුවාන් ඉක්මණට සසරින් / සංසාර පැවැත්මෙන් නිදහස් වෙන්නය කියාපු එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම්, ගොඩබිමක් තියන පැත්ත බලලා, ඒ පැත්තට හැරිල පීනන්නය කියලා කියපු එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කෙනෙක් මේ ජීවිතය ගෙවිල ඉවරවෙන්න කලින් ගොඩබිමට පීනගත්තේ නැතිනම්... සංසාර අණතුරෙන් ගැළවෙන්න නම් තමන් අනිවාර්යයෙන්ම කරගත යුතු දේ වත් කරගත්තේ නැත්නම්... කරන්න කිසීම දෙයක් නෑ, එයා පහළට (අපාය ලෝකයකට) ගහගෙන යනවාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඊළඟට, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'සංඝ භේදය' ආනන්තරීය පාපකර්මයක් කියලා කිව්වා!!! 'සංඝයා' භේද කිරීම, මොනවා කරලවත් විපාක වෙනස් කරන්න බැරි... විපාක හැටියට අනිවාර්යයෙන්ම අපාගතවෙන්න සිද්ධවෙන... මහා බරපතළ පාප කර්මයක්ය කිව්වා!!! !!! !!! **{මේ.. හැබැයි මෙතනදි 'සංඝ' කියන්නේ 'සිවුරු සංඝ' කියල හිතුවොත් නම් එහෙම්පිටින්ම වැරදියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ධර්මය දේශණා කලේ... 'ධර්මය' කිව්වමත්, 'සංසාර කතන්දරය / සංසාර පැවැත්ම ගැන - සංසාර පැවැත්මේ බරපතල කම / අනතුර ගැන - ඒකෙන් ගැළවීම ගැන - ගැළවෙන්න කරන්න ඕනෙ දේ ගැන කියන ඔක්කොම' දේශණා කලේ... සියලු දෙවි මිනිසුන්ටයි!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ විළිවසා ගැනීමට - සීතලෙන් රස්නෙන් ආරක්ෂා වීමට - මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වීමට පහසුවෙන් සපයගන්න පුළුවන් සරල වස්ත්‍රයක් / ඇඳුමක් හැටියට සිවුරක් තෝරගත්තාට, උන්වහන්සේගේ ශ්‍රාවක පිරිසත් උන්වහන්සේව අනුගමනය කලාට, මෙතනදි වැදගත් වෙන්නේ උන්වහන්සේගේ ශ්‍රාවකයන්ගේ 'ශ්‍රාවකත්වය' මිසක් සිවුර නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! } මොකද, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේව විශ්වාසයෙන් පිළිඅරගෙන.. උන්වහන්සේගෙන් සංසාර පැවැත්මේ භයානක කම ගැන දැනගෙන.. වහ වහා එයින් නිදහස් වීමට / නිර්වාණය සාක්ෂාත් කිරීමට හිතාගෙන, සියලු පව් වලින් මිදිලා.. අකුසලයෙන් වැළකිලා.. විනයෙන් හික්මිලා.. සීලයෙන් සංවර වෙලා.. සමාධිය ඇතිකරගෙන.. ප්‍රඥාව දියුණු කරගෙන.. නිවණ අවබෝධ කරගැනීමට යොමුවෙච්ච පිරිසක් භේද කළොත් (කණ්ඩායම් 2කට බෙදුවොත් / දෙපැත්තකට කළොත් / විරුද්ධ වාදීන් දෙපිරිසක් කළොත්) ඒ පිරිසෙන් එක් කොටසක් (½ ක්) අනිවාර්යයෙන් අපායගාමී වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇයි කියනවා නම්, සංසාර කතාවෙ තියෙන්නේ පැති දෙකයි!!! !!! !!! නිවණට යොමුවෙච්ච පිරිසක් දෙකඩ කරලා කොටසක් අනික් පැත්තට හැරෙව්වාම, ඒ කොටස අපායට තමයි!!! !!! !!!

එතකොට, බොහෝම දුර්ලභ මනුස්ස ජීවිතයක් ලබලා ඉපදිච්ච එක අහිංසක අසරණ සත්වයෙකුට හරි නිවණ වැහුවොත්, ඒ අහිංසක සත්වයා සංසාරෙන් නිදහස්වෙන එක වළක්වලා ආයෙ සංසාරෙටම ඇදලා දැම්මොත්, ආයෙ ඒ සත්වයාට කවදා දුකෙන් නිදහස් වෙන්න ලැබෙයිද කියන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ආයෙ කවදාවත් අවස්ථාවක් නොලැබෙන්නත් බැරි නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! **{භාග්‍යවතුන්වහන්සේ කියල තියෙන්නේ, "මේක තමයි අවස්ථාව!! මේ අවස්ථාව මගහැරුණොත් ආයෙ අවස්ථාවක් බලාපොරොත්තුවෙන්න එපා!!" කියලයි!!! !!! !!!} අන්න එතනදී, ඒ අහිංසක සත්වයාට මේ ජීවිතයෙන් පස්සෙ පෙරේත - තිරිසන් - නිරිසත් ජීවිත ලබල ඉපදිලා විඳින්න වෙන අනන්ත අප්‍රමාණ දුක් කන්දරාවට එහෙම්පිටින්ම වගකියන්න ඕනේ, ඒ අහිංසක සත්වයාට වල කපාපු එකා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං ඒ වල කපාපු එකා අනිවාර්යයෙන් අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොනවා කරලවත් වළක්වන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං එතකොට, එක සත්වයෙකුට වල කැපුවත් අපාගත වෙන්න සිද්ධවෙන එකේ සත්වයෝ පිරිසකටම වල කැපුවෝතින්?? ඒ කරපු එකාට අපායේ 'පදිංචියට'ම යන්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'සංඝ භේදය' ආනන්තරීය පාපකර්මයක් වෙන්නේ අන්න එහෙමයි!!! !!! !!!

ඊළඟට, සංසාර දුකින් එතෙරවීම පිණිස / සංසාර පැවැත්මෙන් නිදහස්වීම පිණිස තියන ධර්මය, වෙන වෙන අවශ්‍යතා - අරමුණු වෙනුවෙන් දෙසීමත්.. ඒ කියන්නේ, දෙවි මිනිස් සැප ලැබීම පිණිස / මිනිසුන්ට තාවකාලික ආතල් දීම පිණිස ධර්මය දෙසීමත්.. සංඝ භේදයක්ම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, බොහෝම දුර්ලභ මනුස්ස ජීවිතයක් ලබල ඉපදිච්ච අහිංසක අසරණ සත්වයන්ව බොරු කියල ගොනාට අන්දලා... නොලැබෙන සැප සම්පත් ලැබෙනවයි කියලා මුළා කරලා... නිවණ වහලා, උන්ව ආයෙ සංසාරෙටම ඇදල දැම්මා වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්ට තියන භයානක සංසාර අනතුර එහෙම්පිටින්ම වහලා, උන්ව සැඩපහරේ ගහගෙන යන්න ඇරියා වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතනදිත් ඒ හැම අහිංසක අසරණ සත්වයෙකුටම පෙරේත - තිරිසන් - නිරිසත් ජීවිත ලබල ඉපදිලා විඳවන්න වෙන මහා දුක් කන්දරාවට එහෙම්පිටින්ම වගකියන්න ඕනේ, උන්ට වල කපාපු කාලකණ්නිම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! වඩාත් පැහැදිළිව කිව්වොත්, සංසාර අනතුරේ භයානක කම හොඳින්ම දන්නා භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "ඉක්මණට මේ පැවැත්මෙන් ගැළවෙන්න!! ආයෙ නම් උපදින්න හිතන්නවත් එපා!! මං ඇසිපිය හෙලන මොහොතකට තරම්වත් සංසාරය වර්ණනා කරන්නේ (හොඳයි කියන්නෙ) නෑ!!" කිය කියා කියපු එක, වෙන මොකෙක් හරි කාලකන්ණියෙක්, "මෙව්ව පූජ කොලාම දිවිය ලෝක වල උපදින්න.. දිවිය සැප සම්පත් ලබන්න.. හම්බවෙනවා!! නිවන් දකිනා ජාති දක්වා දුගතියක උපදින්න වෙන්නේ නෑ!!" ගගා කිව්වොත්, ඌ කරන්නේ 'ආනන්තරීය පාප කර්මයක්' තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

වැඩේ කියන්නෙ, 'බුද්ධ සාසනය කියන්නෙ මිනිස්සු සංසාරෙ යවන එක තමයි!!' කියල හිතං ඉන්න අපේ ගමේ පන්සලේ (ගොං බෞද්ධාරාමයේ) ගොං සංඝලත්, ගිය weekend එකේ ඔහොම seen එකක්... තඩී කටිනයක්... කොලා නෙව!!! හතර වටේටම ලවුස්පීකර් දාලා, කනක් ඇහිල ඉන්නත් බැරිවුණා!!! කොහොම හරි, හෙණ ගැහුවත් සනීපෙට නින්ද යන මටනම් සද්දෙ අවුළක් උනේ නෑ. හොඳට නින්ද ගියා. පාන්දර ජාමෙ ගොං සංඝයෙක් අර "ඉද්ධිමන්තෝ ජුතීමන්තෝ.." මොකද්ද එක පරලවෙලා වගේ කියාගෙන කියාගෙන කියාගෙන කියාගෙන යනව ඇහිල තමයි ඇහැරුනේ. එතන ඉඳල ඉතිං ඕං ගොං සංඝලාගෙ රස කතා ටිකක් අහගෙන හිටියා.
එකෙක්, "මෙව්වයින් එකක් දුන්නොත් ආයෙ ඉපදෙන කිසිම ආත්මයක දුකට පත්වෙන්නේ නෑ!! ලැබෙන්නෙම සියලු සැප සම්පත් තියන උසස්ම උසස් ජීවිත තමයි!!" මොන මොනවද කිය කියා, දුන්නනේ ඇට්ටි හැලෙන්නම!!! !!! !!! ආයෙ ඒකමද වෙන එකෙක්ද දන්නෙ නෑ, "මහත්තයෝ වැහැරිච්ච අයත් තිරිහන් කරන මාහා අරුම පුදුම පිං කමක් නෙව මේක!! නැගිට ගන්න බැරි දොට්ට පිලට යන්නත් උස්සගෙන යන්න ඕනෙ නාකි උන්දලා තනියෙන් නැගිටල වැට ගාවට එනව නෙව කටින චීවරේ වඩම්මනව බලන්ඩ!!" කිය කියා, බොහෝම සන්තෝසෙන් ඉපිලි ඉපිලී දොම්බෙන් යන්නම දුන්නා!!! !!! !!!

හැබැයි ඉතිං බුදුහාමුදුරුවො නම් ඔය කෙහෙල්මල් කොරල හරියන්නෙ නැති බව හොඳටම දන්න නිසා තමයි "මැරෙන මැරෙන කෙනා නිරිසත් - පෙරේත - තිරිසන් ජීවිත ලබල උපදිනවා!! නැවත මනුස්ස ජීවිතයක් වත් ලබන්නේ '0'ක් විතර පිරිසක් තමයි!!" කියලා, පැහැදිළිවම කිව්වෙ!!! !!! !!! මාත් ඒ seen එක ටක්කෙටම අල්ලගෙන "ඇත්ත නේන්නම්!! බඩුම තමයි!!" කියලා හොඳටම තේරිච්ච නිසා තමයි දැන් මෙහෙම ගොං වැඩ වලට 'දුං විසිවෙන්නම' දෙන්නෙ!!! !!! !!! කොහොමත් ගොං රැළක් රෙද්දක් කරතියං යන හැටි වැඳගෙන සාදු සාදු කිය කියා බලං හිටියට මොකෙකුට වත් සංසාර අණතුරෙන්වත් ගැළවෙන්න හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේත් උන්වහන්සේ ධර්මය දේශණා කලේ අහන එකාගෙ / එවුන්ගෙ ඔළුගෙඩි පරීක්ෂා කරල නිසා ධර්මය මෙලෝ මලහත්ඉලව්වක් තේරෙන්නෙ නැති එවුන් සෙට්වෙච්ච වෙලාවල නම් උන්ට දානයේ - සීලයේ ආනිසංස කියනවා වගේ මොනව හරි ප්‍රයෝජනයක් තියන යමක් කියල තියනවා මිසක්, කටින රෙද්දක් ගැන මහා ඉහලින් වර්ණනා කරපු case එකක් නම් මං පිරිසුදු බුද්ධ දේශණාවල අහල / කියවලත් නෑ!!! !!! !!! බුදුහාමුදුරුවෝ මහත්ඵල මහානිසංස පින්කම් හැටියට අඳුන්වල දුන්නෙත් ඔව්ව නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික සිවුර කියන්නෙත් සිව් පසයෙන් එකක්.. සිව්පසයෙන් Όක්.. විතරයි!!! !!! !!! ඔක්කොටම වඩා, කිසීම සංසාරගත සත්වයෙකුට සංසාර පැවැත්මේ රැඳිල ඉන්න එක මොහොතකට වත්.. තත්පර දසම ගානකට වත්.. අනුමත කලේ නැති භාග්‍යවතුන්වහන්සේ, මොකෙකුට වත් "සංසාරෙ යමං!! තව යමං!! තව කුසල් රැස්කොරන්න යමං!! දෙවි මිනිස් සැප ලබන්න යමං!! තව යමං!! තව යමං!!" කියල නම් කොහේදිවත් කියලා නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඒත් ඉතිං මේ ගොං සංඝයන්ව අදහාගෙන.. උන්ව විශ්වාස කරගෙන.. ඉල්ලං කන, මොකුත් නොදන්න අහිංසක මිනිස්සු කොච්චර පවුද??? උන් ඉවරෙටම ඉවරයි නේද??? ??? කවුද ඒකට වගකියන්න ඕනෙ??? ??? ??? ඒ කියන්නෙ, එතකොට මේ ගොං සංඝයෝ සතුටින් ඉපිලි ඉපිලී... මනෝ රමණීය - කර්ණ රසායන සුන්දර වදන් පාවිච්චි කර කර.. මොකද්ද මේ කරල තියෙන්නෙ??? ??? ??? උන් 'ආනන්තරීය පාපකර්මයක්' කරලා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! "බුද්ධ සාසනයකදි වැඩියෙන්ම අපාගත වෙන්නෙ ඒ සාසනයේ ගොං සංඝයෝ තමයි!!" කියල මං කියන්නෙ ගොඩ කාලෙක ඉඳල!!! හැබැයි කස්ටිය හිතන්නෙ මට පිස්සු කියල!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

කොහොම හරි කමක් නෑ!!! බොලාට භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේට වඩා ගොං සංඝයන්ව විශ්වාසයි නෙව??? ඉතිං ඔය කටින පුදල.. අට පිරිකර පුදල.. චයිත්‍ය වටේ රෙදි ඔතල.. දිව්‍ය සැපසම්පත් ලබන්න බලාගෙන ඉන්න උඹලත් මෙහෙම කරහල්ල. උඹලට ඔය ගොං සංඝයෝ කියන විදියට සියලු සැප සම්පත් ලැබිල.. සසර වසනා තුරු දෙවි මිනිස් සැපම විඳිමින්.. ආතල් එකේ ඉන්න හම්බවෙනවා නම් ඇත්තටම හොඳයි!!! !!! !!! ඒත් බැරිවෙලාවත් තොපි මැරිල බලනකොට පෙරේතයෝ-තියෝ.. තිරිසන් සත්තු.. නිරිසත්තු.. වෙලා තිබුණොත්, බොලත් මං අර බඹේ බුදු වරුන්ගෙ ශ්‍රාවකයන්ට කියාපු විදියටම, තොපිව ගොනාට අන්දපු ගොං සංඝයන්ගේ අම්මල - නැන්දම්මල - පුංචි අම්මල - ලොකු අම්මල පරම්පරාව අනුස්මරණය කරහන්!!! !!! !!!
Reply With Quote
(#5199)
Old
awjas2621's Avatar
awjas2621 awjas2621 is online now
Senior Member
awjas2621 is a name known to allawjas2621 is a name known to allawjas2621 is a name known to allawjas2621 is a name known to allawjas2621 is a name known to allawjas2621 is a name known to allawjas2621 is a name known to allawjas2621 is a name known to allawjas2621 is a name known to allawjas2621 is a name known to allawjas2621 is a name known to all
 
Posts: 7,125
Join Date: Dec 2015
10-22-2017, 12:01 AM

bump
Reply With Quote
(#5200)
Old
Damith Kariyawasam's Avatar
Damith Kariyawasam Damith Kariyawasam is offline
Senior Member
Damith Kariyawasam has a little shameless behaviour in the past
 
Posts: 4,164
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
10-28-2017, 12:51 PM

මම මීට ටික කාලෙකට කලින්,
* (ජූලි 31) බුදුහාමුදුරුවෝ ඉක්මණින්ම කරන්න කිව්වෙ සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙන එකයි!!! රහත්වෙන එක නෙවෙයි!!! මොකද, මේ අපේ ජීවිත හැදෙන්න කලින් සිද්ධවෙච්ච ලොකු කතන්දරයක් තියනවා!!! ඒකෙන් අපි හැමෝටම ඇතිවන බලපෑම.. ඒක නිසාම අපි හැමෝටම මුහුණදෙන්න වෙන සංසාර අනතුර.. හරීම බරපතළයි!!! කවුරු කවුරුත් ඉස්සෙල්ලම කරන්න ඕනේ, අන්න ඒ තම තමන්ට තියන භයානක සංසාර අනතුරෙන් ගැළවිලා / බේරිලා ඉන්න එක තමයි!!! හැබැයි මේ ඉන්න එවුන් කවුරුවත් ඒ ගැන දන්නේ නෑ!!! දැනගන්න මොකෙක්වත් ඒ ගැන කියල දෙන්නෙත් නෑ!!! කියල දෙන්න ඒ ගැන දන්න එවුන් ඇත්තෙත් නෑ!!! කියලයි...
* (අගෝස්තු 2) බුදුහාමුදුරුවෝ අපි කාට කාටත් සංසාර අනතුරින් ගැළවීම සඳහා 'ඉක්මණට සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙන්න' කියලා ඇත්තටම කරන්නය කිව්වේ, සංසාර පැවැත්ම නිසා තම තමන්ට උරුමවෙලා තියන අනන්ත කල්ප කාලාන්තරයක් තිස්සෙ එකතුවෙවී ඇවිල්ල තියන සංසාර මතකය තමන්ගේය කියල හිතලා, තමුන් සංසාරෙ සැරිසරාගෙන සැරිසරාගෙන ඇවිල්ල තියන කෙනෙක්ය.. ඒ මතක තියෙන්නෙ තමුන්ම මීට කලින් ඉපදිලා ඉඳල කරල - කියල - හිතල තියන දේවල්ය.. කියලා රැවටිලා ඉන්න රැවටිල්ලෙන් / මුළාවෙලා ඉන්න මුළාවෙන් පුළුවන් ඉක්මණට නිදහස්වෙන එකයි!!! මොකද, සංසාර පැවැත්මට අහුවෙලා ඉන්න.. සසර සැඩපහරේ ගහගෙන යමින් ඉන්න.. සත්වයෙකුට ඒ පැවැත්මෙන් ගැළවෙනකම් විපාක විඳින්න වෙන 'පුරාණ කර්ම' නැත්නම් 'අපරාපරිය වේදනීය කර්ම' වලින් ගැළවෙන්න පුළුවන් එකම ක්‍රමය ඒක විතරයි!!! ඒ ඇත්තටම වෙලා තියන දේ නොදන්න.. මුළාවෙන් මිදිච්ච නැති.. බෞද්ධ අබෞද්ධ හැමෝම, මැරිච්ච ගමන් සසර සැඩපහරේ ගහගෙන යනවා!!! කියලයි...
* (අගෝස්තු 9) මේ සංසාර කතාවෙ වැදගත්ම වැදගත් කාරණාව 'අනාත්ම' නැත්නම් තමන්ගෙ වසඟයේ තියාගන්න බෑ.. තමන්ට උවමණා උවමණා විදියට කරන්න / කරගන්න බෑ.. කියන එකයි!!! ඊළඟට මොනවිදිය ජීවිතයක් හැදෙයිද කියන එක හරිම අවිනිශ්චිතයි!!! සාමාන්‍යයෙන් වෙන්නෙ ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් වැඩ ඉන්න කාලෙට අපාය ලෝක හිස්වෙවී දිව්‍යලෝක පිරෙන එකයි.. ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් නැති කාලෙට දිව්‍යලෝක හිස්වෙවී අපාය ලෝක පිරෙන එකයි.. තමයි!!! ඉස්සර කාලෙ මිනිස්සු දන්දීලා සිල් රැකල 'උඩගියේ' එතකොට බුදුහාමුදුරුවෝ හිටපු නිසයි!!! දැන් වෙන්නෙ ඒකෙ අනික් පැත්ත තමයි!!! "මැරෙන මැරෙන එකා නිරය - පෙරේත - තිරිසන් ජීවිත ලබල උපදිනවා!! නැවත මනුස්ස ජීවිතයක් වත් ලබන්නෙ නෑ!!".. "මේ අවස්ථාව ගිලිහුනොත් ආයෙ අවස්ථාවක් බලාපොරොත්තුවෙන්නත් එපා!!".. කියලා, කියල කියන්නෙ ඒකයි!!! අන්න ඒ නිසා මේ ඉපදිලා ඉන්න බෞද්ධ අබෞද්ධ කාට උනත් තියන එකම ගැළවීම, තම තමන්ගෙ මේ දැන් තියන ජීවිත හැදෙන්න කලින් සිද්ධවෙලා තියන ඇත්ත කතන්දරය හරියට දැනගෙන, සංසාර පැවැත්ම නිසා තමන්ට අයිති නැති / තමන්ට අදාළ නැති තඩි අතීත මතකයක් තමන්ටත් ලැබිලා.. උරුමවෙලා.. තියන බව දැනගෙන, කොයි වෙලාවක ඒවායින් මොනවා මතක්වුණත් බයනොවී - කලබල නොවී - දුක්නොවී - පසුතැවිලි නොවී හිත හදාගෙන ඉන්න, හොඳටම දැණුවත්වෙලා ඉන්න එක තමයි!!! කියලයි...
ලිපි 3ක් ලියල පලකලා.

ඒ ලිපි පෙළ ලියාගෙන ආවේ, "නිරිසත් තිරිසන් ඔක්කොම තියෙන්නෙ හිතේ / මනස අස්සේ" ... "දිව්‍යලෝක බ්‍රහ්මලෝක ඔක්කොම හිතේ / මනස අස්සේ" ... "තල 31ම බඹේ අස්සේ" ... "නැවත උපතක් නෑ - කලින් ඉපදිලා ඉඳලත් නෑ" ... "මම / මං කියල කෙනෙක් නෑ" ... "කරන්නෙක් / කරවන්නෙක් නෑ" ... "මේ මොහොතෙ හිටියනං හරි" ... "මොහොතක් මොහොතක් පාසා ඉපදෙනවා මැරෙනවා" ... "ගැඹුරු නින්දෙදි වගේ අවදියෙන් ඉන්නව" ... "උදය වැය විතරයි / හටගත්ත තැනම නිරුද්ධවෙනව" ... "ඉන්ද්‍රිය දැණුම / පොත් කියවලා ගත්තු දැණුම නිසයි අවුල් ඔක්කොම"... කිය කියා, whole sale එකේ තියන කුණුහරුප කතන්දර වල සැබෑ අරමුණ පෙන්වන්නයි!!! !!! !!! ඒ ලිපි බලල නැති අය පොඩ්ඩක් හොයාගෙන බැලුවනං ප්‍රයෝජනවත් වෙයි.

--------------------------------------------------

ධර්මය කතාකරන කෙනෙක් 'මම' නෑ!! 'මං' කියල කෙනෙක් නෑ!! කිය කියා කිව්වොත්, ඒ කතාව එහෙම්පිටින්ම වැරදියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි 'මම' ඉන්නවා!! 'මං' කියල කෙනෙක් ඉන්නවා!! කිය කියා කිව්වොත්, එතනදි ඒ 'මම' / 'මං' හැමදාම ඉන්න පුළුවන්.. සදහටම ඉන්න පුළුවන්.. කෙනෙක්ය කියලා වැරදි අදහසක් ඇතිවෙන නිසා, එහෙම කිව්වත් වැරදියි!!! !!! !!! එතකොට 'මම' / 'මං' කියන්නෙ මායාවක්ය.. illusion එකක්ය.. බොරුවක්ය.. කියලා කිව්වොත් ඒකෙන් මුළු ධර්ම කතන්දරේම හෑල්ලුවට ලක්වෙන නිසා, "සංසාර අණතුරෙන් බේරිලා නිවන් දකින එක එච්චර වැදගත් දෙයක් නෙවෙයි!! නිවන් දැක්කත් එකයි නැතත් එකයි!!" වගේ එහෙම්පිටින්ම වැරදි අදහසක් ඇතිවෙන නිසා, ඒකත් වැරදියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ නිසා ඔය 'මම' / 'මං' (තමන්) හැඳින්වීමට සුදුසුම ක්‍රමය, 'මම' / 'මං' ඉන්නවා. හැබැයි තාවකාලිකයි!!! නැත්නම්, 'මම' / 'මං' අනිත්‍යයි!!! කියන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තව විදියකට කිව්වොත් 'මම' / 'මං' / 'තමන්' ගේ ඇත්තම ස්වභාවය... 'ඔබේ' ඇත්තම ස්වභාවය... ඔබ තාවකාලිකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, ඔය 'මම' / 'මං' / 'තමන්' හැටියට ඔය උදවිය හැමදෙනාටම දැනෙන්නේ, ඔය උදවියගෙ ඇඟවල් වල තියන ඇස (ඇස් දෙක) - කණ (කන් දෙක) - නහය - දිව - කය (හම) - මනස (මොළය) කියන ආයතන 6යේ ක්‍රියාකාරීත්වයෙන් ඇතිවන, 6 ආකාර විඳීමක්... විඳීම් 6ක එකතුවක්... විඳීම් සම්මිශ්‍රණයක්... තමයි!!! !!! !!! ඇස - කණ - නාසය - දිව - කය - මනස කියන ආයතන 6ම එකට වැඩකරන කොට දැනෙන විදිය කිව්වොත් කාටත් පැහැදිළි වෙයි!!! !!! !!! අන්න ඒ 6 ආකාර විඳීම තාවකාලිකයි!!! !!! !!! අනිත්‍යයි!!! !!! !!! මොකද ඒ විඳීම් ඔක්කොම තියෙන්නේ, මේ ඇඟ සජීවීව තියනකම්.. ඇඟේ පණ තියනකම්.. පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ නිසා, 'මං' / 'මම' ඉන්නවා!! වත්.. 'මම' / 'මං' නෑ!! වත්.. නෙවෙයි!!! !!! !!! 'මම' / 'මං' ඉන්නවා. හැබැයි ඇඟේ පණ තියනකම් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරිය?? භාග්‍යවතුන්වහන්සේ "යමෙක් ඔය 6 ආකාර විඳීම අවබෝධ කලාද, ඔහු රහතන්වහන්සේ නමක්!!" කියලා, පැහැදිළිවම දේශණා කරල තියෙන්නෙත් අන්න ඒකයි!!! !!! !!! තේරුණයි???

** 'රහතන්වහන්සේ' සරලතම definition එක: රහතන්වහන්සේ නමක් කියන්නේ, තමන් අනිත්‍ය / තාවකාලික කෙනෙක් (සත්වයෙක්) බව ප්‍රත්‍යක්‍ෂයෙන්ම දන්නා කෙනාටයි!!! එයා තමන් අනිත්‍ය තාවකාලික කෙනෙක් බව හොඳටම දන්නා නිසා, එයාට, දිගටම රූප බල බල.. සද්ද අහ අහ.. ගඳ සුවඳ - රස - පහස විඳ විඳ.. ඉන්න... ආයෙ ආයෙත් උපදින්න... පැවැත්ම ආරක්ෂා කරගන්න... කිසිම ආසාවක් / උවමණාවක් නෑ!!! !!! !!! 'ත්‍රිවිධ තණ්හා' මොකුත් නෑ!!! !!! !!! තණ්හා නැති නිසා අයෙ ඉපදීමකුත් නෑ!!! පිරිණිවන් පානවා!!! හරිය??

හැබැයි පුතෝ, ඔය 'මම' / 'මං' / 'තමන්' ට.. නැත්නම් 'උඹට'.. තාවකාලික වෙන්න ලැබෙන්නේ, මේ ඇඟ කැඩිල බිඳිලා විනාශවෙනකොට තව අලුත් ඇඟක් හැදුණේ නැත්නම් පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තව විදියකට කිව්වොත්, උඹට මැරෙන එකේ ගේමක් නැතිවුණාට මැරිල ඉවරයක් දකින්න හම්බවෙන්නේ, උඹ මැරෙනකොට ඔය දැන් තියන මතකය copy වෙලා තව අලුත් ඇඟක් හැදුණේ නැත්නම් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, විඳීම් තාවකාලිකයි.. අනිත්‍යයි.. උනාට මේ ඇඟ කැඩෙනකොට වෙන අලුත් ඇඟක් සෙට්වුනොත් එහෙම, හුටා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බැරිවෙලා වත් මේ ඇඟ කැඩෙනකොට වෙන ඇඟක් හැදුණෝතින්, ඊළඟට 'මම' / 'මං' / 'තමන්' එතන... නැත්නම්, ඊළඟට 'උඹ' ඒ අලුත් ඇඟ හැදිච්ච තැන... තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික ඒ ඇඟවල් හැදෙන එක කෙරෙන්නේ, උඹට විපාක දෙන්න නියමිතව තියන කර්ම වලට අනුව උඹගෙ දැන් තියන ඇඟෙන් ගොඩනැගෙන භවයට අනුරූපව ස්වභාවිකව / ස්වභාවධර්මයෙන් මිසක්, බොලාට ඕනෙ ඕනෙ විදියටත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇත්ත සංසාර කතාවේ බරපතළ කම අන්න එතනයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න එතනදි බැරිවෙලා වත් උඹට මේ දැන් තියන මනුස්ස ඇඟ කැඩෙනකොට කැරපොතු ඇඟක් හැදුණොත්, ඊළඟට 'උඹ' කැරපොත්තෙක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මී ඇඟක් සෙට්වුනොත් උඹ මීයෙක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊළඟට පෙරේත ඇඟක් හැදුණොත් උඹ පෙරේතයෙක් / පෙරේතියෙක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අපාය ලෝකෙක නිරිසත් ඇඟක් හැදුණොත් 'තෝ' අපාගතවුනා වගේම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තොපිට තේරුණයි??? ??? ???

** 'රහතන්වහන්සේ' නිවැරදි (exact) definition එක: නියම රහතන්වහන්සේ නමක් කියන්නේ, විපාක දීම පිණිස පෙර කරන ලද කර්ම හෝ වර්තමාන කර්ම කිසිවක් නැති, තමන් අනිත්‍ය / තාවකාලික සත්වයෙක් බව ප්‍රත්‍යක්‍ෂයෙන්ම දැනගත් කෙනාටයි!!! !!! !!! මොකද, රහත්වුනාම භවය නිරුද්ධ වෙන්නේ විපාක දීමට කර්ම මොකුත් නැත්නම්... කර්ම '0'යි නම්... විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඒ ඇයි කියනවා නම්, පටිච්චසමුප්පාදයේ 'උපාදාන පච්චයා භවෝ - භව පච්චයා ජාති' කියලා බොහෝම සරළව කියල තිබුණට, භව කතන්දරය 'පොඩි case එකක්' එහෙම නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'භවය' අඳුන්වලා දුන්නේම 'කාම ලෝකවල - රූප ලෝකවල හෝ අරූප ලෝකවල ඉපදී විපාක දීමට ඇති කර්ම හා කර්ම විපාක' හැටියටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ භවය හැදෙන එක (electromagnetic field එක build-up වෙන එක) ක්‍රම 3කට සිදුවිය හැකියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
1) සල්ලි තියනකම්.. බල පුළුවන්කාර කම - හයිය හත්තිය තියනකම්.. වෙන වෙන සත්වයන්ට හිංසා පීඩා සිද්ධවෙන විදියට, වෙනත් සත්වයන්ට දුක් කරදර - හිත් පීඩා ඇතිවෙන විදියට, බලු වැඩ - ජඩ වැඩ - කුපාඩි වැඩ - තුප්පහි වැඩ - පීචං වැඩ කළොත් / කරලා තිබුණොත්, ඒ සත්වයන්ගේ භව වල බලපෑමෙන්... 'කර්ම විපාක' වල බලපෑමෙන්... තමන්ගෙ භවය කොහොමත් හැදෙනවා!!! !!! !!! විශාල වෙනවා!!! !!! !!! මොනවා කරල වත් වළක්වන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
2) සල්ලි තියනකම්.. බල පුළුවන්කාර කම - හයිය හත්තිය තියනකම්.. වෙන වෙන සත්වයන්ට හිංසා පීඩා සිද්ධවෙන විදියට, වෙනත් සත්වයන්ට දුක් කරදර - හිත් පීඩා ඇතිවෙන විදියට, බලු වැඩ - ජඩ වැඩ - කුපාඩි වැඩ - තුප්පහි වැඩ - පීචං වැඩ කළොත් / කරලා තිබුණොත්, ඒ කරපු කියපු හිතපු දේවල් වල බලපෑමෙන්... 'කර්ම වල' බලපෑමෙන්... ඒවා මතක්වෙන මතක්වෙන වාරයක් පාසා තමන්ගෙ භවය හැදෙනවා!!! !!! !!! විශාල වෙනවා!!! !!! !!! ඒකත් වළක්වන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
3) අවිද්‍යාව නිසා ඇතිවන ත්‍රිවිධ තණ්හා නිසා ඇතිවන ගොං කල්පණාවල් නිසාත්... 'උපාදාන' නිසාත්... තමන්ගෙ භවය හැදෙනවා!!! !!! !!! විශාල වෙනවා!!! !!! !!! චතුරාර්ය සත්‍යය අවබෝධ වීමෙන් ත්‍රිවිධ තණ්හා දුරුවීමෙන් වැළකෙන්නේ, අන්න ඒ ආකාරයට භවය හැදෙන / විශාලවෙන එක විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

භාග්‍යවතුන්වහන්සේ,
පඨමභවසුත්‌තං **{බාහිර සත්වයන්ගේ බලපෑමෙන් භවය හැදෙන විදිය!!! 'විඤ්‌ඤාණං පතිට්‌ඨිතං' කියන එකේ විඤ්‌ඤාණ = කර්ම විපාක}
‘කාමධාතුවෙපක්‌කඤ්‌ච, ආනන්‌ද, කම්‌මං නාභවිස්‌ස, අපි නු ඛො කාමභවො පඤ්‌ඤායෙථා’’ති? ‘‘නො හෙතං, භන්‌තෙ’’. ‘‘ඉති ඛො, ආනන්‌ද, කම්‌මං ඛෙත්‌තං, විඤ්‌ඤාණං බීජං, තණ්‌හා ස්‌නෙහො. අවිජ්‌ජානීවරණානං සත්‌තානං තණ්‌හාසංයොජනානං හීනාය ධාතුයා විඤ්‌ඤාණං පතිට්‌ඨිතං එවං ආයතිං පුනබ්‌භවාභිනිබ්‌බත්‌ති හොති.
‘‘රූපධාතුවෙපක්‌කඤ්‌ච, ආනන්‌ද, කම්‌මං නාභවිස්‌ස, අපි නු ඛො රූපභවො පඤ්‌ඤායෙථා’’ති? ‘‘නො හෙතං, භන්‌තෙ’’. ‘‘ඉති ඛො ආනන්‌ද, කම්‌මං ඛෙත්‌තං, විඤ්‌ඤාණං බීජං, තණ්‌හා ස්‌නෙහො. අවිජ්‌ජානීවරණානං සත්‌තානං තණ්‌හාසංයොජනානං මජ්‌ඣිමාය ධාතුයා විඤ්‌ඤාණං පතිට්‌ඨිතං එවං ආයතිං පුනබ්‌භවාභිනිබ්‌බත්‌ති හොති.
‘‘අරූපධාතුවෙපක්‌කඤ්‌ච, ආනන්‌ද, කම්‌මං නාභවිස්‌ස, අපි නු ඛො අරූපභවො පඤ්‌ඤායෙථා’’ති? ‘‘නො හෙතං, භන්‌තෙ’’. ‘‘ඉති ඛො, ආනන්‌ද, කම්‌මං ඛෙත්‌තං, විඤ්‌ඤාණං බීජං, තණ්‌හා ස්‌නෙහො. අවිජ්‌ජානීවරණානං සත්‌තානං තණ්‌හාසංයොජනානං පණීතාය ධාතුයා විඤ්‌ඤාණං පතිට්‌ඨිතං එවං ආයතිං පුනබ්‌භවාභිනිබ්‌බත්‌ති හොති.

දුතියභවසුත්‌තං **{තමන්ගෙ පැත්තෙන් භවය හැදෙන විදිය!!! 'චෙතනා පතිට්‌ඨිතා පත්‌ථනා පතිට්‌ඨිතා' කියන එකේ චෙතනා = කර්ම | පත්‌ථනා = උපාදාන}
‘‘කාමධාතුවෙපක්‌කඤ්‌ච, ආනන්‌ද, කම්‌මං නාභවිස්‌ස, අපි නු ඛො කාමභවො පඤ්‌ඤායෙථා’’ති? ‘‘නො හෙතං භන්‌තෙ’’. ‘‘ඉති ඛො, ආනන්‌ද, කම්‌මං ඛෙත්‌තං, විඤ්‌ඤාණං බීජං, තණ්‌හා ස්‌නෙහො. අවිජ්‌ජානීවරණානං සත්‌තානං තණ්‌හාසංයොජනානං හීනාය ධාතුයා චෙතනා පතිට්‌ඨිතා පත්‌ථනා පතිට්‌ඨිතා එවං ආයතිං පුනබ්‌භවාභිනිබ්‌බත්‌ති හොති’’.
‘‘රූපධාතුවෙපක්‌කඤ්‌ච, ආනන්‌ද, කම්‌මං නාභවිස්‌ස, අපි නු ඛො රූපභවො පඤ්‌ඤායෙථා’’ති? ‘‘නො හෙතං, භන්‌තෙ’’. ‘‘ඉති ඛො, ආනන්‌ද, කම්‌මං ඛෙත්‌තං, විඤ්‌ඤාණං බීජං, තණ්‌හා ස්‌නෙහො. අවිජ්‌ජානීවරණානං සත්‌තානං තණ්‌හාසංයොජනානං මජ්‌ඣිමාය ධාතුයා චෙතනා පතිට්‌ඨිතා පත්‌ථනා පතිට්‌ඨිතා එවං ආයතිං පුනබ්‌භවාභිනිබ්‌බත්‌ති හොති’’.
‘‘අරූපධාතුවෙපක්‌කඤ්‌ච, ආනන්‌ද, කම්‌මං නාභවිස්‌ස, අපි නු ඛො අරූපභවො පඤ්‌ඤායෙථා’’ති? ‘‘නො හෙතං, භන්‌තෙ’’. ‘‘ඉති ඛො, ආනන්‌ද, කම්‌මං ඛෙත්‌තං, විඤ්‌ඤාණං බීජං, තණ්‌හා ස්‌නෙහො. අවිජ්‌ජානීවරණානං සත්‌තානං තණ්‌හාසංයොජනානං පණීතාය ධාතුයා චෙතනා පතිට්‌ඨිතා පත්‌ථනා පතිට්‌ඨිතා එවං ආයතිං පුනබ්‌භවාභිනිබ්‌බත්‌ති හොති".
කියලා, භවය දෙවිදියකින් විස්තර කරල දේශණා කරල තියෙන්නේ ඒකයි!!! !!! !!! තේරුණයි??? ??? ???

Note: මෙතන මේ 'පඨමභවසුත්‌තං' 'දුතියභවසුත්‌තං' කියල 2ක් තියන බව මං දැනගෙන හිටියෙත් නෑ!!! අපේ හාමුදුරුවෝ කියල දුන්නේ 'විඤ්‌ඤාණං පතිට්‌ඨිතං' 'චෙතනා පතිට්‌ඨිතා පත්‌ථනා පතිට්‌ඨිතා' 3ම එකතු කරලයි. ඒත් මං Real Technical Scenario එක එහෙම්පිටින්ම අල්ලගත්තයින් පස්සේ, මෙව්ව වෙන්නෙ මෙහෙම මෙහෙමයි කියන එකේ මට doubts මොකුත්ම තිබුණේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊයෙ මේ මාඝදී භාශාවෙන් තියන කොටස් Net එකෙන් හොයාගත්තනම් වැඩේ ලේසි නිසා හොයන්න ගියපු පාර තමයි මාත් මේ definitions 2ක දැක්කේ!!! එතෙන්දි මාත් එක පාරටම shock උනා වගේම, බුදුහාමුදුරුවෝ වේලපහින්ම seen එක කියල තියන නිසා පුදුම සතුටක් ඇතිවුණා!!! !!! !!!

ඉතීන්, කස්ටියම හොඳට දැනගන්න!!! !!! !!! මතක තියාගන්න!!! !!! !!! නැවත ඉපදීමක් සිදුවීමට හේතුව 'භවය හැදීම' නැත්නම් 'විපාක දීමට කර්ම සකස්වීම' තමයි!!! !!! !!! එතනදි මොන රෙද්දක් අවබෝධ කරගෙන හිටියත් කර්ම තිබුණොත් 'හුටා!'ම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තමන් කරපු පාපකර්ම වලට විපාක විඳින්න කිසීම තණ්හාවක් උවමණා වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! "මට අම්බානටම කන්න වෙනවා!!" කියන අවබෝධය හැරෙන්න, වෙන කිසීම අවබෝධයකින් වැඩක් වෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ස්වභාවධර්මය අදාළ පරිදි ලස්සනට ගැළපෙන ඇඟක් හදලා... පරිප්පු පිඟානක් බෙදලා... "ආ.. වළඳන්න තුමණි!! වලඳන්න තුමියණි!!" කියලා, අතටම ගෙනත් දෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
සියලු බුදුවරු "සබ්බ පාපස්ස අකරනං - කුසලස්ස උපසම්පදා" (කිසිම පවක් කරන්න එපා!! කුසලයේ හැසිරෙන්න!!) කියලා වැඩ පටන්ගන්නේ ඒකයි!!! !!! !!! **{පාපස්ස (පවු) => පන්චානන්තරීය පාපකර්ම - දස අකුසල් කිරීම!!! කළොත් case 2යි. බාහිර සත්වයන්ගේ භව වල බලපෑමෙන් / කර්ම විපාක වලින් (magnetically) වැඩේ කොහොමත් ඇනෙනවා!!! !!! !!! ඒ කරපු කියපු දේවල් / කර්ම මතක්වෙන මතක්වෙන වාරයක් පාසා තමන්ගෙ පැත්තෙනුත් (electrically) වැඩේ ඇනෙනවා!!! !!! !!! මොනවා කරලවත් control කරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කුසලයේ හැසිරීම (කුසල් කිරීම) => පස් පව් - දස අකුසල් වලින් වැළකිලා ජීවත් වීම!!! !!! !!!}
එතකොට, 'ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ' තියන 'සම්මා සංකප්ප - සම්මා වාචා - සම්මා කම්මන්ත - සම්මා ආජීව ' කියන 4ම තියෙන්නෙත්, චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන නිවන් යන්න ආව කෙනාව පස් පව් - දස අකුසල් වලින් වළක්වලා, එයාට අවුළක් නැතුව නිවන් යන්න පුළුවන් වෙන විදියට පාර හදන්නයි!!! !!! !!! මොකද මේ ධර්ම කතාවෙදි මුල්තැන හිමිවෙන්නේ, කර්ම - කර්ම විපාක වලට මිසක් 'අවබෝධෙට' නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ආ.. තව එකක්. කස්ටිය "බුදුහාමුදුරුවෝ ඔක්කොම කර්මයට බාරදීල බකංනිලං ඉන්න කියල නෑ!! ඔක්කොම වෙන්නෙ කර්ම හන්ද නෙවෙයි!!" ගගා 'ලොකු talks' දුන්නට... කර්ම බල්ලට දාලා මහා ලොකුවට අවබෝධයක් ගැන කියෙව්වට... තොපිට කොච්චර කල් එහෙම ලොකු talks දිදී ඉන්න ඉඩ දෙනවද?? අවබෝධ කරගන්න ඉඩ දෙනවද?? අහවල් එකෙන් අල්ලලා පරසක්වල ගහනවද?? කියන ඔක්කොම තීරණය කරන්නෙත්, කර්මය විසින්ම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
භාග්‍යවතුන්වහන්සේ, "කම්මස්සකා මාණව සත්තා කම්ම දායාදා කම්මයොනි. කම්ම බන්ධු කම්ම පටිසරණා කම්මං සත්තෙ විභජති යදිදං හිනප්පණීත්තායති" කියලා, දේශණා කරල තියෙන්නේ අන්න ඒ ගැනයි!!! !!! !!!

ම්ම්.. ඔය වර්තමාන බුදුවරු / බඹේ බුදුවරු ගොඩදෙනෙක් අපාගතවෙන බව මං කලින් දවසක් කිව්වා!!! තේරුණේ නැතුවද?? මං විහිලු කරනවයි කියල හිතුවද?? මන්ද.
කමක් නෑ. ඉතුරු කොටස තව ටික දවසකින් බලමු.
Reply With Quote
Reply

Bookmarks

Tags
ඌ හොද බෞද්ධයා, කල්‍යාණයෙක්, කිරිබත්ගොඩya, දකින්න බුදුදහම, දමිත් මාමා, දමිත් හොදයි, දමිත්ගේ වැදි බණ, බීලා නිවන් යැම., මම භෞතිකවාදී, මොංගල් දමිත්, යන්තං නිවන් ගියා, bhuddist kotiyek wage, damith කොට්යා, damith පිම්පියා, damith kariywasam kotiyek, damith=sanjeeme, joint damith, kiribathgoda ponnaya, love your neighbour, mahamewna sunamiya, moota mongal, pissan kotuwen awith, tag1, tag2, yanna onna menna

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.14721 seconds with 12 queries