ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ¤╬﹌ ජල්ලිකට්ටු , PETA සහ සත්ත්ව අහිංසා වාදය ﹌╬¤
Reply
 
Thread Tools
(#1)
Old
M a d d i e's Avatar
M a d d i e M a d d i e is offline
Senior Member
M a d d i e is a glorious beacon of lightM a d d i e is a glorious beacon of lightM a d d i e is a glorious beacon of lightM a d d i e is a glorious beacon of lightM a d d i e is a glorious beacon of lightM a d d i e is a glorious beacon of lightM a d d i e is a glorious beacon of lightM a d d i e is a glorious beacon of lightM a d d i e is a glorious beacon of lightM a d d i e is a glorious beacon of lightM a d d i e is a glorious beacon of light
 
Posts: 674
Join Date: Dec 2015
Location: ගොතම් නගරයේ
¤╬﹌ ජල්ලිකට්ටු , PETA සහ සත්ත්ව අහිංසා වාදය ﹌╬¤ - 06-07-2017, 04:15 PM



මචන්ස්ලා,

සෑහෙන කාලෙකට පස්සේ මැඩියා අද කොටන්න යන ටොපික් එක මෙතනින් කීයෙන් කී දෙනෙක්ට පත්තියන් වෙයිද දන්නේ නැහැ. නමුත්, (අනාගතයෙදි හෝ) මේ ත්‍රෙඩ් එක කියවන අපේ එකෙක්ට මේ විස්තරය වැදගත් වෙයි කියන අනුමානය උඩ තමයි අද ලිපිය ලියැවෙන්නෙ....!





සිද්ධියට පාදක වෙන ප්‍රදෙශය තමයි අපේ අසල්වැසි ඉන්දියාවේ අපිට සමීපතම ප්‍රාන්තය, "තමිල්නාඩුව". ("හරියටම හරි! අර...ර රේල් පාරේ ශරීර කෘත්‍ය කරන, කොටි හිතවාදියොන්ගේ දේසයම තමයි!! ඔය අතට ගත්තු කැති පොරෝ ටික පැත්තකින් තියලා පොඩ්ඩකට ටොපික් එකට එමුකෝ!") සමාන්‍යයෙන් "ගොන් පොර" එහෙමත් නැත්නම් "බුල් ෆයිටින්" කියපු ගමන් අපි කාටත් මුලින්ම මතක් වෙන රට තමයි ස්පාඤ්ඤය. අවුරුද්දේ ගොන්පොර පැවැත්වෙන කාල සීමාව වෙනකොට රටේ අගනුවර වෙන ලොකප්‍රසිද්ධ මැඩ්‍රිඩ් නගරය ස්ංචාරකයොන්ගෙන් පිරී ඉතිරෙන්න පටන් ගන්නවා. සංචාරක කර්මාන්තය අතින් ගත්තාහම ස්පාඤ්ඤයට අති විශාල මුදල් කන්දරාවක් උපයලා දෙන දෙයක් තමයි මේ ගොන්පොර කියන්නේ. මේ ක්‍රීඩා නැරඹීමට විතරක්ම නෙවෙයි මේ අය ඒ රටට එන්නෙ. ගොන්පොර වලට ස්පාඤ්ඤය තරම් ප්‍රසිද්ධ නැති ඒත්, ගොන්පොර පැවැත්වෙන ප්‍රංශය, මෙක්සිකෝව, වෙනිසියුලාව, පීරු, කොලොම්බියාව වගේ රටවල්වල දක්ෂ ක්‍රීඩකයිනුත් සෑම වසරකදීම මේ වෙනුවෙන්ම මැඩ්‍රිඩ් නගරය වෙත එනවා.



මේ සම්බන්ධව සජීවී අත්දැකීම් නොතිබුණත් ඩිස්කවරි වගේ නාලිකා හරහා අපි මේ දේවල් ඕනෑ තරම් දැකලා තියෙනවා. මේ තරඟාවලියකදි ගවයින් වගේම ක්‍රීඩකයෝත් සෑහෙන්න ප්‍රමාණයක් දරුණු තුවාල ලබලා මරණයට පත්වෙන බව අපි හැමෝම දන්න දෙයක්! ඉතින්, මේ නිසාම මීට පෙර ගොන් පොර තරඟ පැවැත්වුණු "ආජන්ටිනාව, කියුබාව, ඉතාලිය, ඩෙන්මාර්ක් කැනඩාව විතරක් නෙවෙයි අපේ රැජනගේ රට වෙච්චි මහා බිරිතාන්යයෙත්" මේ වෙනකොට ගොන්පොර තහනම්!! (ස්පාඤ්ඤයෙත් මේ වෙනකොට විරෝධතා මතුවෙලා තියෙනවා. හේතුව, සපාඤ්ඤයේ සෑඅම බුල්ෆයිටින්ග් තරඟයක් අවසානයේම ගවයෝ සිය ගණනක් වද විඳලා මරණයට පත්වෙනවා.)






ජාත්‍යන්තර මට්ටමින් මේ දේවල් මෙහෙම වෙනකොට, තුන්සිය හැටපස් දවසෙම අපිට බාල්දි පෙරලන අපේ අසල්වැසි තමිල්නාඩුවේත් මේ තරඟ පැවැත්වෙන බව ඇතැම් අය නොදන්නවා ඇති. ස්පාඤ්ඤය වගේ විශාල විදේශ විනිමයක් උපයන්න තරම් "තමිල්නාඩු ගොන්පොර" හෙවත් "ජල්ලිකට්ටු" ක්‍රීඩාව විදේශ රටවල් ඒ අතර ප්‍රසිද්ධ වෙලා නැහැ. තෛපොංගල් උත්සවයට සමගාමීව වසර දහස් ගණනක් තිස්සේ අති සාර්තකව පවත්වාගෙන ආපු මේ ජල්ලිකට්ටු ක්‍රීඩාව 2014 වර්ෂයේදී හිටි හැටියේම තහනමට ලක්වෙනවා! ලෝක ප්‍රකට සත්ත්ව අහිංසාවාදී සංවිධානයක් වන "PETA" (People for the Ethical Treatment of Animals) සංවිධානය ඉදිරිපත් කරන පෙත්සමක් සැලකිල්ලට ගන්න ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය තමයි මේ තීන්දුව දෙන්නේ!! චෝදනාව සත්ත්ව හිංසනය!!!



මීට සාක්ෂි විදිහට මේ අය වීඩියෝ පෙලක් අන්තර්ජාලයට මුදා හරිනවා! මේත් එක්කම සත්ත්ව හිංසනය ප්‍රතික්ෂේප කරන තමිල්නාඩු ප්‍රාන්තයේම (විශේෂයෙන්ම නාගරිකව වෙසෙන ) ජනතාවත් මේ අධිකරණ තීන්දුව හා එකඟ වෙනවා......!




මේ තීන්දුවට අවුරුදු 3ක් ගෙවෙන තැන ආයෙමත් සැරයක් මේ මාතෘකාව කරලියට එනවා. බහුතරයක් පිරිස "ජල්ලිකට්ටු සංදර්ශන එපා!" කියනකොට, බොහෝම සුළු පිරිසක් "අධිකරණ නියෝගයට එරෙහිව හෝ මේ උත්සවය පැවැත්විය යුතුයි!!" කියන තැනට වාද කරනව. සමාජ ජාලා වෙබ් අඩවින් ඔස්සේ උණුසුම් විදිහට ඇදෙන මේ ප්‍රශ්නය සුපුරුදු පරිදිම ජන මාධ්‍ය අතරට ගියා! රටේ අතිමහත් බහුතරය "PETA" සංවිධානයට පක්ෂව ඉදිරිපත් වෙනකොට ඊට එරෙහි සුළු පිරිස නිර්භයව තමන්ගේ මතය වෙනුවෙන් පෙනී සිටිනවා!!!



ඔය කියන කයි කතන්දර සියල්ලම පැත්තකින් තියලා අපි නිකමට බැලුවොත් මේ ජල්ලිකට්ටු ඉතිහාසය ගැන, මේ ක්‍රීඩාව ක්‍රි:පූ:400ත් ඔබ්බට ගිය දැවැන්ත ඉතිහාසයකට උරුමකම් කියනවා. සරලවම ගත්තොත් ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයේ ආරම්භයේ ඉඳන්ම වගේ ගවපාලනය කියන දේ පැවත ගෙන ආ දෙයක්. උදාහරණයක් විදිහට දකුණු ඉන්දියාවේ පුරාණ ශෛල ස්ථම්භ වල පවා මේ ක්‍රීඩාව නිරූපණය වෙන ගල් කැටයම් දකින්න පුලුවන්! කොටින්ම කිව්වොත් ආසියානු රටවල අපිට ගවයා කියන සත්ත්වයා සෞභාග්‍යයේ සශ්‍රීකත්වයේ සංකේතයක්. "ගව මහීෂාදී සම්පත්" වගේ යෙදුම් වලින් පෙනෙන දෙයක් තමයි කෙනෙක් සතු ගවයින් ප්‍රමාණය, ඒ පුද්ගලයාගේ වත්කම පවා තීරණය කරපු ප්‍රධාන සාධකයක් බව.....!! ඉතින්, කෘෂිකාර්මක ජීවන රටක් පදනම් කරගත්තු ආසියානු රටවල අපිට, අස්වනු නෙලන කාලය කියන්නේ නිතැතින්ම උත්සව කාලයක් බවට පත්වෙනවා. උතුරු ඉන්දියාවේ "ලොහ්‍රි" උත්සවය, නේපාලයේ "වසන්ත් පන්චමී" උත්සවය, පන්ජාබයේ "වෛසාඛ්" උළෙලත් ඒ වගේම ලංකාවේ "බක් මහ මංගල්‍යයටත්" පාදක වෙන්නේ මේ අස්වනු මංගල්‍යයම තමයි. ලංකාවේ වගේම තමිල්නාඩුවේ වෙසෙන හින්දු ජනතාවගේ අස්වනු මංගල්‍යය තමයි "තෛපොංගල් උත්සවය" කියන්නේ. ඒ උත්සවයට සමගාමීව තමයි මේ ජල්ලිකට්ටු උළෙල පවත්වන්නේ......!



අවුරුදු දහස් ගණනක් තිස්සේ පවත්වාගෙන ආවත් මේ සඳහා මේ යැයි සම්මත වෙච්චි නීතිරීති තිබුණේ නැහැ. සමහර තැන්වලදි ගවයෝ මැරුණා. සමහර තැන්වලදි මිනිස්සු මැරුණා. මේකට විසඳුමක් විදිහට 2009දි තමිල්නාඩු රජය මේ ක්‍රීඩාවට නීති රීති වගයක් පනවනවා. (ඊට කලින් ජල්ලිකට්ටු ක්‍රීඩාව ගැන තියෙන මිත්‍යා මත කිහිපයක් පැහැදිලි කරලා ඉන්නම්.)
සාමාන්‍ය ජනතාව මේ ක්‍රීඩාවට විරුද්ධ වෙන්න ප්‍රධානම හේතුව තමයි "සිනමා මානසිකත්වය"!



බොහෝ වෙලාව්ට ටැමිල් මුවීස් වල මේ සම්බන්ධව පෙන්වන දෙයක් තමයි, "ජල්ලිකට්ටු පිටියට ගේන දරුණුම සතාව අරන් එන්නේ ෆිල්ම් එකේ දුෂ්ටයා! ඔන්න මූව ලිහලා එවනවා ග්‍රවුන්ඩ් එකට!! තරඟකරුවෝ හතරපස් දෙනෙක් හරකා අතින් චකබ්ලාස්ට් වෙලා උස්සන් යනවා!!! ස්ටේජ් එක උඩ ගාම්භීරව ඉඳගෙන ඉන්න දුෂ්ටයා නැගිටලා නිවේදකයාගෙන් මයික් එක උදුර ගන්නවා!!!! (නිවේදකයා කොමඩි ටයිප් පොරක්) ඊට පස්සේ "මගේ හරකාව මෙල්ල කරන්න පුලුවන් පිරිමියෙක් තොපේ ගමේ නැද්ද?" කියලා මහා හයියෙන් කෝචොක් හිනාවක් දානවා.........!!!!!!
දත් මිටි කකා ඒ දිහා බලන් ඉන්න හිච්චෙක් කේන්තියෙන් ඒ ද්හා බලන් ඉඳලා එකපාරටම දුවලා යනවා! ඔන්න! දැන් තමයි වීරයා සටනට එන්ටර් වෙන්නේ!! ස්ටෙප් බයි ස්ටෙප් කොල්ලගේ ආර්ම්ස් දෙක, පපුව, ඇ% දෙක ආදී වසයෙන් ස්ලෝ මෝසන් පෙන්නලා අන්තිමට මූණත්තහඩුව පෙන්නනවා ) වීරයා හරකගේ අං තට්ටුව අල්ලනකොට හරකා ඌව අල්ලලා වීසි කරනවා!!! දුෂ්ටයාගෙ කින්ඩි හිනාව ක්ලෝස් අප් එකකින් පෙන්නනවා!!! දෙවෙනි පාර අල්ලලා වීසි කරනවා!!! බයෙන් තක්බීර් වෙච්චි ෆිල්ම් එකේ කෙලි පොඩ්ඩගේ මූණ පෙන්නනවා!!! තුන්වෙනි හතරවෙනි පාර වීසිවෙනකොට ගමේ අවසේස වැසියොන්ගේ නස්පුක් ෆේස්කට් සෙට් එක පෙන්නනවා!!!! ඇන්තිමේදි හරකාගෙන් වදින මාරාන්තික පාරකින් කොල්ලගේ ලේ හෙල්ලෙනවා!!! සෙට් එක අතරේ ඉන්න කොල්ලගේ අම්මයි, නංගියි, කෙල්ලයි ඇතුලු ගමේ උදවිය අත්දෙක අහසට දික් කරලා දෙවියන් යදිනවා පෙන්නනවාත් එක්කම කොල්ලා නැගිටිනවා!!!!
(හරකාගේ කකුල් ලෙවල් එකේ ඉඳන් කැමරාව ඉහලට එනවා, කොල්ලා නැගිටින ස්පීඩ් එකටම,) වීරයා තමන්ගේ තොල අතගාලා බලනකොට ලේ එනවා!! ඉතින්, කොල්ලාට තදවෙනවා පින්වතුනි! ඊට පස්සේ වේගයෙන් තමන් දිහාට දුවගෙන එන හරකා දිහා රෞද්‍ර විදිහට බලන් ඉන්න වීරයා, හරකාව අං දෙකෙන් අල්ලලා එතනම දණ ගස්වනවා.........!! (ඊට පස්සේ කස්ටිය කොල්ලාට මල්මාල දානවා. දුෂ්ටයා කිච වෙලා ඔරවගෙන නැගිටලා යනවා. ඕපනින් සෝන්ග් එක එනවා..... ඒවා වෙනම සීන්ස්) මේ තමයි මචෝ සිනමාවේ බුල්ෆයිටින්!!!!"





නමුත්, සැබෑ ජල්ලිකට්ටු වලදි තත්ත්වය හාත්පසින්ම වෙනස්.....!

  • සමාන්යයෙන් මේ උත්සවය පැවැත්වෙන්නේ දේවාල භූමියක. තරඟය පවත්වන්න මාස කිහිපයකට කලින් තරඟ සංවිධායකයෝ අදාල නිලධාරීන් මුණ ගැහිලා අවසර ගන්න ඕනි. එතනදි, තරඟයට සහභාගී වෙන තරඟකරුවන්ගේ නම් ලියාපදිංචි කිරීම සිද්ධ කරනවා!
  • තරඟය පැවැත්වෙන්න කලින් ඒ තැනට දිසාපති කාර්යාලයේ නිල්ධාරීන්, රජයේ වෛද්‍යවරු සහ පශු වෛද්‍යවරු, මහජන සෞඛ්‍ය නිලධාරීන් වගේම ප්‍රදේශය භාර පොලිස් ප්‍රධානීන් පවා පැමිණෙනවා!!


  • තරඟ පිටියට යවන්න සූදානම් කරලා තියෙන ගවයින්ව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ පරීක්ෂණයට භාජනය වෙනවා. සතා අසනීප තත්වයකින් පෙලෙනවා ද බලන්න රුධිර පරීක්ෂාවක් කරනව. ඌට මත්පැන් පොවලා තියෙනවා ද බලන්න ස්වස පරීක්ෂාවකුත් කරනවා. ඇඟේ මිරිස් තවරලා වද දීලා තියෙනවා ද කියලා හොයලා බලනවා. ඒ ඒකකින් හෝ ෆේල් වුණොත් සතාව පිටියට යවන්නේ නැහැ. කොටින්ම කිව්වොත් හොඳ සෞඛ්‍ය ත්වයකින් ඉන්න නිරෝගී ගවයන්ට විතරයි අනුමැතිය ලැබෙන්නේ. (තව දෙයක් කියන්න ඕනි. අං තට්ටුව ගොඩාක් තියුණු සත්තුන්ටත් අවසර ලැබෙන්නේ නැහැ.) අනුමැතිය ලැබුණ ගවයින්ගේ බෙල්ලේ "ටෝකන්" එකක් එල්ලනවා. උගෙ අංවල කහ පාට තීන්ත වලින් ළකුණු කරනවා. මේ ඔක්කෝම පරීක්ෂණවලින් පස්සේ ගවයින්ව "වාඩි වාසල්" එහෙමත් නැත්නම් "ස්ටාර්ටින් ගේට්" එක ලඟට ගෙනියනවා"!!!


  • ඊලඟට පරීක්ෂාවට ලක්වෙන්නේ තරඟ කරුවොන්ව, මේ අය කිසිම කෙනෙක් මත්පැන් පානය කරලා ඉන්න බැහැ. මනා සිහියකින් සිටින නිරෝගී කෙනෙක් වෙන්න ඕනි. (මේ උත්සවය හින්දු අයගේ ආගමත් එක්ක බැඳුණු උත්සවයක් නිසා තරඟකරුඕ පේවීම අනිවාර්යයි. පේවෙනවා කියන්නේ රජෝ මස්/මාළු පිලී කෑම, රා අරක්කු විතරක්ම නෙවෙයි ඕං!! අර අහවල් ජීව විද්‍යාතමක කාරියත් තහනම්!!! සතියක්ම ඉවසන් ඉන්න වෙනවා!!!! එතකොට නම් ගොඩ්සිලා එක්කත් ගේම ඉල්ලන යකා මූඩ් නේ!!! ඉතින්, බුල් ෆයිටින් කජ්ජක්ද බොල? )


  • ඔන්න දැන් ගවයින්ව අර කලින් කියපු ස්ටාර්ටින් ගේට් එක ලඟට ගේනවා. දැන්ම තරඟකරුවොන්ට පිටියට බහින්න දෙන්නේ නැහැ. මොකද මේක තමයි ගමේ සංවිධායකයෝ සතාව පරීක්ෂා කරලා බලන තැන. එතනදි, හරකාගේ නාස් ලණුව කපලා ඉවත් කරනවා!!!!! (තමන්ගේ නාස් ලණුව කපන කොටම හරකා අත්දැකීමෙන් වගේ රෙඩි වෙලා ඉන්නේ. )




  • ස්ටාර්ටින්ග් ගේට් එක ඕපන් කරපු ගමන් සතා එලියට දූවගෙන එනවා. ගේට්ටුව ඇරුණත් එක්කම තියෙන්නේ හොඳට ඉඩ තියෙන අඩි 50ක් විතර පළල මීටර් 100ක් දිග ධාවන පථයක්. (ෆිල්ම් වල වගේ දඩාර් සයිස් ග්‍රවුන්ඩ් එකක් නෙවෙයි!) ඒ ධාවන පථය අවසානයේ තියෙනවා කොඩියක්. ජල්ලිකට්ටු ගවයින්ගේ හැසිරීම් රටා අනුව උන්ව වෙන් කරනවා. උදාහරණයක් විදිහට ගත්තොත් විදිල්ල වගේ දුවන සතෙක් නම් ඌව අත ඇරපු ගමන් ඌ දුවන්න ඔනි අර කොඩිය සීමාව වෙනකම්! (මේ එක ක්‍රමයක්!) එහෙමත් නැතුව, බොහෝම වේගයෙන් අහසට පණින, බඹරය වගේ කැරකෙන වර්ගයේ ගවයෙක් නම්, ගේට්ටුව ඇරපු ගමන් ඌ එලියට ඇවිත්, ඉහලට පනින ගමන් වට තුනක් කැරකිලා පෙන්නන්න ඕනි!! (මේ දෙවෙනි ක්‍රමය!!) මේ අභියෝගය ජයගන්න සත්තු තරඟයට පූර්ණ සුදුසුකම් ලබනවා.


  • දැන් තරඟය ආරම්භ වෙනවා! සුදුසුකම් ලබපු ක්‍රීඩකයෝ ධාවන පථයට අවතීර්ණ වෙලා ඉන්නේ......!!!!!!!



දැන් තරඟයේ ජය පැරදුම තීරනය වෙන්නේ කොහොමද? ෆිල්ම් වල වගේ හරකගේ අං වලින් අල්ලලා දන ගස්සනවා ද?? නැත්නම් එක පාර දහ පහලොස් දෙනාම හරකගේ ඇඟට පැනලා උගේ මොල්ලිය හපලා, වලිගේ අබරලා, ඇ% දෙක මිරිකලා ඌව නොකවුට් කරලා දානවා ද??? මොකද හිතෙන්නේ...........??????!!!!


මචන්, පොදුවේ "ජල්ලිකට්ටු ක්‍රීඩාව" කිව්වාට මේ ඉන්දියානු ගොන්පොර ආශ්‍රිතව බිහිවුණු (අර කලින් කිව්වා වගේ සතාගේ හැසිරීම් රටාව අනුව, වගේම ප්‍රදේශය අනුව,) එකිනෙකට වෙනස් ක්‍රීඩා විධි කිහිපයක්ම තියෙනවා. එතනින් ප්‍රධාන ශෛලීන් 3 ගැන විතරක් විස්තර කරන්නම්......!

1.) වාඩි මන්ජු විරට්ටු:- මේ ක්‍රමයේදි ගවයාව රිලීස් කරපු ගමන් හරකා අර ධාවන පථය හරහා දුවන්න ගන්නවා. මේ අතර තුර ලැබෙන චාන්ස් එකෙන් තරඟකරුවා කොහොම හරි ගවයාගේ මොල්ලියේ එල්ලෙන්න ඕනි. (මොල්ලිය විතරමයි අල්ලන්න පුලුවන්. අං තට්ටුව, වල්ගය අල්ලෙන්න බැහැ. ) එහෙම මොල්ලියේ එල්ලෙන තරඟකරුවා. එක්කෝ "මීටර් 15ක්" දුර නොවැටී එල්ලිලා යන්න ඕනි! නැත්නම්, තත්පර 30ක කාලයක් නොවැටී එල්ලිලා ඉන්න ඕනි!! එහෙමත් නැතුව, අර වේගෙයෙන් ඉහලට පනින ටයිප් එකේ සතෙක් නම්, ඒ වගේ අහසට පනින (විශාල,) පිමි 3ක් දක්වා නොවැටී මොල්ලියේ එල්ලිලා ඉන්න ඕනි!!!! මේ තුනෙන් එකක් හෝ කරන්න පුලුවන් වුණොත් තරඟකරුවා දිනුම්.....!! ඊට කලින් හරකා අර කොඩියේ සීමාව පසු කලොත් දිනුම ඌටයි.........!!!



2). වෙලි විරට්ටු:- මෙතැනදි, සතාගේ බෙල්ලේ පුංචි ගෙජ්ජි වැලක් එල්ලලා තියෙන්නේ. ස්ටාර්ටින් ගේට් එක ඇරලා ගවයා නිදහස් කරපු ගමන්ම ඌ පිටිය මැද්දට දුවගෙන එනවා! (මේකට තෝර ගන්නේ අර දෙවෙනි ටයිප් එකේ සත්තුන්වයි. ඒ අතරිනුත් සෙල්ලමට බර නාම්බොන්ව තමයි ගන්නේ....! ) ඉතින් ඌ අර සීමාව පහු කරන්න කලින් උගේ බෙල්ලේ තියෙන අර ගෙජ්ජි වැල ගලවා ගන්න ඕනි!!!!



3). වාඩම් මන්ජු විරට්ටු:- මේ ක්‍රමය ටිකක් කබඩි ටයිප් එකේ සෙල්ලමක්! තරඟ කරුවන් 7-9 අතර ප්‍රමාණයකට විතරයි තරඟ වදින්න පුලුවන්! පිටිය මැද උස කණුවක් හිටවලා තියෙනවා. හරකාව බැඳලා තියෙන්නේ ඒ කණුවේ. කඹයේ දිග අඩි 50යි. හරකා ඒ කණුව වටේ දුවණවා. නිශ්චිත කාලයක් ඇතුලත් කණ්ඩායමේ සාමාජිකයෝ 7දෙනා හෝ 9දෙනා අර ගවයාව නවත්තන්න ඕනි.....!!! (මේ ක්‍රමය ආධුනික අයට වඩාත්ම සුදුසුයි වගේ. මොකද හානිය ඉතා අවම නිසා!!)



මොකද හිතෙන්නේ?! ඉන්දියානු ගොන්පොර කියන්නේ බොලා හිතපු එකම නෙමෙයි නේද......??!


*** මෙතන ඉතා වැදගත් දෙයක් කියන්න ඕනි. කෙනෙකුට හිතෙන්න පුලුවන් එක ගවයෙකුගේ ඇඟේ මිනිස්සු දහ පහලොස් දෙනා එල්ලෙනකොට ඒ සතා සෑහෙන වදයක් විඳිනවා ඇති කියලා...! ඒත් මේ තරඟවලට යොදා ගන්න කාන්ගයම්, පුලිකුලම් වගේ ගව වර්ග වල (ලංකාවේ දේශීය ගොන් වර්ග වල වුණත්) පිරිමි සතෙකුගේ දරා ගැනීමේ හැකියාව මෙට්‍රික් ටොන් 1ත් ඉක්මවනවා! ඉතින් කිලෝ පන්සීයයක් වගේ බරක් උන්ට අදින්න පුලුවන් ගේමක් නැතුව!! අනික මේ අතරින් අවසන් ක්‍රීඩා ශෛලිය හැරුණුකොට අනෙක් සෑම ක්‍රීඩා ඉසව්වකදීම "වරකට ගවයාගේ මොල්ලියේ එල්ලේන්න අවසර තියෙන්නේ එක් තරඟ කරුවෙකුට පමණයි" එකවර දෙදෙනෙක් ගවයාව ඇල්ලුවොත් තරඟකරුවන් දෙදෙනාම ඉවත් කෙරෙනවා!!!

හරි!! කොහොමින් කොහොම හරි තරඟ ඉවර වුණා කියමුකෝ.....! දැන් කස්ටිය තෑගිත් අරන් හරකාවත් එක්කන් (දවස් හතේ ඇරියස් එක අල්ලන්න සමහන් පැකට් වැලකුත් අරන්) ගෙදර යනවා ද??? කොහෙත්ම නැහැ! තරඟාවලිය අවසන් වූ වහාම ඊලඟ විනාඩි 60 ඇතුලත කිසිම තරඟ කරුවෙක්ට හෝ ගවයෙක්ට තරඟ භූමියෙන් පිටත් වීම සපුරා තහනම්!!!


ආයෙමත් වතාවක් ගවයින්ව සහ තරඟකරුවන්ව වෛද්‍යවරු අතින් පරික්ෂාවට ලක්වෙනවා....!

කිසිම ගවයෙක්ට තුවාල වෙලා, හපලා, හූරලා තියෙන්න බැහැ!!


ජල්ලිකට්ටු ගවයෙක්ගේ ලේ බින්දුවක් හෝ පොලොවට වැටුණොත් ඒක ගමට විපත්තිදායක වෙන බවට විශ්වාසයක් තියෙනවා. ඒ නිසා හැමෝම උපරිම ප්‍රවේසම් වෙනවා! (තරඟකරුවොන්ට නම් තුවාල කර ගත්තාට අවුලක් වෙන්නේ නැහැ! )


(මේ හැම ඉවෙන්ට් එකක්ම මුල සිට අග දක්වාම රාජ්‍ය නිලධාරීන්ගේ මැදිහත් වීම මත වීඩියෝ ගත කෙරෙනවා, වගේම ඒ වීඩියෝ පට සියල්ලම අදාල ක්‍රීඩා සංවිධානයේ නමින් වාර්තාගත් කරලා සුරක්ෂිතව තියෙනවා. මේ එකම නීතියක් හොහෝ උල්ලංඝනය කෙරුණොත් ඊලඟ වසරේ ඒ ප්‍රදේශයේ අය ජල්ලිකට්ටු උත්ස පවත්වලා හමාරයි!!!)

එහෙනම් ඇයි අප්පා මේ "PETA" එකට තද වෙලා තියෙන්නේ???






Last edited by M a d d i e; 06-08-2017 at 08:36 AM.
Reply With Quote
(#2)
Old
M a d d i e's Avatar
M a d d i e M a d d i e is offline
Senior Member
M a d d i e is a glorious beacon of lightM a d d i e is a glorious beacon of lightM a d d i e is a glorious beacon of lightM a d d i e is a glorious beacon of lightM a d d i e is a glorious beacon of lightM a d d i e is a glorious beacon of lightM a d d i e is a glorious beacon of lightM a d d i e is a glorious beacon of lightM a d d i e is a glorious beacon of lightM a d d i e is a glorious beacon of lightM a d d i e is a glorious beacon of light
 
Posts: 674
Join Date: Dec 2015
Location: ගොතම් නගරයේ
06-07-2017, 04:15 PM

මේ ජල්ලිකට්ටු වගේ තරඟයක් මතුපිටින් දකින ඕනෑම කෙනෙක්ට පෙනෙන්නේ, මේක හුදෙක් ත්‍රාසජනක ක්‍රීඩාවක් හැටියට විතරයි! නමුත්, මේ ක්‍රීඩා උළෙලත් එක්කම මිලකල නොහැකි වටිනා මෙහෙයක් සිද්ධ වෙනවා......!!! හිතාගන්න පුලුවන්ද මොකක්ද කියලා...???!



මචන්, මේ ජල්ලිකට්ටු තරඟ වලට යොදා ගැනෙන්නේ ඒ රටටම ආවේණික හරක් වර්ගවල පිරිමි සත්තුන්ව විතරමයි! මේ තරඟ වලින් ජයග්‍රහණය කරන සත්තු තමයි ඊලඟ වර්ෂය පුරාම "අභිජනනය" සඳහා යොදා ගැනෙන්නේ!!!
උදාහරණයක් හැටියට ගත්තොත්, ගවයෙක්ව අයිති වෙන්නේ එක්කෝ මනුෂ්‍යයෙකුට නැත්නම් කෝවිලකට. (මේ කෝවිල්වල ඉන්න් හරක් කිසිම කෙනෙක් හිංසා කරන්නේ නැහැ! හේතුව, ඌ අයිති දෙවියන්ට නිසා. ඉන්දියාව පුරාම මේ විදිහේ ගවයෝ ඉන්නවා. ගෙජ්ජි එල්ලගෙන බොහොම උජාරුවට පාරවල් ගානේ උන් ඇවිදිනවා. හවස් වෙනකොට ආපහු කෝවිලට එනවා. හිඟන්නෙකුට සත පහක් නොදෙන මිනිස්සු පවා මේ ගවයින්ට රොටියක් කවන්න අමතක කරන්නේ නැහැ! ලංකාවේ මේ හිටපු හරක්ට තමයි "පිං" ගොන්නු කියන්නේ. අපේ රටේ නම් මේ වෙනකොට දියවන්නාවේ සහ ඇතැම් රාජ්‍ය ආයතන වල ඉතුරු වෙලා ඉන්න සෙට් එක හැරුණු කොට, කකුල් හතරේ එවුන් නම් නැත්තටම නැති තරම්! වැඩක් කරගන්න උන්ගේ ඔෆිස් වලට යන මිනිස්සු හිතෙන් ඕකුන්ගේ අම්මලාට අභිජනනය කොරන ගමන් තමයි ආපහු හැරිලා එන්නේ!!) ඉතින්, මේ අතරින් ජයග්‍රහණය කරන ගවයින්ව "අහවලාගේ හරකා" නැත්නම් "අහවල් කෝවිලේ අහවල් නම තියෙන හරකා" විදිහට නෝට් කරලා තියා ගන්නවා!! ඉස්සර කාලේ ඉන්ජෙක්ෂන් හරහා කෘතිම ගැබ්ගැන්වීම් කෙරුවේ නැහැ! නිසි කාලය එනකොට එලදෙන්නු ඇති කරන කිරි ගොවියෝ දෙනුන්වත් අරගෙන යනවා ජයග්‍රාහී ගවයෙක් ඉන්න අයිතිකාරයා හොයාගෙන. හරක්ව පට්ටි දම්මන්න! (ඔව්! ඔව්! ඒ වැඩේට තමයි!!) ඉතින්, එහෙම ඉපදෙන පැටවු නීරෝගී වගේම බොහෝම ශක්තිමත් ගවයෝ බවට පත් වුණා!!! වසරක් පාසා කෙරෙන මේ ක්‍රමය නිසා දේශීය ගවයින්ගේ පෙලපත ආරක්ෂා වුණා........! ඉතින්, ජල්ලිකට්ටු තරඟ වලට ගේම දුන්නොත් මොකද වෙන්නේ......??? දේශීය ගවයින්ගේ පැවැත්ම එතනින්ම නතර වෙනවා!!!




ඒ වෙනුවට ආදෙශ වෙන්නේ විදේශ රටවලින් නැව් පිටින් ආනයනය කරන "ජර්සි" වගේ දෙමුහුන් හරක්! (හරක් කිව්වාට බොහෝ විට ගෙන්වන්නේ දෙනුන්ව විතරයි.) සාමාන්‍යයෙන් ඒ කාලේ ගම ගේක හැදෙන හරකාව ගොවියා කුඹුරට හේනට යනකොට අරන් යනවා. ඌව ගැට ගහන්නේ තමන්ට පේන සීමාවක හොඳට තණකොල තියෙන බොන්න වතුර තියෙන තැනක! හවස් වෙනකොට වැඩ අහවර වෙච්චි ගොවියා වතුරට බැහැලා හරකවත් නාවලා තමනුත් නා කියාගෙන හරකාවත් දක්කගෙන ගෙදරට යනවා.....! සමහර වෙලාවට හරකාව නිදැල්ලේ අත් ඇරියාම ඌ හිතේ හැටියට තමන්ට කැමති තැනකින් තනකොල කාලා "ගොම්මන් වෙලාවට" (තේරුම වාක්‍ය ඇතුලේම තිබේ.) ගෙදරට එනවා!! ඉතින් මේ සතාව නඩත්තු කරන්න අමුතු මහන්සියක් ගන්න ඕනි නැහැ ඌත් ගෙදරම සාමාජිකයෙක් වගේ හදුණා! නමුත්, මේ ජර්සි වගේ විදේශ ගවයින්ව නඩත්තු කරන එක නම් ඒ තරම් ලේසි පහසු වැඩක් නෙවෙයි! මොකද, මේ සත්තුන්ව ලංකාවේ සාමාන්‍ය පරිසරයට හුරු කරන්න අමාරුයි. දේශීය ගවයින් ලේඩ රෝග වලට බොහෝම හොඳට ඔරොත්තු දුන්නාට ජර්සි ගවයින් එහෙම නැහැ! උන්ට ලෙඩකදි ප්‍රතිකාර කරන එකත් සෑහෙන්න වියදමක් යන වැඩක්!! (ගමේ හරක් වෙදාගේ බෙහෙත් උන්ට අරහං) ගැබ් ගන්වන න්වාරයක් පාසා ඉන්ජෙක්ෂෙන් මිලදී ගන්න වෙනවා! ඉතින්, ගමේ සාමාන්‍ය ගොවි ගෙදරකට මේ සත්තු ගැලපෙන්නේම නැති තරම්!!!



දේශීය ගවයෝ සහ විදේශීය ගවයෝ අතර වෙනසත් හරියට නැවෙන් ගේන බූල් බල්ලයි ලංකාවේ වල් බල්ලයි අතර වෙනසම තමයි. දරා ගන්න බැරි තරම් ඉහල මිලකට මිලදී ගන්න ගොඩාක් පොෂ් බල්ලෝ අපේ රටවල දේශගුණයට ඔබින උන් නෙවෙයි. ආරක්ෂක අංශවල වැඩ කටයුතු වෙනුවෙන් ගෙන්වන බලු වර්ග හැරුණු කොට ලංකාවේ බොහෝමයක් ගෙවල්වල මිල අධික බල්ලෝ ඇති කරන්නේ තමන්ගේ තත්ට්වය පෙන්වන්න මිසක් විශේෂ හේතුවකට නෙමෙයි! මෙතනින් ගොඩක්ම පවු සාමාන්‍ය මධ්‍යම පාන්තික ගෙවල් වල හැදෙන විදේශීය බල්ලෝ!! ඩෝග් ෆුඩ්ස් තියා හරිහමන් කිරි ටිකක් වත් නැතුව ඔහේ ගෙදර මිනිස්සු දෙන දෙයක් කාලා ඉන්න ඒ සතා හුරු වෙනවා!!! ගෑණු සතෙක් නම් අහවල් සීසන් එකට නරියෙකුට හරි හමන්නලා පැටවු ටික හොඳ ගානකට විකුන ගන්නවා!!!! (හැමෝම නෙවෙයි.)
නමුත්, ලංකාවේ සාමාන්‍ය බල්ලෙක්ට මේ ප්‍රශ්න නැහැ! අපි කන බතුයි පරිප්පුයි ඌත් කනවා!! පාන් වාටිය දැම්මොත් ඒකත් කනවා!!! ලෙඩරෝග කතා ලොකුවට නැහැ!!!! අල්ලපු ගේක කුස්සියට රිංගලා කොසු පාරක් කෑවත් වැඩිම වුනත් සතියක් කකුල ඇද ඇද යයි!!! සතියෙන් ලෙඩ නිවාඩු කැන්සල්!!!! ගෙදර කොල්ලාටයි උටයි මහාලොකු වෙනසක් නැහැ!!!!


මාතෘකාවෙන් චූට්ටක් එහාට ගියත් මේ උදාහරණය ගත්තේ රටකට ආවේනික සත්තුයි අතර පැහැදිලි වෙනස පෙන්වන්නයි! (ඒ හැරුණුකොට ලෝකේ කොහෙ ඉපදුණත් බල්ලෝ ස්වාමියාට පෙන්වන ආදරයේ කිසිම අඩුවක් නැති විත්තිය මැඩියා බොක්කෙන්ම දන්නවා......!!!) ආයෙමත් ටොපික් එකට හැරෙමු!

ඉතින්, මේ ජර්සි වගේ විදේශ ගවයින්ව නඩත්තු කිරීම මෙච්චරම අමාරු නම් ඇයි අපේ මිනිස්සු උන්ව මිලදී ගන්න පෙලඹුනේ? සරලම උත්තරය දේශීය දෙනුන්ට වඩා වැඩි කිරි ප්‍රමාණයක් ලබා ගන්න තියෙන හැකියාව. ඔව්! ගොඩාක් වෙලාවල අපේ ආසියාතික රටවලට ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වගේ රටවලින් ගෙන්වන මේ දෙමුහුන් හරක් වර්ග කිසිම දවසක ස්වාභාවික පරිසර රටාවකට හැඩගැස්වුණු සත්තු නෙමෙයි. ත්වත් උදාහරණයකින් කිව්වොත් "ෆාම් කුකුල්ලු" වගේ! කෘතිමව බිත්තර රක්කනවා!! දවස පුරාම කෑම දාලා දාලා දවස් 45යි. පැටියා ලොකු වෙනවා!! කුකුලා කෙලින්ම මස් කඩේට. කිකිළියෙක් නම් මැරෙන කම් බිත්තර දාලා අන්තිමට කරි චිකන් වෙනවා!!! නමුත්, නිකමට මතක් කරලා බලපන් "ගම් කුකුල්ලුන්ව". ඉන්නේ රංචුව පිටින්! බිත්තර රකින්නේ කිකිළි!! පැටවු ඉපදෙන්නේ ස්වාභාවිකවයි!!! පැටවුන්වත් වටකර ගත්තු කිකිළි උන්වත් එක්කරගෙන වත්ත වටේම පහුරු ගගා ඇවිදිනවා. ගෙදර මිනිස්සු උන්ට මොන කෑම දැම්මත්, උන් කෑම හොයාගෙන කන එක නතර කරන්නේ නැහැ! වැදගත්ම දේ තමයි එක්තරා වයසකදි මේ සත්තුත් සහකරුවෙක් එක්ක එකතු වෙනවා!! උණුත් ආදරය කරනවා!!!! ඒ සතාගේ ජීවන රටාව කැලේ හැදෙන අනිත් කුරුල්ලෝ වගේමයි!!! වෙනසකට තියෙන්නේ ඌ මිනිස් ඇසුරක හැදෙන එක විතරයි!!! ඕෆ් ටොපික් ගියා වගේ පෙණුනාට මැඩියා කියන්න හදන කතාව බොලාට තේරෙනවා ඇති.....!!!!!



ඉස්සර කාලේ ගෙදරක එක එලදෙනක් ඇතිකරන ගෙදරක් කවමදාකවත් බඩගින්න කියන දේ අත් වින්දේ නැහැ මචන්! ඒ එලදෙන මුලු පවුලටම කෑම දුන්නා!! මචන්ස්ලා, අපි කිරි තේ කෝප්පයකින් දවස ආරම්භ කරන මිනිස්සු! මව්කිරි බීම නවත්තලා ඝන ආහාර වලට හුරු වෙච්ච දා ඉඳලාම අපි උදේ පාන්දර කිරි වීදුරුවක් හිස් බඩට හලා ගන්න පුරුදු වෙලා!! ඕස්ට්‍රේලියාවේ දෙනුන්ගෙන් දොවා ගත්තු, නවසීලන්තේ දෙනුන්ගෙන් ගත්තු නැවුම් කිරි කියලා ඇලක් ගාව තනකොල කන චොක්ලට් පාට, සුදු පාට දෙන්නු රැළක් පෙන්නනකොට, කිරි තියා උන්ගෙ ගොම පැකට් කරලා එව්වත් උඩ දාගෙන ගන්න සයිස්!!! ජර්සි වගේ දෙනුන් කොච්චර වැඩි කිරි ප්‍රමාණයක් දුන්නත්, මේ කිරිවල සීනි ප්‍රමාණය වැඩි බව හොයාගෙන තියෙනවා!! (මේ කතාව ජල්ලිකට්ටු වෙනුවෙන් පෙනී හිටපු වෛද්‍යවරු තහවුරු කරපු දෙයක් මිසක් මැඩියාගේ හිතලු නෙවෙයි.) ඉතින්, මනුස්සයෙක් ළදරු අවධියේ ඉඳන්ම දවසට දෙවේල ගානේ මේ කිරි පානය කරනකොට මොකද වෙන්නේ?? එක්තරා සීමාවකදි අදාල මනුස්සයා දියවැඩියා රෝගයට ගොදුරු වෙනවා මයි!!! ඇත්තම කිව්වොත් "මේද රහිත කිරි" නමින් වෙළඳපොලට එන කිරි පිටිවල ඇත්තම කතාව තමයි. ඒ පිටිවල මේදය නැහැ. නමුත් දෙගුණයක් වැඩිපුර සීනි මිශ්‍රයි!!! (නිකමට හිතපන්! කිරිපිටි කනකොට දැනෙන පැණිරස එළකිරි වීදුරුවක් බොනකොට එන්නේ නැත්තේ ඇයි?? ඔය ඉවත් කලා කියන මේදයත් චීස්, බටර් නමින් කැරකිලා ආයෙමත් එන්නේ ඒ වෙළඳ පොලටම නේද???) මෙතන ඉන්නවානම් අත උස්සපන් ගෙදරට "හයිලන්ඩ්" කිරිපිටි ගේන එකෙක්! කවුද බන් ඔය ජරාව ගෙයි හතර මායිමට ගේන්නේ? කටේ තියන්න බැරි ජරාව! ඒ තමයි මචෝ අපේ රෙද්ද පල්ලේ ප්‍රෞඩ ලාංකිකත්වය!! මේ කතාව මැඩියාගේ ගෙදරටත් අදාලයි!!!



ලාවට අප්සට් වගේද? නිකම් ජොලියටත් එක්ක කතාවක් කියඳ?? ඔය මචෝ අවුරුද්දක් ගානේ ලෝකේ පුරාම පැවැත්වෙනවා නේද එක එක ජාතියේ රූ රැජින තරඟාවලි...?? (වට පිට බලන්න කාරියක් නෑ! තොපි වල් හැත්ත හිතනවා වගේ කුක්කු කතාවක් නෙවෙයි මේක!!) මේ අතරින් ලංකාව වගේ තුන්වන ලෝකයේ රටවල් දිනා ගත්තු ඉහලම ජයග්‍රහණ මොනවාද?? සමාන්‍යයෙන් ලෝකයේ වැඩිපුර අවධානයක් දිනා නොගත්තත් විවාහක රූ රැජන තරඟාවලි වලදි අපේ රටවල අක්කිලාට පොඩි චාන්ස් එකක් තියෙනවා නේද??? ලෝක රූ රැජන, විශ්ව රූ රැජන වගේ තරඟවලදි පලවෙනි වටයෙන්ම එලියට වීසි වෙන අපේ නිරූපිකාවෝ විවාහක රූ රැජන තරඟ වලදි ජයග්‍රහණ ලබනවා! ඒ කියන්නේ බඳින්න කලින් මලපෙරේතියෝ වගේ හිටපු කෙල්ලෝ බැන්දාට පස්සේ අපේ එවුන් හිටි හැටියේම ලස්සන වෙලා ද??? මචෝ, හුඟක් වෙලාවට රටකට මේ වගේ ජයග්‍රහණයක් හිමි වුණා කියන්නේ, මිනිස්සු ඒ දිහා බලන්නේ බොහෝම ආඩම්බරයෙන්! අපේ රටේ ගැහැණු ළමයෙක් ලෝකයක් ඉස්සරහ කිරුලු පැලඳුවා කිව්වහම රටකට ආදරය කරන මොනම මනුස්සයෙකුට වුණත් ඒක ඇතුලේ සතුටක් තියෙනවා. නමුත්, ඇයි මේ තරම් විශාල ධනස්න්ධයක් යට කරලා මෙහෙම තරඟාවලියක් පවත්වන්නේ??? (මේක යට බිස්නස් විශාල ප්‍රමාණයක් ඇති. මැඩියා දැන් කියන්න යන්නේ එයින් එකක් විතරයි!)



සමාන්‍යයෙන්, විවාහක රූ රැජනක් කියන්නේ කවුද? විවාහක, දරුවන් ලබපු, තරමක් මැදිවියට ආසන්න කාන්තාවක්! රටකින් මෙහෙම කෙනෙක් බිහිවුණ ගමන් ඒ රටේ විවාහක කාන්තාවන් බහුතරයකගේ අවධානය මේ අයට යොමු වෙනවා! විවාහ වෙලත් දරුවන් ලබලත්, තාමත් නවයොවුන් තරුණියක් වගේ ඇඟපත පවත්වාගෙන යන මේ අයව දකින ඇතැම් අම්මලාටත් මෙහෙම ආසාවක් ඇති වෙන්න පුලුවන්! (ලස්සනට ඉන්න කාන්තාවොන්ගේ තියෙන නිසැක කැමැත්තේ කිසිම වරදක් නැහැ! ඒක නැචුරල්!!) ඒත් එක්කම වගේ මේ විවාහක රූ රැජනියෝ කරන පලවෙනි දෙ තමයි, "කිරි පිටි නිෂ්පාදනය" කරන බහුජාතික සමාගම් එක්ක ගිවිසුම් අත්සන් කරන එක!!! එතැන්දි, මේ අය කිරිපිටි වෙළඳ දැන්වීම් වල රඟපාන්න පටන් ගන්නවා!!! මේ හරහා ළමයාට මව් කිරි දෙන එක අඩු කරන "සමහර" අම්මලා ළමයාව පිටිකිරිවලට හුරු කරන්න පටන් ගන්නවා.....!!! (වෙළඳ දැන්වීමේ කියන විදිහට ඒ කිරිපිටි මව්කිරි වගේ ඩබල් පෝෂ්‍යදායි. ඉතින්, අම්මලාත් ඒකේ වරදක් දකින්නේ නැහැ.) අර විවාහක රූ රැජන වගේ බඩ, ඉන, පපුව හදා ගන්න මහන්සි වෙන අතරේ දන්නේම නැතුව කිරිපිටි කියන දේ ගෙදර අත්‍යාවශ්‍ය අංගයක් බවට පත්වෙනවා! විශේෂයෙන්ම, ඒ ඒ කිරිපිටි වර්ගයේ ආවේණික පැණිරසට ආපේ මිනිස්සු හුරු වෙනවා.....!!! (හොඳට කල්පනා කරලා බලපන්! බොලැයි ගෙදරත් පුරුද්දටම ව්ගේ මිලදී ගන්න කිරිපිටි වර්ගයක් තියෙනවා නේද?? ) මචන්, ලෝකයේ දියර කිරි සංස්කෘතියක් තියෙන මොනම හෝ රටක පිටිකිරි බෝ කරන්න ඕනි වුණාහම ඒ බහුජාතික සමාගම් මුලින්ම කරන දේ තමයි, ඒ රටින් " විවාහක රූ රැජනක්" බිහි කරන එක.........!!!






ඉඩෝරයට, නියඟෙට, වැස්සට, දූවිල්ලට ඔරොත්තු දෙන ගමන් ලංකාවේ ඕනෑම පාලාතක දේශගුණයට ඔබින විදිහට ජීවත් වෙන්න හැකියාවක් තිබුණු, අපේ එළදෙනුන්ගෙන් දොවා ගන්න පුලුවන් කිරි ප්‍රමානය විදේශයෙන් ආනයනය කරපු දෙනුන්ට සාපේක්ෂව අඩු වෙන්න පුලුවන්! නමුත්, ගොවි පවුලක් නඩත්තු වෙන්න (බොන්න වගේම විකුණන්නත්) ඒ කිරි ටික හොඳටම සෑහුණා! ගවයාගේ පෙලපත් රැකෙන ගමන් තමන්ගේ පෙළපතත් සුපිරියටම පවත්වාගෙන ගියා!!! මොකක්ද ඒ කතාවේ තේරුම??? දෙශීය එලකිරිවල ලිංගික ශක්තිය වර්ධනය කරවන්න සෑහෙන ඉහල හැකියාවක් තියෙනවා! (ආෂයි නෙහ්? හිටපිය ඕක ඩබොල් කොරන්ට!!)
(මංගල රාත්‍රියට යන මනාලිය අතේ කිරි වීදුරුවක් යවන චාරිත්‍රයක් හින්දු ජනතාව අතර තවමත් තියෙනවා! මේක බොලැයි අමතර දැනුමටත් එක්කයි කියන්නේ!! කිරි වල රියල් පවර් එක ඒ මිනිස්සු දන්න නිසාම තමයි සමහරු නිදා ගන්න කලින් කිරි වීදුරුවක් බොන්න පුරුදු වෙලා තියෙන්නේ!!! තොපි ඉතින් ව්‍යාග්‍රයෝම හොය හොයා මැරිය!!! අන්තිමට කූඩාරම හකුලන්න හොස්පිටල් ගානේ ලැගලායි නතර වෙන්නේ!!!!!))


මේත ඉන්න විවාහක/ අවිවාහක (සහ අවිවාහක පොඩි නාම්බෝ වගේ පෙනී සිටිනා සෙට් කේ වැඩි දෙනෙක් දන්න දෙයක් තමයි අපේ "දේශීය ව්‍යාග්‍රා වට්ටෝරුව" හෙවත් වැල්පෙනෙල මැලවුම!!! (මේක නොදන්න එවුන් නැතිවෙන්න විදිහක් නැහැ! ඒත්, කෝකටත් එක්ක ඒක මෙතන දන්නම්, නැත්නම් තොපි පෝලිමට මැසේජ් එවන්න තියා ගත්තොත් එහෙම මට රිප්ලයි කොරලා පිරිමහන්න බැරි වේයි!!) අපේ පුරාන හෙල වෙදකමේ මේ ගැන සඳහන් වෙන්නේ මෙන්න මෙහෙමයි!

"වැල් පෙනෙල ශාකා - ගිතෙලින් මලවලා කා
අඹු නොතකන එකා - සියක් අඹුවන් වුවද සලකා"

යේක ෂරලවම කිව්වොත් නානා වැල්පෙනෙල කොල ඔඳට ශෝදලා අරන්, රතු ළූණු ගෙඩි හතරක් පහක් හීනියට ලියලා දාලා එලඟිතෙල් වලින් මලවලා ගත්තාම, එල්ලේ පාරක් වත් ගාගන්ඩ් බෙරි ෂිංගලයෙක්ට වුනත් රිපීට් ටෙස්ට් මැච් ගහන්ට පුලුවන්!! (තොගෙ ඔය මහා ලොකු රහස් වට්ටොරුව පාන් ගෙඩියක් අස්සට ඔබල ගහගනින් තොගේ.... හෝව්! මේ වට්ටෝරුව නොදන්න එකෙක් නැති බව මැඩියා කලින්ම කිව්වේ ඒකයි! නමුත්, කවුරුත් දන්න වට්ටොරුවේ අපේ ආතලා හරියටම කරපු, එහෙත් අපි වරද්ද ගත්තු තැනක් තියෙනවා! මොකක්ද ඒ??) මෙතනදි අපි මිස් කරන පලවෙනි දේ තමයි ගිතෙල්! මේ වැඩේට ටක්කෙටම හරියන ගිතෙල් තියෙන්නේ එලිමහන් පරිසරයේ වැඩෙන දේශීය ගවයින් ලඟ විතර මයි මයි මයි!!! කොහොමද එහෙම වෙන්නේ? මචෝ! එලිමහනේ නිදහස් පරිසරයේ හැදෙන අපේ රටේ ගවයෝ කන්නේ ඌ කැමති ජාතියේ කොල වර්ග විතරයි! ( ඒ කාලේ කිරි ගොවියොන්ට වුණත් මේ ගැන හොඳ අවබෝධයක් තිබුණා.) ඉතින්, කැලේ කොලේ බඩවැටි වල ඇවිදින ඒ සතා තනකොල නමින් අහාරයට ගන්න බෙහෙත් පැලෑටි ප්‍රමාණය අප්‍රමාණයි!! ඉතින්, එහෙම සතෙක්ගේ එලකිරි සියලු රෝග නසන අමෘතයක් වුණා වගේම තමයි, ඒ කිරිවලින් හදාපු ගිතෙල් ලෝකේ හොඳම වාජිකරණ ඖෂධය වුණා!!! මේකට වැල් පෙනෙල, රතු ලූණු වගේ දේවලුත් එකතු වෙනකොට අපේ ආතම්මලාට හැට පැනලාත් නිවුන්නු ඉපදුනා!! අරහේ දරු මල්ලෝ දීගතල ගිහින් මුණුපුරෝ ඉපදෙනකොටත් මෙහේ සීයගේ ඇන්ජිම යකා වගේ වැඩ!!!!! (අවුරුදු හැත්තෑවත් පැනපු, මීට දශකයකට විතර උඩදි එක්ස්පයර් වෙන්න නියමිතව තිබුණු එළකිරියේම එකතරා "උභයජීවි" ඇන්ජිම් කට්ටක් තාමත් රන් වෙන්නේ මේවල පවර් එකෙන් තමයි බොලවු! ඕ කා එලිපිට කියන්නෑ වයස අහුවෙන හින්දා!! )



දවල් දවසේ හේනේ, කුඹුරේ කැති උදලුත් එක්ක ඔට්ටු වෙන අපේ ගොවියෝ, "රාත්‍රී වගා සංග්‍රාමයෙන්" පස්සේ මොකද කොලේ? දපලා බුදියගත්තා?? නැහැ! පවුලට යුතුකම් ඉස්ට කොරපු ඊලඟ මොහොතේම ඒ මනුස්සයා බත් මුලකුත් ආපහු ගියා හේනට පැල් රකින්න! රෑ දෙගොඩහරියක් වෙනකොට ආයෙමත් හිතක් පහලවුණොත් ආයෙමත් බිමට බැහැලා පැල දිහාවට යනවා වගා කොරලා එන්න!!!පේ අය වැඩි දෙනා පනහට කිට්ටු කරනකොට පැණිරස තහනම්, තෙල් කෑම චීස් බටර් කන්න බැහැ! කෑවොත් අකාලේ මැරෙන්නේ!! නමුත්, තුන් වේලට කිරි ආහාර කෑඅමට ගත්තු ආතලාට අත්තම්මලාට එහෙම නොවුණේ කොහොමද? එදා කොලොස්ට්‍රෝල් වැඩි නොකරපු වෙඬරු වගේ කෑම, අද අපි කෑවොත් විතරක් හෘදරෝග ඇති කරවන්නේ ඇයි???




පාරම්පරික ජල්ලිකට්ටු ක්‍රීඩා හරහා දකුණු ඉන්දියාවෙ දේශීය ගවයින් ආරක්ෂා වුණා නම්, අපේ රටට අවේණික ගව වර්ග ආරක්ෂා වුණේ කොහොමද??


Last edited by M a d d i e; 06-08-2017 at 08:44 AM.
Reply With Quote
(#3)
Old
M a d d i e's Avatar
M a d d i e M a d d i e is offline
Senior Member
M a d d i e is a glorious beacon of lightM a d d i e is a glorious beacon of lightM a d d i e is a glorious beacon of lightM a d d i e is a glorious beacon of lightM a d d i e is a glorious beacon of lightM a d d i e is a glorious beacon of lightM a d d i e is a glorious beacon of lightM a d d i e is a glorious beacon of lightM a d d i e is a glorious beacon of lightM a d d i e is a glorious beacon of lightM a d d i e is a glorious beacon of light
 
Posts: 674
Join Date: Dec 2015
Location: ගොතම් නගරයේ
06-07-2017, 04:16 PM

මේ පහලින් තියෙන ඡේදය පොඩ්ඩකට බලන්න! (අපේ කාලේ සිංහල සාහිත්‍ය පොතේ තිබුණු "මගුල් ප්‍රස්තාව" පාඩමේ එක් පරිච්ඡේදයක්. බලන්න උත්තරය හම්බ වෙනවාද කියලා)




ඔව්! උත්තරය "තිරික්කල් රේස්"!! මෙතන මේ දෙගොල්ලෝ වාද කරගන්නේ තමන්ගේ වස්සා උසස් වර්ගයේ එකෙක් බව පෙන්වන්නයි. එතනදි දෙගොල්ලෝම තමන්ගේ වස්සා උසස් බව පෙන්වන්න ඉදිරිපත් කරන්නේ තමන්ගේ වස්සා දිනපු තිරික්කල් රේස් වල විස්තරයි!!! ඒ කාලේ බක් මහා උළෙලවල් වල අනිවාර්‍යය අංගයක් තමයි මේ "තිරික්කල් තරඟ". ඒ තරඟවලදි ජයග්‍රණය කරන සත්තුන්ව තමයි අපේ ගම්වල උදවිය පට්ටි දාන්න යොදා ගත්තේ.....!!! අපේ රටේ අවුරුදු උත්සව වල තිරික්කල් තරඟ තහනම් කරලා නම් දැනට අවුරුදු කිහිපයක් වෙනවා නේ!!



එතකොට මේ ජල්ලිකට්ටු තරඟාවලි පැවැත්වීමේ සැබෑ අරුත තේරුම් ගත්තු
තමිල්නාඩු වැසියෝ මොකද ඊඑට පස්සේ කලේ??? සතියක් දෙකක් සෝෂල් මීඩියා වල උඩ දාගෙන රඟලා, තුන්වෙනි සතියේ ලීක් වෙච්චි අහවලාගේ වැල වීඩියෝ හොය හොයා මෙහෙයුම් කරන්න පටන් ගත්තාද??


ෆේස්බුක්, ට්විටර් වගේ සමාජ ජාලා හරහා කැලඹුණු තමිල්නාඩු ජනතාව දකුණු ඉන්දියාවේ විශාලතම වෙරළ වන මරීනා වෙරළ සංකීර්ණය කරා ඇදෙන්න වුණා! ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් කිසිදු පෞද්ගලික අභිමතාර්ථයකින් තොරව හුදෙක් තමන්ගේ අනන්‍යතාව රැකැගැනීම වෙනුවෙන්ම ඒකරාශී වුනා!!













දුම්රිය මාර්ග වැහුණා!!! මේ අතර තමිල්නාඩුවේ ඇතැම් ප්‍රදේශවල අධිකරණ නියෝග කඩ කරමින් ජල්ලිකට්ටු උළෙලවල් පැවැත්වුනා!!! (ඒ උළෙලවල් වල සංවිධායකයෝ පවා අත් අඩංගුවට පත්වුණා!)
වැදගත්ම දේ තමයි පහුගිය කාලේ ලංකාවේ "ඊළාම් ප්‍රශ්නය" අල්ලගෙන තම තමන්ව මාකට් කරගත්තු (ඇතැම්) කොලිවුඩ් නලු නිලියෝ මෙතැනට රිංගන්න ඇවිත්, මිනිසුන්ගේ කුණුහරුප වරුසා මධ්‍යයේ බොහෝම කුජීත විදිහට නික්ම ගියා......!!!
රටේ ජනප්‍රිය හිපොප් තරුවක් වෙච්චි "හිපොප් ආදි"
කියන කලා කරුවා ගීතමය කෙටි චිත්‍රපටයක් මාධ්‍යවලට නිකුත් කලා!








තවමත් ආධුනික මට්ටමේ ගායකයෙක් වුණු ඒ නවක ගයකයා එක රැයින් මිනිස්සුන්ගේ හදවත් දිනා ගත්තා!! (මේ වැඩේ ලංකාවේ ඉරාජ්, භාතිය සන්තුෂ් වගේ චරිත අතින් සිද්ධ වුනා නම් "මෙන්න මාකටින් කරනෝ!" කියලා ඒ මිනිස්සුන්ව එතනින්ම ඩවුන් කරලා දායි!) තත්ත්වය තව තවත් උණුසුම් වෙනකොට ඉන්දියාවේ අතිශය ජනප්‍රිය සිනමා තරු සංගීතඥයෝ වගේ දැවැන්තයෝත් මේ වෙනුවෙන් සහයෝගය පල කරන්න පටන් ගත්තා!!!



"ජන ආඥාව" කියන්නේ "රාජ ආඥාව" ඉක්මවූවක් බව නැවතව වතාවක් තහවුරු කරමින් ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනවා තිබුණු ජල්ලිකට්ටු තහනම ඉවත් කෙරුණා!!! පීටා සංවිධානයේ නිරුවත ලෝකයා ඉදිරියේ නිරාවරණය වුණා!!! වසර දහස් ගණනාවක් මුල්ලේ අඛ්හණ්ඩව පවත්වාගෙන ආ දමිල ජනයාගේ පාරම්පරික ජල්ලිකට්ටු ක්‍රීඩාව, මෙවර ගම්වලට පමණක් සීමා නොවී ප්‍රාන්තය පුරාම පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව උත්සවශ්‍රීයෙන් පැවැත්වුණා.....!



මේ වෙනකොට දේශීය ගව වර්ග සංරක්ෂණය කරන්න ඉන්දියාව පුරාම දැවැන්ත වැඩ පිලිවෙලවල් සිදු කෙරෙමින් පවතිනවා!!! දේශපාලන වශයෙන් ලංකාවත් එක්ක මොනතරම් මත ගැටුම් තිබුණත්, බහු ජාතික සමාගම් වල කුමණ්ත්‍රණකාරයොන්ට තමිල්නාඩු වැසියෝ එල්ල කරපු මේ මාරාන්තික අතුල් පහරට මැඩියා කිසිම කුහුක කමක් නැතුව හිස නමා ආචාරය පුද කරනවා.........!!!!:y es:





ඔය කිව්වට ඕකුන් රේල් පාරේ කකුස්සි යන තමිල්නාඩු කාරයො නේ බන්ස්!! අපි ඒම ද? ආයේ රොෂෙල් බාත් වෙයාර් එකක් උඩ " සංසුන් ඇසිල්ලක චමත්කාරය" විඳින ඉල්ලාංකිකයෝ නෙවැ!!!! අපිට මොන පාරම්පරික උරුමය ද බන්ස්??
පොතේ හැටිය ත්‍රෙඩ් එක මෙතනින් අවසන් වෙන්න ඕනි වුණත්, කාලයක් තිස්සේ මැඩියාගේ හිතේ තිබුණු ප්‍රශ්න කිහිපයක් කියලාම මේ නූල අවසන් කරන්නම්!

සිංහල වේවා දෙමල වේවා (මුස්ලිම් හෝ වෙනත් ජාතියක කෙනෙක් වුණත්) ලංකාව දකුණු ආසියාව කියන මේ කෘෂිකාර්මික කලාපයේ ජීවත් වෙනකොට, ඒ මනුස්සයාගේ ජීවිතය ගෙවුණේ පරිසරයත් එක්කයි....! උබලට යාන්තම් හරි මතකයක් තියෙනවා නම්, අපි පොඩි කාලේ වැස්සක් එන්න කලින් ගෙදර හිටපු සීයාට ආච්චි අම්මට ඒක කල් තියාම දැණුනා!! අවුරුදු අනූ ගනන් ජීවත් වුනු, (බොහෝවිට අවුරුදු සීය ජීවත් වුණු,) ආච්චිලා සීයලා අපිට අරුමයක් වුණේ නැහැ!! (අවුරුදු සීයකට වැඩිය ජීවත් වුණු කිහිපදෙනෙක්ම අපේ අම්මලාගේ ගමේ හිටියේ මට මතක කාලෙත්) තමන් වපුරපු දෙයින් තමන්ට ලැබෙන අස්වැන්නත්, එයින් ලැබෙන ලාබයත් එක්ක තෘප්තිමත් වුණු මිනිස්සු පරම්පරා තුන හතරක් දෑඅහින් දැකගෙන ඒ පොලොවේම මිහිදන් වුණා...! කාලයත් එක්ක මිනිස්සු වැඩි ලාභය වෙනුවෙන් කෙටි ක්‍රම වලට යොමු වුණා. එකෙන් වුණේ අර රත්තරන් බිත්තර දාන කිකිලිව මරපු මිනිහට වුණ දේම තමයි. අපිට මේ වෙනස නොදැණුනාට තව දශකයක් දෙකක් ගත වෙනකොට ක්‍රම ක්‍රමයෙන් ලාංකාවට ආවේණික ශාක වර්ග, කිරි ගවයින් ඇතුලු කෘෂි කර්මාන්තයෙ කොටසක් වෙච්ච සත්ත්ව වර්ග වඳ වෙලා යාවි...!




මොහොතකට කල්පනා කරලා බලමු කාටද මේ දේවල් මතක කියලා......... (මේ අතරින් බොහෝමයක් කෑම සම්බන්ධව අත්දැකීම් තියෙන අවසන් පරම්පරාව බොලා අපි තමයි බන්!)


  • අපේ රටේ වගා කෙරුණු වී වර්ග ගැන කියැවෙන කොට, දේශීය වී වර්ග සිය ගනනක් ගැන සඳහන් වෙනවා! මේ වී වර්ග වලට මොකද වුණේ? අඩුම තරමේ වී සංරක්ෂ්ණාගාරයක වත් මේ බීජ සුරක්ෂිතව තියෙනවා ඇති ද?? (අඩුම තරමේ මේ අතරින් බාගයක් වත් සංරක්ෂනය කරගන්න බැරිනම් එහෙවු සංරක්සොනයකින් වැඩක් වෙන්නේ කාටද???)

  • අපි පොඩි කාලේ තිබුනා තක්කාලි ජාතියක්. දැන් තියෙනවා වගේ බෝල ගෙඩි නෙමෙයි. දාර දාර වැටුණු, තරමක් ඇඹුල් රසයකින් යුක්ත තක්කාලි ජාතියක්! ඉස්සර කිරි හොදිවලට මේවා දැම්මාම දිව්‍යලොකේ රහයි!! (මතක් වුණා නේද?) මෙ තක්කාලි වර්ගය මාත කාලීනව නම් නොදැකපු තරම්!!! අර කුණුවෙන බෝල තක්කාලි හැම තැනම වැහි වැහැලා!!!!!

  • ඊලඟට බැලුවොත් ගස්ලබු! (රතුපාට රෙඩ්ලේඩි ගෙඩි ගැන නෙවෙයි මේ කියන්නේ!) නියම කහපාට පැණිම පැණි රහ ගස්ලබු ගෙඩි. මේවාට වෙච්චි දෙයක් නැහැ!! හැමතැනම තියෙන තරමක් තියෙන්නේ රෙඩ්ලේඩි වර්ගයේ ඒවා!!! (වෙලඳ පොලට නාවත් මේවා තවමත් ගම්වල නම් රැකිලා තියෙනවා.)
  • අනිත් පලතුර තමයි පැණි කොමඩු! අපිට මතක කාලේ කොමඩු ගෙඩි කියන්නේ තරමක් දිගැටි, දික් අතට සුදු පාටට ඉරි ගියපු ලා කොලපාට කොමඩු ගෙඩි!! දැන් පලතුරු කඩවල තියෙන තද කොලපාට ටොම්බා සයිස් කොමඩු ගෙඩි වගේ දිය රහ නැහැ!!! වචනයේ පරිසමාප්තයෙන්ම "පැණි" කොමඩුම තමයි!!!!! මෑත කාලීනව නම් මේ නියම පැණි කොමඩු ගෙඩියක් කනවා තියා දකින්නවත් ලැබුණේ නැහැ!!!!!
  • තව බැලුවොත් හේන්වල වැවෙන කැලෑ වට්ටක්කා ගෙඩි! (ටේස්ට් එක දන්නෝ දනිති.) දැන් කාලේ හේනුත් නැති එකේ මොන හේන් වට්ටක්කා ද බන්??? ඔන්නොහේ අර රටින් ගෙන්වන ඩුබායි වට්ටක්කා ගෙඩියක් තම්බගෙන ඉමු බන්!!!!
  • අන්තිම එක:- මේකට නම් මට බොලාගේ උත්තරය ඕනි මයි!!! මචන්, උබලා කාටවත් මතකද "කළු කුකුල්ලු"!!! තනිකර කලුපාට කරමළය විතරක් තද රතුපාට කුකුල්ලු ජාතිය. උන්ගේ කකුල් තරමක් කෙටියි. මුන් වඳවෙලා ගිහින් තියෙන්නේ බොහෝම මෑත කාලයේ....! මැඩියාගේ මෙමරියේ කොහෙ හෝ තැනක මෙයින් එකෙක් (හෝ කිහිප දෙනෙක්) දැකපු මතකයක් තියෙනවා!!! බොලා කාට හරි මේ සතාව මතක නම් කියපන්!!! මේ කුකුල්ලුන්ගේ මස් තමයි ඒ කාලේ යෝධයෝ ශක්තිය වඩවන්න කාලා තියෙන්නේ. (මතකද අන්දරේ පර්වතයක් උස්සන කතාවේ අන්දරේ අර ගොවියාගෙන් ඉල්ලන්නේ දවස් හතක් කුරහන් පිට්ටු එක්ක තිත්තයෝ ව්‍යංජනයයි, කලු කුකුල් මස් හොද්දයි!!)



අපිට පෙනි පෙනී අපේ ඇස් ඉදිරියේම මේ දේවල් තුරන් වෙලා ගිහින් ( හෝ යමින් පවතිනවා) නේද?? ඉහතින් දක්වලා තියෙන මතකයට ආපු පොඩි පොඩි උදාහරණ කිහිපයක් විතරයි!


මේන් බලාපන් කළු කුකුල්ලු හොයන්න ගිහින් මැඩියාට සෙට් වෙච්චි ආතල් එක! බලාගෙන ගියාම මේ මුස්පේන්තුවා නැති තැනක් නෑ නේ බන්!!!


මේ ඔක්කෝම පැත්තකින් තියමු! ඇත්තටම කවුද මේ "PETA සංවිධානය" කියන්නේ.....??

මේ ආයතනය 1980දී එක්සත් ජනපදයේ , වර්ජිනියා ප්‍රාන්තයේ , නෝර්ෆෝක් නගරය ආශ්‍රිතව බිහිවෙන "සත්ත්ව අහිංසාවාදී" සංවිධානයක්. මේ අයගේ ආදර්ශ පාඨය වෙන්නේ.... "" . මේ සත්ව හිංසනයට එරෙහි මතවාදය ලෝකය පුරාම පතුරුවා හරින්න, මේ ගොල්ලෝ ඒ ඒ රටවල ජනප්‍රියම සිනමා තරු, ගායක ගායිකාවෝ වගේ අයව යොදා ගන්නවා....!














වීදි පුරා දඩාවතෙ යන බල්ලෝ, පූසෝ වගේ සත්තුන්ව මෙ අය තමන්ගේ භාරයට අරගෙන ආදරයෙන් රැක බලාගෙන, සත්තුන්ට ආදරය කරන පවුල් වලට උන්ව නොමිලේම බෙදා දෙනවා...........!! කාත් කවුරුත් නැතිව අසරණව ජීවත් වෙච්චි ඒ නොදරුවොන්ට අලුත් ජීවිතයක් ලැබෙනවා......!! එහෙම නේද?




එතකොට අර තවමත් අරන් හදා ගන්න අයිතිකාරයෙක් නොලැබුණු සත්තුන්ට මොකද වෙන්නේ??
මචෝ, මේ පීටා, බ්ලූ ක්‍රොස් වගේ "ඇතැම් සංවිධාන" (හැමෝම නෙවෙයි!) පෙනී සිටින්නේ හුදෙක් පරිත්‍යාගශීලී මිනිසුන්ගේ ආධාර වලින් පමණක් යැපෙන, ලාබ නොලබන සංවිධාන හැටියටයි! ලෝකය ඒ අයව දකින්නෙත් අහිංසාව අගය කරන යහපත් ලෝකයක් ගොඩනගන්න වෙර දරන උතුම් මනුෂ්‍ය කොට්ඨාෂයක් විදිහටයි!! නමුත්, මේ අය කරන්නෙත් එක්තරා විදිහක බිස්නස් එකක්!!! "සර්කස් එකක හිරවෙලා හිටපු සතුන්ව බේර ගත්තා!", "පසුගිය වර්ෂය ඇතුලත මෙච්චර වීදි බල්ලන් ප්‍රමාණයක් අපි අපේ භාරයට ගත්තා!! ", වගේ දේවල් මේ අය මාධ්‍ය හරහා ලෝකයට පෙන්වනකොට සත්තුන්ට සැබෑවටම ආදරය කරන ම්නිස්සු මේ සංවිධාන ගැන වැඩි වැඩියෙන් පැහැදෙනවා......!!! තව තවත් මේ වගේ පුණ‍ය කටයුතු කරන්න හැකි වෙයි කියලා හිතන ඒ මිනිස්සු වාර්ෂිකව ඩොලර්, යූරෝ, මිලියන ගනන් වලින් ආධාර කරනවා. නමුත්, මේ ආයතනවලට අරන් එන සත්තුන්ට වෙන දේ දන්නේ අතලොස්සයි!!!!




මේ සංවිධාන භාරයට ගන්න සත්තුන්ගෙන් බොහොම සුළු කොටසක් මිනිස්සු හදා ගන්න අරන් යනවා. නමුත්, ඒ අතරින් අතිබහුතරයක් යම්තාක් කාලයක් ඒ කූඩුවලම දිවි ගෙවලා, අන්තිමේදි තොග ගනනින් මරා දැමෙනවා......! (මේ උදවිය අතින් මැරෙන්නේ, සෑහෙන්න වයසට ගියපු, දරුණු ලෙඩරෝග වලට ගොදුරු වෙච්ච සත්තුම නෙමෙයි. හොඳ නිරෝගී බලු, බළල් පැටවුන් පවා කිසිම හිතක් පපුවක් නැතිව මරා දැමෙනවා
.....!!!)










එතකොට, අර පරන කූඩු ටික හිස් වෙනවා. ආයෙමත් සැරයක් වීදි බල්ලොන්ගෙන් මේ කූඩු ටික පුරවනවා. ආයෙමත් සැරයක් උන්ව පෙන්නලා මිනිස්සුන්ගේ ආධාර කඩා වඩා ගන්නවා. අවුරුද්ද අවසානයේ ඉතුරු වෙන සත්තුන්ව හිත්පිත් නැති විදිහට තොග පිටින් මරලා වලලනවා. ඔන්න ඕකයි මචෝ "ඊනියා සත්ත්ව සංවිධාන" සැබෑ තත්ත්වය...........!
මේ පහතින් දක්වලා තියෙන වාර්ථාව දිහා පොඩ්ඩකට බලන්න! අවුරුද්දක් ඇතුලත පීටා භාරයට ගන්න සත්තු අතරින් කීයෙන් කී දෙන්න ද ගෙවල් වලට භාර දීලා තියෙන්නේ කියලා. සත්තු 1000ක් භාරයට ගත්තා නම් එයින් 100ක් වත් හදා ගන්න දීලා නැහැ. ඉතිරි වෙච්චි හැම සතාවම මරලා දාලා !


මේ අයගේ ජල්ලිකට්ටු තහනම පිටුපස සිටිය බලවේගය තමයි ඕස්ට්‍රේලියාව, ජර්මනිය, නවසීලන්තය වගේ රටවල බහුජාතික කිරිපිටි නිෂ්පාදන සමාගම්. මේ තමයි මේ රෙද්ද අස්සේ සත්ත්ව අහිංසා වාදියෝ මුදල් උපයන අනෙක් ක්‍රමය...........!!




ත්‍රෙඩ් එක බලාපොරොත්තු වුනාටත් වඩා සෑහෙන්න දික් වෙලා! අපි දැන හෝ නොදැන අපේ රටවල් වල බොහොම සූක්ෂම අනන්‍යතා මර්ධනයක් සිද්ධ වෙනවා. ඒ රටවල සංස්කෘතිය හා බැඳුණු උත්සව, ආවේණික සත්ත්ව කොට්ඨාස, ශාක වර්ග විනාශ කිරීම හරහා පාරම්පරික කර්මාන්ත බහුජාතික සමාගම් අතට පත් කෙරෙමින් පවතිනවා!! විචාර බුද්ධියකින් තොරා රැල්ලට යන මිනිස්සු කවම දාකවත් ඒ ඇත්ත දකින්නේ නැහැ!!! මෙතෙක් ලියැවුණු මේ සම්පූර්ණ ත්‍රෙඩ් එකම පුංචි කතන්දරයකින් අවසන් කරන්න ද.........?




"ඔන්න එක ගමක ගොවියෙක් ඉන්නවා ඒ ගොවියා වත්තේ තක්කාලි ගස් දහයක් හිටවලා තියෙන්නේ. තක්කාලි ගෙඩි හැදෙන කාලෙට මේ ගොවියා කූඩයක් පිරෙන්න තක්කාලි අරන් පොලට ගිහින් තමන්ට ලාභදායී, සාධාරණ මුදලකට විකුණනවා. ලැබෙන මුදලින් තෘප්තිමත් වෙන ඒ ගොවියා සතුටින් ජීවත් වෙනවා....!
දවසක් මේ ගමට ලොකු මහත්තැන් කෙනෙක් එනවා. ඇවිත්, අලුත් තක්කාලි බීජ වර්ග, බෙහෙත් වර්ග ගැන ගොවිය්න්ව දැනුවත් කරලා, පලවෙනි වතාවට බීජ සහ බෙහෙත් වර්ග නොමිලේම දීලා යනවා. තරමක නුහුරු දෙයක් වුනත් නිකන් ලැබුණු දේ නිසා ගොවියා ඒ අලුත් තක්කාලි වර්ගය වගා කරලා බලනවා. අස්වැන්න පීදෙන කොට ඒ ගොවියාට සතුට දරා ගන්න බැහැ. වෙනදාට කූඩයක් පිරෙන්න තක්කාලි ගෙනිය ගොවියා අද ගෙදර මායියයි, පැටවු ටිකත් සහේට එක්කර ගෙන කූඩ දහයක් පිරෙන්න තක්කාලි අරන් පොලට යනවා.....!!

කට්ටියම අස්වැන්නත් අරන් පොලට ආවැයි කියමුකෝ! ඇවිත් බලනකොට දකින දෙයින් ගොවියාට තරු විසි වෙනවා!! තමන් වගේම අනිත් තක්කාලි ගොවියෝත් කූඩ දහය දොලහ උස්සන් ඇවිත්!!!
දැන්, ගොවියොන්ට තමන්ට ලාභදායි සාධාරණ මුදලකට මේ එලවලු තොගය විකුණන්න පුලුවන් ද?? මින් ඉදිරියට මේ එලවළු වල මිල තීරය කරන්නේ කවුද?? මේ විනාශය හරහා ලාභ ලබන්නේ කවුද??? (අනිවා ඩෙෆා පාරිභෝගිකයා නම් නෙවෙයි!!!)"




~දෙයියන්ගේම පිහිටයි!~

මම
බොලාගේ,
ආදරණීය,
මැඩියා!

M a d d i e


Last edited by M a d d i e; 06-08-2017 at 08:48 AM.
Reply With Quote
(#4)
Old
dath kimbula's Avatar
dath kimbula dath kimbula is offline
Senior Member
dath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to behold
 
Posts: 32,753
Join Date: Jan 2011
Location: යහපාලන ඈස්-චර්යේ
06-07-2017, 04:22 PM

eka sere daapiyako nikan keli keli daanne indian mega uttak wage!!
Reply With Quote
(#5)
Old
SSR@'s Avatar
[email protected] SSR@ is offline
Senior Member
SSR@ is a name known to allSSR@ is a name known to allSSR@ is a name known to allSSR@ is a name known to allSSR@ is a name known to allSSR@ is a name known to allSSR@ is a name known to allSSR@ is a name known to allSSR@ is a name known to allSSR@ is a name known to allSSR@ is a name known to all
 
Posts: 5,722
Join Date: Feb 2013
Location: Middle-Earth
06-07-2017, 04:25 PM

පට්ට ත්‍රෙඩ් එක බ්‍රෝ
රෙප් 9+
Reply With Quote
(#6)
Old
chrishanelloyd's Avatar
chrishanelloyd chrishanelloyd is offline
Senior Member
chrishanelloyd is a glorious beacon of lightchrishanelloyd is a glorious beacon of lightchrishanelloyd is a glorious beacon of lightchrishanelloyd is a glorious beacon of lightchrishanelloyd is a glorious beacon of lightchrishanelloyd is a glorious beacon of lightchrishanelloyd is a glorious beacon of lightchrishanelloyd is a glorious beacon of lightchrishanelloyd is a glorious beacon of lightchrishanelloyd is a glorious beacon of lightchrishanelloyd is a glorious beacon of light
 
Posts: 5,721
Join Date: Oct 2012
06-07-2017, 04:26 PM

එක සැරේ දාපියකෝ නිකන් කෑලි කෑලි දාන්නේ ඉන්දියන් මෙගා උට්ටක් වගේ!!
Reply With Quote
(#7)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is offline
Senior Member
LazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to behold
 
Posts: 30,016
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
Send a message via ICQ to LazyLizard Send a message via AIM to LazyLizard Send a message via MSN to LazyLizard Send a message via Yahoo to LazyLizard Send a message via Skype™ to LazyLizard
06-07-2017, 04:28 PM

හපොයි කියවන්නම ගියා පැය බාගයක් විතර හොඳ ත්‍රෙඩ් එකක් බන් සෑහෙන මහන්සිවෙලා +8
Reply With Quote
(#8)
Old
netsurfer netsurfer is offline
Senior Member
netsurfer is a glorious beacon of lightnetsurfer is a glorious beacon of lightnetsurfer is a glorious beacon of lightnetsurfer is a glorious beacon of lightnetsurfer is a glorious beacon of lightnetsurfer is a glorious beacon of lightnetsurfer is a glorious beacon of lightnetsurfer is a glorious beacon of lightnetsurfer is a glorious beacon of lightnetsurfer is a glorious beacon of lightnetsurfer is a glorious beacon of light
 
Posts: 2,059
Join Date: Jun 2015
06-07-2017, 04:38 PM

Quote:
Originally Posted by dath kimbula View Post
eka sere daapiyako nikan keli keli daanne indian mega uttak wage!!
මේ දාල තියන්නෙ කා ගැනද බන්

"අවුරුදු හැත්තෑවත් පැනපු, මීට දශකයකට විතර උඩදි එක්ස්පයර් වෙන්න නියමිතව තිබුණු එළකිරියේම එකතරා "උභයජීවි" ඇන්ජිම් කට්ටක් තාමත් රන් වෙන්නේ මේවල පවර් එකෙන් තමයි බොලවු! ඕකා එලිපිට කියන්නෑ වයස අහුවෙන හින්දා!! )"
Reply With Quote
(#9)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is offline
Senior Member
LazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to behold
 
Posts: 30,016
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
Send a message via ICQ to LazyLizard Send a message via AIM to LazyLizard Send a message via MSN to LazyLizard Send a message via Yahoo to LazyLizard Send a message via Skype™ to LazyLizard
06-07-2017, 04:40 PM

මෙච්චර කල් කොහෙද ආතේ හිටියේ දැක්කෙම නෑ නෙ.
Reply With Quote
(#10)
Old
codegeek's Avatar
codegeek codegeek is offline
Senior Member
codegeek is a glorious beacon of lightcodegeek is a glorious beacon of lightcodegeek is a glorious beacon of lightcodegeek is a glorious beacon of lightcodegeek is a glorious beacon of lightcodegeek is a glorious beacon of lightcodegeek is a glorious beacon of lightcodegeek is a glorious beacon of lightcodegeek is a glorious beacon of lightcodegeek is a glorious beacon of lightcodegeek is a glorious beacon of light
 
Posts: 3,951
Join Date: Jun 2012
Location: srilanka
06-07-2017, 04:43 PM

thanks
Reply With Quote
Reply

Bookmarks

Tags
කිඹුලා = dirty grandpa, ජල්ලිකට්ටු, පෙරහැර අලි, ban peta, tag1, tag2, ~ m a d d i e එළ කොල්ලෙක්

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.17270 seconds with 9 queries