ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Mobile > Mobile Devices
Reload this Page ගමුද HTC Desire 816
Reply
 
Thread Tools
(#1)
Old
djiresh's Avatar
djiresh djiresh is offline
Senior Member
djiresh is a glorious beacon of lightdjiresh is a glorious beacon of lightdjiresh is a glorious beacon of lightdjiresh is a glorious beacon of lightdjiresh is a glorious beacon of lightdjiresh is a glorious beacon of lightdjiresh is a glorious beacon of lightdjiresh is a glorious beacon of lightdjiresh is a glorious beacon of lightdjiresh is a glorious beacon of lightdjiresh is a glorious beacon of light
 
Posts: 555
Join Date: Jul 2007
Location: Colombo
Send a message via Skype™ to djiresh
wink ගමුද HTC Desire 816 - 06-03-2015, 02:24 PM

HTC Desire 816 4G කියන්නේ මාකට් එකේ ගන්න තියන ලෝවර් මිඩ් රෙන්ජ් එකේ ෆෝන් එකක්.


අතේ රුපියල් 32000 ත් 37000ත් අතර මිලක් තියනවානම් ෆෝන් එකේ බජට් එක විදියට මේක ගැන සලකා බලන්න පුලුවන්. මුලින්ම ස්පෙක් එක බලලා ඉමු.


ඉස්සරවෙලාම කියන්න ඔනේ ෆෝන් එක ෆැබලට් සයිස් ඩිවයිස් එකක්. අතට ගත්තහම එක පාරට ලොකුයි කියලා දැනෙනවා. තනි අතින් වැඩ කරන්නනම් ටිකක් අමාරුයි. අත් දෙකම පාවිච්චි කරනවානම් කිසි අවුලක් නෑ. බිල්ඩ් කොලිටි එක ගැන කියනවනම් ප්ලාස්ටික් වලින් හදලා තියෙන්නේ. බැක් එක නම් දිලිසෙන ප්ලාස්ටික්. ෆ්‍රන්ට් එක මැට් ගතියක් තියෙන්නේ. විශේෂ ලස්සනක් කියන්න බෑ. ඒත් කැතකුත් නෑ. වොලියුම් කීස් සහ ලොක් කී එක තියෙන්නේ වම් පැත්තේ. බට්න්ස් නම් මෙටල් වලින් හදලා තියෙන්නේ.





මම මේක ගත්තේ මගේ මවු තුමියට. දෙන්න කලින් ටික දවසක් පාවිච්චි කලා. කියන්නෙ ඔනේ ස්ලෝ ගතියක් නම් දැනුනේ නෑ කිසිම වෙලාවක. රැම් එක 1.5 GB තියන එක එක හේතුවක්. ඇප් ලෝඩින් ටයිම් එකත් ලොකු අවුලක් නෑ.සෙන්ස් 6 UI එක කිසිම දුකක් දෙන්නෙ නැතුව වැඩ. Adreno 305 වලට 720p රෙසලූශන් ගේමස් ප්ලේ කරන එක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ඒත් GTA වගේ ගේම්ස් ස්මූත් ගහන්න නම් බෑ.






ඩිස්ප්ලේ එක ගැන කියන්නම ඔනේ. ගොරිල්ලා චිම්පන්සි පලිඟු වගේ ප්‍රොටෙක්ශන් එකක් නෑ. ඒක නිසා ප්‍රොටෙක්ටිව් ස්ටිකර් එකක් නම් අනිවාර්යයෙන් දාගන්න වෙනවා. පික්සෙල් ඝණත්වය ~267ක් (Pixel Density )විතර තියනවා. ෂාර්ප් ගතිය නම් ටිකක් අඩුයි මොකද ස්ක්‍රීන් සයිස් එක 5.5" වෙන හින්දා. ඉර එලියට ඩිස්ප්ලේ එක අවුල් යන්නේ නෑ. හොඳට පේනවා. වීවින් ඈන්ගල් එක වැඩි වෙනකොට කලර්ස් ටිකක් හේදිලා යන ගතියක් තියනවා. ඒත් ඒක ගනන් ගන්න තරම් දෙයක් නෙවේ. IPS ඩිස්ප්ලේ එකක් නිසා බ්‍රයිට්නස් එක නම් ගොඩක් වැඩි කරන්න පුලුවන්.







දැන් බලමු කැමරාව ගැන.ප්‍රධාන කැම් එක 13 මෙගා පික්සෙල් එකක්. ද්විතීක කැමරාව 5 මෙගා පික්සෙල්. ප්‍රධාන කැම් එක ගැන කතාකරන්න දෙයක් නෑ. සුපිරි. මම HTC M8 එකක් යූස් කලා. HTC Butterfly එකක් යූස් කලා. ඒත් මේකේ කැම් එක සාමාන්‍යයෙන් HTC කැම් වලට වඩා ගොඩක් කොලිටි ෆෝටෝස් නිපදවනවා. ඒත් ලෝ ලයිට් (Low Light) වෙලාවට නම් කැම් එකේන් ගොඩක් නොයිසි (Noise) ෆොටෝස් තම එන්නේ. වීඩියෝ උපරිම රෙසලූශන් එක 1080පී. ඒත් කොලිටි එක අවුලක් නෑ. පොඩ්ඩක් කලර්ස් උනුසුම් (warm) ගතියක් තියනවා. සෙල්ෆී කැම් එක ගැන කියන්න විශේෂ දෙයක් නෑ. පොඩ්ඩක් වයිඩ් (wide) උනානම් හොඳයි කියලා හිතෙනවා.
සාම්පල් කීපයක් දැම්ම ඔන්න මෙතනින් බලාගන්න.

http://i.imgur.com/p07Ztaz.jpg
http://i.imgur.com/WNpdZeN.jpg
http://i.imgur.com/er0Ivm5.jpg


ඉස්සරහ ස්ටීරියෝ ස්පීකර් එක්ක මේ ෆෝන් එක එන්නේ. HTC ෆෝන් කොහොමත් නියම සවුන්ඩ් කොලිටි වලට ප්‍රසිද්ධයි. මේකෙත් වෙනසක් නෑ. පට්ටම පට්ට සවුන් කොලිටි එකක් ස්ටීරියෝ ස්පීකර් එකෙනුත් හෙඩ්සෙට් එකෙනුත් ලැබෙනවා.


බැටරි ලයිෆ් එක ගැන කියනවානම් ගලවන්න බැරි සීල් කරලා එන 2600 mAh බැටරියක් තමා එන්නේ. එක පාරටනම් අයියෝ මදි කියලා හිතුනට කියන්න ඕනේ දවසක් බර වැඩ කරලා තියාහන්න පුලුවන්. මම බර වැඩ කිව්වේ පැය 4ක් විතර වෙබ් බ්‍රවුසින්, කැමරා ඔන් පැය 1 ක් වගේ , කෝල්ස් පැය 4 ක් වගේ, මීඩියා පැය 2ක් වගේ තව ඔය විකාර වැඩ ටිකක් එක්ක.


සම්බන්ධතා ගැන කියනවානම් 4G LTE , බලුදත් 4.0 (Bluetooth), මයික්‍රෝ USB 2.0 පෝර්ට්, DLNA, FM Radio වගේ ඒවා තියනවා.

අන්තිමට කියන්න තියෙන්නේ ගෙවන ගානට ඒ කියන්නේ රුපියල් 32000ත් 37000 ත් අතර (වොරන්ටි අනුව වෙනස් වෙනවා) ගන්න තියන හොඳ තෝරා ගැනීම් වලින් එකක්. අපි දැන් වාසි සහ අවාසි බලමු.

වාසි.

1. හොඳ කැමරා කොලිටි එක
2. පට්ටම පට්ට සවුන් කොලිටි එක (ලවුඩ්ස්පීකර් සහ හෙඩ්සෙට් දෙකම පට්ට)
3. ලොකු 5.5" Super LCD2 ඩිස්ප්ලේ එක
4. හොඳ බැටරි ලයිෆ් එක
5. HTC සෙන්ස් UI මරු

අවාසි.

1. ප්ලාස්ටික් බිල්ඩ් එක. (නරකමත් නෑ)
2. ස්ක්‍රීන් ෂාර්ප්නස් එක ටිකක් අඩුයි
3. ඩිස්ප්ලේ ආරක්ෂාවට මුකුත් නැත

එහෙමනම් අපි ගියා. මගේ S6 EDGE එකේ රිවීව් එකත් ලඟදිම දාන්නම්. ප්‍රස්න තියනවනම් ඉතින් දන්නවනේ. කොමෙන්ටුවක් දාපල්ලා. බලලා උගුඩුවෝ වගේ නිකම්ම යන්න එපා. තව එකෙකුට පේන්න බම්පියවක්වත් දාපල්ලා.
__________________________________________________ __________________________________________________ ______________________
මාගේ අනිත් නූල් කීපයක්

එලකිරි ෆෝන් බයින් ගයිඩ්
http://www.elakiri.com/forum/showthread.php?t=1672987

ග්‍රැෆික් කාඩ් බයින් ගයිඩ්
http://www.elakiri.com/forum/showthread.php?t=1673972

කොරියන්ගේ G4 භාණ්ඩේ
http://www.elakiri.com/forum/showthread.php?t=1675353

ඇල්ටෝ 800 සහ ඇල්ටෝ K10 ගන්න හදන අයට
http://www.elakiri.com/forum/showthread.php?t=1670572

Zombi කැ* ෆන්ගයි
http://www.elakiri.com/forum/showthread.php?t=1676155

අනන්තය ලඟ….
http://www.elakiri.com/forum/showthread.php?t=1676205

සමාජ ඇසුර
http://www.elakiri.com/forum/showthread.php?t=1671136

Last edited by djiresh; 06-04-2015 at 11:54 AM.
Reply With Quote
(#2)
Old
C h o p p e's Avatar
C h o p p e C h o p p e is offline
Senior Member
C h o p p e is a name known to allC h o p p e is a name known to allC h o p p e is a name known to allC h o p p e is a name known to allC h o p p e is a name known to allC h o p p e is a name known to allC h o p p e is a name known to allC h o p p e is a name known to allC h o p p e is a name known to allC h o p p e is a name known to allC h o p p e is a name known to all
 
Posts: 12,220
Join Date: Dec 2010
Location: පාතාලේ
06-03-2015, 02:26 PM

bump
Reply With Quote
(#3)
Old
maxxan's Avatar
maxxan maxxan is offline
Senior Member
maxxan is a glorious beacon of lightmaxxan is a glorious beacon of lightmaxxan is a glorious beacon of lightmaxxan is a glorious beacon of lightmaxxan is a glorious beacon of lightmaxxan is a glorious beacon of lightmaxxan is a glorious beacon of lightmaxxan is a glorious beacon of lightmaxxan is a glorious beacon of lightmaxxan is a glorious beacon of lightmaxxan is a glorious beacon of light
 
Posts: 13,625
Join Date: Jul 2010
Location: thumpane>Melbourne, Australia
06-03-2015, 02:29 PM

bump
Reply With Quote
(#4)
Old
BlueBat's Avatar
BlueBat BlueBat is offline
Senior Member
BlueBat is a splendid one to beholdBlueBat is a splendid one to beholdBlueBat is a splendid one to beholdBlueBat is a splendid one to beholdBlueBat is a splendid one to beholdBlueBat is a splendid one to beholdBlueBat is a splendid one to beholdBlueBat is a splendid one to beholdBlueBat is a splendid one to beholdBlueBat is a splendid one to beholdBlueBat is a splendid one to behold
 
Posts: 16,046
Join Date: Aug 2011
06-03-2015, 02:31 PM

patta machan
math gift ekak denna HTC 816 ekai sony C3 ekai athara hirawela inne. mokakda ban hoda? sony c3 ekth ekka compare kaloth mokakda hoda.
Reply With Quote
(#5)
Old
**..RoCk sTaR..**'s Avatar
**..RoCk sTaR..** **..RoCk sTaR..** is offline
Senior Member
**..RoCk sTaR..** is a glorious beacon of light**..RoCk sTaR..** is a glorious beacon of light**..RoCk sTaR..** is a glorious beacon of light**..RoCk sTaR..** is a glorious beacon of light**..RoCk sTaR..** is a glorious beacon of light**..RoCk sTaR..** is a glorious beacon of light**..RoCk sTaR..** is a glorious beacon of light**..RoCk sTaR..** is a glorious beacon of light**..RoCk sTaR..** is a glorious beacon of light**..RoCk sTaR..** is a glorious beacon of light**..RoCk sTaR..** is a glorious beacon of light
 
Posts: 3,017
Join Date: May 2014
Location: party...where ??
06-03-2015, 02:35 PM

මාරු සහෝ
Reply With Quote
(#6)
Old
djiresh's Avatar
djiresh djiresh is offline
Senior Member
djiresh is a glorious beacon of lightdjiresh is a glorious beacon of lightdjiresh is a glorious beacon of lightdjiresh is a glorious beacon of lightdjiresh is a glorious beacon of lightdjiresh is a glorious beacon of lightdjiresh is a glorious beacon of lightdjiresh is a glorious beacon of lightdjiresh is a glorious beacon of lightdjiresh is a glorious beacon of lightdjiresh is a glorious beacon of light
 
Posts: 555
Join Date: Jul 2007
Location: Colombo
Send a message via Skype™ to djiresh
06-03-2015, 02:36 PM

Quote:
Originally Posted by BlueBat View Post
patta machan
math gift ekak denna HTC 816 ekai sony C3 ekai athara hirawela inne. mokakda ban hoda? sony c3 ekth ekka compare kaloth mokakda hoda.
සෑහෙන හිරවෙන කේස් එකක්. HTC එකට ලොලිපොප් ඇවිල්ල තිබ්බනම් කෙලින්ම කියන්න තිබ්බ HTC එක කියලා. ඒත් C3 එකට ලොලිපොප් තියනවා. අනික් අතින්නම් HTC එක හොඳයි. ඒත් C3 එකත් පට්ට. මම ගන්නවනම HTC එකට යනවා මචන්.
Reply With Quote
(#7)
Old
Rangau2's Avatar
Rangau2 Rangau2 is offline
Senior Member
Rangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to all
 
Posts: 21,580
Join Date: Dec 2008
Location: කඩුවෙල :)
Send a message via AIM to Rangau2 Send a message via Yahoo to Rangau2 Send a message via Skype™ to Rangau2
06-03-2015, 02:37 PM

ගුඩ් පොස්ට් මචං
Reply With Quote
(#8)
Old
BlueBat's Avatar
BlueBat BlueBat is offline
Senior Member
BlueBat is a splendid one to beholdBlueBat is a splendid one to beholdBlueBat is a splendid one to beholdBlueBat is a splendid one to beholdBlueBat is a splendid one to beholdBlueBat is a splendid one to beholdBlueBat is a splendid one to beholdBlueBat is a splendid one to beholdBlueBat is a splendid one to beholdBlueBat is a splendid one to beholdBlueBat is a splendid one to behold
 
Posts: 16,046
Join Date: Aug 2011
06-03-2015, 02:41 PM

Quote:
Originally Posted by djiresh View Post
සෑහෙන හිරවෙන කේස් එකක්. HTC එකට ලොලිපොප් ඇවිල්ල තිබ්බනම් කෙලින්ම කියන්න තිබ්බ HTC එක කියලා. ඒත් C3 එකට ලොලිපොප් තියනවා. අනික් අතින්නම් HTC එක හොඳයි. ඒත් C3 එකත් පට්ට. මම ගන්නවනම HTC එකට යනවා මචන්.
ela. Thank machan idea ekata
Reply With Quote
(#9)
Old
grand1's Avatar
grand1 grand1 is offline
Senior Member
grand1 is a glorious beacon of lightgrand1 is a glorious beacon of lightgrand1 is a glorious beacon of lightgrand1 is a glorious beacon of lightgrand1 is a glorious beacon of lightgrand1 is a glorious beacon of lightgrand1 is a glorious beacon of lightgrand1 is a glorious beacon of lightgrand1 is a glorious beacon of lightgrand1 is a glorious beacon of lightgrand1 is a glorious beacon of light
 
Posts: 2,175
Join Date: Jul 2014
Location: හැමතැනම
Send a message via AIM to grand1 Send a message via Yahoo to grand1
06-03-2015, 02:48 PM

HTC BUMP
Reply With Quote
(#10)
Old
Mr. Shan's Avatar
Mr. Shan Mr. Shan is offline
Senior Member
Mr. Shan is a glorious beacon of lightMr. Shan is a glorious beacon of lightMr. Shan is a glorious beacon of lightMr. Shan is a glorious beacon of lightMr. Shan is a glorious beacon of lightMr. Shan is a glorious beacon of lightMr. Shan is a glorious beacon of lightMr. Shan is a glorious beacon of lightMr. Shan is a glorious beacon of lightMr. Shan is a glorious beacon of lightMr. Shan is a glorious beacon of light
 
Posts: 2,349
Join Date: Dec 2013
Location: In your mind
06-03-2015, 02:52 PM

Quote:
Originally Posted by djiresh View Post
සෑහෙන හිරවෙන කේස් එකක්. HTC එකට ලොලිපොප් ඇවිල්ල තිබ්බනම් කෙලින්ම කියන්න තිබ්බ HTC එක කියලා. ඒත් C3 එකට ලොලිපොප් තියනවා. අනික් අතින්නම් HTC එක හොඳයි. ඒත් C3 එකත් පට්ට. මම ගන්නවනම HTC එකට යනවා මචන්.
Machan HTC 816 ekata Lollipop update eka enawa..mata dawas 3kata kalin office eken dunna me phone eka on karala wifi connect kala witharai lollipop update eka awa..kiyanna waradak na pixel density eka thamai poddak madi..
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06439 seconds with 9 queries