ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Health & Lifestyle
Reload this Page ලේ දන් දෙන්නන්ගේ MEGA ත්‍රෙඩ් එක
View Poll Results: WHAT IS YOUR BLOOD GROUP ??
A+ 70 13.08%
O+ 232 43.36%
B+ 152 28.41%
AB+ 27 5.05%
A- 7 1.31%
O- 27 5.05%
B- 19 3.55%
AB- 1 0.19%
Voters: 535. You may not vote on this poll

Reply
 
Thread Tools
(#1)
Old
ijay's Avatar
ijay ijay is offline
Senior Member
ijay is a name known to allijay is a name known to allijay is a name known to allijay is a name known to allijay is a name known to allijay is a name known to allijay is a name known to allijay is a name known to allijay is a name known to allijay is a name known to allijay is a name known to all
 
Posts: 7,542
Join Date: Aug 2014
Location: MaHaRaGaMa
Up ලේ දන් දෙන්නන්ගේ MEGA ත්‍රෙඩ් එක - 06-25-2015, 02:27 PM

ඔයාලත් අසරණ කෙනෙක්ගේ ජීවිත ආයාචනයට පිහිටක් වෙන්න කැමතිනම් මේකේ තමන්ගේ ලේ වර්ගෙට වෝට් එකක් දෙන්න...

ලේ ඕනා කෙනෙක්ට එතකොට හදිස්සියට හොයාගන්න පුලුවන්නේ

ලේ දෙන්න ගන්න පුලුවන් විදිහ මේ එකේ තියෙනවා


මේ ටිකත් කියවලාම යන්න Blog එකකින් ඉස්සුවේ..

මටත් ලේ දෙන්න පුළුවන් ද..?


ඔව්ů
ඇත්තට ම ඔබේ සිතේ ඇතිවෙන එවැනි සිතුවිල්ලක් පවා බොහෝ පින් ජනිත කරවනවා. හැබැයි ලේ දන්දීම පිණිස ඔබ යම් අවශ්‍යතාවන් කිහිපයක් සම්පූර්ණ කළ යුතු වෙනවා.

ඒ සඳහා ඔබ,
  • වයස 18-55 අතර සිටිනා අයෙකු විය යුතු යි.
  • කිලෝග්‍රෑම් 50ට වඩා බරින් වැඩි විය යුතු යි.
  • නිරෝගී අයෙකු විය යුතු යි.
  • අවසන් වරට ලේ දන් දී මාස හතරක් වත් ගත වී තිබිය යුතු යි.

ඉහත කරුණු සම්පූර්ණ නම් මූලික වශයෙන් ලේ දන්දීම පිණිස ඔබට ඉදිරිපත් විය හැකි යි. නමුත් එහි දී ඒ සඳහා ඔබ සුදුසු දැ යි තීරණය කිරීමට යම් ප්‍රශ්න මාලාවකට පෞද්ගලිකව පිළිතුරු ලිවීමට ඔබට සිදු වෙනවා.
ඉන් පසු ඒ පිළිබඳ ව පෞද්ගලිකත්වය බොහෝ අගයන වෛද්‍යවරයෙකු සමග සුළු මොහොතක් පෞද්ගලිකව කථා බස් කිරීමට අවස්ථාව ලැබෙනවා. එහි දී අදාළ සෞඛ්‍ය අවශ්‍යතා සම්පූර්ණ නම් ජීවිතයක් බේරා ගැනීමට තම රුධිරය දන් දෙන ශ්‍රේෂ්ඨ මිනිසෙකු වීමේ අවස්ථාව ඔබට උදාවෙනවා.


ඒ ප්‍රශ්නවලට බොරු උත්තර ලිව්වොත්ů

එය නම් කිසිසේත් ම සදාචාරාත්මක නැහැ. අවබෝධයෙන් ම බුදු රජාණන් වහන්සේ සරණ ගිය ඔබේ ශ්‍රාවකත්වයට ගැලපෙන්නෙත් නැහැ. සිල්පදයකුත් බිඳෙනවා. ඒ විතරක් නොවෙයි එසේ කිරීමෙන් රුධිරය ලබා ගන්න අසරණ රෝගියා ගේ ජීවිතයත් අනතුරට ලක් වෙනවා. එම නිසා කිසි ම හේතුවක් මුල් කරගෙන අදාළ පෝරමයේ බොරු ලියන්න එපා.
රුධිරය ඔස්සේ බෝවෙන රෝග ගණනාවක් තිබෙනවා. ඒඩ්ස් වගේ මාරාන්තික රෝග පමණක් නොවෙයි, සෙංගමාලය, මැලේරියාව වගේ ම අනෙකුත් සමාජ රෝගත් රුධිරය ඔස්සේ පැතිරෙනවා. ලේ දෙන කෙනා අදාළ රෝගයකින් යුතු නම්, ලේ ලබා ගන්නා රෝගියාට ත් ඒ රෝගය වැළඳීමේ ඉතා ඉහළ ඉඩකඩක් තිබෙනවා. ඒ නිසා තමයි එම ප්‍රශ්න මඟින් රුධිර දායකයා වන ඔබට එබඳු රෝග පැවතීමේ ඉඩකඩක් තිබෙනවා ද කියා පරීක්ෂා කරන්නේ. එම සමස්ත ක්‍රියාවලියේම අරමුණ අසරණ රෝගියෙක් ව ජීවත් කරවීම යි. ඒ නිසා කෙසේවත් අදාළ පෝරමයට බොරු උත්තර ලියන්න එපා. එසේ ලබා දෙන රුධිරය පෙර සඳහන් කළ රෝග සඳහා රසායනික ව පරීක්ෂාවට ලක් කිරීම අනිවාර්යයෙන් ම සිදු වන්නක්. ඒ නිසාම බොහෝ දෙනෙක් තමන්ට එබඳු රෝග වැළඳී ඇත්දැ යි පරීක්ෂා කර ගැනීම පිණිස ත් ලේ දන් දෙන්න පෙළඹෙනවා. එය නම් කිසිසේත් ම නො කළ යුත්තක්. එමඟින් එම ලේ ගන්නා රෝගියා ගේ ජීවිතය බරපතළ ලෙස අවදානමකට ලක් වෙනවා.
එම පරීක්ෂාවේ දී අදාළ රෝගය යමෙකුට වැළඳී තිබෙනවා දැ යි නිගමනය කිරීමට නම්, එම රෝග කාරකයට විරුද්ධව රුධිරය තුළ නිපදවෙන ප්‍රතිදේහ ප්‍රමාණය එක්තරා අගයකට වඩා වැඩි විය යුතු යි. උදාහරණයක් ලෙස ඒඩ්ස් ආසාදිතයෙක් ගනිමු. ඔහුට HIV වෛරසය ශරීර ගත වී මාස කිහිපයක් ඇතුළත දී ඒ සඳහා රුධිරය පරීක්ෂා කිරීමෙන් ඒඩ්ස් වැළැඳී ඇද්දැ යි නිගමනය කළ නො හැකි යි. ගත වී තිබෙන්නේ, කෙටි කාලයක් නිසා එහි දී හුදෙක් රුධිර පරික්ෂාවකින් පමණක් එය හසු කරගැනීමේ හැකියාවක් නැහැ. එනිසා ම එබඳු අයෙකු ලේ දුන් විට ඔහු ගේ රුධිරය නිරෝගී අයෙකු ගේ රුධිරය ලෙසට යි, අදාළ රසායනික පරීක්ෂණයෙන් පසු සටහන් වන්නේ. මේ නිසා, එබඳු ලේ ශරීර ගත කිරීම මගින් එම ලේ ලබා ගන්නා රෝගියාට ත් එම රෝගය වැළඳීම සිදු වෙනවා. නමුත්, එම භයානක තත්වය මඟ හරවා ගැනීම පිණිස යි අදාළ පෝරමය තුළ ඔබේ පෞද්ගලික ජීවිතය පිළිබඳව ඇතැම් ප්‍රශ්න අසන්නේ. මේ නිසා ඔබ ලේ දන්දෙන විට එම පෝරමයේ සත්‍යය ම සටහන් කරන්න. සිල්වත් ව තිසරණය රැකගෙන ජීවිතයක් සුරකින්න අවස්ථාව එවිට උදාවේවි.


එතකොට මගේ පෞද්ගලිකත්වය අවදානමට ලක්වෙයි ද..?
ඇත්තෙන්ම නැහැ. මේ නිසයි අදාළ පෝරමය පෞද්ගලිකව ම පිරවීමටත් අදාළ වෛද්‍යවරයා සමඟ පෞද්ගලිකව කථා බස් කිරීමටත් ඔබට අවස්ථාව ලැබෙන්නේ. එම වෛද්‍යවරයා වෛද්‍ය වෘත්තියේ මූලික මූලධර්මවලට අනුව ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා. එම නිසා ඒ සඳහා අදාළ ඕනෑ ම දෙයක් ගැන එම වෛද්‍යවරයා සමඟ සෘජු ව ම කථා බස් කිරීමට පැකිලෙන්න එපා.

අයියෝ..! මම ලේ දෙන්න නුසුදුස්සෙක් වුණොත්ů.
ඒ ගැන පසුතැවෙන්න එපා. ලේ දන්දෙන්න ඔබට නො හැකි වුණ පළියට ඒ සඳහා යම් දායකත්වයක් ලබා දෙන්න බැහැ කියන එක ඉන් අදහස් වෙන්නේ නැහැ. කරන්න පුළුවන් දේවල් තව ගොඩක් තියෙනවා. උදාහරණයක් ලෙසට ඒ සඳහා අදාළ සුදුසුකම් සම්පූර්ණ යැයි සිතෙන ඔබේ හිතවතුන් ව ලේ දන්දීම පිළිබඳව දැනුවත් කිරීම දැක්විය හැකි යි. ඒ විතරක් නොවෙයි, යාළුවන් පිරිසක් ඉන්නවා නම්, ඒ අයත් එක්ක ම එකතු වෙලා, ලේ දන්දීමක් ඔබේ ගමේ පාසලේ හෝ රැකියා ස්ථානයේ සංවිධානය කරන්නත් පුළුවන්. එවිට ගොඩක් අයට ලේ දන් දෙන්න අවස්ථාව උදාවේවි. එයින් ඔබේ ජීවිතයට බොහෝ පින් රැස් කරගන්න පුළුවන්.


දුර්ලභ ගණයේ රුධිර පරිත්‍යාගශීලීන්ගේ සංගමය (Rare Donor Club)
සාමාන්‍යයෙන් හැමෝට ම තිබෙන්නේ එක ම ලේ වර්ගයක් නොවෙයි. ඉතා ම දුර්ලභ ලේ වර්ගත් තිබෙනවා. එබඳු ලේ වර්ගයක් තිබෙනා රෝගියෙකු සඳහා රුධිරය ලබා දීමට සිදු වූ විට, අදාළ ලේ වර්ගය සොයා ගැනීමට ඉතා අපහසු විය හැකි යි. ඒ නිසා එම අපහසුතා මග හැරීම පිණිස ජාතික ලේ දන්දීමේ සේවය මඟින් ôදුර්ලභ ගණයේ රුධිර පරිත්‍යාගශීලීන් ගේ සංගමයö නමින් සංගමයක් පිහිටුවා තිබෙනවා.
ඔබේ ලේ වර්ගයත් ඕ-නෙගටිව් (O-negative), බී-නෙගටිව් (B-negative), ඒ-නෙගටිව් (A-negative), ඒබී-නෙගටිව් (AB-negative) හෝ ඒබී-පොසිටිව් (AB-positive) නම්, ඔබත් දුර්ලභ ලේ වර්ගයක් යුතු අයෙක්. නිරතුරු ලේ දන්දෙන ඔබේ ලේ වර්ගයත් මෙබඳු දුර්ලභ ලේ වර්ගයක් නම්, ඔබටත් මේ සංවිධානයේ ලියාපදිංචි වීමේ අවස්ථාව තිබෙනවා. එවිට කවරෙකුට හෝ හදිසියේ ඔබේ ලේ වර්ගය අවශ්‍ය වුවහොත් ජාතික ලේ දන්දීමේ සේවය ඔබට ඒ පිළිබඳව දැනුම් දෙනවා. එවිට ඔබට එම අසරණ රෝගියා වෙනුවෙන් රුධිරය දන් දිය හැකි යි. ඒ අයුරින් ජීවත් වන්නට වෙරදරනා අයෙකුට ජීවිතය දෙන්න උපකාර කළ හැකි නම්, ඔබ හැබෑ ම වීරයෙක්ů.



Last edited by ijay; 06-26-2015 at 12:38 AM.
Reply With Quote
(#2)
Old
Iridium Iridium is offline
Banned
Iridium will become famous soon enough
 
Posts: 69
Join Date: Jun 2015
Location: Galle
06-25-2015, 02:29 PM

Mcn lee warge balaganne kmada
Reply With Quote
(#3)
Old
ijay's Avatar
ijay ijay is offline
Senior Member
ijay is a name known to allijay is a name known to allijay is a name known to allijay is a name known to allijay is a name known to allijay is a name known to allijay is a name known to allijay is a name known to allijay is a name known to allijay is a name known to allijay is a name known to all
 
Posts: 7,542
Join Date: Aug 2014
Location: MaHaRaGaMa
Up 06-25-2015, 02:32 PM

Quote:
Originally Posted by Iridium View Post
Mcn lee warge balaganne kmada
medical clinic එකකින් බලාගන්න පුලුවන්..
Reply With Quote
(#4)
Old
r runner's Avatar
r runner r runner is offline
Senior Member
r runner is a name known to allr runner is a name known to allr runner is a name known to allr runner is a name known to allr runner is a name known to allr runner is a name known to allr runner is a name known to allr runner is a name known to allr runner is a name known to allr runner is a name known to allr runner is a name known to all
 
Posts: 2,518
Join Date: May 2015
06-25-2015, 02:34 PM

group B positive .... height 5'9"... weight 70... any time can donate
Reply With Quote
(#5)
Old
r runner's Avatar
r runner r runner is offline
Senior Member
r runner is a name known to allr runner is a name known to allr runner is a name known to allr runner is a name known to allr runner is a name known to allr runner is a name known to allr runner is a name known to allr runner is a name known to allr runner is a name known to allr runner is a name known to allr runner is a name known to all
 
Posts: 2,518
Join Date: May 2015
06-25-2015, 02:39 PM

උබ හරි කපටි රෙප් හොරෙක් මචං
Reply With Quote
(#6)
Old
mdrc111's Avatar
mdrc111 mdrc111 is offline
Senior Member
mdrc111 is a glorious beacon of lightmdrc111 is a glorious beacon of lightmdrc111 is a glorious beacon of lightmdrc111 is a glorious beacon of lightmdrc111 is a glorious beacon of lightmdrc111 is a glorious beacon of lightmdrc111 is a glorious beacon of lightmdrc111 is a glorious beacon of lightmdrc111 is a glorious beacon of lightmdrc111 is a glorious beacon of lightmdrc111 is a glorious beacon of light
 
Posts: 4,465
Join Date: Oct 2009
Location: දක්ශින දේශය
Send a message via Skype™ to mdrc111
06-25-2015, 02:49 PM

O-
දැනට 3 සැරයක් දීල තියෙනවා

Last edited by mdrc111; 06-25-2015 at 02:52 PM.
Reply With Quote
(#7)
Old
prasadmanjulago prasadmanjulago is offline
Senior Member
prasadmanjulago is a jewel in the roughprasadmanjulago is a jewel in the roughprasadmanjulago is a jewel in the roughprasadmanjulago is a jewel in the roughprasadmanjulago is a jewel in the roughprasadmanjulago is a jewel in the roughprasadmanjulago is a jewel in the rough
 
Posts: 1,258
Join Date: Aug 2010
06-25-2015, 02:55 PM

o+ denata thun serayak dunna.
Reply With Quote
(#8)
Old
tnnera's Avatar
tnnera tnnera is offline
Senior Member
tnnera is a glorious beacon of lighttnnera is a glorious beacon of lighttnnera is a glorious beacon of lighttnnera is a glorious beacon of lighttnnera is a glorious beacon of lighttnnera is a glorious beacon of lighttnnera is a glorious beacon of lighttnnera is a glorious beacon of lighttnnera is a glorious beacon of lighttnnera is a glorious beacon of lighttnnera is a glorious beacon of light
 
Posts: 5,665
Join Date: Sep 2007
Location: Angoda
06-25-2015, 04:35 PM

O+, rady to donate if in sri lanka.....
Reply With Quote
(#9)
Old
maraputha's Avatar
maraputha maraputha is offline
Senior Member
maraputha is a glorious beacon of lightmaraputha is a glorious beacon of lightmaraputha is a glorious beacon of lightmaraputha is a glorious beacon of lightmaraputha is a glorious beacon of lightmaraputha is a glorious beacon of lightmaraputha is a glorious beacon of lightmaraputha is a glorious beacon of lightmaraputha is a glorious beacon of lightmaraputha is a glorious beacon of lightmaraputha is a glorious beacon of light
 
Posts: 5,026
Join Date: Dec 2014
06-25-2015, 04:36 PM

o+ denata thun serayak dunna.
Reply With Quote
(#10)
Old
OptimusáPrime's Avatar
OptimusáPrime OptimusáPrime is offline
Senior Member
OptimusáPrime is a glorious beacon of lightOptimusáPrime is a glorious beacon of lightOptimusáPrime is a glorious beacon of lightOptimusáPrime is a glorious beacon of lightOptimusáPrime is a glorious beacon of lightOptimusáPrime is a glorious beacon of lightOptimusáPrime is a glorious beacon of lightOptimusáPrime is a glorious beacon of lightOptimusáPrime is a glorious beacon of lightOptimusáPrime is a glorious beacon of lightOptimusáPrime is a glorious beacon of light
 
Posts: 7,086
Join Date: Mar 2011
Location: Planet Cybertron
06-25-2015, 04:41 PM

O+, ලේ දීල නෑ. ලේ දෙන්න පට්ට ආසයි. ඒත් 54kg - 55kg විතර බර. රන්ජන් රාමනායකට වුන දේ වෙයි කියල නොදී ඉන්නෙ.
Reply With Quote
Reply

Bookmarks

Tags
! page18-fb group, !! ashmi katata ganin, !! ashmita gahanna ona, අපි ලේ දෙමු :cool:, ජිවිත බේරමු!, be a doctor, be a hero, blood, blood donation, blood donor sri lanka, bo1, bo2, bump this thread everyday, donate, le demu, lets save lives, o+.ab+.ab-.a+.a-.b+.b-.o-, pirisidu wemu, tell us ur blood group

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright ę 2006 - 2011 ElaKiriÖ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03791 seconds with 11 queries