හැකියාවේ සහ අශ්චර්යයේ නිත්‍ය නිරූපණයයි

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
හැකියාවේ සහ අශ්චර්යයේ නිත්‍ය නිරූපණයයි

මොහු ඉපදුනේ වසර 2002 අසිරිමත් නත්තලට පෙර දිනයේය. උපතින්ම පසුපස ගාත් දෙක පමණක් හිමිවූ මෙම අසරණයා හට තම ම‍වගේ සරණද නොලැබුනි. මුල් හිමිකරුටද මොහු පිළිබද නිසි හැඟීමක් නොතිබුනි.

වාසනාවකි, මොහුගේ දෙවැනි හිමිකාරිණිය වන ජූඩ් ස්ට්‍රින්ග්ෆෙලෝව් (Jude Stringfellow) මොහු පිළිබඳ ඉතා සැලකිලිමත්ය. ඇත්තෙන්ම ඇයට අවශ්‍ය වූගේ මොහු මොහුගේම උත්සාහයෙන් වැඩක් කරනු දැකීමය.

ඇය විසින් මොහු නම් කරන ලද්දේ “Faith (විශ්වාසය)” ලෙසයි.

89160895.jpg


ආරම්භයේදී ඇය ‍ෆේත්ව දියමත ලිස්සා යන පුවරුවක (surfboard) තබා චලනයන් පිළිබඳ හැඟීමක් ඔහුට ලබා දුනි. අනතුරුව ඇය උපායක් ලෙස රටකජු බටර් හැන්දක තවරා ඒවා කෑමට ඔහු පෙළඹවීය. ඒ අනුව ෆේත් දෙපයින් හිටගැනීමටත්, උඩපැනීමටත් උගත්තේය. මේ සඳහා ගෙදර සිටි අනෙක් සුනඛ යහළුවාද ෆේත්ව නිරන්තරයෙන් දිරිමත් කරන ලදි.

මවිතයකි, ගතවූයේ සය මසකි. ආශචර්යමත් ලෙස, පසුපස ගාත් දෙකෙන් සිටගැනීමටත් ඉදිරියට පැනීමටත් ෆේත් උගත්තේය. අනතුරුව හිම මත පුහුණුවත් සමගින් ඔහු වැඩිදුරටත් ඇවිදීමට උගත්තේය.

62759902.jpg


‍ෆේත් ඇවිදීමට ඉතා ප්‍රිය කලේය. ය‍න හැම තැනකදීම සියල්ලන්ගේම නෙත් සිත් පැහැර ගැනීමට ඔහු සමත් විය. ඔහු ජාත්‍යන්තර මට්ටමින් ඉතා වේගයෙන් ජනප්‍රිය වන්නට විය. විවධ පුවත්පත් සහ රූපවාහිණී වැඩසටහන් රැසක් ඔහු අලලා ගොඩනැගුනි. 'With a Little Faith' නමින් පොතක්ද ලියවි ඇත. Harry Potter චිත්‍රපටයකට ද සම්බන්ධකර ගැනීමට සලකාබලන බවටද වාර්තාවිය.

26270246.jpg


මොහුගේ වර්ථමාන හිමිකාරිණිය වන ජූඩ් ස්ට්‍රින්ග්ෆෙලෝව් (Jude Stringfellow) විසින්
"පරිපූර්ණ ශරීරයක් නොමැතිව වුවද පරිපූර්ණ ආත්මයක් හිමිකර ගතහැකිය”
යන මැයෙන් ලොව වටා දේශන පැවැත්වීම සඳහා ෆේත්ව කැටුව යාමටද අමතක නොකරයි.

60772807.jpg



20260859.jpg


39368462.jpg


70828944.jpg


62316427.jpg


60074980.jpg


22842830.jpg


ජීවිතයේ කොතෙකුත් අප්‍රසන්න, නීරස තැන් හමුවේ.
වඩා වැදගත් වන්නේ එවැනි අවස්ථාවන්හිදි වෙනත් පැත්තකින්, දෘෂ්ඨියකින් එදෙස බැලීමය.

සියල්ල සුභවාදිලෙස දැකීමට ඔබත් පුරුදුවන්න. උදාවන හැම දවසක්ම ලස්සන දවසක් කරගන්න. අවට සිටින සෑම සත්වයකුටම ආදරය කරන්න. උදව් කරන්න. ඔබේ එක වචනයකින් තවකෙකුගේ මුළු ජීවිතයක්ම වෙනස්විය හැකි බව විශ්වාස කරන්න.

මෙම පණිවි‍ඩය නව බලාපොරොත්තු වලින් සිත පුරවාගැනීමට දිරියක්ම වේවා.

ෆේත් යනු ජීවිතයේ හැකියාවේ සහ අශ්චර්යයේ නිත්‍ය නිරූපණයයි.

මට මේක මේල් එකකින් ආපු එකක්.
සිංහලට පරිවර්ථනය කිරීමේදි දෝෂ ඇතිවි ඇත්නම් මුල් වාර්ථාව සැකසූ අයගෙන් සමාව අයදිමි.
මගේ අදහස් වලින් අවසානය සටහන් කර ඇත. ස්තූතියි.

 
Last edited: