ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > History
Reload this Page ගොඩපවත ලිපිය
Reply
 
Thread Tools Display Modes
(#1)
Old
Ayano Mori Ayano Mori is offline
Member
Ayano Mori is an unknown quantity at this point
 
Posts: 50
Join Date: Jul 2010
ගොඩපවත ලිපිය - 12-23-2010, 10:55 AM

Top Lanka News
මීට ටික දිනකට ඉහත ටැමිල්නෙට් අඩවියේ ගොඩපවත සෙල්ලිපිිය පිළිබද විස්තරයක් ඉදිරිපත්වුනි. ගොඩපවත යන නම දෙමළ නමක් බවත් වරාය අවට ප‍්‍රදේශයේ දෙමළ ජනයා විසු ප‍්‍රදේශයක් බවත් ලිපිය ලියු ඊළාම්වාදියා සිතයි. මේ සදහා සිංහල සෙල්ලිපියේ වචන සමග නොයෙක් සෙල්ලම් දරන ඔහු ගොඩ යනු කෝඩු යන දෙමළ වචනය බව කියයි. එය කියවු විට ඊලාම් පොර අර මොකක්ද ගොඬේ එරී ඇති හැටි පෙනේ.

සෙල්ලිපිය මෙයයි.
Siddham Godapavata patanahi Su(ka) su(ri)yi
Raja Gamani Abaya viharata dini
යහපත්කම ඉටුවේවාෟ ගොඩපවත පටනහි සු(ක) සු (රි)යි රජ ගමිණි අභය විහරට දිනි. (සිද්ධම් යනුවෙන් මෙහි දැක්වෙන්නේ සෙල්ලිපිය කරවු රජතුමාගේ ප‍්‍රාර්ථනාවයි. රටට ශාසනයට ජනතාවට හොදක් ම වේවා යනු එහි අරුතයි. (ගොඩපවත පටුනින් (වරායෙන් උපයන රේගු බදු ආදායම මෙහි විහාරයට හිමිවියයි යුතුයි ගාමිණී අභය රජතුමා නියම කර සිටී).
මම සෙල්ලිපිය හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ මාගම් පත්තුවේ ගෝඨපබ්බත විහාරයේ ගලක කොටා ඇත්තකි. ඉංගී‍්‍රසි පාලන සමයේ විසු ඊ. ආර් අයර්ටන් (1912 1914) පුරාවිද්‍යාඥයා විසින් සොයාගෙන ලේඛන ගත කරන ලද්දකි. පුරාවිද්‍යාඥ සෙනරත් පරණවිතාන මහතා විසින් කියවා 1930 දී එතුමා සකස් කළ සෙල්ලිපි සංග‍්‍රහය යටතේ පත්කරන ලදි. සෙල්ලිපිය පිහිටවු ගාමිණී අභය රජතුමා සිංහල ඉතිහාසයේ ගජබාහු (113- 135) රජතුමා වශයෙන් පැහැදිලි කරන්නේද පරණවිතාන මහතා ම ය.
ගජබාහු රජු ජිවත් වු කාලයේ ගොඩපවත වරාය පිහිටා තිබුණේ වලවේ ගග මුහුදට වැටෙන ස්ථානයේය. පසු කලක ගගේ සහ ගං මුවදොරේ වෙනස්වීම සිදුවීම නිසා පැරණි ගොඩපවත වරයාට එහායින් දැන් ගග මුහුදට වැටෙන්නේ. මෙම විශාල ගංගාව ආශ‍්‍රිතව පුරානයේ සිංහල යුවරාජධානි පවා ගොඩනැංවී පැවතුනි. ගොඩපවත වරායෙන් විදේශ වෙළදාම පවා සිදුවු බව ගොඩපවත සෙල්ලිපිය මගින් ඔප්පුවේ.
ඊලාම්කාරයා ගොඩපවත යන්නට දෙමළ අරුත් සපයන්ඩ ගොස් එරෙන්නේ ගොඩපවත යන්න දෙමළ කිරිමට යාමෙනි. මෙය විහාරයක පිහිටුවා ඇති සෙල්ලිපියකි. ගොඩපවත යයි මෙහි සිංහල සදහන ගොඨපබ්බත යන පාලි නමේ අරුතයි. ගෝඨ (කොට) පබ්බත (පර්වතය). පාලිය අනුව ලේඛන භාෂාවෙන් එසේ නමුදු සාමාන්‍ය ජනවහර අනුව ගෝඨ පබ්බත විහාරය යන්න කොට කන්ද විහාරය වශයෙන් පරිවර්තනය කිරිමට පුලූවන. (ගෝඨ) කොට (පබ්බත විහාර ) කන්දේ විහාරය ලෙසිනි.
එදා ඈත මුහුදේ සිට එන යාත‍්‍රාවලට කොට කන්ද පන්සලේ දැල්වෙන පහන් අතිශයින් ප‍්‍රයෝජණවත් වෙන්ට ඇත.
Reply With Quote
(#2)
Old
sajithdilhan's Avatar
sajithdilhan sajithdilhan is offline
Senior Member
sajithdilhan is on a distinguished road
 
Posts: 104
Join Date: Mar 2007
02-18-2011, 07:47 PM

ela ela
Reply With Quote
Reply

Bookmarks

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.06807 seconds with 6 queries