යාපනේ

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගොඩක් අය මේ දවස් වල යාපනේ යනවා. දශක ගනනාවක් තිබුන යුද්ධේ නිමා වෙලා නිසා අපේ රටේ ඕනෑම තැනක නිදහසේ ඇවිදින්න පුලුවන්.
    යාපනේ ගැන එලකිරි අඩවියේ ගොඩාක් ත්‍රෙඩ්ස් පල වෙලා තියෙනවා. මමත් කලින් යාපනේ ගැන ත්‍රෙඩ් එකක් කලා. මම මේ අද දාන ත්‍රෙඩ් එක තවත් එක් ත්‍රෙඩ් එකක් කරගන්න මට ඕනා නෑ. ඒ නිසා පසුගිය සතියේ මම කළ යාපනේ සංචාරයේ පින්තූර කිහිපයක් ගෙදා ගන්නට හිතුවා ඔයාලත් එක්ක.

    ගමන පටන් ගත්තේ සෙනසුරාදා රෑ. එලිය වැටෙනකොට අපි කිලිනොච්චියේ.
    කිලිනොච්චියට තවත් උදෑසනක්.
    162618_130075160387925_100001563261148_221664_7312928_n.jpg


    කිලිනොච්චියට ඉර උදාවෙනවා
    164689_130075200387921_100001563261148_221665_2549871_n.jpg


    මේ මුරුකන්ඩි කෝවිල. යාපනේ යන හැමෝම මුරුකන්ඩි කෝවිල ගාව නතර වෙලා පොල් ගෙඩියක් එහෙම ගහලා ගමන් කරන එක තමා සිරිත.
    72031_130075240387917_100001563261148_221668_1143655_n.jpg


    අපි අලිමංකඩට ලඟා උනා. මේ තියෙන්නේ හසලග ගාමිනී සෙබලා ජීවිතය පරිත්‍යාග කල ස්ථානය.
    162950_130075260387915_100001563261148_221669_8262425_n.jpg


    ගමනේ වැදගත්ම ස්ථානය අලිමංකඩ. කලිනුත් මම අලිමංකඩ ගැන ත්‍රෙඩ් එකක් කලා මතක ඇති. අලිමංකඩ කියන්නේ අපේ රටේ උතුර දකුණ යා කරන ස්ථානය. මම කැමතිම ස්ථානයක්. මේ තියෙන්නේ අලිමංකඩ යුධ ස්මාරකය.
    164335_130075367054571_100001563261148_221673_2328493_n.jpg


    මේ යුධ ස්මාරකය වැදගත් වෙන්නේ ඇයි කියලා පොඩ්ඩක් කියන්නම්. සේනාංක 4 ක් එකතු වෙච්ච ස්ථානය තමයි අලිමංකඩ කියන්නේ. මේ ගමන වෙනුවෙන් අපේ හමුදාවේ 27000ක් දෙනා ජීවිතය පූජා කරලා තියෙනවා. මේ ස්මාරකය අපේ සංචාරකයන්ට ඉස්සරහා හිටගෙන පින්තූර ගන්නට හදපු එකක් නම් නෙමෙයි කියන එක මෙතන ඉන්න හැමෝටම මතක් කරන්නට ඕනා. ඊට වඩා ගොඩාක් වැදගත් තේරුමක් මේ ස්මාරකය තුල සැඟවිලා තියෙනවා.

    අලිමංකඩ අවට දිස්වෙන හැටි.
    165608_130075397054568_100001563261148_221674_2666623_n.jpg


    67117_130075413721233_100001563261148_221675_8145027_n.jpg




    තල් ගහ. යාපනේ සංකේතය වගේ. යට ඉන්න කෙනාට වඩා ගොඩාක් උසයි.
    163901_130075277054580_100001563261148_221670_3647347_n.jpg


    අලිමංකඩ තානායම පැවති ස්ථානය.
    164141_130075303721244_100001563261148_221671_2367968_n.jpg


    කලින් කීවා වගේ අලිමංකඩ කියන්නේ යාපනය අර්ධද්වීපයට ඇතුල් වෙන ස්ථානය.
    163979_130075343721240_100001563261148_221672_3268955_n.jpg


    අපි ඔහොම යාපනේට ලඟා වුනා. යාපනේ යන සෑම බෞද්ධයෙක්ම මුලින්ම යන්නේ නාගදීපය වැඳපුදා ගන්නටයි. බුදුන් වරක් වැඩි මේ උතුම් පන්සලට බෞද්ධයෙක් වශයෙන් එක් වරක් හෝ යා යුතුමයි.
    68228_130075493721225_100001563261148_221679_4832405_n.jpg


    මේ ගමන යන්නේ බෝට්ටුවෙන්.
    164125_130075607054547_100001563261148_221684_8388366_n.jpg


    65835_130075943721180_100001563261148_221702_5569517_n.jpg


    එක් ගමන් වාරයකට අයෙකුගෙන් රුපියල් 20ක් අය කරනවා.
    165561_130075963721178_100001563261148_221703_7171636_n.jpg


    165619_130075633721211_100001563261148_221686_286780_n.jpg


    164165_130075617054546_100001563261148_221685_641784_n.jpg


    මේ බුදුන් වරක් වැඩි නාගදීපය.
    68246_130075660387875_100001563261148_221687_5197034_n.jpg


    63267_130075683721206_100001563261148_221688_5691740_n.jpg


    67103_130075710387870_100001563261148_221690_8362990_n.jpg


    නාගදීපයේ අනිත් කෙරවලේ තියෙන්නේ අම්මාන් කෝවිල.
    165693_130075737054534_100001563261148_221691_4614037_n.jpg


    165580_130075780387863_100001563261148_221693_2778468_n.jpg


    මේ කෝවිලේ අලුතෙන් හදාගෙන යන කොටස. ඔය මුදුනටම ගල් වැලි ගෙනියන්න්නේ මිනිස් ශ්‍රමයෙන්.
    165667_130075803721194_100001563261148_221694_1243482_n.jpg


    යාපනේ ගතකල දවස් කිහිපය තුල මම ගත්ත ආහාර වේල්මලින් රසවත්ම ආහාර වේල ලැබුනේ අම්මාන් කෝවිලෙන්. අම්මාන් කෝවිලට එන හැමෝටම හවස 3 වෙනකන් ඇති තරම් ආහාර ගන්නට පුළුවන්. එන සෑම කෙනාගේම තරාතිරම නොබලා ආහාර ලබා දෙනවා. ඉතාමත් රසවත් මස් මාංශ වලින් තොර ආහාර වේලක්.
    65842_130075823721192_100001563261148_221695_2295794_n.jpg


    165321_130075870387854_100001563261148_221697_6584042_n.jpg


    මේ ඩෙන්සිල් කොබ්බෑකඩුව රණවිරුවානන් අවසන් හුස්ම හෙලූ ස්ථානය.
    68106_130076000387841_100001563261148_221705_7044521_n.jpg


    148249_130076023721172_100001563261148_221707_4945013_n.jpg


    යාපනේ මහජන පුස්තකාලය.
    පුස්ථකාලය ඇතුලේ ඡායාරූප ගැනීම තහනම්.
    164550_130076070387834_100001563261148_221710_5679564_n.jpg


    166116_130076060387835_100001563261148_221709_2201398_n.jpg


    165790_130076087054499_100001563261148_221711_3718026_n.jpg


    162956_130076113721163_100001563261148_221712_7838925_n.jpg


    ගමනේ රසවත්ම හරිය තමයි දැන්. මේ යාපනේ අයිස් ක්‍රීම්. යාපනේ මිදි ව්ලට වගේම අයිස්ක්‍රීම වලටත් ප්‍රසිද්ධයි. Baskin Robbins එකේවත් නෑ මේ වගේ.
    33799_130076193721155_100001563261148_221715_8147975_n.jpg


    165100_130076140387827_100001563261148_221713_5740869_n.jpg


    163632_130076160387825_100001563261148_221714_1728765_n.jpg


    හින්දු බැතිමතුන්ගේ හදවත
    නල්ලූර් කෝවිල.
    (කෝවිල තුල පින්තූර ගැනීම තහනම්)
    69761_130076203721154_100001563261148_221716_2824140_n.jpg


    163947_130076247054483_100001563261148_221718_5613979_n.jpg


    එලකිරි සංචාරකයා යාපනේ...
    65848_130076230387818_100001563261148_221717_657193_n.jpg


    යාපනේ විශ්ව විද්‍යාලය.
    165659_130076287054479_100001563261148_221720_7880339_n.jpg


    යාපනේ සාරවත් වී වගාව.
    67135_130076303721144_100001563261148_221721_6476646_n.jpg


    148258_130076320387809_100001563261148_221722_2773028_n.jpg


    164099_130076337054474_100001563261148_221723_6259347_n.jpg


    164104_130076353721139_100001563261148_221724_2021562_n.jpg


    165578_130076380387803_100001563261148_221725_3635232_n.jpg


    ඉස්සෝ කොටු යාපනේ පුරාම තියෙනවා. ඉතා අඩු මිලට හොඳ ඉස්සන් යාපනෙන් මිලදීගන්නට පුළුවන්.

    මේ කරෙයිනගර් වල ඉස්සෝ.
    74654_130076403721134_100001563261148_221726_407004_n.jpg


    63462_130076440387797_100001563261148_221727_7238143_n.jpg


    අහලා තියෙනවාද කැසිනේ වෙරල ගැන.
    163178_130076580387783_100001563261148_221733_7460701_n.jpg


    65470_130076557054452_100001563261148_221732_1209328_n.jpg


    කැසිනේ වෙරල යාපනේ කරෙයිනගර් වල තියන ලස්සනම වෙරලක්. කිලෝ මීටර 3ක් විතර දුරට මුහුදේ පයින් ඇවිදගෙන යන්න පුළුවන්. නාන්න කියාපු තැන.

    36246_130076477054460_100001563261148_221729_1485811_n.jpg


    ඔය ඈතින් පේන්නේ පේදුරුතුඩුව ප්‍රදීපාගාරය.
    163437_130076510387790_100001563261148_221730_6722513_n.jpg


    අවසානයට ගියේ හුනුගම කදුරුගොඩ විහාරයට
    166317_130076613721113_100001563261148_221735_1714926_n.jpg


    162755_130076670387774_100001563261148_221737_7178352_n.jpg


    බුදුරජානන් වහන්සේ නාගදීපයට වැඩම කල අවස්ථාවේ විවේක සුවයෙන් මේ කදුරුගොඩ විහාරයේ මද වේලාවක් වැඩවාසය කර තියෙනවා.
    165676_130076647054443_100001563261148_221736_312391_n.jpg


    63487_130076707054437_100001563261148_221738_6110129_n.jpg


    47610_130076737054434_100001563261148_221739_2147280_n.jpg


    එලකිරි සංචාරකයා තවත් සටහනක අවසානය.
    එලකිරි සංචාරකයා මීලඟ සංචාරය දක්ෂින දේශය වෙතයි.
    ඒ තොරතුරු ඉක්මනින් අරගෙන එන බලාපොරොත්තුවෙන් සමුගන්නවා.
    picture.php



     
    Last edited:

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    Niywami...Naagadeepe man giye satan wirama kaale...ehe tibba banker ehema dan naa wage..eda man giya kaaleta wada ada yaapane godak wenas wela neh...apita ehe giya wela demala maussayek hondata kanna aran dunna..mata num ee dawas wala ehe giyama danune man nikan south india wala innwa wage..

     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    නියමයි යාලුවා...........
    11.gif
    හරිම ලස්සන, පින්තුර ටිකක්..
    මේ සුන්දරත්වය විදින්නට නම් යා යුතුම වෙනවා. ස්තුතියි යාලුවා, තොරතුරු ගෙනාවාට....:yes:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    කියලා වැඩක් නැහැ. මරු රිපෝට් එක. ටික දවසක් ඔයා ගෙන් සද්දයක් නැති හින්දා කරදරයක් වත් වෙලාද කියලා හිතුවා.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කියලා වැඩක් නැහැ. මරු රිපෝට් එක. ටික දවසක් ඔයා ගෙන් සද්දයක් නැති හින්දා කරදරයක් වත් වෙලාද කියලා හිතුවා.

    :P
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    ගොඩක් වටින ත්‍රෙඩ් එකක් අය්යා..මගේ බොහොම සුන්දර මතකයන් අවදි වුනා..
    මාත් අපෙ පවුලෙ අයත් එක්ක යාපනෙ ගියා 2002 දි...
    දැන් නම් ගොඩක් දෙවල් වෙනස් වෙලා ඇතී..
    ඒ කාලේ මම ගොඩක් පුංචි හින්දා වැඩිය දෙවල් මතක නෑ..එත් එක දෙයක් හිතෙ තියෙනවා..
    යාපනෙ මිනිස්සු ගොඩක් අහිංසක,බොහොම සුන්දර පිරිසක් කියල..
    ආයෙත් අය්යා..බොහොම ස්තුතියි..
    රෙප්+