ජර්මන් කතෝලික නායකයින් හිටියේ හිට්ලර් සම
Top Lanka News
ආච් බිෂොප් ඔර්සෙනිගෝ සහ හිට්ලර්
ඉතිහාසයේ සමහර සිදුවීම් සැඟවී යති. සමහර සිදුවීම් සැඟවීම ඉබේට සිදුවන දෙයක් නොවේ. දෙවන ලෝක සංග‍්‍රමය සිදුවු කාලයේ ජර්මනියේ කතෝලික සභාව සහ ප්‍රෙතෙස්තන්ත නායකයින් හිට්ලර්ගේ නාසි ව්‍යාපාරය සමග සිටි බව පැහැදිලි කිරිමට උත්සාහ දැරූවන් ඇත්නම් ඒ කිහිප දෙනෙක් පමණයි. එය වසන් කිරීමට වෙහෙසුන පිරස මහා බලවේගයකි. ඔවුන් ජර්මනියේ කතෝලික හා ප්‍රොතස්තන්ත නායකයින් හිට්ලර්ට ආශිර්වාද කරපු බව සැඟ වුහ.
මේ මාසයේ මුළ බර්ලින් හි ඉතා දුර්ලභ පැරණි ඡායාරූප ප‍්‍රදර්ශනයක් පැවැත්වුනි. දෙවනි ලෝක සංග‍්‍රමය යුගයට අයත් මේතාක් ලොවට හෙළිදරව් වි නොතිබුණ ඡායාරූප ගණනාවක් මෙම ඡායාරූප ප‍්‍රදර්ශනයේ දී ප‍්‍රථම වරට ප‍්‍රදර්ශනය විය. (ටොප් ලංකා ඉංග‍්‍රීසි අංශය බලන්න) ආච් බිෂොප් ඔර්සෙනිගෝ හිට්ලර් සමග පෙනි සිටින ඡුායාරූපයක් ද එම ඡුායාරූප අතර දක්නට ලැබුණි. ඒ සමග සදහන් වු වාර්තාවක සදහන් වු ලෙසට බර්ලිනයේ කාදිනල් බෙර්තම් හිට්ලර්ගේ උපන් දිනයට උණුසුම් ශුභ පැතුම් යැවුහ. පාප්තුමාත් හිට්ලර්ට ආශිර්වාද කළේ ය.
හිට්ලර් බැතිමත් කතෝලිකයෙක් ව සිටියේ ය. මෙවැන්නෙක් බලයට පත්වීම මගින් ලෝකය කතෝලික කිරීමට හැකිවෙතැයි එදා ජර්මන් කතෝලික සභාවේ බිෂොප්වරුන් විශාල පිරිසක් සිතුවා නම් එය පුදුම විය යුතු දෙයක් නොවේ. නමුත් හිට්ලර් යනු අලූගෝසුවෙකි. ලක්ෂ සංඛ්‍යාවක් යුදෙව්වන් ඝාතනය කිරීමට මුල් වු නපුරෙකි. ඔහුගේ නාසි සොල්දාදුවෝ ජර්මනියේ රොමානිවරු සංහාරය කළහ. එමනිසා හිට්ලර්ට ආශිර්වාද කරපු බිෂොප්වරුන් කාදිනල්වරුන් ද වැරදිකරුවෝ වෙති.
බර්ලින් ඡායාරූප ප‍්‍රදර්ශනය නරඹන මට හදිසියේම මැල්කම් රංජිත් බිෂොප්තුමා කාදිනල් තනතුරට පත්වීම ගැන සැණකෙළි කෙලින්ඩ සුදානම් වෙන ලංකාව සිහියට නැගුනි. මාධ්‍යකරුවෝ මෙලෝ සිහියක් නැතිව නව කාදිනල්වරයාගේ ගුණ ගායනකරති. මේ වන්දිභට්ටයෝ සියලූ දෙනාම ජනමාධ්‍ය ඝනිකාවෝ වෙති. මුදල් කීර්තිය හා ලාභ ප‍්‍රයෝජණ සදහා කටයුතු කරති.
ඇල්ටීටීඊය බලයේ සිටින කාලයේ මැල්කම් රංජිත් බිෂොප්තුමා ලංකාවේ විසුවේය. රටේ මහජනයා මහින්ද රාජපක්ෂ මහතාව ජනාධිපති ධුරයට පත්කරගෙන ඇල්ටීටීඊ ත‍්‍රස්ත ව්‍යාපාරය විනාශ කිරීමට වෙහෙසෙද්දී මැල්කම් රංජිත් බිෂොප්තුමා අඩුම තරමින් මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග‍්‍රහණයට වචනයකින් හෝ ආශිර්වාද කරපු බවක් අප අසා නැත.
ඇල්ටීටීඊය සමග මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වී රටේ සේනාධිනායකයා වශයෙන් හමුදා නායකයින්ට ඇල්ටීටීඊය හමුදාව විනාශකරන්නැ යි උපදෙස් දෙමින් ජාතියේ උස් නිදහස සදහා යුද්ධය මෙහෙයව්දි මැල්කම් රංජිත් බිෂොප්තුමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ එම යුද්ධ ව්‍යාපාරයට වචනයකින් හෝ උපකාර කරපු ප‍්‍රවෘත්තියක් අප අසා නැත.
අප දන්නේ එතුමා ඊළාම් වාදින්ට පක්ෂපාති අයෙක් වශයෙන් කටයුතු කරපු බව පමණි. අදත් ප‍්‍රසිද්ධියේ සහ අප‍්‍රසිද්ධියේ ඊළාම් ව්‍යාපාරය ගොඩගන්ට හදන එතුමාගේ ගජ මිතුරන් වු කතෝලික ආගමික නායකයින් ගණනාවක් සිටිති. අප ජිවත්වෙන ජර්මනියේ සිටින ඇල්ටීටීඊ වර්තමාන නායක එම්මානුවෙල් දේවගැතිවරයා පවා මැල්කම් රංජිත් කාදිනල් තුමාගේ හොද මිතුරෙකි.
එහෙත් ඉතිහාසය මෙන්ම ඇත්ත අමතක කිරිමට කැමැත්තෝ සිටිති. ඊට ප‍්‍රධාන හේතුව පටු ආගම්වාදී ස්වභාවයයි. මේ නිසා ලංකාවම මැල්කම් රංජිත් බිෂොප්තුමා කාදිනල් ධුරයට පත්වීම ගැන මහ සැණකෙළියකට සැරසෙති. එය රාජ්‍යය උත්සවයකි. මීට ඇල්ටීටීඊ නායක එම්මානුවෙල් පුජකයාට ගරු ආරාධනාවක් ලැබුනොත් පුදුම විය යුතු නැත.
මේ ඉතිහාසය සැඟවිමයි. එහෙත් ජනමාධ්‍ය ඝනිකාවන්ට ඉතිහාසය සම්පුර්ණයෙන්ම චප්ප කිරීමට නොහැක. ඔවුන් උත්සාහ කළත් ඉතිහාසය මතුවෙයි. බර්ලින් ඡායාරූප ප‍්‍රදර්ශනය ඊට නිදසුනකි.