නොමිලයේම පිටරටට කෙටි පණිවිඩ යැවීම
මේ වෙබ් අඩවිය ගැන සමහරු දැනටමත් දන්නවා වෙන්න පුලුවන්. ඒත් නොදන්නා අයගේ යහපත සඳහා ඒ පිලිබඳ කෙටි සටහනක් තියන්නම්.
පිටරටට කෙටි පණිවිඩයක් යැවීම සඳහා සියලුම ජංගම දුරකතන ජාල වලින් රු6.57 වැනි සැලකිය යුතු/අසාධාරණ මුදලක් වැය වෙන බව ඔබ දන්නවා ඇති.
කොටින්ම කියනවනම් කෙටි පණිවිඩයේ අන්තර්ගතය කෙටි දුරකතන ඇමතුමක් ලබගෙන අනෙක් පාර්ශවයට පැවසීම පණිවිඩය යැවීමට වඩා ඔබේ පසුම්බියට හිතකරයි.
පහත දැක්වෙන වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට නොමිලයේම පිටරටට එස් එම් එස් යැවීම කල හැකී.
www.smsjive.com
මෙවැනි නොමිලයේ එස් එම් එස් සේවා ලබාදෙන වෙබ් අඩවි අතරින් මාගේ අත්දැකීම් අනුවනම්, හොඳින්ම වැඩ කරන වෙබ් අඩවිය මෙයයි.
මෙය භාවිත කරන පිලිවෙල පියවරෙන් පියවර පැවසීමෙන් ඔබගේ බුද්ධියට නිග්‍රහ කිරීමට බලාපොරොත්තු වන්නේ නැහැ. නමුත් වැදගත් කරුනු කීපයක් පමණක් දැනුම් දෙන්නම්.
මෙම වෙබ් අඩවිය භාවිතයේ පණිවිඩ යැවීමේදී ඔබේ facebook ගිණුමෙන් ලොග් වීම කල යුතු වෙනවා. ඒ වගේම එම වෙබ් අඩවියට ඔබේ facebook තාප්පයේ පෝස්ට් කිරීමටත් අවසර ලබා දිය යුතු වෙනවා. එම අවසරය ලබානුදුන්නොත් මම දන්නා තරමට ඔබේ කෙටි පණිවිඩ යැවීම සිදු වන්නේ නැහැ. එය ඔබේ තාප්පයේ තබා ගැනීමට ඔබට අකමැතිනම් එම පෝස්ට් එක පසුව ඉවත් කිරීම කල හැකී.
හැබැයි දිනකට කෙටි පණිවිඩ එකකට වඩා යැවීමටනම් ඔවුන්ගේ සර්වේ එකක් කිරීමට සිදුවෙනවා. ඒත් ඉතින් ලංකාවට මොන සර්වේද?
මේ සඳහා තිබෙන පහසුම පිලියම එක් වරක් කෙටි පණිවිඩ යැවීමෙන් පසු ඔබගේ බ්‍රව්සරයේ කුකීස් මකා දැමීමයි.
යවන සෑම පණිවිඩයක් පාසාම සියලු කුකීස් මකා දැමීම අපහසුනම්, එම වෙබ් අඩවියට අදාල කුකිය පමණක් මකා දැමීම කල හැකී.
මේ සඳහා මම දන්නා තරමෙන් පහසුම ක්‍රමය ඔබේ බ්‍රව්සරයට ඇඩ් ඔන් එකක් එකතු කර ගැනීමයි. ඔබගේ බ්‍රව්සරය අනුව මේ ක්‍රියාවට සුදුසු ඇඩ් ඔන් එක ගැන තොරතුරු පහත වෙබ් අඩවියෙන් ලබාගත හැකී.
http://www.vertster.com/blog/2009/0...-the-cookies-for-just-one-site-or-domain.html
ජීවන වියදම අහස උසට ගිහින් තියන කාලේ මේකෙන් කටිටියට පොඩි හරි සහනයක් උනානම් එච්චරයි. මගේ නම් ඉස්සර රුපියල් 100 රීලෝඩ් දවසෙන් ඉවරයි. මේකට පින් සිද්ද වෙන්න දැන්නම් ඉතින් ටිකක් ශේප්.
කුකීස් මක මකා දුක් විඳිනවට වඩා ලේසියෙන් දවසට එස් එම් එස් 5, 10 ලබාදෙන බවකියන සියිට්ස් තිබ්බත් ඒවයින් යවපු මෙසේජ් ඩෙලිවර් වෙලා තිබුනෙනම් නැහැ.
මීට වඩා ලේසියෙන් මේ වැඩේ කරන්න පුලුවන් සහ ශුවර් එකටම එස් එම් එස් ඩිලිවර් වෙන, වෙන සයිටිස් දන්නවනම් කියන්න. මටනම් ශුවර් පිට වැඩ කලේ මේක තමයි.