තරුණියන්ගේ අවධානය පිණිස(For All The Ladies)

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    තරුණියන්ගේ අවධානය පිණිස(For All The Ladies)

    ඔන්න දැන් ලංකාවේ අලුත් නීතියක් ඇවිල්ලා. කාන්තාවන්ට සංස්කෘතියට නොගැලපෙන ඇඳුම් අඳින්න බෑ කියලා. හැබැයි කවුරුවත් මේ නීතිය හරියට විස්තර කරලා තිබුනේ නෑ. කාන්තාවන් ගෙදරින් එළියට බහින්කොට තමන්ගේ ඇඳුම හරියට තියනවාද කියලා හොයලා බලන්න. අපේ පොලීසියේ උත්තමයෝ ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ. පොලීසියේ ඉන්න රත්තරන් මිනිස්සුන්ට මල පන්නන්නේ නැතිව ශරීරය වහගෙන යන එක තමයි නුවණට හුරු. ඒ කොහොම උනත් තමන්ගේ දුව හරි සහෝදරිය හරි නරක විදිහට ඇඳුම් ඇඳගෙන ගිහින් අමාරුවේ වැටෙනවාට කවුද කැමති. ඔන්න ඒක නිසා ලංකාවේ කාන්තාවන්ට (විශේෂයෙන්ම තරුණියන්ට. මොකද ඉතින් ආච්චිලා, අනිත් අයගේ අවධානය ගන්න වහගෙන යන්න ඕනේ දේවල් පෙන්නගෙන යන්නේ නෑ නේ.). මම ගොඩක් මහන්සි වෙලා ඇඳුම් අඳින විදිහ ගැන කියලා දෙන්න හිතුවා. මේකේ තියෙන විදිහට ඇඳුම් ඇන්දොත් අනවශ්ය ප්රිශ්න ඇති වෙන්නේ නැතිබවට මම සහතික වෙනවා. රටේ පාලක පන්තියට, ඔවුනේ බිරින්දෑවරුන්ට, දරු පරපුරට, උන් යාලුවෙලා ඉන්න කෙල්ලොන්ට මේ නීතිය බල නොපාන බව කරුණාවෙන් සලකන්න.
    ps786771.jpg
    5038079redheadedgirlsta.jpg



    1) දනහිසට පහලින් ඇඳුම තියෙන්න ඔනේ.

    2) ඇඳුමේ අත ප්ර්දේශය අවම වශයෙන් අඟල් 4 ක් තියෙන්න ඔනේ.

    3) ඇඳුමක කර ප්ර්දේශය අවම වශයෙන් අඟල් 2ක් තියෙන්න ඕනේ

    4) පිට ප්රරදේශය නිරාවරණය වීම අඩුකරන්න ඕනේ. Undergarments කිසිම වෙලාවක පිටතට පෙන්නේ නැති වෙන්න ඕනේ. පිට නිරාවරණය කරන්න පුලුවන් අඟල් 4 ක් විතර පමණයි.

    5) ස්කිනී වගේ ඇඳුම් තහනම් කරන්න ඕනේ.

    6) සාරිය අඳින කොට බඩ පේන්නේ නැතිවෙන්න ඕනේ. කාන්තාවන්ගේ කිසිම ඇඳුමක බෙල්ලේ සිට අඟල් 3 ක සිට දනහිස දක්වා වන ප්ර්දේශය කවර ආකාරයෙන්වත් පෙනෙන්නට නොතිබිය යුතුයි.

    විදෙශිකයන්ටත් මේ නීතිය වලංගු වනවා

    පාරේ යන කට්ටියට විතරක් නෙවෙයි. රූපවාහිනී නිවේදිකාවන්ට මේ ආකාරයට ඇඳුම් ඇඳීම අනිවාර්ය කලයුතුයි.

    ඉදිරියට ලංකාවේ නාන ඇඳුම් වලටත් යම් නියාමනයක් තියෙන්න ඔනේ. බිකිනි වගේ දේවල් තහනම් කරලා One-piece swimsuit (Covering from neck to knee) එකක් හඳුන්වා දෙන්න ඔනේ.

    මේවා හරියට ක්රිායාත්මක කරන්නේ නැති අය අල්ලන්න කාන්තා පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත වෙනම අංශයක් හදන්න ඕනේ

    චිත්රරපට, පුවත්පත්,ටෙලි නාට්ය හා ගීත රූප රචනා සියල්ලක්ම යම් මණ්ඩලයක අනුමැතියකින් පසු නිකුත් කරන්න අවශ්යයි. ඒවායේ ඉන්න නිරූපිකාවන්ගේ ඇඳුම් ගැන අවධානයක් යොමුකරන්න ඕනේ

    විලාසිතා සංදර්ශන වලට අවුරුදු 18 ට වඩා අඩු අය ඇතුලු කිරීම වලක්වන්න කටයුතු යෙදීම ඉතාමත් වැදගත්. ඒවාගේම රූප රාජිනී තරඟ වලට ඇතුලත් වෙන කාන්තාවන් වයස අවුරුදු 18 ට වඩා වැඩි වෙන්න ඕනේ. රූප රාජිනී තරඟ රූපවාහිනියෙන් පෙන්වන විටත් ඉහත් කී නිර්ණායක වලට අනුකූල විය යුතුයි.

    ටී බී ඒකනායක ගරු ඇමතිතුමා පත්කල කමිටුවට මේ යෝජනා මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපරාදේ කියන්න බෑ. මහාමාර්ග ඇමතිකමට වඩා සංස්කෘතික ඇමතිකම ඒකනායක මහත්තයට හොඳට ගැලපෙනවා. හැබැයි අපේ ශ්‍රීමත් ජනාධිපති උතුමා සංස්කෘතික ඇමතිකම ඒකනායක මහත්තයට නොදී නලීන් ද සිල්වා මහාචාර්යතුමාට දුන්නානම් බොහෝම වටිනවා කියන එකයි මගේ හැඟීම.

    මගේ ඇඳුම පිලිබඳ නීති ලිස්ට් එකට තවත් දේවල් එකතු කරන්න පුලුවන් නම් ඒවා අපිත් එක්ක බෙදාගන්න.
     

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    අපරාදේ කියන්න බෑ. මහාමාර්ග ඇමතිකමට වඩා සංස්කෘතික ඇමතිකම ඒකනායක මහත්තයට හොඳට ගැලපෙනවා
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    පිස්සු නැත්තං ෂෝක් :angry::angry:
    ලංකාවත් ඉරානය වගේ කරන්න මුං හදන්නේ.. :no::no:
    අන්තවාදෙයෙත් උපරිම එක. තියන තරමක් නීති දාලා රටක් හදන්න පුලුවන් නම් මොකටද ඉස්කෝල.. ඉස්කෝල වහලා පොලීසි දැම්මනං හරි. :no::no:

    මුන්ගේ ආච්චිලට හාල් ගරන්න... කොහෙද ඒකත් බෑ. හාල් ගනන් :no::no::no:
     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඇතුලත්මුදලි;9118550 said:
    උඹ කොහොමද බන් ඔය නීති සංග්‍රහය හැදුවෙ...??:shocked:

    මට සංස්කෘතික අමාත්යංශේ උපදේශක කමක්වත් ගන්න පුලුවන් වෙයි කියලා හිතුවා. ඒකයි හැදුවේ