මල් වගාව පිලිබද උනන්දුවක් දක්වන ඔනම කෙනෙකුට මේ ත්‍රෙඩ් එක වැදගත් වේ

මුලින්ම් කතා කරන්නේ අපනයනය සදහා වගාකරන මල් වර්ගයක් ගැන
උඩවැඩියා - ඩෙන්ඩ්‍රෝබියම්

කැපූ මල් සදහා වැඩි වශයෙන්ම වගාකරන බහුපාදීය අපිශාකයකි. විවිධ වර්ණ සහිත වැඩි මල් සංඛ්‍යාවක් නිපදවන අතර මල් හොද කල්පැවැත්මකින්ද යුක්තවේ. කැපූ මල් වගාවේදී මෙම ශාකවල මල් වල හැඩය අනුව ඒවා වර්ග තුනකට වෙන්කෙරේ. එනම් පැලනොප්සිස් දර්ශය, කේන් දර්ශය හා අතරමැදි දර්ශය වශයෙනි. එයින් කේන් දර්ශය කැපූ මල් සදහා සුදුසු නොවේ. පහතරට තෙත් කලාපය හා මධ්‍ය කදුකර ප්‍රදේශ ඩෙන්ඩ්‍රෝබියම් වගාව සදහා වඩා යෝග්‍ය වේ.
ආලෝකය
ශාක සදහා උදෑසන හිරුඑළිය හොදින් ලැබිය යුතු අතරම දවසේ වැඩිකාලයක් ඒකාකාරී ආලෝකයක් ලැබෙන තැනක් තෝරාගත යුතුය. ඒ සදහා සෙවන දැල් යෙදිය යුතු අතර, ඒවා පොළව මට්ටමේ සිට අඩි 10 ක් උසින් සවිකළ යුතුය.
උෂ්ණත්වය
දිවා සහ රාත්‍රී උෂ්ණත්වය අතර වෙනස 10 oC ට වඩා වැඩි නොවිය යුතුය. දිවා උෂ්ණත්වය 25 - 30 oC පමණ විය යුතු අතර රාත්‍රී උෂ්ණත්වය 15 oC ට වඩා අඩු නොවන ප්‍රදේශ ඩෙන්ඩ්‍රෝබිටම් වගාවට සුදුසුය.
ආර්ද්‍රතාවය 70% ක් පැවතීම අත්‍යවශ්‍යය. ආර්ද්‍රතාවය අඩු කාලවලදී අවට තෙත් කිරීමෙන් හා තවාන ආශ්‍රිතව ජලය රැදෙන ස්ථාන සැකසීමෙන් ආර්ද්‍රතාවය වැඩි කළ හැක.
ජලය යෙදීම
ක්ලෝරීන් රහිත පිරිසිදු ජලය භාවිතා කල යුතුය. බදුන් මාධ්‍යය වියළිව පවතින විට ජලය යෙදිය යුතුය.
පොහොර යෙදීම
ශාක වර්ධනය සදහා දියරමය පොහොර ශෘක පත්‍ර හා මුල් මතට ඉසිය යුතුය. පොහොර යෙදීම හිරුඑළිය සහිත උදෑසනක සිදුකළ යුතුය. සතියකට වරක් කාබනික දියර පොහොරක්ද N . P . K . (20 : 20 : 20) පොහොර මිශ්‍රණය තේ හැදි 1/2 ක් වතුර ගැලුමක දියකර දිනක් හැර දිනක් යෙදිය යුතුය.
ශාක බදුන්ගත කිරීම
මේ සදහා මැටි බදුන් භාවිතා කරයි. එය අගල් 5 ක විශ්කම්භයක් හා අගල් 5ක් උසින් යුක්ත විය යුතුය. බදුනේ පැති සිදුරු තිබිය යුතු අතර ඒවා මුල් වලට වාතාශ්‍රය ලබාදීමට හේතු වේ. බදුන් මාධ්‍යය ලෙස දැව අගුරු, දැව අගුරු හා උළුකැට හෝ දැව අගුරු හා ගඩොල් මිශ්‍රණ ලෙස භාවිතා කළ යුතුය. කැබලි වල විශාලත්වය 1/2~~ - 4/3 ~~ විය යුතුය.
රෝග හා පළිබෝධ
අග්‍රස්ථ කුණුවීම
වර්ෂා කාලයේදී බහුලව දක්නට ලැබෙන දිලීර රෝගයකි. මෙහිදී අග්‍රස්ථයේ වු පත්‍ර දුර්වර්ණවී මැරී යයි. ඉන්පසු එය ශාකයේ අග්‍රස්ථයේ සිට පහතට ද පැතිරෙයි.
මර්ධනය
ශාකවලට අවශ්‍ය ප්‍රමාණයට පමණක් ජලය යෙදීම.
හානි වු පැල ඉවත් කිරීම.
මෙටලැක්සීල් අඩංගු දිලීරනාශකයක් යෙදීම.
පත්‍ර කහපැහැ වීම
මෙය දිලීරයක් නිසා ඇති වේ. පරිණත පත්‍ර වල කහපාට පුල්ලි ඇති වී ඒවා විශාල වීමෙන් පසු පත්‍ර හැලී යයි.
මර්ධනය
හානි වු පත්‍ර කපා ඉවත් කිරීම සහ මැන්කොසෙබ් වැනි දිලීර නාශකයක් යෙදීම.
කද පණුවන්ගේ හානිය
සළබයා පත්‍ර මත බිත්තර දමන අතර කීටයා කද තුල අභ්‍යන්තර පටක කා දමමින් ජීවත් වෙයි. කෝෂගත වීම වගා මාධ්‍යයේ හා කද තුල සිදුකරයි.
මර්ධනය
ඩයසිනෝන් වැනි සංස්ථානික කෘමිනාශකයක් භාවිතාය
කහ කුරුමිණියන්ගේ හානිය
මොවුන්ගේ බිත්තර ශාක මතද පිලා අවධිය ශාක අතරද දක්නට ලැබේ. ලපටි පත්‍ර, පුෂ්ප අංකුර හා පුෂ්ප කා දමයි.
මර්ධනය
මෙතොමිල් වැනි සංස්ථානික කෘමිනාශකයක් යෙදීම.
මයිටාවන්ගේ හානිය
ඉතා කුඩා ජීවී විශේෂයකි. පත්‍ර වල යටි පැත්තේ සිට යුෂ උරා බීම සිදු කරයි. පත්‍රවල යටි පැත්ත සුදුපාට වීමත් පත්‍ර රෝල් වීමත් සිදුවේ. මල්වලටද හානි කිරීම නිසා මල් ඇඹරී ඇදවී ගුණාත්මය අඩුවෙයි.
මර්ධනය
අවට ආර්ද්‍රතාවය හොදින් පවත්වා ගැනීම හානිවු පත්‍ර ඉවත් කිරීම.
පත්‍ර වල යටි පැත්තට 80% ගෙන්දගම් අඩංගු මයිටා නාශකයක් යෙදීම.
සති දෙකකට වරක් මයිටාවන් මර්ධනය කිරීම.
ගොළුබෙල්ලන් හා හම්බෙල්ලන්ගේ හානිය
මුල් අග්‍රස්ථය, ලපටි පත්‍ර, පුෂ්ප අංකුර, පිපුන මල් හා බීජ පැල කා දමයි.
මර්ධනය
අතින් අරන් දැමීම හා ඇමක් ලෙස මෙටැල්සිහයිඩි අඩංගු මෙටා වැනි ගොළුබෙලි නාශකයක් භාවිතා කිරීම.
පැල නඩත්තුව සදහා උපදෙස් දහයක්
සෑම විටම රෝගවලින් තොර පැල, බීජ හෝ වෙනත් වර්ධක කොටස් භාවිතා කරන්න.
හැකි හැම විටම රෝගවලට ඔරොත්තු දෙන ප්‍රභේද තෝරා ගන්න.
පිටතින් ගෙනෙනු ලබන පැල අවම වශයෙන් මාස 03 ක් පමණ යනතුරු වෙනම ස්ථානයක තබා එම පැලෑටි වල සෞඛ්‍ය ත්ත්වය පිළබදව අවධානයකින් සිටින්න.
පැල තවාන් අවට පිරිසිදු බවින් තොර හොද පරිසරයක් තබා ගන්න.
කෘමි හා මයිටා ගහනයන් පිළබදව දිනපතා පරීක්ෂා කරන්න.
වාතනය, ජලය සැපයීම, ආර්ද්‍රතාව පාලනය කරමින් රෝග මර්ධනය කරන්න.
ජලය හා පෝෂක ඌණතා ඇති නොවීමට වග බලාගන්න.
දිනාපතා පැලෑටි පරීක්ෂාවට භාජනය කරන්න.
අනවශ්‍ය ප්ද්ගලයින් නිතර පැළ තවානේ ගැවසීමට ඉඩ නොතබන්න.
රසායනික නාශක භාවිතය අවසාන ප්‍රතිකර්මයක් ලෙස පමණක් යොදා ගන්න.

Last edited: