~මල්_වගාව~

මල් වගාව පිලිබද උනන්දුවක් දක්වන ඔනම කෙනෙකුට මේ ත්‍රෙඩ් එක වැදගත් වේ
:)

මුලින්ම් කතා කරන්නේ අපනයනය සදහා වගාකරන මල් වර්ගයක් ගැන:nerd:

උඩවැඩියා - ඩෙන්ඩ්‍රෝබියම්

dendrobium1.jpg


කැපූ මල් සදහා වැඩි වශයෙන්ම වගාකරන බහුපාදීය අපිශාකයකි. විවිධ වර්ණ සහිත වැඩි මල් සංඛ්‍යාවක් නිපදවන අතර මල් හොද කල්පැවැත්මකින්ද යුක්තවේ. කැපූ මල් වගාවේදී මෙම ශාකවල මල් වල හැඩය අනුව ඒවා වර්ග තුනකට වෙන්කෙරේ. එනම් පැලනොප්සිස් දර්ශය, කේන් දර්ශය හා අතරමැදි දර්ශය වශයෙනි. එයින් කේන් දර්ශය කැපූ මල් සදහා සුදුසු නොවේ. පහතරට තෙත් කලාපය හා මධ්‍ය කදුකර ප්‍රදේශ ඩෙන්ඩ්‍රෝබියම් වගාව සදහා වඩා යෝග්‍ය වේ.




ආලෝකය
ශාක සදහා උදෑසන හිරුඑළිය හොදින් ලැබිය යුතු අතරම දවසේ වැඩිකාලයක් ඒකාකාරී ආලෝකයක් ලැබෙන තැනක් තෝරාගත යුතුය. ඒ සදහා සෙවන දැල් යෙදිය යුතු අතර, ඒවා පොළව මට්ටමේ සිට අඩි 10 ක් උසින් සවිකළ යුතුය.




උෂ්ණත්වය
දිවා සහ රාත්‍රී උෂ්ණත්වය අතර වෙනස 10 oC ට වඩා වැඩි නොවිය යුතුය. දිවා උෂ්ණත්වය 25 - 30 oC පමණ විය යුතු අතර රාත්‍රී උෂ්ණත්වය 15 oC ට වඩා අඩු නොවන ප්‍රදේශ ඩෙන්ඩ්‍රෝබිටම් වගාවට සුදුසුය.
ආර්ද්‍රතාවය 70% ක් පැවතීම අත්‍යවශ්‍යය. ආර්ද්‍රතාවය අඩු කාලවලදී අවට තෙත් කිරීමෙන් හා තවාන ආශ්‍රිතව ජලය රැදෙන ස්ථාන සැකසීමෙන් ආර්ද්‍රතාවය වැඩි කළ හැක.




ජලය යෙදීම
ක්ලෝරීන් රහිත පිරිසිදු ජලය භාවිතා කල යුතුය. බදුන් මාධ්‍යය වියළිව පවතින විට ජලය යෙදිය යුතුය.




පොහොර යෙදීම
ශාක වර්ධනය සදහා දියරමය පොහොර ශෘක පත්‍ර හා මුල් මතට ඉසිය යුතුය. පොහොර යෙදීම හිරුඑළිය සහිත උදෑසනක සිදුකළ යුතුය. සතියකට වරක් කාබනික දියර පොහොරක්ද N . P . K . (20 : 20 : 20) පොහොර මිශ්‍රණය තේ හැදි 1/2 ක් වතුර ගැලුමක දියකර දිනක් හැර දිනක් යෙදිය යුතුය.




ශාක බදුන්ගත කිරීම
මේ සදහා මැටි බදුන් භාවිතා කරයි. එය අගල් 5 ක විශ්කම්භයක් හා අගල් 5ක් උසින් යුක්ත විය යුතුය. බදුනේ පැති සිදුරු තිබිය යුතු අතර ඒවා මුල් වලට වාතාශ්‍රය ලබාදීමට හේතු වේ. බදුන් මාධ්‍යය ලෙස දැව අගුරු, දැව අගුරු හා උළුකැට හෝ දැව අගුරු හා ගඩොල් මිශ්‍රණ ලෙස භාවිතා කළ යුතුය. කැබලි වල විශාලත්වය 1/2~~ - 4/3 ~~ විය යුතුය.




රෝග හා පළිබෝධ
අග්‍රස්ථ කුණුවීම
වර්ෂා කාලයේදී බහුලව දක්නට ලැබෙන දිලීර රෝගයකි. මෙහිදී අග්‍රස්ථයේ වු පත්‍ර දුර්වර්ණවී මැරී යයි. ඉන්පසු එය ශාකයේ අග්‍රස්ථයේ සිට පහතට ද පැතිරෙයි.
මර්ධනය
ශාකවලට අවශ්‍ය ප්‍රමාණයට පමණක් ජලය යෙදීම.
හානි වු පැල ඉවත් කිරීම.
මෙටලැක්සීල් අඩංගු දිලීරනාශකයක් යෙදීම.
පත්‍ර කහපැහැ වීම

මෙය දිලීරයක් නිසා ඇති වේ. පරිණත පත්‍ර වල කහපාට පුල්ලි ඇති වී ඒවා විශාල වීමෙන් පසු පත්‍ර හැලී යයි.
මර්ධනය
හානි වු පත්‍ර කපා ඉවත් කිරීම සහ මැන්කොසෙබ් වැනි දිලීර නාශකයක් යෙදීම.
කද පණුවන්ගේ හානිය

සළබයා පත්‍ර මත බිත්තර දමන අතර කීටයා කද තුල අභ්‍යන්තර පටක කා දමමින් ජීවත් වෙයි. කෝෂගත වීම වගා මාධ්‍යයේ හා කද තුල සිදුකරයි.
මර්ධනය
ඩයසිනෝන් වැනි සංස්ථානික කෘමිනාශකයක් භාවිතාය
කහ කුරුමිණියන්ගේ හානිය

මොවුන්ගේ බිත්තර ශාක මතද පිලා අවධිය ශාක අතරද දක්නට ලැබේ. ලපටි පත්‍ර, පුෂ්ප අංකුර හා පුෂ්ප කා දමයි.
මර්ධනය
මෙතොමිල් වැනි සංස්ථානික කෘමිනාශකයක් යෙදීම.
මයිටාවන්ගේ හානිය

ඉතා කුඩා ජීවී විශේෂයකි. පත්‍ර වල යටි පැත්තේ සිට යුෂ උරා බීම සිදු කරයි. පත්‍රවල යටි පැත්ත සුදුපාට වීමත් පත්‍ර රෝල් වීමත් සිදුවේ. මල්වලටද හානි කිරීම නිසා මල් ඇඹරී ඇදවී ගුණාත්මය අඩුවෙයි.
මර්ධනය
අවට ආර්ද්‍රතාවය හොදින් පවත්වා ගැනීම හානිවු පත්‍ර ඉවත් කිරීම.
පත්‍ර වල යටි පැත්තට 80% ගෙන්දගම් අඩංගු මයිටා නාශකයක් යෙදීම.
සති දෙකකට වරක් මයිටාවන් මර්ධනය කිරීම.
ගොළුබෙල්ලන් හා හම්බෙල්ලන්ගේ හානිය

මුල් අග්‍රස්ථය, ලපටි පත්‍ර, පුෂ්ප අංකුර, පිපුන මල් හා බීජ පැල කා දමයි.
මර්ධනය
අතින් අරන් දැමීම හා ඇමක් ලෙස මෙටැල්සිහයිඩි අඩංගු මෙටා වැනි ගොළුබෙලි නාශකයක් භාවිතා කිරීම.





පැල නඩත්තුව සදහා උපදෙස් දහයක්
සෑම විටම රෝගවලින් තොර පැල, බීජ හෝ වෙනත් වර්ධක කොටස් භාවිතා කරන්න.
හැකි හැම විටම රෝගවලට ඔරොත්තු දෙන ප්‍රභේද තෝරා ගන්න.
පිටතින් ගෙනෙනු ලබන පැල අවම වශයෙන් මාස 03 ක් පමණ යනතුරු වෙනම ස්ථානයක තබා එම පැලෑටි වල සෞඛ්‍ය ත්ත්වය පිළබදව අවධානයකින් සිටින්න.
පැල තවාන් අවට පිරිසිදු බවින් තොර හොද පරිසරයක් තබා ගන්න.‍
කෘමි හා මයිටා ගහනයන් පිළබදව දිනපතා පරීක්ෂා කරන්න.
වාතනය, ජලය සැපයීම, ආර්ද්‍රතාව පාලනය කරමින් රෝග මර්ධනය කරන්න.
ජලය හා පෝෂක ඌණතා ඇති නොවීමට වග බලාගන්න.
දිනාපතා පැලෑටි පරීක්ෂාවට භාජනය කරන්න.
අනවශ්‍ය ප්ද්ගලයින් නිතර පැළ තවානේ ගැවසීමට ඉඩ නොතබන්න.
රසායනික නාශක භාවිතය අවසාන ප්‍රතිකර්මයක් ලෙස පමණක් යොදා ගන්න.



 
Last edited:
ජර්බෙරා වගාව - Gerbera jamesoni

ජර්බෙරා වගාව - Gerbera jamesoni

b_275.jpg

5456b9c4bc62d93edf6b693a991d_grande.jpg



සම්භවය - දකුණු අප්‍රිකාව

කුලය - ඇස්ටරේසියේ

ජර්බෙරා වගා කිරීම සදහා අවශ්‍ය පරිසර තත්ත්වයන්

මුහුදු මට්ටමේ සිට අඩි 3000 ට වඩා ඉහළ සීතල දේශගුණයක් ඇති ප්‍රදේශවල වැවෙන ශාකයකි. එබැවින් උඩරට තෙත් කලාපය මෙම බෝගය වැවීම සදහා සුදුසුවේ. එමෙන්ම සීතල දේශගුණයක් ඇති උඩරට අන්තර් මාධ්‍ය කලාපයද මෙම ශාකය වගා කිරීමට සුදුසු වේ. ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවල වුවද ජර්බෙරා වගා කළ හැකි වුවත් මුහුදු මට්ටමේ සිට උස අඩු ප්‍රදේශවලදී මල්වල ගුණාත්මක බව අඩු වේ.
උෂ්ණත්වය :
දිවා කාලයේ උෂ්ණත්වය : 2 oC - 25 oC
රාත්‍රී කාලයේ උෂ්ණත්වය: 15 oC - 20 oC
සාපේක්ෂ ආර්ද්‍රතාවය: 70 - 75%


ජර්බෙරා වගා කරන අකාරය

වගා කරන ක්‍රම 02 කි.
1 පාත්තිවල සිටුවීම
2 බදුන්වල සිටුවීම.
පාත්තිවල පැල සිටුවා ගැනීම.
මෙහිදී ප්‍රථමයෙන්ම ජලය හොදින් බැසයන හොදින් හිරුඑළිය ලැබෙන ස්ථානයක් තෝරා ගත යුතුයි. ජලය බැසයාම අඩුනම් ජලවහනය දියුණු කරගැනීම සදහා අවශ්‍ය කටයුතු යෙදිය යුතුවේ. තෝරාගත් භූමියේ 30 cm ගැඹුරට පළල 60 cm ප්‍රමාණයට මුල්ලුවක් ආධාරයෙන් පස බුරුල් කර ගන්න. පසුව වගා මාධ්‍යය බුරුල් කර ගන්නා ලද පස් මත 30 cm උසට පුරවා සකස් කරගන්න.
පැල අතර පරතරය 40 cm හා පේළි අතර පරතරය 30 cm වන ආකාරයට වලවල් සකස් කර මුලික පොහොර මිශ්‍රණය යොදා දින දෙකකට පමණ පසු පැල සිටුවන්න. මෙහිදී උස් පාත්ති සෑදීමේ ජල වහනය දියුණු කරගත හැකි අතර එබැවින් මුල් කුණුවීමෙන් වගාව ආරක්ෂාකරගත හැකිය.
බදුන්වල පැල සිටුවා ගැනීම.
අගල් 12 ක් උස අගල් 8 - 12 දක්වා පළල වන කළු පොලිතීන් වලින් සාදා ගන්නා ලද මළු වලද ලීටර් 3 1/2 ක පරිමාවක් තිබෙන විශ්කම්භය 18 - 20 cm අතර වන ප්ලාස්ටික් බදුන් හෝ සිමෙන්ති බදුන් වලදී වගා කළ හැක.



වගා මාධ්‍යය


වගා මාධ්‍යය ලෙස භාවිතා කළ හැකි මාධ්‍ය කිහිපයක් ඇති අතර පහත සදහන් වගා මාධ්‍යද භාවිතා කළ හැකිය.
මතුපිට පස් කොටස් 1
දිරාගිය කොළ හෝ දිරාගිය වියළි ගොම කොටස් 1
වැලි කොටස් 1/2
කොහුබත් 1/2
ඉහත වගාමාධ්‍ය භාවිතයට පොර හොදින් ජීවාණුහරණය කරගත යුතුය.
ජීවාණුහරණය කරන ලද ඉහත මාධ්‍යය සදහා පහත මූලික පොහොර මිශ්‍රණය එකතු කර ගත යුතුවේ.
එනම් වර්ග මීටර් 1 ක, උස සෙන්ටි මීටර් 30 වන මාධ්‍යය මිශ්‍රණය සදහා,
යූරියා 50 g
ට්‍රිපල් සුපර් පොස්පේට් 50 g
මියුරියේට් ඔෆ් පොටෑෂ් 40 g
මාස දෙකකට වරක් ඉහත පොහොර මිශ්‍රණය වගා මාධ්‍යයට එකතුකළ යුතුය. මෙහිදී ඉහත පොහොර මිශ්‍රණය කොම්පෝස්ට් සමග මිශ්‍රකර යෙදිය හැකි නම් වඩාත් යෝග්‍යය.


වගාව නඩත්තු කිරීම

1 මසකට වරක් පමණ තිරාම්, ටොප්සීන් වැනි දිලීරනාශකයක් පසට එකතු කිරීම.
2 සතියකට වරක් ඇන්ට්‍රෝකෝල් හෝ මැන්කොසෙබ් වැනි ආරක්ෂක දිලීරනාශකයක් භාවිතා කිරීම.
3 මල් පිපීමට පෙර N.P.K 20: 20: 20 තුලිත රසායනික දියර පොහොර මිශ්‍රණක් කාබනික දියර පොහොර මිශ්‍රණයක් සමග මසකට දෙවරක් මාරුවෙන් මාරුවට යෙදීම.
4 මල් පිපෙන කාලය වන විට 15 :10 :30 :10 :02 N. P .K . Ca.Mg පොහොර මිශ්‍රණයක් යෙදීම.
5 දිනපතා පිරිසිදු ජලය අවශ්‍ය ප්‍රමාණයට යෙදීම.
6 ජලය යෙදීමේදී හැකිතරම් පත්‍ර නොතෙමෙන ආකාරයට ජලය යෙදීම.
7 මල් පිපෙන කාලයේ මල් නොතෙමෙන ආකාරයට ජලය යෙදීම.
8 වසර 3 කින් නැවත වගාව ආරම්භ කළ යුතුයි.



මල් නෙලීම

1 මලේ දෙවන වලයේ මණ්ඩල පුෂ්පිකා වල පරාගධානී පැහැදිලිව දැකගැනීමට ලැබෙන විට මල් නෙලීම කළ යුතුය.
2 මල් නටුව නෙකැපිය යුතු අතර හැකිතාක් පමණ යටින් ගලවා ගැනීම කළ යුතුයි. අනතුරුව නටුව සෙන්ටි මීටර් 2 හෝ 4 පමණ කොටසක් කපා ජල භාජනයක ගිල්විය යුතුයි.


ජර්බෙරා වගාවේ රෝග සහ පළිබෝධ හානි

රෝග
1 බොට්‍රයිටිස් අංගමාරය
රෝග කාරකයා - Botrytis cinera
රෝග ලක්ෂණ
ශාකයේ පතු වල හා කදේ දුඹුරු පාටට හුරු දිග ලප ඇති වේ. ඉන්පසු පත්‍ර කහපාටවී පසුව මැරී යයි. මල් පෙති වලද දුඹුරු පාට ලප හටගනී. ආසාදනය වු පත්‍රවල ක්‍රමයෙන් අළු කොළ පැහැති දිලීර වර්ධනය වේ.
රෝග පාලනය
වගාවට හොදින් වාතාශ්‍රය ලැබෙන පරිදි පැල අතර පරතරය වැඩිකළ යුතුයි.
වගාව ඇති පරිසරයේ අඩු ආර්ද්‍රතාවයක් පවත්වාගත යුතුය.
හවස් කාලයේ වගාවට ජලය යෙදීමෙන් වැලකිය යුතුය.
ආසාදනය වී ඇති ශාක හා ශාක කොටස් ‍ක්ෂේත්‍රයෙන් ඉවත් කළ යුතුය.
Daconil Chlorothalonil හෝ කොපර් අඩංගු දිලීර නාශක වගාවට යෙදිය යුතුයි.
2 මුල් කුණුවීම
Pythium, Fusarium හා Phytophthora වැනි දිලීර, රෝග කාරක වේ.
රෝග ලක්ෂණ
මුල් කුණූවීම නිසා ශාකය වියලී ගොස් පසුව මිය යයි. ක්ෂණිකව ශාකය වියලීමකට භාජනය වීමට පුළුවන. ශාකයේ පත්‍ර දුඹුරු පාට වේ.
රෝග පාලනය
වගාව සදහා ජීවාණුහරණය කරන ලද මාධ්‍යය භාවිතය.
වගාවට ජලය යෙදීමේදී මතුපිටට ජලය යෙදීම මෙන්ම වැඩිපුර ජලය යෙදීම නොකළ යුතුයි.
ආසාදනයවී ඇති පැල ක්ෂේත්‍රයෙන් ඉවත් කළ යුතුයි.
ටෙප්සීන්, තිරාම්, ෆෝමෝසල්ෆෝට් හෝ රිඩොමිල් වැනි දිලීර නාශක පසට යෙදීම.
3 පිටිපුස් රෝගය
රෝග ලක්ෂණ
ශාක පත්‍ර මතුපිට සුදුපාට පිටි වැනි දිලීර වර්ධනය වනු දක්නට ලැබේ.
රෝග පාලනය
ආසාදිත පත්‍ර කඩා ඉවත් කිරීම.
රෝග පාලනය සදහා ඩැකොනිල් හෝ පොලිකර් වැනි දිලීර නාශක යොදන්න.
මුල් අවස්ථාවේ සල්ෆර් යෙදීමෙන් රෝග වලක්වා ගත හැක.
පළිබෝධ
1 Leaf minor (පත්‍ර කනින්නා)
මෙම වගාවේ වැදගත් පළිබෝධකයෙකි. කුඩා කෘමියෙකු වන අතර පත්‍ර මත බිත්තර දමයි.
මොවුන්ගේ කීට අවස්ථා පත්‍රයේ උඩු අපිචර්මයට යටින් ඇති පත්‍රයේ පටක කාදමයි.
ද්වීතීයිකව ශාකයට දිලීර රෝග බෝකරයි.
පාලනය
වගාවට ජලය යෙදීමේදී පත්‍ර ජලයෙන් තෙත්වන ආකාරයට ජලය යොදන්න. Dinethoate (ඩයිමෙතොඒට්) යොදන්න.
2 Thrip පැල මැක්කා
ඉතා කුඩා කෘමියෙකි. ශාක ශෛල වල යුෂ උරා බෙයි. මේ නිසා ශාකයේ පත්‍ර වියලී යයි. තවද ශාකයට වෛරස් රෝග බෝ කරයි.
පාලනය
වගාවට ජලය යෙදීමේදී ශාක පත්‍ර හොදින් තෙත්වන ආකාරයට ජලය යොදන්න. පහත නිර්දේශකරන ලද කෘමිනාශක යෙදිය හැකිය.
ඇඩ්මයර් - Imidachloprid
මාෂල් - Carbasulphan
රීජන්ට් - Fipronil
මෙටසිස්ටොක්ස් - (Metasystox)
3 Red spider mite (රතු මකුළු මයිටාවා)
ශාක පත්‍රවල යුෂ උරා බොයි. පත්‍රවල යටි පැත්තටවී සිටී. වියළි කාලගුණය මෙම කෘමියාගේ ග්‍රහනය වැඩි කරයි.
පාලනය


පහත සදහන් නිර්දේශ කෘමිනාශක යෙදීම.


Wetable sulphar (තෙතකල හැකි සල්ෆර් යෙදීම)
Nissoran (නිසොරාන්)
මීට අමතරව පහත සදහන් කෘමීන්ගේ හානියද දැකිය හැකිය.
4 කුඩිත්තා
5 සුදුමැස්සන්
6 කපන පණුවන්
7 යුෂ උරා බොන වෙනත් කෘමීන්
පාලනය
වගාව හොදින් පරීක්ෂා කරබලා මෙම කෘමීන් අතින් අහුලා ඉවත් කිරීම.
කීට අවස්ථා විනාශ කිරීම.
යුෂ උරා බොන කෘමීන් මර්ධනය සදහා නිර්දේශ කරන ලද සංස්ථෘනික කෘමිනාශක යෙදීම.
පත්‍ර කාදමන පණුවන් මර්ධනය සදහා ස්පර්ශක කෘමිනාශක යෙදීම.
8 ගොළු බෙල්ලන්ගේ හානිය
අතින් අල්ලා විනාශ කිරීම.
මෙටා හෝ කොන්ඩෝර් වැනි රසායනික ද්‍රව්‍ය යෙදීම.


 
  • Like
Reactions: jontyc
24358658_Marantha_arundianacea.jpg


කැලතියා සහ මැරැන්තා


වර්ණවත් නාරටි හා පත්‍ර තලයේ වු වර්ණ රටා මගින් ඉතාමත් විසිතුරු ලෙස හැඩගැන්වුන කැලතියා හා මැරැන්තා ශාක බදුන්ගත පැලෑටියක් ලෙස ශාක ලෙස ඉතා ජනප්‍රිය වී ඇත. මැරැන්තා ශාක පොළොවට සමාන්තරව වැවෙන මිටි ශාක වන අතර කැලතියා සෘජු ශාක ලෙස වැඩේ.



ශ්‍රී ලංකාවේ දැකිය හැකි කැලතියා වර්ග

Calathea ornata
Calathea makoyana
Calathea roseopicta
Calathea z ebrina


ශ්‍රී ලංකාවේ දැකිය හැකි මැරැන්තා වර්ග


Maranta tricolour
Maranta leuconeura kerchoveana
Maranta leuconeura massangeana



සාර්ථක වගාවක් සදහා

සාමාන්‍ය උණුසුම් දේශගුණයක් සුදුසුය.
විසරිත ආලෝකය ලැබෙන සේ සෙවන අවශ්‍ය වන අතර තද හිරු එළියෙන් පත්‍රයේ වර්ණවත්භාවය විනාශ වන අතර පත්‍ර රෝල්වීම සිදු වේ.
ඉහල ආර්ද්‍රතාවයක් හා නිරතුරුව මාධ්‍යයේ තෙතමනය පවත්වා ගන්න.


ප්‍රචාරණය

පදුරු, තනි ශාක වලට වෙන්කොට පැල බෝකර ගත හැක. නව පැල මුල් අල්ලන තුරු පෝච්චි කවරයකින් වසා තබන්න.


මාධ්‍යය

කොම්පෝස්ට් කොටස් 1
වැලි කොටස් 1 මාධ්‍යය හෝ
වැලි කොටස් 4
කොහුබත් කොටස් 1 මාධ්‍යය හෝ
මතුපිට පස් කොටස් 4 ‍
කොම්පෝස්ට් කොටස් 2
ගොම පොහොර කොටස් 1
වැලි කොටස් 1 මාධ්‍යය යොදා ගන්න.


පොහොර

සෙමින් පෝෂක මුදාහරින කැට පොහොර හෝ පත්‍රමතට ඉසින දියර පොහොර භාවිතා කරන්න.
උදා: N .P .K . 20 : 30 : 20 හෝ
N .P .K . 30 : 10 : 10



වගාවේදී මතුවන ගැටළු

1. වාතයේදී අඩු ජල වාෂ්ප සාන්ද්‍රනය නිසා පත්‍ර අග වියලීම, පත්‍ර හැලීම හා කුරු බව ඇති වේ. මෙය වලක්වා ගැනීම සදහා සෙවණ ලබාදීම හා විසිරුම් ජල සම්පාදනය මගින් වාතයේ ජලවාෂ්ප සාන්ද්‍රණය වැඩි කළ යුතුය.
2. ජලය මද වුවහොත් පත්‍ර හැකිලීම වියලි පැල්ලම් ඇති වීම හා කදේ පහතින් ඇති පත්‍ර කහවීම සිදු වේ.
3. පත්‍ර වල වර්ණය අඩු වීම හා පත්‍ර වියලීම සිදුවන්නේ අධික හිරුඑළිය නිසා බැවින් වහාම සෙවණ සහිත ස්ථානයකට මාරු කරන්න.
4. රෝග අතුරෙන් බහුලව දැකිය හැක්කේ පත්‍ර වල ඇති වන ලප වේ. මෙම රෝගය පාලනයට පත්‍ර මතට ජලය යෙදීමෙන් වලකින්න. ජල වහනය දියුණු කරන්න. තවදුරටත් මෙම රෝගය පවතීනම් ක්ලෝරොතැලොනිල් හෝ මැන්කොසෙබ් යන දිලීර නාශක වලින් එකක් යොදන්න.
5. මෙයට අමතරව නෙමටොඩාවන් නිසා ඇතිවන ශාක කුරු වීම දැකිය හැක.
6. එම තත්වය ඇති නොවීමට වගා මාධ්‍ය ජීවාණුහරණය කර පාවිච්ච්යට ගන්න.
7. නෙමටෝඩාවන් පාලනය සදහා කාබෝෆියුරාන් කැට කිහිපයක් වගා මාධ්‍යයට එක්කරන්න.
8. වියළි කාලගුණික තත්ව වලදී කොරපොතු කෘමිහානිය හා මයිටා හානියද දැකගත හැකි වේ.
9. සුදුසු සංස්ථානික කෘමි නාශක හා මයිටා නාශක යොදා ගැනීම සුදුසුයි.



පැල නඩත්තුව සදහා උපදෙස් දහයක්

1 සෑම විටම රෝගවලින් තොර පැල, බීජ හෝ වෙනත් වර්ධක කොටස් භාවිතා කරන්න.
2 හැකි හැම විටම රෝගවලට ඔරොත්තු දෙන ප්‍රභේද තෝරා ගන්න.
3 පිටතින් ගෙනෙනු ලබන පැල අවම වශයෙන් මාස 03 ක් පමණ යනතුරු වෙනම ස්ථානයක තබා එම පැලෑටි වල සෞඛ්‍ය ත්ත්වය පිළබදව අවධානයකින් සිටින්න.
4 පැල තවාන් අවට පිරිසිදු බවින් තොර හොද පරිසරයක් තබා ගන්න.‍
5 කෘමි හා මයිටා ගහනයන් පිළබදව දිනපතා පරීක්ෂා කරන්න.
6 වාතනය, ජලය සැපයීම, ආර්ද්‍රතාව පාලනය කරමින් රෝග මර්ධනය කරන්න.
7 ජලය හා පෝෂක ඌණතා ඇති නොවීමට වග බලාගන්න.
8 දිනාපතා පැලෑටි පරීක්ෂාවට භාජනය කරන්න.
9 අනවශ්‍ය ප්ද්ගලයින් නිතර පැළ තවානේ ගැවසීමට ඉඩ නොතබන්න.
10 රසායනික නාශක භාවිතය අවසාන ප්‍රතිකර්මයක් ලෙස පමණක් යොදා ගන්න.
 

samanale

Member
Oct 3, 2010
2,314
205
0
in my garden
OMG...great thread...this is kinds of orchids..which i love soo much n we cn have so many colors and shaded ones of this..like white dark purple and yellow shaded..
godak ma mewata one wenne kuda mul allaganna puluwan dewal..kuda gal keta..aguru wage..me mal samahara anith mal wage nemei..godak kal thiyenawa....
 
OMG...great thread...this is kinds of orchids..which i love soo much n we cn have so many colors and shaded ones of this..like white dark purple and yellow shaded..
godak ma mewata one wenne kuda mul allaganna puluwan dewal..kuda gal keta..aguru wage..me mal samahara anith mal wage nemei..godak kal thiyenawa....
Tnx...:D

orchids walata one karana dewal mama damma, a tika balanna, welawata pora danna, ethakota mal wala gunaathmaka bawa wadi wenawa
 
Anthurium

anthurium.jpg




ඇන්තුරියම් (Anthurium)



මල් ලෝකයේ වැදගත් තැනක් ගන්නා ඇන්තුරියම් ශාකය සෙවණ හා තෙතමනය ප්‍රිය කරයි.
ඇන්තුරියම් කැපු මල් ලෙසත්, කැපු පත්‍ර ලෙසත්, බදුන්ගත පැලෑටි ලෙසත් ආර්ථික වැදගත්කමක් උසුලයි. ප්‍රධාන වශයෙන්,
1. මල් අලංකාරය සදහා ද
2. පත්‍ර අලංකාරය සදහා ද
3. බදුන්ගත පැලැටි සදහා ද වගාකළ හැක.
ඇන්තුරියම් වර්ග කිහිපයක් ඇත. මේ හැම වර්ගයක් සදහාම අවශ්‍ය වන්නේ සෞම්‍ය දේශගුණික තත්වයකි. පොළව මට්ටමේ සිට අඩි 10 - 12 ත් අතර උසකින්, 70% - 75% වන පරාසය තුළ සෙවණ ලබා දියයුතුය.


ඇන්තුරියම් පැල බෝ කරන ක්‍රම

බීජ මගින්.
වර්ධක කොටස් මගින්
පටක රෝපණ මගින්.


බීජ තවාන් මාධ්‍යය

දිරෑ කොළ පොහොර - කොටස් 2යි.
දිරූ ගොම පොහොර - කොටස් 1 යි.
රොන් මඩ රහිත වැලි - කොටස් 1/2 යි.
කද කැබලි තවාන් කිරීමේ මාධ්‍යය
දිරූ කොළ පොහොර - කොටස් 1 යි.
රොන්මඩ රහිත වැලි - කොටස් 1 යි.


පැල සිටුවන ක්‍රම

බදුන්ගත කිරීම (පෝච්චි වල සිටුවීම)
පාත්තිවල සිටු වීම
භාවිතා කළ හැකි වගා මාධ්‍යයන්
කොළ පොහොර - කොටස් 2 යි.
ගොම පොහොර - කොටස් 1 යි.
රොන් මඩ රහිත - වැලි කොටස් 1/2 යි.
අගල් 1 1/2 - 2 උළු - කොටස් 1/4 යි.
අගල් 1 1/2 - 2 අගුරු - කොටස් 1/4 යි.
අගල් 2 - 3 ප්‍රමාණයේ පොල්ලෙලි කැබලි - කොටස් 1 යි.
අගල් 2 - 3 ප්‍රමාණයේ උළුකැට - කොටස් 1 යි.
අගල් 2 - 3 ප්‍රමාණයේ පොල්ලෙලි කැබලි පමණක් ද භාවතා කළහැක. (මෙහිදී ගන්නා පොල්ලෙලි මාස 3 ක් පමණ පරණ වියයුතුයි.)


පැළ බදුන් ගත කිරීම

පළමුව බදුන සෝදා පිරිසිදු කිරීම.
පතුලේ සිදුර වක්‍ර උළුකැටයකින් ආවරණය කිරීම.
ඉතිරි ඉඩ ප්‍රමාණයට අගල් 1 1/2 - 2 පමණ උළුකැබලි ඇතිරීම.
ඉන් පසු වියළි කොළ තට්ටුවක් ඇතිරීම.
ඒ මතට භාවිතා කරන වගා මාධ්‍යයෙන් බදුනේ උසෙන් 3/4 ක් පමණ වනසේ පුරවා සමතලා කිරීම.
සිටුවීමට ගන්නා පැලයේ කුණුවී ඇති මුල් හා අනවශය කොළ කපා ඉවත් කර මුල් විහිදී යන ලෙසට වගා මාධ්‍යය මත තබා මුල් වැසෙන තෙක් පමණක් නැවත වගා මාධ්‍යයෙන් පිරවිය යුතුය. බදුනේ කටේ සිට වගා මාධ්‍යයට අගල් 1 ක් වැනි ඉඩ ප්‍රමාණයක් තැබිය යුතුය.
ඉන් පසු ජලය යෙදා සෙවණක තැබිය යුතුය.


පාත්ති වල සිටුවීම


උස්වු පාත්ති ක්‍රමය
ගිල්ලු පාත්ති ක්‍රමය
මේ සදහා භාවිතා කරන විශේෂ ක්‍රම ඇති අතර වැඩි විස්තර උද්භිද උද්‍යානයෙන් විමසා දැන ගත හැක.


රසායනික පොහොර යෙදීම

දියර පොහොර වර්ග හා කැට පොහොර ‍වර්ග යෙදීමේදී පහත සදහන් අනුපාත සහිත පොහොර මිශ්‍රණ භාවිතා කළහැක.
උදා:- N .P .K . 20 : 30 : 20 (වර්ධන අවධියේදී)
N .P .K . 30 : 10 : 10 (මල් හට ගන්නා අවධියේදී)


රෝග හා පළිබෝධ හානි


දියමලං කෑම
තවාන්වල ඇති කුඩා පැලවල මුල් කුණු වී පැල ඇද වැටීම.
මර්ධනය
ජල වහනය දියුණු කිරීම, කුණු වු ‍ කොටස් ඉවත් කිරීම හා සුදුසු දිලීර නාශකයක් යෙදීම.
ඡද ශුකිය කුණු වීම
ඡද ශුකිය කුණු වී මල නටුවෙන් කඩා වැටීම.
මර්ධනය
ජලවහනය දියුණු කිරීම, කුණුවූ කොටස් ඉවත් කිරීම, සුදුසු දිලීර නාශකයක් යෙදීම
බැක්ටීරියා අංගමාරය
පත්‍ර කහ වී දුඹුරු පැහැ වී වියළී යාම, කොළපුව දුඹුරු පැහැ වී වියළී යාම හා පසුව මුළු ශාකයම විනාශ වී යාම.
මර්ධනය
ක්‍රමවත් පාලන කුම අනුගමනය කිරීම, රෝගී කොටස් ගලවා පුළුස්සා දැමීම.
මයිටා හානිය
පත්‍රවල හා මලේ යුෂ උරා බීම නිසා සුදු පැහැ පැල්ලම් ඇති වීම හා ඇකිලීම සිදු වේ.
මර්ධනය
නිර්දේශිත කෘමිනාශක භාවිතා කිරීම.
උදා: (ගෙන්දගම් 80%)
පිටිමකුණා / කොරපොතු කෘමි හානිය
පත්‍ර වල හා කොළපුවේ යුෂ උරා බීම.
මර්ධනය
නිර්දේශිත සංස්ථානික කෘමිනාශක භාවිතා කිරීම.
(උදා: ඩයිමෙතොඒට්)
ගොළුබෙල්ලා හා හංගොල්ලාගේ හානිය
ළපටි පත්‍ර හා මල් කා විනාශ කිරීම.
මර්ධනය
වගාව පිරිසිදුව තබා ගැනීම, හොද වාතාශ්‍රය හා ජල වහනය ඇති කිරීම, මෙටැල්ඩිහයඩි ඇමක් ලෙස භාවිතා කිරීම.

 
(Saintapaulia)

saintpaulia3.jpg


ඇෆ්රිකන් වයිලට් (Saintapaulia)

වර්ණවත් මල් පිපෙන බදුන්ගත ශාකයක් ලෙස ජනප්‍රිය වී ඇත.


සාර්ථක වගාවක් සදහා

කොල පොහොර 1 : වැලි 1 : අඩංගු මාධ්‍යයක් යොදා ගැනීම සුදුසුයි.
දීප්තිමත් ආලෝකය ලබාදෙන අතර තද හිරු රැසට නිරාවරණය වීම වළකන්න. ආලෝකය තීරණය කිරීමේදී පැලෑටි වලට ඉහලින් අත ඇල්ලු විට අතේ සෙවණැල්ලේ දාර නොපෙනෙන අවස්ථාව වඩා සුදුසු ආලෝක තත්වය ලෙස හදුනාගෙන ඇත.
භාවිතා කරන කොම්පෝස්ට් මාධ්‍යයේ තෙතමනය රදවන්න.
ජලය දැමීමේදී පත්‍ර මතට නොව මාධ්‍යයට යොදන්න.
සවස් කාලයේ ජලය දැමීමෙන් වලකින්න.
වාතයේ තෙතමනය රදවා ගැනීම අවශ්‍යයි. දියර පොහොර, සෙමෙන් පෝෂක මුදාහරින කැට පොහොර මගින් පෝෂණය ලබාදිය හැකිය.
සාමාන්‍ය උණුසුමක් පවත්වා ගැනීම සුදුසුය.
උෂ්ණත්වයේ හදිසි වෙනස්වීම් ඇතිවීම වළක්වාගත හැකිනම් වැදත්ය.


ප්‍රචාරණය සදහා

අගලක් පමණ දිග නටුව සහිත පත්‍රය,
සියුම් වැලි කොටස් 1
හලාගත් කොල පොහොර කොටස් 1 මාධ්‍යය තුල සිටුවා ගැනීම කළ හැකිය.


බීජ ප්‍රරෝහණය සදහා,

සියුම් වැලි කොටස් 1
හලාගත් කොල පොහොර කෙටස් 1 මාධ්‍යය යොදා ගත හැකිය.
බීජ, ඉහත සදහන් මාධ්‍යයේ මතුපිට ඉසීම සුදුසුය.


මුහුණ දීමට සිදුවන ගැටළු

බොට්‍රයිටිස් කුණුවීම හා පිටිපුස් රෝගය මර්ධනයට පත්‍රමත තෙතමනය රැදීම වලක්වා විනාශ වූ රෝගී පත්‍ර ඉවත් කරන්න. සංස්ථානික දිලීර නාශකයක් යොදන්න.
සුදු මැස්සා හෝ පිටි මකුණාගේ හානි සිදුවේ නම් ඩයිමෙතොඒට් හෝ ඩයිසිනෝන් යොදන්න.
නෙමටෝඩා මගින් හානි සිදුවේ නම් කුරේටර් යෙදීම හෝ ජීවානුහරිත මාධ්‍යයක් භාවිතා කරන්න.
තද හිරු රැස් නිසා පත්‍ර මත දුඹුරු පැහැ පැල්ලමක් ඇති වේ.
සීතල ජලය පත්‍ර මත වැටීමෙන් පත්‍රමත දුඹුරු ලප ඇති වේ.
වියළි වාතය, තද හිරු රැස් හෝ වැඩිපුර පෝෂණය නිසා පත්‍ර කහ පැහැ වේ.
ප්‍රමාණවත් ලෙස හිරුඑළිය නොලැබීම නිසා දිග පත්‍ර නටු සහිත මළානික ලොළ පැහැ පත්‍ර ඇති වේ.
දැඩි හිරු රැසට නිරාවරණය වීම වලක්වා ප්‍රමාණවත් ලෙස ආලෝකය ලබා දෙන්න.


පැල නඩත්තුව සදහා උපදෙස් දහයක්

සෑම විටම රෝගවලින් තොර පැල, බීජ හෝ වෙනත් වර්ධක කොටස් භාවිතා කරන්න.
හැකි හැම විටම රෝගවලට ඔරොත්තු දෙන ප්‍රභේද තෝරා ගන්න.
පිටතින් ගෙනෙනු ලබන පැල අවම වශයෙන් මාස 03 ක් පමණ යනතුරු වෙනම ස්ථානයක තබා එම පැලෑටි වල සෞඛ්‍ය ත්ත්වය පිළබදව අවධානයකින් සිටින්න.
පැල තවාන් අවට පිරිසිදු බවින් තොර හොද පරිසරයක් තබා ගන්න.‍
කෘමි හා මයිටා ගහනයන් පිළබදව දිනපතා පරීක්ෂා කරන්න.
වාතනය, ජලය සැපයීම, ආර්ද්‍රතාව පාලනය කරමින් රෝග මර්ධනය කරන්න.
ජලය හා පෝෂක ඌණතා ඇති නොවීමට වග බලාගන්න.
දිනාපතා පැලෑටි පරීක්ෂාවට භාජනය කරන්න.
අනවශ්‍ය ප්ද්ගලයින් නිතර පැළ තවානේ ගැවසීමට ඉඩ නොතබන්න.
රසායනික නාශක භාවිතය අවසාන ප්‍රතිකර්මයක් ලෙස පමණක් යොදා ගන්න.
 
නිවැරදි රෝස මල් වගාවක් සදහා පස සහ භූමිය සකස් කිරීම


rose.jpg



දේශීය මෙන්ම විදේශීයව ඉහළ ඉල්ලුමක් පවතින රෝස මල් වගාව කෙරෙහි වැඩි දෙනකුගේ අවධානය යොමුව පවතින අතර ලොකු කුඩා අප කවුරුත් රෝස මල කෙරෙහි දක්වන්නේ අසීමිත ආදරයකි. වර්තමානයේ එක් රෝස පඳුරක් වත් නොමැති නිවෙසක් හෝ ගෙමිදුලක් දක්නට නොලැබෙන්නේ ද ඊට ඇති අපිරිමිත සෙනෙහස නිසාවෙනි.සාමාන්‍යයෙන් රෝස වගාවක නිරත වන්නේ නම් මනා ඉවසීමක් තිබිය යුතු අතර ඒ කෙරෙහි වැඩි අවධානයක් ද යොමු කළ යුතුවේ.




විශේෂයෙන්ම පරිසරයට ගැළපෙන ලෙසින් තම සිතැඟි පරිදි රෝස ගසක් හෝ වගාවක් නිර්මාණය කර ගැනීමේ දී වැඩි සැලකිල්ලක් දැක්විය යුතු අතර ඒ සඳහා වැඩි කැපවීමක් ද කළයුතු වේවි.අනෙකුත් මල් වගා කිරීමේ දී මෙන්ම රෝස වගාවේ දී ද වගා භූමිය සහ පස පිළිබඳව මනා අවබෝධයක් තිබිය යුතුවේ. විශේෂයෙන්ම මෙම රෝස වගාවට යෝග්‍ය වන්නේ හොඳින් ජලවහනය සිදුවන තරමක් ආම්ලික පසකි.සාමාන්‍යයෙන් රෝස පාත්තිවල සිටුවිය හැකි අතර බඳුන්ගත වගාවක් ලෙසින් ද පවත්වාගෙන ගිය හැකිය. මෙහිදී පිහිටි පොළොවේ පාත්ති සකස් කරන්නේ නම් පසේ ස්වරූපය අනුව එය කළ යුතුය.




රෝස පැළය සිටුවීමට ගැඹුර අඩි 1 1/2, 2 අතර ප‍්‍රමාණයේ වළවල් සැකසිය යුතු අතර පාත්තිය වටා ජල වහනය සඳහා ක‍්‍රම යෙදිය යුතුවේ. වගා භූමියට වඩා උසින් සිටින ලෙස (පස් උඩට ගොඩ කර) මෙහිදී පාත්ති සකස් කළහැකි අතර පහත මිශ‍්‍රණය භාවිතා කළ යුතු වේ.මතුපිට පස් කොටස් 1කොළ පොහොර කොටස් 1හොඳින් දිරා ගිය ගොම කොටස් 1/2වැලි කොටස් 1/2බඳුන් ගත රෝස වගාවක් පවත්වා ගෙන යන්නේ නම් ඒ සඳහා සුදුසුම කාලය වන්නේ සැප්තැම්බර් මාසයයි. මේ සඳහා මැටි බඳුන් භාවිතා කළ යුතු අතර පැළ සිටුවීමට ප‍්‍රථම බඳුන පිරිසුදු කර ගන්න. අනතුරුව භාජනය පතුල සිදුරු කර ජලවහනයට උචිත පරිදි සකසා පහත වගා මිශ‍්‍රණය යෙදිය යුතුය.ලොම් පස් කොටස් 1කොළ කොටස් 1/3දිරූ ගොම කොටස් 1/2වැලි කොටස් 1/3දැව අළු කොටස් 1/6මෙම වගා මිශ‍්‍රණය යෙදීමට ප‍්‍රථම බඳුන පතුලේ සිදුර වක‍්‍ර උළු කැට කැබැල්ලක් වසා ඒ මත බොරළු තට්ටුවක් අතුරන්න.


ඊට ඉහළින් වියළි කොළ තට්ටුවක් අතුරා ඒ මත වගා මිශ‍්‍රණය යෙදිය යුතු වේ.සාමාන්‍යයෙන් පාත්තියක රෝස පැළ සිටුවීමේදී දිග පැත්තට සමාන්තරව පැළ සිටුවිය යුතු අතර පේළි අතර පරතරය තැබිය යුතු වේ. මෙහිදී කුරු රෝස සඳහා අඩි 1 * 1 * 1 පරතරයත්, වැල් රෝස සඳහා අඩි 10 X 10 X 10 පරතරයත්, හයිබි‍්‍රඩ් ටී රෝස සඳහා අඩි 1 1/2 * 1 1/2 * 1 1/2 පරතරයත්, ප්ලොරි බුණ්ඩා රෝස සඳහා අඩි 2 * 2 * 1/2 පරතරයත් තිබිය යුතු වේවි.පැළ රෝපණය තරමක් පහසු කාර්යයක් වුවද මුල් නොකැඩෙන ලෙසින් එය සැලකිලිමත්ව කළ යුතු අතර සිටුවා මාස හතරක් හෝ පහක් ගත වූ පසුව දළ කප්පාදුවකට ලක්කොට නිරෝගී අංකුර වර්ධනය කරගත යුතුය.රෝස පැළයක් අංකූර වැඩීමේදී සහ මල් පිපෙන කාලයේදී සති දෙකකට වරක් දියර පොහොර යෙදීමත් ඉතා වැදගත්.
 
රෝස පැළ බෝකර ගැනීම හෙවත් ප‍්‍රචාරණය


ඔබේ ගෙඋයන අලංකාර කරන රෝස වගාව පිළිබඳ බව දැනගත යුතුම වූ තවත් කරුණක් වන්නේ රෝස පැළ බෝකර ගැනීම හෙවත්් ප‍්‍රචාරණය පිළිබඳවයි. මේ සඳහා දැනට වගාකරුවන් අනුගමනය කරන ප‍්‍රචාරණ ක‍්‍රම හතරකි.


එනම් 1. බීජ මඟින් බෝ කිරීම 2. අතු බැඳීම3. අතු කපා සිටුවීම 4. බද්ධ කිරීම බීජ මගින් බෝ කිරීමේ ක‍්‍රමය දැනට ලංකාවේ භාවිතා නොවේ. මෙහිදී ඉදුණු රෝස ගෙඩි කඩා වැලි සහිත බඳුනක තබා ශීත කාලයේ හිමවලින් වැසී යාමට සලස්වයි. එම කාලය අවසානයේ දී මෙම ගෙඩි මිරිකා ඉවතට ගෙන ජලයෙන් සෝදා තවාන් කිරීම සිදු කෙරේ.


රෝස අතු බැඳීමේදී පොළවට ආසන්නයෙන් වැඩුණු මේරූ අතු මේ සඳහා යොදා ගැනේ. මෙහිදී පොළොවට ආසන්න රෝස කඳේ පත‍්‍ර අඩි 02 ක් පමණ දුරට ඉවත් කළ යුතු අතර මුල් ඇද්දවීම කරගත යුතු ස්ථානයේ පිහිටි අංකුරයට විරුද්ධ පසින් කඳේ කැපීමක් කළ යුතුය.
මෙම පැල්ම යා නොවීමට කුඩා ගල් කැටයක් තබා ලී කරු දෙකක ආධාරයෙන් පොළොවට තබා අඟල් 04 ක් ගැඹුරට සිටින සේ පස තුළ රඳවන්න.


මේ කඳ කොටස මාස 4 ක් 6 ක් අතර කාලයේදී මුල් ඇදී වර්ධනය වූ පසු මවු ශාකයෙන් කපා වෙන්කර වෙනත් ස්ථානයක සිටුවිය හැකිය.සමහර රෝස විශේෂ අතු කැබැලි මඟින් ඉතා ලෙහෙසියෙන් බෝ කරගත හැකිය. අඟල් 09 ක් පමණ දිග අතු කැබැලි මේ සඳහා සුදුසු අතර පොළොවට ගිල්වන කොටසෙහි අංකුරයට අඟල් 1/2ක් පහළින් වෙන් කරගත යුතුය. මෙම අතු කැබැලි ජල බඳුනක ගිල්වා පාත්ති සැකසීමෙන් පසුව සමාන්තර පේළි වශයෙන් සිටවන්න.


ඉන්පසුව ජලය යෙදිය යුතු අතර ඉහළ කැපුම් පෘෂ්ඨ මත දිලීර නාශක ආලේප කිරිමට ද අමතක නො කරන්න. මෙසේ සිටවා ගත් අතු කැබැලි මාස 04 ක් පමණ වනවිට මුල් ඇදෙන අතර ඉන්පසුව ඔබට අවශ්‍ය ස්ථානයක සිටුවිය හැකිය. මෙම අතු බැඳීමෙන් සහ අතු කැබැලි සිටුවීමෙන් රෝස වගාව බෝ කර ගැනීම අපහසු වූ විට බද්ධ කිරීමෙන් එය සාර්ථකව කරගත හැකිය. මෙම බද්ධ කිරීම සඳහා බහුල වශයෙන් භාවිතයට ගැනෙනුයේ ටී බද්ධයයි.




එය උඩුකුරු හෝ යටිකුරු ටී බද්ධය යන දෙ ආකාරයටම සිදුකළ හැකිය. අධික වර්ෂා කාලයේ දී යටිකුරු ටී බද්ධය ප‍්‍රායෝගිකව වාසිදායක වේ. මන්ද බද්ධ විවරය තුළින් ග‍්‍රාහකයේ කඳ තුළට වර්ෂා ජලය ඇතුල් නොවන හෙයිනි. රෝස වගාවේ ප‍්‍රචාරණ මාධ්‍යය සඳහා රතුපස් කොටස් 01 ක් වැලි කොටස් 01 ක් සමඟ මිශ‍්‍ර කර ගැනීමෙන් හොඳ මාධ්‍යයක් සකස් කර ගැනීමට හැකියාව ලැබේ.