කාංසාව යනු කුමක්ද?
කාංසාව සහ භීතිකාවන් යනු පුද්ගලයන් 10 ගෙන් 1 අයෙකු තම ජීවිත කාලය තුලදී ගොදුරු වීමට ඉඩ ඇති රෝග තත්වයන්ය. තර්ජනාත්මක හෝ මුහුණ දීමට අපහසු සිදුවීමකදී ඕනෑම මනුෂ්‍යයෙකුට ඇතිවන බියමුසු හැඟීම කාංසාවයි. එමඟින් එවැනි අවස්ථා සඳහා අප සූදානම් කෙරෙන අතර, ගැටළු වලට මුහුණ දීමට අවශ්‍ය ධෛර්යය ලබාදෙමින්, භයානක සිදුවීම් මඟහරවා ගැනීමට අපට උපකාරී වේ. කෙසේ වෙතත්, කාංසාව ඉතාම බලවත් වේ නම් එය අපේ එදිනෙදා ජීවිතයට බාධා ගෙනදීමටද ඉඩ ඇත.
Panic යනු කුමක්ද?
නොසිතූ වරූ මොහොතක හදිසියේම ඇතිවන අධික කාංසාව නිසා, ගැටළුකාරී අවස්ථාවකින් පළායාමේ අවශ්‍යතාවය ඇතිවේ නම්, එම හැඟීම Panic වේ.
Phobia යනු කුමක්ද?
යම්කිසි වස්තුවකට හෝ අවස්ථාවකට පවතින අනිසි බිය වේ. මෙය බොහෝවිට හානිකර නොවේ.
කාංසා රෝග යනු බරපතල රෝගී තත්වයන් වුවද, සාර්ථක ලෙස ප්‍රතිකාර ගැනීමෙන් පාලනය කළ හැකිය.
- ඕනෑම වයසක දී, විශේෂයෙන්ම අවුරුදු 10-30 ත් අතර,ඇතිවීමේ ඉඩඩ ඇත.
- කාන්තාවන්ට කාංසා රෝග වැලදීමේ දී වඩා දෙගුණයක ඉඩක් ඇත. කාන්තාවන්ගෙන් 30% ක් සිය ජීවිත කාලය ඇතුළත යම් කාංසා රෝගයකින් පීඩා විඳිති.
Generalized Anxiety Disorder
එදිනෙදා ගැටළු පිළිබඳ අධික ලෙස හා පාලනයෙන් තොර කාංසාවෙන් පෙළීම.
Social Anxiety Disorder (Social Phobia)
අධික කාංසාව නිසා එදිනෙදා සමාජමය අවස්ථා මගහැරීම.
Panic Disorder
හඳුනාගත හැකි හේතුවකින් තොරව හදිසියේම අධික බියක් ඇතිවීම හා ඒ හරහා තමා හෘදයාබාධයකට ලක්වන බවක් දැනීම.
Specific Phobias
යම් දෙයක්, සිදුවීමක් හෝ ස්ථානයක් පිළිබඳ ඇති අධික බිය නිසා එම දෙය, සිදුවීම හෝ ස්ථානය මඟහැරීමට පෙළඹීම.
Obsessive-Compulsive-Disorder (OCD)
අධික කාංසාව සහ භීතිය නිසා නිතර නිතර ඇතිවන සිතිවිලි සහ එම නිසා හටගන්නා චර්යාවන් වේ. උදාහරණයක් ලෙස නිතර නිතර අත සේදීමට ඇති අධික අවශ්‍යතාවය
Post Traumatic Stress Disorder (PTSD)
ව්‍යසනකාරී අත්දැකීමකට මාස කිහිපයකට හෝ අවුරුදු කිහිපයකට පසු, මඟහැරීම, නින්ද නොයාම, අවධානය අඩු වීම හා තම ව්‍යසනකාරී අත්දැකීමෙන් මිදීමේ අවශ්‍යතාවය.
මේ අතරින් Panic Disorder නිසා ඔබ ජීවිතයට හානි වීමට වුවද හැකිය.
කාංසාව, Panic හා Phobia ඇතිවීමට හේතු
- ජානමය බලපෑම
- මත්ද්‍රව්‍ය භාවිතය
- ජීවිත අත්දැකීම්
ඔබට ලබාගත හැකි ප්‍රතිකාර
Tranquilizers
මෙම ඖෂධය නිද්‍රාජනක ඖෂධයක් වේ. මේවා සති දෙකක් හෝ ඊට අඩුවෙන් භාවිත කල හැක. දිගු කලක් භාවිතා කළහොත් ඇබ්බැහි විය හැක.
Antidepressants
මේවා කාංසාමය තත්ව සඳහා හොදින් ක්‍රියාත්මක වේ. මේවා සති දෙකේ සිට හතර දක්වා කාලයකට සාමාන්‍යයෙන් භාවිත කෙරේ. නමුත් සමහරකට ඔක්කාරය, නිදිමත, කරකැවිල්ල, තොලකට වියලීම, මළබද්ධය ඇතිකරවයි.
කාංසා අක්‍රමිකතා පිළිබඳව ප්‍රධාන ලිපිය බලන්න.
Beta blockers
(සාමාන්‍යයෙන් අධි රුධිර පීඩනයට භාවිත කරයි) අඩු මාත්‍රාවක් කංසා රෝග ලක්ෂණ සඳහා භාවිත කළ හැක.
මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර ඔබේ ගැටළු පිළිබඳ කතා කිරීම තුළින් ඔබට දැනෙන කාංසාව පිළිබඳ වටහාගැනීමට හා එය පාලනය කිරීමට ඔබට හැකියාව ලැබේ. මෙම ප්‍රතිකාර ක්‍රමය තනි තනිව හෝ කණ්ඩායම් වශයෙන් සිදු කෙරේ.
HTML:
http://www.sahanaya.org


