බිරිඳ සහ බිත්තර

Inshaffadhil

Member
May 16, 2009
5,740
379
0
C:\Srilanka\Colombo\Maradana
බිරිඳ සහ බිත්තර

ඔන්න මචන් උඹලා වගෙ හොඳට ඉගෙනගත්තු කොලු ගැටයෙක් තමන්ගෙ කල වයස ආවම ලෝකේ කරන්න තියෙන ලොකුම ගොන් කම වෙලාවටම කරගත්තලු.මොකක්ද තමන්ට නාස් ලණුව දාගන්න එක. සින්හලෙන්ම කියනවනම් මූ බැන්දලු.

දැන් මචන් ඔහොම කාලයක් ගෙවිල හිගිල්ලා දවසක් මූ උවමනාවකට ගෙදර අල්මාරියෙ ගෑනිගෙ බඩු තියෙන පැත්ත ඇරියලු.යකො බිත්තර 5ක් තියෙනවලු උඩම තට්ටුවේ.මූ නිකන් කරකවල අතෑරිය වගෙලු.ඇයි බන් මේ බිත්තරත් ගනන් කාලේ මෙ ගෑණි බිත්තර හන්ගගෙන අහවල් මගුලක් කරනවද කියලා? මූට ඔය කිව්වට බයකුත් එන්නැති ගෑනි බිත්තර දැම්මවත්ද කියලා?

කොහොමහරි මූ ගැණිට නිකන් තගක් එහෙම දාල ඇහුවලු මොකටද මේ බිත්තර හන්ගගෙන ඉන්නෙ කියලා? ගැනි දීපු උත්ටරෙට මචන් මෙ අහින්සකයගෙ හිත උනු වෙල ගියලු හරියට නිකන් බටර් වගේ.

ගැනි කිව්වලු “මම ඔයාට ද්‍රෝහි උනු සැරයක් ගානෙ මම මෙතන බිත්තරයක් තිබ්බා” කියල. මූට මචන් මාරම සතුටුයිලු. ඇයි බන් බිත්තර 5 නෙ තිබ්බේ.ඒ කියන්නෙ ගැණි මූට ද්‍රෝහි වෙල තියෙන්නෙ 5 වතාවයි කියන එකනේ. දැන් ඉන්න ගැණුන්ගෙ හැටියට ඒක සැලකිය යුතු මට්ටමකින් හොඳයිනෙ බන්.

ඒත් එක්කම මූ දැක්කලු මචන් ගැණිගෙ අල්මාරිය මුල්ලෙ ලොකු සල්ලි මිටියක්.මූ හොල්මන් ලු සීන් එකට.එතන ලක්ෂ 10ක විතර ලොකු මිටියක්ලු. ආයිමත් ගැණිගෙන් ඇහුවලු ඒක ගැනත්. දැන් තමයි ගැණිත් සුපිරිම උත්තරෙ දීල තියෙන්නේ.

“මේ මම කලින් බිත්තර විකුණල ගත්තු සල්ලි…. ”:lol: