ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Religious
Reload this Page ලොව සුපතල විද්වතුන් මෙලෙස පවසා ඇත
Reply
 
Thread Tools
(#1)
Old
sirajstc's Avatar
sirajstc sirajstc is offline
Senior Member
sirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of light
 
Posts: 56,984
Join Date: Apr 2008
Location: ~*~CeYLoN..~*~
Send a message via Skype™ to sirajstc
Up ලොව සුපතල විද්වතුන් මෙලෙස පවසා ඇත - 01-08-2011, 05:34 PM

අපගේ සිතුම් රටාව බොහෝ විට හැඩගැසි ඇත්තේ දෙමව්පියන්ගෙන්, පරිසරයෙන් හා පාරම්පරිකව උරුමවු අදහස් හා සිරිත් විරිත් කිසිම විමසිමකින් තොරව පරම සත්‍යයන් ලෙස පිළිගැනීමටය.මේ හේතුවෙන් මේ සිතුම් රටාවෙන් පරිබාහිර වූ අදහස් ද එම අදහස් ඉදිරිපත් කළ ශ්‍රේෂ්ඨ මිනිසුන්ද නිර්දය ලෙස ප්‍රතික්ෂේප කිරීමට අපි හුරුවී ඇත්තෙමු. මෙම සම්ප්‍රදායික සිතිවිලි රටාවෙන් මිදී මධ්‍යස්ථ හා නිදහස් චින්තකයින්ගේ මග අනුගමනය කරමින් මනුෂ්‍ය වර්ගයාට අන්ධකාරයේ අගාධයෙන් ගොඩ ඒමට ආලෝකයක් ලෙස ක්‍රියාකළ ශ්‍රේෂ්ඨ මිනිසෙකු ගැන විමසුමක යෙදෙන්නට අප හා එක්වන ලෙස ඔබට කාරුණිකව ආරාධනය කරන්නෙමු.



නමුත් ගතවූ ශත වර්ෂ කිහිපය තුළ මෙම කාරුණික ශ්‍රේෂ්ඨ මිනිසාට එරෙහිව ඇතැමුන් විසින් නොයෙක් මාදිලියේ දෝෂාරෝපණයන් එල්ල කරන ලදි. නවීන විද්‍යාත්මක යුගය ආරම්භ වූ පසු බටහිර ලෝකයාට පටු චින්තනයන් හා එදිරිවාදකම් පසෙකලා නිදහස් චින්තනයෙන් සන්නද්ධ වී සත්‍යය කුමක්ද යන්න පමණක් දැන ගන්නා පිපාසය ඇතිවූ නිසා ඔවුන් මෙම ශ්‍රේෂ්ඨ මිනිසාගේ චරිතය දෙස නව කෝණයකින් බලන්නට පටන්ගත්හ. එමගින් සත්‍ය කරුණු බොහොමයක් ඔවුන් වටහා ගන්නටද වූහ.මෙයට ශත වර්ෂ 14 කට පෙර අරාබි කාන්තාරයේ අනාථයෙකු ලෙස උපත ලැබ කිසිම සම්මත අධ්‍යාපනයකින් තොරව මුලු මහත් මනුෂ්‍ය වර්ගයාටම ආලෝකයක් දන්වමින් අන්ධකාරයෙන් ගොඩ එන්නට මග එළි පෙහෙළි කළ මේ ශ්‍රේෂ්ඨ මිනිසා අන් කිසිවෙක් නොව, සත්‍යය වූ එකම දෙවියන් වහන්සේගේ අවසාන වක්තෘත්වය ලැබූ මුහම්මද් නබි තුමාණන්ය. මෙම උත්තරීතර මිනිසා ගැන මුස්ලිම් නොවන විද්වතුත් පළ කළ අවංක අදහස් කිහිපයක් මෙම ලිපියට එක්කොට ඉදිරිපත් කර ඇත්තෙමු.ඔවුන්ගෙන් මතු වූ තම හෘද සාක්ෂියේ හඬ ඔබ සැමට ඉදිරිපත් කරන්නේ මෙම ශ්‍රේෂ්ඨ නායකයා පිළිබඳ යථාර්තය පැහැදිලි කිරීම සඳහාය.

වයස සතළිහ තෙක් මුහම්මද් නබි නායකතුමා රාජාන්ත්‍රිකයෙකු ලෙස හෝ දේශණා කරන්නෙකු ලෙස හෝ කථිකයෙකු ලෙස හෝ ප්‍රචලිත වී සිටියේ නැත. එතෙක් එතුමන් නෛතික හෝ දේශපාලනය ගැන හෝ ආර්ථිකය, සමාජ පැවැත්ම ගැන, යහගුණාංග ගැන හෝ කථා කරනු කිසිවෙකු දැක නොමැත.නමුත් එතුමා සතුව ඉතා උසස් ගතිගුණ මාලාවක් තිබුණු බවට කිසිදු තර්කයක් නැත. නමුත් මෙම ගතිපැවැතුම් මුහම්මද් තුමාගෙන් අතිවිශේෂ යමක් නුදුරු අනාගතයේ නිකුත් වෙතැයි යන ඉගියක් ආරම්භයේදී නිකුත් වූයේද නැත.

තරුණ වියේහිදීම සත්‍යවන්තයා, විශ්වාසවන්තයා යනාදි ආරුඩ නම්වලින් සියල්ලන් විසින් ආදරයෙන් අමතනු ලැබූ මුහම්මද්තුමා, මැදිවියට පත්වන්නට වූ පසු නුදුරු ගල් ගුහාවකට ගොස් නිතර හුදෙකලා වන්නට විය. වයස අවුරුදු සතලිහක් වූ විට එතුමන්ට දූත මෙහෙය දෙවිදුන් විසින් නියම කරන්නට යෙදී, එම හුදෙකලා ගල් ලෙනෙහි දෘශ්‍යමානවූ ජිබ්රීල් නම් අග්‍ර දෙව දූතයා මගින් ශුද්ධවූ අල්-කුර්ආන් ග්‍රන්ථයේ වැකි කිහිපයක් අනාවරණය කරන්නට යෙදිණි. මෙලෙස ඇරඹුනු දිව්‍යමය අනාවරණයන්, පුරා වසර 23 ක් පැවතියේය. මෙම අනාවරණයන් එහි අංශු මාත්‍ර වෙනසකට හෝ බදුන් නොවී අදත් පහළ වූ එම බසින්ම සංරක්ෂනය කරනු ලැබ තිබේ.

මෙම අනාවරණයන් පහළ වනතාත් සමඟම මුහම්මද් තුමා කෙරෙහි මහත් විප්‍යීසයන් ඇති වන්නට පටන් ගත්තේය. සත්‍යවන්තයා යන විරුදාවලියෙන් එතුමා පිදූ අරාබීන් මොහු මුසාවාදියෙකැයි එක රැයින්ම චෝදනා නගන්නට වූහ.

පුරා සතලිස් වසරක් සැවොම විසින් පසසනු ලැබූ යහදිවියක් ගත කළ නිහතමානී පුද්ගලයෙකුට සැනින් වංක පුද්ගලයෙකු බවට පත්වී තමා, දෙවිදුන්ගේ අවසාන දූතයා යයි අති විශාල මූසාවක් කීව හැකිද?එයින් සිය නිජබිමේ ඇති වන්නට වූ කලබල හා මැසිවිලි ඉවසා සිටිය හැකිද?

එයින් කිසිදු ලෞකික සැපතක්ද එතුමා අපේක්ෂා නොකර සිටි තත්ත්වයක් මත මෙසේ එතුමා තමන් වෙත දරා ගත නොහැකි දුෂ්කරතාවයන් ඇති කර ගත්තේ ඇයිද? යන සාධාරණ ප්‍රශ්ණය කාහටත් ඇති වනු නියතය. එතුමාගේ නව ධර්මයේ ප්‍රචාරය අත් හරින්නේ නම් මුහම්මද් තම රජු සේ ‍පත් කරගන්නා බවටද, සියළු ලෞකික සම්පත් එතුමාගේ දෙපා මුල තබනා බවටද එතුමාගේ යු‍ගයේ නායකයින් ඇවිටිලි කළ තත්ත්වයද මෙහිදී අප අමතක නොකළ යුතුය. නමුත් එතුමා සියල්ල ප්‍රතික්ෂේප කරමින් තෝරා ගත්තේ ඉතා දරුණු අරගලයක් හා කටුක දිවියකි.

ඒ මන්ද?

එතුමාව විනාශ කර දැමීමට කුමන්ත්‍රණය කරමින් පෙළ ගැසුනු නගරයේ ප්‍රබලයන් හා ධනවතුන් හමුවේ තනි පුද්ගලයෙකු වශයෙන් මුහම්මද් තුමා නොසැලී මහමෙරක් මෙන් නැගී සිටි විලසින්ම ඉස්ලාම් ධර්මය ලෝක අවසාන දක්වා මිනිස් වර්ගයා නිසි මග යොමුකරන්නට පහළ වූ එකම සත්‍ය මග ලෙස සර්වබලධාරී දෙවිදුන් තෝරා ගත් බව නොපෙනේද? එපමණක් නොව මුහම්මද් තුමා පවතින ක්‍රිස්තියානි හා යුදෙව් ආගම්වගට පටහැනි ලබ්ධියක් ගෙන එම අරමුණු කොට සිටියේ නම් එතුමන් ජේසුස් හා මෝසස් පිළිනොගන්නෙකු (ඔවුන්ගේ යැයි පවසන්නාවූ අද පවතින ලබිධින් වන යුදෙව් සහ කිතිණු ලබිධින් නොවේ) සත්‍ය මුස්ලිමෙකු විය නොහැකිය යන කොන්දේසිය ඉස්ලාමය වැළඳ ගන්නට කැමති වූවත් ඉදිරියේ තබයිද?

වසර සතලිහක් දක්වා ඉතා චාම් දිවියක් ගත කළ, කියවන්නට හෝ ලියන්නට නුගත් මෙම සන්සුන් පුද්ගලයා, එකම රැයක් මුළු අරාබිකරයම සලිත කරවන හා එතුමන්ද ඉමහත් කම්කටොළුවලට ලක්වන කාර්යයක් තමා මත පටවා ගැනීමෙන් කුමන ලෞකික දියුණුවක් අපේක්ෂා කළේද?

කිසිවක් නොමැත

එපමණක් ද නොවේ. කිසිදු ලේඛණ හැකියාවක් තිබූ බවට ප්‍රසිද්ධියක් නොදරා සිටි මෙම තැන්පත් මිනිසා ගෙන ආ විශ්මය ජනක වාක්‍යයන් දහස් ගණන් හා සමාන කළ හැකි, තබා එයට ගව් ගණනකින්වත් සමීප විය හැකි එකම එක වැකියක් සම්පාදනය කිරීමට අපොහසත්ව කිවිඳුන්ගෙන් පිරී මුළු මහත් අරාබි ලෝකයම මුව අයා ගෙන සිටි ආශ්චර්යට කෙසේ අප කරුණු දක්වමුද? එපමණක්ද? ලෝකය විද්‍යාවේ හීනිපෙත්තට පැමිණ ඇති මෙම මෑත යුගයේ නානාප්‍රකාර උපකරණ මෙවලම් හා තාක්ෂණයන් උපයෝගී කර ගනිමින් සොයාගෙන උදම් අනිතා විද්‍යාත්මක සත්‍යයන් බොහොමයක් එකලම ඉදිරිපත් කළ මුහම්මද් තුමා, එහි හිමිකම් හෝ සාඩම්බරය තමන් සතු යයි කිසිවිටෙක කියා නොගත්තේය.

අවසාන වශයෙන් මුහම්මද් තුමා ස්ථීරව සිටි එතුමන්ගේ ඉස්ලාමීය ප්‍රතිපත්තිය ජයග්‍රාහී වූ පසුවද එතුමා එමගින් හෝ ලෞකික සම්පත්වල ආශ්වාදය ලබන්නට වෑයම් නොකර, සිරිත් පරිදි දුෂ්කර දිවියක්ම තමන්ට ප්‍රමාණවත් කර ගත්තේ ඇයි දැයි අසනු කැමැත්තෙමු. එම ශ්‍රේෂ්ඨතම පුද්ගලයා සිය මරණ මංචකයේ ප්‍රකාශ කළ වාක්‍යයන් ගැන හෝ මඳක් සිතන්න.

දෙවිදුන්ගේ පණිවිඩකරුවන් වන අප කිසිදු වස්තුවකට උරුමක්කාරයන් නොවෙමු. අප තබා යන දෙය දන්දීම සඳහා පමණි.

ලොවට දෙවිදුන් විසින් විටින් විට නොයෙක් දේශයන්ට හා මිනිස් වර්ගයාට එවනු ලැබූ නබිවරුන් හෙවත් සත්‍ය දූතයන‍්ගේ දීර්ඝ දම්වැලේ අවසාන පුරුක වන මුහම්මද් තුමන් පිළිබඳ ලොව විසූ මුස්ලිම් නොවන ලෝප්‍රකට විද්වතුන් කළ ප්‍රකාශයන් කිහිපයකට අප දැන් යොමුවෙමු.
Reply With Quote
(#2)
Old
sirajstc's Avatar
sirajstc sirajstc is offline
Senior Member
sirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of light
 
Posts: 56,984
Join Date: Apr 2008
Location: ~*~CeYLoN..~*~
Send a message via Skype™ to sirajstc
Up 01-08-2011, 05:35 PM

මයිකල් එච්. හාට් : ‘The 100 : A Ranging of the Most Influential Persons in History’ නම් ග්‍රන්ථය (නිව්යෝර්ක් - 1978, පිටුව 33)

“මෙම ලැයිස්තුවේ මුලටම මා මුහම්මද් තෝරා ගෙන තිබීම ගැන ඇතැමුන් විශ්මයට පත්වනු ඇති අතර තවත් සමහරුන් ඒ පිළිබඳ ප්‍රශ්ණ නගනු ඇත. නමුත් ඉතාමත්ම සාර්ථක අන්දමින් ආගමික හා සමාජීය ‍ක්ෂේත්‍රයෙන්හි ජයක් ලැබුවේ එතුමා පමණි.”


මහත්මා ගාන්ධි තුමා මුහම්මද් තුමාගේ චරිතය පිළිබඳ ‘Yong India’ සඟරාවට අදහස් දක්වමින්,


“අද ලොව සිටිනා ලක්ෂ සංඛ්‍යාත හදවත්වල රැඳී සිටිනා ශ්‍රේෂ්ඨතම පුද්ගලයා පිළිබඳ දැන ගැනීමට මට අවශ්‍ය විය. එය කියවන මට, ඉස්ලාම් ධර්මය බහුතරයක් මනුෂ්‍ය ජීවිතය විශේෂ තැනක් ගන්නට හේතු වූයේ අසිපත නොවන බව වැටහුණි. එයට හේතු වූයේ වක්තෘවරයාගේ චාම් ජීවිත රටාවයි. තමන් ගැන කිසිවිටෙක නොතකන පරාර්ථකාමී ගුණාංගයයි. එතුමාගේ පොරොන්දුවලට එතුමා දැක්වූ වැදගත්කමයි.එතුමාගේ සහයන්ට හා අනුගාමීකයන්ට එතුමා දැක්වූ කැපවීමයි. එතුමාගේ නොබියවන සුළු ස්ථීර බව,දෙවිදුන් කෙරෙහි එතුමා තැබූ අවල විශ්වාසය, එතුමාගේ අරමුණේ එතුමාට තිබුණු අධිෂ්ඨාණය ‍යනාදිය එතුමන් ඉදිරියේ තිබූ සියළු බාධක සුනුවිසුනු කළේය මිස එය කළේ අසිපතක් නොවේ. නබිතුමන්ගේ ජීවිත කතාවේ අවසාන කොටස මා කියවා නිම කළ විට, ඔහු ගැන තවත් මට කියවන්නට යමක් නැති බව දැක මා ඉමහත් ශෝකයට පත්විමි.”


ශ්‍රේෂ්ඨ ඉතිහාසඥයෙකුවූ ලාමාර්ටීන් (ප්‍රංශය - 1854 කාණ්ඩය 2 පිටුව 276-277)


“මිනිස් හැකියාවන්වල ශ්‍රේෂ්ඨ බව මැනිය හැකි ඒකකයෙන් තුන, අරමුණේ විශාලත්වය, ඒ සඳහා ඇති පහසුකම්වල අල්ප බව හා ලද ජයග්‍රහණයේ විශිෂ්ඨත්වය යනාදීය නම්, මුහම්මද් හ ඉතිහාසයේ අන් කිසිවෙකු සසඳන්නට පොහොසත් වය හැක්කේ කවුරුන්ටද? ලොව සුප්‍රකට මිනිසුන් තැනුවේ අව් ආයුධ නීතීන් හා අධිරාජ්‍යයන් පමණි. ඔවුන්ගේ එම ඉදිකිරීම් ඔවුන් දෑස් ඉදිරිපිටම සුනුවිසුනු විය. නමුත් මුහම්මද් සලිත කළේ හමුදාවන්, නීතීන්, අධිරාජ්‍යයන්, ජනයින් හා කුලපතියන් පමණක් නොවේ. එවකට ලොව සිටි තුනෙන් කොටසක්වූ මිලියන සංඛ්‍යාත ජනයින්ද, අල්තාරයන්ද, දෙවිවරුන්ද, ආගම්ද, අදහස්ද, විශ්වාසයන් හා ආත්මයන්ද මුහම්මද් සෙලවූයේය.”


තවද, ජයග්‍රහණයේදී එතුමා පෙන්වූ චාම් බව, එකම අධිෂ්ඨානයක් සඳහා මිස රාජ්‍යයන් අත්පත්කර ගැනීමට නොවූ එතුමාගේ කැපවීම, එතුමාගේ නිමක් නැති වන්දනය, දෙවිඳුන් සමඟ එතුමා කළ අභිරහස් කථනයන්, මරණය හා මරණයෙන්ද එතුමා ලද ජය මේ සියල්ල අපට දක්වන්නේ මූලාවක් නොව නීති පද්ධතියකින් ‍ගොඩනැගීමට එතුමාට සහය වූ ශක්තියයි. එක් අතකින් දෙවිඳුන් කවුරුන්දැයි කියනා අතර,කවුරුන් දෙවිඳුන් නොවන්නේද යන්නත් අපට එතුමා පවසයි.


දාර්ශනිකයා, කථිකයා, වක්තෘවරයා, නීතිසම්පාදකයා, සටන්කාමියා, ප්‍රතිපත්තීන් ගොඩනැගු පුද්ගලයා තර්කානූකූල සංකල්පයන් ස්ථාපිත කළ මිනිසා, පිළිම නැති ආගමක් ඇති කළ නායකයා,අධිරාජ්‍යයන් විස්සක් හා එක් අධ්‍යාත්මික විශ්වයක් ගොඩනැඟු සෙන්පතියා. එතුමා නම් මුහම්මද් වේ. මිනිස් හැකියාවන් මිනිය හැකි සියළුම මිනුම් උපයෝගී කිරීමෙන් පසු මුහම්මද්ට වඩා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් තවත් විසුවේදැයි අපට නොබියව ඇසිය හැක.


මුහම්මද් ආගමික ගරුවරයෙකු විය. සමාජ ප්‍රතිසංස්කරණය කරන්නෙක් විය. යහපත් මගපෙන්වන්නෙකු විය. දක්ෂ පාලකයෙකු විය. එතුමා කුළුපග මිතුරෙක්ද, අගනා සහයෙකුද, හොඳ පියෙකු,ආදරවන්ත සැමියෙකු යනාදි මෙම සියළු චරිතවල සම්මිශ්‍රණයක් විය. මොහුගේ මෙම ගුණාංගවලින් එකක් හෝ මෙතරම් රමණීය ලෙස පිහිටි පුද්ගලයෙකු මුළු මිනිස් ඉතිහාසයේම නොමැති තරම්ය.මෙතරම් සුවිශාල ජයක් හිමි කර දුන්නේ එතුමා සතුව තිබූ අසීමිත පරාර්ථකාමි බවයි.


එඩ්වර්ඩ් ගිබන් හා සයිමන් ඕක්ලේ - ඔවුන්ගේ History of the Saracen Empire (Londonග්‍රන්ථයෙහි (පිටුව 54)


ප්‍රචාරය නොව අප මවිතයට පත් කරන්නේ, එතුමාගේ ධර්මයේ ස්ථීර බවයි. ශත වර්ෂ 13 ක් පුරා පැවැති ඉන්දියානු, අප්‍රිකානු හා තුර්කි විප්ලවයන්ගෙන් පසුවද එතුමා මක්කාවෙහි හා මදීනාවෙහි කැටයම් කළ එම නිර්දේශයන්ම අද වනතුරුත් එලෙසින්ම ගලේ කෙටුවාක් මෙන් නොවෙනස්ව පවතී. ලොව පුරා ජීවත් වන මුස්ලිම්වරු සිය ධර්මය කෙරෙහි ඇති විශ්වාසයේ අරමුණ මෙන් රැක සිටින්නේ, මිනිසාගේ චින්තනයට ග්‍රහණය කළ නොහැකි විශ්මය ජනක ස්නේහයකින් යුතුවය. අල්ලාහ් දෙවිඳුන් හැර අන් දෙවි‍කෙනෙකු නැත. මුහම්මද් උන්වහන්සේගේ දූතයාය යනු ඔවුන්ගේ සරල හා නොවෙනෙස්වන ප්‍රකාශයයි. දෘෂ්ඨියට පෙනෙන කිසිම පිළිරුවකින් ඉස්ලාමයේ නැණවත් ප්‍රතිරූපය අවතක්සේරුවට පත් නොකරන ලදී. එසේම නබිවරයාගේ ගෞරයද, මනුෂ්‍ය සීමාවෙන් ඔබ්බට ගෙන යන නොලද්දේය.


බොස්වර්න් ස්මිත් Mohamad and Mohammadanism (London 1874 පිටුව 92)


එතුමා පාප් වහන්සේ හා සීසර් යන චරිතවල එකතු‍වකි. නමුත් එතුමා වෙත පාප් වහන්සේගේ ආටෝපයන් කිසිවක් නොතිබුණි. එමෙන්ම එතුමාට ප්‍රබල හමුදාවක් නොමැති, ආරක්ෂක භටයන් නැති,සුවිශාල මාළිගා හෝ ස්ථීර ආදායමක් නැති සීසර් කෙනෙකු විය. දිව්‍යමය නීතියෙන් තමා රජ කළේ යයි යමෙකුට කිව හැකි නම් ඒ මුහම්මද්ට පමණි. එතුමා සන්නකයේ සියළුම බලයන් එයට අදාල උපකරණ කිසිවක් නොමැතිවම එතුමාට හිමිව තිබුණේය.


ඇනී බෙසාන්ට් The Life and Teachings of Muhammad (මදුරාසිය – 1932)


එම ශ්‍රේෂ්ඨ වක්තෘවරයාගේ ජීවිත කතාව හා එතුමාගේ චරිතය කියවන හා එතුමා කෙසේ මිනිසුන්ට ඉගැන්වූයේද හා කෙසේ ජීවත් වූයේද යයි අධ්‍යයනය කරන කිසිවෙකුට එතුමා පිළිබඳ සිතේ ගෞරවයක් මිස අන් කිසිවක් ඇති වීමට කොහෙත්ම ඉඩ නැත. මා ඔබට මෙසේ කියන කියුම ඔබ අසා හුරුවූ ඒවාම විය හැකි නමුත් නැවත නැවත එතුමාගේ චරිතය කියවන සෑම වරක්ම පාසා මෙම අරාබි ජාතික ගුරුවරයා පිළිබඳ අභිමානය හා ගරුත්වය මා හද තුළ නැවුම් වෙමින්ම පවතින්නේය.
Reply With Quote
(#3)
Old
sirajstc's Avatar
sirajstc sirajstc is offline
Senior Member
sirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of light
 
Posts: 56,984
Join Date: Apr 2008
Location: ~*~CeYLoN..~*~
Send a message via Skype™ to sirajstc
01-08-2011, 05:36 PM

ඩබ්. මොන්ටිගෝමරි Mohammad at Mecca (ඔක්ස්ළෆර්ඩ් ) ග්‍රන්ථය 1953 පිටුව 53

සිය විශ්වාසය සඳහා කම්කටොළු විඳීමට එතුමාගේ නිරන්තර සූදානම, එතුමාව තමන්ගේ නායකයා ලෙසින් පිළිගැනීමට පෙළගැසී සිටි එතුමාගේ අනුගාමිකයන්ගේ උසස් යහගුණාංග හා අවසානයේදී එතුමා ලත් ජයේ විශාලත්වය යනාදී මේ සියල්ල එතුමාගේ නිහතමානී බවට දෙස් දෙයි.මුහම්මද් කපටියෙකු යයි තර්ක කිරීමට ඉදිරිපත් වන්නෙකුට ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ගෙන් මුහම්මද් තරමට බටහිර ලොව සැහැසි ලෙස යටපත් කිරීමට තැන් කළ ‍අන් පුද්ගලයෙකු නැත්තේමය.


තෝමස් කාලයිල් මහතා සිය Heroes and Hero Worship යන කෘතියේ


මෙසේ විමතිය පල කරයි. ගැමියන් එක‍්කොට දශක දෙකකින් ලොව උතුම් ශිෂ්ඨාචාරයක් ඇති ප්‍රබල ජන කොටසක් බවට තනි වෑයමකින් පත් කළ වගනම් විශ්මයජනකය.


මහාචාර්ය කේ. එස්. රාමක්‍රිෂ්ණ රාඕ සිය Muhammad, The Prophet of Islam යන කෘතියේ මෙසේ පවසයි.


මුහම්මද්ගේ චරිතය නම් පරිමාණයට ඇතුල් වී එය සම්පූර්ණයෙන් වටහා ගැනීම ඉතා දුෂ්කර බව පෙනේ. ඇත්තෙන්ම මට ග්‍රහණය කරන්නට හැකි වූයේ ඉන් බිඳක් පමණි. එය කෙතරම් මනස්කාන්ත සිද්ධි මාලාවක එකතුවක්ද, වරෙක දෙවිඳුන්ගේ යටහත් දූතයෙක් එතුමා තුලින් පිළබිඹු වෙයි. ‍මොහොතකින් එතුමා වීර සෙන්පතියෙකි.විටෙකඔහුවෙළෙන්දෙකි.සැනින්එතුමාරාජතාන්ත ්‍රි‍යෙකි.කථිකයෙකි. සමාජප්‍රතිසංස්කරණයකරන්නෙකි. කථිකයෙකි. සමාජයප්‍රතිසංස්කරණයකරන්නෙකි. තවත් විටෙක එතුමා අනාථයින්ගේ රැකවළෙකි. වහළුන් රැකගන්නෙකි. ස්ත්‍රීන්ගේ ගැලවුම් කරුවෙකි. තවත් විටෙක විනිසුරුවකි, සැදැහැවත් පුද්ගලයෙකි. එපමණක් නොව මෙම සියළු චරිත සියල්‍ලේම එතුමා එක හා සමාන කථානායකයෙකි.


දාර්ශනිකයෙකුවූ ජෝර්ජ් බර්නාඩ් ෂෝ ඔහුගේ The Genuine Islam (1936) ග්‍රන්ථයේ


එතුමා මිනිස් වර්ගයාගේ ගැලවුම්කරුවා යයි අමතනු ලැබිය යුතුය. එතුමා වැනි පුද්ගලයෙකු මෙම ලෝක‍‍යේ අධිරාජ්‍යවාදියා බවට පත්වුවහොත් වර්තමාන ලොව මුහුණ පා සිටින සියළුම ගැටළුවලින් එතුමා එය මුදවා ලොවට අද අත්‍යාවශ්‍ය වී ඇති සාමය හා සතුට ගෙනෙනු ඇත යයි මා තරයේ විශ්වාස කරමි.


ලොව මෙතෙක් පා තබා ඇති විශිෂ්ඨතම පුද්ගලයා එතුමාය. එතුමා ආගමක් දෙසූවේය. රාජ්‍යයක් ස්ථාපිත කළේය. ජාතියක් ගොඩනැගුවේය. ගුණ යහපත් බවට නව මුහුණුවරක් ඉදිරිපත් ක‍ළේය. අළුත් දේශපාලනමය හා සමාජීය ප්‍රතිසංස්කරණයන් ආරම්භ කළේය. ප්‍රබල හා ක්‍රියාශීලි සමාජයක් ගොඩනැඟුවේය. ‍එම සමාජය මුහම්මද්ගේ දෙසුම් සියල්ල ක්‍රියාවට නංවමින් එය ප්‍රායෝගික බව ලොවට පෙන්වමින් සිටිනා අතර, සදාකල් පැවතෙන සේ මනුෂ්‍ය වර්ගයාගේ සිතුම් පැතුම්හි හා හැසිරීම් අතින් මහත් ඵලදායී පෙරලියක් ඇති කර ඇත්තේය.


එතුමා මුහම්මද් නම් විය. එතුමා අරාබි දේශයේ ක්‍රි.ව. 570 දී උපන්නේය. සිය සතලිස් වැනි වියෙහි දෙවිඳුන්ගේ අණ පරිදි ඉස්ලාම් ධර්මය දෙසුවේය. සිය හැටතුන්වෙනි වයසෙහි මෙලොවින් නික්ම ගියේය.එතුමාගේ 23 න් වසරක කෙටි දූත මෙහෙයෙන් එතුමා පළමුව මුළු මහත් අරාබිකරයම මිසදුටු බහු දේව පිළිම වැඳුම්වලින් මුදවා, සත්‍යවූ එකම දෙවි කෙනෙකු නැමදීම කරා ඒකරාශී කළේය. තිරිසන් කල්ක්‍රියාවලින්ද, අඥාණයේ අඳුරෙන්ද, එකිනෙකා කුලල් කා ගැනීමෙන් හා වහල් බවින් පෙලී, ආර්ථික අහේනියේ හිනිපෙත්තේ සිටි අරාබීන් එයින් නිදහස් කර, සමෘද්ධිමත් දියුණුවක් කරා උසස් කරමින්, මානූෂික සානුකම්පාව හා ශ්‍රේෂ්ඨ ගුණදම්වලින් හෙබ් සමාජයක් පෙරදැරි කොට ගත් උතුම් ධර්මයක ධජය යටතේ එතුමා එක්සත් කළේය.


සිවිපාවුන් මෙන් ජීවත් වෙමින් සිටි මිනිස් රංචුවක් මෙසේ විශාල අනභිබවනීය තලයකට පත්කිරීම සඳහා එතුමන්ට ගතවූයේ දශක දෙකක කාලයක් පමණක් වීම, මෙම විපර්යාසය වෙත නැණවත් ලෝකයාට ඇති වන විමතිය සිය දහස් වාරයකින් වැඩි කරනු නියතය.


අවසන් නිගමනය


එම ආශ්චාර්යමත් පෙරළියට ශත වසර 14 ක් වයස් වී තිබුණද, එම ධර්මයේ නීති පද්ධතිය හා මුහම්මද් තුමාගේ අගනා උපදෙස් සම්භාරය තිතකිනුදු නොවෙනස්වී, එලෙසින්ම පැවතීම සර්ව බලධාරී එකම දෙවිඳුන්ගේ පූර්ණාරක්ෂාව එයට තිබෙන බවට නොසෙල්විය හැකි කදිම සාධකයකි. එතුමන් ජීවත් වූ එම යුගයේ මෙන්ම, වර්ථමාන නවීන ලෝකයේ සමාජ පිරිහීම් හා අහේනි තත්ත්වයන් මෙන්ම දුර්භික්ෂයන්ටද ඉස්ලාමය ඉදිරිපත් කරන දැනමුතුකම් එදා මෙන් අදත් යහමින් ගැලපෙන‍්නේමය. මෙය මුස්ලිම් ලෝක‍යාගේ පුරසාරමක් නොව ඉතිහාසය අපට පැහැදිළිව පෙන්වන සත්‍ය තත්වයයි.


නැනවත් හා සාධාරණ ලෙසින් යමක් තක්සේරුවට ලක් කරන පුද්ගලයෙකු අසන මෙම තොරතුරැ නිශ්වය වශයෙන් සත්‍යයන්ද? එසේ වූවහොත් මෙම දෙසුම් ගැන අසන්න. පසුව මේ ගැන තවත් දැන ගැනීමට උනන්දු වන්න. ඒ සඳහා ඔබට කිසිදු වෑයක් වන්නේද නැත. නමුත් එසේ ඔබ කරන වෑයම ඔබගේ ජීවිතයේ මහත් වෙනසක් කරනු නොඅනුමානය


Source:
www.dawahcorner.net
Reply With Quote
(#4)
Old
M.RIZ's Avatar
M.RIZ M.RIZ is offline
Senior Member
M.RIZ is a jewel in the roughM.RIZ is a jewel in the roughM.RIZ is a jewel in the roughM.RIZ is a jewel in the roughM.RIZ is a jewel in the roughM.RIZ is a jewel in the rough
 
Posts: 2,427
Join Date: Mar 2009
Location: ඔබේ හදවතේ
01-08-2011, 05:58 PM

Reply With Quote
(#5)
Old
sirajstc's Avatar
sirajstc sirajstc is offline
Senior Member
sirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of light
 
Posts: 56,984
Join Date: Apr 2008
Location: ~*~CeYLoN..~*~
Send a message via Skype™ to sirajstc
01-09-2011, 08:05 PM

Reply With Quote
(#6)
Old
mzee's Avatar
mzee mzee is offline
Senior Member
mzee can only hope to improve
 
Posts: 564
Join Date: Sep 2008
Location: ~Jupiter~
01-09-2011, 10:30 PM

wow
Reply With Quote
(#7)
Old
sirajstc's Avatar
sirajstc sirajstc is offline
Senior Member
sirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of light
 
Posts: 56,984
Join Date: Apr 2008
Location: ~*~CeYLoN..~*~
Send a message via Skype™ to sirajstc
01-10-2011, 11:11 AM

elazz
Reply With Quote
(#8)
Old
Al Baik's Avatar
Al Baik Al Baik is offline
Senior Member
Al Baik is a name known to allAl Baik is a name known to allAl Baik is a name known to allAl Baik is a name known to allAl Baik is a name known to allAl Baik is a name known to allAl Baik is a name known to allAl Baik is a name known to allAl Baik is a name known to allAl Baik is a name known to allAl Baik is a name known to all
 
Posts: 7,568
Join Date: Jan 2011
Location: **************
01-10-2011, 11:32 AM

Malcolm X daapu thread eketh meykama thiyenawa..


Quote:
Originally Posted by Malcolm X View Post








































































Reply With Quote
(#9)
Old
sirajstc's Avatar
sirajstc sirajstc is offline
Senior Member
sirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of light
 
Posts: 56,984
Join Date: Apr 2008
Location: ~*~CeYLoN..~*~
Send a message via Skype™ to sirajstc
01-10-2011, 01:46 PM

Reply With Quote
(#10)
Old
Sailani's Avatar
Sailani Sailani is offline
Senior Member
Sailani has a little shameless behaviour in the past
 
Posts: 348
Join Date: Jul 2009
Location: سرنديب / සෙරන්ඩිබ
01-10-2011, 04:08 PM



දාර්ශනිකයා, කතිකයා, වක්තෘවරයා, නීති සම්පාදකයා, සටන්කාමියා, ප්‍රතිපත්තීන් ගොඩනැගු පුද්ගලයා, තර්කානුකූල සංකල්පයන් ස්ථාපිත කළ මිනිසා, පිළිම නැති ආගමක් ඇති කළ නායකයා, අධිරාජ්‍යයන් විස්සක් හා එක් අධ්‍යාත්මික විශ්වයක් ගොඩනැගු සෙන්පතියා. එතුමා නම් මුහම්මද් තුමාණන් වේ. (එතුමාට සාමය අත්වේවා)
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06787 seconds with 8 queries